Nature Trails of Paradise Ceylon | A Solo Journey Thorough Magnificent Sri Lanka | දින 5, කි.මී.850

Ойын-сауық

වර්ශාවත් සමග ආරම්භ වූ මේ සංචාරය තනිව යෑමට සිදු වූයේ කිසිදු සැළසුම් කිරීමකින් තොරව ආරම්භ කල එකක් නිසාවෙනි. කාර්යබහුලත්වය නිසාවෙන් සංචාරය කිරීමට කාලයක් සහ වේලාවක් සොයා ගැනීම අපහසු කාල වකවානුවක ලැබුනා වූ අස්වැසිල්ලෙන් උපරිම ප්‍රථිපල ලබා ගැනීමට හැකි වූ බව මා හට හැගේ මක් නිසාදයත් කිලෝමීටර 850ක් දුර, සුන්දර ගමනාන්තයයන් හතරක්,දින පහක් ගත කිරීමට ලැබීම ඉතා සොදුරු අත්දැකීමක් වූ නිසාවෙනි.
පළමු දින කොළඹ සිට ඇබර්ඩීන් දිය ඇල්ල දක්වා ගමන් කල අතර මීදුමෙන් වැසී ගත් කදු වැටි මැදින් ගලා හැලෙනා මීටර 98ක් උස ඇබර්ඩීන් දිය ඇල්ල ඉදිරියේ එදින පහන් කිරීමට හැකි වීම මා ලැබූ අමතක නොවන අවස්ථාවකි. දිය ඇල්ල ඉදිරිපසට වී ආහාරයට ගත් ගමේ රසින් රස ගැන්වුනු පොළොස් මාලුවකින් රස කල උනුසුම් රොටී මතක් වන විටත් කටට කෙල උනන තරම් රසවත් ය. ඉර බැස යාමට මත්තෙන් සීතල වතුරින් නා කියා ගත් අතර මා මේ සුන්දර නැවතුමේදී ලබා ගත් අත්දැකීම ඕනෑම අයකුට ලබා ගැනීම අපහසු නොවේ.
ඉක්බිතිව මා ගමන් ගත්තේ සුන්දර ලිදුල ප්‍රදේශයටයි. දෙවන දිනය උදෑසනම ගමන් ඇරඹූ මා ලිදුල ප්‍රදේශයේ කදු වලල්ලක් මධ්‍යයේ ඇති තනි කදු මුදුනක නතර වූ අතර. නිස්කලංක වූ පරිසරය පුරා පැතිර තිබුනේ කුරුල්ලන්ගේ කිචි බිචිය පමනකි. නුවරඑළිය දක්වා ඈතට දිස් වන කදු වළල්ල රන් පැහැ ගන්වමින් හිරුගේ නික්ම යාමත් පසුදා සීතල මීදුම් අතරින් කදු මුදුන් අතර රැදුනු වළාකුලු අතරින් දුටු හිරුගේ ආගමනයත් මා මෙතෙක් දුටු සුන්දරම දර්ශන වලින් එකකි.
මාගේ මීලග ගමනාන්තය ලෙස තෝරාගත් ඇල්ල දක්වා මා ගමන් ගත්තේ නුවරඑළිය,අඹේවෙල හරහා වූ අතර අඹේවෙල සීතල මීදුම මධ්‍යයේ ගමන් කිරීම විඩාව සන්සිදුවන ප්‍රතිකර්මයක් වැනිය. අඹේවෙලින් බන්ඩාරවෙලටත් බන්ඩාරවෙලින් ඇල්ලටත් ගමන් කිරීමට සැළකිය යුතු කාලයක් ගත වූ අතර ඇල්ල වන මැද පිහිටි මාගේ මීලග සොදුරු ගමනාන්තයට ගමන් කිරීමට මා හට වෙනත් ජීප් රථයක් ලබා ගැනීමට සිදු විය.
ජීප් රථයෙන් කිලෝමීටර 4.5 ක පමන දුරක් ඉතා දුශ්කර මාර්ගයක ගමන් කිරීමෙන් පසු මුන ගැසෙන්නේ දිගු කේබල් යොදා සකස් කර ඇති කේබල් කාර් නැවතුමකි. එහි ඇති කේබල් කාරයකට ගොඩ වූ පසු එය කෙටි වේලාවකින් කිරිදි ඔය හරහා ගොස් නතර වන්නේ කදු වලල්ලකින් වට වූ වෙල් යායක් මධ්‍යයේ පිහිටා ඇති මාගේ මීලග ගමනාන්තයෙනි.
රාවණා ඇල්ල පසු කොට පහලට ගලා හැලෙනා දිය දහරට වරකා ආර ඇල්ලෙන් ගලා හැලෙන දිය දහර එකතු වී මා සිටි සුන්දර නවාතැනට ඉහලින් කිරිදි ඔය නිර්මාණය වී පහලට ගලා බසී. රාවණා ඇල්ල මා ඉතා සමීපන දැක ඇතත් වරකා ආර දැල්ල මා මනසට ගෙන ආවේ කුතුහලයකි. මීලග දිනයේ උදෑසන ආහාරය ලබා ගැනීමෙන් අනතුරුව කාලය සකසා ගත්තේ වරකා ආර ඇල්ල සොයා යාමටයි. මා සිටි කිරිදි ඔය ගං ඉවුරේ සිට කිලෝමීටර 1.5 ක් පමන දුර කැලය මධ්‍යයට වන්නට තට්ටු කිහිපයක් ලෙස කඩා හැලෙනා වරකා ආර ඇල්ල කඩා හැලේ. එහි තැන තැන මීටර දහය පහලොව ගැඹුරු සොබාවික තටාකයන්‍ ය. මධ්‍යහ්නය වන තුරුම ඒ සුන්දර තටාකයන් තුල පිහිනා යාමට අමතක නොකල මා දහවල් ආහාරය ලබා ගැනීමට නැවතත් මා සිටි නැවතුමට ගොඩ බට විය.
එදින සැන්දෑ වන විට මා ඇල්ල සිට කතරගම දක්වා ගමන් ආරම්භ කල අතර මා ගමන් කිරීමට යොදා ගත්තේ බුත්තල-කතරගම මාර්ගයයි. වන සතුන් ගැවසෙන මාර්ගය අනතුරුදායක උවත් කොල පැහැති පරිසරයත් නිදහස් නිස්කලංක සොබාදහමත් අතරින් ගමන් ගැනීම සැනසිලිදායක විය. වනාන්තරය හරහා ගමන් කිරීමේදී හමු වන අලි ඇතුන් විටෙක මාර්ගය හරස් කොට සිටින්නේ මෙහි හිමි කරුවන් ඔවුන් බව හගවමිනි. කෙසේ වෙතත් කිසිදු හිරිහැරයකින් තොරව සුන්දර හස්තිරාජයන් දෙදෙනෙකු පසු කොට කතරගමට පැමිනීමට සංචාරකයාට හැකි විය.
මා කතරගම පේන මානයේ වැඩ සිටි කන්දට මුහුනලා නවාතැන් ගත් අතර පසු දින පාන්දරින්ම ගමන් ගත්තේ කිරි වෙහෙරටයි. උදෑසන හිරුගේ ආගමනයත් සමග කිරි වෙහෙර සමීපයේ රැදී සිටීමට ලැබීම මනසට සිසිළක් විය. කිරිවෙහෙරෙන් කතරගම දේවාලයටත් කතරගම දේවාලයෙන් නැවත මා නැවතී සිටි සුන්දර ගමනාන්තයටත් ගමන් ගත් අතර දහවල් ආහාරය ලබා ගැනීමෙන් අනතුරුව නැවතත් පිටත් වූයේ මාගේ ගමනේ අවසානයටයි..
තවත් මෙවන් ගමනකින් හමු වෙමු. මේ සුන්දර සංචාරයේ රූප රචනාවයි.
DAP - දිනේෂ්.
මා නැවතී සිටි සුන්දර ගමනාන්තයන් පිළිවෙලින්
⚫️ Aberdeen Feel Resort-
goo.gl/maps/Hk1fFQqxJPFMhnN47
⚫️ Citadel Lindula-
goo.gl/maps/F1rHm9aZoivFJfwp6
⚫️ Ella Jungle Resort
goo.gl/maps/ifw5Z178iDn6it1E7
⚫️ Grand Tamarind Lake
goo.gl/maps/rc5s5PYX877ME7sw8
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
Instagram - / dinesh_a_pathum
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
මෙබදුම වූ සංචාර කිහිපයක්
ලකේගල තරණය - • Lakegala-Meemure | මීම...
නුවරගල තරණය - • Nuwaragala | Ampare | ...
බලාන (ආදිතමයන්ගේ ගල් ලෙන් සොයා)
Part one - • උරුමය සොයා අම්පාර "බලා...
Part two - • උරුමය සොයා අම්පාර "බලා...
අවාරයේ මහ වනාන්තරය මැදින් - • අවාරේ සිරිපා | Off sea...
DAP production
#aberdeenwaterfall
#bestvacationsrilanka
#travelideaswithnaturesrilanka
#ginigathhenasrilanka
#strwberrysrilanka
#windfarminambewela
#ellasrilanka
#ellajungleresort
#farmstaysrilanka
#kirindioyasrilanka
#hotelsfacingriversinsrilanka
#organicfoodinreaortsinsrilanka
#rainforestsinsrilanka
#foresthikessrilanka
#adventureresortssrilanka
#wakeupwithbirds
#wildelephantsrilanka
#wildanimalssrilanka
#thissamaharamesrilanka
#katharagamasrilanka
#kiriweheratemplesrilanka
#warakaellasrilanka
#untouchedmountainssrilanka #travelvlog#travelsrilanka#beautifulsrilanka
#hikingsrilanka
#Mountaineering
#nature
#travelphotography
#travelvlogger
#travelblogger
#vlogger #youtube
#travelblogsrilanka
#travellingsrilanka
#wanderlust #traveltheworld #youtuber #traveller #adventure #photography #explore #nature #traveler #trip #traveladdict #travelgoals #travelstories

Пікірлер: 957

  • @baddon5340
    @baddon53402 жыл бұрын

    I'm living USA...I had seen,travel more than 60 country's as a seaman.. but ever never seen such a pearl..my matherland... siw helaya,siri lankawa,hela bima....rakagamu sundara lankaa...thanks dinesh..real paradise

  • @DineshAPathum

    @DineshAPathum

    2 жыл бұрын

    Thank you so much

  • @travelrosa
    @travelrosa2 жыл бұрын

    බහුතරය රට දාලා යන්න සූදානම් වෙද්දී. මේ රටේ මොනාද තියෙන්නෙ කියලා අහද්දි සංචාරකයො වුන අපිට දෙන්න හරි ලස්සන පිලිතුරක් තියනවා. "සොබාදහම" 🍃🇱🇰කවදා හෝ මේ සුන්දර කුඩා රටට ආදරේ කරන පාලකයන් පැමිනේවි. අපි හැමෝම අපේ ආකල්ප සංවර්ධනය කරගමු. වෙන කවුරුන් හෝ බිම දැම්ම ටොපි කොලයක් පවා ඇහිදලා කුනුකූඩයකට දමන තරමට. එදාට අපිට හම්බෙයි අලුත් පාරාදීසයක්❤️🇱🇰

  • @DineshAPathum

    @DineshAPathum

    2 жыл бұрын

    සම්පූර්ණයෙන්ම ඇත්ත මල්ලි... ❤️🥺🌿

  • @travelrosa

    @travelrosa

    2 жыл бұрын

    @@DineshAPathum ❤️🇱🇰

  • @nisalrupesinghe9825

    @nisalrupesinghe9825

    2 жыл бұрын

    අරියටම අරි අපේ රටට ඕන ආකල්ප ව්ප්ලවයක්

  • @anjanamadusanka6882

    @anjanamadusanka6882

    Жыл бұрын

    Ekanm eththa bro

  • @user-eh7tr4bu6x

    @user-eh7tr4bu6x

    5 ай бұрын

  • @travelwithwife
    @travelwithwife2 жыл бұрын

    😍😍

  • @DineshAPathum

    @DineshAPathum

    2 жыл бұрын

    ගොඩාක් ස්තූති ❤️🇱🇰

  • @kanthikusumalatha1046
    @kanthikusumalatha1046 Жыл бұрын

    රටට අදර්ශවත් මනුෂ්‍යත්වය පිරිපුන් උණු ලස්සන හදවතක් තියන ලංකාවේ සොබාදහම කොයි තරම් අගය කළයුතුයි ඔබතුමාට හදවතින්ම ආදරය කරන පුතෙක් බුදු සරණයි

  • @namalgunawardana5399
    @namalgunawardana53992 жыл бұрын

    හිතේ හැම ප්‍රශ්නයකම අමතක කරන හදවතේ සංචාරකයාට ස්තුතිය ❤❤

  • @DineshAPathum

    @DineshAPathum

    2 жыл бұрын

    බෙහෙවින්ම ස්තූති ❤️🌿🇱🇰👏

  • @jaffnaaaththal2619

    @jaffnaaaththal2619

    2 жыл бұрын

    kzread.info/dash/bejne/rH6hmqWEcbKrZtY.html

  • @sirilakasawariya3310
    @sirilakasawariya33102 жыл бұрын

    කොච්චර බැළුවත් එපාවෙන්නේ නැති විඩියෝ ටිකක්💕💕💕 ආදරෙයි දිනේෂ් අයියේ සොබාදහමට මෙච්චර ලෙන්ගතු වෙනවට.පරිසරය කියන්නේ අපේ අම්මා. ශ්‍රී ලංකාවේ පරිසරය කියන්නේ ලොකේ කොහේවත් නැති තරම් සුන්දර මනස්කාන්ත පරිසරයකින් තියෙන්නේ ඒක රැකගන්න උත්සහ ගමූ ටොෆී කොළයක්වත් නොදමන්නේනම් ඒකේ වටිනාකම වචනවලින් කියන්න බෑ...පරිසරය සුරකිමූ💕💕💕🇱🇰🇱🇰🇱🇰 love you sri lanka 🇱🇰💕💕

  • @DineshAPathum

    @DineshAPathum

    2 жыл бұрын

    ගොඩාක් ස්තූති මල්ලි.. විනය සහ ප්‍රතිපත්ති නිර්මාණය කරන්නෙ ගුණවත් මිනිස්සු

  • @sirilakasawariya3310

    @sirilakasawariya3310

    2 жыл бұрын

    ඔයාගේ විඩියෝ එකක් බැළුවනම් ඇති පොඩි දරුවෙක්ට උනත් තෙරුම් ගන්න පරිසරය කොච්ක්ගර වැදගත්ද කියලා.වපුරන දේ තමා අපිට අස්වැන්න විදිහට ගන්න තියෙන්නේ..ඔයා ඔය වපුරන්නේ කියාගන්න බැරි තරමට වටිනා අස්වැන්නක් ගන්න පුළුවන් දෙයක්.මොකද වචනයෙන් නෙවේ ක්‍රියාවෙන් පරිසරයට ආදරේ කරන මනුස්සයෙක් දැක්කාම මට ඉන්න බෑ ඒකට ස්තූති කරන්නේ නැතුව.ඔයා මේ කරගන්නේ කුසල කර්මයක් ඒක ඔයාට මෙලොවදී හෝ පරලොවදී අනිවාරයෙන්ම පල දෙනවා...

  • @pushpamoorthy5634
    @pushpamoorthy563411 ай бұрын

    I LIVE IN UK PRESENTATION OF OUR BEAUTIFUL COUNTRY IAM VERY PROUD OF U BLESS U

  • @hasithawejesundara4164
    @hasithawejesundara4164 Жыл бұрын

    හරිම ලස්සනයි පුතා .මේ video එක බලපු තුන්වැනි පාර හැම වීඩියෝ එකක්ම බලනවා කීප සැරයක්ම.හැම එකක්ම හරිම සුන්දරයි .පුතා ගේ නිහතමානී සුන්දර හදවත වගේ .ඔබ වැනි සුන්දර මිනිසකු බිහිකළ මාතාවට මගේ ප්‍රනාමය .🙏❤️❤️❤️

  • @geenadgajasinghe411
    @geenadgajasinghe4112 жыл бұрын

    හුස්ම ගන්න වාරයක් පාසා මිහිකත සුවපත් වේවා... පරිස්සම් කරනවනම් මේ වගේ රටක් ලෝකේ තවත් නෑ...

  • @GamingIsuru220
    @GamingIsuru2202 жыл бұрын

    කන්න නැතුව මැරුණත් මේ ශ්‍රී ලංකාව දාලා යන්නේ නෑ . මාරම ආදරෙයි දිනේෂ් අයියේ පුළුවන්නම් තව තවත් ලස්සන තැන් අපිට පෙන්නන්නකෝ. ඔයාට බුදු සරණයි. 🙏❤🦋🌻🌱🌴🍈

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 Жыл бұрын

    උතුම් කිරිවෙහෙර චෛත්‍යය රාජයාණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා ! 🙏 සාදු !! 🙏🙏🙏 දැකබලා ගැනීමට මගහසර සදාදුන් ඔබට පින් 🙏

  • @chamaraudayanga5233
    @chamaraudayanga52332 жыл бұрын

    ජීවිතේ විදවන මිනිස්සුන්ට ජීවිතේ විඳින්න හුරු කරන අපේ හදවතේ සංචාරකයා.. ❤️ 🖤 ඔයා ඇත්තටම මේ රටට සම්පතක් අයියෙ🤜🤛!!!

  • @DineshAPathum

    @DineshAPathum

    2 жыл бұрын

    ගොඩාක් ස්තූති මල්ලි..❤️🌿🇱🇰

  • @lakmalvidu945
    @lakmalvidu945 Жыл бұрын

    Thank you so much for taking us to all these beautiful places. You will be protected by nature.....

  • @nayanitheekshani1963
    @nayanitheekshani19632 жыл бұрын

    පිට රට කරපු vlog වලට වඩා ගොඩක් ආසාවෙන් බලන්නේ ලංකාවේ සුන්දරත්වය පෙන්වන vedio ,මේකත් ඒ ගොඩින් ලස්සන vlog එකක්....ජයවේවා DAP production .....👍😍❤️❤️💪

  • @ishialo18
    @ishialo1810 ай бұрын

    අපේ රටේ ඉන්න හැම මනුස්සයෙක්ටම අපේ රටේ මේ සුන්දරත්වය විදින්න අවස්ථාවක් ලැබෙන්නේ නෑ. ඒත් ලැබිය යුතුමයි.... විදේශිකයන් මේ රටේ සුන්දරත්වය විදින්න කෝච්චි වල යන විදිය දැක්කාම අපි ගැන හරිම දුකයී.....ඊර්ෂ්‍යාවකුත් එනවා.. දවසක මේ අසිරිය විදින්න කොහොම හරි යන්න හැමෝම.. ගොඩක් ස්තූති දිනේෂ් අයියේ අපේ රටේ ලස්සනම දේවල් ගැන අපිට පෙන්නනවට ❤️

  • @dineeshanpathirana4189
    @dineeshanpathirana41892 жыл бұрын

    ජීවිතේ විදින්න ලොකු ලොකු දේවල් ඕනි නැ . දිනේශ් අයියා වගේ මේ විදිහට මේ රටේ තියෙන ලස්සන විදින්න තිබ්බා නම් ඇති 😌 . ජය වේවා දිනේශ් අයියේ 💚 .

  • @DineshAPathum

    @DineshAPathum

    2 жыл бұрын

    ඇත්තටම මේ සරළ නිදහස අපිව හැමදාමත් සතුටින් තියනවා.. ඉතිං ගොඩාක් ස්තූති❤️

  • @dananjayagamage1763

    @dananjayagamage1763

    2 жыл бұрын

    ලොකු ලොකු දේවල් නම් ඕන්නෑ සල්ලි තිබ්බ නම් ඇති 😂😂

  • @malithi103

    @malithi103

    2 жыл бұрын

    සල්ලි නැතුව ඔය මොකුත් බැ bro

  • @DineshAPathum

    @DineshAPathum

    2 жыл бұрын

    @@malithi103 මීලග වීඩියෝ එක බලන්න.. සල්ලි නැතුව කරන්න පුලුවන් දේ බොහෝමයි. ❤️🥺

  • @malithi103

    @malithi103

    2 жыл бұрын

    @@DineshAPathum බලාගෙන ඉන්නේ Video ඒක දාන්න ❤

  • @manjuk9561
    @manjuk95612 жыл бұрын

    මෙච්චර ලස්සන තැන් පෙන්වන ඔයාලට යහපතක්ම වෙන්න ඕන. ඔයාලගෙ පරිසරයට තියෙන ආදරය සියල්ලන්ටම ආදර්ශයක් වේවා.... මේ වගේ රටක් පරාජය කරන්න අවශ්‍යව ඇත්තේ ටික දෙනෙකුගේ කුහක කම නිසාම වෙන්න ඇති ....

  • @janithsihilal665
    @janithsihilal6652 жыл бұрын

    මොන තරම් ප්‍රශ්න ආවත් මේ ලස්සන පුංචි රට දාලා යන් නැ ❤️🇱🇰💪

  • @Sophialatha

    @Sophialatha

    Жыл бұрын

    Sasara vasana thuru... 😍

  • @hasiyavlogs
    @hasiyavlogs2 жыл бұрын

    ඇත්තටම අපේ රට කොච්චර ලස්සනද හිතා ගන්නවත් බෑ ❤ දිනේෂ් අයියගෙ බලපු හොදම ලස්සනනම වීඩීයො වලින් එකක් . එකෙන්ම ජය වේවා ආදරෙයි හැමදාම ජය වේවා ❤💪 ඉක්මන්ට දාමු තව බලන් ඉන්නවා ❤

  • @DineshAPathum

    @DineshAPathum

    2 жыл бұрын

    ගොඩාක් ස්තූති මල්ලි... ඉක්මනටම තව සුන්දර ගමනාන්තයකට යමු

  • @tharinduneranjan2531
    @tharinduneranjan25312 жыл бұрын

    මේච්චර ලස්සන රටක් නේද පාලකයන් සහ රටේ මිනිස්සු එකතුවෙලා තමන්ගේ වාසිය වෙනුවෙන් විනාස කරේ?? ආයම අපි ගොඩනැගෙමු රටේ ලස්සන බලන්න හිතේ හැටියට යන්න පුලුවන් වෙන තත්ත්වයකට❤️❤️✌

  • @malkidias311
    @malkidias3112 жыл бұрын

    ගෙඩාක් සතුටුයි ලන්කාවෙදි දැකිම.නිතරම කියනවා කුරුල්ලන්ගේ සද්දෙ,වතුර හැලෙන විදිහ ,සිතල සුලග මෙ හැමදෙයක්ම ලස්සනට කියල දෙනවා ස්තුතියි 👌.ලගදිම මෙ හැමතැනම කටම යනව🤗🤗

  • @vihangasadakalum4616
    @vihangasadakalum46162 жыл бұрын

    " කවදා හෝ සොභාදහමට ආදරේ පාලකයෙලක් පැමිනේවී"🙏💚ජයවේවා අයියේ 🌿

  • @teacuploversusa2495
    @teacuploversusa24952 жыл бұрын

    හැම වෙලේම මම දෙර tv බොහොම නිවි සැනසිල්ලෙ බලන සුන්දර විඩියෝ මිත්‍රයා ජයම වේවා 👊🇺🇸

  • @DineshAPathum

    @DineshAPathum

    2 жыл бұрын

    බෙහෙවින්ම ස්තූති

  • @travelwiththanushka9508
    @travelwiththanushka95082 жыл бұрын

    ඩුබායි එමීර් රාජ්‍යයේ ගමනාන්තයෙන් පස්සෙ මව් බිමේ සුන්දර ගමනාන්තයක් ඔයාට ජයෙන් ජය දිනේෂ් අයිය💚 keep it up 💚💚💚

  • @mofaz8372
    @mofaz8372 Жыл бұрын

    Hi Dinesh I live in uk. But born in Sri Lanka The way of describe and showing my mother land to world is excellent. It’s really appropriate. And also please drop a massage of where you stay at close by water fall. Thanks for your effort 👍

  • @malithmalith7942
    @malithmalith79422 жыл бұрын

    හුග කාලෙකින් සුන්දර ලංකාවෙ වීඩියෝ එකක්. 😍🍃❤️

  • @DineshAPathum

    @DineshAPathum

    2 жыл бұрын

    ඇත්තටම මාස තුනකට පස්සෙ මේ ලංකාවෙ කරක් ගැහුවේ..

  • @dhanushkalakshan3774
    @dhanushkalakshan37742 жыл бұрын

    මම දැකපු සුපිරිම හා අවංකම චරිතයක් Dinesh aiya.❤️.💚🤝|Respect|🤝💚.❤️

  • @iruwansirimilco5923
    @iruwansirimilco59232 жыл бұрын

    රොම්බ තෑන්ක්ස් මචන් . අපි දැකපු නැති තැන් පෙන්නුවාට. ජයවේවා

  • @prashanthifonseka2403
    @prashanthifonseka24032 жыл бұрын

    මං දැකපු අයියාගේ videos වලින් ලස්සනම එකක්..අපේ ලංකාව කොච්චරනම් ලස්සනයිද❤️❤️

  • @dunstanfernando2872
    @dunstanfernando28722 жыл бұрын

    Once again a wonderful presentation of our beautiful country. We are very proud of you Dinesh, keep up the good work. I hope and wish our Sri Lankans will learn a lesson not to destroy our Motherland. God Bless you.

  • @priyangikamadubhashini7671
    @priyangikamadubhashini76712 жыл бұрын

    මීට වසර නමයකයට කලින් මම ඔය දිය ඇල්ල බලන්න ගියා. View point එක තියන පැත්තෙන් නෙමෙයි. ගම මැදින් යන කැලෑ පාරෙන්.පරිසරය විදිමින් ඒ ලබපු අත්දැකීම් කවදාවත් අමතක වෙන්නේ නෑ. හරිම සුන්දර දිය ඇල්ලක්. නැවත එතනට අපව රැගෙන ගියාට ගොඩාක් ස්තූති.

  • @umeshaamarasinha8734
    @umeshaamarasinha8734 Жыл бұрын

    මම හැමදාම ඔයා ගේ වීඩියෝ බලනවා හරිම ලස්සනයි.කොච්චර බැලුවත් එපා නම් වෙන්නේ නෑ ❤️❤️❤️❤️❤️🇱🇰🙏

  • @kalpanallahandi5931
    @kalpanallahandi59312 жыл бұрын

    So far the best Sri Lankan vlogger! Hats off!

  • @nishageeganage3159
    @nishageeganage31592 жыл бұрын

    Yet another excellent video, so proud to be a Sri Lankan. Thanks for showing these beautiful scenes and we all enjoyed them virtually along with you.

  • @APCAdvertising
    @APCAdvertising9 ай бұрын

    විදවමින් ගතකරන ජීවිතයට මේ සොබාදහම සැනසීමක්. ඔබ ඒ සැනසුම විදින සොදුරු මිනෙසෙක්.❤

  • @banujamadusanka1153
    @banujamadusanka11532 жыл бұрын

    ගමේ හිටිය ඒ අහිංසක කම ගැමි කම.ඒ අම්මලට බුදුසරණයි ❤️ රසය කියන එක උපරිමයෙන්ම වින්ද දිනේෂ් අයියි.ජය❤️💪🙏

  • @nigelrf17
    @nigelrf172 жыл бұрын

    Really nice to see our country Paradise well captured and narrated . Best wishes for many more !

  • @sujee1425
    @sujee14252 жыл бұрын

    හරිම සුන්දරයි අයියේ ඔයාට ගොඩාක් පිං අපිට මේවා දැක ගන්න ලැබෙන්න සැලැස්සුවාට තෙරුවන් සරණයි ඔයාට 🙏🙏❤❤❤🌹🌹🌹🌹🌹

  • @DineshAPathum

    @DineshAPathum

    2 жыл бұрын

    ගොඩාක් ස්තූති නංගි.. තෙරුවන් සරණයි

  • @krishi7660
    @krishi76602 жыл бұрын

    මෙම වීඩියෝ එක බලල අපි ගියා ඇබඩීන් බලන්න. කියන්න වචන නෑ. මේවගේ ලස්සන තැන් අපිට හොයල දෙනවට ගොඩාක් පින්. ජයවේවා..

  • @ruwanchamara2552
    @ruwanchamara2552 Жыл бұрын

    ඔබගේ කටහඩ සියලූ විඩාවන් නිවා දමනවා..නිහතමානී මනුස්සයෙක්

  • @namalpushpawarna3686
    @namalpushpawarna36862 жыл бұрын

    අපෙ සුන්දර ලන්කාවද කියල හිතෙනව . අපෙ රට කොච්චර ලස්සනට හදන්න පුලුවන්ද දෙවියනෙ .දෙසපාලනයක් නිසා කොච්චර අගාදෙකට වටිලද අපෙ සුන්දර ලන්කාව. 👍👍❤️

  • @DineshAPathum

    @DineshAPathum

    2 жыл бұрын

    වාසනාවන්ත රටක්.. අවාසනාවකට පාළනය කරන්නෙ රටට ආදරයක් නැති මිනිස්සු කොට්ටාශයක්

  • @chithranjayathunga1411
    @chithranjayathunga14112 жыл бұрын

    හිතේ හැම ප්‍රශ්නයකම අමතක කරන හදවතේ සංචාරකයාට ස්තුතිය

  • @nimalchaminda1865
    @nimalchaminda18652 жыл бұрын

    Great video 👏👏👏👍👍 watching from italy🇮🇹🇮🇹🇮🇹🇮🇹

  • @travelwithpathumtwp6345
    @travelwithpathumtwp63452 жыл бұрын

    හිතට දැනෙන සැනසීම.ජය වේවා!👌

  • @crownbrothers7303
    @crownbrothers73032 жыл бұрын

    Best travel youtuber ive ever seen that loves the nature soo much

  • @sheneshdewmina1352
    @sheneshdewmina13522 жыл бұрын

    මාරයි අයියේ video එක නම් ජය වේවා ජේසු පිහිටයි 🧡🧡

  • @andrewsundaram3996
    @andrewsundaram39962 жыл бұрын

    Amazing video bro. Wonderful waterfall . Thanks!

  • @mptechlk5595
    @mptechlk55952 жыл бұрын

    නියමයි අයියා ගොඩක් කල් බලන් හිටියා video එකක් දානකල්❤ good luck aiya❤

  • @prabathdissanayaka1121
    @prabathdissanayaka11212 жыл бұрын

    මගේ රට තරම් ලස්සන රටක් නෑ තවත්.. සාමකාමී අරගලයට ජය ❤️🇱🇰🇱🇰🇱🇰

  • @sandaminijayasundara8577
    @sandaminijayasundara85772 жыл бұрын

    කවදා හෝ මාත් මේ විදිහටම ලස්සන අත්දැකීම් ටිකක් ලබාගන්නවා ගොඩාක් තැන්ක්ස් අයියේ මේ විදිහට හරි ලංකාවෙ ලස්සන අපිට පෙන්නනවට.😌😍😍

  • @DineshAPathum

    @DineshAPathum

    2 жыл бұрын

    ගොඩාක් ස්තූති ... "කවදහරි" කියන වචනය ගොඩාක් දුරයි. අදම සැළසුම් කරන්න පටන් ගන්න. මොකද "කාලය" ඉක්මනටම ගෙවිල යන නිසා..

  • @travelwithhero3472
    @travelwithhero34722 жыл бұрын

    සුපිරියි 😍☺☺ මෙවන් වීඩියෝ කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා !

  • @hansakanawarathne8247
    @hansakanawarathne82472 жыл бұрын

    නියමයි අයියේ ❤️❤️ අනිත් ඒවත් ඉක්මනට දාමු 🤟🤟

  • @chamaradilshan9730
    @chamaradilshan97302 жыл бұрын

    Superb brother බුදුසරණයි 💖💪

  • @tharusha_rajarathna
    @tharusha_rajarathna2 жыл бұрын

    දිනේෂ් අය්යේ ඔයාගෙ videos මට නම් භාවනාවක්..ඒ වගේම හිත සතුටෙන් පිරෙනවා..මගේ රටේ සුන්දරත්වය එක්ක අපේ හිත් නිවනවාට ගොඩාක්ම ස්තූතියි..හැමදාම අලුත් දෙයක්, හොඳ ගුණධර්මයක් කියාදෙනවට බොහොම පින්..ජය වේවා 🍃💚

  • @DineshAPathum

    @DineshAPathum

    2 жыл бұрын

    ගොඩාක් ස්තූති නංගි.. සොබාදහම එක්ක බැදිච්ච මිනිස්සු ටික්ක් ඉන්න එක ගැන තියෙන්නෙ පුදුම සතුටක්

  • @mikeschoiceone6632
    @mikeschoiceone66322 жыл бұрын

    Fantastic post. Thanks for sharing. Yes, really good to see such a one.

  • @lahirumadhubhashana174
    @lahirumadhubhashana1742 жыл бұрын

    හැමදාමත් වගේ ලස්සනයි අයියා. නිහතමානී සංචාරකයා❤️🙏🙏 බුදු සරණයි

  • @rawithudeepa
    @rawithudeepa2 жыл бұрын

    Drone shot ⁣ටික සුපිරියක් 😍❤️

  • @enurakashmira5864
    @enurakashmira58642 жыл бұрын

    හැමදාම වගේ වීඩියෝ එක නම් සුපිරියක් අයියා. 🖐💖 ජයවේවා💯🤟

  • @ChamaraJayasinghe
    @ChamaraJayasinghe2 жыл бұрын

    Its really good to see a video from you again... keep up the good work going bro 💪 👌 👍 👏 🙏

  • @thiwa8719
    @thiwa87192 жыл бұрын

    මට නිදහසක් ලැබෙන හැම වෙලාවකම කාලය ගෙවෙන්නෙ අයියගෙ නිදහසෙ ගෙවන ජිවිතෙ අත්දැකිම් එක්ක.. ♥️💯

  • @isuwariamarasinghe7966
    @isuwariamarasinghe79662 жыл бұрын

    අනේ ගොඩක් කාලෙකින් අයියේ ,,ලස්සනයි හැමදාමත් වගේ හිත නිවන තවත් වීඩියෝ එකක් ගෙනාව ඔයාට ගොඩක් ස්තූතියි.❤🥰

  • @bassa9820
    @bassa98202 жыл бұрын

    සුන්දර දවස් කීපයක් එක හෝරාවකින් අප වෙතට ගෙන ආ ඔබට ස්තුති අයියේ 💙💙

  • @madusankalakshan1377
    @madusankalakshan13772 жыл бұрын

    වීඩියෝ එකනම් සුපිරි..❤️

  • @lahirux.
    @lahirux.2 жыл бұрын

    මේක තමා මාත් හොයන ජීවිතේ, ලොකෙ දකින්න ඕනිත් ඔය විදියටම තනියම❤😍

  • @sumii03
    @sumii032 жыл бұрын

    පොතක් පතක් බලන් එක දිගට වැඩ කරන්න ගන්න කලින් කරන භාවනාව 💆❤️

  • @achinthavimukthiliyanage710
    @achinthavimukthiliyanage7102 жыл бұрын

    නියමයි සහෝ ගොඩ දවසකින් නේ බලන් හිටියේ අපේ රටේ ලස්සන තැනකට යන්න බලාගෙන.ජයවේවා 🔥💪

  • @DineshAPathum

    @DineshAPathum

    2 жыл бұрын

    ගොඩාක් ස්තූති

  • @thisarunimsara3925
    @thisarunimsara39252 жыл бұрын

    ගොඩක් සතුයි අපෙ රටෙ විඩියෝ එකක් දකින්න හම්බුනාට ❤️

  • @lalithfonseka9886
    @lalithfonseka98866 ай бұрын

    Good Luck to you. I enjoyed the video. Thank you very much.

  • @thejourneyoftakeshi8682
    @thejourneyoftakeshi86822 жыл бұрын

    ඔයාගේ අනිත් වීඩියෝ වගේ ම බොහොම සුන්දර වීඩියෝ එකක් අයියෝ..🌱🥰 නියමයි keep it up 🌺🌱

  • @-avidanyan
    @-avidanyan2 жыл бұрын

    අපේ රට කොයිතරම් ලස්සන රටක්ද. එ සොබාදහමේන් හරියට වැඩක් ගන්න පුලුවන් උන දවසක හො ඒ වාට්නා කම තේරුන්ගත්න පාලනයන් අපේ රට් බ්හිවේවා .🍀ලස්සන ගමනාන්තයක් සහෝදරයා ජයවේවා 💪

  • @DineshAPathum

    @DineshAPathum

    2 жыл бұрын

    මගෙත් පාර්ථනාව එයමයි... ගොඩාක් ස්තූති ❤️🌿

  • @vinduindiwari1106
    @vinduindiwari11062 жыл бұрын

    ඒකත් හරිම ලස්සන වීඩියෝ එකක්..❤️❤️🥰

  • @dilaniathukorala8440
    @dilaniathukorala84402 жыл бұрын

    Wada okkoma paththakata dala video eka baluwa .godak lassanai malli.mage baba th oyage video walata godak asai.

  • @malithishashikala9888
    @malithishashikala98882 жыл бұрын

    ආසාවෙන් අහන් ඉන්න පුළුවන් .. හරිම පැහැදිලි සහ ලස්සනයි 🖤

  • @gimhanithathsarani8744
    @gimhanithathsarani87442 жыл бұрын

    හරිම ලස්සනයි අයියේ....ඔයාට බුදුසරණයි .. හැමදාමත් වගේ අපේ රටේ ලස්සන තැන් අපිට පෙන්නනවට...❤️

  • @geenadgajasinghe411
    @geenadgajasinghe4112 жыл бұрын

    හදවතේ සංචාරකයා best of luck dinesh ayya👍👍👍

  • @stunt2901
    @stunt29012 жыл бұрын

    අම්මෝ ඒ වචන ටික ඇහෙද්දී 🍀☘️ විඩියෝ එකක් එනකම් බලන් හිටියේ අයියේ ❤️

  • @sithumpathum3530
    @sithumpathum35302 жыл бұрын

    අම්මෝ දිනේෂ් අයියා ගොඩ දවසකින්, ❤️❤️ ලස්සනයි ජය වේවා 🙏 මේ වගේම තව ලස්සන වීඩියො එකක් ඕන

  • @kavindubiness563
    @kavindubiness5632 жыл бұрын

    යකාගේ පඩිපෙළේ වීඩියෝ එක පස් වෙනි වතාවටත් බල බල ඉදියේ, මේකෙ නොටිෆිකේෂන් එක එද්දී🥰🌿❤

  • @travelsoul2842
    @travelsoul28422 жыл бұрын

    වෙනදා වගේම සුපිරී අයියේ😍😎 ගොඩක් දේවල් ඉගෙනගන්න චැනල් එකක්😎

  • @chamathpriyashan2617
    @chamathpriyashan26172 жыл бұрын

    හැමදාමත් අපිව ලස්සන තැන් වලට එක්ක යනවට අයියට පිං ඒ වගෙම ගොඩක් ස්තූතියි ❤ කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ.......❤ගොඩක් ආසාවෙන් මමනන් බලන්නෙ❤❤❤

  • @Hirusha2522
    @Hirusha25222 жыл бұрын

    හදවතින් පොහොසත් මිනිස්සු ඉන්න රටක් ❤️

  • @shashithpraveen7909
    @shashithpraveen79092 жыл бұрын

    Srilankan number #01 travaler ❤️

  • @shehanl.vijekumara1348
    @shehanl.vijekumara13482 жыл бұрын

    Great content , Good luck Dinesh aiya ❤ really appreciate your effort !

  • @sajithranasinghe5715
    @sajithranasinghe57152 жыл бұрын

    Harima asewen beluwe..good luck..!😊

  • @Ash-zu8jf
    @Ash-zu8jf2 жыл бұрын

    අයියා දකින කොට මාර සතුටුයි. Dawask වුණත් බලන්න පුළුවන් අයියා vlog eka ..වැඩි කතා ඕනි නැ..රත්තරන් හදවතක් තියෙන සුන්දර,සරල මිනිහෙක් ...ආදරෙයි හැමදාමත් අයියා ..අයියාව kawadaka hari දකිනවා saththamai ..mage ලොකු dream ekak ...ජය වේවා ❤🔥 🇱🇰 💪🤟❤

  • @chageethedirisinghe430
    @chageethedirisinghe4302 жыл бұрын

    මම දැකපු videos වලින් මම ආසම ලස්සනම ගමනාන්ත එකතුවක් කියන්න වචන නෑ හරිම ලස්සනයි Dinesh අයියේ .! ඔයාට සුබ පතනව මේ වගේ ලස්සන ගමනාන්ත වලින් ලස්සන videos කරන්න ලැබේවා කියල 🔥🍃❤️

  • @harshisrathnayakage4028
    @harshisrathnayakage40282 жыл бұрын

    Ane lankawe video ekak 😘 lassanai aiye 🤗 පරිස්සමෙන් bs ❤️

  • @prasannask4574
    @prasannask45742 жыл бұрын

    Thanks malli ,බුදුසරණ වේවා ...

  • @isharasampath3854
    @isharasampath38542 жыл бұрын

    අයියා කාලෙකින්,සුන්දර තැන් ගොඩක් පෙන්නුවා..Thank you aiye❤️🥰

  • @maheshkumara6667
    @maheshkumara66672 жыл бұрын

    වෙනදා සේම සුපිරියක් අයියා .. ලස්සනයි ... පලවෙනී විඩියෝ එකේ ඉදලාම ඔයාගෙ එක්ස්ප්ලෙන් නම් මරූ .. ඔයාගේ වීඩීයෝ එකක් කරන්න කලින් සූදානම සුපිරි නොදන්න ගොඩාක් දේ අපි ඉගෙන ගන්නවා ජය වෙවා

  • @shashikachanaka1222
    @shashikachanaka12222 жыл бұрын

    විඩියො බලන අපිටත් මාරම නිදහසක් තියේන්නේ හරිම ලස්සනයි ලොකු පිරිසුත් හිටියනම් තමා හොද 😍😍ජේසු පිහිටයි

  • @charuka_desilva2260
    @charuka_desilva22602 жыл бұрын

    කාලේකට පස්සේ.. සුපිරිම වීඩියෝ එකක්🥺❤️ බොහොම ස්තූතියී දිනේශ් අයියා❤️

  • @upekshaabeyratne7005
    @upekshaabeyratne70052 жыл бұрын

    Breathtaking views 😍 Thank you so much for taking us to the beautiful places of mother Srilanka ❤🇱🇰

  • @DineshAPathum

    @DineshAPathum

    2 жыл бұрын

    Most welcome..! Thank you so much.

  • @nishu6959
    @nishu69592 жыл бұрын

    Very beautiful brother,i appreciate your dedication and hard work and i wish you the strength and courage to continue to do things like this 💚❤

  • @shashikachathuranga9960
    @shashikachathuranga99602 жыл бұрын

    ලස්සනායි අයියා ඉදිරියටත් මේ වගේ ලංකාවේ ලස්සන සුන්දර තැන් අපිට බලන්න සලස්සන්න ඔයාට සුබ පැතුම්

  • @kumarijayasundara3223
    @kumarijayasundara3223 Жыл бұрын

    හරිම ලස්සනයි අපිට මෙහෙම හරි දකින්න සැලැස්සුවාට ඔයාට ගොඩක් පින් අයියේ ❤️🤗

  • @yohansenadheera682
    @yohansenadheera6822 жыл бұрын

    හදවතේ සංචාරකයා❤️ තවත් නියම වීඩියෝ එකක්🔥 හැම මනුස්සයම රටට ආදරේ කලා නම් මීට වඩා රට ලස්සන වෙන්න තිබ්බා🧡

  • @jananianupama7426
    @jananianupama74262 жыл бұрын

    ලංකාවේ මොනාද තියෙන්නේ ඇහුවොත් මෙන්න තියෙනවා ඒ සුන්දරත්වය.අපේ රට තරම් සුන්දර නිස්කලංක රටක් තව කොහෙන්ද🌸🇱🇰ස්තූතියි අයියේ♥️

  • @laknikapadmaperuma4126
    @laknikapadmaperuma41262 жыл бұрын

    New look is really handsome . We are waiting for the new videos .keep it up aiya 💗🔥😍❤️‍🔥

  • @Chamila_J007
    @Chamila_J0072 жыл бұрын

    අයියගෙ වීඩියො බලන්න ගත්ත මුල් දවසෙ ඉදල හැම එකක්ම මග නොහැර බැලුවා.සුපිරි ❤️ බුදුසරණයි ❤

Келесі