Hadapan Ella Camping | The Most Incredible Nature Scenery of Hadapan Ella | හදපාන් ඇල්ල මුදුනටම

Ойын-сауық

මේ සුන්දර ගමනාන්තය පිළිබඳ ලිවීමට ඇති දේ බොහෝය. මේ ගමන ආරම්භ වන්නේ සති අන්තයකයි. වර්ශාව වැටී ගංගා,ඇල,දොළ ජලයෙන් පොහොසත්ව ගලා බසිනා කාලයක මහා වනාන්තරයකට මායිම්ව ඇති දිය ඇල්ලක් මුදුනේ කදවුරු බැදීම යම් කිසි ආකාරයක අවධානමක් සහිත වැඩක් බව අප තිදෙනාම දැන නොසිටියා නොවේ. සෙනසුරාදා පාන්දරින්ම කොළඹින් පිටත් වූ අප කලවාන හරහා රක්වාන දක්වා වැටී ඇති මාර්ගයේ ගමන් කොට හඳපාන් ඇල්ල පේන මානයෙන් වාහනය නවතා ගත්තේ හඳපාන් ඇල්ල මුදුනට යාමට මාර්ගයක් සොයා ගැනීමට යි.
යාමට හරියාකාර මාර්ගයක් නොමැති සුන්දර දිය ඇල්ලක් මහා වනාන්තරයක් මැදින් කඩා හැලීම දෙස ඈත සිට බලා හිදීමත් භාවනාවක් වැනිය. කෙසේ නමුත්, ගම්වාසීන්ගෙන් අසා දැනගත් තොරතුරු අනුව වසා දමා ඇති සංචාරක බංගලාවක් ආසන්නයේ ඇති තේ වත්ත කෙලවරින් වනාන්තරයට ඇතුලු විය හැකි බවත්, නිතර යන ගම්වාසීන් පවා මං මුලා වී දින ගනන් වනාන්තරයේ අතරමං ව සිට නැවත සොයාගෙන ඇති බවත් දැන ගන්නට ලැබුනේ දිය ඇල්ල සොයා යාමේ ආශාව තව තවත් වර්ධනය කරමිනු යි.
කෙසේ නමුත් අප සංචාරක බංගලාව සොයා නැවතත් ගමන් ඇරඹූ අතර, අවසානයේ ප්‍රවේශ මාර්ගයට අගුලු දමා තිබූ ගම්වාසීන් පැවසූ බංගලාව සොයා ගැනීමට අපට හැකි විය. ගේට්ටුවට පේන මානයේම වතු කම්කරුවෙකි. "මාමේ..." මා යම් තරමක උස් හඩින් පැවසූවේ අප සිටි දුර වැඩි නිසාවෙනි. වට පිට බැලූ වතු කම්කරුවා අප දෙස බලා
"හෝටලය කාලෙක ඉදන් වහල මාත්තයා.." යනුවෙන් කියා සිටියේ අප පැමිණි කාරණය පිළිබද වැටහීමකින් නොවන බව අප එකිනෙකාගේ මුහුණු දෙස බලා ගැනීමට හේතු විය. ලද අවසරයෙන් ගේට්ටුවෙන් රිංගා ගත් අප සරමක් සහ මඩ වැදුනු කමිසයකින් සැරසී සිටි "ක්‍රිශනමූර්ති" මාමා ගෙන් අප පැමිණි කාරණය පිළිබඳව සහ දිය ඇල්ලට යන ඉසව්ව පිළිබදව කරුණු කාරණා විමසා දැන ගත් අතර, ඉන් අවසානයට ම දැනගත් කරුණ ගැන නම් හදවතට ගෙන ආවේ යම් කිසි කුතුහලයකි.
වනාන්තරයට සුදුසු ඇදුමකින් සහ බූට් සපත්තු වලින් සැරසුනු අප, තේ වත්ත මැදින් වනාන්තරයට ගොඩ බට වූ අතර ගමන ආරම්භයේ සිටම කූඩැල්ලන්ගෙන් ලැබුනේ උණුසුම් පිළිගැනීමකි. උස් ශාක වලට යටින් කුඩා ශාක බොහෝ ප්‍රමාණයක් වැවී තිබූ අතර, ඒ සියල්ලකම පාහේ පාසී වලින් වැසී පැවතිනි. ගමන් කිරීමට ඇති එළිපෙහෙලි බිම් කඩ පුරා වැටී ඇති ගල් මත ඉතා හොදින් වැඩුනු පාසි සහ කුඩා පැලෑටි බොහොමයකි. කූඩැල්ලන්ට පාරාදීසයක් වූ මේ පාරසරික තත්වය අපට මුලු ගමන පුරාවටම විවේකයකින් තොරව ගමන් කිරීමට මග සාදා තිබුනි. මක් නිසාද යත්, කුඩා වේලාවකට හෝ හිද ගැනීමට විවේක ගැනීමට නතර වූ සෑම වේලාවකම කූඩැල්ලන් සිය ගනනින් අප වටලන්නේ නිමේෂයකිනි.
මද දුරක් ගමන් කිරීමේ දී හමු වන්නේ දිය පහරකි. ඒ ආසන්නයේම ගසක අත්තක බැද තිබූ පඩුරු කිහිපයකි. මං මුලා වීමත් හස්තිරාජයන්ගෙන් ආරක්ශා වීමත් පාර්ථනා පෙරදැරිව මින් පෙර වනාන්තරයට පැමිණි ගම් වාසීන් බැද ඇති පඩුරු අත්තේ එකෙ කොනක සිට තැනින් තැන මෙලෙස බැද තිබුනි. සීතල දිය පහරින් සිත් සේ පිපාසය සංසිදුවා ගෙන පඩුරු ගසේ අත්තක් එල්ලා නැවතත් ගමන් ඇරඹූ අප සුපුරුදු පරිදි නිෂ්ශබ්දව ගමන් කලේ අවධානය පවත්වා ගනිමිනු යි.
ගමනේ මුල සිට අවසානය දක්වා ම ඇත්තේ එකම කන්ද කි. දෙතුන් තැනෙක කුඩා තැන්නක් හමු වුවද එය වෙහෙස අඩු වීමට තරම් ප්‍රමාණවත් නොවීය. පැය දෙකක පමණ වනාන්තරය මැදින් ගමන්ගත් පසු හමු වන්නේ විශාල තැන්නකි. "ගවරවිල" සහ "චැරියට් පාත්" වලට සමාන හැඩ හුරුවමකින් හෙබි මේ තැන්න අවසානයේ ගලා බසින්නේ සුපැහැදිලි දිය පහරකි. පාසි පිරුණු කුඩා ගල් අතරින් ගලා බසිනා දිය දහර ගමන් මහන්සිය නිවා දැමීමට තරම් මනස්කාන්ත ‍ය.
දිය පහර දිගේ මිටර හයසියයක් පමණ ගමන් ගත් අප දිය දහරාව අවසන් වන දිය ඇල්ල මුදුනතට ලගා විය. මිනිසුන් විසින් නිර්මාණය කලා වැනි පඩිපෙළකට සමාන අයුරින් ඇති දිය ඇල්ල කොටස් අටකින් පමණ කඳු වැටියේ තැන් කිහිපයකින් පහලට කඩා හැලෙන්නෙ නෙත් අභිමුව පාරාදීසයක් මවමිනි. මෙහි තව තවත් ජලය තිබුනා නම් මෙය ඇත්ත වශයෙන් ම කුඩා නයගරාවක් වැනිය. දිය ඇල්ල ඉහලට වී පැයක පමණ කාලයක් වාඩි වී සිටි අප, මද වේලාවකින් දිය ඇල්ල ආසන්නයේම අපගේ කූඩාරම් බැද ගත්තේ මේ පාරාදීසයේ දින දෙක තුනක කාලයක් නිදහසේ ගත කිරිම ආරම්භ කරමිනු යි.
උදෑසන සිට හරියාකාර ආහාරයකින් තොරව සිටි අප බත් සහ තවත් එලවලු කිහිපයකුත්, උණුසුම්ව සකස් කර ගත් අතර දිය ඇල්ලට ආසන්නයේම ඇති නාන තටාකයකට සමාන සුපැහැදිලි සහ සීතල ජල තලයට බැස ගත්තේ හොදින් නා කියා ගැනීමටයි. සීතල වතුර වෙහෙසට පත් ව සිටි අප සුවපත් කරා වැනිය. වතුරෙන් ගොඩ බට වූ අප සකස් කර තිබූ ආහාර වේල රස විදිනු ලැබුවේ දිය ඇල්ල ඉහලට වී ඈතින් පේන වනාන්තරයට රාත්‍රිය උදා වන දෙස නෙත් අයාගෙනයි.
දිය පහර සමග පැමිණි වියලුනු දර කැබලි ඕනෑ තරම් ය. දෙපස වන ලැහැබට ලං නොවන පරිදි දිය ඇල්ල මැද පැතලි ගල් තලයක කුඩා ගිනිමැලයක් සකස් කර ගත්තේ රාත්‍රිය උදාවත්ම අවට වනාන්තරය වසාගෙන පැමිණෙන මීදුමත් සමග එකතුව එන සීතලෙන් යම් තාක් ගැලවී සිටීමටයි. අගුරු පිච්චෙන ශබ්දයත්, කුඩා නිශාචරයන්ගේ ශබ්දයත්, දිය ඇල්ලේ ශබ්දයත් ‍රස විදිමින් මැදියම් රැය වන තුරුම ගිනි මැලයට වට වී, ආ ගිය තොරතුරු විමසමින් සිටි අප තිදෙනා රාත්‍රි එකොලහට පමණ කුඩාරම් තුලට රිංගා ගත්තේ වනාන්තරය මැද ඇති හඳපාන් ඇල්ල මුදුනේ රාත්‍රියක් ගෙවා දැමීමේ වාසනාව කර මත තබාගෙනයි.
හෙට දිනයේත් දිය ඇල්ලේ අනෙක් කොටස් සොයා ඇවිද යා යුතුය. එක් දිය ඇල්ලක මුදුන සෙවීමට යම් කිසි අවධානමක් ගත යුතුය. ඒ සියල්ලක්ම රූප රචනාවෙන් ම නරඹමු.
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
Instagram - / dinesh_a_pathum
මෙබදුම වූ සංචාර කිහිපයක්
ලකේගල තරණය - • Lakegala-Meemure | මීම...
නුවරගල තරණය - • Nuwaragala | Ampare | ...
බලාන (ආදිතමයන්ගේ ගල් ලෙන් සොයා)
Part one - • උරුමය සොයා අම්පාර "බලා...
Part two - • උරුමය සොයා අම්පාර "බලා...
අවාරයේ මහ වනාන්තරය මැදින් - • අවාරේ සිරිපා | Off sea...
ුආයුබෝවන් මෙේදිනේෂ්.

Пікірлер: 1 000

  • @lahiruranaweera8810
    @lahiruranaweera8810 Жыл бұрын

    මචන් දිනේශ් උබ කතා කරද්දි අහන් ඉන්න මාරම අසායි මචන්. ඒ වචන ගලපන විදිහ ඇත්තටම පෙර පිනකට ලැබුනු තෑග්ගක්💚💚💚

  • @adithya3285

    @adithya3285

    Жыл бұрын

    Eya psychotherapist kenekne ekai

  • @tharindudananjaya2383

    @tharindudananjaya2383

    Жыл бұрын

    Sirawtm kathwa ekk traveling vibe eka supiriyt danenw ❤

  • @chandimalakmali9577

    @chandimalakmali9577

    Жыл бұрын

    Yes true❤❤

  • @ThakshilaDilrukshi-zf7dt

    @ThakshilaDilrukshi-zf7dt

    Жыл бұрын

    ඔව්....මගේ ආසම Traveler 🍃🌎

  • @lionelmataragedon4578

    @lionelmataragedon4578

    8 ай бұрын

    අපේ රටේ අපිට දැකගන්න අමාරු ලස්සන සුන්දර සොබාදහම බලාගන්න ලැබෙන ඵක ලොකු සතුටක්! ලස්සන කටහඩින් විස්තරාත්මකව පැහැදිලි කර දෙනවා!ගොඩාක් ස්තූතියි ඔයාටත් ඔබගේ මිතුරන් ටත්!ඵ් වගේ ම ගොඩාක් පින්!!!🙏🌻❤

  • @kaveensachintha3606
    @kaveensachintha3606 Жыл бұрын

    හදවතේ සොදුරු සංචාරකයා ♥️ දිනේෂ් අයියා.... තව තවත් අපේ රටේ 🇱🇰 සුන්දරත්වය අපට පෙන්වීමට හැකියාව ලැබෙන්න ඕනි ♥️ අයියට ජය ✌♥️

  • @ishanijayakody7265
    @ishanijayakody7265 Жыл бұрын

    මා දුටු සුන්දර මනුස්සයෙක් ........ ඒ කටහඬ භාවනාවක් වගේ..... අහන්න අහන්න ආසයි.❤

  • @ravindumadushanka453
    @ravindumadushanka453 Жыл бұрын

    හොදටම වහින වැස්ස වෙලාවක මේ වගේ වීඩියෝ එකක් බලද්දි ඒ ෆීලින් එක හොදටම දැනුනා. මේ වගේ ලස්සන තැන් පෙන්නනවට ගොඩක් ස්තූතියි දිනේශ් අයියෙ ❤️

  • @DineshAPathum

    @DineshAPathum

    Жыл бұрын

    ගොඩාක් ස්තූති මල්ලි

  • @hirunihansala6902

    @hirunihansala6902

    Жыл бұрын

    Ow eka atta danuth wahinawa .

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    මමත් අහල නොතිබුන ඇල්ලක් සුපිරි ගමනක් මේකත්. ජය වේවා මල්ලී

  • @Ash-zu8jf

    @Ash-zu8jf

    Жыл бұрын

    ​@@DineshAPathum ආදරෙයි හැමදාමත් දිනේෂ් අයියා💚🍃❤

  • @kumarakasun6721

    @kumarakasun6721

    Жыл бұрын

    @@DineshAPathum 4n number ekak denna

  • @BeautifulSoul17
    @BeautifulSoul17 Жыл бұрын

    ගොඩාක් ලස්සනයි 🥺🥺🥹ඒ වගේම ලොකු අවදානමක් අරගෙන ඒ සුන්දර දිය ඇල්ල හරියටම බලන්න .... කථාව අහගෙන ඉන්න තමයි ගොඩාක් ආස. 💚🌿 සිත නිවන භාවනාවක් වැනිය නුඹේ හඩනම් මගේ සවනට ❤😍

  • @Pramod_Dilhara
    @Pramod_Dilhara Жыл бұрын

    අයියේ.... ඔයාලාට හෝරා කීපයකට පස්සේ අපිත් ඔතන සුන්දරත්වය විදගත්තා...🏔🏔 ඔයාලාගෙ කදවුරු පේන මානයෙන් රෑ පහන් කරන්න අපිත් හිටියා....🏕🏕🏕 මේ රූප මාලාව අයෙත් ඒ සුන්දර මතක අලුත් කරා... ගොඩක්ම ලස්සන තැනක්. මේක දකින් අනිත් අයටත් කියන්නේ පරිස්සමට ගිහින් එන්න කියලා.. හැබැයි කිසිම හානියක් නම් කරන්න එපා.. අයියේ.... ඔයාලට ජය වේවා... 🙏🙏🙏

  • @leshanhandapangoda9844

    @leshanhandapangoda9844

    Жыл бұрын

    Machan poddak number eka dannako

  • @dragonnetmedia
    @dragonnetmedia Жыл бұрын

    මේ තමා ලංකාවට ඕන ❤️"පැතුම්"!❤️ PS: අනේ මචෝ ලංතෑරුම ගෙදර තියල, අඩුමගානෙ එක safety rope එකක් අරන් යන්න! ❤️❤️❤️

  • @nimha9606
    @nimha9606 Жыл бұрын

    සොබාදහමේ ආශිර්වාදය ලැබු පිංවන්ත ඇස් දෙකක් ගහකොළට සතා සිවුපාවුන් ට ආදරය කරන ලස්සන හදවතක් මිනිසුන් ඉන්නා ලෝකයක සැබෑ මනුෂ්‍යයක් සහ මනුෂ්‍යත්වයක් ❤️😌🍃

  • @Realstart
    @Realstart Жыл бұрын

    You are one of the most captivating characters I have ever seen on KZread and thank you very much for showing us beautiful & magnificent places in Sri Lanka. I wish you all the very best.

  • @DineshAPathum

    @DineshAPathum

    Жыл бұрын

    Thank you so much for spending your valuable time to watch my video

  • @Ash-zu8jf
    @Ash-zu8jf Жыл бұрын

    දිනේෂ් අයියා මේ වගේ ලස්සන රටක,ගින්දර traveling🔥 vlogs බලන්න api කොච්චර වාසනාවන්ත ද ❤❤🙏...කියන්න වචන නැ අයියා .ආදරෙයි හැමදාමත් ...සොබාදහමේ අපූරු මානව හිතවාදියා💚👊🍃❤.ඔබට ජය සහෝදරයා ❤❤

  • @sameevlogs5795
    @sameevlogs5795 Жыл бұрын

    Superb👏🏽👏🏽👏🏽

  • @______ashan_69_
    @______ashan_69_ Жыл бұрын

    Video එක දැක්ක බලන්න උනෙ අද... කොමහරි,. මුලින්ම මතක් උනෙ ජැක්සන් ඇන්තනී මහත්මයා සමග ඇරඹුන කලුගග දිගේ වැඩසටහන ඒ වැඩසටහනේ අවාරේ සිරිපා කරුනාව තිබුන පරිච්ඡේදයේත් එතුමා චරිත දෙයක් රගදක්වන විදියට කතාව හැඩ ගැස්සුව., දිනේශ් අයියෙ ඔයාත් ඒ විදියට ගමන රසවත් වෙන්න video එක බලන්න ආස හිතෙන්න අමුතු trek එකක් පාවිච්චි කරල ඒක ලස්සන දෙයක්💓🍃🍂🏕️🏞️ බොහොම ස්තූතී අමාරු වෙහෙස කර ගමනක් ගිහින් අපිට ලස්සන රූපරාමු එකතු කරල පෙන්වන එකට. ගොඩාක් පිං. තව තවත් මේ වගෙ ගමන් යන්න ශක්තිට ලැබේවා ඒ වගේම පරිස්සමෙන් දෙවිපිහිටෙන් ගමන අවසාන දක්වාම ආරක්ෂා කරලා දෙත්වා... බුදුසරණයි ... ඒ වගෙම කලුගග දිගේ කිව්වම මතක් වෙන එතුමාටත් ඉක්මන් සුව ලැබේව කියල ප්‍රාර්තනා කරනව!!!..

  • @sasikanamal5245
    @sasikanamal5245 Жыл бұрын

    මොනවකරත් පරිස්සමෙන් පොඩි ජැක්සන් 💪 බුදුසරණයි දෙවිපිහිටයි 🙏

  • @jayaniramesha5139
    @jayaniramesha5139 Жыл бұрын

    ගවරවිල,චැරියට් පාත්, සදගල තැන්න...ඔක්කොම මතක ටික...චුට්ට චුට්ට එකම තැනක ....කියන්න වචන නෑ ඔයාට බුදුසරණයි අයියේ......✊💓🌏✌️

  • @ArunaPiyankara-kf9gd
    @ArunaPiyankara-kf9gd12 күн бұрын

    පරිසරයට ආදරය කරන පුද්ගලයකු තමා දිනෙශ් අයියා ජයවෙවා ❤️

  • @nishanthakumara2311
    @nishanthakumara2311 Жыл бұрын

    Niyamai bro 👍👍👍🇱🇰🇱🇰🇱🇰👌👌👌

  • @lakshanbenadick7206
    @lakshanbenadick7206 Жыл бұрын

    ඔබට සමකළ හැකි සංචාරක රූප රචකයෙක් මේ රටෙහි තවත් බිහි වී නැත බිහි වන්නේද නැත...ආයුබෝවන්..මම දිනේශ්.... ඒ වචන ටික ඇහුවත් ඇති සිත නිවෙන්න❤️😌...

  • @sahanprabodha9457
    @sahanprabodha9457 Жыл бұрын

    අවාරේ සිරිපා කරුණාව...🙏💚🌍 ඉවසිල්ලක් ඒ මොහොත පැමිණෙනතෙක්...😍 ඉක්මනින් ම නැවත හමුවෙමු මා මිත්‍රයා ❤️

  • @deepikaweraddana8390
    @deepikaweraddana8390 Жыл бұрын

    Niyamai aiya oyage videos.all the best 👍👍👍👍

  • @bimsara1981
    @bimsara1981 Жыл бұрын

    රෑ වෙලා මේ වගේ වීඩියෝ එකක් බලනකොට ඇගට එන්නෙ අමුතුම හැගීමක් අයියලට බුදු සරණයි හැමදාම මේ වගේ ලස්සන වීඩියෝ දාන්න අයියලගෙ හැම වීඩියෝ එකක්ම මග නොඇර බැලුව මම

  • @ukwaththauwwk4073
    @ukwaththauwwk4073 Жыл бұрын

    හදපාන ඇල්ල ඈතින් දකින හැම මොහොතක සොදුරු සංචාරකයා මතකයට ආවා.. ලොකු විස්වශයක් හිටතේ තිබ්බා කවදා හරි ඔබ ඇතුලු කන්ඩායමේ මේ නොඉඳුල් වන ලැහැබෙයි පා සටහන් තබා යාවි කියා..💚 මේ කොමලිය අධික වර්ෂාවට ඇත්තටම පුංචි නයගරාවක් වගේම ඇති.

  • @chamaradilshan9730
    @chamaradilshan9730 Жыл бұрын

    අයියාගේ video එකක් දානකන් හැමදාම ඉවසිල්ලක් නැතුව බලන් ඉන්නවා.ඒ මොකද අයියා සොබාදහම විදින විදිහට.අයියාගේ Video බලද්දී හිතට ලොකු සැනසීමක් දැනෙනවා සොබාදහම එක්ක ජීවිතය ගත කරන විදිහට. බුදුසරණයි අයියේ තවත් හොඳ දේවල් ඉස්සරහට කරමු. ❤️💪💖

  • @hashankavinda5975
    @hashankavinda5975 Жыл бұрын

    සුපිරි සුපිරි 👊👊👊 video එක ආරම්භ කරන විදිය මරු ඒක වෙන ව්දියේ එකක් නියමයි සහෝදරයා ජය වේවා 👊👊👊👊👊👊👊 ඉක්මනින් Subscribed ලක්ෂ වෙන්න කියලා හදවතින්ම ප්‍රර්තනා කරනවා .

  • @sehasvindila9270
    @sehasvindila9270 Жыл бұрын

    supiri bro,,,,pattama asa hithena vidiyata wede karanawa...keep it up broo...

  • @priyaniwirakoon6201
    @priyaniwirakoon6201 Жыл бұрын

    පුදුම සුන්දරත්වයක්‌. ❤ ගග දිගේ යනවිට ජැක්සන් මහත්මයාව සිහිපත් උන අතර ඔහු සුවපත් වේවා ! ප්‍රාර්ථනා කරමු. ඔබ අර දෙබොක්‌කාවට බහින තැනදී ඇතිවූ බිය නම් විස්තර කිරීමට බැරිතරම්. ඔබ තබනා සැම අඩියක් පාසාම සමන් දෙවිදු පිහිට ආරක්ෂාව ලැබේවා!🙏 පුතා.

  • @pubudulk8375
    @pubudulk8375 Жыл бұрын

    බලන්ඩ කලින්ම කමෙන්ට් එකක් දැම්මෝ මොකද දන්නවා ඔයා වීඩියෝ එකක් දැම්මොත් සුපිරියක් තමා කියලා🍂❤️

  • @shakthimanamperi115
    @shakthimanamperi115 Жыл бұрын

    Hamadaaama wagee supiri...

  • @nishshankaprabath2231
    @nishshankaprabath2231 Жыл бұрын

    ආසාවෙන්ම බලන චැනල්එක😍🔥❤️👍 පරිස්සමින් සහෝදරයා❤️

  • @hasithawejesundara4164
    @hasithawejesundara4164 Жыл бұрын

    හැමදාමත් වගේ හරිම ලස්සනයි පුතා .අහලවත් දැකලාවත් නොතිබුණු අතිශයින් සුන්දර දියඇල්ලක්.ඔයාට පින් සිදුවෙනවා අපිට මේ සුන්දරත්වය පෙන්වන්න ඔබ ගන්න වෙහෙසට .ඔබ වන් සොදුරු මිනිසකු තැනු දෙමාපියන්ට මාගේ ගෞරවය වේවා !!!🙏🙏🙏💚💚💚

  • @nuwanlasantha9257
    @nuwanlasantha9257 Жыл бұрын

    දිනේශ් ලොක්කා විඩියෝ දාන්න පරක්කු කරන්න එපා අපිට වාවන්නෙ නැ 🤣♥️♥️♥️♥️

  • @yelakamahesh9670
    @yelakamahesh9670 Жыл бұрын

    Niyamai aiye..godak lassanai video eka..good luck..!

  • @sanjeewakumarikkanda1611
    @sanjeewakumarikkanda1611 Жыл бұрын

    ලස්සනයි denesh අයියා vloge eka jaya wewaaa👍👍👍👍

  • @kithsirirathnayake8215
    @kithsirirathnayake8215 Жыл бұрын

    මෙහෙම වීඩියෝ එකක් බලලා කොමන්ට්ස් නොදා යන්නෙ කොහොමද ...මොනව උනත් අවදානම් තෙනකට යනකොට බලගෙන යන්න සහෝදරයා .තවත් ඔනෙ මේවගේ ඒවා බලන්න ..ස්තුති ....

  • @dulakshachamikara438
    @dulakshachamikara438 Жыл бұрын

    දාපු ගමන් එන්නෙ අයියේ සික් එක වගේ ❤️

  • @dineeshanpathirana4189

    @dineeshanpathirana4189

    Жыл бұрын

    ඇත්ත 😌

  • @yasaschaminga497
    @yasaschaminga497 Жыл бұрын

    සුමන සමන්දෙවි පිහිටයි

  • @nathidurahal4574
    @nathidurahal4574 Жыл бұрын

    Lankawe thiyana sundara thenwalata yanna wasanawa lebewa niyamai sahodaraya👏👍👍👍

  • @buddikanuwan6139
    @buddikanuwan6139 Жыл бұрын

    විඩියෝ 1ක පටන් ගත්ත විදිය ලස්සනයි. බුදු සරණයි මචන්..

  • @dunstanfernando2872
    @dunstanfernando2872 Жыл бұрын

    බනින්න එපා කිව්ව නිසා බනින්න හිතෙන්නෙ නෑ. නමුත් ඔයා අපිට යන්න බැරි තැනක අපිව ගෙනිච්චට ගොඩාක් පින්. හැමදාම වගේ අදත් අපි හරිම ආසාවෙන් ඔයාගේ වීඩියෝ එක බැලුවා. කොහේ ගියත් මොනවා කළත් ඔයාගේ පරිස්සම ගැන හොඳට හිතන්න. ඔයා වගේ පරිසරයට ආදරය කරන තරුණයන් අපේ රටට දායාදයක් dinesh.

  • @dulikaperemasiiri740
    @dulikaperemasiiri740 Жыл бұрын

    ලැබෙන පොඩ් විවෙකයෙන් කොහොමහරි vlog එක සම්පූර්ණයෙන්ම බලාගත්තා එක තප්පරයක්වත් මිස් නොකර .සොබාදහම රකින්නා සොබාදහම විසින්ම රකිනු ලබයි කියන දේ මතක් වෙනවා ඔබ පා තබන සමහර අවදානම් ඉසව් වලදි .කොහොම උනත් පරිස්සමෙන් අයියේ ජය වේවා තෙරුවන් සරණයි 💪❤️

  • @Mudith_Vancouver
    @Mudith_Vancouver Жыл бұрын

    pattama lassana video ekak

  • @ashandulanjana2336
    @ashandulanjana2336 Жыл бұрын

    අයියගෙ vedio එකක් බැලුවා කියන්නෙ අයියා එක්කම අපිත් ගියා වගේ තමා...ඒ කියන වචන මාරම විදියට හිතට වදිනවා...පරිස්සමින් අයියෙ..ජය වේවා 💓

  • @thilinadarshana6050
    @thilinadarshana6050 Жыл бұрын

    එක තප්පරයක් යවන්නේ නැතුව බලන එකම travel වැඩසටහන මේක❤️. දිනේෂ් අයියා ඇතුලු සගයන්ට සුමන සමන් දෙවි හාමුදුරුවන්ගේ පිහිටෙන් අපි අසා තිබුනට කිසි දිනක දැක නැති මේ අපේ සිරිලක මුතු ඇටේ අසිරිය චමත්කාරය උරුමය වත්කම තව තවත් අපහට පෙන්වීමට ශක්තිය ලැබේවා 🙏

  • @hirunihansala6902
    @hirunihansala6902 Жыл бұрын

    Aiyage video supiri godak asawen blanne bohoma sthuti

  • @renukasubashani4212
    @renukasubashani4212 Жыл бұрын

    අහම්බයකින් dakka meyalaga video ලස්සනයි

  • @kanthikusumalatha1046
    @kanthikusumalatha1046 Жыл бұрын

    අපේ රටේ කොච්චර සුන්දරත්වයෙන් පිරණු රටක් ඔබතුමා ඇතුළු සියලුම දෙනාටම පින් මේ වාගේ වැඩසටහන් ගෙන්න තව තවත් ශක්තිය ලැබේවා හිතට ලොකු සතුටක්

  • @sanjeewapradeep2848
    @sanjeewapradeep2848 Жыл бұрын

    දිනෙෂ් සහොදරයා ඔයගේ video බලපුවම හිතට මරම සැනසිමක් එන්නෙ. මමත් නිහඬ පරිසරයට කැමැතිම කෙනෙක් .තවත් ඔය වගෙ video දාන්න ... ඔයාට ජයවේවා සහෝදරයා ...හදවතින්ම

  • @thilinijayamali1360
    @thilinijayamali1360 Жыл бұрын

    Budu. Saranai. Jesu. Pihitai. Tawath. Me wage. Vidio denna. Shakthiya. Dairiya. Bebewa. Aiye......🌹🌹🌹🌹🌹🌹

  • @pmgraphic6642
    @pmgraphic6642 Жыл бұрын

    ilaga video enakam iwasillak na aiye. jaya wewa.

  • @Shan-00
    @Shan-00 Жыл бұрын

    යාගන්නට බැරි උන කොච්චර තැන් වලට අපිව එක්කං ගියාද දිනේශ් අයියා. 🌝🌿ඉදිරියටත් එය එසේ වේවා. හරි පරිස්සමෙන් 😍👍

  • @anojapriyadarshani5994
    @anojapriyadarshani5994 Жыл бұрын

    ආයුබෝ වේවා මගේ සහොදරයා......ඉතින් මේ විදිහටම ඔයාලා මහන්සි වේලා දුක සතුට මැදින් අපිව ලස්සන සුන්දර තැනක් වෙත අරන් ගියා ට ඔයාලාට දළදා හාමුදුරුවන් ගේම පිහිටයි සහොදරයා....ඔයාලා සහොදරයා අපිට ලොකුම අභිමානයක්...ජය වේවා ... සුමන සමන් දේවි පිහිටයි ඔයාලාට.....👍👍👍👍👍👍🌎

  • @malakasilva6026
    @malakasilva6026 Жыл бұрын

    වැස්ස වෙලාවක වැස්සේ සද්දෙත් එක්ක .මේ වීඩියෝ බලන එක වෙනම් ෆීලිං එකක් ...😍...❤️

  • @lochanacharith6276
    @lochanacharith6276 Жыл бұрын

    DAP❤️..brand එකක්🔥

  • @anuruddhaamarosa1590
    @anuruddhaamarosa1590 Жыл бұрын

    දිනේෂ්, ඔබගේ සංචාරයන් අති විශිෂ්ටයි. විදේශගතව සිටින අපි ඔබගේ වැඩසටහන් බලන්නේ කඳුළු පිරි දෙනෙතින් යුතුවයි. ඒ කදුළු දුක සහ සතුට දෙකම මිශ්‍ර වූ එකක්. ඒ අපේ ලංකාවේ ලස්සන දකින විට ඇසින් පනින සතුටු කඳුළු සහ අපේ දේශපාලකයන් විනාශ කර දැමූ අපේ ලස්සන ලංකාව දකින විට ඇසෙන් පනින ශෝක කඳුළුයි. "සුන්දර සිරිබරිනී සුරැඳි අති සෝබමාන ලංකා, ධාන්‍ය ධනය නෙක මල් පලතුරු පිරි ජය භුමිය රම්‍යා, අප හට සැප සිරි සෙත සදනා ජීවනයේ මාතා, පිළිගනු මැන අප භක්‍තී පූජා නමෝ නමෝ මාතා... 🙏 ඔබට ජය ! අරගලයට ජය වේවා !!

  • @naveenlakshan3437
    @naveenlakshan3437 Жыл бұрын

    ලංකාවේ ලස්සන බලන්න..පින නැ.ඔයාලා එ අතින් පටිිට lucky..මමත් දවසක අනිවාර්යයෙන් යනවා...මෙ සුන්දර රටෙ ලස්සන බලන්න..දිනේෂ් අයියා.ඔයාට ජය❤️☘️🌿

  • @buddikaprasanna5122
    @buddikaprasanna5122 Жыл бұрын

    SUPER KIYANN DEYK NE PODI JACSON OYAGE YALUWA TIKK LAKI SIKAI EKE SIKA WAGEE❤❤❤❤❤❤❤

  • @dhananjayadias
    @dhananjayadias Жыл бұрын

    රත්නපුර _ කහවත්ත ට වෙලා පට්ට වැස්සේ සබරගමු කදු දිහා බලාගෙන. ඔයත් එක්ක හදපාන් ඇල්ල ට ගියා. සුපිරි 💙💙

  • @ramyatilakaratna6710
    @ramyatilakaratna6710 Жыл бұрын

    සුදු පුතේ හරිම ලස්සනයි. සමන් දෙවියන් ගෙ පිහිටයි

  • @palindapiyumal517
    @palindapiyumal517 Жыл бұрын

    හදවතේ සොඳුරු සංචාරකයා❤️ ඔබට බොහොමයක් ස්තූතිය පුදකරනවා මේ සොඳුරු ලක් මාතාවගේ සොදුරු දසුන් අපට ඉදිරිපත් කරනාවාට❤️🍃 💚🥰

  • @wasanthakumari4695
    @wasanthakumari4695 Жыл бұрын

    අමිමෝ අද නිවාඩුව සතුටින් ගතකරා ලස්සන විඩියෝ එකක් සමගින් ජයවෙිවා බුදුසරණයි

  • @tharinduroxhewagama1239
    @tharinduroxhewagama1239 Жыл бұрын

    ඇත්තටම සුපිරි .යන්න හිතුනා ජය වේවා .👌👌♥️♥️♥️

  • @erandanalin6155
    @erandanalin6155 Жыл бұрын

    ලංකාවේ සුන්දරත්වය ලෝකයටම ගෙනහැරපානා ආදරණීය දිනේෂ් සොයුර ඔබට සුභ පැතුම්..😍

  • @Vae17
    @Vae17 Жыл бұрын

    මෙච්චර සුන්දරත්වයක් තියෙන රටක් ලෝකෙ වෙන කොහේවත් නෑ ❤️✌️

  • @d.m.dvidurashashipraboddis807
    @d.m.dvidurashashipraboddis807 Жыл бұрын

    Mara concept eka aiye jayen jaya adrei❤❤❤❤❤❤❤❤budu saranai

  • @koshilaumayangani6977
    @koshilaumayangani6977 Жыл бұрын

    Wenada wagema thawath sundara sancharayak.Ayya katha karana vilasaya harima lassanai.sith ada ganna sului. Hari acharashili.E wagema e wachana walata, ayyage katha wilasayata kenekge hithak niwanna puluwan.Eka hamotama labenne nathi swabhawadharmayen labena uthum thaggak.Swabhadahame apuru mayawan obata puluwan uparimayen apita sameepa karanawata bohoma pin.THANK YOU SO MUCH. GOOD LUCK!

  • @gihantharindu1681
    @gihantharindu1681 Жыл бұрын

    ගොඩක් ස්තූතී දිනේශ් අයියේ රක්වාන අපේ ගමේ සුන්දරත්වයෙන් පිරුනු තැනක් ලෝකෙටම පෙන්නුවට 🙏 වීඩියෝ එක ගොඩක් ලස්සනයි , හිතට ගොඩක් සතුටුයි අපේ ගමෙත් සංචාරයකට ආවට 🥺 ජයම වේවා අයියේ , බුදු සරණයි ❤️

  • @dinushaperera5728
    @dinushaperera5728 Жыл бұрын

    ස්තුතිය.. අපේ රටේ මේ වගේ ලස්සන හැංගිච්ච තැන් පෙන්වනවට හා ඒ දෙන පණිවිඩ ඉතිහාසය පිලිබදව.... ජය.. ❤️❤️

  • @nayanitheekshani1963
    @nayanitheekshani1963 Жыл бұрын

    Notification එක ආපු ගමන් දැක්කා,ඒත් නිදහසේ සොබාදහම විදින්න ඕන හින්දා ටිකක් පරක්කු උනා,හදවතේ සංචාරකයා,හොයාගෙන යන්න වලපනේ කුරැදුඔය දිය ඇල්ල...ඒකත් මේ වගේම සොඳුරු අත්දැකීමක් අපිට වෙයි...❤️🌳🌱

  • @shewanthajayasuriya9636
    @shewanthajayasuriya9636 Жыл бұрын

    මන් මේ channel එකට addict වෙලා දැන් 🥰🥰

  • @hikingfirst
    @hikingfirst Жыл бұрын

    හදපාන් ඇල්ලෙ රූප රචනාව හරි සුන්දර අත්දැකීමක්. ලස්සන කෑම්පින් එකක් ජයම වේවා සුබම වේවා දිනේශ් අයියෙ 👣❤️

  • @this.8540
    @this.8540 Жыл бұрын

    ❤️🥺🍀 Wow! The Drone scene 😍 දිනේෂ් අයියා නිසා හොඳා වෙන කෙනෙක් නම් මූන සමතලා කරගෙන. 😁

  • @dbmahesh7834
    @dbmahesh7834 Жыл бұрын

    gawarawila wagema sundara thanak ,marama lassanai ayye , e wagema oyata godak pin godak mahansiwela video eka karala apitath balanna danawata, thawath lassana video ekaka enakan balan inno, monade karath paraiisamata, bs

  • @manojmadushanka850
    @manojmadushanka850 Жыл бұрын

    Adath video eka niyamai❤️

  • @Induliya
    @Induliya Жыл бұрын

    දයාබර හදවතේ සංචාරකයානෙනි, තවත් දිව්‍ය ලෝකයකට අපි ව එක්ක ගියා ට බොහෝම ස්තුති ❤️... ආයු බෝ වේවා ...!!!

  • @irashchinthaka5457

    @irashchinthaka5457

    Жыл бұрын

    දිනේෂ් kiyane coomado rejimethuwe හිටපු සුපිරි චරිතයක්

  • @samanlathamenika5410
    @samanlathamenika5410 Жыл бұрын

    පරිස්සමින් බුදු සරණයි හැමෝම ට ම..❤️🙏❤️

  • @dinukasampath1214
    @dinukasampath1214 Жыл бұрын

    Aiya oyage videos mama balanna patan gaththe lagadi, athi wishishtai adarei pelenna, budu saranai!

  • @travelsoul2842
    @travelsoul2842 Жыл бұрын

    දිනේශ් අයියේ හැමදාමත් කියනව වගේ අදත් සුපිරි ... ඔයාගෙ කතා විලාසය නම් මාරම ලස්ස්නයි ♥️

  • @koshilamadurangani236
    @koshilamadurangani236 Жыл бұрын

    ස්තූතියි.අපිත් මනසින් එතන හිටියා.🌹🌹

  • @hirunanimesh3263
    @hirunanimesh3263 Жыл бұрын

    Supiri video ekak ♥️digatama mewani video Karana aiyata shakthiya daiwaya labewa kiyala prarthana karanawa♥️🙏

  • @nadeeshasamanmali4409
    @nadeeshasamanmali4409 Жыл бұрын

    එක සුපිරියක්

  • @sanjuboy2083
    @sanjuboy2083 Жыл бұрын

    මේ සොබාදහම අපි රකින්න ඕන 😊🤟❤️මේ අපේ රටේ සුන්දරත්වය සුපිරියි දිනේෂ් අයියා ❤️

  • @praveenchathuranga59
    @praveenchathuranga59 Жыл бұрын

    ගතින් නොගියත් සිතින් සුන්දර සංචාරයකට මග විවර කලා..ජය වේවා දිනේශ් අයියේ ❤

  • @KaliniHettithantha
    @KaliniHettithantha5 күн бұрын

    ❤❤ puthalata theruvan saranai!!!!! Deviyange pihitai!!! Arakshavai!!!!❤❤❤🎉🎉🎉

  • @manishaasangi6683
    @manishaasangi6683 Жыл бұрын

    සොඳුරු සංචාරකයා DAP 💚❤💚🌿🌳☘️

  • @hashanbanu1309
    @hashanbanu1309 Жыл бұрын

    තවත් සුන්දර සංචාරයක්..😌💚💚🌿

  • @jananianupama7426
    @jananianupama7426 Жыл бұрын

    ඒ කටහඩ ♥️🌿🇱🇰

  • @nishshankavithanage9558
    @nishshankavithanage9558 Жыл бұрын

    නියමයි අයියෙ budusarani

  • @ishanudayanga2307
    @ishanudayanga2307 Жыл бұрын

    මාරම ලස්සනයි දිනේෂ් අයියා..පරිස්සමෙන් ..තෙරුවන් සරණයි .🖤

  • @techwithyb7081
    @techwithyb7081 Жыл бұрын

    සොදුරු රූපරචනාවක්🇱🇰❤️🌱

  • @thiliniwijayananda5175
    @thiliniwijayananda5175 Жыл бұрын

    ගොඩක් ආසාවෙන් බලපු තවත් ලස්සන ගමනාන්තයක් ....ස්තූති ඔබට

  • @INDIKAPK
    @INDIKAPK Жыл бұрын

    නියමයි දිනේෂ් අයියා.සොබාදහමට ආදරේ කරන හදවතේ සන්චාරකයා.මමත් කැමතියි ඔයත් එක්ක සන්චාරයකට එකතු වෙන්න.

  • @thilacartoonmovie2907
    @thilacartoonmovie2907 Жыл бұрын

    උබනම් අයියේ යකෙක් අර ඇල්ලේ ගල් බෝක්කුව අස්සට ගිහිං ඇල්ලේ පහලත් බැලුවනේ... 💪 මගේ කකුල් දෙකත් හිරිවැටුනා 😅😅😂 ජයවේව..!!! හිතන පතන හැමදේම සාර්ථක කරගන්න ශක්තිය දෛර්‍ය වාසනාව ලැබේවා... 🙏🙏🙏🙏

  • @prasadmaduwantha4025
    @prasadmaduwantha4025 Жыл бұрын

    ඇතැම්විට රාජකාරි සදහා ගමන් කරන විට නෙත ගැටෙන සුන්දර හඳපාන් කොමලිය ඒ සුන්දරයත්වය කෙතරම් ද යත් අායාසයකින් තොරවම රථයෙන් බැස ඇය දෙස වශි වු දේනෙතින් බලා සිටින්නේ බොලද පාසල් ප්‍රේම වන්තයෙක් තම ප්‍රථම ප්‍රේම වන්තිය දෙස බලා සිටින්නාක් මෙන් ඉමහත් පිබිදුණු සිතකිනි නමුත් ආත්මියව සොබාදහමට බැදුණු ⁣දිනේශ් ගේ ඒ සොබා වර්ණනාව නිසා මින්පෙර කිසිදාක නොදුටු සුන්දරයත්වයක් අද හදවතින් දැකිමට හැකි විය ඇත්තටම මොහොතකට ඒ වචන අතර මා ජිවත් විය මා මෙන්ම හඳපාන් කොමලිය ද ඒයට පෙමි කරනු නිසැකය සුබ පැතුම් මිත්‍රයා,✊

  • @chamodbandara3
    @chamodbandara3 Жыл бұрын

    වෙනදා වගේම අදත් ගමනාන්තය සුනදරයි...නියමයි අයියා🌿😊☘️

  • @ciaomachan1759
    @ciaomachan1759 Жыл бұрын

    නියමයි මචන් මම ආසාවෙන් බලන .. වැඩ සටහනක් මේක

  • @nadeeshanlahiru7870
    @nadeeshanlahiru7870 Жыл бұрын

    සුපිරි danakam hityye

  • @janangachandima9120
    @janangachandima9120 Жыл бұрын

    ගොඩාක් ස්තූති දිනේෂ් අයියේ තවත් දිව්‍ය ලෝකයක් වගේ සුන්දර තැනක් අපිට සමීප කරලා දුන්නට😍😍😍..අපේ හදවතේ සංචාරකයා..ආදරෙයි දිනේෂ් අයියේ..😊❤️❤️

  • @dineeshanpathirana4189
    @dineeshanpathirana4189 Жыл бұрын

    හදවතේ සන්චාරකයා 💚💫 දිනේශ් අයියා 😍

  • @induindu6626
    @induindu6626 Жыл бұрын

    Lassanai aiya godak parava

  • @monikajayasinghe466
    @monikajayasinghe466 Жыл бұрын

    ආයුබෝවන් වාසනාවන්, ඔබ සැමට ආශීර්වාද වේවා. ඉතාම වටිනා අපේ හෙළ බිම සුන්දර තැන් බලන්නට සලස්වන මෙවන් උදාර, උතුම්, අමිල සත් ගුණවත් නියම හෙළ වීර චරිත අපේ හෙළ බිමට සදා වාසනාවන්. සංචාරක පුරවරය නැරඹීමෙන් මා නොදුටු, බොහෝ pradesa දැක බලා ගැනීමට හැකි වූ අතර, ඔබ සැමට Soba දහමේ රැකවරණය, ආශිර්වාදය නොඅඩුව ලැබේවා. තෙරුවන් සරණ හා දෙව් රැකවරණය ලැබේවා. ආයුෂ බොහෝ වේවා ඔබ සැමට. ජයෙන් ජයම වේවා කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.......!!!!!!!!

  • @savithriperera9581
    @savithriperera9581 Жыл бұрын

    හරිම සුන්දර චාරිකාව ක්....අපේ රටේ ,සොබාදහමේ අගය හිතට හොදටම දැනෙනවා ...ඔයාට ගොඩක් පින් අපිට මේ දේවල් ගෙදර ඉදලම රසවිඳින්න දෙනවාට..තව තවත් ගමනේ යෙදෙන්නට හිත් පහල වේවා ...තෙරුවන් සරනින් නිදුක් නිරෝගී භාවයම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ...🙏

Келесі