Adare | ආදරේ - Thisara Weerasinghe ( Official Music Video )

Ойын-сауық

Adare | ආදරේ ( Official Music Video )
Soptify spoti.fi/47bmEvM
Apple Music apple.co/3MI9M83
Download vyd.co/ThisaraWeerasingheAdare
Artiste - @ThisaraWeerasinghe
Lyrics - Rushan Nishantha Silva @Rushan Silva
Melody - Thisara Weerasinghe
Music Produced - Lahiru De Costa @lahirudecosta5433
Guitar - Buddhika Perera
Recorders - Sarada Chulasinghe @saradachulasinghe7325
Mixed & Mastered - Lahiru De Costa @ LAV Studios
Director - Sajith Akmeemana @papatv2639
DOP - Chathur KamSha Deshapriya
Art Director - Sadun Madurapperuma
Assistant Art Director - Nadeeka Hewakandambi
MAU - Akitha L
Editor - Nishan B
Colourist - Yashoda Dhanupana
Production Manager - Sadun Madurapperuma
Production Assistant - Priyantha Perera
Key Grip - Maduranga Bandara
Gaffer - Danushka Bandara
Lighting Assistant - Amila Wijesinghe / Gamini Bandara / Anushka Adikari
Focus Puller - Roshan Delgoda
Camera Assistant - Nevil Nishantha
Still Photographer - Ruwan Jayasinghe
Location - Ganelandha Ancient Buddhist Temple
Cast -
Senali Fonseka ‪@SenaliOnline‬
Thisara Weerasinghe
Dulanjali Sewwandi
Keymi Senalya Widanage
Hash Chinthaka
Lyrics
ඇසේ දැවටෙන සුළඟ ආයෙත්
වැළඳ ගන්නට හිතෙනවා
හිතේ තෙරපෙන දහක් සිතිවිලි
කියාලන්නට හිතෙනවාg
ඔහේ පාවුනු ජීවිතේ දැන්
මගේමයි මට හැඟෙනවා
ආදරේ ආදරේ
මගෙන් මං ගැන අහනවා
මගෙන් මං ගැන අහනවා
සුළං රැල්ලේ දැවටිලාවත්
ඇවිත් යන්නට හිතෙනවා
නළල් තලයට දෙතොල් ලංකර
හාදු දෙන්නට හිතෙනවා
පියානොපියෙන නෙතුපියන්යට
ඔබේ රූපය මැවෙනවා
ආදරේ ආදරේ
මගෙන් මං ගැන අහනවා
ආදරේ ආදරේ
මගෙන් මං ගැන අහනවා
සුසුම් අතරේ නිදන්ගතපෙම
හිතේ පත්ලට දැනෙනවා
ඔබෙන් දුර හිඳ ගෙවෙන මොහොතක්
කල්පයක් සේ හැඟෙනවා
කියා නොකියූ පෙම්හැඟුම්රස
හදේ උතුරා ගලනවා
ආදරේ ආදරේ
මගෙන් මං ගැන අහනවා
ආදරේ ආදරේ
මගෙන් මං ගැන අහනවා
Special thanks !
Dedicated to all loving parents and well wishes.
Samith Somarathne
Yasas Madagedara
#thisaraweerasinghe #Adare #music #sinhalasongs

Пікірлер: 1 400

  • @ThisaraWeerasinghe
    @ThisaraWeerasinghe Жыл бұрын

    බොහොම ස්තූතී ආදරණීය ප්‍රතිචාරයන්ට.. එක Subscribe කරන්න, ඉදිරි නිර්මාණ රසවිඳින්න.. www.youtube.com/@ThisaraWeerasinghe

  • @sandamaliwikcramasinghe1312

    @sandamaliwikcramasinghe1312

    Жыл бұрын

    🥰🥰🥰

  • @sewmiaveesha2319

    @sewmiaveesha2319

    Жыл бұрын

    මේ ගීතයේම අනිත් පැත්ත මගේ සහෝදරයට වෙලා තියනවා. සල්ලි නිසා ලංවෙලා. කාලයත් එක්ක එපා වෙලා එයාලගෙ අම්මලා කියන දේවල් නිසා පවුල දාල යන්න ගියා මගෙ සහෝදරයා අදටත් කිසිම වරදක් නැතිව තවමත් බලන් ඉන්නව දරුවා බිරිද එයා ලගට එනකන් ඒත් ආවෙ නෑ තවටත්. කොටිම්ම ලමයව භාරගත්තට දරුවගෙ උප්පැන්නෙවත් අම්ම හදලා නෑ. අයියට මේව දරාගන්න බැරි තැන දරුවා බලන්න දෙන්න කියල පොලිසියෙන් කිව්ව්වත් අක්ක බලන්න නොදෙන දුකට අයිය බෙහෙත් බිව්ව අදටත් දරුව නොදැක ඉන්න බැරි නිසා එයා ඒ දුකින් විදවනවා 😔😔කොටින්ම ක්‍රිස්තියානිය පවා දරුවගේ තාත්තට නොකියා දරුවාට තාත්තෙක් නැති ගානට,උප්පැන්නෙවත් නැතිව කරල තියෙන්නෙ. 😭කිසිම තාත්තෙක්ට එහෙම දුකක් නොදැනේවා දෙමව්පියො දෙන්නට මොන ප්‍රශ්නයක් තිබුනත් දරුවට ඒ දෙන්නගෙම ආදරේ ලැබෙන්න සලස්වන්න වග බලාගන්න. නැත්නම් දරුවාට එක් දෙමව්පියෙක් වගේම දෙමව්පියෝන්ට දරුවෙක් සදහටම නැතිවේවි දුක දරාගන්න බැරිව...😔

  • @allinone7483

    @allinone7483

    Жыл бұрын

    @@sewmiaveesha2319 හ්ම්ම් ජීවිතේ අපි හිතන දේ උනේම අනිත් පැත්ත. හැබැයි හැමදේම ඇතුලෙ තිබ්බෙ ලොකු පාඩමක්

  • @sitharakawindi1968
    @sitharakawindi1968 Жыл бұрын

    දික්කසාදෙට පසුත් මම මග බලනවා ජීවිතේ හරි පුදුමයකි යැයි කියලා නිතරම හිතෙනවා මාව ඕනෑ කියා ආ නුබ දැන් එපා යැයි කියනවා හැන්දෑ වෙද්දි පැටව් දෙන්නා තාත්තා කෝ අහනවා පුංචි හිත් දෙක රිදවගෙන උන් මග බලාගෙන ඉන්නවා වැරදිලාවත් ඒවි දෝ නුබ මගෙ හිතත් මග බලනවා නමුත් නුබ ඇති ඇගේ තුරුලේ මතක් වී මට ඇඩෙනවා රාත්‍රිය දැන් දිගු වෙලා මට නේන නුබ ගැන හිතෙනවා නුබගේ තුරුලේ ගෙවපු හැම රෑ මතක් වී ගත දැවෙනවා ඇගේ තුරුලේ නුබ ඇතිය දැන් සුවෙන් නින්දක සැතපිලා පැටව් දෙන්නා තුරුල් කරගෙන මම නොනින්දේ හඩනවා ඇයව ඕනෑ කියූ නුබ මට වන්දි දෙන්නම් පැවසුවා එයට හැකිදැයි ගෙනත් දෙන්නට පියෙක් සැමියෙක් විමසුවා ගෙදර දොරෙ හා දරුවන්ගේ වැඩ තිබුණ මුත් මට වැඩි වෙලා කිසි දිනක නෑ පිටුපාලා මම නුබේ ආසා ඉටුකලා නුබෙ පළමු පෙම නැවත ඇවිදින් ඇගේ සැමියා නැතිවෙලා මුලින් කම්පා වෙලා ඈ ගැන පසුව ඇය ළග නැවතුනා එන්ට පෙර ඇය නුබෙ හිතේ මට පිරිලා ආදරේ ඉතිරුණා දික්කසාදය අවැසි බව නුබ කිව්වෙලේ හද පිච්චුනා නුබ ගියත් ඇගේ පෙම පතා යළි ඒවිදෝ මට හිතෙනවා ඒ නිසා මම දික්කසාදෙට පසුත් තව මග බලනවා.... ✍️ අසලියා කරුණාරත්න

  • @gimhanisankalpana4612

    @gimhanisankalpana4612

    Жыл бұрын

    හවතේ දැවෙන ඒ ගින්දර ලස්සන පද පෙලක් කරලා❤️

  • @chamathkanethumini

    @chamathkanethumini

    Жыл бұрын

    😢😢

  • @danushkarangana8284

    @danushkarangana8284

    Жыл бұрын

    Hitha haiya karagena jeewath wenna..

  • @harshamaduwantha1893

    @harshamaduwantha1893

    Жыл бұрын

    Mrama ryply ekak ekth

  • @chandaniherath308

    @chandaniherath308

    Жыл бұрын

    මමත් ඔයා වගේ.

  • @Wa-yj6bb
    @Wa-yj6bb Жыл бұрын

    කිසිම පවුලකට තුන්වෙනියෙක් වෙලා යන්න එපා කෙල්ලනේ කොල්ලනේ එක මහා පවක් ❤

  • @sandasschool6678
    @sandasschool66787 ай бұрын

    මේ කතාවේ කියවෙන්නේ තමුන්ගෙ බිරිඳ, දරු දෙදෙනා අතහැර වෙනත් කාන්තාවක් සමඟ සිටින ස්වාමියෙක්ගේ සිතෙහි ඇතිවන හැඟුම් සමුදායක් ගැනයි... ඔහු ගත් තීරණය ගැන ඔහු පසුතැවෙන බව පේනවා. නමුත් ඔහුට යලි හැරෙන්නට නොහැකියි. ඔහු හොයන සතුට, සැනසීම තිබුණේ කලින් ඔහු ගතකල ජීවිතයේ බව ඔහුට වැටහෙන විට ඔහු පරක්කු වැඩියි. වීඩියෝවෙ මැද්දි ඔහුගේ දියණිය අතේ ඔහු ලියුම් කවරයක් තබනවා. හිතෙන අන්දමට ඔහු එහි ඔහුගේ හැඟුම් ගැන ඔහුගේ කලින් බිරිඳට එයින් පවසා ඇති සහ ඔහු දන්නවා ඇයට ඔහුව තේරුම් ගැනීමට හැකි බව.එසේම ඔහුට ඇය සමඟ කතාකිරීමට අවශ්‍ය උනත් එයට ඉඩක් නොලැබෙන්නේ ඔහු පැමිණෙන්නේ ඔහුගේ වර්තමාන බිරිඳ සමඟ වීම නිසා.කොටින්ම කිවහොත් ඔහුට දරුවන් සමඟ නිදහසේ කාලය ගතකිරීමටවත් නොහැකි වන සේ වර්තමාන බිරිඳ ඔහුට රැකවල් දා සිටිනවා. ඒ නිසයි ඇය ඔහුව ගෙදරටවත් නොයවා පන්සලට ගොස් දරුවන්ව පෙන්වන්නට යොදාගෙන තිබෙන්නේ. අවසානයේදී ඔහුට තම දරුවන් සමඟ තව කාලය ගත කිරීමට අවශ්‍ය උනත් ඔහුගේ වර්තමාන බිරිඳ එයට හරස් වී ඔහුව කැඳවනවා.ඔහු නැවත යන්නේ කැමැත්තකින් නොවේ. එ නිසයි ඔහු නැවත හැරී බලන්නේ.. කලින් බිරිඳ ගැන කිව්වොත් ඇය තාමත් ඔහුට ආදරෙයි, කැමතියි සහ තවමත් ඔහු කෙරේ ඇයට ඇත්තේ ලයාන්විත සෙනෙහෙවන්ත කමක්. ඒ බව ඔහු දකින විටම ඇයගේ මුහුණෙහි ඇතිවන ඉරියව්වෙන් පෙනෙනවා. ඇය තවමත් ඔහු සමඟ ගතකල පෙර මතකයන් වල ජීවත් වෙනවා. එයයි ඇය ලබන සැනසීම. ඇය දරුවන්ට හොඳ මවක්.. සැමියාට හොඳ බිරිඳක්... නමුත් අවාසනාවකට එය ඔහුට තේරුම් ගියෙ පසුවයි... එතකොට මේකේ අනිත් පාර්ශවය තමයි ඔහුගේ වර්තමාන බිරිඳ.. ඇය ඔහුව ඔහුගේ දරුවන් බලන්න එක්කන් එනවා. ගැහැණු කොහොමත් අකමැතියි අයිතිය බෙදාගන්නට. ඇයට ඔහු කෙරේ ආදරයක් හා ඊර්ෂ්‍යාව ඇති. එම නිසයි ඇයත් ඔහු සමඟ ඔහු දරුවන් බැලීමට පැමිණෙන විට එන්නේ සහ ඔහුව නැවත ඉක්මනින්ම කැඳවන්නේ. මෙය සාධාරණීකරණය කරන්න බැහැ. නමුත් ඇයගේ පැත්තෙන් ඇය වැරදියි කියන්නත් බැහැ. මොකද ඔහු කලින් බිරිඳ අතහැරලා ආව කෙනෙක්. ඇයට බයක් ඇති නැවත ඔවුන් එකතු වේය කියා. කෙසේ උනත් මෙතන ලොකුම වරද පිරිමියාගෙ. ඔහු ගත් තීරණ නිසා අද තවත් ජීවිත ගණනාවක් විඳවනවා. දරුවන් තාත්තා නැතුව, පෙර බිරිඳ සැමියා නැතිව, වර්තමාන බිරිඳ තම සැමියා අහිමිවේයැයි බියෙන්.... ඒ වගේම ලොකුම වේදනාව ඔහුටයි. පසුතැවීමට වඩා දඬුවමක් තව තියෙනවද... අපො කොච්චර විචාර ලිව්වත් මිනිසුන්ට එවලෙට ඇතිවෙන හැඟීම් වෙනස් කරගන්න අමාරුයි. එහෙම හැඟීම් නිසා මොන වගේ තීරණ ගත්තත් අවසානයේ ඒ පිළිබඳව පසුතැවීම තමයි බොහෝ විට ඉතිරි වන්නේ. මේ වීඩියෝවේ ගොඩක්ම හිත රිදෙන කොටස උනේ ඔහු අවසානයේ නැවත යද්දි ඔහුගෙ පෙර බිරිඳ දරුවන්ව තුරුල් කරන් ඈත ඉඳන් ඔහු යන දිහා බලන් හිටිය එකට. හරියට බලුපැටව් දෙන්නෙක් තුරුල් කරන් ඉන්න අම්මෙක් වගේ. ඒ තනිවීම මොනතරම් අසරණ ඇතිද...අනේ යන්න එපා කියලා කියන්නද... ඉල්ලන්න තියෙන්නේ මෙච්චරයි. කවදාවත් මිනිස්සුන්ට තමන් ආසම කරන අයව නැතිවෙන්න හොඳ නැහැ ❤❤

  • @roshanmaduranga5831

    @roshanmaduranga5831

    2 ай бұрын

    ස්තුතියි ඒ පැහැදිලි කිරීමට

  • @madushanparinga5314

    @madushanparinga5314

    Ай бұрын

    ලියුම් කවරේ සල්ලි දෙන්නෙ

  • @keelaakee2753
    @keelaakee2753 Жыл бұрын

    මගේ ජිව්ත කතාවමයි වෙනසකට තියෙන්නේ මගේ දරුවෝ බලන්න එයා එන්නේ නෑ තවමත් දරුවො දෙන්නා හිතන්නේ තාත්තා රට කියලා .ආදරේ කියන්නේ තනිකර ගිනි ගොඩක් . අද එ නිසා මගේ දරුවෝ දෙන්නා දලා පිට රටක දුක් ව්දිනවා. එයාලගේ අනාගතය ගැන හිතලා .මම කියන්නේ ගැනියෙක් උනාම තමන්ට කියලා job එකක් වගේම ඕනම දෙකට මුහුණ දෙන්න පුළුවන් තරම් ශක්තිමත් කෙනෙක් වෙන්න ඕනේ

  • @daylightdatasolution4017

    @daylightdatasolution4017

    8 ай бұрын

    god with u

  • @user-hj1ly5rv4r

    @user-hj1ly5rv4r

    5 ай бұрын

    harima adambarai oya gana🎉

  • @RoshaniSamarakoon

    @RoshaniSamarakoon

    3 ай бұрын

    Theruwan saranai oyatai daruwantai. ❤

  • @sayu_d08
    @sayu_d08 Жыл бұрын

    ශක්තිමත් මව්වරුන් සිටින තාක් දරුවන් තනි වන්නේ නැත🥺🔥❤️😭 Super feeling song🥺❤️‍🔥

  • @hirunimaduka8354

    @hirunimaduka8354

    Жыл бұрын

    අනිවාර්යයෙන්

  • @nayomiheenatigala5832

    @nayomiheenatigala5832

    Жыл бұрын

    සහතික ඇත්ත

  • @thamalinimanthika4900

    @thamalinimanthika4900

    Жыл бұрын

    ඔව් මව්වරු කවදාවත් ලමයි අත ඇරියේ නෑ. ඒත් තාත්තලාට ඒක පොඩි දෙයක්

  • @RoshaniSamarakoon

    @RoshaniSamarakoon

    3 ай бұрын

    Aniwaren❤

  • @maheshaharshani1555
    @maheshaharshani1555 Жыл бұрын

    මගේ සම්පූර්ණ ජීවිත කතාව විනාඩි ගණනාවකින් මෙතන තියෙනවා ...කවදාවත් ලස්සන පවුලක් කඩලා සතුටින් ඉන්න හිතන්න එපා ..ඉන්න බෑ එහෙම...සාප වෙනවා..අහිංසක දරැවො පව් ..අසරණයි ගෑනි ජීවිතේම..මහපොළොවටවත් බැරි වෙන්න ඇති මම දරා ගත්තු දරා ගැනීම ..ඒත් අද මම මගේ දරැවා එක්ක මම දිනලා ඉවර .පිරිමියෙක් නැතුව මම වැටුන තැනින් නැගිට්ටා

  • @masterkavi619

    @masterkavi619

    Жыл бұрын

    Respect🙏❤..

  • @ayomiwanigasooriya2858

    @ayomiwanigasooriya2858

    Жыл бұрын

    බුදු සරණයි අම්මා සතුටුයි ඔයා ගැන අපේ දෙමව්පියෝ ඔය dema අපිට kara api දිහා harilawath බැලුවේ නැහැ අපි ජීවිතේ widawanna පුළුවන් උපරිම widewwa දෙමව්පියන් නිසා

  • @maheshaharshani1555

    @maheshaharshani1555

    Жыл бұрын

    @@ayomiwanigasooriya2858 අනේ දෙවියනේ ..වරදින්නෙ නැහැ ඔයාලට...වරද්දගන්නත් එපා පුතේ..ගොඩක් අය ඉන්නෙ වරද්නකම්..විශේෂයෙන්ම තමන්ගේ කියන අය ❤

  • @maheshaharshani1555

    @maheshaharshani1555

    Жыл бұрын

    @@masterkavi619 ස්තූතී ❤

  • @dimuthusenanayake9946

    @dimuthusenanayake9946

    Жыл бұрын

    Very proud of you. Keep your head high and be strong.

  • @lekhaathukorala225
    @lekhaathukorala225 Жыл бұрын

    කාට කොහොම උනත් දරුවන්ට අම්මා තාත්තා දෙන්නම ඕන. ඒ නිසා කවදාවත් දරුවන්ට අම්මා තාත්තා නැතිකරන්න හිතන්නවත් එපා..🙂

  • @arunaranasinghe2173
    @arunaranasinghe2173 Жыл бұрын

    ගැහැනියක නිවැරැදි කීරීමට සීතීමත් ලොකු දෙයක්..♥️♥️♥️

  • @priyanthajayasingha4002

    @priyanthajayasingha4002

    Жыл бұрын

    Aniwa anith sinduwala hamadama kellata warada

  • @erandhifernando8910

    @erandhifernando8910

    Жыл бұрын

    Aniwarenma..mehema sindu Hari aduine..👍💖

  • @medhangiisurika4623

    @medhangiisurika4623

    Жыл бұрын

    💙💙

  • @dayanikulatunga9734

    @dayanikulatunga9734

    Жыл бұрын

    ඒක හරිම වැදගත් , ගැහැණු විසින්ම තමන්ගේ වට්නාකම අගය ව්නාශ කරගන්නා කාලයක

  • @user-xc2es2uh6i

    @user-xc2es2uh6i

    7 ай бұрын

    Ane ow

  • @Evertruebaby7965
    @Evertruebaby7965 Жыл бұрын

    ලෝකේ හැම හිතකටම තමන්ගේ දේවල් විතරක් රහා වේවා.

  • @RidmikaLaksrini-jc7xk
    @RidmikaLaksrini-jc7xk11 ай бұрын

    යන්නම ඕනේ නම් දරුවෝ එක්ක අසරණ නොකර කලින්ම යන්න. ජීවිතේ මේ අත්දැකීම තියෙන කෙනෙක්ට දැනෙන වේදනාව වචනයෙන් කියන්න හරි අමාරුයි. ගොඩක් ලස්සන නිර්මාණයක්. මගේ නම් හදවතටම කතා කළා

  • @thakshiladarshihm7207
    @thakshiladarshihm7207 Жыл бұрын

    ලස්සන සිංදුවක්.බලද්දි දුක හිතුනා.අපි හැමෝම රැක ගන්න හදන පවුල.මෙහෙම අසරණ වෙන ගෑනියෙක්ට ජීවිතෙ නැගිටින්න ශක්තිය ලැබෙන්නම ඕන.එහෙම අම්මලාට සියලු දෙවියන්ගේම පිහිට ලැබෙන්න ඕන.

  • @hiroshiherath4698
    @hiroshiherath4698 Жыл бұрын

    සිංදුව අහල බලල ඉවරවෙලා, විනාඩි ගානක් කතා නොකර කිසි දෙයක් හිතාගන්න බැරුව අතරමං උනා. මගෙ තාත්තා මාව බලන්න එන දවස වෙනකන් ගොඩක් ආසාවෙන් බලන් හිටියා. එහෙම බලන් ඉදල තාත්තා ආවේ නැති දවස්වල පුංචි මට දැනුනු කාටවත් විස්තර කරන්න තේරෙන්නෙ නැති ඒ හැගීම අදත් දැනුනා. මේව සිංදු නෙවේ ලෝකෙට කියාගන්න තේරෙන් නැති කදුලු ! ලස්සනයි ❤️

  • @noname-ny9xh
    @noname-ny9xh Жыл бұрын

    කසාද බදින්න බය හිතුනා.. සතුට කියල හොයන සමහර තැන් තරම් දුකක් නෑ නේද.. කොහොමද විශ්වාස කරන්නෙ හිත් ඉක්මනින් වෙනස් වෙනව.. දරුවො හදන්න තුන් දෙනා ඉන්න පව්ල් වෙන් වෙනවනව.. කවදාවත් ජීවිතේ පව්ලක් කඩන්න වචනෙකින්වත් සහය වෙන්නෙපා. ...

  • @duladissanayaka1947

    @duladissanayaka1947

    Жыл бұрын

    හ්ම් 😔

  • @chamiladilrukshi8164

    @chamiladilrukshi8164

    Жыл бұрын

    ඔව් බැදිම කියන්නේ දුකට මුල තමයි

  • @user-zw6pg8xy4m

    @user-zw6pg8xy4m

    Жыл бұрын

    😞හ්ම් දැන් ඉන්න කෙල්ලො එල්ලෙන්නේම දැන දැනම තාත්තලා එක්කමයි

  • @koshithaashen7668

    @koshithaashen7668

    Жыл бұрын

    Ow aniwaryenma .

  • @ayeshamaduwanthi3110

    @ayeshamaduwanthi3110

    Жыл бұрын

    @@user-zw6pg8xy4m aeththa ban 😔

  • @Nilu157
    @Nilu157 Жыл бұрын

    එයත් මීට කාලෙකට කලින් මායි දුවයි දාලා යන්න ගියා. එයා මාව දාලා යද්දි එයාට මං කරපු ආදරේ තරම් මටවත් හිතාගන්න බැරිතරම්. ඒ වගෙ ආදරයක් දාලා මොලේ තියෙන මනුස්සයෙක් යන්න හිතවනම් ඒක ඒ මනුස්සයගෙ පව්කාර කම... අද මායි දුවයි ලස්සනට ගෙවල් දොරවල් හදාගෙන අම්මලා එක්ක ජීවත් වෙනවා... ආරංචි විදිහට එයා බලාගත්ත අතේ බලාගෙන ගරාවැටුණු කොළනි ගෙදර සැරපරුෂ ගෑනියෙක් එක්ක ජීවත් වෙනවලු... ඒයා මාව අත් ඇරලා වැරදි පාරේ ගිහින් අතරමං උනා. ඒත් මං මගෙ හරි පාර හොයාගෙන ලස්සනට ජීවත් වෙනවා ... කෙනෙකුට දුකක් දුන්නොත් අනිවාර්යයෙන්ම ඒක තෙගුණ වෙලා ලැබෙනවා

  • @sithuharshani934

    @sithuharshani934

    5 ай бұрын

    Respect mam ❤️

  • @anunuwan7143

    @anunuwan7143

    5 ай бұрын

    පල නිලූ බොරු නොකියා මං සැපෙන් ඉන්නේ

  • @Nilu157

    @Nilu157

    5 ай бұрын

    @@anunuwan7143 😁😁

  • @praveenhemachandra7446
    @praveenhemachandra7446 Жыл бұрын

    මගෙ ඇස් තිබ්බෙම සෙනාලී ගාව! හරිම ලස්සනයී අක්කේ ❤️ සිංදුවත් මරු 💙

  • @kavindyanimnadi3168
    @kavindyanimnadi3168 Жыл бұрын

    අවුරුදු 3 ක ආදරයක් මුලු හදවතින්ම කරපු ආදරයක් .. ඉවර වෙලා ගියා. එයා අපේ ගෙදර ළගම පුංචි කාලෙ ඉදලා එකට සෙල්ලම් බත් උයලා සෙල්ලම් ගෙදර අම්මයි තාත්තයි වෙලා සෙල්ලම් කලා අපි .. ඒ යාලුකම ආදරයකට පෙරලුනා .ගොඩක් විශ්වාස කලා එයාව ..ඒත් එයා මට පිටු පෑවා . ඒ දවස මට කවදාවත් අමතක නොවේවි. එදා ගොඩක් හොදින් ආදරයෙන් මුන ගැහිලා කතා කරලා වෙනදා වගේ ම ගියා.. ඉන් පහුවදා එයා මටත් නොකියම වෙන කෙනෙක්ව බැදලා . මම ඒක දැන ගත්ත වෙලේ මුලු ඇගම පිච්චිලා ගියා ... මගේ පලවෙනි ආදරේ මට කලා කියලා තවටත් හිතා ගන්න බෑ .....

  • @pasiallinonechannel229
    @pasiallinonechannel229 Жыл бұрын

    විනාඩි 5ක් ඇතුලේ සමහර අයගේ මුලු ජීවිත කතාවම ✍️ ලස්සනට ලියවෙලා ඇති සින්දුව ඇහුවම මුලු ලෝකයක් අමතක වෙලා යනවා .හරිම ලස්සනයි කටහඩ බාවනාවක්💟💯

  • @ThisaraWeerasinghe

    @ThisaraWeerasinghe

    Жыл бұрын

    Thanks 💚

  • @Myfv-Saipallavi
    @Myfv-Saipallavi Жыл бұрын

    ගොඩක් පිරිමින්ගේ නියම ස්වාභාවය පෙන්නපු සින්දුවක්.කසාද බදින්න හොයන්නේ චාම්,අහිංසක,සරල කෙල්ලෙක්ව.ඒත් බැදලා ටික දවසක් යනකොට උන්ට පොෂ් කෙල්ලෙක්ව ඕනි වෙනවා.ඉතිං පිට යනවා 😥

  • @ronimmarshal9127

    @ronimmarshal9127

    Жыл бұрын

    Wow

  • @ashasandamali3083

    @ashasandamali3083

    Жыл бұрын

    Hmmm

  • @nalikaranasinghe6506

    @nalikaranasinghe6506

    Жыл бұрын

    Eka aththa

  • @shakilakumari8412

    @shakilakumari8412

    Жыл бұрын

    Aththtama aththa e kathawa.

  • @erangaasela6197

    @erangaasela6197

    Жыл бұрын

    Ehema ekak naha😂.

  • @savisilva4861
    @savisilva4861 Жыл бұрын

    ඇත්තටම ආදරෙන් ඉන්න දෙන්නෙක්'පවුලක් මැද්දට කවදාවත් තුන්වෙනියෙක් එන්න එපා ඒක ලොකු පවක් පිරිමියෙක් ඉවසුවෙ නැතත් ගැහැනිය හැමදේම ඉවසන් ඉන්නවා ලොකු වේදනාවකින්😢😢 එහෙම වේදනාවක් ගැහැනියෙක්ට කවදාවත් දෙන්න එපා ඒක ලොකු පවක්😔

  • @wedawedage3193

    @wedawedage3193

    Жыл бұрын

    අනිවාර්යයෙන් ම 😥😥😥😥

  • @user-un8wv8hi6j

    @user-un8wv8hi6j

    Жыл бұрын

    Mage athin loku waradadk una 😭😭😭😭😭😭😭😭😭😭😭

  • @chamilapriyadarshani9676
    @chamilapriyadarshani9676 Жыл бұрын

    දරාගන්න උපරිම ශක්තිය තියෙන ගැහැනු වගේ ම තවත් කෙනෙක්ගේ ලස්සන ආදරයක් උදුරාගෙන සතුටු වෙන ගැහැනු ගැනත් ඇත්ත ආදරේ අදුරගන්න බැරි පිරිමි ගැනත් ලියවුණු ලස්සන සින්දුවක්

  • @samandias1679
    @samandias1679 Жыл бұрын

    පිරිමින්ට ගැහැණු එපා වෙන්නෙ කසාද බැදල ළමයිනුත් හැදුනට පස්සෙ . . ‌ මේ සින්දුවේ එ යථාර්තය ඒ විදිහටම තයෙනව. ‌ ‌ඇත්තටම හරි ලස්සනයි. . ‌ අන්සතු තරම්ම ලස්සනයි

  • @dasunranaweera5570

    @dasunranaweera5570

    Жыл бұрын

    Umba geniyekda?

  • @samandias1679

    @samandias1679

    Жыл бұрын

    ඇයි ගෑනියෙක් වෙන්නම ඕනද තවත් කෙනෙක්ගෙ වේදනාවක් දැනෙන්න. . ‌ මනුස්සයෙක් උනහම හරිදේ දකින්න ගෑනු පිරිමි බේදයක් ඕනිනැහැ. . ‌ අදහස් ප්‍රකාෂකරන්න ඕනකෙනෙකුට පුලුවන් ඒකට ගෑනියෙක්ද පිරිමියෙක්ද කියන එක වැදගත් නැහැ හරිද. . ‌ අහපු

  • @samandias1679

    @samandias1679

    Жыл бұрын

    @@dasunranaweera5570 ඔහෙට කිවුවෙ

  • @mknkmknkumara7526

    @mknkmknkumara7526

    Жыл бұрын

    එපා වෙන්නෙ නෑ ,වෙනසක් හොයනව,

  • @user-zw6pg8xy4m
    @user-zw6pg8xy4m Жыл бұрын

    ලස්සනයි මං තාම අඩනවා..පද පේලි හරී ලස්සනයි මිහිරියි..කුතුහලයෙන් පිරී..🥰ආදරේ මහා ලොකු වේදනාවක් .. තමන්ගෙ හැගීම් හමුවෙ බිරිද,දරුවන් අසරණ කරන්නෙපා හැගීම් යටපත් කරන්න ආදරණීය දෙමව්පියනි..ගෑණු ළමයි තාත්තා කෙනෙක් එක්ක යාළුවෙන්න කලින් නොබැදපු පිරිමි ඉන්නවා කියලා මතක් කරගන්න ..

  • @niranji4755
    @niranji4755 Жыл бұрын

    කසාදේ කටු නොගෑවට ගියා කියලා දැන්දැනත්..උදේ හවා මුනගැසෙමින් ..දරුවන් නිසා එකට ඉදන් විදවන..ගෑනු ලෝකේ ඔනි තරම්......ඒ හැම පිරිමියෙක්ම දන්නවා දෙවෙනි ගැහිනිය නෙවෙයි නියම ආදරේ කියලා .....

  • @amilapradeep4980

    @amilapradeep4980

    2 ай бұрын

    කසාද බැඳපු කෙනා අතෑරලා ගියත් ආපහු එයි කියලා හිතන, තමන්ට වැඩිය හොඳ පෞරුෂයක් තියෙන පිරිමියෙක් ගැන හිතලා එතැන අතෑරුනම නැවත ආවමත් බාරගන්න ආදරෙයි කියලා ඔලුවෙ අත තියල දීපූ පොරොන්දුව පණ වගේ රැකලා, නොඑන කෙනා ආයෙ එයි කියලා අවුරුදු 07ක් 08ක් තනියම වේදනා විඳින පිරිමිත් මේ ලෝකෙ නැතිවම නෙවෙයි. හැබැයි කලාතුරකින් එහෙම පිරිමි ලෝකෙ ඉන්නවා. යන්න ඕනෙ තරං හේතු තියෙද්දිත් ඉන්න එකම එක පුංචි හේතුවක් හදාගෙන වෙන කෙනෙක් ගැන නොහිත ඉන්න පිරිමිත් ඉන්නවා.

  • @himashikawshalya9149
    @himashikawshalya9149 Жыл бұрын

    සියලු දෑ හමුවේ ගැහැනියකගේ දරාගැනීමත්, මවකගෙ අරුම වු ශක්තිමත් බවත් යලි යලි පසක් කරන ලදී.❤️

  • @ThisaraWeerasinghe

    @ThisaraWeerasinghe

    Жыл бұрын

    💚

  • @isurikashehani6850

    @isurikashehani6850

    Жыл бұрын

  • @sameerasiriwardana3582

    @sameerasiriwardana3582

    Жыл бұрын

    ජිවිතේ එකතැනකදි දරුවෝ එක්ක තනිවෙන්න උනාම මුලු ලෝකෙම දරුවෝ උනත් ...ඒ හැගිම්....

  • @madhushaniradhika2922

    @madhushaniradhika2922

    Жыл бұрын

    ඇත්තමයි...

  • @kperera7579

    @kperera7579

    Жыл бұрын

    හ්ම්ම්

  • @kasunweerakoon6165
    @kasunweerakoon6165 Жыл бұрын

    සමහර මිනිස්සු රැල්ලට ගියේ නෑ..ඇබ්බැහි වෙන රැල්ලක් හැදුවා...සුභපැතුම් තිසර ❤️❤️❤️

  • @user-dj8ln5dp3c

    @user-dj8ln5dp3c

    7 ай бұрын

    Hmm

  • @kanishkaweerakoon9108

    @kanishkaweerakoon9108

    7 ай бұрын

    Ow hoda dewal nirmana walata danna bayai trend wenne nathi wei kiyala.....lassana ardara sinduwak jaya❤

  • @sadunikasewwandi3057

    @sadunikasewwandi3057

    7 ай бұрын

    Comment eke lassana ❤

  • @kasunweerakoon6165

    @kasunweerakoon6165

    7 ай бұрын

    @@sadunikasewwandi3057 තෑම්ස් ♥️

  • @kasunweerakoon6165

    @kasunweerakoon6165

    3 ай бұрын

    @@sadunikasewwandi3057❤

  • @w.maheshakarunathilaka6421
    @w.maheshakarunathilaka6421 Жыл бұрын

    ජිවිත කතාව විනාඩි 5කින් කියනකොට ඒ දැනිච්ච හැඟීම කොච්චරද කියලා කියන්න හිතාගන්න බැහැ. තිසර ගැන ඉතිං මොනා කියන්නද. තිසර ගේ හැම සින්දුවක්ම හරිම ලස්සනයි. මුළු ලෝකයම අමතක වෙනවා. තව ඉස්සරහට හොද නිර්මාණ කරන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

  • @madu5226
    @madu5226 Жыл бұрын

    සින්දුව බාගයක් අහද්දී ම ඇස් දෙකට කඳුළු ආවා මාර විදියට හිතට දැනෙනවා ♥️♥️😘🥰😍

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 Жыл бұрын

    මෙවගේ දුක විදින අම්මාලා තාත්තාලා කොච්චර ඇතිද සිංදුව හරිම ලස්සනයි ජය වේවා🙏🙏🙏

  • @Nsew-hx3tl
    @Nsew-hx3tl Жыл бұрын

    ඇස් වලට කදුලු එන එක නතර කරන්න බැරි උනා..කව්රුත් නොගියපු නොදැකපු තැනක ඉදන් හදපු උසස් නිර්මාණයක්... අම්මලා තාත්තලගෙ හැගීම් ඉස්සර අහිංසක දරුවෝ මොන තරම් අසරණ වෙනවද.. තනි වෙන ගැහැණිය හරි පිරිමියා හරි මොන තරම් දුකක් උහුලනවද.... ඇත්තටම සෑහෙන්න අද සමාජේ දකින්න තියන දෙයක් උනත් කව්රුත් නොදැකපු තැනක ඉදන් බලන අහන මිනිස්සුන්ගෙ හිත් වලට බරක් එකතු කරපු විශිෂ්ඨ නිර්මාණයක් 👌

  • @gayaniranasingha7597
    @gayaniranasingha7597 Жыл бұрын

    සෙනාලි අක්කාට ඕන චරිතයක් හොදට කරන්න පුලුවන්.. සින්දුවත් ලස්සනයි.. 😍❤️

  • @Sampath1994
    @Sampath1994 Жыл бұрын

    අවංක ආදරෙ හැමදාම රදා පවත්වා ගන්න උපරිම උත්සාහ කරන්න . කවදාවත් ලස්සන,සල්ලි නිසා වෙනස් වෙන්න එපා,බොරු වංචා කරන්න එපා. අවංක ආදරෙ තියෙන සතුට වචනයට පෙරලන්න බෑ කවදාවත් . දඩුවම් දෙනවාමයි කවදාහරි බොරු වංචාකාරයන්ට ස්භාවදර්මය අනිවාර්යයෙන්ම

  • @nethashasasindi4844
    @nethashasasindi4844 Жыл бұрын

    සුසුම් අතරේ නිදන්ගතපෙම හිතේ පත්ලට දැනෙනවා... ඔබෙන් දුර හිඳ ගෙවෙන මොහොතක් කල්පයක් සේ හැඟෙනවා... කියා නොකියූ පෙම්හැඟුම්රස හදේ උතුරා ගලනවා... ආදරේ..ඒ.. ආදරේ... මගෙන් මං ගැන අහනවා... 🙂💔 Superb.❤

  • @anushadissanayake9065
    @anushadissanayake9065 Жыл бұрын

    සතුටුයි කියල බදාගන්න හැමදේම අන්තිමට ඉතුරු වෙන්නෙ දුකක් විතරයි ❤️‍🔥

  • @akilaweerasingha8524
    @akilaweerasingha8524 Жыл бұрын

    ගෙදරින් පිටව යන ස්වාමියා නැවත වරක දකින විට ඈට දැනෙන ඒ සතුට....... 🥺 feel it 💔

  • @dhanufernando1498
    @dhanufernando1498 Жыл бұрын

    මේක අහල ඇහැට කදුලක් ආවෙ නැත්තම් වැඩක් නෑ 😢 හරිම ආදණීය , හැගුම්බර ලස්සන වැඩක් ❤🥺

  • @uthumsankalpa2199
    @uthumsankalpa2199 Жыл бұрын

    අන්සතු ඔබ වෙත .. රත්තරනේ නුබ මගේ පන නිසා .. දවස පුරා කියවෙන සින්දු අයියේ 🥺♥️ මේකත් ඒ වගේ වෙයි ✨ ජය !

  • @binzzzzzzzz12
    @binzzzzzzzz12 Жыл бұрын

    කටහඩ භාවනාවක් 🥺❤️ අවසානය වෙනතුරු කුතුහලය එමටයි... රංගනය ඉතාම තාත්විකයි... ඇහැට කඳුළක් එක් කරන්නට සමත් වීමෙන්ම කියන්න පුලුවන් නිර්මානය ඉතා සාර්තක බව.. ❤️❤️

  • @ThisaraWeerasinghe

    @ThisaraWeerasinghe

    Жыл бұрын

    Thank you 💚

  • @yashshriya5187

    @yashshriya5187

    Жыл бұрын

    ඇත්තටම ඇස් වලට කදුලු ආවා😥❤️

  • @piyumiayesha
    @piyumiayesha Жыл бұрын

    උසාවියේ දී සමහර අම්මා , තාත්තා , දරුවෝ😥 අසරණයි දරුවෝ පවු..😥😥

  • @nethumsathmina9223

    @nethumsathmina9223

    Жыл бұрын

    👍🏻👍🏻👍🏻👍🏻

  • @abhilashmunaweera4520
    @abhilashmunaweera4520 Жыл бұрын

    ඒ වචන හදවතට දැනෙන්න ලියලා ඒත් එක්කම සරල තාලෙකට සුන්දර නිළියක් එක්ක කරපු ලස්සන වැඩක්! තිසර ❤️ සෙනාලී ගේ රගපෑම ගැන ඉතිං කත කරන්න දෙයක් නෑ හරිම ස්වාභාවිකයී ❤️ හැමෝටම ජය

  • @ThisaraWeerasinghe

    @ThisaraWeerasinghe

    Жыл бұрын

    Thanks ✌️

  • @lasika4948

    @lasika4948

    Жыл бұрын

    Hi

  • @Nilrundi.sumanasekara

    @Nilrundi.sumanasekara

    11 ай бұрын

    කටහඩ භාවනාවක් වගේ කොච්චර අහගෙන හිටියත් ඇති වෙන්නෙ නැහැ. වෙනම ලෝකයකට යනවා. සුභ පැතුම් ඔබට❤

  • @nilangadissanayake5762
    @nilangadissanayake57628 ай бұрын

    කොහොමද දරුවෝ තනි කරලා වෙනම ජීවිතයක් හොයන්නේ. එදත් අදත් හෙටත් හැමදාමත් මගේ නෝනා මගේ. මේ හුස්ම තියෙනකම් මගේ පන එයා. දරුවෝ ඒ ආදරේ හින්දා ආපු අය. ආදර ලෝකයක් බිදගෙන තවත් ආදර ලෝකයක් හදන්න හිතන්නවත් බෑ. Comments දැක්කම ගොඩක් දුක හිතුනා. ගෑණියෙක්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න නියම පිරිමියෙක් හිතන්නෙවත් නෑ.

  • @sajithakaushalyawikramasin5829
    @sajithakaushalyawikramasin5829 Жыл бұрын

    මේ විනාඩී 05 හරිම කලාත්මකයී තිසර 💙ලංකාවේ මේ වගේ සාර්ථක නිර්මාණ හැදෙන එක ගැන සතුටුයි! සෙනාලී ෆොන්සේකා වැනි නිළියක් මේ වැඩේට එකතු කරගත්තු එක ප්‍රභල හේතුවක් මේ සිංදුව තවත් සාර්ථක වෙන්න! ගමන සුභයී ❤️

  • @ThisaraWeerasinghe

    @ThisaraWeerasinghe

    Жыл бұрын

    Thank you 💚

  • @anushikamadhuwanthi2973
    @anushikamadhuwanthi2973 Жыл бұрын

    සමාජයට ලස්සන පණිවිඩයක් දීලා තියෙනවා ....පවුල් ජීවිතය තුළ යතාර්ථය තේරුම් ගන්න තරම් ඔළුගෙඩිවල මොලයක් නැති වීම හරි කණගාටුවක් ! මේ පසුතැවීම වරදේ බැඳෙන ගැහැණියට සහ පිරිමියාට සදාකාලිකයි... වටිනා නිර්මාණයක් ! ඔබට ජය!!!

  • @shalaperera4148
    @shalaperera4148 Жыл бұрын

    මේක මගේ කතාවටම සමානයි... මගේ තාත්තාත් අපිව බලන්න අවේ පන්සලට කවුරු එක්ක හිටියත් හොදින් ඉන්නොනේ..... ☺️ හරිම ලස්සනයි. ලස්සන කටහඩක් සුභ පැතුම් අයියේ..👍🏻❤️

  • @ThisaraWeerasinghe

    @ThisaraWeerasinghe

    Жыл бұрын

    💚

  • @mufthynadeer4651

    @mufthynadeer4651

    Жыл бұрын

    oya hari nihathamani charithayak bawa penawa mama like eka damme oya me sinduwa kiyana kenata suba pathuwa ekata nathuwa oyage jeewithayata newei mata duka hituna oya kiwwe apiwa balanda apey thatha awe pansalata kiya kiyanakota 😓😞

  • @daylightdatasolution4017

    @daylightdatasolution4017

    8 ай бұрын

    puduma hithak

  • @thathsararathnasekara5360

    @thathsararathnasekara5360

    8 ай бұрын

    ලස්සන ම comment එක...🎀.. මාරම ලස්සන හිතක්... කවදවත් වරදින්නෙ නැහැ ... කිසිම දවසක තරහක් හිතට ගන්න එපා තාත්තා ගැන .....ඒකත් පිනක්...ඔයත් පින් කදක්🎀🎀

  • @chalanipriyangika4954
    @chalanipriyangika4954 Жыл бұрын

    පිරිමින්ට මොන දේ කිව්වත් ගැහැනියකුට දුකක් දෙන්න මුල් වෙන්නේ තවත් ගැහැණියෙක්

  • @nirangaliyanage7576
    @nirangaliyanage7576 Жыл бұрын

    සිනමා පටයක් නැරඹුවා වගේ. සුභපැතුම් තිසර🌹🌹

  • @nilanthiliyanage-ig2ug
    @nilanthiliyanage-ig2ug Жыл бұрын

    මගේ ජිවිත කතාව.. වෙනස මට ළමයි නෑ.. එයා වෙන කෙනෙක් බැඳලා දැන් ළමයි දෙන්නෙක් ඉන්නවා.. ගොඩක් ආදරෙන් ඉදලා කොහොමද දාල යනවද මන්දා.. දැන් aurudu 5 ක්‌ එයා ගිහින්.. මම උදේ හවස ආශීර්වාද කරා එයාට යහපතක් වෙන්න කියලා.. ගෙදරින් නිතරම කියපු නිසා මම දික්කසාදය දැම්මා.. වන්දි එපා kiuwa.. එයා හොරට අලුත් නෝනව කසාද බැදලා ළමයි හදලා.. නඩුවට ගියාම එයා මගේ ලගට ඇවිත් සමාව ගත්ත.. එයා දැන් විදවනවා kiuwa.. දැන් මට ගොඩක් දුකයි එයා දුකින් නිසා.. මම හිත හදාගෙන හිටියේ අලුත් නෝනා ළමයි එක්ක එයා සතුටින් ඇති කියලා.. කවදාවත් අහිංසක කුරුළු කුඩු කඩන්න හිතන්නවත් එපා.. එහෙම කරනවා නම් ඒ කෙනාව සතුටින් හරි තියන්න 🙏🙏🙏

  • @anunuwan7143

    @anunuwan7143

    5 ай бұрын

    ගොන් මෝඩ හුත්තී

  • @thihansaawijesinghe4734
    @thihansaawijesinghe47347 ай бұрын

    පවුලක් කඩන්න පුංචි හේතුවක් හරි හදන එකෙකුට හොඳින් ඉන්න සිද්ධ වෙන්න එපා.. ළමයි එක්ක අසරණ වෙන ගෑනු හැම තැනකදිම විඳවනවා විතරයි..මැරි මැරි ජීවත් වෙන පවම පවුල් කඩන උන්ට පටිසන් දෙන්න ඕන 🙏

  • @lakgallery1801
    @lakgallery1801 Жыл бұрын

    ඇඩුනා.. කාටවත් ඒ වේදනාව විදින්න සිද්දවෙන්න එපා.. දරුවෝ පව්..

  • @ireshapriyawardana7369
    @ireshapriyawardana7369 Жыл бұрын

    මගේ ජීවිතයේ මට ලැබුණු ඒ අමිහිරි අත්දැකීම ඒ විදිහට ම මේ සින්දුවේ ලියවිලා තියෙනවා. කවදාවත් කුරුලු කූඩුවක් කඩා බිඳ දාන්න එපා. මන් මගේ දරුවාත් එක්ක අසරණ උනත් මන් පාර්තනා කරනවා හතුරෙකුටවත් එහෙම වෙන්න එපා කියලා.😔🥺

  • @lochanianjika131
    @lochanianjika131 Жыл бұрын

    ආදරේ මගෙන් මන් ගැන අහනවා 👌❤️ කසාද බැන්ද පමණින්ම දෙන්නෙකුට එක වහලක් යට ඉන්න බැරි බවත් ඒ දෙන්නට ඒ දෙන්නා ගැන අවංක විශ්වාසයක් රදා පවත්තාගත යුතු බවත් බැදිමක වටිනාකම දන්නේ නැති මිනිසුන් ලග මුලු ජිවිතයම ලග ඉදිවි කියලා බලාපොරොත්තු තියාගන්න එපා කියලා ලස්සනට කියලා දුන්නු පද පේලියක් වගේම මියුසික් විඩියෝ එකක් 👌 ආදරය විවාහයට පමණක්ම සිමා නොකර ඉන් ඔබ්බට ගොස් ඇතුලාන්තයෙන්ම ආදරය කියන්න මොකක් ද කියලා තේරුම් කරගන්න හොදම උදාහරණයක් එක්කම හිතන්න දෙයක් ඉතුරු කරපු ලස්සන නිර්මාණයක් ❤️🔥

  • @k.h.m.g.b.c.5540
    @k.h.m.g.b.c.5540 Жыл бұрын

    පපුව පිච්චිලා යනවා වගේ..😖ඇත්තටම ඔය වගේ කී දෙනෙක් ඇතිද...🤧ලස්සන නිර්මාණයක් ...🌹🌹🌹🌹

  • @wmniranjala9039
    @wmniranjala9039 Жыл бұрын

    Marama duka hithena sinduwak.loku wedanawak danuna

  • @chathufernandz9657
    @chathufernandz9657 Жыл бұрын

    ආදරේ.. ආදරේ මං හොයපු ආදරේ දැනුනෙ නැතුවට ඔබේ... අහස තරමට ආදරේ ලැබුනේ නෑ සත්තකයි ඇය ලග ඔබට සමවන ආදරේ... මේ ඇත්තමයි! ඔබට පමණයි ආදරේ.. ඔබම පමණයි ආදරේ...💛

  • @Chandifernando7031
    @Chandifernando7031 Жыл бұрын

    පවුල්.ජීවිතේක දුක වචන වේදනාව තනිකම කවදාවත් දාල යන අයට දැනෙන්නෙ නෑ .. දුක වවන කරල තාලෙට හිතට දැනනකොට කියාගන්න බෑ අසරණයි මේ අත්දැකීම තියන හැම ගෑනියෙක්ම හැම පිරිමියෙක්ම..😢

  • @ThisaraWeerasinghe

    @ThisaraWeerasinghe

    Жыл бұрын

    💚

  • @user-zw6pg8xy4m
    @user-zw6pg8xy4m Жыл бұрын

    මෙච්චර ලස්සන නිර්මාණ ඉදිරියටත් ගේන්න ඔයාට ශක්තිය ලැබේවා...හදවත ගැඹුරටම වැදුනා..❤🌹

  • @user-ns4sm2wu5q
    @user-ns4sm2wu5q Жыл бұрын

    කවදත් රැල්ලට ගහගෙන යන්නෙ නැති පුදුම කටහඩක්..ඒ කටහඩ ආශ්චර්යයක්..වෙනම කන්සෙප්ට් එකක්,වෙනම සංගීතයක්,වෙනම පද රචනයක්..මේ සේරම භාවනාවක් වගේ කටහඩට මුසු උනාම ඒක වෙනම රහක්..සුභ පැතුම් තිසර අයියේ..👑💪🙏❤

  • @lankamax5530
    @lankamax5530 Жыл бұрын

    සමාජයෙ පවතින නිහඬ ප්‍රශ්නයකට අරුතක් දෙන්න කරපු ගොඩක් හොද නිර්මාණයක් . Me video එකෙන් සමහරුන් ට සුන්දර හෝ අසුන්දර අතීත මතක ගොඩක් සිහිවෙන්නට ඇති. අතීතය අපට වෙනස් කරන්න බැරි නිසා අතීතය ගුරුවරයෙක් කරගෙන ඒගොල්ලන්ගෙ ජිවිත සාර්ථක කර ගන්න හැකියාව ලැබේවා !

  • @GayanDilpa
    @GayanDilpa Жыл бұрын

    ආදරය කරපු අය තමන්ව රවට්ටලා ගිහාම දැනෙන වෙදනාව දරාගැනිමට අපහසු උනත්. තමන් වැරදි නැත්නම්. කවදාහරි එම පුද්ගලයට අපගේ වටිනාකම දැනෙනු ඇත .එවිට ඔවුන් පසුතැවුනු ඇත .මෙ සින්දුවෙන් ඒය ලස්සනට කියාපානවා.song ඒක පට්ට් ලස්සනයි.Song ආදරේයි ❤❤❤👍👍.

  • @pamodyaharshanie3328
    @pamodyaharshanie3328 Жыл бұрын

    නිර්මාණ කරන්න හැමෝටම පුළුවන් . ඒත් ඇහැට කඳුළක් ගේන්න පුලුවන් හැගීම් අවුස්සන නිර්මාණයක් කරන්න පුලුවන් දක්ශයන්ටම විතරයි. සුබ පැතුම් ❤

  • @thanugapabasara6120
    @thanugapabasara6120 Жыл бұрын

    මගේ මතේ නම් කවමදාවත් දෙන්නෙක් මැද්දට තුන් දෙනෙක් වෙන්න එපා ඒක ගොඩක් පව් මොකද තමාගෙ සතුට හොයන්න ගිහින් තවත් කිහිප දෙනෙක්ගෙම සතුට නැති කරන කාලකන්නි ජීවිතයක් මොකටද 😪😪

  • @soba8491
    @soba8491 Жыл бұрын

    ආදරේ තරම් වේදනාවක් තවත් කොහෙවත් නෑ..පට්ට වැඩක් හදවතිම්ම❤ ජයමවේවා තිසර අයියේ✌❤️

  • @ThisaraWeerasinghe

    @ThisaraWeerasinghe

    Жыл бұрын

    ✌️💚🙂

  • @methushiasinsha6823
    @methushiasinsha6823 Жыл бұрын

    ආදරේ වේදනාව දන්නෙ ඒකට මුහුණ දුන් කෙනෙක්...මගෙ අම්මව මතක් වුණා...එයා අපි දෙන්න එක්ක තනිවුණ විදිය😭 ඇත්තටම ජීවිතේ හරි අපූර්වට කියනව අයියේ...සුභ පැතුම්❤️

  • @ThisaraWeerasinghe

    @ThisaraWeerasinghe

    Жыл бұрын

    💚

  • @piyuminishadani4913
    @piyuminishadani4913 Жыл бұрын

    ඇත්තටම ඔයා ලියන්නෙ කියන්නෙ මිනිස්සුන්ගේ ජීවිතේ,ඒක මාරම වාසනාවක් ඔයාට තියෙන 👏🤗💫මන් මේ ඔයාගේ සින්දුවක් අහපු පලවෙනි පාරත් නෙමේ ,ආසම උනේ රත්තරනේ එකෙන්,ඊට පස්සේ රෝස කුමරුනේ,ඊට පස්සේ මගේ කැමතිම සින්දුව අන්සතු ඔබ ,දැන් මේ සිංදුව .මන්දා ඔයාට මිනිස්සුන්ගේ ජීවිතවල හැගීම් හරි ලස්සනට කියවන්න පුලුවන්,සමාජේ ජීවත් වෙන හැම තරාතිරමකම මනුස්සයෙක්ගේ එදිනෙදා ජීවිත් සිදුවීම් ,ඒවා මාරයි,එච්චරයි මට කියාගන්න තේරෙන්නේ 🥺💆🌟❤️

  • @k.amasha2505
    @k.amasha2505 Жыл бұрын

    අමුතුම හැගීමක් එන සුන්දර නිර්මානයක්. කිසිම ගැහැනියකට මේ වගේ දුකක් නම් අත් නොවේවා .හදවතටම දැනුනා.සුභ පැතුම් තවත් මෙවැනි නිර්මාන කිරීමට හැකි වේවා💗💗

  • @Sky_word
    @Sky_word Жыл бұрын

    සරලව ගත කරන ජීවත පහසු උනත්, තීරණ සරලව ගත්ත ම ජීවිතේ අමාරු වෙන්නේ තමන්ට විතරක් නෙමෙයි,තමන් වටේ බැදුණු ජීවත රැසකට. හිත එකඟ නොවුන පිරිමි ඉදිරියේ දරුවෝ වෙනුවෙන් සංවර ව ඉවසන දහසකුත් බිරින්දෑවරුන් වෙනුවෙන් මේ කරපු නිර්මාණය විශිෂ්ටයි. අවංක හෘද සාක්ෂිය, අවංක ආදරය කවුරු වෙනුවෙන් ද තවමත්? එහෙම පිරිමින්ට හිතට තට්ටු කරල අහල බලන්න හිතෙන පද, ගායනය, රූප රචනය. ඉස්තරම්. ❤️

  • @ThisaraWeerasinghe

    @ThisaraWeerasinghe

    Жыл бұрын

    💚

  • @darshanigarusinha6348
    @darshanigarusinha6348 Жыл бұрын

    සොනාලිගෙ රගපෑම ගීතය තවත් අර්ථවත් කරලා අපූරුයි

  • @navodapiyumali5185
    @navodapiyumali5185 Жыл бұрын

    අද ගොඩක් අයගේ ජීවිත මෙහෙමයි....එකට ඉන්න බැරි නම් ගහ මරාගන්න යන්නේ නැතුව මේ වගේ පැත්තකට වෙලා ජීවත් වෙන එක හොඳයි.... ඒත් ඉතින් අහිංසක දරුවො අසරණ වෙනවා සමහර පිට මිනිස්සු අහන ප්‍රශ්න ඉස්සරහ....මේ වගේ නිර්මාණ දිහා බලලා ඒ දේ තේරුම් අරගන්න ඕනෙ හැමෝම... විශේෂයෙන් ම මේ වගේ පවුල් වල දරුවන්ගෙන් "කෝ තාත්තා,කෝ අම්මා...එනවද බලන්න? සල්ලි දෙනවද? " වගේ ප්‍රශ්න අහලා අසරණ නොකර ඉන්න...Thank you Thisara for being an amazing artist! Artist is a one who melts tough hearts! You're technically successful!

  • @ThisaraWeerasinghe

    @ThisaraWeerasinghe

    Жыл бұрын

    💚

  • @imeshathathsaraniofficial
    @imeshathathsaraniofficial Жыл бұрын

    මිනිස්සුන්ගේ ඇහැට කඳුලක් එකතු කරන්න හැම කෙනෙක්ටම බෑ....පුදුම ලස්සනයි මේක....සුබ පැතුම් අයියේ...❤️❤️

  • @ThisaraWeerasinghe

    @ThisaraWeerasinghe

    Жыл бұрын

    Thank you Imesha 🙂💚✌️

  • @tamalimanjua3948
    @tamalimanjua3948 Жыл бұрын

    Adare kiyannema wedanawak.eka hari parissamata tiya gattot hodai.adareta monawa tibbat balaporottu wennema awanaka kama.eka neti una data serama iwarai

  • @samaraweera77
    @samaraweera77 Жыл бұрын

    පාවි පාවී සින්දුවෙන් ඔයාගේ සින්දු වලට පට්ට ආස කරා.. අලුතෙන් සින්දුවක් එනකන් බලන් ඉන්නේ... වීඩියෝ වලට තෝර ගන්න නලු නිලියෝ මරූ...

  • @chathuradilshan4756
    @chathuradilshan4756 Жыл бұрын

    කාලෙකට පස්සෙ ලස්සන සින්දුවකින් සෙනාලිව අක්කව දැක්කෙ.❤️. කවදාවත් අමතක නොවෙන දක්ශ නිලියක් තමයි සෙනලි කියන්නෙ❤️❤️

  • @sandarangamarko9803
    @sandarangamarko9803 Жыл бұрын

    ඇස් වලට කදුලු ආව..ලස්සනට ඉදපු කී දෙනෙක්ට අද මෙහෙම වෙලා ඇතිද..මාත් ඇතුලුව 😭❤🙏

  • @dineshisenarathne3808
    @dineshisenarathne3808 Жыл бұрын

    කාලෝචිත මාතෘකාවක්. හිතම හිර උනා වගේ හැගීමක් ආවා. මහ පුදුම දුකක් දැනුනා. ආදරේ මේ තරම් බියකරු දෙයක්ද 🥺. පණ තියෙනකල් රැකගන්න බැරිනම් කෙනෙක්ට බලාපොරොත්තු දෙන්න එපා. දුරක් එක්කන් යන්නත් එපා ඒක කියාගන්න බැරි තරම් වේදනාවක් කියලා මේ විනාඩි කිහිපයට දැනුනා ❤️

  • @karunarathne123
    @karunarathne123 Жыл бұрын

    ඒ විනාඩි ටිකට ලෝකෙම අමතක වෙලා සිංදුට සම වැදිලා ඒක ඇතුලේ හිටියේ හිතටම දැනෙන්න සිංදුවේ තාලේ පවා හරිම ලස්සන ට ගෑලපෙනවා All the best aiyaa ,i felt it❤🖤

  • @fathimanazla4590
    @fathimanazla4590 Жыл бұрын

    Ahamben dakke me sinduva. Magema jeewithe me vidihata sinduvakin dakiddee as deken kandulu vatenava

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 Жыл бұрын

    තිසර මොන සිංදුව කළත් ඒක මාරම ලස්සනයි...පංචේන්ද්‍රියට හා මනසට ගෝචර වන දැකීම් ⁣හෝ හඳුනාගැනීම් තුළ ජනිතවන තාවකාලික රාගයේ වේදනාවත්, විටින්විට මගහැරී ගිය සැබෑ ආදරයේ අතීත ඡායාමාත්‍රයන් තම අභිමුවම දැකීම තුළින් ඒ සියල්ල තමාටම දඬුවමක් කරගන්නා පෙම්වතෙකු පිළිබඳ පෙන්වන ශ්‍රව්‍ය දෘශ්‍ය කෙටිකතාවකි. රූපරචනාව හා සංගීතයෙන් පදරචනාවේ අස්සක් මුල්ලක් නෑරම ගමන් කරමින් සියුම් තැන් ආවරණය කරන බවක් පෙනේ. හරිම ලස්සන output එකක්

  • @ThisaraWeerasinghe

    @ThisaraWeerasinghe

    Жыл бұрын

    Thank you 💚

  • @narmadadilanthi1848
    @narmadadilanthi1848 Жыл бұрын

    මෙතෙක් noliyunu wenasma අදහසක් .gaayanayath හරිම ලස්සනයි .ඇහැට කඳුළු ena විධියේ හැඟීම් bara ගීතයක් .නිර්මාණයට දායක unu සියලු දෙනාටම suba pathanawa

  • @vihangafernando1111
    @vihangafernando1111 Жыл бұрын

    අර්ථයක් ඇතිව නිර්මාණ බිහිකරන්නේ කීප දෙනෙක් විතරයි ඒ අතර ඔයත් ඉන්නවා අයියේ,මේ විනාඩි ගානට මේ සින්දුව ‍හොදින් රසවිදින ඕනම කෙනෙක්ව සන්වේදි කරන්න පුලුවන් වුනා ඔයාට 🥺🙏

  • @pavithramalshani6650
    @pavithramalshani6650 Жыл бұрын

    Geheniyek unaama kondak thiyenna ona.. thawath geheniyakage manussayekwa allagena paulak kadanne nethiwa inna❤

  • @sachishewage5597
    @sachishewage559711 ай бұрын

    සිංදුවකට මෙච්චර ඈතට හදවත රිද්දන්න පුළුවන් ද. හරිම ලස්සන නිර්මාණයක්. මටත් මගේ අතීතෙ මතක් වුනා. ❤ සුභ පැතුම් Thisara Aiye

  • @kaushalyaperera5209
    @kaushalyaperera5209 Жыл бұрын

    මහ අමුතුම කටහඩක්❤❤ සින්දුවේ වේදනාව ඒ හඩ ඇතුලෙත් ❤❤

  • @dinithisathsarani4771
    @dinithisathsarani4771 Жыл бұрын

    අර්ථවත් පද මාලාවක් ගැඹුරු තාත්වික බවක් බොහොමයකගෙ මුළු ජීවිත කතාවක් හදවතට දැනෙන නිර්මාණයක් ❤. ගැහැනිය වනාහී තවත් ගැහැනියකට දරුනුතම කුනාටුවක් නොවී සිටීමට වග බලාගත යුතුය. ❤🙏

  • @blackangle3083
    @blackangle3083 Жыл бұрын

    Harima lassana wachana tikak...e wachana tikata respet karanawa thisara....jayen jaya..

  • @user-ur8uv7ob7g
    @user-ur8uv7ob7g Жыл бұрын

    Karana hema song ekakma harima lassanai.oyata suba pethum aiye .

  • @Lyricsofuniverse
    @Lyricsofuniverse Жыл бұрын

    ජීවිතය…බැදීම් - අතහැරීම් , විදීම් - විදවීමි එකම තනුවක… ලස්සන නිර්මානයකින්.

  • @mahibhagya4128
    @mahibhagya4128 Жыл бұрын

    ජීවිතේ පලවෙනි පාරට සින්දුවක් trending යන්න ඕනි කියලා හිතුන සින්දුවක්🖤🙂😍 අහපු දවසෙ ඉදන් පිස්සුවෙන් වගේ දවසට විසි පාරක් විතර අහනවා,🖤🖤

  • @dloved4456
    @dloved4456 Жыл бұрын

    Harima lassani hithata danuna ansathu oba tharamma. Me wage thawa lassana nirmana ona

  • @harshamaduwantha1893
    @harshamaduwantha1893 Жыл бұрын

    Oytage sinduwla mrama arthyk tiyenne godk thnks me wage nirmna krnwta

  • @rosefernando2075
    @rosefernando2075 Жыл бұрын

    කියන්න වචන නෑ සහෝදරයා හදවතට දැනෙන හරිම සංවේදී ගීත නිර්මාණයක්, නිර්මාණයට දායක වූ සැමටම සුභ පැතුම්!!

  • @kasunkarunarathna9241
    @kasunkarunarathna9241 Жыл бұрын

    සින්දුවෙ වචන වලට උපරිම සාදාරනයක් සෙනාලි කලා. ඇත්තටම ඒ ඇක්ට් එක මාර ලස්සනයි.. Good job senali ♥️

  • @sisirakumara6180
    @sisirakumara6180 Жыл бұрын

    Athathatama as walata kadulu awa.super malli oya nam super.

  • @malidu7
    @malidu7 Жыл бұрын

    වචනවලින් කියා නිමකර නොහැකි ගීතයක් .. විඩියෝ එකේ හිත නැවතුනු තැන් බොහොමයක් තිබුනා. අන්සතු ඔබ ගීතයට නොදෙවෙනි නිර්මාණයක් .😍

  • @ThisaraWeerasinghe

    @ThisaraWeerasinghe

    Жыл бұрын

    Thanks ✌️

  • @destinationsrilankatoursho185
    @destinationsrilankatoursho185 Жыл бұрын

    සින්දුව ලස්සනයි. හයි පිච් කියන්න එපා. ඔයාගෙ ලස්සන ලෝ පිච් කියනකොට තමයි කටහඩ. ජය ශ්‍රී

  • @CR-Creation1981
    @CR-Creation1981 Жыл бұрын

    ජීවිත කතාවම කෙටියෙන්, භාවනාවක් වගේ. ලස්සන වැඩක්

  • @thakshilaranathunga859
    @thakshilaranathunga8597 ай бұрын

    ඇත්ත මටත් එහෙම දැනුනා ඒත් මම තාම උත්සාහ කරනව තනියම ජීවිතේ දිනාගන්න

  • @ChamiCreations
    @ChamiCreations Жыл бұрын

    හිතට දැනෙන නිර්මාණයක් ... මේ වගේ දරුවන්ට තාත්තෙක් උන චරිතයක් ගැන සිංදුවක් අහන්න ආසයි ඔබේ හඬින් ...එහෙම චරිත ගැන නිර්මාණ ගොඩක් අඩු නිසා...

  • @ThisaraWeerasinghe

    @ThisaraWeerasinghe

    Жыл бұрын

    💚

  • @lakeeshani1297
    @lakeeshani1297 Жыл бұрын

    Obage hama geethayakama wagema me geethayedith papuwa hira una,lassanai godak

  • @imanganethmini5820
    @imanganethmini5820 Жыл бұрын

    අනේ 🥺 අන්තිමේදී මොකක්දෝ මහා වේදනාවක් දැනුනා.. ඇස් වල කදුලු පිරුනා 🥺❤

  • @ThisaraWeerasinghe

    @ThisaraWeerasinghe

    Жыл бұрын

    💚

  • @priyantipanandu9765
    @priyantipanandu976511 ай бұрын

    Awankwa Adrya .karpui kank Monam hatuwak awath. Tawth kank hoya yanne nata atana attehe adrya nowa ragayki 😢😢

Келесі