Lakegala-Meemure | මීමුරේ ගම්මානයට ඉහලින් ඇති අති දුශ්කර ලකේගල කදු මුදුනට ගිය දුශ්කර ගමන| 4K

ලොකු පීරිස් කදු නැගීමේ දක්ශයෙකි.. කැලේ පාරවල් සොයා ගමන් කිරීමට රුසියෙකි. මමත් කාලයක සිටම කැලේ ලගින නිසාත් ඉතා දුශ්කර කදු මුදුන් වල කරක් ගැසූ අපට අප ගැන තිබුනේ දැඩි විශ්වාසයකි.. කෙසේ වෙතත් කැලෑ මංඩියක ආසන්නයේ ගමන්ගත් රථය නවතා වනාන්තරයෙහි සංචාරයට සුදුසු ඇදුමකින් සැරසී සහ අවශ්‍ය වන උපකරණ කිහිපයක් ගෙන වනාන්තරය තුලට රිංගා ගත්තේ කෙසේ හෝ ලකේගල පාමුලට ගමන් ගන්නවා යන අධිෂ්ඨානය පෙරදැරිවයි. ( ගෙනගිය උපකරණ - විදුලි පංදමක්,පිහියක්,ජලය,පාන් භාගයක්)
දිය පහරකට සමාන්තරව ගමන් ගත් අප යම් තැනෙකදී වනාන්තරය දෙසට යන්නට වූයේ ඉතා උස් වූ ගල් කුරු මතින් දිය පහර ගලා යන නිසාවෙනි.. අඩි පාරක් හෝ නොමැති මාර්ගයේ සමහරක් ස්ථාන වල ඌරන් හෑරූ කුඩා වලවල්.. ඉත්තෑ ගුල් විය. සොබාවිකව සෑදුනු දිය බුබුලක් දෙකක් හමු වූ අතර රැගෙන ගිය ජලය භාවිතා නොකොට හමු වන දිය බුබුලකින් පිපාසය සංසිදුවා ගැනීමට අප සැළකිලිමත් විනි. වනාන්තරය මධ්‍යයට කිලෝමීටර් 4කට වඩා දුරක් ගමන් කිරීමේදි දකුණු පසින් ලකේගල කදු මුදුන දිස් විය. සිත පහන් කරවන දසුනක් වූ ලකේගල කදු මුදුන වර්ශ ගනණාවක සිටම මාගේ සිහිනයක් බව කදු ශිකරය නොදන්නවා ඇති.
මෙසේ තව දුරක් ගමන් කිරීමේදී කදු ශිකරය පෙනෙන නොපෙනෙන අවස්ථාවන් හමු වූ අතර.මාර්ගයක් සොයා ගැනීමට වත් නොහැකි තැන් හමු නොවුනාම නොවේ.. සාමාජිකයන් දෙදෙනෙකු පමනක් වූ අපේ දෙදෙනාම ඉතා ලගින් සහ සෙමින් ගමන් කලේ වනාන්තරය තුල ජීවත් වන විලෝපිකයන්ගෙන් ආරක්ෂා වීමටයි.
මෙසේ ගමන් කිරීමෙන් පසුව හමුවන දිය පහර ආසන්නයේ විවේක ගත් අප. දිය පහර හරහා ගොස් හමුවන ලකේගල කදු පාමුලට ලගා විය. තවත් කිලෝමීටර තුනක පමන දුරක් කදු වැටිය මුදුනට යෑමට නම් ගමන් ගත යුතුය. මාර්ගයක් හෝ නොමැති කර්කශ වූ ගල මතුපිට ගමන් ගැනීම ඉතා අපහසු සහ කටුක අත්දැකීමක් විය.
වෙහෙස දැනෙන සෑම විටකම ලකේගල මුදුනට වන්නට තිබෙන ගල් කැපුම දෙස බලා කෙසේ හෝ එතනට යා යුතුය යන පරමාර්ථය මුදුන් පමුණුවා ගෙන දෙදෙනාම ගමන් කලේය. කුසගිනි දැනෙන විට රැගෙන ආ පාන් කැබැල්ලක් කටේ ඔබාගෙන නැවතත් ගමන් කලේ රාත්‍රිය උදා වීමට පෙර නැවත පහලට ගමන් කල යුතු නිසායි.
වේලාව සවස තුන පමන වන විට ලකේගල ගල් කැපුම ආසන්නයට පැමිණීමට අපට හැකි විය. ඈතින් පෙනන පහසුව ලගට පැමිනි විට අපහසුවක් බව හැගීමට අපට වැඩි වේලාවක් ගත නොවීය. අංශක 70ක 80ක පමන ආනතියකින් යුත් ලකේගල තනි ගල් කොටස බූට් සපත්තුවලට හසු වන කුඩා ගල් පොත්තකට බර වී ඇගිලි තුඩට හසු වන ගල් පොත්තකින් වාරු ගෙන ඉහලට ගමන් කිරීමට දෙදෙනාටම හැකි විය. අවශ්‍ය ස්ථානයට පැමිනීමට දැන් අපට හැකිව තිබිනි. ලණු සහ උපාංග නොමැතිව ඉහලට ගමන් කිරීම සිහිබුද්ධියක් තිබෙන අයකු නොකරන ක්‍රියාවකි. නමුත් ගමන් සගයා ලකේගල මුදුනෙහි ඇති ගල් කැපුම ලග නතර නොවන බව තේරුම් ගැනීමට මා හට වැඩි වේලාවක් ගත නොවීය.
දනහිස නිකටටත් වඩා ඉහලට එන ලෙස ඔසවා ගල් පතුරු වලට බර දෙමින් අතට හසු වන ගල් පතුරක් අල්ලාගෙන ඉහලට ගමන් කිරීමේදි පහත ප්‍රපාතය දෙස බැලීම ඇගිලි තුඩු වලට දහඩිය දැමීමට තරම් විය. නිතර පැමිනෙන මහ සුළග අපව ගලෙන් විසි කර දැමීමට තරම් විය. සුලු අත් වැරැද්දකින් අප වැටෙන්නේ මහා ප්‍රපාතයකටයි. ගැමියන් විසින් වසර කිහිපයකට පෙර දමා ගැටගසා තිබූ යම් තරමක් දිරූ ලනුවක් හමු වූයේ ගල දිගේ මීටර විස්සක් පමන ඉහලට බඩ ගෑමෙන් අනතුරුවයි. එතැන් සිට ඉහලට ලනුවට බර වී ගමන් කිරීමට හැකි වීම සහනයක් වූ අතර ලනුව කැඩී ගියහොත් හෝ අතැහැරුනහොත් එහි විපාකය මරණයෙන් ගෙවීමට සිදු වන බව දෙදෙනාම තේරුම් ගෙන තිබුනි.
අපහසුවෙන් ගල උඩට ගියද විවේකයක් ගැනීමට ඉඩක් නොවීය පර්වතයෙහි ඉහලට ගමන් ගැනීමට නම් මීටර පහලොවක් පමන ගල හරහා අනෙක් පසට යා යුතුය.. මහා හුලගත් සමග වැස්සක පෙර මන් සළකුණු මීමුරේ ගම්මානයට ඉහලින් දිස් වූයේ හිත තුල ඇති බිය තවත් උග්‍ර කරවමිනි. කෙසේ හෝ ගල හරහා ගොස් කැලය කඩාගෙන කදු මුදුනට ගමන් කල අප මදක් වාඩි වී සුසුමක් හෙලීය. කදු මුදුනේ කෙලවරට වන්නට ඉතා සුන්දර පරිසරයක් ඇති අතර එහි සිට මීමුරේ ගම්මානය ඉතා හොදින් දැක ගත හැකිය. දකුණු පසින් නැගෙනහිර මුහුදු වෙරල දක්වාම සහ. මහියංගනය, අම්පාර,මාදුරු ඔය ඉතා සුන්දරව දැක ගත හැකිය. කන්දෙහි වම් පස කෙලවරට නාරංගමුව කදු මුදුන සහ කලුගග ජලාශය,ලාහුගල,හසලකට වන තුරුම දිස් වේ. සුන්දරත්වයෙන් පිරුණු කදු මුදුනෙහි ගත කල අප මද වේලාවකින් පහලට බැසීමට සැළසුම් කෙරිනි.
ගැටලුවකි... ඉහලට පැමිණි ස්ථානය හෝ පහලට බැසීමට ස්ථානයක් සොයා ගැනීම ඉතා අපහසුය. පර්වතය මුදුනේ සිට දෙපසට ගමන් කිරීම ඉතා භයානකයි.. පොඩි අතපසුවීමකින් සිදුවන්නේ පර්වතය පහලට ලිස්සායෑමයි. ඉහලට පහලට සහ පර්වතයෙහි දෙකෙලවරට ඇව්ද ගොස් පැයක පමන වෙහෙසකින් පසුව පහල ගල් කැපුම දක්වා පාර සොයා ගැනීමට හැකි විය. මීටර තිහක් පමන ලනුවෙහි ආධාරයෙන් පහලට බැසගත් අප මීටර විස්සක් පමන ලනුවක් නොමැතිව ගල් කැපුම දිගේ පහලට බැසගත්තේ ලණුව අවසාන වූ නිසාවෙනි. එතැන් සිට තනි ගල. එයද මීටර අටසියයකට ආසන්නයි. වේලාව සවස හය පසුව තිබූ අතර නන් දෙසින් කලුවර වැටීම ආරම්භ වී තිබුනි. වර්ශාවෙහි ආරම්භ සනිටුහන් වන විට අප කදු මුදුනෙහි සිට හරි අඩක් පහලට බැස තිබුනි. වැස්සට තෙමුනු ගල් මත ඇති දියසෙවල සක්‍රීය වී තිබූ අතර තැනෙන් තැන තිබූ කෙටි තණ පදුරු මතට කකුල් තබා පහලට ගමන් කිරීමට සිදු විය. බිම ඇද වැටුනු වාර අනන්තය.
මාර්ගය වෙනස් වී තිබුනේ රාත්‍රියේ ගමන් ගැනීම නිසායි. කෙසේ හෝ දිය පහර සොයා ගමන් ගත් අප දිය පහර ආසන්නයට ගමන් ගන්නා විට රාත්‍රි හත පසුව තිබුනි. කන්ද ඉහලට නහින විට අපට හමු වූ දිය පහරට වඩා මෙම දිය පහර ප්‍රචන්ඩ වී තිබුනි. මක්නිසාද යත් එක දිගට වර්ශාව වැටුනු නිසාවෙනි. මහ වැස්සේම වනාන්තරය මැදින් පහලට ගමන් ගත් අප රාත්‍රි කදවුරු බැද පසුදා උදෑසනම නැවතත් ගම් බිම් දක්වා ගමන් ගත්තේය.. ඒ රාත්‍රියේ ලැබූ නින්ද සුව බර නොවුනත් ඒ නින්දෙන් ගමන් මහන්සිය මදක් අඩු වී තිබුනි. අවසානයේ ලකේගල සුන්දරත්වය විදීමට අපට හැකි විය. සොබාදහමේ සහ ලකේගලට සුප්‍රසිද්ධ රාවණා රජුන්ට ස්තූති වේවා.!
❗️පලපුරු කදු නගින්නකු නොවේ නම් නිසි සූදානමකින් තොරව සහ ගමේ ගැමියකුගේ උපකාරයකින් තොරව ලකේගල තරණය කිරීම සිදු නොකරන්න.

Пікірлер: 2 400

  • @manjulacaldera1097
    @manjulacaldera10972 жыл бұрын

    අචුරුදු 20කට ඉස්සර මාත් ඔයහීනෙ හැබෑ කරගන්නයාලුවොටිකක් ඵක්ක ගියා. ලකේගල පාමුලටත් ආවා... අර දැඩි ආනතියක් තියන කන්දෙ ගලට මෙහායින් අපි නතරවුනා. ඒ කන්දෙ 100m ක් අව්වෙ වතුර නැතිව යනවා නියන්නේ මාරම මහන්සියක්! අපිට ලොකු පීරිස් කෙනෙක් හිටියේ නෑ... අපිට දිනේෂ්ට තරම් ආත්ම ශක්තියක් තිබ්බෙත් නෑ.... ඒ ආනතියේ කන්දෙ මුදුනටම යන දිනේෂ් කැමරා කාචයත් හසුරුවන ගමන් වේග⁣යෙන් වැටෙන හුස්ම අස්සෙන් සොදුරු වචනත් සමගින් අපිව මුදුනටම එක්ක ගියා... මම දැන් ටිකක් මැදිවියේ නිසා දකින්නට බැරිවෙයි කියා හිතුන ලකේගල හීනෙ අද දැක්කා.... Commando කෙනෙක් ලකේගල නගියි... හබැයි අපිට මේ වගේ සොදුරු අත්දැකීමක් තිලින කරන්න US Marine කෙනෙකුට වත් පුලුවන් වෙයි කියලා මට හිතෙන්නේ නෑ...

  • @DineshAPathum

    @DineshAPathum

    2 жыл бұрын

    අව්‍යාජ නිහතමානි අගය කිරිමක්... ඔබ තුමාට ගොඩාක් ස්තූති. එතන ඒ තිබ්බ හැගීම වචනයට පෙරළන්න බැරි තරම්.

  • @irashchinthaka5457

    @irashchinthaka5457

    2 жыл бұрын

    podi pirisa හිටියා ne

  • @malshanwanniarachchi7817

    @malshanwanniarachchi7817

    2 жыл бұрын

    ❤️🤘

  • @tharindubandara8725

    @tharindubandara8725

    2 жыл бұрын

    chariot path එකෙන් බලන්න පටන්ගත්තෙ.ඒක බලල ඉවර උන ගමන් ලකේගල බැලුව.වැන් ඊලගට තව එකක් බලන්න හදන්නෙ.😘❤️

  • @DineshAPathum

    @DineshAPathum

    2 жыл бұрын

    @@tharindubandara8725 ඇත්තටම ගොඩාක් ස්තූති.. මේ කමෙන්ට් එකකින් දෙන අගය කිරීම ඇත්තටම හරි වටිනවා

  • @bonsaitracy292
    @bonsaitracy2922 жыл бұрын

    දිනේෂ්... මං ආබාදිතයෙක් මට කවදාවත් කදු නගින්න බැ... ඒත් උබට පිං සිද්ද වෙන්න මාත් උබත් එක්ක කදු නගිනවා මල්ලි.

  • @thejourneyoftakeshi8682

    @thejourneyoftakeshi8682

    2 жыл бұрын

    🙏🙏

  • @Rush0107

    @Rush0107

    2 жыл бұрын

    😊🙏🤝🤝🤝♥️

  • @DineshAPathum

    @DineshAPathum

    2 жыл бұрын

    බෙහෙවින්ම ස්තූති ... දවසක අපි එක්ක සිරිපා කරුණා කරන්න හරි යමු. අපි එක්කන් යන්නම් මොන විදිහකට හරි. About වල මගේ instagram link එක ඇති. පුලුවන් නම් message එකක් දාන්න අයියේ... ❤️🌿👏 සිරුරෙන් ආභාධිත උවත් මනසින් ඉතා ශක්තිමත් ගුණවත් මනුස්සයෙක් අයියා ඔයා.. අපි ඉන්නවා ඕනම උදව්වකට

  • @senurakushan6253

    @senurakushan6253

    2 жыл бұрын

    @@DineshAPathum 💖💖 ayya e nihathamani kamata 🙏🙏🙏

  • @Ceylonsolohiker
    @Ceylonsolohiker2 жыл бұрын

    ලොකුම හීනයක් ❤🖤 ඉවර වෙනකන්ම බැලුවා, Video එක නියමයි ❤🌿🙏

  • @sarithsamarakoon6820

    @sarithsamarakoon6820

    Жыл бұрын

    ඔයත් යනකන් බලාගෙන ඉන්නේ මල්ලී

  • @dilpchandeepa7664
    @dilpchandeepa76642 жыл бұрын

    ලොකු පීරිස් අයියා ගමනට නියම, සවිමත් සහකරුවෙක්.. 🤜🤛💪

  • @DineshAPathum

    @DineshAPathum

    2 жыл бұрын

    මේ ගමනේ පුරෝගාමියා එයා.. සියලුම ගරුත්වය හිමි විය යුත්තේ ඔහුටයි.. ගොඩාක් ස්තූති

  • @sashmikarodrigo3595

    @sashmikarodrigo3595

    2 жыл бұрын

    @@DineshAPathum ලොකු පීරිස් අයියා forces ද

  • @dineshlahiru2670

    @dineshlahiru2670

    Жыл бұрын

    ❤❤❤

  • @surangaprithimal8833
    @surangaprithimal88332 жыл бұрын

    මට අහන්න තියෙන්නේ එකම එක දෙයයි.කොහොමද ඔය තරමටම නිහතමානී ...කතා කරනකොට වචන වල තියෙන සංවර කම.හරිම සතුටුයි මචන් .උතුම් තුනුරුවනේ සරණයි

  • @anupamadiasable

    @anupamadiasable

    2 жыл бұрын

    ඒක නම් ඇත්ත. Tv, Radio වල නිවේදකයිටත් ආදර්ශයක්

  • @DineshAPathum

    @DineshAPathum

    2 жыл бұрын

    අම්මා තාත්තා සහ ආදරණීය සොබාදහම ... ගොඩාක් ස්තූති

  • @himayaramanayake2322

    @himayaramanayake2322

    2 жыл бұрын

    Ou ekanan athta

  • @Rush0107

    @Rush0107

    2 жыл бұрын

    😍🤝👍

  • @thashmaweerakkodi6714

    @thashmaweerakkodi6714

    2 жыл бұрын

    ❤️

  • @sasankashamal5995
    @sasankashamal59952 жыл бұрын

    මම මේ වීඩියෝ එක මහා සද්දෙට දාගෙන හරි ආසාවෙන් බැලුවේ අපේ අම්මා කියනවා ඔය හුස්ම ගන්න සද්දෙ නේද ඇහෙන්නේ ඒ පුතා එච්චර අමාරුවෙන් නේද මේ යන්නේ කියලා . මොකද මගේ අම්මට ඇස් පේන්නේ නෑ.මචං උබට ජය❤️💪🏼

  • @DineshAPathum

    @DineshAPathum

    2 жыл бұрын

    අනේ ගොඩාක් ස්තූති comment එකට.. මගේ ඇස් තෙත් උනා අම්මාගේ කතාවට. ඒ ආදරණීය අම්මාව ආදරයෙන් මතක් කරා කියන්න තෙරුවන් සරනයි...!

  • @sasankashamal5995

    @sasankashamal5995

    2 жыл бұрын

    @@DineshAPathum අනිවා සහෝදරයා❤️ අම්මා හරි සතුටින් අහන් හිදියේ ඔයාගේ කට්ට ඇතුලේ තිබ්බ සතුටට ඒත් පස්සෙ කියනවා පව් ඒ කොල්ලා කියලා,💪🏼

  • @DineshAPathum

    @DineshAPathum

    2 жыл бұрын

    @@sasankashamal5995 👏❤️අම්මා

  • @deadeye_yct9570

    @deadeye_yct9570

    2 жыл бұрын

    හදවත නතර උනා සහෝදරයා තෙරුවන් සරණයි ආදරණීය මෑණියන්ට ❤️

  • @lasithaedirisinghe8963

    @lasithaedirisinghe8963

    Жыл бұрын

    Budusaranaii Ammata...

  • @donhiranya5641
    @donhiranya5641 Жыл бұрын

    සාගර අයියාගේ නිහඬ සවිය පැතුම්ට හැමදාම ලැබෙන්න ඕනි අපිට මේ සුන්දරත්වය දැකබලාගන්න 💐💐

  • @isharadassanayaka2202
    @isharadassanayaka22023 ай бұрын

    කැමරාවත් අරන් ඒ දුශ්කර ගමනේ අත්දැකීම උපරිමත්වයට ලබාදෙන ජීවත අවදානමවත් ගැන හිතන්නෙ නැතුව ඔබලා කරන් මේ සංචාරවලදි දෙවියන්ගේ රැකවරණය ලැබේවා මේ තරම් සොබාදහමට ආදරේ කරන් ඔබ වන් මිනිසුන්ට තව තවත් ශක්තිය ලැබේව ආරක්ෂාව ලැබේව 💜️🙏

  • @mansaranna
    @mansaranna2 жыл бұрын

    අම්මෝ ඒ බෑවුම 😅💙 Spiderman left 🥳 වැඩ්ඩො දෙන්නෙක් ✌️

  • @hansimalshani4430

    @hansimalshani4430

    2 жыл бұрын

    Spiderman 😅😅👍👍

  • @tarushhashen

    @tarushhashen

    3 ай бұрын

    Kolla ❤ Thamath balano oyage evva,Sri pada Eka ❤

  • @MahisandaPahan
    @MahisandaPahan2 жыл бұрын

    දිනේෂ් මල්ලි උඔ කරන වැඩේ සුපිරි වැඩක්. හැබැයි ඉතින් තව ටිකක් ආරක්ෂාව ගැන හිතන්න ඕන. උඔ අපිට වටිනවා. මම ඉන්නේ ලංකාවේ නෙමෙයි. ඔයාට කතා කරන්න ක්‍රමයක් දෙන්න මට. ඔය ගමන් වලට අවශ්‍ය ආරක්ෂා සහිත උපකරණ ටිකක් ඔයාට එවන්න...

  • @_sl_kuma_2887

    @_sl_kuma_2887

    2 жыл бұрын

    මෙන්න මනුස්සයෝ

  • @damithabaeywardhana529

    @damithabaeywardhana529

    2 жыл бұрын

    මනුස්සකම .....❤️.......❤️....

  • @sanjeewakumarikkanda1611

    @sanjeewakumarikkanda1611

    2 жыл бұрын

    ඇත්තමයි apita oyage phone no eka denna whatsapp ඉන්නවා nam godaaak ආදරෙයි dinesh aiya api oyage vlage walata godaaak asay pita rata inna apita patta sahanayak lankawe oyage vloges chanel eka සුපිරි

  • @DineshAPathum

    @DineshAPathum

    2 жыл бұрын

    අපේ සුන්දර මාතෘ භූමියේ සුන්දරත්වය ඈත රටක සිට බලන් ඉදලා, ඒ දේ අගය කරන එකට සහ ඒ වෙනුවෙන් දක්වන සහයෝගයට බෙහෙවින්ම ස්තූති...! ලංකාවේ වෙළදපොලෙන් සොයා ගන්න ලැබෙන සම්පත් බොහෝ අල්පයි. එමෙන්ම දුර්ලභයි. තිබෙන උපකරණ පවා ගුණාත්මක බවින් බොහෝ අඩුයි.අපගේ ආරක්ශාව වෙනුවෙන් දැක් වූ නිර්ලෝභී අදහසට කදු නගින්නකු සහ ශ්‍රී ලාංකිකයකු වශයෙන් මාගේ ප්‍රනාමය. මාගේ විද්‍යුත් ලිපිනය :- asiripathumpeiris@gmail.com

  • @manoriperera4158

    @manoriperera4158

    2 жыл бұрын

    Appriciate you...🙏💜🇱🇰

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram90452 жыл бұрын

    සිරීපාදයට විතරක්ම දෙවෙනි වෙන ලකේගල තරණය කරන්න අපිවත් කැටුව ගිය නිහතමානී ගමනට බොහොම පින්...ඔයාලට ඔය භූමිභාගයන්හි වෙසෙන භූමාටක දෙවි දේවතාවුන්ගේ හා තිසරණ සරනේ පිහිටයි....අපේ රටේ ජනතාවට අපේ රටේ අගය වටිනාකම පෙන්වාදෙන ඔබ සැමට ජය....🙏🌾🌻❤️

  • @chamakaamantha6446
    @chamakaamantha64462 жыл бұрын

    අයියගේ ආත්මවිශ්වාසය ගැනනම් කතා කරලා වැඩක් නෑ . ගෙදර ඉදන් මේක බලපු මගෙත් කකුල් හිරිවැටුනා. ලොකු පීරිස් කියන්නෙත් නියම සහයකයෙක් . සුපිරි

  • @SinhalaGuitarLessons
    @SinhalaGuitarLessons2 жыл бұрын

    අපි ඉන්නේ හරි වාසනාවන්ත රටක❤️

  • @nipunadulaj1356

    @nipunadulaj1356

    2 жыл бұрын

    කාලකණ්ණි දේශපාලුවෝ නැත්තම් ..

  • @shannirmal2072

    @shannirmal2072

    2 жыл бұрын

    @@nipunadulaj1356 එහෙම නැ බන් අපි කරන්නෙ කගෙ හරි ඇගට දන එක අපි බෙරෙන්න හදන එකට එකෙන් මත් ඉස්සර උඹ වගෙ හිතුවේ පස්සෙ වේනස් උනා ඔය මතෙන්

  • @sanithupalansooriya919

    @sanithupalansooriya919

    2 жыл бұрын

    Dan lesson dannadda bro. Api balan inne.😊😊✌️✌️

  • @jees261

    @jees261

    2 жыл бұрын

    කාලකන්නි පාලකයො නිසා විනාශ වෙන අපේ රට.💔.

  • @sammurphy4122

    @sammurphy4122

    2 жыл бұрын

    ඔය වාසනාවන්ත කම ලස්සන පරිසරය තව කොච්චර කල් තායෙයිද? අධිවේ යෙන් කරලෑ කපලා කදු සමතලා කරලා ගෙවල් හෝටල් හදනවා. ඉස්සරහට දියඇලි ගංගා වලින් නානවා වෙනුවට නාන්න වෙන්නේ කොන්ක්‍රීට් වලින් වටකර බැදපු වතුරට රසායන බේත් කලවම් කරපු ස්විමිං පූල් වලින්. වටේට ගස් කදු වෙනුවට දකින්න ලැබෙන්නෙ තට්ටු බිල්ඩිං. මෙතෙක් හිටි සහ දැන් සිටින හැම පාලකයෙක්ම ලංකාවේ ස්වභාව සෞන්දර්ය සහ වන සතුන් වැනසුවා, වනසනවා.

  • @sameeraweerasinghe1087
    @sameeraweerasinghe10872 жыл бұрын

    ඔයා වැඩ්ඩෙක් ලොකු පීරිස් ලොකුම වැඩ්ඩෙක්. දිගටම කරමු. කාර් එකෙන් බැහැල ට්‍රැවල් වීඩියෝ කරන අයට ලැජ්ජ හිතෙයි මේව දැක්කම

  • @mindlk4987

    @mindlk4987

    2 жыл бұрын

    Eka atta😂

  • @DineshAPathum

    @DineshAPathum

    2 жыл бұрын

    බෙහෙවින්ම ස්තූති ❤️🌿🇱🇰

  • @Explorers.Journey
    @Explorers.Journey2 жыл бұрын

    සිහි නෑ.... සුපිරිම hike එකක්. ලංකාවෙන් පිට ඉද්දී තමා ලංකාවේ සොබාදහම් අගේ වැඩිපුරම දැනෙන්නේ... ජයවේවා 👏👏 🇱🇰🇦🇺

  • @DineshAPathum

    @DineshAPathum

    2 жыл бұрын

    ගොඩාක් ස්තූති ... මේ සුන්දර ‍රට ගැන දැන් නම් හරිම දුකයි. හොදක් වෙන්න කියලා පාර්ථනා කරණවා.. මේ රටින් ඈත ඉදන් මේ රටට ආදරය කරණ ඔයාලා හැම දෙනාටම ගොඩාක් ස්තූති

  • @dsvlog6100
    @dsvlog6100 Жыл бұрын

    මම ටිකක් වැඩිපුර කියවනවා ලු සතුට වැඩි උනාම. එයා එයාගෙ ගැනත් තනියම හිතලා තේරුම් අරන් හැමදේම ගැන හොදින් අවබෝධ කරගෙන ඉන්න නිහතමානී නිරහංකාර සොදුරු මිනිසෙක් ❤️❤️❤️❤️❤️

  • @Ushikavibashana
    @Ushikavibashana2 жыл бұрын

    ලන්කවෙ මෙහම හයිකින් කරන එකම chanal එක 😍🌸

  • @surangalakmalfernando3773

    @surangalakmalfernando3773

    2 жыл бұрын

    සිරා කතාව 👍

  • @Nipuna_Tee

    @Nipuna_Tee

    2 жыл бұрын

    Boru show naha. Gammak thamai

  • @sanjeewakumarikkanda1611

    @sanjeewakumarikkanda1611

    2 жыл бұрын

    Ekanam ඇත්තමයි awadanam aran hike karana ape kolla godaaak මහන්සියෙන් apita ape ratw ලස්සන ten pennana kenk හැමෝම ආරක්ෂා wewaaa🙏🙏🙏🙏🙏🙏

  • @DineshAPathum

    @DineshAPathum

    2 жыл бұрын

    හැමෝටම බොහොමත්ම ස්තූති .... 🌿🇱🇰👏❤️

  • @Ushikavibashana

    @Ushikavibashana

    2 жыл бұрын

    @@DineshAPathum aiyh😍🌸

  • @YahhSAS
    @YahhSAS2 жыл бұрын

    ඔයා present කරන විදිය නියමයි...ලගදි හම්බවුන සුපිරිම traveler කෙනෙක්...keep it up... ❤️❤️❤️❤️❤️

  • @DineshAPathum

    @DineshAPathum

    2 жыл бұрын

    ගොඩාක් ස්තූති ...

  • @nuwanmadusha3105
    @nuwanmadusha3105 Жыл бұрын

    කලා තුරකින් පිහිටන හොද ගති ගුනයක් ඇත්ටටම ගොඩාක් නිහතමානි ඒ වගේම ලස්සනට සංවනව කතා කරනවා ස්භාවදර්මයට ගොඩාක් අදරේ කරන හොද හදවතල් තියන කොල්ලෙ සතුටුයි..🙏🙏🙏🌸

  • @user-hn8sg6lo6i
    @user-hn8sg6lo6i Жыл бұрын

    නියමයි ..උබ නියම හෙල පුත්‍රයෙක්.උබ ඔය ගමන් නිකම්ම නෙමෙයි යන්නෙ.ඔක තවත් සාර්තක වෙනවා ආද්‍යාත්මික ශක්තීන් තිබෙන කෙනෙක් සමග ගියොත් උබට ලැබෙන දේ බොහොමයක් .තෙරුවන් සරණයි

  • @savistravdiary2722
    @savistravdiary27222 жыл бұрын

    Risk එකක් නොගත්තෝත් life එකේ ගොඩක් දේවල් මග ඇරෙන්න පුලුවන් 😌👊

  • @DineshAPathum

    @DineshAPathum

    2 жыл бұрын

    ඇත්තටම ...

  • @sajithchamara7593
    @sajithchamara75932 жыл бұрын

    අවාරේ සිරිපා වීඩියෝ එකෙන් පටන් ගත්තු දිගටම ඉතින් ඔයා එක්ක තමයි..ප්‍රසන්ටින් පට්ට...හැමදාමත් අයියා එක්කම තමා..💜️❤️‍🩹⭐🌎

  • @DineshAPathum

    @DineshAPathum

    2 жыл бұрын

    ගොඩාක් ස්තූති

  • @ishisaheena2708

    @ishisaheena2708

    2 жыл бұрын

    ඔව් මමත් ❤❤❤🌹🌹🤩🤩

  • @senurakushan6253

    @senurakushan6253

    2 жыл бұрын

    මමත්😊❤

  • @shyamamawelage9342
    @shyamamawelage9342 Жыл бұрын

    බොහෝම පින් ඔයාලට හරිම නිහත්මානී මේවගේ පුතෙක් හදපු මව වාසනාවන්තයි....❤❤🌹💐🌺

  • @janithvimukthi9971
    @janithvimukthi99712 жыл бұрын

    පරිසරයේ සුන්දරත්වය ඔබත් විද එයින් හරි අසක් අපටත් විදින්නට සලස්වන ඔබට (ස්තුතිය) බුදුසරණයි

  • @JAY-yb3gl
    @JAY-yb3gl2 жыл бұрын

    හැමොටම පිහිටන්නැති තවත් කලාවක්.ඒ කලාවට නියමෙට පන දෙනව දිනේෂ් අයිය ඇතුලු පිරිස.පරිස්සමෙන් ඉස්සරහටත් වීඩියෝ ඕනෙ.ජය❤️❤️

  • @DineshAPathum

    @DineshAPathum

    2 жыл бұрын

    ගොඩාක් ස්තූති

  • @sithumdhananjaya5117
    @sithumdhananjaya51172 жыл бұрын

    ලොකු පීරිස් වගේ යාලුවෝ වාසනාවක් ❤️

  • @DineshAPathum

    @DineshAPathum

    2 жыл бұрын

    සම්පූර්ණයෙන්ම ඇත්තම කතාව

  • @manelkuruppu2277

    @manelkuruppu2277

    2 жыл бұрын

    Exactly

  • @shehancroopasinghe1338
    @shehancroopasinghe13382 жыл бұрын

    බොහෝම අගෙයි. ලංකාවෙන් පිට ජීවත් වෙනකොටයි අපේ රටේ ලස්සන සහා වටිනාකම තේරෙන්නේ. ඇත්තටම ඒක පාරාදීසක්😍💪

  • @DineshAPathum

    @DineshAPathum

    2 жыл бұрын

    අනේකවාරයක් ස්තූති .. ඒ වගේම සතුටුයි දුර ඈත රටක ඉන්න අපේ කෙනෙක් පොඩි මොහොතකට හරි මනසින් වත් අපේ රටේ සුන්දරත්වය අතර තියාගන්න ලැබුනු එක ගැන

  • @lahiruchathuranga1662
    @lahiruchathuranga16622 жыл бұрын

    අවාරේ සිරිපා වීඩියෝ එකෙන් බලන්න පටන් ගත්තේ මේක නම් පිස්සුවක් සහෝදරයා දිගටම ට්‍රැවල් කරන්න ශක්තිය ලැබේවා ජයෙන් ජයම වේවා 💗😍

  • @hashnkoralege8142
    @hashnkoralege81422 жыл бұрын

    "මගේ දිහා බලන් හිටියට වැඩක් නෑ. මං බලන් ඉන්නේ කොහෙද කියලා බලන්න." ඒක මරු... 🤭😅

  • @DineshAPathum

    @DineshAPathum

    2 жыл бұрын

    ව්‍ය්ංගයෙන් කිව්වේ සොබාදහම දිහා බලන්න කියන එකයි... ගොඩාක් ස්තූති තත්පරයක් වත් මග නොඇර ඒ සොබාදහමේ සුන්දරත්වය වින්දාට...

  • @hashnkoralege8142

    @hashnkoralege8142

    2 жыл бұрын

    @@DineshAPathum 💪🏻🌳🌿🍃❤️

  • @chathu9692

    @chathu9692

    2 жыл бұрын

    අන්න එතනන් මරුන කතාව මුලු කතාවේම අපිට තිබ්බ මහන්සියත් නැති උනා

  • @arrowjr5498
    @arrowjr54982 жыл бұрын

    අම්මෝ හෙන අවදානම් ගමනක්...🙉..ගොඩක් ස්තුතියි අපි වෙනුවෙන් කාපු කට්ට වෙනුවෙන් ..

  • @travel_life4555
    @travel_life4555 Жыл бұрын

    වීඩියෝ එක බලල ඉවරවෙලා බලනකොට කකුල් දෙකටම දාඩිය දාලා..වීඩියෝ එක බලපු මටඒම නම් ගියපු දෙන්නට කෝහොම ඇතිද කියල දැනෙනවා. යන එන හැම තැනදිම ආරක්ෂා කරල දෙන්න,ත්‍රිවිධ රත්නයේ පිහිට ආරක්ෂාව ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා .ස්තූතියි 🙏 ❤️❤️ දෙන්නටම

  • @janaagri257
    @janaagri257 Жыл бұрын

    කියන්න වචන නෑ..පට්ට ලස්සනයි ..ඇවිදින්න බැරි අපිට ඔයා කරන්නේ ලොකු සේවයක්💚💚💚💚💐💐💐💐💐🙏🙏🙏🙏🙏

  • @dayansathsara6272
    @dayansathsara62722 жыл бұрын

    අම්මෝ දිනේෂ් අයියේ ඇති යන්තමි ව්ඩියෝ එක දැමිමා බලාගෙන හිටියේ නියමයි දිනේෂ් අයියේ ආදරේයි

  • @slshiny.7810

    @slshiny.7810

    2 жыл бұрын

    kzread.info/dash/bejne/qWuT2tZsfdDQoMo.html

  • @manojpriyadarshane3006
    @manojpriyadarshane30062 жыл бұрын

    Mach එක බලලා අවිත් බලන්නම්🤗🤗❤️

  • @merimalani8831
    @merimalani8831 Жыл бұрын

    දෙවි පිහිටයි . ආසයි බලන්න තවත් ලස්සන තැන් 👍💚💛💙💜

  • @orith589
    @orith58911 ай бұрын

    ඔයාලා මේ ගමන ගිහින් අවුරුද්දක් ගතවෙලා වුනත් අද කන්ද නැග්ගා වගේ දැනුනෙ.සමහර තැන්වලදි මේ විඩියෝ එක බලාගෙන ඉන්නවා කියලා හිතෙන්නේ නැති තරමට ඉබේම කියවෙනවා පරිස්සමෙන් කියලා .ඇත්තටම ඔයාලාව සොබාදහම් මාතාව ආරාක්ෂා කරනවා ඒක ඇත්තයි.දිගු කාලයක් මෙවැනි සංචාර කිරිමට නිරෝගී භාවය ලැබේවා...කියලා ප්‍රාර්ථනා කරනවා...🙏🙏🙏

  • @Wanniarachchieventplaning
    @Wanniarachchieventplaning2 жыл бұрын

    අවාරෙ සිරිපා වීඩියෝ එකෙන් දැක්කෙ. ගොඩක් ලස්සනයි අයියේ ඔයාගෙ වීඩියෝ 😍🖤

  • @slshiny.7810

    @slshiny.7810

    2 жыл бұрын

    kzread.info/dash/bejne/qWuT2tZsfdDQoMo.html

  • @DineshAPathum

    @DineshAPathum

    2 жыл бұрын

    ගොඩාක් ස්තූති නංගි

  • @user-ix3mi1tz9i
    @user-ix3mi1tz9i2 жыл бұрын

    ජැක්සන් ඇන්තනී මහත්තයට පස්සෙ මම දැක්ක හොදම සංචාරක යා.දවසක වීඩියෝ එකක් දැන්මත් පොඩ්ඩක්වත් යවන් නැතුව බලන්න පුලුවන් ආදරෙයි අයියා ❤❤

  • @DineshAPathum

    @DineshAPathum

    2 жыл бұрын

    අනේ... බෙහෙවින්ම ස්තූති. එතුමගේ පයට පෑගෙන දූවිල්ලක් තරමට වත් මා අගය කලාට. ගොඩාක් පිං මල්ලි

  • @msjayakody3232
    @msjayakody32322 жыл бұрын

    ඔබේ මෑණියො මෙම වීඩියෝව දැක්කද. ඔබට බැන්නෙ නැද්ද. බැන්නෙ නැත්නම් එතුමිය තමා ඉතාමත් ධයිර්‍ය වන්ත මෑණියෝ.

  • @hasithadilhara9569
    @hasithadilhara9569 Жыл бұрын

    සුපිරිම මචන් එල ආ...ගින්දර..❤️❤️👌

  • @sandaruwanmallawaarachchi1058
    @sandaruwanmallawaarachchi10582 жыл бұрын

    මම දැකපු travel කරන උන් අතර පට්ටම unique වැඩක් කරන you tuber කෙනෙක්..❤❤❤❤

  • @slshiny.7810

    @slshiny.7810

    2 жыл бұрын

    kzread.info/dash/bejne/qWuT2tZsfdDQoMo.html

  • @aravindapremathilaka1353
    @aravindapremathilaka13532 жыл бұрын

    ලකේගල ....අවදානම් ගමනක්..බුදුන්ගෙ සරනින් ගමන ගිහින් ඒ ලස්සන අපට පෙන්නුවට ගොඩාක් පින්..ඊලඟ video එක එනකල් බලන් ඉන්නවා..බුදුසරණයී උබලට ❤️❤️❤️

  • @pamurarawisara5993
    @pamurarawisara59932 жыл бұрын

    පපුව හීතල වෙනෝ බලනකොට.😍පරිස්සමින්.❤️

  • @chandralalkumarasinghe9040
    @chandralalkumarasinghe90402 жыл бұрын

    දිනේෂ් මල්ලි මම බලන ඔයාගේ තුන්වන විඩියෝ එක හරිම ලෙන්ගතු කමක් දැනෙනවා ඔයාගේ ඉවසිම නිරහංකාර බව හරියටම ඔබ අපේ කෙනෙක් බවයි මට හැගෙන්නෙ ඔබට නිදුක් නිරෝගිව බව හා තිර ජිවනය ලැබෙිිවායි මා පතමි

  • @Jayawardana521
    @Jayawardana5212 жыл бұрын

    අර ගලේ නගින ටික නම් පිස්සු හැදෙනව.මාර ලස්සනයි සහෝදරයා ...ජය වේවා

  • @yohanwewathenna7551
    @yohanwewathenna75512 жыл бұрын

    ඉලක්ක ගල.ලකේගල.ස්වභාවික පීරමීඩය.. යක්ශ රාජධානිය. මේ වගේ තැනකට යන්න අනිවාරෙන්ම පින තියෙන්න ඕන...නියමයි අයියා.නෝ වර්ඩ්ස්❤️🙏

  • @slshiny.7810

    @slshiny.7810

    2 жыл бұрын

    kzread.info/dash/bejne/qWuT2tZsfdDQoMo.html

  • @DineshAPathum

    @DineshAPathum

    2 жыл бұрын

    ඇත්තටම මමත් ඒ දේ විශ්වාස කරනවා ...

  • @nsg6582

    @nsg6582

    2 жыл бұрын

    Oba thuna yaksha rajadaniya kiyala ada has kale mokakda

  • @user-jl3gb3yg8f
    @user-jl3gb3yg8f11 ай бұрын

    😍මාරම ලස්සන ඒ වගේම භයානක ගමනක් 😯 සැබෑ සොබාදම් වීරයෝ,😍💚❤️

  • @susanthaethugala7571
    @susanthaethugala75712 жыл бұрын

    මල්ලී, hiking සම්බන්ධයෙන් මම බලපු හොඳම video එක තමයි මේක . හුඟක් video වල තියෙන්නෙ bike වල යන හැටියි, උයන හැටියි, කන හැටියි වගෙ වල් පල්.. ගමන ගැන විස්තර කරන්නවත්, පාර වල් කියන්නවත් උන්ට තේරෙන්නෙ නෑ... ඒඅතින් මල්ලී ඔයා great .. බුදුසරණයි ... පරිස්සමෙන් .....

  • @kumaripage9400
    @kumaripage94002 жыл бұрын

    නියමයි අයියේ ... මං දැක්ක දෙයක් ඔයාගේ,අර කදු මුදුනේ උඩ යනකොට පදුරැ අස්සෙන් ගාලවල් අස්සෙන් යනකොට එක කොටු කෑල්ලක් වත් කැඩුවේ නෑ අමාරැවෙන් රිංගන් ගියා සොබාදහමට ගොඩක් ලැදි කෙනෙක් ඔයා..වරදින්නේ නැහැ ඔයාට බුදු සරණයි!!

  • @DineshAPathum

    @DineshAPathum

    2 жыл бұрын

    බෙහෙවින්ම ස්තූති

  • @shamikalakshan9171
    @shamikalakshan91712 жыл бұрын

    ලොවෙත් ඉක්මනටම ලංකාවේ උඩටම එන you tube channel එකක් වෙනවා.ඒකෙ දෙකක් නෑ.අයියේ නියමයි ඔයා ඉදිරිපත් කරන විදිය.පට්ට.ඉස්සරහටම යමු.බොහොම පිං අපිටත් ඔය අත්දැකීම් බෙදා දෙන එකට❤️🇱🇰⛰️

  • @slshiny.7810

    @slshiny.7810

    2 жыл бұрын

    kzread.info/dash/bejne/qWuT2tZsfdDQoMo.html

  • @silakumari1759
    @silakumari1759 Жыл бұрын

    බුදුසරණයි ඔයාල දෙන්නට සියලු දෙවියන් ගේ පිහිට ආරක්ෂාව ලැබේවා පරිස්සමෙන් ඉන්න

  • @dinushabalsuriya5642
    @dinushabalsuriya56422 жыл бұрын

    සොබාදහමේ සුන්දරත්වයයි ඔයගේ සුන්දරත්වයයි පුදුම සටුක් ගෙන දුන්න video එක බලද්දී .ඔයාන්ම් මරයි සතුටින් ,පරිස්සමෙන් ඉන්න හැමදාමත් බුදු සරනයි ,ජෙසු පිහිටයි ........💕

  • @knmcreations4111
    @knmcreations41112 жыл бұрын

    වීඩියෝවල මාර නිස්කලංක බවක් තියෙනවා ඒක තමයි වටින්නෙ ඔයාලට ජය ✌️🙏

  • @piumikothalawala857
    @piumikothalawala857 Жыл бұрын

    "කල නොහැක්කකක් නොමැත"😊💪 සොබාදහමේ සොඳුරු වීරයෝ..තෙරුවන් සරණයි !!!ll❤️🌿

  • @DineshAPathum

    @DineshAPathum

    Жыл бұрын

    ගොඩාක් ස්තූති නංගි

  • @Yasuperera
    @Yasuperera11 ай бұрын

    ලොකු පීරිස් අයියා ඇත්තටම ඔයාට තාත්තෙක් වගේ 🥺🥺 ඔයාලාට ජේසු පිහිටයි 🙏 බුදු සරණයි

  • @chanakakumara6834
    @chanakakumara6834 Жыл бұрын

    දිනේෂ් මල්ලී ඔයා නම් පුදුම වටින මනුෂ්‍යයෙක් සොබාදහමට ආදරය කරන ඔබ වගේ කෙනෙක් ඇත්තටම ආදරෙයි ❤මල්ලී ඒ වචන වල තියෙන සංවරකම ඔයාගෙ තියෙන නිහතමානීකම ❤ නියමයි ලංකාවේ නම්බර් 1 අපේ හදවතේ සංචාරකයා ❤ තෙරුවන් සරණයි මල්ලී❤

  • @sandzbern
    @sandzbern2 жыл бұрын

    ඒක නම් පිස්සුවක් brother, ආසාවෙන් හිටියේ බලන්න..ජයවේවා..!! ❤🌿

  • @sujithsaranga4190
    @sujithsaranga41902 жыл бұрын

    පුදුම වාසනාවන්ත ලස්සනම රටක ඉපදීමම පිනක්..බොහෝම පිං සහෝදරයා ඔබටත් මිතුරන්ටත් ඒ අභිමානය ලෝකෙටම පෙන්නුවට.❤️❤️❤️ පරිස්සමෙන් බුදු සරණයි!!!

  • @noorksa4466
    @noorksa4466 Жыл бұрын

    අනේ ඔයාලා දෙන්නට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා ❤️🙏

  • @thusharianuththara2571
    @thusharianuththara25712 жыл бұрын

    ස්වභාදහමට ආදරය කරන සුන්දර මිනිසෙක්, හරි ආදරනීය, නිහතමානී මිනිසෙක්, ගොඩාක් මහන්සි වෙලා තියනවා ඒ වීඩියෝ එක ගන්න, ගෙදර ඉදලා ලංකාවේ සුන්දරත්වය අපිට බලන්න සලස්වනවට පිං අයියේ ඔයාට, ජීවිතේ විදවන්න නෙවෙයි විදින්න තියෙන්නෙ කියලා හරි අපූරුවට කියලා දෙනවා ඔයා, නිදුක් නීරෝගිමත් දීර්ඝායු වේවා අයියෙ ඔයාට, බුදු සරණයි,

  • @DineshAPathum

    @DineshAPathum

    2 жыл бұрын

    ගොඩාක් ස්තූති නංගි. 🌿

  • @nipunvikasithawidanapathir4362
    @nipunvikasithawidanapathir43622 жыл бұрын

    මේක නම් මාරයි අයියා උන මහන්සියට respect කරනවා අපිට බලත්දිත් ඇග හිරි වැටුනා අත ඉක්මනටම සනීප වෙන්න කියලා කියනවා ❤❤

  • @DineshAPathum

    @DineshAPathum

    2 жыл бұрын

    ඇත්තටම ගොඩාක් ස්තූති

  • @jayaniramesha5139
    @jayaniramesha51392 жыл бұрын

    මගෙ අම්මො...අවාරෙ සිරිපදෙ යන්න ආපු මම..අතරමං වෙලා...ඇබ්බැහියක....💓

  • @sarangathilakasiri1563
    @sarangathilakasiri1563 Жыл бұрын

    මමත් යාළුවො කිහිප දෙනෙක් එක්ක දෙසැරයක්ම ගියා. ඒ දෙසැරයේම පර්වතය පාමුලට විතරයි යන්න පුළුවන් වුනෙ.. ඇත්තටම ලොකු අභියෝගයක් ඒක.. ඔය දෙන්න ශිඛරය තරණය කලේ මාත් ඇතුළුව දහසදෙනා කර පින්නගෙන.. ඒකට ගොඩක් පිං...

  • @Nuwan_Arjuna
    @Nuwan_Arjuna2 жыл бұрын

    මම අයියලගේ බලපු පළවෙනි වීඩියෝ එක. නියමයි. ඒ නිහතමානීකමට හදවතින්ම ආදරෙයි. තව ඉස්සරහටත් මේ වගේම පරෙස්සමෙන් යන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බුදු සරණයි. සියලු දෙවිවරුන්ගේ පිහිටයි

  • @malmeeposhika1681
    @malmeeposhika16812 жыл бұрын

    ජීවිතේ විදින වාසනාවන්ත මිනිස්සු 🧗 පරිස්සමින් අයියේ

  • @slshiny.7810

    @slshiny.7810

    2 жыл бұрын

    kzread.info/dash/bejne/qWuT2tZsfdDQoMo.html

  • @mohomadirfan5154
    @mohomadirfan51542 жыл бұрын

    නියමෙට වැඩේ කරනවා.මාත් එතන ඉන්නවා වගේ හැගෙනවා.. Hike එක බලන්න මාර ආසාවකින් හිටියේ.. 💙💙💙💙💙💙💙

  • @shyamacooray6756
    @shyamacooray67562 жыл бұрын

    ඔබ ඉතාමත් වාසනාවන්ත පුතෙක්. ලන්කාවේ අති දුශ්කර වගේම අපිට කවදාවත් දකින්න යන්න නොලබෙන තැන්වලට ග්‍ගිහින් නිහතමානී ව ලොකුකම් නැතිව පෙන්නනවා. බුදු සරණය්. ඔක්කොම දෙනාටම 💐.

  • @kavindudulanjana7993
    @kavindudulanjana79932 жыл бұрын

    ඒ පැහැදිලි කීරීම ,කටහඩ සුපිරි අයියා ❤️

  • @Prabodha-ew3mj
    @Prabodha-ew3mj2 жыл бұрын

    මම කෙල්ලෙක් මන් ගොඩක් ආසයි traveling කරන්න ඒත් මන් කවදාවත් හිතන්නෑ මට ඔිිම travel කරන්න පුලුවන් කියලා මොකද ගෑනු ලමයෙක්ට තහන්චි නිසා ඒත් අයියේ ඔයාට ගොඩක් පින් මොකද ඔයා කන්ද උඩට ගියාම මට දැනුනේ මමත් ගොඩක් අමාරැවෙන් කන්ද නැගලා ඒ ලස්සන දැක්කා වගේ , මන් පාර්තනා කරනවා තව ආත්මෙක මගේ රටෙිම මම කොල්ලෙක් වෙලා ඉපදෙන්න කියල ඔයා වගේ මේ හැම ලස්සනක්ම මගේ ඇස් දෙකෙන් බලාගන්න , පරිස්සමින් දළදා හාමුදුරුවන්ගේ පිහිටයි 😊❤️

  • @DineshAPathum

    @DineshAPathum

    2 жыл бұрын

    ගොඩාක් ස්තූති නංගි... ලංකාවෙ උනත් ගෑනු ලමයෙක්ට සංචාරය කරන්න පුලුවන්. කංඩායමක් වගේ යන්න පුලුවන් නම් වඩාත් හොදයි.. කොහොම නමුත් අපි අපිට ලැබී තිබෙන දේ ගැන සතුටු විය යුතුයි.... ඔයාටත් ලංකාව පුරාම සහ මුලු ලෝකය පුරාම මේ ආත්මයේදීම සංචාරය කරන්න සහ සුන්දරත්වය විදින්න ලැබේවා කියල මමත් පාර්ථනා කරනවා... ගොඩාක් ස්තූති නංගි

  • @Prabodha-ew3mj

    @Prabodha-ew3mj

    2 жыл бұрын

    ❤️😍

  • @arunapramod7962
    @arunapramod79622 жыл бұрын

    දැක්ක හොදම සංචාරකයෙක් 💯 ඔබ⁣ට ජය ❤️

  • @tuankamiss3945
    @tuankamiss3945 Жыл бұрын

    යහළුවෙක් recommend කරේ වීඩියෝ එක යන්න ආස හිතෙනවා, මේ වගේ හයික් එකක් යනවා මොනවද සූදානම් කරගන්න ඕන දේවල්, බුදු සරණයි පරිස්සමින් දෙන්නටම ❤️💪👏

  • @dilkingston6926
    @dilkingston6926 Жыл бұрын

    පරිසරයට ආදරය කරන ඉතා නිහතමානී චරිතයක්.ඔබට ජයෙන් ජයම වේවා..!!බුදු සරණයි..!!!

  • @sasifdo3642
    @sasifdo36422 жыл бұрын

    නියමයී නියමයී දිග විඩියො එකක් අම්මොව් ආසාවෙන් ඉදියේ බලන්න අයියගේ කතාව අහන්න තමා ගොඩක්ම ආස🙈🙈අහ්හ්හ් කියලා අර කියන්නෙ අන්න එක 🙈🙈🙈දිග විඩියො දාන්න දිගටම අනේ ආයෙම හාවාගල යන්නකො.... ඒ විඩියො එක චුටි නෙහ්.....අම්මොව් කොහෙ ගියත් පරිස්සමෙන් යන්න අයියේ...බුදු සරනයී ඔයාලා හැමොටම❤️🙏💪

  • @tmawtennakoon9943
    @tmawtennakoon99432 жыл бұрын

    උබ නම් මාරයි මල්ලි..මේ රටේ අබියෝග මගහැර යන මිනිස්සුන්ට උබව විදිනවා නම් මේක සුරපුරයක් කරන්න පුළුවන් හදවතින්ම සුබ පතනවා මල්ලි ..නිදුක් නිරෝගී සම්පන්න අනාගතයකට ආසිරි ..

  • @amilasahan4863
    @amilasahan48632 жыл бұрын

    ඇත්තටම මම ලකේගල නැග්ගා වගේ තේරුනා මේ එක බලලා.බොහෝම ස්තුති.සියලු භාධක ජය ගෙන ඉදිරියටම යන්න වාසනාව ලැබේවා.හරිම නිහතමානී ආදර්ශමත් කෙනෙක් ඔබ.ජයෙන් ජයම වේවා.

  • @erandaekanayake422
    @erandaekanayake4222 жыл бұрын

    පැය ගානක් මහන්සි වෙලා ලකේගල මුදුනටම නැග්ග ඔයා එක්තරා විදිහක වීරයෙක් අයියේ.ආයුශ බොහෝ වේවා අයියේ. 💫

  • @damithjayakody6458
    @damithjayakody64582 жыл бұрын

    පරිසරයට ආදරේ කරන හිතහොඳ කොල්ලෙක් යන හැම ගමනම පරිස්සමෙන් යන්න පුලුවන් වෙන්නෙ ඒකයි දවසක අගය කිරීමක් ලැබෙන්නම ඕන KZreadr කෙනෙක් thank you brother අපිට යන්න අමාරු ලස්සන තැන්වල අත්දැකීම් අපිට ලබා දෙනවට තෙරුවණ් සරණයි ජයවේවා❤️💪

  • @hansimalshani4430
    @hansimalshani44302 жыл бұрын

    ඔයාගෙ වීඩියෝ ඔක්කම බලල තියේ ..ඒ ඔක්කම නියමයි..ඒත් මේක හරි විශේශයි අයියෙ ...අර ගලේ සමහර තැන් පෙන්නනකොට මට හිතුන ඔයා මේක නොගියනම් කියල..එහෙම කීවට තරහ වෙන්න එපා..ඒත් එක හරි බයානකයි කියල දැනුන. ...මේ පොඩි රට ඇතුලෙ මේ වගේ ලස්ස්න තැන් තව කොච්චර ඇත්ද...ඔයා පෙන්නපු අනික් හැම තැනකම වගේ අපිට යන්න පුලුවන්..ඒත් මේ ගමනනම් යන්න හිතන්නවත් බෑ..ගොඩක් පින් මෙච්වර කට්ටක් කාල ඒව ඔයා විතරක් විදින්නෙ නැතිව අපිටත් පෙන්නනවට...තෑන්ක් යූ අයියෙ...බුදු සරනයි...ඔයාට වගේම මිස්ටර් පීරිස්ටත් තෑන්ක් යූ කියන්න අනිවාර්‍යෙන්ම මේ කමෙන්ට් එක කියෙව්වොත්..ඔය දෙන්නම නිසයි අද අපිට මේක විදින්න පුලුවන් උනේ...❤️❤️❤️

  • @DineshAPathum

    @DineshAPathum

    2 жыл бұрын

    බෙහෙවින්ම ස්තූති .... මා වෙනුවෙන් කතා කිරීම සම්බන්ධව ගොඩාක් පිං. සොබාදහමේ ආශිර්වාදයයි.. ආත්ම විශ්වාසයයි එක්ක කරපු සුන්දර කදු තරණයක්.

  • @oshanidilishika3622
    @oshanidilishika36222 жыл бұрын

    අපි 2019 දි ගියා.අපි යද්දි වතුර බිංදුවක් වත් තිබ්බේ නැ..අපි සෙට් එක ලකේ ගල නැගලා එහා පැත්තේ කන්දත් නැග්ගා. ( මිරියගොල්ලට ) ඒත් මායි හස්බන්ඩුයි විතරක් මීරිය ගොල්ලට යන් නැතුව ලකේ ගල විතරක් නැගලා බැහලා තනියම ගමට ආවා..ගියපු හයික් වලින් මං ආසම හයික් එක.ලකේගල ❤❤

  • @nuwendravlogs
    @nuwendravlogsАй бұрын

    ආයෙ කතා දෙකක් නෑ.යක්කු දෙන්නෙක්. මේක ලංකාව විතරක් නෙමෙයි මුලු ලෝකෙම බලන්න ඕන චැනල් එකක් සහෝදරයා❤❤

  • @rukshanranasingha5883
    @rukshanranasingha58832 жыл бұрын

    දිනේෂ් මල්ලී මිනිසුන්ගේ සිත සනසන්න දරන වැයමට ස්තූති .බුදු සරනයි

  • @sunethradilhani6367
    @sunethradilhani63672 жыл бұрын

    බුදුසරණයි ඔයාලට.. පරිස්සමෙන් මේ කරන දෙයට නම් හැදූ දෙමාපියන්ට උපහාරයක්ම වේවා... great job..

  • @ArunaPiyankara-kf9gd
    @ArunaPiyankara-kf9gdАй бұрын

    තවත් ලස්සන සන්චාරයක් බුදුසරණයි ජයවෙවා අයියෙ👍

  • @kelumkumara5364
    @kelumkumara5364 Жыл бұрын

    හැම ගමනකම නිහඩ වීරයා ලොකු පීරිස් ❤

  • @ruwankumara8197
    @ruwankumara81972 жыл бұрын

    මේ විඩීයෝ එක කරන්න ලොකු මහන්සියක් වෙලා. අපේ රටේ තියෙන සුන්දරත්වයයි... වටිනාකමයි... රට කරවන ඇත්තන්ට නොතේරෙන එක ගැන දුකයි. ආදරෙයි අයියා හදවතින්ම ඔයාට. ❤❤

  • @DineshAPathum

    @DineshAPathum

    2 жыл бұрын

    ඒක ඇත්ත... බෙහෙවින්ම ස්තූති

  • @chami131
    @chami1312 жыл бұрын

    ගොඩක් වටින channel එකක් කරන වටින මනුස්සයෙක්. ලෝබ නැතුව අපිටත් එ සුන්දරත්වය විදින්න දෙන පිනම ඇති ඔයාට.👍👍👍👍👍💪✌️🙏

  • @Sheeli12
    @Sheeli1211 ай бұрын

    ජීවිතේ ලස්සන විදින ගමන් අපිටත් ඒ සුන්දරත්වය පෙන්වන්නට පින්❤🎉

  • @gskwrfsrrew8065
    @gskwrfsrrew806510 ай бұрын

    දෙවියන්ගේ රැකවරණය ලැබේවා ඔයාලට

  • @tharuthakshi3094
    @tharuthakshi30942 жыл бұрын

    විඩියෝ එක දානකන් බලන් හිටියේ.... කොහේ ගියත් පරිස්සමෙන...❤

  • @PrabashiMG
    @PrabashiMG2 жыл бұрын

    ගෝඩාක් ලස්සන වීඩියෝ එකක් හරිම ලස්සනයි.ඔබතුමාගෙ අවාරෙ සිරිපා වීඩියෝ එක තමා මම ඉස්සෙල්ලම බැලුවෙ.ඊට පස්සෙ චැනල් එකට ගිහින් තව ඔබතුමගෙ ගොඩාක් වීඩියො බැලුවා.හරිම ලස්සනයි. හොදට පැහැදිලි කරලා දෙනවා.මාත් කරන්න ඉන්නෙ travaling ගැන ලස්සන vlogs.ඔබතුමාගෙ වීඩියෝස් බලලා මම සමහර තොරතුරු සටහන් කරගන්නවා මට ප්‍රයෝජනවත් වෙයි කියලා.ඒව අපතෙ යන්නැ කියල මං දන්න නිසා. හරිම ආසාවෙන් බලනවා මුලු වීඩියෝ එකම. ඔබතුමාට බොහොම ස්තූතියි. අපිව වෙනමම ලෝකෙකට අරං ගියා වගේ පරිස්සමින් ඉන්න...❤️

  • @DineshAPathum

    @DineshAPathum

    2 жыл бұрын

    අගය කිරීමට බෙහෙවින්ම ස්තූති .... මම හදවතින්ම සුභ පතනවා අපේ රටේ ලස්සන මුලු ලෝකයටමත්... මුලු ලෝකයක ලස්සන අපේ රටටත් පෙන්නන්න වාසනාව හැකියාව ලැබෙන්න කියලා..! තව දෙයක් මම දිනේෂ්. ඉතිං දිනේෂ්ම කියන්න.... ඔබ තුමා හොඩක් බර වැඩී සරළ මට 🌿🤭

  • @jeewanthanuwan772
    @jeewanthanuwan7722 жыл бұрын

    අයියගෙ මේ වැඩේනම් සුපිරි අයියෙ . අපිට යන්න නැතත් මෙහෙම බලපුවම අපිත් ගියා වගේ තමයි දැනෙන්නෙ . ඇත්තටම අහම්බෙන් තමයි පළවෙනි වීඩියෝ එක මම බැලුවෙ . එදා ඉදන් අයියගෙ අනිත් වීඩියොත් ඔක්කොම බැලුව .. අයියට ජය!! හැම වැඩක්ම සාර්තක වෙන්න කියල ප්‍රාර්ථනා කරනව !!

  • @dishanediriweera4162
    @dishanediriweera41622 жыл бұрын

    No words brouther 😍 16:11 Me view ekatanm bada hoooos gala giya ammooh 🙂🥶

  • @davivithana8073
    @davivithana80732 жыл бұрын

    මේක නම් හරියට Adventure film එකක් බැලුවා වාගේ, වචන වලින් කියන්න බැරි තරමටම ලස්සනයි. ඔය දෙන්නටම වඩා මේක බලපු අපිට බය දැනුනා. කොහොම වුණත් මීට වඩා safety එක ගැන හිතන්න. අපි ලංකාවේ දාලා ආවත් මේක බැලුවම ආපහු එන්න හිතෙනවා. Dinesh ගේ live presentation skill එක නම් මරැ, මේ තමයි අපි දැකපු best travel vedio එක ලංකාවේ විතරක් නෙමෙයි ලෝකයෙන්ම. Be safe, we really love to you. ❤❤

  • @charakapiumal6143
    @charakapiumal61432 жыл бұрын

    අවංකවම සමහර තැන් වලදී ඇඟ හිරිවැටුනා...,😲 මාරම Experience එකක්.., තෙරුවන් සරණයි❗❗❗

  • @DineshAPathum

    @DineshAPathum

    2 жыл бұрын

    ගොඩාක් ස්තූති ... පරිස්සමෙන් අවධානමක් ගන්න වුනා...❤️👏🌿

  • @Ekanayaka-MEP
    @Ekanayaka-MEP2 жыл бұрын

    ලොකු පීරිස් මේ වීඩියො එක ගේන්න දිනේෂ් අයියට පුදුම බරක් ඇද්දා. දෙන්නටම ජය වේවා. ජීවිතය කියන්නෙ තව ලස්සන දේවල් ගොඩක් තියෙනවා කියල පෙන්නන දිනේෂ් ඔබට ගොඩාක් පින්.

  • @kanishkapalliyaguru5980
    @kanishkapalliyaguru59802 жыл бұрын

    අයියේ..පිස්සුවක්, කියන්න වචන නෑ බුදුසරණයි❤️❤️❤️

  • @tharinduniroshana5481
    @tharinduniroshana54812 жыл бұрын

    ලොකුම හීනයක් ලකේගල නගින එක.වීඩියෝ එක ඉවරවෙනකොට මමත් ලකේගල තරණය කරා වගේ හැගීමක් දැනුනේ.වැඩේ සුපිරියි අයියේ..❤️❤️

  • @DineshAPathum

    @DineshAPathum

    2 жыл бұрын

    ගොඩාක් ස්තූති

  • @BeautifulSoul17
    @BeautifulSoul17 Жыл бұрын

    අහස සේ ඔබ අනන්තයි පොළව සේ ඔබ අනන්තයි❤ මේ වගේ වික්‍රමයන් කරන්න හැමෝටම බැහැ... ලොකු ආඩම්බරයක් DAP🥹💚❤️🌿 පරිස්සමින් හැමදාම ඔයාගේ හීනයට යන්න. බුදු සරණයි. 🙏

  • @dhanushkapriyasad2318
    @dhanushkapriyasad2318 Жыл бұрын

    වීඩියෝ එක බලල ඉවරවෙලා බලනකොට කකුල් දෙකටම දාඩිය දාලා..ඒ ගමනෙ මහන්සිය අවදානම කොයිතරම් ද කියල දැනුනා වෙන්න ඇති.යන එන හැම තැනකදිම ආරක්ෂා කරල දෙන්න,ත්‍රිවිධ රත්නයේ පිහිට ආරක්ෂාව ලැබෙන්න සියලු දෙවියන් රකින්න කියල ප්‍රාර්ථනා කරනවා .ස්තූතියි ❤️

  • @donranasinghe9411
    @donranasinghe941111 ай бұрын

    Sri Lankan Tensing Norgey. You are a true inspiration to the youth.

Келесі