Mihindu Ariyaratne - Dannawada Adare Nithiya | දන්නවද ආදරේ නීතිය (Official Music Video)

Музыка

Smart Links:
Dannawada Adare Nithiya (Abhi’s version)
vydia.lnk.to/DannawadaAdareNi...
Dannawada Adare Nithiya (Mihindu's version)
vydia.lnk.to/DannawadaAdareNi...
► Music Credits:
Artiste : Mihindu Ariyaratne
Lyrics : Abhisheka Wimalaweera
Melody : Mihindu Ariyaratne
Music Produced : Lahiru De Costa
Mixed & Mastered : Lahiru De Costa @LAV studios
Guitars : Prakash Ranasinghe
Violin | Viola : Rukshan Gunawardhana
► Video Credits:
A Film By Charuka Dushyantha
D.O.P : Chathur KamSha Deshapriya
Assistant Director : Kalitha Rumesh
2nd Assistant Director : Danuka karunarathna
Production Designer : Rangana Senanayake
Production Manager : Mithila kumara
Video Editor & Colorist : Charuka Dushyantha
Assistant Editor : Danuka karunarathna
Photography : Sajith Dhanushka
Cast : Abhisheka Wimalaweera
Mihindu Ariyaratne
Chamathka Lakmini
Costume : Kanishka Sagabo Dias
Makeup Artist : Hashara Kodithuwakku
Makeup Assistant : Ruchira Pramod
Art Department : WM Naleen Madushanka
Osanda Sachen
Danuka Karunarathna
Ranuka Sadew
Location : Richmond Castle Kalutara
Special Thanks : Mr. Senawirathna of Richmond Castle Kalutara
Background Voice - Luckshan Wattuhewa
Digital Media Strategist: Prabodha Lakshan (‪@PrabodhaOnline‬)
තාම ඔබ ගැන ලියනවා
නොකියවන බව දන්නවා
දන්නවද ආදරේ නීතිය
රිදුණු තරමට දැණෙනවා...
නමුණුකුල බර දරනවා
ගයනකම් මග බලනවා
දන්නවද ආදරේ නීතිය
දැණුනු තරමට රිදෙනවා....
කාලේ නැවතුනු තැන තාම මම
ගාලු කොටුවත් කියනවා
තාම හෙවණක් නැති අහස යට
අළුත් හදවත් හඬනවා
තාම ඉදහිට රිදී නූලක්
පපුවෙ ඉහළට ඇදෙනවා
කලු ගලක් බව හිතන් හිටියට
කදුළු මුහුදට වැටෙනවා
℗ 2023 Mihindu Ariyaratne.
© 2023 Mihindu Ariyaratne.
#MihinduAriyaratne #AbhishekaWimalaweera #LahiruDeCosta

Пікірлер: 903

  • @MihinduAriyaratne
    @MihinduAriyaratne7 ай бұрын

    මේ කලා කෘති වල ලොකුම ගෞරවය හිමිවෙන්න ඕනෙ අභීට. අපි දෙන්න අතර සිදුවූ දුරකතන ඇමතුමකින් ආරම්භ වූ මේ ව්‍යාපෘතිය මෙච්චර ලස්සනට ඔබට ලබාදීමට අභී වෙච්ච මහන්සියට හා මාව මේ වැඩේට සම්බන්ධ කරගත්තට බොහොමත්ම ස්තූතියි. ඒ වගේම මෙහි සංගීතය නිමවපු මගෙ සහ අභීගේ හදගැස්ම අඳුනන ලහිරුට, සංගීතය සැපයූ වාද්‍ය ශිල්පීන්ට සහ විඩියෝව මෙච්චර ලස්සනට හදපු චාරුක ඇතුළු මුළු කණ්ඩායමට සහ මෙහි රංගනයෙන් දායක වූ චමත්කාට මාගේ හදපිරි ස්තූතිය. ඩිජිටල් වැඩ වලින් දායක වූ ශානක සහ ප්‍රබෝධටත් බෙහෙවින් ස්තුතියි

  • @nbandara5219

    @nbandara5219

    7 ай бұрын

    ❤️❤️❤️❤️❤️

  • @pabauthpalawanna0710

    @pabauthpalawanna0710

    7 ай бұрын

    ❤️❤️❤️❤️

  • @erandijayamali53

    @erandijayamali53

    7 ай бұрын

    හරි ආසයි ඔයාල වෙනුවෙන් ලස්සන කවියක් ලියන්න. කැමති නැති තැනකදි නතර වෙමි හිතේ කවියක් හෙමින් මුමුණමි කඳුළු ගංගා දැක හිනා වෙමි අත දුරින් අත නෑර ළං වෙමි. හීනයට ඉකි බිඳින ඇස් යට කොපුලකට ලොබ බැන්ද කවියට පදවැලක් එක් කරන් වැකියට මඟ බලන්න ඉමි පාළු යහනක

  • @shanishania3917

    @shanishania3917

    7 ай бұрын

    Suba Pathum obata... Oba dedenage nirmana bohomathma agaya karami.. Apuru sankalanayak...athi wishishtai ❤❤🙏🙏🙏💐

  • @shehanithilakasiri5707

    @shehanithilakasiri5707

    7 ай бұрын

    Kiyanda wachana ne ... niyamai

  • @user-ii3yw3ux9x
    @user-ii3yw3ux9x3 ай бұрын

    විශ්ම ලෝකයේ පද්මිණී කුලරත්න ඝාතනයෙන් මේක හොයන් ආව අය ඉන්නවද 😊

  • @ridmisaumya1779

    @ridmisaumya1779

    3 ай бұрын

    🙋‍♀️💔

  • @Olivia-on2gd

    @Olivia-on2gd

    3 ай бұрын

    😢✋🏻

  • @user-eu1in2qy2u

    @user-eu1in2qy2u

    3 ай бұрын

    Ou

  • @imashakelambiarachchi2871

    @imashakelambiarachchi2871

    3 ай бұрын

    Mamath

  • @user-vo8mu7vu8o

    @user-vo8mu7vu8o

    3 ай бұрын

    Mamath

  • @dineekahimashi7334
    @dineekahimashi73347 ай бұрын

    ගෑණු කවදාවත් පිරිමියෙක්ගේ ආදරේ බෙදාගන්නේ නෑ.ඒක නියතයක්

  • @sudu6841
    @sudu68415 ай бұрын

    මේ ගීතය අහපු මම තරම් ඉවසන ගැහැනියක් තවත් නමි නෑ කියල විශ්වයම මට ශාක්ශි දරයි.මගෙ මහත්තයාත් හොර ගෑනියක් ළගට ගිහින්. ඒ ගෑනිට මාස 7,8 ගැහැනු දරුවෙකුථ් ඉන්න කුටයි එයාගෙ වෙනස මම දැන ගත්තෙ.එදා තරම් මම අසරණ උන දවසක්,ජීවිතයක් නැතිතරම්.😢 මටත් හිතුන මැරෙන්න දරු තුන්දෙන නිසා නොවිදිනා දුක් වින්ද.‌😢 එයා මටත් මගෙ දරුවන්ටත් ආදරයක් ඇත්තෙම නෑ.ඒ ගෑනිවයි දරුවවයි තියන්න අත පල්ලෙන් වැටෙන ඉදුල් ටික මගෙ දරුවන්ට දෙන්නෙ.ඒ ගෑනිත් දරුවො මිනිහ දාල ඇවිල්ල තියෙන්නෙ.ඒ දරුවට හොදට උගන්වනවා කොළඹ තියන්න.මගෙ දරුවන් අද තනියම ඉන්නව ගෙදර.මම බැරිම තැන රට ආව.දරු තුන්දෙනා නිසා.මට නඩු කියන්න ම‌‌‌දල් නෑ.නඩු කියල ගන්න දෙයක් නෑ.එයගෙ ගෙදර අයිතිය කියල පුලුවන් වෙලාවට ගෙදරටත් ඇවිත් යනව.ගෙදර වත්තෙ හැම දේම ගෑනිට අරන් යනව.මම හදනවා දරුවන්ට කියල.ඒ ගෑනිට අරන් යන්නෙ.එහෙමයි මම ජීවත් වෙන්නෙ.😢 මේ ලෝකෙ ඉවසන්නම බැරි දෙය ආදරයට වංචා කිරීම.එයා මගෙත් එක්ක යාලුවෙලා අපි බැන්දෙ.එදා දුන් පොරොන්දු අද ඇස් ඉදිරියේම හෙන ගහල විනාශ උනා.ගැහැනු ගැහැනියකටම කරපු අපරාදය මට වගේ තවත් අසරණ ගැහැනියකට නොවේවා. 😢

  • @Olivia-on2gd

    @Olivia-on2gd

    3 ай бұрын

    ❤pirimiyek nathiw yakada gahaniyk wge hmdem kr gann shakthiy oyt labenn oni. E minissu pasu thawei. Karma kiyl deyk thiyenw.

  • @thilinialuthgamage9542

    @thilinialuthgamage9542

    2 ай бұрын

    Oyata saruwan nisa hari senaseemen inna dawasak ay.oyata senaseema lebewa

  • @Abhimansanthush

    @Abhimansanthush

    2 ай бұрын

    ඔයාට තෙරුවන් සරණයි..දරුවො නිසා හරි ඔයාට සැනසීමෙන් ඉන්න ලැබේවා 😢❤❤

  • @nadeekaranathunge

    @nadeekaranathunge

    Ай бұрын

    Ivasamu ohoma.....❤💞

  • @kalpanigunawardana6627

    @kalpanigunawardana6627

    Ай бұрын

    😢

  • @erandiesayumika1813
    @erandiesayumika18137 ай бұрын

    ආදරේ බෙදාගන්න බෑ තමයි මේඝ , මනුස්සයෙක් ට ඇතිවන දරුණුම ඊර්ෂ්‍යාව ඇතිවෙන්නේ ආදරේ දී ❤️🥺

  • @DilMahi-ee1ws

    @DilMahi-ee1ws

    7 ай бұрын

  • @sachinikadewmini2474

    @sachinikadewmini2474

    7 ай бұрын

    🥺❤

  • @KeyleeYp
    @KeyleeYp7 ай бұрын

    මොන දේ බෙදාගත්තත් පණ වගේ ආදරෙ කරන කෙනාව බෙදාගන්න බෑ🥺🥺පිරිමි අයට පුළුවන් ඇති 😢ඒත් මං හිතන්නෑ ගෑණු අයට පුළුවන් ඇති කියලා

  • @chamithsachintha7925

    @chamithsachintha7925

    7 ай бұрын

    හැම පිරිමිය ගැනම නම් කියන්න දන්නෙ නෑ,ඒ මටත් බෑ මං ආදරේ කරන කෙනගෙ අඩුම ගානෙ එක හිනාවක්වත් වෙන කෙනෙක් එක්ක බෙදා ගන්න, මං ඒ තරම් ඉරිසියයි,ඒ තරම් ලෝබයි,ඊටත් වඩා ආදරෙයි ❤

  • @gregorykumar2630
    @gregorykumar26307 ай бұрын

    මේඝගේ ආදරේ අභී නෙවෙයි.මේඝට දැනෙන්නේ අභී නෙවෙයි ඒක ශර්ට් අතකින් පෙන්වන අපූරුව මාරයි.මේඝ ශර්ට් අත දාන විදියට අභී කැමති නෑ.මේඝගේ විදිය ගැලපෙන්නේ චමත්කා ඒකයි මේඝට චමත්කා දැනෙන්නේ.ඉතින් ආදරේ නීතිය හරියටම හරී දැනෙන තරමටයි රිදෙන්නනෙ.රිදෙන තරමටයි දැනෙන්නේ.ඒක මේ පද වලිනුයි රූප රචනයෙනුයි පෙන්නපු විදිය අති විශිෂ්ටයි.අභීගේ සින්දු කොහොමත් මැජික් එකක්.ආදරෙයි අභී...❤❤

  • @mangalikakusum7061
    @mangalikakusum70617 ай бұрын

    ගැහැණු අපි පුරුදු වුනා නම් තවවත් ගැහැණියක් නොරිදන්න පිරිමින්ට බෑ ගැහැණු හිත් එකක් සෙල්ලම් කරන්න

  • @nawodya980
    @nawodya9807 ай бұрын

    ගෑණු ඕනම දෙයක් බෙදාගනී හැබැයි ආදරේ., නැ කවදාවත් ආදරේ නම් බෙදාගන්නෙ නැ🙂 ඔව් ඒකයි ඇත්ත ගෑණු අපිට කවදාවත් ආදරේ බෙදාගන්න බැ බදාගන්නව මිසක❤

  • @nimanshadewmini460
    @nimanshadewmini4607 ай бұрын

    ගෑනියෙක් ආදරේ කරද්දි හදවතින් ම ආදරේ කරනවා ඒ කෙනා තමන්ව තව ගෑනු කෙනෙක් නිසා රැවට්ටුවා රවට්ටන වා එහෙම ත් නැත්තං එයාව වෙන කෙනෙක් ට දෙන්න වෙයි කියන බය ගෑනු හිතට බර වැඩියි ඒ බය ඒ ඇත්ත පිලිගන්න ආමාරුයි තමන්ට කරන්න පුළුවන් උපරිම දේ ජීවිතේ නැති කරගන්න එක කියලා හිතෙනවා එතකොට දෙපාරක් නොහිත ඒ දේ කරනවා. පිරිමි හුගක් වෙලාවට තමන්ට ලැබුණු ගැහැනිය පස්සට දාලා වෙන ගෑනු පස්සෙ යනවා ඒ තමන්ගේ ගෑනිගේ අඩුවක් නිසා නෙමෙයි. උන් මොකට එහෙම කරනවා ද කියල හිතන්න බෑ එහෙම කරත් උන් අන්තිමට නවතින්නේ තමන්ගේම ගෑනි ළඟ විතරයි ❤

  • @nathashaaaron2263
    @nathashaaaron22637 ай бұрын

    මට නම් මේක අහද්දී රිදෙනවා..වචන ටිකකට,කටහඬකට පුළුවන් ද මෙච්චරම හිතක් රිද්දන්න??? 😢💔

  • @Apsara_Madhuwanthi
    @Apsara_Madhuwanthi7 ай бұрын

    ඇයි ආදරේ මෙච්චර රිදෙන්නෙ.... රිදෙන බව දැන දැනත් ඇයි අපි ආදරේ කරන්නෙ.. විදින මොහොතවල් හරි සුන්දර උනාට ඊලග මොහොතෙ හිත රිදෙනව කියන නියතය දැනගෙනම අපි ආදරේ කරනව... අපි ඇත්තටම ආදරේ කරන්නෙ ඒ සුන්දර මොහොතේ දැනෙන දේ නිසාද... නැත්තම් රිදෙන කොට හිතට දැනෙන ඒ රිදිල්ලටද.... කොහොම උනත් ඊයෙත් මන් ආදරේ කලා... දැනුත් ආදරේ කරනව... හෙටත් මන් ආදරේ කරාවී...

  • @HKSTHARUKA
    @HKSTHARUKA7 ай бұрын

    🫰❤️"රිදුණු තරමට දැනෙනවා - දැනුණු තරමට රිදෙනවා" ඒ තමයි ආදරේ නීතිය🥺❤️ විදින විදවන බව දැන දැනම අපි හොයන්නෙම ආදරේ...ඒ ඇයි කියන්න අදටත් නොදන්න ප්‍රශ්නයක්. අපි හොයන්නෙ අපේ ලගටම කරලා තියාගන්න පුළුවන් ආදරයක්...ආදරේට තරම් ආත්මාර්ථකාමී නෑ අපි තවත්🫰 ඕනම මනුස්සයෙක් ජීවිතේ එකම එක සැරයක් හරි ආදරේ විදලා තියෙනවා කියලයි මටනම් හිතෙන්නෙ...එකම එක සැරයක් ආදරේ වෙනුවෙන් කදුළක් හෙළන්නත් ඇති...ඒ තමයි ආදරේ ස්වභාවය..ආදරේ කියන්නෙ මහා පුදුමාකාර හැගීමක්...ජීවිත වෙනස්කරන පරිච්ඡේදයක් ආදරේ කියන්නෙ🤗 විශේෂයෙන් ගෑනු අපි🙈😁 අපි කතාවෙන් හරිම updated😁 කවුරු කොහොම දාලා ගියත්,ආදරෙන් පැරදුනත් තනියම ගමනක් යන්න ශක්තිය තියෙනවා කියලා ලෝකෙටම කෑ ගහන ජාතියක් අපි...හැබැයි ගෑනු හිත් අස්සෙ ඇත්තටම තියෙන්නෙ ඒ හැගීම ද...නෑ🥺❤️ ඒ අඩන්න බැරි කමට හිනාවෙන්න හේතු කියන විදියක්....ගෑනු හිත් හරි බොළදයි ආදරේ ඉස්සරහ.. අපිට ඕනි පුළුවන්නම් පැය විසිහතරම ලග තියන් තුරුල් කරන් කාටවත් අල්ලන්වත් බැරි තරම් ලගටම කරලා පිරිමියාව තියාගන්න....ඒ තරම් අපි ලෝබයි....🫰❤️ වෙන ගෑනු කෙනෙක් ගැන කටින් කියවෙනවටවත් ලෝබයි අපි....ඒකයි ඇත්ත...අපි ආස අපි ගැන විතරක්ම ඒ කටින් වර්ණනා වෙනවනම්🙈😁 හදවතේ අපි විතරක්ම ඉන්නවනම්....වෙන කෙනෙක්ගෙ බැල්මකටත් අපි වෛර කරනවා...අපි බයයි මගහැරගන්න....එක තත්පරේකටවත් ආදරේ මගහැරෙනවට අපි බයයි...අපි ලෝබයි.... දවසක දැනුණොත් ඒ හිතේ අපි නෑ කියලා එදාට තමයි ගෑණු වෙනස් වෙන්නෙ.....දරාගන්න බැරි තරම් වෙනස්වෙන්නෙ....සමහරවිට ජීවිතෙන්ම සමුඅරන්...සමහරවිට හිරගෙදරක.....තවත් බොහෝ තැන්වල අතරමං වේවි....සමහරෙක් කාලයත් සමග ශක්තිමත් වූවත් බොහෝ අය ඒ වනවිටත් හදවත මරා දමා ස්ත්‍රීත්වය මරා දමා අවසන්🥺❤️ ආදරේ කියන්නෙ රස පිරුණු නිවහනක්.....ආදරේට ආදරේ කරන්න...කවදාවත් රකින්න බැරි පොරොන්දු දෙන්න එපා..."මං ඔයාට ආදරෙයි" කියන්නෙ පුංචි වචන තුනක් වුනාට ඒක තව කෙනෙක්ගෙ මුළු ජීවිතයම වෙන්න පුළුවන්....ඒක ලොකු පොරොන්දුවක්.. රිදෙන තරමට දැනෙන්න නෙවෙයි ආදරේ තරමට විදින්න පුළුවන් ප්‍රේමයක් හැමෝටම හිමිවේවා🫰❤️🤗🎊️

  • @niroshikanlniroshika8762

    @niroshikanlniroshika8762

    7 ай бұрын

    අනිවාර්යයෙන්

  • @prashanidilothma2988

    @prashanidilothma2988

    7 ай бұрын

    ඒක ඇත්ත❤

  • @Ranuga1212

    @Ranuga1212

    7 ай бұрын

    Aniwaremma❤100% ekagai

  • @poorniperera1870

    @poorniperera1870

    7 ай бұрын

  • @dulanjalagfrt4228

    @dulanjalagfrt4228

    7 ай бұрын

    ඇත්ත ❤

  • @SajaanSD
    @SajaanSD7 ай бұрын

    " දන්නවද ආදරේ නීතිය රිදුන තරමට දැනෙනවා" එක බර සිංදුවක්....💙

  • @Deshaa_R
    @Deshaa_R7 ай бұрын

    මේක ඇත්ත සිද්දියක් ගාලු කොටුවේ සිද්ද වෙච්ච.හිමගිරි අරණ කියලා කතාවකුත් ගියා ඒ කාලේ තාම ඒකත් youtube එකේ තියනව.අනේ ඇත්තටම ලස්සනයි මේ නිර්මාණය ❤

  • @lalithyaariyarathna

    @lalithyaariyarathna

    7 ай бұрын

    පද්මිනී කුලරත්න මිනි මැරුම 1967..

  • @lakdithilakarathne.6373
    @lakdithilakarathne.63737 ай бұрын

    පේන දේ දකින දේ ඇත්තම නොවෙන්න පුලුවන් කියන එකටත්, හැම කතාවකම පැති දෙකක් තියෙනවා කියන එකටත්, හොදම උදාහරනය තමයි මේක.අභීගේ සින්දුව දැකලා තේරුම් ගත්ත දේ මිහිදුගේ සින්දුව බලලා වෙනස් උනා.ගීතය වගේම රූප රාමුත් අපූරුයි...

  • @MihinduAriyaratne

    @MihinduAriyaratne

    7 ай бұрын

    ❤️

  • @lawangaweerakkody5482

    @lawangaweerakkody5482

    7 ай бұрын

    Ow pathi dekak

  • @dinithiishanka7767

    @dinithiishanka7767

    5 ай бұрын

    අනිවාර්යයෙන්ම

  • @wishru3054

    @wishru3054

    5 ай бұрын

    E unata adare bedaganna bari ai kiyala prashnayak ahapu eka hodana. mage adahasa kisima gahaniyak kamathi wewida. sinduwa hodai 👍❤️

  • @amiladias1522
    @amiladias15227 ай бұрын

    "තාම ඉදහිට රිදී නූලක් පපුවෙ ඉහළට ඇදෙනවා කලු ගලක් බව හිතන් හිටියට කදුළු මුහුදට වැටෙනවා"................. No comments. Deep in 💔

  • @chammijayakody8421
    @chammijayakody84217 ай бұрын

    මම ඔයාගේ වචන වලට ආදරෙයි අභී.. අපිට පිරිමි පපුවක් බෙදාගන්න බැරි බව ඇත්තයි ... එයා මට නෙමෙයි වෙන ඇස් දෙකකට ආදරෙයි කියලා දැනෙද්දි ... කාටත් හොරෙන් එයාගේ පින්තුරයක් පපුවට තුරුලු කරන් මම අඬද්දි.. එයා එයාගේ ලොකේ තව එක්කෙනෙක් එක්ක මවද්දි මට එයාව විතරක්ම මගේ ලෝකේ වුණා අභී... මට එයාව බෙදාගන්න බැ මට එයාව බෙදාගන්න බැ අභී ... ඉතින් එකදවසක මම ඉවසන්න බැරිම තැන මම නවතින්න තීරණය කරා... ❤

  • @nipunidikkumbura2002

    @nipunidikkumbura2002

    7 ай бұрын

    🥺😔😔

  • @RuchiniBhagya

    @RuchiniBhagya

    5 ай бұрын

    Mamath 🙂

  • @RumikaEkanayake-gx6ep

    @RumikaEkanayake-gx6ep

    4 ай бұрын

    ආදරේ බෙදා ගන්න බැරි නෑ. ඇත්තටම බෙදා ගන්න බැරි අයිතිය. හුදෙක් කෑදර ඒ අයිතියට. මගේ නෙවෙයි කියලා දැනෙන හැඟීමට. අයිතිවාසිකමක් නැතිව ආදරේ කරලා බැලුවොත් ඒක දැනෙයි. ඒත් සත්‍ය ඒ තැන් වලත් දැනෙන තරමටම රිදෙනවා.

  • @saduniprabuddika
    @saduniprabuddika7 ай бұрын

    සාමන්‍ය මිනිස්සු ලඟ අසාමාන්‍ය ආදරයක් බලාපොරොත්තු වුනාම ඉවසිම කියන්නේ අකුරු හතරක් බව වැටහෙනවා ....❤

  • @bhagyasewmini794

    @bhagyasewmini794

    7 ай бұрын

    4:14

  • @JeonSehi-wj4vi

    @JeonSehi-wj4vi

    7 ай бұрын

    ඔයාට තේරුණා සදුනි

  • @moon.1111.

    @moon.1111.

    6 ай бұрын

    ඇත්තටම ඔව්..❤

  • @janayakamiytas-234
    @janayakamiytas-2347 ай бұрын

    1967 April 09 ගාල්ලේ සිදු වෙච්ච ශෝචනීයම ප්‍රේම කතාවක් මේ 😢

  • @cyrilbentara9464

    @cyrilbentara9464

    Ай бұрын

    අන්තිමට මිනිමරැවො නිදහාස් උනාලු

  • @Abhimansanthush
    @Abhimansanthush7 ай бұрын

    අභීගේ වීඩියෝව අනුව පෙම්වතා ගැන දුශ්ටයෙක් විදියට හිතෙනවා..අභී ගැන විතරක් දුක හිතෙනව ඒත් මිහිදුග වීඩියෝ එක බැලුවම මේඝට බැනපු හිතම මේඝට අනුකම්පා කරනවා.. 😢😢😢❤❤❤

  • @devindipinidiyabandara9667
    @devindipinidiyabandara96677 ай бұрын

    තව ටිකක් ඉවසුවා නම් ඔබ.. සදා කාලෙම දිනනවා. රිදුන තැන්වල පිරී ඉතිරුන දුකම ඕජස ගලනවා එකම එක පියවරක් පස්සට... ගත්තනම් නුඹ දිනනවා ... . ආදරය අත්හරින තරමට. සත්තමයි නුඹ දිනනවා..

  • @MihinduAriyaratne

    @MihinduAriyaratne

    7 ай бұрын

    ❤️

  • @sasinikasomarathna-ru2dw
    @sasinikasomarathna-ru2dw7 ай бұрын

    *ආදරේ නීතිය අකුරු වෙනවා හරි ලස්සන පද ගෙත්තමක් විදිහට..* *ඒ පද ගෙත්තම ලයාන්විත හඩක් නාදමාලාවක් විදිහට , අපේ සවන්වලට ගේන්න වගේම ; හදවතක සියුම් තැන් පවා මතකවලින් අවුස්සන්න පුලුවන්, අපූර්ව හඩ සුසංයෝජනයක්, විතරක්ම නෙවේ, හරි අර්ථාන්විත රූප රචනාවක් ,අපේ ඇස්වලට හසු කරන විශිෂ්ඨ ආකාරයේ, පරිපූර්ණ නිර්මාණයක්.* *ශ්‍රව්‍ය වින්දනාත්මක ...දෘශ්‍ය කලාත්මක.... හෘද ස්පර්ශිත ... හෘදයාංගම අපූර්ව නිර්මාණයක්* *දැනෙන තරමට රිදෙනවා.. රිදෙන තරමට දැනෙනවා* *අසම්මතය ආදරණීය ගැහැණියගේ හෝ පිරිමියාගේ ආත්මයම විනාශ කරලා දානවා* *අසම්මත මුල බීජ රෝපණකරු හෝ කාරිය ලෝකෙට පේන්න හිනා වෙලා හිටියත් මට හිතෙන්නෙම ඔවුන් ඇතුළාන්තයෙන් ඇවිලෙනවා.මරණය තෙක්ම විදවනවා. වැරදි දේවල් කරන හැම කෙනෙක්ම එහෙම විදවනවා වෙන්න ඕනී* *මිනිස්සු එහෙමයි.අපිට එහෙම හිත හදාගෙන ජීවත් වෙන්නම වෙනවා.අපිට අපිව වෙනස් කරන්න පුලුවන්.ඒත් බෑ තව කාවවත් බලහත්කාරකමින් වෙනස් කරන්න.* *✨ඉතිම් අපි රැවටෙන තරමට ....අනාගතේ හදාගමු..අමාරුවෙන් උනත් හරි සීරුවට හැමදේම දරාගෙන ජීවිතේ දිනමු* මොකද දන්නවද .... *එහෙම කරොත් රවට්ටන මිනිස්සු වැඩි නිසා, රැවටෙන තරමට අපි ජීවිතේ දිනලා තියෙයි.* ඉතිම් ඉපදීම මරණය අතර ඇතිවෙන ආන්දෝලනාත්මක බැදීම් ඇතුළේ... *රැවටෙන තරමට* *අපි දිනමු* *රවට්ටන මිනිස්සු* *ඒ තරමටම ජීවිතේ වරද්දගන තියේවි* ඉතිම් හිතට එකගව ජීවිතේ දිනමු.. අවසානෙටත් කියන්නේ *✨රැවටෙන තරමට මිනිස්සු ජීවිතේ ගොඩනගා ගන්නම ඕනී✨* *රවට්ටන තරමට මිනිස්සුන්ට වරදින්නම ඕනි කියලා, ප්‍රාර්ථනා කරන්න අපේ හිත් අකමැති උනාට..* *✨මන් දැකලා තියෙන්නෙම රවට්ටන තරමට මිනිස්සුන්ට වරදිනවා✨* *ඉතිම් ඉවසගෙන හරි පරිස්සමෙන් ලස්සන හිත් රැකගෙන ඉස්සරහට යමු*

  • @jananihettiarachchige113
    @jananihettiarachchige1137 ай бұрын

    තාම ඔබ ගැන ලියනවා... නොකියවන බව දන්නවා... දන්නවද ආදරේ නීතිය.. රිදුන තරමට දැනෙනවා... I felt it❤

  • @Ranuga1212

    @Ranuga1212

    7 ай бұрын

    Aththatama ehema neda wenne💔🥀

  • @user-Kasuu
    @user-Kasuu7 ай бұрын

    වෙන කෙනෙකුට ආදරේ කරන කෙනෙක්ට හදවතින් බැඳෙන්න එපා, එහෙම බැඳුණ මිනිස්සු දිවා රෑ විඳවනවා...

  • @MihinduAriyaratne

    @MihinduAriyaratne

    7 ай бұрын

    ❤️

  • @UpuliNishanthi-xj3qp

    @UpuliNishanthi-xj3qp

    9 күн бұрын

    හ්ම්ම්

  • @vimukthiiroshan1064
    @vimukthiiroshan10647 ай бұрын

    බොරැල්ලේ 🚦 එකේ ඉදන් ඇඩුනෙ ආදරේ නීතිය මේ තරම් දැනුනෙ තේරුනේ අද ඇත්තටම දැණුන තරමට රිදෙනවා රිදිච්ච තරමට දැනෙනවා ❤😢

  • @lifecaptured1231
    @lifecaptured12317 ай бұрын

    දැනුනු තරමට රිදෙනවා රිදෙන තරමය දැනෙනවා... දැනෙන්න රිද්ද ගන්නම ඕනද , රිද්ද ගන්න දැනෙන්න දෙන්න ඕනද ... නොතේරෙන ප්‍රශ්නයක් මටත් දැන් තියෙනවා.... මේ combination එක විශිෂ්ටයි..... ❤ චාලූ....❤

  • @pabauthpalawanna0710
    @pabauthpalawanna07107 ай бұрын

    ගැහැනියක් ඕනේ දෙයක් බෙදා ගනී ආදරේ ඇරෙන්න 🥺🥺🥺🥺❤️

  • @Vihangi641

    @Vihangi641

    7 ай бұрын

    Aniwa 🫡🥹💔

  • @moon.1111.

    @moon.1111.

    7 ай бұрын

    😢❤

  • @NethuShashi01

    @NethuShashi01

    7 ай бұрын

    අනිවාර්යයෙන් 🥺

  • @thelittleitsybitsy

    @thelittleitsybitsy

    7 ай бұрын

    දෙගොල්ලොටම❤

  • @Abhimansanthush

    @Abhimansanthush

    7 ай бұрын

    ඇත්ත ❤

  • @ShaL__Yaa
    @ShaL__Yaa7 ай бұрын

    ආදරේකදී කාටවත් බෙදා ගන්න දෙයක් නෑ. ආදරේ දෙන්නයි තියෙන්නේ. බෙදාගද්දියි දුක වැඩි 💓

  • @MihinduAriyaratne

    @MihinduAriyaratne

    7 ай бұрын

    ❤️

  • @chandimachinthakapaladeniy5758
    @chandimachinthakapaladeniy57587 ай бұрын

    ආදරය රාගය අතර හරි දශමෙක වෙනසක් තියෙන්නේ ඒක දැනෙන්නේ හරි අතලොස්සකට ඒත් මේ දෙකම කැටි වෙච්ච තැන සුරපුරයක් කියල හිතන අය ගොඩාක් අඩුයි.

  • @tharushidilasha6984
    @tharushidilasha69847 ай бұрын

    නම නොදත් ඈ..... සමාවෙන්න අභී..... ඔයාට නීතියෙන් ලියවුන මේඝ, හිතින් අද ලියවිලා තියෙන්නෙ මම වෙනුවෙන්, මගෙ නමට. මගේ ජීවිතේ ආදරයක් නොලබපු මම මේඝගෙ ආදරේ ලග නැවතුනේ මටත් නොදැනිම. මම මුලු හදවතින්ම මේඝට ලියවුනාට, ඔයාට ආදරේ නෑ කියල වචනෙන් කියවුනාට, මාව වළක්වපු එදා මම තේරුම් ගත්ත ඔයා තාමත් පුංචි හෝ තැනක එයාගෙ ජීවිතේ ඉන්නවා කියල. එදා මම පතපු එකම සිතිවිල්ල " අනේ අභී ඔයා නොහිටියානම් කියල " මම ආත්මාර්ථකාමී ඇති. හැබැයි ඒ මගෙ ආදරේ වෙනුවෙන්. මම මේඝගෙන් ඈත් වෙලා යන්න හිතුවත් දැන් ඔයා මේඝ තනිකරල අවසන්. මට දැන් මේඝගෙන් ඈත් වෙන්න බෑ. ආයෙත් මට සමාවෙන්න අභී....

  • @JeonSehi-wj4vi

    @JeonSehi-wj4vi

    7 ай бұрын

    දරුවෝ තුන්දෙනාවත් ආදරෙන් බලා ගත්තද? ආරියවතී. පව්ලක් කඩපු සාපය වැදුනේ හෙම නැත්ද???

  • @tharushidilasha6984
    @tharushidilasha69847 ай бұрын

    ඔය හිතේ දැන් මට ආදරයක් නැත්නම් ඇයි මේඝ මම තවත් ඔයාගෙ ආදරයට බාධාවක් වෙන්නෙ. ඔව් මට තව ඉවසන්න තිබුනා, හැබැයි නිරයක තනි වෙලා විදව විදව. මුලු හදවතින්ම ඔයා වෙනුවෙන් පේ උන මම ආදරේ බෙදාගන්න මොහොතකටවත් ලෑස්ති නෑ මේඝ. මම චපල ඇති, ආදරේදි ගෑනු අපි හැමෝම චපලයි, බොලදයි ඉතින් මම යනව..... සදහටම. අභී...

  • @JeonSehi-wj4vi

    @JeonSehi-wj4vi

    7 ай бұрын

    දෙවියනේ අර අහිංසක දරු පැටව් තුන් දෙනා. අභි ❤ඔයාගේ පැටියා දාලා ඔයාටත් එහෙම යන්න පුළුවන් ද?

  • @chankamajayamal367
    @chankamajayamal3677 ай бұрын

    හැමදාම කියනවා වගේ මේ කටහඬනම් භාවනාවක්. ඇස් දෙක පියාගෙන දවසම ඇහුවත් එපාවෙන්නේ නැති..

  • @MihinduAriyaratne

    @MihinduAriyaratne

    7 ай бұрын

    ❤️

  • @madumaliweerasingha5895
    @madumaliweerasingha58954 ай бұрын

    ආදරේ කියන්නෙ කියවල ඉවර කරන්න බැරි මහ විශාල පරාසයක්..සමහර අයට ආදරය හමුවෙන තැන් වලදි තවත් කෙනෙක්ගෙ ආදරය විතරක් නෙවෙයි ආත්මයම මග හැරෙනව.හරි සියුම්ව බුද්ධිමත්ව කියවගත්තොත් අඩුවෙන් රිදිල වැඩියෙන් හිනා වෙන්න පුලුවන් වෙයි❤❤

  • @isurangashashipriya3999
    @isurangashashipriya39997 ай бұрын

    දැනුණු තරමට රිදෙනවා... රිදුණු තරමට දැණෙනවා... 💙⭐

  • @vishmigamage7705
    @vishmigamage77057 ай бұрын

    අහීගේ හඬ ඇහුව නම් මිහිඳු ගේ හඬත් අහන්නම ඕනේ. මිහිඳු ගේ හඬ ඇහුවා නම් අහීගේ හඬත් අහන්නම ඕනේ. හැමෝගෙම පැත්තෙන් හැමෝම හරි එකම කතාවට වුනත් පැති ගොඩාක් තියෙනවා. මේඝ කිව්වට ඉවසන්න කියලා ගැහැනියක් මහා මේරුව කඩන් වැටුනත් ඉවසයි ඒත් කෝමද තමන්ගේ ආදරේ ඇස් ඉස්සරහාම දිය වෙද්දි දරාගන්නේ ? 💔 දෙන්නම අති සාර්ථකයි වෙනස් නිර්මාණයක්. ආදරෙයි ජය වේවා ❤

  • @buddhipriyamadhavie
    @buddhipriyamadhavie7 ай бұрын

    Songs දෙකම බැලුවා.හිතේ තිබුනු ප්‍ර්ස්නේ විසදුනා.ඒත් අලුත් ප්‍රස්නයක් ආවා.අනිත් girl වහ එක බොන්නද හැදුවෙ? අභීගෙ කිරි එකට දාන්නද හැදුවේ? 😢ඒ නිසා එයාගෙ පැත්තෙන් කතාව කියලා 3 වෙනි song එකත් ඕනෙ❤

  • @Abhimansanthush

    @Abhimansanthush

    7 ай бұрын

    100%. ඇත්තටම මේ කමෙන්ට් එක පින් කලානම් නියමයි..අභිශේකා කියනෙ මොළ ගෙනාපු නැවක්.. 🇱🇰

  • @sanuldinsara8506

    @sanuldinsara8506

    7 ай бұрын

    Naa naa eya vaha kiri ekata daanna haduve.

  • @LakshikaKalpani-cb6lj

    @LakshikaKalpani-cb6lj

    2 ай бұрын

    Waha danna haduwe...ekane e manussaya aran oluwa wana wana epa qynne

  • @thilinihettiwaththa4315
    @thilinihettiwaththa43157 ай бұрын

    ආදරේ බෙදා දීපු හිතක කොහෙද කඳුලු තිබුනෙ මේඝ..රිදුණු තරමට දැනෙනවා ..ඇත්ත.. ආදරේ දුන්න නම් ඊටත් වඩා දැනෙනව මේඝ...

  • @MalindaG
    @MalindaG7 ай бұрын

    මේඝ, අභී වෘතාන්තයේ, පසු විපරම මෙලෙසින්..... තාම ඒ ගැන සිතනවා වැරැද්දක් බව දන්නවා මග හැරුණු ආදරේ නීතිය ගැනම මම අද තැවෙනවා තාම හදවත රිදෙනවා යළි නො එන බව දන්නවා ඒ නමුත් ඒ ගැනම හිතමින් තවම මම අද තැවෙනවා කාලෙ නොනැවති ගලනවා ගාලු කොටුවත් කියනවා මග හැරුණු ආදරේ නීතිය යළි යළිත් මා සොයනවා පපුව ඉහළට ඇදෙන ගින්දර යළි යළිත් මා දවනවා දිවා රෑ ඒ ගැනම සිතමින් මා හිතම මා පෙළනවා කඳුළු සයුරේ, ක්ෂිතිජ ඉම මා දෙසම බලමින් ඉන්නවා කොහේදෝ සිට ඔබත් විටෙකදී අඬ ගහනවා ඇහෙනවා.... තවත් පිළිතුරක් ලෙසින් ❤ ආදරෙන්! මිහිඳු අයියාට සහ අභිෂේකාට! ❤❤🌹🌹

  • @lakshanilanthra6640
    @lakshanilanthra66407 ай бұрын

    ගැහැනියකට පුළුවන් ඕන දෙයක් බෙදා ගන්න. ආදරේ ඇරෙන්න ❤

  • @ishadidissanayake6377
    @ishadidissanayake63777 ай бұрын

    ලියන බව මම දන්නවා, නොකියා ඉන්නට හිතනවා, ඔබෙ දුකත් මට දැනෙනවා, මඟ බලන් ඇති කියනවා, දරාගන්නට නොහැකි වූ නුඹ, රිදුනු තරමට දැනෙනවා, දන්නෙ මොනවද ආදරේ ගැන, රිදෙන තැන් තව තියනවා....... ඉshu...❤🙂

  • @MihinduAriyaratne

    @MihinduAriyaratne

    7 ай бұрын

    ❤️

  • @dilupadissanayaka35
    @dilupadissanayaka357 ай бұрын

    හරි අසාධාරණයි.ගැහැනියක් තමන් ආදරේ කරන පිරිමියව බෙදා ගන්න කිසිම වෙලාවක කැමති නෑ.මේ දේම අභී මේඝට කලා නම් මේඝ ඒ දේ ඉවසයිද.ඇයි එහෙනම් ගැහැනියකගෙන් ඉවසීම බලාපොරොත්තු වෙන්නෙ.ඒ වගේ වේදනාවකින් ඉද්දි මනුස්සයො බුද්ධියට වඩා මුල් තැන දෙන්නෙ හැඟීම් වලට.තමන්ගෙ බිරිඳව කාමරේට දාලා දොර වහලා පෙම්වතියත් එක්ක තහනම් ගහේ ගෙඩි කෑව වරදට මට අනුව නම් ඒ මරණ දඬුවම සාධාරණයි.හිරේ ඉන්නවට වඩා වේදනවක් විඳින්න වෙනවා මම හින්දා නේද මෙයා මැරුණෙ කියලා මතක් වෙද්දි.එතන අභී වෙනුවට මම හිටියා නම් මම කවදාවත් ජීවිතේ නැති කර ගන්නෑ.එක හිතක් නැති පිරිමියෙක් වෙනුවෙන් ඇයි තමන්ගෙ ජීවිතේ නැති කර ගන්නෙ

  • @chalu7764

    @chalu7764

    7 ай бұрын

    මේකේ ඇත්ත කතාව ඒක නෙවෙයි. අභී ( පද්මිණී කුලරත්න ) එයා සියදිවිහානි කරගත්තේ නෑ. ඇයව මැරුවා. මේකට ලංකාවේ නීති අධ්‍යනය තුල කියන්නේ බිලිං අච්චාරු නඩුව කියලා. බිලින් වලට පාසානම් කවලම් කරලා දීලා මරන්නේ ඇයව. ලංකාවේ පලමු ආසනික් ශරීර ගත කර කරන ලද ඝාතනය . ඒකයිමේ නඩුව විශේෂ

  • @Petal_2003

    @Petal_2003

    5 ай бұрын

    meke female version ekath ahanna

  • @nbandara5219
    @nbandara52197 ай бұрын

    ❤️❤️❤️❤️❤️ අභී කියන්නේ හරිම ලස්සන අදහස් තියන ඒවා රස කරලා කියන මම කැමතිම කෙනෙක්.. මිහිදු කියන්නේ වචනයක් කිව්වත් හදවතට දැනෙන පුදුමාකාර කටහඩක්. අභීගේ කට හඩත් ඒ වගේමයි ❤️❤️❤️❤️❤️

  • @tharukshiwijesinghe8449
    @tharukshiwijesinghe84497 ай бұрын

    හැම කතාවකම දෙපැත්තක් තියනවා.. ගෑණු අපිට දරාගන්නම බැරි ආදරේ අහිමි වීම මේඝ.. ඉවසන්න...කවුරු වෙනුවෙන්ද? මොනවා වෙනුවෙන්ද? ජීවිතේම වුණ නුඹේ ආදරේ ඇයම වෙනකොට? ඉවසන්න තිබුණා..නුඹට මේඝ..යටහත් කරගන්න තිබුණා ඒ රාගය.. තේරුම්ගන්න තිබුණා ඒක වල්මත් වීමක්ම විතරයි කියලා.. ඉතින් තව මොනවා ඉවසන්නද මම... 😞 As always masterpiece by Abhi and You ❤

  • @MihinduAriyaratne

    @MihinduAriyaratne

    7 ай бұрын

    ❤️

  • @geemithlaksura
    @geemithlaksura7 ай бұрын

    අභී මිහිදු🥺♥️♥️ ගාල්ලෙදි ඇහුවයින් පස්සෙ පිස්සුවෙන් වගේ මේක එනක්න් බලන් හිටියෙ♥️♥️♥️

  • @MihinduAriyaratne

    @MihinduAriyaratne

    7 ай бұрын

    ❤️

  • @Abhimansanthush
    @Abhimansanthush7 ай бұрын

    මේ ගීතයේ එන චරිත දෙක අභී සහ මේඝ.මේ දෙන්නා විවාහක යුවලක්..මේඝගේ අනියම් සම්බන්ධය ගැන දැනගෙන හිත ඇතුලෙන් කන්දක බර දරාගෙන ගින්නකින් දැවෙන අභී මෙහෙම කියනවා.. "තාම ඔබ ගැන ලියනවා නොකියවන බව දන්නවා දන්නවද ආදරේ නීතිය රිදුණු තරමට දැනෙනවා." තමන්ගෙ දුක,මේඝ ගැන දැනෙන හැගීම් පොත් ගණන් ලීවත් මේඝට ඒවා නොදැණෙන බව දැන දැනත් රිදීමම ආදරේ කරගෙන ඇය ආදරය අකුරු බවට හරවනවා.. ඇත්තටම මේඝට අභීගේ ආදරය දැනුණෙ නැද්ද?අභී අකුරු වලට පෙරලන වේදනාව මේඝ කවදාකවත් දැක්කේ නැද්ද?අනියම් පෙමක් ළග සැනසෙද්දි අභීගේ මහමෙරක් තරම් ආදරේ තත්පරේකටවත් මතක් උනේ නැද්ද? ඉදහිට ඉහළට රිදී නුලක් ඇදුණෙ අභීගේ පපුවෙන් විතරමද? අභී මේඝ වෙනුවෙන් ගායනා කරපු ගී පද මේඝත් අභී වෙනුවෙන් ගායනා කරනවා.ඒ මිහිදු ආරියරත්නයන්ගේ නාලිකාව තුලින්..ඉතින් මෙතනදි සාධාරණ කව්ද ? පිළිතුර ඔබට භාරයි.. අවසානෙදි ආයෙත් මම මතක් කරන්නම්.. "රිදුණු තරමට දැනෙනවා.. දැනුණු තරමට රිදෙනවා.."

  • @OmethVishmitha
    @OmethVishmitha7 ай бұрын

    එක පැත්තක හිට ගන්නේ නැතුව දෙපැත්තෙන්ම හිතන්න හැමෝටම බැහැ, ඒ වගේම අනෙකාගේ සතුටට ඉඩදෙන්න හැමෝටම බැහැ🖤

  • @ThrilakshanaSL

    @ThrilakshanaSL

    7 ай бұрын

    😊

  • @leemalakmini1466
    @leemalakmini14667 ай бұрын

    කළු ගලක් බව හිතන් හිටියට කදුළු මුහුදට වැටෙනවා 🥺❤️

  • @MihinduAriyaratne

    @MihinduAriyaratne

    7 ай бұрын

    ❤️

  • @Gautham3
    @Gautham37 ай бұрын

    අභීගෙ සිංදුව අහලම ආවමයි මේ සිංදුව හරියටම දැනුනෙ❤😢

  • @MotivationwithPrabhash
    @MotivationwithPrabhash7 ай бұрын

    මේ වචන නෙවේ ❤️ හදවත පසාරු කරන්නම තියපු වෙඩිල්ලක්.... අභී ස්තූතියි ..හැබැයි ඒ සින්දුවට නෙවෙ.. මගේ හිතට වද දීපූ හිත දෝලන උන ලොකු ප්‍රශ්නයක් තිබුනා. මිනිත්තු 3 කින් ඒක විසදන්න පුළුවන් වෙය් කියල නොහිතුනත්.. කාලයක් හිතට වද දීපු දෙයකට .. දන්නවද ආදරේ නීතිය අහන මිනිත්තු දෙක තුන ඇතුලත උත්තරයක් ලැබුන එක මටම පුදුමයක්.. හිතින් යලි වතාවක් තුති පුදමි.. හදවතින් හදවතට කතා කල.. අහීට..

  • @RedEyeProductionsLK
    @RedEyeProductionsLK7 ай бұрын

    දන්නවද ආදරේ නීතිය දැනුන තරමට රිදෙනවා එකම කතාවේ දෙපැත්තක් තියනවා. හොද නරක කියන්න අමතක කරන්න එපා ❤ A Film by Charuka Dushyantha

  • @MihinduAriyaratne

    @MihinduAriyaratne

    7 ай бұрын

    Thank you for the amazing video brother.

  • @Sajithdhanushkaphotography

    @Sajithdhanushkaphotography

    7 ай бұрын

    bossa😍

  • @nimashaprabodani4919

    @nimashaprabodani4919

    7 ай бұрын

    මේක නඩු තීන්දුවකින් හැදුණු එකක් නේද ?

  • @dk_philo

    @dk_philo

    7 ай бұрын

  • @METHAA_Z
    @METHAA_Z7 ай бұрын

    අනේ අභී..... ඇයි කැඩිච්ච හදවතක් තවත් මේ තරමට පාරන්නෙ 😩💔

  • @sathsaranibandara9522
    @sathsaranibandara95227 ай бұрын

    හිරවෙලා ජිවිතේ වේදනාව විදින එකට වඩා මැරෙන එක හොදයි කියලා හිතුවට ,සියලුම දේ අපට ලැබුණේ කරපු පව් පින අනුව කියලා හිත හදා ගත්තානම් ,ලැබුන ජිවිතේ ට වඩා ලස්සනම ලස්සන ජිවිතයක් ගත කර ගන්න තිබුනා. සියලුම දේ නැතිවෙන සුලුයි කියලා හිත හදා ගත්තනම්.

  • @MihinduAriyaratne

    @MihinduAriyaratne

    7 ай бұрын

    ❤️

  • @ProfessorHarinperera
    @ProfessorHarinperera7 ай бұрын

    හිතක් කොච්චර හොද උනත් හිතකට කොච්චර දේවල් බෙදාගන්න පුලුවන් උනත් එක හිතකට ආදරේ බේදා ගන්න බෑ කියන එකත් මොනතරම්නම් විහිලුවක් ද? ඒත් ඒක මොන තරම් විහිලුවක් උනත් ඒක තමයි මට මේතාක් හම්බුන දරුණුම විහිලුව අභී!, සමහරවිට 11.11 වගේ හීන හැබෑවන ප්‍රාර්ථනා ඉශ්ට වෙන දවසක ඔය සින්දුව රිලීස් කරගන්න බැරි වෙන්නත් එකම හේතුව ඒ 11.11 වීමම නිසා වෙන්නැතී! කව්රුවත්ම නොහිතපු විදියට ඇගේ කතාව දික් වුනා ඒ වගේම කව්රුත් නොදැකපු විදිහට අනෙක් කතාව කෙටි උනා හැමෝම දැනගත්තෙත් උනන්දු උනෙත් අභීගේ කතාව ගැන විතරයි. ගොඩක් කට්ටියට මිහිදුගෙ කතාව අමතකම උනා "ඔයා දන්නවද දෙයක්, ඔයා කිව්ව කතාව සම්පූර්න ඇත්ත " *මට බෑ තමයි මෙහෙම ඉන්න '* ~හරීන් පෙරේරා

  • @shashika_ranathunga
    @shashika_ranathunga7 ай бұрын

    හැම කථාවකම දෙපැත්තක් තියෙනවා කියන්නේ මේ නිසාමයි... රිදිලා දැනුනත්... දැනිලා රිදුනත්... වෙන්නේ එකම දේ... ඒත්.. අපිට දැනුණ විදිය අනුවයි හැමදේම තීරණය වෙන්නේ.. 😊😊 දන්නවද ආදරේ නීතිය රිදුණු තරමට දැණෙනවා දැණුනු තරමට රිදෙනවා 💙🩷

  • @nipunibaghaya2998
    @nipunibaghaya29987 ай бұрын

    අම්බෝ.....අභීගේ සිංදුව බලලා මේකට එනකොට, හිතන් හිටපු එක ඔක්කෝම වෙනස් උනා....ආදරයේදී අපි හැමෝම නිර්දෝශියි නේද?....සිංදු දෙකින්ම මම ගත්ත දේ තමා ආදරේදී අපි ඉවසන්න ඕනේ, ගොඩක් ඉවසන්න ඕනේ......ඉතිං ආදරේ නම් ඉවසන්න එයා වෙනුවෙන්,..❤😢😮

  • @poojanigamage7459

    @poojanigamage7459

    7 ай бұрын

    මට බැරි වුණේම ඉවසන්න ඉතින් අද දෙන්නෙක් දෙපැත්තක දුක්විඳිනවා . මේ දැනුත් විඳවනවා . ඉවසලා ඉවසලා බැරිම තැනක් එනවා අන්න එතැනදි තමා හොඳටම ඉවසන්න ඕන . මට බැරිවුනේ එතැනදි ඉවසන්න . 😢

  • @moon.1111.
    @moon.1111.7 ай бұрын

    තාම මං ආදරෙයි දන්නවා .. දැන දැනත් නොදන්නවා වගේ ඉන්නවා .. රිදව රිදවා දුර හිදන් හිත හදනවා.. " නුඹව ඕන මට" කියා මොන නිමේශෙක අඩාවිද බයෙන් හදවත ගැහෙනවා .. නොදන්නවා වගේ හිටියට මම හොදින් ඔය හිත දන්නවා. 🤍 නුඹ ආයෙත් එන්නේ නැ මම දන්නවා.. නුඹ දැන් ඇයගෙ බව දැනෙනවා .. මතක විතරක් ඉතුරු වී මට.. නුඹ සදහටම වෙන්ව ගිය බව කාලය මට කියනවා..💔 2023/12/08

  • @Hansi-2003
    @Hansi-20037 ай бұрын

    ප්‍රේමණීය සිත් සියල්ලම එක් වූයේද වෙන් වූයේද නැත. එක අතකින් ප්‍රේමය කියන්නෙම ආත්මාර්ථකාමී හැඟීමක්. එක් අයෙකුට හිමිවෙද්දී තවත් අයෙකුට සිදුවනුයේ අහිමීවීමක්. ඉතින්, සඳක් නැති අහසක් දිහාත් මිනිස්සු බලන් ඉන්නවා. අත්නොහැර. සඳ නැතත් ඒ සඳ එලියවත් වැටෙන තුරා...🕊

  • @RasikaNayomi
    @RasikaNayomi7 ай бұрын

    හරිම ලස්සනට හිත නිවනවා...ආදරණීය හඩ පෞරෂයක්.....👌

  • @_shenali_wijesinghe_
    @_shenali_wijesinghe_7 ай бұрын

    ඔයා ආදරේ නැ කියද්දි මං තවත් ඉවසන්න ඕනමද?😊 ඒකද ආදරේ නිතිය මේඝ? ජිවිතයම ඔයාට ලියපු මම කොහොම බෙදා ගන්නද ඔයාව ඒකද ආදරේ නිතිය?🙂 මට ඔයාව අයිති නැ කියලා දැන දැනත් මට තවත් ඉවසන් ඉන්න පුලුවන්ද? ගැණු අපි හරි ලෝබයි ඒ ආදරයට විතරයි☁️✨

  • @amprebhathdilruwanbandara9172
    @amprebhathdilruwanbandara91727 ай бұрын

    හදවත් වලට බුද්දියෙන් ජීවිතේ හොයන තරමටම ඒ වචන හිතේ අඩියටම...❤️

  • @MihinduAriyaratne

    @MihinduAriyaratne

    7 ай бұрын

    ❤️

  • @Harithpnsidu
    @Harithpnsidu7 ай бұрын

    5වෙනි වතාවටත් ගීතය රසවින්දා..❤️❤️❤️woow superb ..දන්නවාද ආදරේ නීතිය ...දැනෙන තරමට රිදෙනවා...❤️❤️❤️

  • @moon.1111.
    @moon.1111.7 ай бұрын

    කලු ගලක් බව හිතන් හිටියට.. කදුලු මුහුදට වැටෙනවා ..😔✊🤍

  • @MihinduAriyaratne

    @MihinduAriyaratne

    7 ай бұрын

    ❤️

  • @HimansiMadurangi-zj6qt
    @HimansiMadurangi-zj6qt7 ай бұрын

    .තාම ඔබ ගැන ලියනවා නොකියවන බව දන්නවා දන්නවද ආදරේ නිතිය රිදුනු තරමට දැනෙනවා නමුත් කොළ බර දන්නවා ගයන කල් මග බලනවා දන්නවද ආදරේ නිතිය දැනුනු තරමට රිදෙනවා කාලේ නැවතුනු තැන තාම මම ගාලු කොටුවත් කියනවා තාම හෙවනක් නැති අහසයට අළුත් හදවත් නොවනනවා තාම ඉදහිට රිදි නොවුනත් පපුවේ ඉහලට ඇදෙනවා කළු ගලක් බර හිතන් හිටියට කදුළු මුහුදට වැටෙනවා අභී........ ............................................. හැමදේම බෙදා ගන්න පුළුවන් වුණාට පිරිමි පපුවක් බෙදාගන්න ගෑනු අපිට බැ මොකද. ඒ හිතට මාරම ලොබයි .... .ගෑණූ උනු අපි හරි පරිනතයි බන් පිරිමි හිත් වලට දැනුනූ තරමට රිදෙනවා රිදුනූ තරමට දැනෙනවා ඒ තමයි ආදරේ නිතිය අභී ......... ඔයා වගෙම මනරන්ජනිය උනු ගිතයක් ☺️☺️

  • @niroshananayakkara2806
    @niroshananayakkara28067 ай бұрын

    දැනුණු තරමට රිදෙනවා.රිදෙන තරමට දැනෙනවා...❤ අභී vs මිහිදු ලස්සන නිර්මාණයක්..

  • @tachnikaravitage5243
    @tachnikaravitage52437 ай бұрын

    මිනිස්සු තමන්ගේ ආදරණීයන්ව රිද්දන්නෙ නැත්නම් කොච්චර හොදයි ද 🥺❤️‍🩹 හරිම සංවේදී සිදුවීමක් පෙන්නන්න ලස්සන නිර්මාණයක්❤

  • @akeinenterprises9805

    @akeinenterprises9805

    7 ай бұрын

  • @Thakshilakaluarachchi_529
    @Thakshilakaluarachchi_5297 ай бұрын

    තාම ඔබ ගැන ලියනවා - නොකියවන බව දන්නවා දන්නවද ආදරේ නීතිය - රිදුණු තරමට දැනෙනවා... 💗 නමුණුකුල බර දරනවා - ගයනකම් මග බලනවා දන්නවද ආදරේ නීතිය - දැණුනු තරමට රිදෙනවා...💕

  • @hass218
    @hass2187 ай бұрын

    "තාම ඔබ ගැන ලියනවා!! නොකියවන බව දන්නවා "💔 දන්නව උනත් ආදරේ නීතිය දන්නෙ නෑ වගෙ ඉන්නවා..... හදිස්සියෙන් ඇවි ඇවිත් රිදුනදත් තව අහනවා........ තාම මං මේ අඬනවා

  • @kaveeshaabewarna6386

    @kaveeshaabewarna6386

    7 ай бұрын

    Wow e kawiya harima lssnai❤

  • @nisansalaanuruddhi1543
    @nisansalaanuruddhi15437 ай бұрын

    ඊයේ Abhi ගෙ version එක ඇහුවා. දැන් මිහිඳු ගෙ version එක ඇහුවා. ❤️ ❤️ ❤️ ❤️ හරිම ලස්සනයි ❤️ ❤️ ඒ වෙනස් ම concept එක ❤️ ❤️ ❤️ ආදරෙයි ❤️ හදවතින්ම සුබ පතනවා දායක වූ සියලු දෙනාට ම ❤️ ❤️ ❤️ ❤️

  • @MihinduAriyaratne

    @MihinduAriyaratne

    7 ай бұрын

    ❤️

  • @mishelrodrigo2974
    @mishelrodrigo29747 ай бұрын

    කතාව මට පුද්ගලිකව අදාල නැති වුනත්, සිංදුව ඉවර වෙද්දි තේරුනා, මගේ ඇස් වලටත් කදුලු උණල කියල.. ❣

  • @dineshalakmali8542
    @dineshalakmali85422 ай бұрын

    මේ සිංදුව මම අද ඇහුවෙ ..මගේ පපුවට අමුතු වේදනාවක් දැනුනා..කෑගහල අඩන්න හිතෙනවා..ඒ තමයි ආදරය දරාගෙන ඉන්නකොට දැනෙන වේදනාව..ලස්සනයි..ඒ වගේම ඒක හරි වේදනයි.අහන්න අහන්න වේදනාව දැනෙනවා

  • @nikithadiwyangi9831
    @nikithadiwyangi98317 ай бұрын

    අභීගෙ වචන දෙයියනේ පිස්සුවක්❤️🥺

  • @pabodhasandeepani_
    @pabodhasandeepani_7 ай бұрын

    එදා ගාලු කොටුවෙදි මේ song එක පලවෙනි වතාවට live අහන්න ලැබුන එක මාරම සතුටක්❤.. මතකද එදා මුහුදු හුලග එක්ක ඒ දැනුනු feeling එක.. රිදුණු තරමට දැනෙනවා දැනුනු තරමට රිදෙනවා Abhi & Mihindu ... woow😍 perfect combination. Heart touching song❤️

  • @HeshithaDilshan

    @HeshithaDilshan

    7 ай бұрын

    එදානම් පිස්සුවක් ❤

  • @randisithara763

    @randisithara763

    7 ай бұрын

    🤍

  • @nilukakumari1752
    @nilukakumari17527 ай бұрын

    හරිම ලස්සනයි ❤

  • @NadeepaRanasinghe
    @NadeepaRanasinghe7 ай бұрын

    ❤👏

  • @rasangachandika8461
    @rasangachandika84617 ай бұрын

    පිස්සු හැදෙනවා ඒ හඬට 🥺❤️

  • @hansikasandarapperuma4588
    @hansikasandarapperuma45887 ай бұрын

    Both songs are next level..❤❤❤..Congratulations Mihindu & Abhi

  • @s.amarasinghe
    @s.amarasinghe7 ай бұрын

    Love this version ☄

  • @jithmikumarasingha20
    @jithmikumarasingha207 ай бұрын

    දන්නවද ආදරේ නීතිය දැනුණු තරමට රිදෙනවා... Superb Abhi❤

  • @pawaniuvi2629
    @pawaniuvi26297 ай бұрын

    "රිදුණු තරමට දැනෙනවා දැනුණු තරමට රිදෙනවා " ඒ තමා ආදරේ නීතිය...🥺❤️ මේ ගාලු අහස යට මේ වගේ කොච්චර වේදනාබර කතා ඇති ද..🥺 අදටත් ඔබ මගේ ලග නැතත් දුරින් හිටියත් ... ඔය පපුවේ හුනුහුම තව එකීයකට මං දෙන්නේ කොහොමද රත්තරන් 🥺 ඔයා ගේ සතුට වෙනුවෙන් කරන්න පුලුවන් හැමදේම කරලා ....ඔය ඇස් වෙන වෙන ඇස් දෙකක් හොයනවා කියලා දැනුන දවසේම මාත් මැරීලා ගියා ..🙂 ජිවිතේ හැමදේම බේදා ගත්තට ඔයාව බෙදා ගන්න බෑ මැනික 🥰 මේක අහනකොට දැනන හැගිම..🥺 ලස්සන නිර්මාණයක් 💐

  • @isuriupadhya4404
    @isuriupadhya44047 ай бұрын

    තාම ඉදහිට රිදී නූලක් පපුවෙ ඉහළට ඇදෙනවා කලු ගලක් බව හිතන් හිටියට කඳුළු මුහුදට වැටෙනවා......❣️

  • @MihinduAriyaratne

    @MihinduAriyaratne

    7 ай бұрын

    ❤️

  • @roshanitissera6392
    @roshanitissera63927 ай бұрын

    Its very true.

  • @kavindya360
    @kavindya3607 ай бұрын

    ප්‍රේමය නිසාම මියදුනු හිතකට උරුමකම් කිව්වෙ තනිකම විතරයි ❤️ D.K

  • @pabodhasandeepani_
    @pabodhasandeepani_7 ай бұрын

    Abhi Mihindu ... woow perfect combination. Heart touching song❤️

  • @SimpleLifewithMK
    @SimpleLifewithMK7 ай бұрын

    අරුත් සහිත පද පෙලක් සමග නැවුම් හඩ පෞර්ශයක මුසුවීමක්💆‍♂️💆‍♂️❤❤❤. ගොඩක් වටින නිර්මාණයක්. ජයෙන් ජය දෙපලටම😊❤

  • @rashmipathirana-gi1ni
    @rashmipathirana-gi1ni7 ай бұрын

    Perfect combination ❤❤

  • @nethmimalsha1865
    @nethmimalsha18657 ай бұрын

    දැනුණ තරමට රිදෙනවා රිදෙන තරමට දැනෙනවා...🤍 වචන ටිකට කටහඩට සීරුවට හදවත රිදවනවා සැනසනවා ඒක වෙනම රහක් 💆‍♀️❤️ හදවත ස්පර්ශ කරන අපූරු නිර්මාණයක්...

  • @Kaushi345
    @Kaushi3457 ай бұрын

    "දන්නවද ආදරේ නීතිය දැනුන තරමට රිදෙනවා" 💔😢

  • @hirushinimaya6926
    @hirushinimaya69267 ай бұрын

    දැනුන තරමට රිදෙනවා...🥰🥺 Wow 🥺

  • @AnsafAmeer
    @AnsafAmeer7 ай бұрын

    Amazing work of Art… Kudos to the whole team

  • @haasinidissanayake6239
    @haasinidissanayake62397 ай бұрын

    "කළු ගලක් බව හිතන් හිටියට කඳුළු මුහුදට වැටෙනවා" 2:58 music, that's out of this world 🥹❤️

  • @MihinduAriyaratne

    @MihinduAriyaratne

    7 ай бұрын

    ❤️

  • @sachinipiyumika29
    @sachinipiyumika297 ай бұрын

    එකම කතාවක දෙපැත්තක්. දකින, හිතන හැමදේම ඇත්ත නෙවෙයි. ලස්සන නිර්මාණයක් ❤

  • @SARANIWASANA-cb8cx
    @SARANIWASANA-cb8cx7 ай бұрын

    මං ආදරේ නෑ "අභී " තව ටිකක් ඉවසන්න තිබුනා මේ වචන ටික අහන්න ලැබෙන්න එපා කාටවත්💔🌹

  • @NishadiSubasinha-xl9sr
    @NishadiSubasinha-xl9sr7 ай бұрын

    ආදරේ කියන තැනට හිඩැසක් ආවම එතනින් නික්මෙන්න ඕන නැති උන ආදරේ කවදාවත් ආයේ හම්බෙන්නෙ නෑ.. ඒත් අපිට ඒක දරා ගන්න බෑ ආත්මය මිය ගියාම ශරීරයේ විතරක් පන තියල වැඩක් නෑ ...

  • @JeonSehi-wj4vi

    @JeonSehi-wj4vi

    7 ай бұрын

    සහතික ඇත්ත යාළු. කොහොමහරි දරා ගත්තොත් දරුවන්ට සාධාරණයක් වෙනවා. බොහෝ පරිමි පසුකාලයේ තැවෙනවා. දරාගත් ගැහැණිය නිවෙනවා.

  • @Sew-eu6tf
    @Sew-eu6tf7 ай бұрын

    ඇත්ත කතාවක් කියලා දැනෙද්දී අනේ මොනතරම් දෙන්නම විදවන්න ඇතිද... 🥺🥺 කියන්න වචන නෑ.... ❤

  • @malithiprarthana902
    @malithiprarthana9027 ай бұрын

    Mihindu ayya and abhi akki are next level ❤

  • @HirushaVirajNeelawathura
    @HirushaVirajNeelawathura7 ай бұрын

    කලු ගලක් බව හිතන් හිටියට කදුළු මුහුදට වැටෙනවා .........🥺💔 සමහර වෙලාවට හැඟීම් ඉදිරියේ පිරිමි හිත් හරි කලබලයි. හැමෝම තමාගෙ පැත්තෙන් සාධාරණයි. ඉතින් කවුද වරදකරු?

  • @Sajithdhanushkaphotography
    @Sajithdhanushkaphotography7 ай бұрын

    "දන්නවද ආදරේ නීතිය දැනුන තරමට රිදෙනවා" 💔

  • @gayanisudasingha
    @gayanisudasingha7 ай бұрын

    මිනිස් සිතක උපදින ආශාවක්, ඒ වගේම සිතේ ගැඹුරුම තැනක ඇතිවූ ප්‍රේමයක්. මේ දෙක අතර දෝලනය වන්නාවූ හැගීම්.... මේ තමයි ජීවිතය... සම අසමකම් මැද දෝලනය වන ජීවිතය... විදින විදවන ආදරය මැද දෝලනය වන ජීවිතය... ඒ විපර්යාසයන් මිනිස් සිත බාරගන්නා විලාසයන්... ඒවා එකිනෙකට අවස්තානුරූපව වෙනස්... ඒ හැමෙකක්ම එකට පදම්කොට, අබරා, මිරිකා උකහා දුන් සාරයෙන් උපන් අපූරු නිර්මාණයක් 💚🎊🌟 ගයනි සුදසිංහ ✍️🏼✨️

  • @MihinduAriyaratne

    @MihinduAriyaratne

    7 ай бұрын

    ❤️

  • @dasunidileka8249
    @dasunidileka82497 ай бұрын

    තව ටිකක් ඉවසන්න තිබුනා . රිදෙන තරමට ඉවසන්න පුලුවන් වුනානම් ❤

Келесі