Thawama Pana Thiyenawa | තවම පණ තියෙනවා | Visharada Abhisheka Wimalaweera ( Official Music Video)

Музыка

Thawama Pana Thiyenawa | තවම පණ තියෙනවා | Visharada Abhisheka Wimalaweera
ආදරේ හිතෙනවද අහනවා
ඔව් මටත් ආදරේ හිතෙනවා
හාදු මට දැනෙනවද අහනවා
ඔව් මමත් උණුහුමක් හොයනවා
කිරි වරම් නෑ නේද අහනවා
කිරි නැතත් පපුවෙ ඉඩකඩ තියෙනවා
මුගුරක් අරන් ඇනපන් තදින්
භුමියට තාම පණ තියෙනවා
හත් මාල නළල් පට නෑ
සුදු නෙලුම් රෝස පෙති නෑ
නෙත් අඳුන් යටින්
උනනා කඳුළැල් ඔබ දුටුවේ නම් නෑ
මුගුරක් අරන් ඇනපන් තදින්
භුමියට තාම පණ තියෙනවා
ගිනි කඳුළෙන් දෙමට මලෙන්
නයි කඳුළෙන් නුග කොළයෙන්
ඉපදුණු සත් පත්තිනි බල මහිමෙන්
දිරිය අරන් පිපියන්..
මුගුරක් අරන් ඇනපන් තදින්
භුමියට තාම පණ තියෙනවා.
• Artiste - Visharada Abhisheka Wimalaweera
• A Film by Kasun Mahendra Heenatigala
• Produced by - Nipuni Amarasinghe & Heenatigala Films
• Starring - Ashan Dias / Bhoomi Harendran / Abhisheka Wimalaweera
♪ Lyrics - Abhisheka Wimalaweera
♪ Melody- Abhisheka Wimalaweera
♪ Music composing & Arrangements | Senanga Dissanayake-wayo
♪ Recording Engineer | Amala Mihiranga @BrickHouse
♪ Mixing & Mastering | Vinod Melpitiya @wayo MixHouse
Drums | Kaushan Wijesuriya
Guitars | Ricky Meddegoda
Sitar | Mahesh Pathmakumara
Violin | Rukshan Gunawardhana/Thisara Bandara
Cello | Rochana Ramanayaka
Director & Script - Kasun Mahendra Heenatigala
Director of Photography - Srinika Liyanage
Video Editor & Colorist - Hasitha Jayasanka
Art Director - Sandun Madurapperuma
Makeup - Tharindu Pathirathna
Costume Designer - Nipun Chathuranga
Assistant Director - Nalinda Dharmasiri
Art Assistant - Mahesh Kumar
Poster Designer - Sanjaya Epa Senevirathne
Still Photographer - Buddhima Malepathirana
Abhis Makeup Partner - Salon Indu and Mala Sarees
Ridi ridee (රිදි රිදී) kzread.info/dash/bejne/iZWkzs-laLSad9Y.html
Nissara | (නිස්සාර) : kzread.info/dash/bejne/m51hucmrZrTaj8Y.html
Nethra (නේත්‍රා) : kzread.info/dash/bejne/X2uWtreAoJrbhbw.html
Chandramandale (චන්ද්‍ර මණ්ඩලේ) R : kzread.info/dash/bejne/gp-T19t8nK_JXbA.html
Mathaka (මතක) : kzread.info/dash/bejne/gJd9tdt-esq8oZM.html
Narasiha Gatha(නරසීහ ගාථා) : kzread.info/dash/bejne/fJ-HttyHe9jKito.html
Wahi Kawiya(වැහි කවිය) : kzread.info/dash/bejne/aa2sq5mom8_VoZM.html
Sabandini(සබඳිනී ) : kzread.info/dash/bejne/m5uprNCGh5rZd8o.html
#thawamapanathiyenawa #abhishekawimalaweera #musicvideo

Пікірлер: 7 409

  • @abhishekawimalaweera.official
    @abhishekawimalaweera.official Жыл бұрын

    බැනුම් අහන්න වෙයි කියල හිතපු වැඩකට එකම එක negative comment එකක්වත් නොදුන්න ආදරණීය මනුස්ස හිත් වලට ආදරෙයි..ලංකාවෙ මිනිස්සු මාරයි ❤️ අභී!

  • @fvck_mama_4_doing_dirty_2txt

    @fvck_mama_4_doing_dirty_2txt

    Жыл бұрын

    ❤️✨❤️

  • @nadunimadushika1309

    @nadunimadushika1309

    Жыл бұрын

    mage hadawathe eka gaikawak🙏🏻💗

  • @sheharamanuthmi

    @sheharamanuthmi

    Жыл бұрын

    කවුද අනේ ඔයාගේ වැඩ වලට බනින්නේ😍😍

  • @dgbrothers1919

    @dgbrothers1919

    Жыл бұрын

    Great work.superb sister

  • @rushinihirusha349

    @rushinihirusha349

    Жыл бұрын

    Fav❤️

  • @nishankarajini4097
    @nishankarajini40976 ай бұрын

    මම මේ සිංදුව අහනකොට ඒ විශුවල් එකේ ඉන්නේ මම වෙනවා.. අවුරුදු හතක් ආදරේ කරලා මම කසාදෙකට යන්නෙ .. ඊට අවුරුදු හතරකට පස්සෙ මට බබා ලැබෙන්න් ඉන්නෙ .. එයා මාස හතෙන් බඩේදිම නැති වෙනවා . එහෙම එහෙම මට බබාලා හතර දෙනෙක් නැති වෙනවා. .. අන්තිමට මම මගෙ මහත්තයව දකින්නේ නුවර උසාවියෙදි. චෝදනාව දරුවන් නොමැතිකම හා ද්වේශ සහගත හැරයාම.. මම එයාව කවදාවත් දාලා ගිහින් නැහැ .. නමුත් සාක්ශි කූඩුවට නැගලා චෝදනා අහගෙන ඉදලා වැරැද්ද බාර අරගෙන හැරුනේ මගෙ අම්ම ඉදගෙන හිටිය දිහාවට.. අම්ම තාත්තා මට ඉන්නවා ඒ ඇති කියලා හිත තද කරගෙන. බෝගම්බර අභී කොන්සට් එක බලන්න ගිහින් මේ සිංදුව අහලා මම හරියට ඇඩුවා .. " මුගුරක් අරන් ඇනපන් තදින් භූමියට තවම පණ තියනවා".. ඔව්.. ගෑණු හිත් හරි හයියයි.. ඒ ගතිය දුන්නෙ පිරිමි ..

  • @anuththara3467

    @anuththara3467

    5 ай бұрын

    වරදින්නේ නෑ අක්කේ හිත හයිය ගෑණුන්ට කවදාවත්..❤

  • @dilrukshiockers9684

    @dilrukshiockers9684

    5 ай бұрын

    A comment eka mara widiyata ridenawa....ath akke oya haiyakama a comment eka asse tynawa

  • @jananikaushalya9525

    @jananikaushalya9525

    5 ай бұрын

    ඔබට වරදින්නෑ, බුදුසරණින් ඔබ කරන හැමදේම සාර්ථක වේවා...

  • @rimzaa

    @rimzaa

    4 ай бұрын

    stay strong girlie ❤

  • @madhuhettiarachchi2852

    @madhuhettiarachchi2852

    3 ай бұрын

    ඔයා ශක්තිමත් ගැහැණියක්

  • @viranindhuwara8416
    @viranindhuwara8416 Жыл бұрын

    ලංකාවේ මිනිසුන් මෙහෙම open minding කරනවට අලුත් පරපුරේ කලා කරුවන්ට respect

  • @praveenpiyumantha4827

    @praveenpiyumantha4827

    Жыл бұрын

    ❤️🌍

  • @malanihemachandra8073

    @malanihemachandra8073

    7 ай бұрын

    👌👌👌👌👌😭😭😭😭❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏

  • @funkyboy6270
    @funkyboy6270 Жыл бұрын

    පව් බන් මේ මිනිස්සු.අපිට වගේ නෙමේ උන් හෙන ගේමක් දෙන්ඩ ඕනා මේ සමාජේ ජීවත් වෙන්ඩ💔💔💔ආදරේ කියන්නෙත් මාර ගැබුරු දෙයක් නේ❤❤❤🙏🙏

  • @kashpodda
    @kashpodda Жыл бұрын

    තාම පණ තියෙනවා ගීතයේ අරුත මගේ අදහසට අනුව.... ගීතය තුළින් නිරූපණය වෙන අදහස බැලූ බැල්මටම රූපරචනයෙන් අපේ මනසට යනවා. සරලව තේරුම්ගන්න පුලුවන් වාග්මාලවක් එක්ක ගැඹුරු අර්ථයක් ගීතය පුරාවටම මුණ ගස්වනවා. රූපරචනය පසෙකින් තියලා මම කතා කරන්නම් පදමාලාව ගැන. ආදරේ හිතෙනවද අහනවා.. ඔව් මටත් ආදරෙ හිතෙනවා.. හාදු මට දැනෙනවද අහනවා.. ඔව් මටත් උණුහුමක් හොයනවා.. මේ සඳහන්වෙන්නෙ ලිංගික සංක්‍රාන්තික කාන්තාවක් ගැන. පෞද්ගලිකව ඔවුන්ට සංක්‍රාන්තිකයින් ලෙස ආමන්ත්‍රණය කරන්න කැමති නැති උනත් පැහැදිලි කරන්න අවශ්‍ය නිසා සඳහන් කරා. ඇයටත් ආදරය , උණුහුම , දැනෙන අපිවගේම ලේ ඇටමස් නහර වලින් හැදුන අයෙක් බව මේ වචනවලින් පවසනවා. උණුහුමක් හොයන ඇය ගැන අභී ලියන්නෙ එහෙමයි. සමාජය තුළ වෙනස්කොට සලකන ඇයත් සාමාන්‍ය මනුෂ්‍යයෙක් බව අභී අපට මතක් කරනවා කිරිවරම් නෑ නේද අහනවා කිරිනැතත් පපුවෙ ඉඩකඩ තියෙනවා මුගුරක් අරන් ඇනපන් තදින් භූමියට තාම පණ තියෙනවා මෙහි සඳහන් කාන්තාවට කිරිවරම් නෑ නේද අහන්නෙ ඇය උපතින් කාන්තාවක් නොවන නිසා. ඇයට කවදාවත් මව් සෙනහසින් කිරි දීමට නොහැකි බව ඇහුවත් ඇය පිළිතුරු දෙන්නේ මව් සෙනහස පුරවලා දෙන්න තරම් පපුව ඉඩකඩ බවයි. මව්කිරි දෙන්න හැකියාවක් නැති උනත් උතුරන්න සෙනෙහස දෙන්න පුලුවන් බව ඇය අපට කියනවා. මමත් කාන්තාවක් , මමත් මනුෂ්‍යයෙක් බව ඇය නැවත නැවතත් නොකියා කියන්නෙ එහෙමයි. අවසානයෙ ඇය කියනවා "මුගුරක් අරන් ඇනපන් තදින් භූමියට තාම පණ තියෙනවා කියලා. භූමි කියන්නේ මෙහි රූපරචනයට සහභාගීවන කාන්තාව බව දැන සිටියා උනත් මගෙ හිත කිව්වෙ මේ පද පෙළේ භූමිය කිය්න්නෙ පොළවට කියලා. මහපොළවකියන්නේ හැම වේදනාවක්ම දරාගෙන නොසැලී ඉන්න ආදරණීය තැනක්. මුගුරක් අරන් තදින් ඇන්නත් මේ හ්මදේම දරාගෙන භූමිය පණ තියෙනකම් නොසැලී ඉන්නවා. ඉතින් මේ කාන්තාව මහපොළව වගේ කියලා අභී පෙන්වලා තියෙනවා වෙන්නට පුලුවන්. හත්මාල නළල්පට නෑ.. සුදු නෙළුම් රෝස පෙති නෑ.. නෙත් අඳුන් යටින්.. ගලනා කඳුලැල් ඔබ දුටුවෙනම් නැ.. හත්මාල නළල්පට කියන්නේ කාන්තාවක් සිය දිවියේ එක්වරක් පළඳින ගෞර්වනීය ආභරණයන් කිහිපයක්. කාන්තාවක් තම විවාහා වන දිනයේදී පළඳින මේ මාල හත සහ නළල් පට පැළඳීමට මෙම කාන්තාවට අවසර නැති බව මින් පවසනවා. එයින් අදහස් කරන්නේ ඇයට එය පැලඳ විවාපත්වීමට අවසර නොමැති බවයි. මෙහි එන සුදු නෙළුම පිවිතුරු බව සහ, නිර්මල බව තමයි සංකේතවත් කරන්නේ , රෝසමල් යනු ආදරයේ සංකේතය. නමුත් මෙම කාන්තාවට ඒ නිර්මල බවත් ආදරයවත් හිමි නැහැ. නෙත් අඳුන් දෑස් වල ගල්වන්නේ අලංකාරයට, ඇය ලොවට පෙනෙන්න නෙත්අඳුන් ගල්වාගෙන සිටියත් ඇයගෙ ඒ අඳුනට යටින් සැඟවිලා තියෙන කඳුළ , දුක ලෝකය දකින්නෙ නැහැ. ඇය මේ සියළු පීඩාවන් මධ්‍යයේ ඒ කදුළු සඟවගෙන ලෝකයට මුහුණ දෙන බව එයින් අදහස් කරනවා. ගිනි කඳුළෙන් දෙමට මලෙන් නයි කඳුළෙන් නුග කොළයෙන් ඉපදුන සත් පත්තිනි බල මහිමෙන්.. දිරිය අරන් පිපීයන්.. පත්තිනි දේවතාවිය සත්වරක් උපන් බව පුරාවෘත්තවල සඳහන්වෙනවා. එලෙස උපන් ආකාර හතරක් තමයි මෙහි සඳහන් වෙන්නෙ , ගින්නෙන්, දෙමට මලෙන්, නයි කඳුළෙන් සහ නුග කොළයෙන් ඇතුළුව සත්වතාවක් ඉපදුණු පත්තිනි මෑනියන්ගෙ බල මහිමයෙන් දිරිය අරන් පිපීයන් කියලා අභී මේ කාන්තාවගෙන් ඉල්ලනවා. සත්පත්තිනි මෑනියන්ගේ ඒ ආශිර්වාදය ඔවුන් කෙරෙහිද පවතින බව අභී පවසනවා. පත්තිනි මෑනියන් විශේෂයෙන් කාන්තාවන්ට සහ දරුවන්ට ආශිර්වාදයක් වන බව ජනප්‍රවාදයේ පැවතෙනවා. ඒත් අභී කියනවා නෑ එහෙම නෑ ඒ ආශිර්වාදය ඔබටත් තියෙනවා කියලා. ඔබත් කාන්තාවක් කියලා ඇය පිළිගන්නා බව එයින් පවසනවා. මෙය මනුෂ්‍යත්වය ගැන පදමාලාවක්, මෙය වෙනස්නොකොට සැලකීම සම්බන්ධයෙන් ලියවුණු අපූරු වදන් පෙළක්. කියන්න වචන නෑ. ඒත් මේ මගේ අදහස මීටවඩා වෙනස් සහ නිවැරදිම අර්ථයන් ගොඩක් තියෙන්න පුළුවන්. මගේ දැනුමට අනුව මේ අර්ථය ඉදිරිපත් කරේ. ඉතින් ගොඩක් ස්තූතියි කෝච් අභිෂේකා අපිට හැමදාම ලස්සනම ලස්සන නිර්මාණ අරන් එනවට. මිනිස්සුන්ට මිනිස්සු වෙන්න කියා දෙනවට. ආදරෙයි ❤️ රූපරචනය තුළ කැමරාකරණය රඟපෑම වගේම සංකේතාත්මක නිරූඵණත් අතිවිශිෂ්ඨයි. භූමි අක්කාව නිර්මාණය තුළින් හැඟීම්බර නමුත් ශක්තිමත් ලෙස නිරූඵණය කරලා තීන විදිය හරිම ලස්සනයි. විශේෂයෙන් ඇගේ මුහුණේ හැඟීම් ප්‍රකාශණය විශිෂ්ඨයි. විචාරය - Kavindu Prabhash

  • @diwyangi7242

    @diwyangi7242

    Жыл бұрын

    දැන් තමයි සින්දුව තේරුම් ගත්තේ. පින්.ඉස්කෝලේ සිංහල sir මතක් උනා. ඔලුව ට වදින්න ම තේරුම් කරලා දුන්නේ.

  • @piumaleenfernando7245

    @piumaleenfernando7245

    Жыл бұрын

    @@diwyangi7242 eka atta

  • @shashikalamaliyadda3544

    @shashikalamaliyadda3544

    Жыл бұрын

    thanks to explain to us...

  • @dilkysandachaya4219

    @dilkysandachaya4219

    Жыл бұрын

    godak pin therum kalata

  • @yasantha1985

    @yasantha1985

    Жыл бұрын

    👍

  • @KanchanaAnuradhi
    @KanchanaAnuradhi Жыл бұрын

    ප්‍රේමයේ ගැඹුර මේ තරම් සංවේදීව,නිර්මාණාත්මකව ඉදිරිපත් කල අභී අක්කා,සේනාංග අයියා, මහේන්ද්‍ර අයියා ඇතුළු මෙම නිර්මාණයට දායක වුනු අති දක්ශ,සංවේදී, ආදරණීය කලාකරුවන් සැමට හදපිරි සුභ පැතුම් 🙏🏻💖

  • @abhishekawimalaweera.official

    @abhishekawimalaweera.official

    Жыл бұрын

    කංචි ❤️

  • @TharinduProductions

    @TharinduProductions

    Жыл бұрын

    ගමේ කෙල්ලෙක්.. කාංචනා නංගි.. 💗

  • @chamaridahanayake8351

    @chamaridahanayake8351

    Жыл бұрын

    අනේ ඒක ❤❤❤

  • @kavishkadilshan3865

    @kavishkadilshan3865

    Жыл бұрын

    ❤❤

  • @jayanathweerakon4937

    @jayanathweerakon4937

    Жыл бұрын

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @chamindakinigahage17
    @chamindakinigahage17 Жыл бұрын

    සමාජය විහිලුවට ගත්ත ආදරයක ගැඹුර පෙන්නපු අභී ඇතුලු සෙට් එකටම ජයවේවා අශාන් ඩයස් අතිවිශිෂ්ඨයි ඔබ 😘😘😘😘😘❤❤

  • @tharunima7
    @tharunima77 ай бұрын

    "වරදකරු ස්වාමීනී" ආදරෙ කියන්නෙ ලැබීමක් විතරක්ම නෙමේ... පරිත්‍යාගයක්❤

  • @lakshidissanayake2017
    @lakshidissanayake2017 Жыл бұрын

    දැන්වත් ඒ මිනිස්සුන්ට පාඩුවෙ ඉන්න ලැබුනොත් ලොකු දෙයක්... මේ අයවෙනුවෙ ලංකාවේ හදපු පලවෙනි සිංදුව මම මීට කලින් දැකලා නෑ.. රාමුවකින් පිටතට එන්න අභිෂේකා මහත්මියට තිබුන ශක්තිය ගෞරවනීයයි..

  • @maheshikumari4869
    @maheshikumari4869 Жыл бұрын

    මේ සින්දුවට භූමි ව නොගත්ත නම් අපිට මේක මේ තරම් දැනෙන එකක් නෑ... අභි ගෙ කට හඩ මේ හීතයේ වචන කියන්න බරි තරම් ලස්සනයි භූමිගේ රන්ගනය... හරිම හර්දයාන්ගමයි

  • @capenterjojo3373

    @capenterjojo3373

    Жыл бұрын

    math bluwe buumi inna nisa

  • @w.a.d.tchamara2412
    @w.a.d.tchamara241218 күн бұрын

    පෞද්ගලිකව මම ඔයාගෙ කැමතිම ගතිය තමා මඩ ගෑවෙන්න හෝ නොගෑවෙන්න කියල වලට බැහැල බලන එක. එහෙම උන් අඩුයි අභි..එහෙම උන් තමයි ඕනෙත්. සුභ.

  • @shakthirathsara4247
    @shakthirathsara42472 ай бұрын

    අද හම්බුනේ සිංදුව. කොහොම මහ ඇරුනද මංදා.... " මනුස්සයෙක් වෙනුවෙන් ඒ තරම් කැපකිරීමක් ❤... ලිංග භේදයක් නෑ. වයස් භේදයක් නෑ... ජාති ආගම් භේද නෑ... හිතට දැනුන තැන නතර උනාම ඒ වෙනුවෙන් ඕනිම දෙයක් කරන්න පුලුවන් හිතක් ලැබෙනවා"

  • @Navo723
    @Navo723 Жыл бұрын

    මේක සිංදුවක්ම විතරක් නෙමෙයි.. තවත් අහිංසක මිනිස්සු කොටසකට මේ සමාජයේ මීට වඩා නිදහසක්,පිළිගැනීමක් ඕන කියලා තේරුම් කරපු වටිනා පණිවිඩයක්. ජය වේවා අභී❤️භූමි❤️

  • @_sakuni_himaya_

    @_sakuni_himaya_

    Жыл бұрын

    අනිවාරෙන් ❤️👍

  • @harshalakshan3154

    @harshalakshan3154

    Жыл бұрын

    අනිවාරෙන්

  • @ureshad.3538

    @ureshad.3538

    Жыл бұрын

    Yes 💯

  • @SiththaraV

    @SiththaraV

    Жыл бұрын

    Abisheka miss wage ugath buddhimath aya athin me wage samajaya harawath magata yomu karanna puluwan nirmana karana rallak nirmanaya wena kalaya udawe atha.

  • @danushkalakmal4573

    @danushkalakmal4573

    Жыл бұрын

    කියන්න වචන ne Abhi.... පිස්සුවක් මේක nam....

  • @rashmimaduwanthi2644
    @rashmimaduwanthi2644 Жыл бұрын

    දැන් ඉස්සරහට එන generation එක ආකල්ප, මානුෂීය හැඟීම් අතින් උගත් බුද්ධිමත් පිරිසක්. ඒ නිසා අපේ රට ගොඩක් වෙනස් වෙයි. ඒ පරම්පරාවට ශක්තියක් වෙන්න මේ වගේ නිර්මාණ කරන්න සහ රාමුවෙන් පිටතට එන්න ඔබට ලැබුනු ශක්තිය ගැන සතුටු වෙනවා ❤️

  • @user-ym7io7ym8s
    @user-ym7io7ym8s6 ай бұрын

    භූමි වගේ කට්ටියට මේ රටේ තැනක් අනිවාර්යයෙන් ලැබෙන්න ඕනේ ඒ අයව සමජයෙන් කොන් කරන එක විහිළුවට ගන්න එක මේ රටේ මිනිස්සු දැන්වත් නවත්තන්න ඕනේ මොකද ඒ මිනිස්සුන්ටත් හැගීම් දැනීම් ආශාවන් තියෙනවා ඒ මිනිස්සුත් ආසයි මේ රටේ නිදහසේ ජීවත් වෙන්න.❤😊

  • @prarthanadissanayake8089
    @prarthanadissanayake8089 Жыл бұрын

    අභී මේකේ දෙවෙනි කොටසක් ඕනේ.. සාදාරනේ ඉශ්ඨ වෙන්න ඕනේ

  • @amandaharshanijayasundara3775

    @amandaharshanijayasundara3775

    Жыл бұрын

    එකඟයි

  • @asindusherangagallage4661

    @asindusherangagallage4661

    11 ай бұрын

    අනිවාර්යයෙන්

  • @chamarinilushikadezoysa6511

    @chamarinilushikadezoysa6511

    7 ай бұрын

    Ekamai mn danishka gunathilaka atharina ගන්න.an eka deyak ප්‍රාර්ථනා කරනවා oya නිවැරැදි නම් oyat මාව magaharenna epa කියලා saha mawa rawattuwath oyat nm ridenne epa mn oyat ridenawa nm අනිවාර්යෙන්ම enawa saha oyage සතුට උදුරා ganne na mai😢😢😢😢❤❤❤❤mokada mn godak adarei eka penna dannaaa😢😢😢😢❤❤❤❤🙏🏾🙏🏾🙏🏾💯💖💖💖💖💖

  • @DilanSenanayake
    @DilanSenanayake Жыл бұрын

    ස්ටෝරි එකක් ස්ට්‍රෝන්ග් වෙන්නේ කොහොමද ගීතයක් සංගීතමය ආශ්වාදයක් වෙන්නේ කොහොමද ? කලාකරුවකුගේ වින්දනීය ආශ්වාදයෙන් එලියෙ තියෙන වගකීම කුමක්ද ? එනම් නිර්මානය අවසානයේ බලන්නාගෙ සිතෙහි සංවේදනයක් වේදනාවක් සතුටක් ඇති කර එය මොලයේ තැන්පත් කරවීමයි අභි සෙනං හීනටි විනෝද් හසිත මේක සංස්කෘතික මං පහරන්නන්ට මරු පහරක්.

  • @prageethadhikari218
    @prageethadhikari218 Жыл бұрын

    ඇස් වලින් ආදරේ කියනවනම් අශාන් ඩයස්ම තමයි ❤🔥

  • @s.upamali1528

    @s.upamali1528

    Жыл бұрын

    ඒක නම් ඇත්ත මයි..හරිම තාත්වික විදියට දෙනවා ඒකනම්.

  • @dhanushkachathuranga3564

    @dhanushkachathuranga3564

    Жыл бұрын

    මුගුරක් අරන් ඇනපන් තදින්...❤

  • @malithmba5221
    @malithmba5221 Жыл бұрын

    අභී, භූමි, අශාන් මම ආසම ඉතා සවිමත් චරිත ඔක්කොම එකතු වෙලා මල් වට්ටියකට අත ගහල තියනව ආදරෙයි ඔබ සැම ගත් අභීත පියවරට. ❤

  • @eveensenarathna6970

    @eveensenarathna6970

    Жыл бұрын

  • @shashikaviraji2854
    @shashikaviraji2854 Жыл бұрын

    වැරදිකරු ස්වාමී ණී කියන තැන පපුව නතරඋනා වගෙ දැනුනා.කදුළු කඩාගෙන වැටුනා.ඇත්තමයි අභී ඒ හඬ නන් භාවනාවක්.අශාන්,භූමි තාත්වික රංගනයක්.සුභ පැතුම් මේ නිර්මාණය සඳහා දායක උන හැමෝටම.

  • @sheharapereira5261

    @sheharapereira5261

    7 ай бұрын

    ❤😔💯❤

  • @sheharapereira5261

    @sheharapereira5261

    7 ай бұрын

    ❤😔💯❤

  • @homemobile8362

    @homemobile8362

    5 ай бұрын

    💯

  • @isharamdr925

    @isharamdr925

    17 күн бұрын

    😢

  • @tipitip___2923
    @tipitip___2923 Жыл бұрын

    මේ සිරි ලංකාවේ මෙහෙම ගීතයක් අහන්නත්, මෙහෙම open minded රසික ප්‍රතිචාර දකින්නත් මේ ඇස් පින් කරලා තියෙනවා එහෙනම්... ආදරෙයි හැමෝටම.😌 ♥️🤌

  • @nilanthinilanthi1735

    @nilanthinilanthi1735

    Жыл бұрын

    😘😘

  • @pjarts1847
    @pjarts1847 Жыл бұрын

    LGBT theme එකක් වෙනමම ගන්නෙ නැතුව, love story එකකට භූමි ව ගත්ත එක නියමයි.. ඒකෙන් සාමාන්‍යකරණය වෙනවා.. අභී තමයි ඇත්තටම progressive.. ❤️

  • @nadeenanayakkara7145

    @nadeenanayakkara7145

    Жыл бұрын

    හරියටම හරි❤

  • @rkushan3461

    @rkushan3461

    Жыл бұрын

    That’s the point ♥️

  • @lalithaguniyangoda6977

    @lalithaguniyangoda6977

    Жыл бұрын

    Meka thamai eliyata enna one niyama adahasa. ❤️ wisheshakaranayak nathi thana nikanma samanyakaranaya athi wenwa.

  • @sarahperera4717

    @sarahperera4717

    Жыл бұрын

    That's true ❤️

  • @dammikaranatunga9395

    @dammikaranatunga9395

    Жыл бұрын

    Exactly! It's all about humanity and love, not a label. Society rejects when people try to promote labels. No one needs to exhibit a label. Just live and let live, it's that simple. ❤️

  • @thamodibandara2305
    @thamodibandara2305 Жыл бұрын

    ගැහැනිය් කියන්නේ මාර දරාගැනීමක් තියන කෙනෙක්,හැමදේම දරාගෙන,ලැබීම් නොලැබීම එක්ක ජීවන ගමන නමැති මහා සාහරය එක්ක පොර බදින හැටි,සහමර තැන් වල අපිට අපි ගැන් දුකක් ඇති වෙන්වා

  • @rash6311
    @rash6311 Жыл бұрын

    ඇත්තෙන්ම lgbt community එකට පිටරට songs, films, TV series බර ගාණක් he දෙද්දී. ලංකවේ නිර්මාණය උන 1st music video එක මෙක. Hemoma දන්නවා LOVE IS LOVE මේ loke ඕන කෙනෙකුට ආදරය කරන්න අයිතිය තියෙනවා කියලා. ඒත් ඒ දන්න ඇත්ත gena risk එක අරන් ලංකවේ අයට ඇතත් තේරුම් කරන්න පුළුවන් උනේ ABI ඔයා ට විතර යි. (ආදරයට අපි කාටවත් නිර්වචන දෙන්න බැරි තැන මේ අයට(lgbt community) දැනෙන හැගීම ආදරයක් නෙවෙයි කියන එක අසාධාරණයි නේද 💔😔) අසම්මත සම්මතය මිනිස්සු විසින්ම හදා ගත්ත දෙයක්.

  • @kaveeshaabewarna6386
    @kaveeshaabewarna6386 Жыл бұрын

    මනුශ්‍යත්වය වෙනුවෙන් මා දුටු ඉහලම පද රචනාව...ඔබ මිනිස් කමට ඉහලම වටිනාකමක් දුන් සුරංගනාවියක් "අභී"....♥️♥️♥️

  • @tharindusampath1371
    @tharindusampath1371 Жыл бұрын

    "මිනිස්සුන්ගේ ප්‍රේමය රහස් ගුහාවක් , එහි ගැඹුර දැනගන්න මනුස්සයෙක් වෙන්න වෙනවා" හිතට තදින්ම වැදුන වචනය ❤

  • @amanthadissanayaka8825

    @amanthadissanayaka8825

    Жыл бұрын

    අනිවා

  • @roshanpradeep5437

    @roshanpradeep5437

    Жыл бұрын

    තවමත් ඒ වචන ටික කල්පනා කරන මම. 🥺

  • @dewmiprarthana2664

    @dewmiprarthana2664

    Жыл бұрын

    💯❤️

  • @sheharamaduwanthi2434

    @sheharamaduwanthi2434

    Жыл бұрын

    ඔව්ව්🥺

  • @jayaminilaknima5943

    @jayaminilaknima5943

    Жыл бұрын

    🥺😔😘

  • @sugandhifernando8659
    @sugandhifernando8659 Жыл бұрын

    එකම ඉරක් යට....එකම හදක් යට.....නහර ඇතුලෙ එකම ලේ ගලනකොට......එකම රිද්මෙකට හදවතේ ගැස්ම ඇතිවෙනකොට...ආදරේට විතරක් සම්මත අසම්මත හැගීම් හොයන්න තරම්....හිත් කැළබිලා.......... නුඹ එක්ක ගෙවුනු හැම මොහොතක්ම මතක කරලා ...අතාරින්න තරම්....මගෙ පපුව නැවතිලා නැහැ ..... ඔව් ..මං දන්නවා..... ඒ ආදරේ දරන්න තරම් නුඹට බැරි වෙන්න ඇති.. මේ ඇස් දිහා බලන් එදා වගේ හිනාවෙන්න තරම් නුඹේ හිත හයිය නැතුව ඇති........ ආදරේ පපුවෙ තියාගනත්... ...ඒක පෙන්නන්න තරම් හයියක් නුඹට හැමදාමත් නැතිවෙන්න ඇති..... ඒත් දන්නවද? මිනිස්සු ආදරේ කරන්නෙ එකපාරක්ලු..... ඒක ඇත්ත.......උඹට තරම් මං ආදරේ නැතිව ඇති කාටවත්ම..... ඒත් ඔය හිතේ....එකම ආදරේ වෙන්න තරම් පිං නැතිවෙන්නත් ඇති මට.... අභීගේ හැම පද පේළියකම නුඹ හැමදාමත් ජීවත් වේවී....💔 හදවතේ ගැඹුරුම තැන...❤

  • @nalanirajapaksha806

    @nalanirajapaksha806

    Жыл бұрын

    Oyage hadawathe lassana wachana walata peralila harima appuurui.garu karami hadawathinma.🙏🙏🙏🙏

  • @sugandhifernando8659

    @sugandhifernando8659

    Жыл бұрын

    @@nalanirajapaksha806 ගොඩක් ස්තූතියි .....❤

  • @pavansakvithi7004

    @pavansakvithi7004

    7 ай бұрын

    Good job Abi

  • @ravindudinuka4315
    @ravindudinuka43155 ай бұрын

    " මිනිස්සුන්ගෙ ප්‍රේමය රහස් ගුහාවක්.., ඒ ගැබුර දැනගන්න මනුස්සයෙක් වෙන්න වෙනව " මොන හේතුවක් නිසාද දන්නෑ අන්තිමට ඒ ටික කියන්න හිතුනෙ ඒත්ට පුළුවං කෙනෙක්ගෙ ජීවිතයක් ඒනස් කරන්ඩ .......,🙂🖤

  • @tharindusampath1371
    @tharindusampath1371 Жыл бұрын

    භූමියට තවම පණ තියෙනවා " ආදරේ හිතෙනවද අහනවා ඔව් මටත් ආදරේ හිතෙනවා හාදු මට දැනෙනවද අහනවා ඔව් මමත් උණුහුමක් හොයනවා කිරි වරම් නෑ නේද අහනවා කිරි නැතත් පපුවෙ ඉඩකඩ තියෙනවා මුගුරක් අරන් ඇනපන් තදින් භූමියට තවම පණ තියෙනවා හත් මාල නලල් පට නෑ සුදු නෙලුම් රෝස පෙති නෑ නෙත් අදුන් යටින් උනනා කදුළැල් ඔබ දුටුවේ නම් නෑ මුගුරක් අරන් ඇනපන් තදින් භූමියට තවම පණ තියෙනවා ගිනි කදුළෙන් දෙමට මලෙන් නයි කදුළෙන් නුග කොළයෙන් ඉපදුන සත්පත්තිනි බල මහිමෙන් දිරිය අරන් පිපියන් මුගුරක් අරන් ඇනපන් තදින් භූමියට තවම පණ තියෙනවා " පිරිමියෙක් විදිහට ඉපදිලා පස්සෙ ගැහැනු කෙනෙක් වෙනවා කියන්නෙම මේ සමාජය තුළ පිළිකුලක්මයි. එහෙව් මිනිසුන් දැක්ක සැනින් හොයන්නෙත් කකුල් දෙක මැද්දෙ තියෙන්නෙ මොකක්ද කියලා විතරමයි. තව අතකින් ඇදක් උඩ කරන දෙයක්මයි. මෙහෙම සමාජෙක Transgender කෙනෙක් මුහුණ දෙන්න පුළුවන් ගැටලු පෙන්නලා දෙන්න සහ Transgender කියන මැජික් එක අර කිව්ව සමාජෙ අතිශය සාමාන්‍යකරණය කරපු අනර්ඝ නිර්මාණයක් විදියට තමයි අභී ගෙ අලුත්ම ගීතය දකින්නෙ. හැම මනුස්සයෙක්ම ආදරයට කැමතියි.ආදරේ විදින්න කැමතියි.පපුවක උණුහුම විදින්න කැමතියි. ගැහැනියක වූ කල ලමයෙක් කුසෙන් හදන්නම වුවමනා නැත. කිරි වරම් තිබෙන්නටම වුවමනා නැත. අවශ්‍ය වන්නෙ ලැම හී සැගවුනු උණුවෙන ළයක් පමණි. "මුගුරක් අරන් ඇනපන් තදින් භූමියට තවම පණ තියෙනවා" සමාජ දෝෂාරෝපණ මැද්දේ වුවද ඇය දරාන ඉන්න හැටි විශිෂ්ඨ බවට අභී ගෙ ගීතයෙන් පැහැදිලිව පේනවා. ඇය ගේ කදුළු මනුස්සයෙකුට හැරෙන්න කාටවත් දැකගත නොහැකිය. සත් පත්තිනි මෑණියන් සේ ඇයටද පතිවත රැකිය හැකිය. ඒ හා සමානය දරාගත හැකිය. අවශ්‍ය වනුයේ උණුසුම් හදවතක ඉඩක් පමණී. "මිනිස්සු ආදරේ කරන බව පෙන්නනවා. එත් මුලු ජීවිත කාලෙම ප්‍රේම කරන්නෙ එකම එක වතාවක් විතරයි. මිනිස්සුන්ගේ ප්‍රේමය රහස් ගුහාවක් එ ගැඹුර දැන ගන්න මනුස්සයෙක් වෙන්න වෙනවා" ඇත්තටම මිනිස්සුන්ගේ ප්‍රේමය රහස් ගුහාවක්.ඒකෙ ගැඹුර මනුස්සයෙකුට හැර වෙන කෙනෙකුට දකින්නත් බෑ විදින්නත් බෑ. ඒ ගැඹුර දකින්න ඕනි නම් මනුස්සයෙක් වෙන්නම වෙනවා. ඉඩ දෙන්න ! පිළිගන්න ! ගෞරව කරන්න ! මනුස්සයෙක් වෙන්න !

  • @praveenpiyumantha4827

    @praveenpiyumantha4827

    Жыл бұрын

    😍❤️🌍🫂🤗

  • @binaliwanniarachchi5361
    @binaliwanniarachchi5361 Жыл бұрын

    මිනිස්සු කියන්නේ හැම මනුසතාටම මනුස්සකමින් සළකන පිරිසට. ගැහැනිය, පිරිමියා හෝ ඕනෑම හුස්ම ගන්න මනුෂ්‍ය ජීවිතයකට ආදරය, සෙනෙහස වපුරන්න පුලුවන්නම් ඔයත් මනුස්සයෙක්. ගීතයේ අවසාන වචන පෙළින් මම ආරම්භය ගන්නවා. "මිනිසුන්ගේ ප්‍රේමය රහස් ගුහාවක්. ඒ ගැඹුර දැන ගන්න මනුස්සයෙක් වෙන්න වෙනවා" මේ පද පේළිය සහ ගීතය මෙතනින් ඉවරයි. අවසානයේ දී ඒ ගැන කතා කරමු.දැන් තමයි මනුස්සකම් දන්න මිනිසුන්ගේ මිනිස්කම් ඇහැරෙන වචන ගෙතිලා තියෙන්නේ.ඔයත් එහෙව් හදවත් ඇති මනුස්සයෙක් නම් මේ හැම වචනයක්ම ඔයාට දැනෙයි මේ ආදරයත්, මෙවැනි ආදර කතාත් ආදරයම පමණක් පිරුණු මිනිසුන්ගේම ආදර කතා බව. ආදරේ දිහා අපිට වෙනස් කෝණ ගොඩකින් බලන්න පුළුවන්.හැබැයි ඔයා හිතන්නෙ ආදරය කියන්නේ පිරිමියෙක් ගැහැණියකට ගැහැණියක් පිරිමියෙක්ට කරන ආදරය විතරක් ම නම් ඔයා හිතන විදිය ගැන ආයෙත් හිතන්න.මොකද ඒ සීමාවට විතරක් ආදරය කොටු කරන්න බැහැ.සමාජය විසින් නොපිළිගන්න හැබැයි පිළිගත යුතුම හරිආදරණීය කතාවක් මේ ගීතය පුරා කියවෙනවා. සංක්‍රාන්තික ලිංගිකත්වය ගැන කියවෙන හරි අපූරු සංකල්පනාවක්.ලංකාවේ නෙමෙයි ලෝකයේ වුණත් සංක්‍රාන්තික ලිංගිකයන් ගැන හිතන විදිය වෙනස්. ඒ වගේම ඔවුන්ව හඳුන්වන විදිය වෙනස්. "ආදරේ හිතෙනවද අහනවා" ප්‍රශ්නයක් පිළිතුර "ඔව් මටත් ආදරේ හිතෙනවා" "හාදු මට දැනෙනවද අහනවා "ප්‍රශ්නයක් පිළිතුර "ඔව් මමත් උණුහුමක් හොයනවා" "කිරි වරම් නෑ නේද අහනවා" ප්‍රශ්නයක් පිළිතුර "කිරි නැතත් පපුවේ ඉඩ කඩ තියෙනවා" ඇත්තෙන්ම මේ ඔවුන් මුහුණ දෙන ප්‍රශ්න.හැබැයි මනුස්සයෙක්වුන මනුස්සයෙක්ට මෙවැනි ප්‍රශ්න එවැනි මනුස්සයෙක්ගෙන් අහන්න බෑ.ඒකයි මම මුලින් කිව්වේ ගීතයේ කියවෙන පද පේළියක්.. "මිනිසුන්ගේ ප්‍රේමය රහස් ගුහාවක්. ඒ ගැඹුර දැන ගන්න මනුස්සයෙක් වෙන්න වෙනවා" මෙහෙම දේවල් වලට මුහුණ දෙන ඔවුන්ට මොන තරම් වේදනාවක් දැනෙනවා ඇතිද?පළමු පද පෙළින් ඒ වේදනාව රසවිදින අපිටත් දැනෙන්න සලස්වනවා. "මුගුරක් අරන් ඇනපන් තදින්.... භූමියට තවම පණ තියෙනවා.." පණ තියෙන මිනිසුන්මයි මේ වේදනාත්මක ප්‍රශ්න නගන්නේ.මුගුරකින් ඇණ බලන්න.නොහිතුවට මේ භූමියට පණ තියෙනවා.ඉතින් මේ වේදනා දරාගන්න අමාරුයි. සංක්‍රාන්තික ලිංගික කාන්තාවක් වුවද ඇය ගැන ගීතයේ මුලින් අපිට නොතේරුණත් රූපරචනයේ සමහර සංකේතවලින් මේ ආදර කතාව කුමන වර්ගයක යන පැහැදිලියි. "රූප රචනයේ එක කොටසක ඔවුන් අයිස් පලම් දෙකක් අතේ තියන් ඉන්නවා " ඔවුන් දෙදෙනාම එකම වර්ගයේ සරලව කිව්වොත් කොල්ලොම දෙන්නෙක්.සංකේතය පැහැදිලි. ඒ වගේ ම "හත් මාල නළල් පට නෑ...සුදුනෙළුම් රෝස පෙති නෑ.." රූප රචනයේ මේ වෙලාවේ පෙම්වතා පෙම්වතියට කරාබු දෙකක් තෑගි කරනවා.ඔහු ඇයට ඒක පලදන්නේ පහසුවෙන් නං නෙමෙයි. හරියට බලන්න ! ආයාසයෙන් කරාබුව දානවා.ඔහු ඇයව පිළි අරගෙන ඉවරයි.ගැහැනියකගේ තියෙන බලාපොරොත්තුවන දේවල් ඇයට නෑ.හැබැයි අපිට නොපෙනෙන ගැහැණියකගේ තියන හැම ආදරණීය සෙනෙහසක්ම ඇයටද තියෙනවා. සියල්ල අවසානයේ දෙවියන් ගෙන් යදිනවා. "ඉපදුනු සත් පත්තිනි බල මහිමයෙන්................................. "දිරිය අරන් පිපියන්" සමාජයේ අපි නොදකින පිරිසකට කරපු ආදරණීය උපහාරයක් බව ගීතයේ අවසානයේ අපිට දැනෙන්නට හරිනවා. "වැරදිකරුවා ස්වාමීනි" ඒ භූමිගේ හඬ.... ඔබ ආරම්භයේ ඉඳන් ගීතයට සම වැදුණා නම් ඔබට මේ වචන පෙළ දරා ගන්නට පුළුවන් කමක් නෑ.ආදරය විදින්න ,ආදරය ලබන්න ලිංග භේදයක් නෑ.ඔයාට පුලුවන් ඕනි විදියට ආදරය කරන්න.හැබැයි ලැබෙන ආදරය පරිස්සම් කරගන්න.ආදරේ අවසානය නම් ලැබුනට පස්සේ පරිස්සම් කරන එක.ඔහුගේ අනාගතය වෙනුවෙන් ඇය වැරදිකාරිය වෙනවා. ගීතයක් නෙමෙයි චිත්‍රපටයක් වගේ .මනෝ ලෝකේ ඔයාටම චිත්‍රපටයක් දැක ගන්න පුළුවන් .ඇස් ඇරලා බැලුවොත් හිතාගන්න බැරි බර අවි වලින්ම ඔයාට මේ චිත්‍රපටය බලන්න පුළුවන්. මේ මට හිතුන විදිය.

  • @saumyaamarasiriwardane1335
    @saumyaamarasiriwardane1335 Жыл бұрын

    බලපු වාර ගණන මතක නෑ..ඒ තරම් බැලුවා..ඒත් හතරවෙනි වතාවේ තමයි සින්දුව ඇහුවේ..අශාන්, භූමි කියන්නේ රංගශාලා වගේ..පුදුමාකාර දක්ශතාවයක්..ඒකට අභීගේ හඩ එකතුවුනාම පුදුම ලස්සන combinarion එකක්...සංකල්පය, හඩ, සංගීතය, රංගනය..මේ හැම අතින්ම බැලුවම මෑත කාලයේ මා දැක්ක perfectම නිර්මාණය...අතිසාර්තක නිර්මාණයක්...අභී ගොඩක් ස්තූතියි මේ වගේ රසවින්දනයක් ලබාදෙන්න කල අදහසට, උතසහයට සහ කැපවීමට...මම ආයෙ ආයෙත් කියනවා අශාන් සහ භූමිගේ රංගනය next level

  • @dushan5871
    @dushan58716 ай бұрын

    යහපත් කල්ක්‍රියාව නිසා අවුරුදු 10කට පස්සේ නිදහස් වෙලා භූමි එලියට එනකොට, දරුමල්ලෝ එක්ක සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන අශාන් අහම්බෙන් හම්බුවෙලා වෙන සිද්ධියක් ගැන දෙවෙනිකොටසක් ඒවි කියලා හිතාගෙන හිටියට, ජීවිතේට ආයේ එහෙම වෙන්නෙ නෑ කියලා හිතනකොට දුකයි

  • @CRICKVIDU
    @CRICKVIDU Жыл бұрын

    අභී කියන්නෙ වෙනම බ්‍රූන්ඩ් එකක්! උසස් නිර්මාණ එක්ක කලාවේ උඩුගං බලා යන අභීට හදවතේ ගැඹුරුම තැනින් ගෞරවය!

  • @rukshanchathuranga9607
    @rukshanchathuranga9607 Жыл бұрын

    අභීගේ කටහඩ. භූමී සහා අශාන්ගේ රංගනය. ඇග හිරිවැටිලා යනවා. ඔබලා 3 දෙනාම සම්මානනීයයී ❤❤❤. භූම් වගේ තව කොච්චර අය් ඉන්නවද? මේ ලංකාව තුල ඒ අයට නිදහසේ සිටීමට කාලය උදා වේවා ♥️♥️♥️♥️

  • @dulanjaleechamini3509

    @dulanjaleechamini3509

    Жыл бұрын

    භූමි අක්කගේ කට හඩ 🥺🧡

  • @Saranga_bandara
    @Saranga_bandara6 ай бұрын

    මුගුරක් අරන් ඇනපන් තදින්... භූමියට තවම පණ තියෙනවා.... - i felt it - 💗🕊️

  • @saronifernando4673
    @saronifernando4673 Жыл бұрын

    කදුදු වැටෙන්න තරම් හිතපු නැති විදියට සංවේදී වූ ගීතයක්. God job Abhi! මං ගොඩක් ආදරය හා ගෞරව කරන චරිතයක් භූමි, ඇයට සුභ පතනවා♥️

  • @dineshkumara8189
    @dineshkumara8189 Жыл бұрын

    කඳුළු බේරිගෙන යන නිර්මාණයක්! ඒ අහිංසක ආත්මයන් වෙනුවෙන් කරපු මේ නිර්මාණට සෑම ගෞරවයක්ම හිමි වේවා! ❤

  • @Jagathkandy
    @Jagathkandy Жыл бұрын

    අභීගෙ හඬට නොදෙවෙනි රංගනයක්,අශාන්,භූමි,ධනූ එක්ක කරන රූප රචනාව සුපිරි👌👌👌👌

  • @dilaniwarnakulasuriya8819

    @dilaniwarnakulasuriya8819

    Жыл бұрын

    Yes.kiyannna wachana nehe super....ashan, dhanu,abhi,bhumi.....

  • @chameerajeewan7667

    @chameerajeewan7667

    Жыл бұрын

    ඔවු පුදුම විදියට දැනෙනවා.... 💖💖💖💖💖

  • @lifewithama

    @lifewithama

    Жыл бұрын

    Ow puduma lassanai

  • @saumyakuruppu5988

    @saumyakuruppu5988

    Жыл бұрын

    පුදුම ලස්සන සින්දුවක්..භාවනාවක් වගේ කටහඩ අභීගෙ..භුමිගෙයි අෂාන්ගෙයි රංගනය අති විශිෂ්ටයි❤️❤️❤️

  • @aravindaekanayake1759
    @aravindaekanayake1759 Жыл бұрын

    වීඩියෝ එක බලන්න පටන්ගත්ත පළවෙනි තත්පර කීපයේදී හිතට ආපු හැඟීමයි සහ විනාඩි 5 යි තත්පර 57 ක් අපිව වෙනම ලෝකෙකට අරගෙන ගිහිල්ලා අතෑරියට පස්සේ ඇතිවෙච්ච චිත්තවේගයයි.." Wow.." මාරයි.." Just brilliant.."👍

  • @kamilamedis
    @kamilamedis Жыл бұрын

    භූමියට තවමත් පණ තියනවා... මේක රූපරාමුවක් විතරක්ම නෙමෙයි...මේ ජීවිතයක්...මෙවන් ආදර කතා හිත් ඇතුළෙම මැරිලා යන ජීවිත කොච්චර තියනවද?ආදරය ඉදිරියේ ලෝකයක් එක්ක උනත් සටන් කරන්න තරම් හයියක්....ඒ පණට,ඒ රහස් ජීවිත වලට හිනා වෙලා ඔළුව උස්සලා ජීවත් වෙන්න ඇත්තටම මනුස්සයෙක් වෙලා පිහිට වෙන්න... භූමි, ඒ ඇස් වල දුක ජීවිතේ කටුකත්වය යටහත් පහත් බව සියුම් විදිහට ඉදිරිපත් කරලා තියනවා...අමුත්තක් නෑ කැමරාව ඉදිරියේ සමාජයක්ම උනත් ඉතාමත් සියුම් විදිහට එක චරිතයකින්...wow... ආශාන් අයියා, රංගනය ගැන නම් වචන නෑ.ඒ ඇස් වලින් ගලන ආදරය...අසරණකම, ජීවිතේ රහස් ආදරේ ලෝකය ඉස්සරහ තමන්ට ජීවිතේ දෙද්දී ඒ වේදනාව ඉවසීම ඇස් වලින් ගලාගෙන ආවා... Amazing අභී, ඒ රංගනයම ඇති ප්‍රවීණත්වයට,හැගීම ඇස් වලින් වගේම සමාජයකම හඩක් වෙලා මිනිස් ඇසට සංවේදී කදුළු උනන්න මේ නිර්මාණය හදවතට තට්ටු කරපු ගීතයක්... Fabulous Production Team, වචනයෙන් වචනයට පණ පොවපු, හිරිගඩු පිපෙන visual,වර්ණ, සංස්කරණය ඉතාමත් සියුම් වගේම ඉහළම මට්ටමක තියනවා... Marvelous කියන්න වචන නෑ හරිම අර්ථාන්විතයි. සමාජ පීඩනය යටතේ ජීවත් වන විලංගුවේ හිර වු මිනිස්සුන්ගේ ගීතයක් පමණක් නොවී...ජීවිතයට හිනාවක් ගේන්න ඉඩ දෙන්න....

  • @arunodaabeywardhana4077
    @arunodaabeywardhana4077 Жыл бұрын

    පරිණත පරම්පරාවක ආරම්භය මෙසේ ආරම්භ වන ලදී..🔥

  • @Dulzz242

    @Dulzz242

    Жыл бұрын

    💯💯💯

  • @mahakali2500

    @mahakali2500

    Жыл бұрын

  • @janakaabewardana4566
    @janakaabewardana4566 Жыл бұрын

    ආශාන් අයියා දෙන හැගීම පට්ට. මුලු සිංදුවම මාරයි 🖤🖤

  • @kasunathukorala4161
    @kasunathukorala4161 Жыл бұрын

    කොහේ සිටියත් කොහේ තිබුනත් මැරුණත් නොමැරුණත් ආදරය ආදරයමයි... අභිෂේකා විමලවීර ඔබ වැනි නිහතමානී කලාකාරිණියක් අතින් මෙවන් නිමවුමක් බිහිවීම ඉතා අගනේය..

  • @harryharsh
    @harryharsh Жыл бұрын

    මෙහෙම නිර්මානයක් ජීවිතේට ලංකාවෙන් බලාපොරොත්තු උනේ නෑ.... අවංකවම ලංකාව කලාවෙන් ලස්සන වේගෙන එන්නෙ. අභී අක්කේ පිං ❤️ . හැමදේකින්ම දායක උන හැමෝටම අවංකවම ස්තූතියි . ආදරේ කරන අපි හැමෝගෙම ගීතයක් මේක.🙏

  • @sujeewasiriwardana9365

    @sujeewasiriwardana9365

    Жыл бұрын

    Ai EASHAN

  • @sandyagunawardana7513

    @sandyagunawardana7513

    Жыл бұрын

    කියන්න වචන නෑ ....හරි ම ලස්සනයි ♥️😘

  • @hash_sh0128
    @hash_sh0128 Жыл бұрын

    මිනිස්සුන්ගේ ප්‍රේමය රහස් ගුහාවක්, ඒ ගැඹුර දැනගන්න මනුස්සයෙක් වෙන්න වෙනවා 🙂🥀❤️‍🩹

  • @koshilarasangika356
    @koshilarasangika356 Жыл бұрын

    "මිනිස්සුන්ගේ ප්‍රේමය රහස් ගුහාවක්" ඔව් ඒක ඇත්තක්..අමුතුම හැගීම් ගොඩක් දැනුනා මේ සින්දුව අහලා ඉවර වෙද්දි...ඒ වගේම රූප රචනය ඒකත් එක්ක අභී අක්කෙ ඔයාගෙ කටහඬ හරිම ලස්සනයි.❤️❤️

  • @NethmiNimansa-dp9tx
    @NethmiNimansa-dp9tx Жыл бұрын

    මුගුරක් අරන් ඇනපන් තදින්...භූමියට තවම පණ තියෙනවා .... I felt it ❤💫

  • @rukiii3707
    @rukiii3707 Жыл бұрын

    මේක ගීතයකට වඩා මන් දකින්නේ සමාජයේ යම් පිරිසක් වෙනුවෙන් කරපු ගෞරවනීය උපහාරයක් විදියට ♥️ good luck team u guys did it well

  • @darshiblog8528
    @darshiblog8528 Жыл бұрын

    "තවම පණ තියනවා" ගීත විචාරය. ආදරේ හිතෙනවද අහනවා ඔව් මටත් ආදරේ හිතෙනවා හාදු මට දැනෙනවද අහනවා ඔව් මමත් උණුහුමක් හොයනවා කිරි වරම් නෑ නේද අහනවා කිරි නැතත් පපුවේ ඉඩ කඩ තියනවා හත් මාල නළල් පට නෑ සුදු නෙලුම් රෝස පෙති නෑ නෙත් අඳුන් යටින් ගලනා කඳුළැල් ඔබ දුටුවේ නෑ මුගුරක් අරන් ඇනපන් තදින් භූමියට තවම පණ තියනවා ගිණි කඳුළෙන් දෙමට මලෙන් නයි කඳුළෙන් නුග කොළයෙන් ඉපදුණු සත් පත්තිණි බල මහිමෙන් දිරිය අරන් පිපියන් මුගුරක් අරන් ඇනපන් තදින් භූමියට තවම පණ තියනවා "අභිශේකා විමලවීර" ඇය ප්‍රේමය පිලිබඳව හෘර්දයාන්ගමව ගයන්නීය. ප්‍රේමයේ, විරහවේ සියුම් සිතැඟීන් අක්ෂර අතර සිත්තම් කරන්ණීය. "මතක" "නිස්සාර" ගීත වලින් අනතුරුව සමාජමය කතිකාවතට ලක්විය යුතු මාතෘකාවක් පිළිබඳව අති සංවේදීව හඬ හසුරුවන්නීය. "ආදරේ හිතෙනවද අහනවා ඔව් මටත් ආදරේ හිතෙනවා" අකුරු හතරකට කැටිඋණ ජීවිතේ අපූර්වතම හැඟුම් සමුදාය "ආදරයයි" සියලුම සත්වයින් අයැදින සහ හීලෑවන වදන එයයි. ඉතිං ආදරය නොදැනෙන්නේ කාටද? " ඔව් මටත් ආදරය දැනෙනවා" "හාදු මට දැනෙනවද අහනවා ඔව් මමත් උණුහුමක් හොයනවා" ස්තීන් ස්ත්‍රීත්වය තුල හිඳ සහ පුරුෂයින් පුරුෂත්වය තුල හිඳ ආදරයේ ප්‍රේමයේ වින්දනීයත්වය ලබනවා. එකී ප්‍රේමයේ නිම් වළලු සීමාවන් පුළුල් කර ඒ ආලයේ අනුරාගය සොයනවා, විඳිනවා. මියෙන තුරාවට ආදරය නුරාව කැටි කරගත් ජීවන අවශ්‍යතාවයන් ගෙන් පෙළෙනවා. නමුදු, ස්ත්‍රීයකට පුරුෂත්වයේ සිට හෝ පුරුෂයෙක්ට ස්ත්‍රීත්වයේ සිට ප්‍රේමය, නුරාව විඳිය හැකිද? ලිංගික සංක්‍රාන්තිකයින්ගේ ආදරයේ සහ ලිංගිකත්වයේ හැඟීම් සමුදාය පිළිබඳව අති සංවේදී සදාචාරාත්මක අයිතීන් වෙනුවෙන් ඇය හඬ නගන්ණීය. "කිරි වරම් නෑ නේද අහනවා කිරි නැතත් පපුවේ ඉඩ කඩ තියනවා" කිරි එරෙනා ස්ත්‍රී හදවත් තුලින් වියැකෙමින් කුණු කානු තුල ළඳු කැලෑ තුල සැඟව යන මාතෘත්වය, කිරි වරම් අහිමි සංක්‍රාන්තික ස්ත්‍රීයකගේ ලයේ තිබිය නොහැකිද? ඇයට ගතින් මවක් වන්නට වරම් නොලැබුනද, සිතේ මව් සෙනෙහස දෝරේ ගලනවා විය යුතුය. මහී කාන්තාව විශ්වයේ සියලු පීඩාවන් දරාගෙන හිඳින්නීය. පෙරලා විශ්වයට සුන්දරත්වයම යහපතම දායාද කරන්නීය. ඇයද සමාජයේ මිනිසුන්ගෙන් නැගෙන නින්දා සහගත පැනයන්ට මානුෂීයව පිලිතුරු සපයන්නීය. මහ පොළව සේ දරාහිඳින්නී. මිනිසුන් ගේ වදන් පිහි තුඩු හමුවේ නොමැරී ජීවත්වියයුතු නොවේද? "මුරුගක් අරන් ඇනපන් තදින් භූමියට තාම පණ තියනවා" පුරෂයෙක් තුල ජීව විද්‍යාත්මකව සිදුවන ශාරීරික වෙනස්වීම් මත හටගැනෙන ස්ත්‍රී මනෝභාවයන් ගේ ආශාවන් සංතර්පනය කර ගැනීමට සමාජමය අවකාෂය නොලැබීම සහ "විවාහය" යන නෛතිකමය ශාරීරික බන්ධනය තුල පවතින්නාවූ "හත් මාල" "නලල් පට" "සුදු නෙලුම්" "රෝස පෙති" යන අලංකාර සිව්මැලි වස්තූන්ගේ පහස අහිමිවීම තුල විඳවන්නා වූ ඛේදණීයත්වය පිලිබිඹු කරවයි. එහෙව් අහිමිවීම් තුල ජීවත් වීමට වෙර දරන සංක්‍රාන්තික ලිංගිකයන්ද මානුෂීය සිතුම් පැතුම් හැඟීම් දැනීම් සහිත පුද්ගලයින් නොවේද? මේ හෙයින්ම පත්තිනී පුරාවෘතය තුල නින්දාවන් තුලින් ඉවසීමෙන් අධිෂ්ඨාන බලයෙන් දේවත්වයට පැමිණි සත් පත්තිනි දිරිය ලැබ ඔවුන් ජීවත්විය යුතුය. කෙසේවෙතත්, මෙම ගීතයේ රූප රාමු පිලිබඳව අවධානය යොමු කිරීමේදී ලිංගික සංක්‍රාන්තික පුද්ගලයෙක් වන භූමි හරේන්ද්‍ර රංගනය සඳහා යොදා ගැනීම තුල ගීතයේ හැඟීම් හී ප්‍රබලත්වය රසික සන්‍තානයන් හී සාර්තකව චිත්‍රනය කිරීමට හැකිව තිබේ. සංක්‍රාන්තික ලිංගික පුද්ගලයන් මනුශ්‍යත්වය පිරි හදවත් තුලින් වැලඳ ගැනීම සහ සමාජය තුල ඔවුන් සඳහා සරල සාමාන්‍ය මානූෂීය අයිතීන්ගෙන් හෙබි වටපිටාවක් ගොඩනැගීම අභී ගේ ගීතයේ මුක්‍ය අරමුණ වී ඇත. ඉතිං, අවසන සංක්‍රාන්තික ලිංගික පුද්ගලයෝද මනුශ්‍යයෝ වන්නෝය. "මිනිස්සුන්ගේ ප්‍රේමය රහස් ගුහාවක් එහි ගැඹුර දැනගන්න මනුශ්‍යයෙක් වෙන්න වෙනවා. " -දර්ශි ගුණවර්ධන- (අභී මම කැමතී මගේ මේ ගීත විචාරයට ඔයාගේ අදහස් දැනගන්න)

  • @wenushihansi1779

    @wenushihansi1779

    Жыл бұрын

    Harima lassanay

  • @wenushihansi1779

    @wenushihansi1779

    Жыл бұрын

    Oba heenayak wage hadu wassak aran sinduwe wicharayat kiynnako ♥️♥️

  • @darshiblog8528

    @darshiblog8528

    Жыл бұрын

    @@wenushihansi1779 බොහෝම ස්තූතියි 🙏❤️

  • @chooty669

    @chooty669

    Жыл бұрын

    Aththatama niyamai

  • @darshiblog8528

    @darshiblog8528

    Жыл бұрын

    @@chooty669 බොහෝම ස්තූතියි ❤️

  • @nipunidhananjana
    @nipunidhananjana Жыл бұрын

    සමා⁣ජයෙ විවිධ මිනිස්සුන්ට විවිධ අඩුපාඩු තියෙනවා. කවුරුත් සර්ව සම්පූර්ණ නැහැ. ඒ වගේ අඩුපාඩු තියෙන මිනිස්සු සමාජයෙන් කොන් නොකර මේ වගේ සංවේදීව එයාලව තේරුම් ගන්න පුලුවන් විදිහට නිර්මාණය කරපු ලස්සන ගීතයක්. ආදරෙයි මේ වගේ හිතන හැමෝටම ❤️

  • @chamodiuthpala2001
    @chamodiuthpala2001 Жыл бұрын

    When Abhisheka Wimalaweera said ; "මිනිස්සුන්ගෙ ප්‍රේමය රහස් ගුහාවක්" I felt it 🥀❤️

  • @chamii766
    @chamii766 Жыл бұрын

    When abhi said, 'මිනිස්සුන්ගෙ ප්‍රේමය රහස් ගුහාවක්.. ඒ ගැඹුර දැනගන්න මනුස්සයෙක් වෙන්න වෙනවා' I felt it.

  • @mask3806
    @mask3806 Жыл бұрын

    ඒක පට්ට... මිනිස්සු හැමෝම ආදරයක් හිතේ හිරකරගෙන ජිවත් වෙන්නෙ..කව්රුත් පිලිගන්නේ නෑ ඒ ඇත්ත,,,ඒත් ජීවත් වෙනවා

  • @gayathrisandamali9920
    @gayathrisandamali9920 Жыл бұрын

    භූමි හරේන්ද්‍රන් මිස් ආදරණීයම චරිතයක්.❤️ ❤️ අග්‍රගන්‍ය නිර්මාණයක් අභිෂේකා අක්කේ..😘❤️

  • @nipunibaghaya2998
    @nipunibaghaya2998 Жыл бұрын

    අද Concert එකේදී live ම බලන්න හම්බුනා....මට නම් හොදටම ඇඩුනා. " ආදරයට පුලුවන් ඕනම පරිත්‍යාගයක් කරන්න, හැබැයි එහෙම කරන්න පුලුවන් වෙන්නේ ඇත්තටම ආදරේ කරපු කෙනෙක්ට විතරයි. " ආදරය කරන්න, විදින්න, වයස් භේදයක්, ලිංගභේදයක්, ආගමක්, ජාතියක් නෑ...ආදරේ කරන්න, ලැබෙන ආදරේ පරිස්සම් කර ගන්න.❤️🙏🥺

  • @lakshanidewmi3913
    @lakshanidewmi3913 Жыл бұрын

    ඔවුන්ට ඕනෙ අනුකම්පාවක්වත්, අමුතු ගෞරවයක්වත් නෙමෙයි.සමාජේ අනිත් මිනිස්සුන්ට තියෙන ඒ තැනමයි..... අන්න ඒ තත්වෙට අපේ මිනිස්සු හිතන්න පුරුදු වුන දවසට ඇත්තටම අපි හැමෝට ම ආදරයෙන් ජීවත් වෙන්න පුළුවන් වෙයි ❤️

  • @ishanmadushanka1937
    @ishanmadushanka1937 Жыл бұрын

    නොවහල් ව විවෘත ව ලෝකය දකින එක කොතරම් අගනේ ද.. නවමු තේමාවක් ,අගනා නිමැවුමක්..දායක වූ සැමට ම සුපැතුම්...!

  • @sandalidissanayake8757
    @sandalidissanayake8757 Жыл бұрын

    අශේන් , භූමි රංගනය අති විශිෂ්ටයි... ❤❤ අභී ගේ කටහඬ නම් තනිකරම භාවනාවක්. ❤

  • @inomiwathsala

    @inomiwathsala

    6 ай бұрын

    අශාන්

  • @hishanisaku1620
    @hishanisaku1620 Жыл бұрын

    භූමි....ඔයා මේ ලෝකේ ඔයාට ලස්සන තැනක් හදා ගෙන තියෙනවා....ඔයා නිසා අනිත් අයත් මේ ලෝකෙට බය නැතිව ලස්සනට මුහුන දේවි...ඔයාට මම හදවතින්ම සුබ පතන්වා...අභී අක්කේ ඔයාටත් අපි ආදරෙයි....

  • @thilininisansala7219
    @thilininisansala7219 Жыл бұрын

    සමාජයේ සෑම කෙනෙක්ටම සම ලෙස සැලකීම ප්‍රථමයෙන් ඉතා අගය කරන අතර,🙏 ඒ නිසාම මේ නිර්මාණයේ බර ගතිය ඉතාමත් හොදින් දැනෙන්නට එයද සාධකයක් වීම සැක නැත. කාලාව නිර්මාණයක් ලෙස වර්තමානයේ එළි දැක්වූ ඔබටත් එයට සහය වූ සැමටත් හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරනවා..👍❤️

  • @user-ym7io7ym8s
    @user-ym7io7ym8s6 ай бұрын

    භූමි වගේ කට්ටියට මේ රටේ තැනක් අනිවාර්යයෙන් ලැබෙන්න ඕනේ ඒ අයව සමජයෙන් කොන් කරන එක විහිළුවට ගන්න එක මේ රටේ මිනිස්සු දැන්වත් නවත්තන්න ඕනේ මොකද ඒ මිනිස්සුන්ටත් හැගීම් දැනීම් ආශාවන් තියෙනවා ඒ මිනිස්සුත් ආසයි මේ රටේ නිදහසේ ජීවත් වෙන්න.❤

  • @rathnaw4659
    @rathnaw4659 Жыл бұрын

    Europe countries වල වගේ අනිවාර්යයෙන් සමලිංගිකයන්ටත් මේ රටේ තැනක් දෙන්නම ඕන🙂. ඒදේ නීතිමය විදියට දුන්න දවසක ඒ අයත් එලි බැහැලා හුස්මක් අරන් ජීවත්වෙයි🥺❤️

  • @Aanyaperer

    @Aanyaperer

    Жыл бұрын

    භූමි සමලිංගික නෙවෙයි හැබැයි. She is a trans woman..

  • @dinusankalpani8536
    @dinusankalpani8536 Жыл бұрын

    අම්මා කෙනෙක් වගේ ආදරේ දෙන්න පුලුවන් කෙනෙක් වෙන්නත් එහෙම ආදරයක් ලබන්නත් පිනක් තියෙන්න ඕන. අවසානයේ ඉකි ගසා ඇඩෙන තරම් හිතට දැනුන සින්දුවක්. අශාන්,භූමි රංගනය ගීතය සැබෑවක් කලා.❤❤❤

  • @chatz108
    @chatz108 Жыл бұрын

    Feels like a movie ❤️ අභිගේ අනිත් සින්දු වගේම මේ සින්දුවත් හදවතටම දැනුනා. ඔයාගේ Soulful Voice එකයි, Calm Music එකයි, Ashan & Bhumi ගේ Deep Acting ටිකයි එකතු වෙලා මාර Feeling එකක් දෙනවා. ඔයාගේ හැම සින්දුවකම වචන, සංගීතය, රඟපාන අය, සින්දුවේ කතාව, පසුතල වගේම අනිත් හැම දේම එකිනෙකට වෙනස්. නියම Artist කෙනෙක් කියන්නේ හැමතිස්සෙම වෙනස් දෙයක් කරන්න Try කරන කෙනෙක්ට. ඔයත් ඒ වගේ.. Acting ගැනත් අනිවාර්යයෙන්ම කියන්න ඕනේ. කොහොමත් අභිගේ Songs වල Act කරන අයත් පට්ට. මේ Song එකෙත් එහෙම්මම තමයි. සින්දුවක් වුණත් Acting එක නම් Ashan & Bhumi සැරට දීලා තියෙනවා.. 💕💕 ප.ලි - ලංකාවේ අයට Lip Kiss, සමලිංගිකත්වය වගේ දේවල් Magic වගේ. මං නම් කියන්නේ වෙන රටවල් වල වගේ ඒ දේවල් මෙහෙත් Normal දේවල් වෙන්න ඕනේ කියලා. අපේ රටේ ළමයෙක්ට සාමාන්‍ය විදියට ඔය දේවල් දකින්න දෙන්නේ නැත්තේ වැඩිහිටියෝ. ඔය දේවල් TV එකක හරි පෙන්නන කොට ළමයිව හරි Channel එක හරි මාරැ කරනවා එයාලා. ඉතින් ළමයි හොරෙන් ඕවා බලන්න පටන් අරං සීමා ඉක්මවා යනවා. පිට රටවල් වල ළමයිට ඕවා මහා ලොකු දේවල් නෙවෙයි. අම්මලා තාත්තලා ළමයි ඉස්සරහා Kiss කරනකොට ඒ ළමයි ආදරෙන් බලන් ඉන්නේ. Bhumi ලා වගේ අයටත් විශේෂයක් කරන්නේ නැතිව ඉන්න ඕනේ. ඒ වගේ අය ලැජ්ජාව දරා ගන්න බැරුව හරියට Suicide කරගන්නවා. කතාවක් තියෙනවා මේ රටේ ප්‍රසිද්ධියේ Kiss කරන්න බැරි වුණාට මුත්‍රා කරන්න පුළුවන් කියලා.. මේ වගේ නිර්මාණ වලින් වත් මිනිස්සු ඕවා දිහා Normal විදියට බලලා ඉන්නවානම් හොඳයි අභිට බනින්නේ නැතුව..💕

  • @minoshianodyaperera5331

    @minoshianodyaperera5331

    Жыл бұрын

    හිතට දැනෙන කමෙන්ට් එකක් ... ඒ වගේම 100%ක් ම ඇත්තක්

  • @fai3379

    @fai3379

    Жыл бұрын

    අන්න හරි අපෙ රටෙ kiss එක යැව්වට ගහන මරන ඒවානෙ අවුරුදු 2 එකා එක්කත් බලාව්,ඒ වගෙම kiss nodakka daruwa Vena ewa internet ,eke balanne ,kanagatima de ewa,athahada balanav ek Har danunmakuth na,antime amarue watenanawa

  • @kdroxx5001

    @kdroxx5001

    Жыл бұрын

    මේකනම් ඇත්ත ❤️👑

  • @SadevAbhiman-vm4db
    @SadevAbhiman-vm4db Жыл бұрын

    මේ මාතෘකාව අභිශේකා නියම තැනින් අල්ලගෙන තියෙන වා.අන්න එතනින් පුළුවන් මිනිස්සු න්ගේ වැරදි වැටහීම නැති කරන්න.ඒ අතින් බලද්දි අභී තමයි හොදට ම කලේ...මොකද භූමි වගේ අයව ඉන්ටවිව් කර කර මැජික් එකක් වගේ එයාල ගැන විස්තර අහනවට වඩා ප්‍රභල විදියට ඒ ආදරය ගැන මේ වගේ නිර්මාණයකින් දනවන්න පුළුවන් .අතිවිශිෂ්ඨ පද රචනයක්,ගායනයක් සහ සංගීත යක්.මේ රූගත කිරීම් ස හ රංගන යන් ගැන කියන්න වචන නෑ ඇත්තටම ...🥺❤

  • @QW4HDANJU
    @QW4HDANJU Жыл бұрын

    ප්‍රේමය ගැබුරින්ම දකින්න ලියන්න ගයන්න හැකි එකම ගැහැණිය අභී ජීවිතය දරන්න අභියෝග හමුවේ නොසැලී පෙරට යන්න භූමි හැඟීම්බර ආදරය අශේන් ඔයාලා තුන්දෙනාගේ එකතුව .......................වචන නෑ..,.......... වර්තමානයේ මෙවන් ගීත තව තවත් බිහි කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා....

  • @C424c424
    @C424c424 Жыл бұрын

    සැමට නිසි තැන හිමිවිය යුතුයි මේ සමාජයේ...කව්රුත් කථාකරන්න අකමැති මාතෘකාවක් ගැන හරිම ලස්සනට ගීපදවලින් විග්‍රහ කරල තියෙනවා ..💓💓💓💓අහීගෙ හඩ ඊටත් වඩා ලස්සනයි

  • @kevinperera6333
    @kevinperera6333 Жыл бұрын

    ලංකාවේ කොච්චර creative ,සංවේදී හදවත් තියෙන මිනිස්සු ඉන්නවද? මං මෑත කාලයේ අහපු ලස්සනම සින්දු දෙක තමා මේකයි චරිතගේ Zd8 එකයි.මාර concept දෙකක්..මෙච්චර ලස්සන වැදගත් නිර්මාණ බිහිවෙද්දිත් අපේ මිනිස්සු රැල්ලට යන එක තමා දුක🥲❤️😌

  • @nadeeshathamali535
    @nadeeshathamali535 Жыл бұрын

    ජනප්‍රියත්වය බලාගෙන නිර්මාණ කරන කලාකරුවන් ඕන තරම් දැකල තියනව.මේ වගේ හදවතට දැනෙන නිර්මාණයක් කරල බැනුම් ඇහුවත් මොකද.හිතන්වත් බැරි සිතුවිල්ලකට කල නිර්මාණයක් .පුදුම සහගතයි.ගායිකාවක් වෙන්න ඕන කෙනෙක්ට පුලුවන්.නමුත් හදවතේ ගායිකාවක් වෙන්න අමාරුයි .ඒ අමාරු කාර්යය ඔබ කලා

  • @wasanthafernando3821
    @wasanthafernando3821 Жыл бұрын

    මේ ගීතය අහන,බලන හැම වැතාවක ඇස්වලට කදුලු එකතුවෙන හෙතුව මෙන්න මේක නිසයි කියලා තවම මට හිතාගන්න බැහැ . ඇත්තටම විශිෂ්ටයි අභී ඔබට ජය පතනව.💐❤❤❤

  • @umeshkrishanthan541
    @umeshkrishanthan541 Жыл бұрын

    ඒකනම් සැරයි 🥺❤️.. සිංදුව ඇහුවෙම නැති තරම් ඇස් දෙක ලොකු කරන් බලන් හිටියේ භූමියි අශානුයි ඇස් වලින් දීපු බර අවි දිහා.. ආයෙත් කියනව මේක මාරම සැරයි ❤️

  • @udanigunarathne6693

    @udanigunarathne6693

    Жыл бұрын

    👍same

  • @mrs.munasinghe5008

    @mrs.munasinghe5008

    Жыл бұрын

    👍

  • @IAMRandiSL

    @IAMRandiSL

    Жыл бұрын

  • @inushikaprabuddhini7483

    @inushikaprabuddhini7483

    Жыл бұрын

    ඇත්තම ඇත්ත ඒක නම්... මාත් බලන් හිටියේ ඒ දිහා...

  • @indikapradeep9031

    @indikapradeep9031

    Жыл бұрын

    මාත්🥺💛

  • @kalpanadewmini296
    @kalpanadewmini296 Жыл бұрын

    කෙනෙකුගෙ ඇස්වලට කිසිම හේතුවක් නැතුව කඳුලු පුරවන්න, රෝම කෙලින් වෙන තරමට හැඟීමක් දනවන්න පුලුවන් ගීතයක් කියන්නෙ ඒක තනිකරම භාවනාවක්. ❤

  • @nirudicrafts
    @nirudicrafts Жыл бұрын

    මම ආසයි අභීගේ සින්දු අහන්න. අහලා හිත කොනිත්ත ගන්න. හිත රිද්දගන්න. ආයේම සතුටු වෙන්න. අහීගේ හැම සින්දුවක් ඇතුලේම හිතට කාවදින වචනයක් තියෙනවා . "මිනිස්සූ ආදරය කරන බව පෙන්වනනවා හැබැයි ප්‍රෙම කරන්නේ එක වතාවයි. ඒ ගැබුර දැන ගන්න මනුස්සයෙක් වෙන්න වෙනවා"

  • @SGMTunes
    @SGMTunes Жыл бұрын

    අතිවිශිෂ්ඨයි 👌

  • @paramiprabo
    @paramiprabo Жыл бұрын

    අශාන් ඩයස්, භූමි හරේන්ද්‍රන්, අභී මේ chemistry එක පිස්සුවක්. 🥺❤ මට කියන්න වචන නෑ මේක ගැන🔥❤

  • @samanthithennakoon4679
    @samanthithennakoon4679 Жыл бұрын

    මේ සිංදුව ලියල, ඒ පසුපෙළ රංගනය මනාවට හැඩ ගස්වලා මේ සමස්තයම වූ මුගුරෙන් ඇන බලා..ඒ භූමියට පමනක් නොව එවන් වූ ආදරයටත් " තවම පණ තියනවා" යැයි හඩගා කී ඔබට අනේක වාරයක් පින් සදාකල් පණ තියෙන ඒ ආදරේ නාමයෙන් ❤️‍🩹❤️‍🩹 මගේ ජීවිතේ අහල තියන ගීත අතුරින් වඩාත් කැමතිම ගීතය . තව තවත් මෙවැනි නිර්මාණ බිහි කිරීමට අවශ්‍ය ශක්තිය ඔබට ලැබේවා!

  • @ThusinduMusic
    @ThusinduMusic Жыл бұрын

    සින්දුවක් නෙවෙයි සමාජ පුරාවෘත්තයක්🥺♥️🔥 Respect මෙහි සියලු කලාශිල්පීන්ට...!!!!

  • @user-lj9vp5yw7d

    @user-lj9vp5yw7d

    Жыл бұрын

    Asata kadulak inu sawedhi dasun pelak samaga hadawathata danunu geeyak.abisheka, sodoru kalakariya athulu anek siyaluma kalakaruwanta sthuthi! samajaya thula atharaman uwanta niwaradi maga penwana thawath nirmana bihi kireemata shakthia dahirya labewa.budu saranai

  • @creation6001
    @creation6001 Жыл бұрын

    මිනිස්සු ආදරේ කරන බව පෙන්නනවා.ඒත් මුලු ජීවිත කාලෙම ප්‍රේම කරන්නේ එකම එක වතාවක් විතරයි. මිනිස්සුන්ගෙ ප්‍රේමය රහස් ගුහාවක්. ඒක දැනගන්නනම් මනුස්සයෙක් වෙන්නම වෙනවා 🍂🌼🖤 👌❤️

  • @sudathdesilva7224
    @sudathdesilva7224 Жыл бұрын

    මාරම මාර Song එකක්.. voice, melody, lyrics , visual , cast exellent . Ashan Dias ගෙ act එක මාර ම මාරයි .

  • @prabodhakadawathage3434
    @prabodhakadawathage3434 Жыл бұрын

    මේ ගීතය concert එකේ දි release වෙනවා සජීවීව දකින්න වාසනාව ලැබුනා වගේම මෙහි අයිතිකාරිය භූමිගේ වචන වලින් මෙහි සැබෑ අර්ථය දැනගන්නටත් වාසනාව ලැබුණා. භූමි හරි. අභී කියන්නේ විශ්වීය ගායිකාවක්. මේ තරම් හිතට ඔය ගීත දැනෙන්න මැජික් එක ඒක. ❤️

  • @akalankakawshalya7482
    @akalankakawshalya7482 Жыл бұрын

    වචන වලට හිත ගියෙ දෙවනිපාරට අහනකොට.. මුලින්ම දැනුනෙ ඒ රූපරචනාව.. ඇත්තෙන්ම කියනවනම් වර්තමානයේ තරුන පරම්පාවේ මන් දකින විශිෂ්ටතම නිර්මාන කාරිය අබිශේකා ඔබ.. ඔබේ දැනුම් මහා මෙරක් තරම්. උබේ හැගීම් , ඔබේ අදහස්, ඔබේ සිතුවිලි සියල්ල හුදු රසික ප්‍රේක්ශකයන්ගේයැයි සලකා මේ මුදාහරිනා සුවිශේෂී නිර්මාන සදා අමරනීයයි.. ඔබට ජය ❤️❤️

  • @dinuliyanagama-zs4cf
    @dinuliyanagama-zs4cf6 ай бұрын

    මේ සිංදුව අහපු වාර අනන්තයි.❤ කවදකහරි හමුවෙන්න බලාපොරොත්තුවක් තියෙනවා මේ අසහාය කට හඩේ හිමිකාරිනියන් අභී මිස් ඔබතුමියව❤❤

  • @Elza12345
    @Elza12345 Жыл бұрын

    සත්තකින්ම කාලෙකින් හිත සසල කරපු ඇස් වලට කඳුළු ගෙනාපු අති විශිෂ්ට නිර්මාණයක්. අභී ගේ හද සසල කරවන හඬට එක් වුන භූමි ගේ සහ අශාන් ගේ රංගනයන් මෙතෙක් මා රූප රචනයක දුටු සංවේදී ම මුහුවීම යි! This is going to be a turning point in our music industry! ❤️

  • @chamipriya6775
    @chamipriya6775 Жыл бұрын

    ...මගේ ඇස් දෙකට කදුලක් ආවා...හරිම අහිංසක සංවේදී ලස්සන නිර්මාණයක් ....ඔබ මෙන්ම මෙහි රංගනයෙන් දායක වුණු හැම කෙනෙක්ම විශිෂ්ට ලෙස උපරිම කුසලතා දක්වනවා..ඔබගේ මේ නිර්මාණය මේ තරම්ම හැම කෙනෙකුටම දැනෙන්නට එයත් එක් හේතුවක් වන්නට ඇති ...ඔබට සදා ජය පතමි...

  • @easycatch4980
    @easycatch4980 Жыл бұрын

    මේ නිර්මාණය කොහොම අගය කරන්නද දන්නේ නැහැ. මෙ මිනිත්තු කීපය හරි අපූරුවට අපිව ඇද බැද තියා ගන්නවා. සිනමා කෘතියක් බැළුවා වගෙ. තව තිබුන නම් කියලා හිතුනා. කාලෙකින් කියන්නත් බැහැ, මගෙ ජීවිතේ බලපු ලස්සනම නිර්මාණය. අශාන් ඩයස් කියන්නේ වෙනමම එකක්නෙ, පොඩි ඉරිසියාවකුත් ඇති වුණා. භූමි කියන්නේ නියම කෙල්ලෙක්. ඒ පෞර්ෂත්වය 👌👌 මෙම සුසංයෝගය අපූරුයි.

  • @chandimalnalin7164
    @chandimalnalin71647 ай бұрын

    අභිශේකා විමලවීර ශ්‍රේෂ්ඨ සංගීතවේදිනියනි ඔබ විශිෂ්ඨයි ඔබේ නිර්මාණ අන්තර්ගතය, එයින් සමාජගත කරන පණිවිඩය, ඔබේ ආමන්ත්‍රණය අති විශිෂ්ඨයි. මතු මත්තෙත් මෙවන් නිර්මාණයන් තුළින් සහෘද හදවත් රසගන්වන්නට ඔබට හැකියාව ලැබේවා. ස්තූතියි

  • @deshanisavindya8304
    @deshanisavindya8304 Жыл бұрын

    "මිනිස්සු ආදරේ කරන බව පෙන්නනවා ඒත් මුළු ජීවිත කාලෙම ප්‍රේම කරන්නෙ එකම එක වතාවක් විතරයි මිනිස්සුන්ගෙ ආදරය රහස් ගුහාවක්.. ඒ ගැඹුර දැනගන්න මනුස්සයෙක් වෙන්න වෙනවා.." අභීගේ සිංදුවක් කියන්නෙම වචනෙකින් නිම කරන්න බැරි හැඟීමක්..♥️🥺මං ආසම ඔයා ආදරේ දිහා හරි ලස්සනට බලන විදියට..ඒ ආදර කතාව කොහොම උනත් ආදරේ, ආදරේ විදියට දකින එකට..♥️🥰 අභීගේ හැම සිංදුවටම පුළුවන් හිතේ පුංචි සීරීමක් එක්කම හරි ආදරෙන් හදවතට කතා කරන්න..❤️😍 ආදරෙයි අභී..❤️❤️❤️

  • @prathibhagamage3790
    @prathibhagamage3790 Жыл бұрын

    "මිනිස්සු ආදරේ කරන බව පෙන්නනවා ඒත් මුළු ජීවිත කාලේම ප්‍රේම කරන්නෙ, එකම එක වතාවක් විතරයි" ❤️ Masterpiece

  • @nalakasirimanna2279
    @nalakasirimanna2279 Жыл бұрын

    හැමදාම හැමෝම ආදරය ගැන කතා කරන්නේ ගැනියක් තුලින් පිරිමියෙක් තුලින් ..ඒත් සංක්‍රාන්තතික පුද්ගලයකුට ආදරේ කරන්න බැරිද..ඔවුන්ගේ හිත් තුල ආදරේ දලු ලන්නේ නැත්ද....ආදරය කියන හැගීම හැමෝටම දැනෙනෙවා..අභී ඔයාගේ කටහඩ භාවනාවක්...භූම් අශාන් ඩයස් (මන් ආසම චරිත) හිතට දැනෙන රූප රචනයක් සියලුම දේවල් එකතු වුන තැන සිය පාරක් අහන්න හිතෙන ගීතයක්...මන් ආසම ..භූමියට තවම පන තියනවා♥️♥️♥️

  • @amandaharshanijayasundara3775
    @amandaharshanijayasundara3775 Жыл бұрын

    සැබෑ ජීවිතයේ කිසිම කෙනෙකුට එහෙම වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා. අභී අක්කිගෙ හැම සින්දුවක්ම හදවතට තට්ටු කරනවා

  • @dulmi4697
    @dulmi4697 Жыл бұрын

    මගෙ දැක්මට අනුව මේ ලෝකෙ ඕනිම මනුස්සයෙක්ට ඕනිම මනුස්සයෙක් ගැන ප්‍රේම හිතක් පහළ වෙන්න පුලුවන් ❤️ භූමි අශාන්ගෙ දැනෙන රංගනයක් සුභ පැතුම් හැමෝටම 🌷

  • @chathR0205
    @chathR0205 Жыл бұрын

    අසම්මත ද සම්මත ද කියන දෙය සැබෑ ආදරයට නිකම්ම නිකන් වචන දෙකක් කියන එක මේ සිංදුව තරම් උපමා තවත් නැතුව ඇති.❤️අභීගේ ගීත තුල හැමදාම තියෙන්නේ ආදරයේ හා ජීවිතයේ ඇති සැබෑ අැතුලාන්තය යි...හැමදාම වගේ ඔයාගේ සිංදු වලට පුදුම ආදරෙයි...❤️❤️🌷🌷

  • @dishiservi6046
    @dishiservi60466 ай бұрын

    සම්මාන හුටපටේට පින්සිද්ද වෙන්න හොයාගෙන ඇවිත් බැලුවේ.. ලස්සන සින්දුවක්නේ.. මාධවිට සම්මානයක් දෙන්න ඕනේ ප්‍රචාරණ කටයුතු වලට lol

  • @choliyacjayaweera1673
    @choliyacjayaweera1673 Жыл бұрын

    අභී ඔයා භූමියට දීපු වටිනාකට ඇය ඔබට ගොඩාක් ස්තූති කරන්න ඇති කියලා මන් හිතනවා. ඔබ මේ රටේ පිනට පහල වුනු සම්පතක් එදා නුවරදී ඔයාගෙන් සජීවීව මේ සින්දුව අහනකොට ඔයා දිහාම ඇතින් ඉදන් බලන් හිටියා අපි...... සින්දු කියලා මදක් අසනීමෙන් හිටියත් ඔයා මේ ජවයෙන්ම මේ ගීතයට දීපු ලස්සන මාරයි..... එකම එක ඉල්ලීමක් තියෙනවා අයෙත් අභී තියන තැනක මේ සින්දුව කියනකොට පුලුවන්නම් එෂාන් ඩයසුයි භූමීවයි වේදීකාවට ගේන්න ඒ අත්දෑකීම අපිටත් ඔයාටත් ලස්සන වේවී🙏😍😍 ඊලග පාර අපි ගාල්ලෙදී හම්බෙමුද අභී.... කොළබ ඉදලා නුවර ගියා වගේ අපි ගාල්ලටත් එන්නම් ඔයා එක්ක ජීවිතේ සංගීතයෙන් විදින්න..... ඔයා හඩ භාවනාවක්‌මයි😍😍😍

  • @sooa5866
    @sooa5866 Жыл бұрын

    When Abhisheka Said, "ආදරේ හිතෙනවද අහනවා... ඔව් මටත් ආදරේ දැනෙනවා..." I really felt it ......😭♥️

  • @hemanthikumariamarage4849
    @hemanthikumariamarage4849 Жыл бұрын

    ලෝකෙ පෙරලන තීරණ ගන්න අපේ මිනිස්සුන්ට "තාම පන තියනවා"...☝🔥 ආදරෙයි අභී❤

  • @damithajayasundara5810
    @damithajayasundara5810 Жыл бұрын

    ඇස් පියාගෙන අහන්න පුලුවන් , ඒ වගේම ඇස් පියගතාමත් බලන්න පුලුවන් ගීතයක්, ආසම නිර්බයම චරිත කීපයක එකතුවක්, සුබපැතුම් හැමෝටම

  • @user-vo8ko6mm1t
    @user-vo8ko6mm1t Жыл бұрын

    විශිෂ්ඨ නිර්මාණයක්! ලොව අර්ථ ගැන්විය නොහැකි එකම මාතෘකාව ආදරය පමණි. එහි ගැබ් ගත් හැඟීම මත ලැගුම් ගත් පහස නුඹටම පමණි!💛

  • @chamarinilushikadezoysa6511

    @chamarinilushikadezoysa6511

    7 ай бұрын

    ආදරණීය ath පොත් තියන්නේ අම්මා❤ gen පස්සේ තමයි❤ තාත්තා ආච්චි❤ සීයා ❤aiya❤ අක්කා ❤ නංගී ❤ මල්ලී ❤ saha නෑදෑයෝ❤ yaluwo❤ dakawa loku wapasariyakat අපි nirawaranaya වෙනවා ❤❤❤❤😮😮ithin apitz ලැබෙන මුල් awashya godak වැදගත් ❤ලසිත් hoda ආදරණීය දෙමව්පියන් ❤ ගුරුවරුන් ❤ සහෝදර yan, නෑදෑයෝ innawanm අපි samajayen යාළුවෝ soya ganithdi apita ඉක්මනින් watahenawa eyala අපි sasadanawa ape adaraniyan kochchara apita ආදරෙයි ද 😮❤❤❤❤❤ meyala sapedi වගේම දුකේදී ඉන්නවා නම් eyala හොඳයි sapedi awith dukedi dala yanawa nm eyala atharinna දෙපාරක් hithanna epa🙏🏾🙏🏾🙏🏾mata හොඳම පවුල ලැබුණා නෑදෑයෝ labuna❤🙏🏾💖💖💖💖💖 සුළු කොටසක් හැර mage නෑදෑයෝ mata adare kare අම්මා තාත්තා aiya නිසා mn පොඩි දැන් wage නෙවෙයි කිසිම දෙයක් තේරෙන්නේ na adanawa thara වෙනවා gahanawa hapanawa baninawa විතරයි eyal ආදරෙයි අම්මා තාත්තා aiya නිසා mawa parissamat බලා ගත්තා ලොකුවට thamai සමාජයට muna denakot තේරුනේ eyala kochchara ආදරේ කරලද kiyala mata mawa parissam une e යොදා sewanali නිසා aiyaaaa නිසා wataporakarayak baduna kisima කොල්ලෙක් yakuwenna අහන්නawa hira karala na mn එළියේ අල්ලන්න තහනම කොල්ලො nta දන්නේ දැන් wage thama mn නිදාගෙන scord eka kane aiyage❤❤❤❤❤🙏🏾🙏🏾🙏🏾💯💪🦵🧠🫀💥💫💫💫💖💖💖💖💖

  • @geethikadissanayaka7273
    @geethikadissanayaka7273 Жыл бұрын

    බලල අඩපු නැති කෙනෙක් නම් ඉන්න නැතුව ඇති. ඒ කටහඬ, රෑප රචණය හැමදේම ලස්සනයි ❤️ අභි , භුමි ආසම චරිත දෙකක් ❤️

  • @tharakasumathipala4808
    @tharakasumathipala4808 Жыл бұрын

    මේ වගේ තේමාවක් (LGBTQ+ equality) මෙච්චර ලස්සනට හදවතට දැනෙන්න කරන්න පුළුවන් අභීටම තමයි ❤️❤️