Viduliya Eliya ~ Indrani Bogoda ~ විදුලිය එළිය දැක ගිනි හුළ දියේ හෙළා මඟ වැරදිලා දිවූවේ මංමුළා වෙලා

Фильм және анимация

විදුලිය එළිය දැක ගිනි හුළ දියේ හෙළා
මඟ වැරදිලා දිවූවේ මං මුළා වෙලා
පැනයන මුවන් ළඟ හැලුණයි නෙළූ පලා
දොර ඇරපන් අම්මේ මට සමාවෙලා
කස්තුරි කපුරු කෑ තරමට එපා උනී
තිත්තයි අනේ තිත්තයි මී වදේ පැනී
ඇස් රතු කළ කොළොප්පමකට හිනා උනී
මහමෙර වගේ නුඹ නොදොඩා බලා උනී
විදුලිය එළිය දැක ගිනි හුළ දියේ හෙළා
මඟ වැරදිලා දිවූවේ මං මුළා වෙලා
පැනයන මුවන් ළඟ හැලුණයි නෙළූ පලා
දොර ඇරපන් අම්මේ මට සමාවෙලා
මෝල් ගසත් ඇවිලුණි කරුම ගින්නට
උණුසුම මදි වුණා ඔය පැලෙ ඉන්නට
ආගිය මාවතක් හෙම නෑ පෙනෙන්නට
අම්මේ දොර අරින් නුඹෙ පොඩි හිඟන්නිට
විදුලිය එළිය දැක ගිනි හුළ දියේ හෙළා
මඟ වැරදිලා දිවූවේ මං මුළා වෙලා
පැනයන මුවන් ළඟ හැලුණයි නෙළූ පලා
දොර ඇරපන් අම්මේ මට සමාවෙලා
ගායනය - ඉන්ද්‍රනි බෝගොඩ
පද රචනය - ස්වර්ණ ගුණවර්ධන
තනුව - ෂෙල්ටන් විජේසේකර

Пікірлер: 344

  • @deardreamcatcher6519
    @deardreamcatcher65192 жыл бұрын

    මට අවුරුදු දහතුන දාහතර වගේ කාලෙ ඉදන් තාත්තා මට මේ සින්දුව අහන්න දෙනව තේරුමත් හරි ලස්සනට කියල දෙනව ඒ දවස්වලනම් සින්දුව එපා උනා ඒත් දැන් තමයි තේරෙන්නෙ තාත්තා මට කරල තියෙන්නෙ කොච්චර හොදක්ද කියලා. මම මේ වගේ වැරදි මාර්ගෙක නොයා හරි පාර තෝරගන්න මේ ගීතය ඉවහල් උනා කියල මම විශ්වාස කරනවා. ගොඩක් අය නොහිතන පැත්තක් මේක . මොන දේ කොහොම උනත් අම්මා තාත්තගෙ හිත රිද්දලා අලුත් ජීවිතේකට යනව කියන්නෙ එහෙම අයට හරියන තැන් අතලොස්සයි 🙁මම විශ්වාස කරන ඇත්ත ඒක... හැම කෙල්ලෙක්ම මේ සින්දුව අහන්න ඕනෙ. පොඩි කාලෙ ඉදන්ම මේක තේරුම් ගන්න කෙනෙක් කවදාවත් නොමග යයි කියල හිතන්න බෑ 🤗 මේ වගේම ගීතයක් තමයි චන්ද්‍ර මණ්ඩලේ සැතපුන පුංචි සාවියේ ගිතය ❤️

  • @charukakasun4913
    @charukakasun49134 жыл бұрын

    ජිවිතය වැරදුණු අයට එය නැවත හදාගෙන ඉදිරියට යන්න මේ ගීතය හොඳ අවස්ථාවක් 😀😀

  • @yalindujayaweera9253
    @yalindujayaweera9253 Жыл бұрын

    පිරිමි දරුවෙක් වෙලත් චරිතවත් විදියට හදන්න අම්මා මොන තරම් වෙහෙසක් ගන්නවද..? රත්තරන් අම්මේ ඔයා බුදු වෙන්න 😢❤

  • @sewwandipanampitiya

    @sewwandipanampitiya

    5 ай бұрын

    ❤❤

  • @dharmasirikularatne2524

    @dharmasirikularatne2524

    3 ай бұрын

    ඔබේ අනෙක් ගී වගේමයි,මේගීයත්.

  • @NooryView
    @NooryViewАй бұрын

    වචන සුලගින් ආවද ගී හඩ මැවුනද සංගීතය වත්කලාද ✨🍃🌼

  • @baruwanidilrukshi9130
    @baruwanidilrukshi9130 Жыл бұрын

    ජීවිතය වරදවා ගත් කි දෙනෙක් නම් මේ ලෝකයේ ඉන්නාව ද.නමුත් අම්මා කෙනෙක් කිසිම වේලාවක තමන්ගේ දරුවන්ට පිටු පාන්නේ නැහැ .ඉතාමත් අනර්ඝ ගීතයක් .

  • @vasanthasr245

    @vasanthasr245

    9 ай бұрын

    😭😭😭😭

  • @wijesekarashantha7601
    @wijesekarashantha7601 Жыл бұрын

    මේව මහ පුදුම ගීත, ඒ වගේම පුදුම ගායන, මොනව කියන්න ද කියල හිතා ගන්න බැහැ. අතිශය ලස්සන නිර්මාන.

  • @pathumdarmapriya8807

    @pathumdarmapriya8807

    5 күн бұрын

    ❤️❤️❤️❤️

  • @a.s.paluthge3987
    @a.s.paluthge39872 жыл бұрын

    පටාචාරාවගේ කථාව ද සිහිපත් වන හැගීම්බර ගීතයක් .බෝගොඩ මහත්මියගේ මිහිරි හඩින් එය තවත් ඔපවත් වේ.

  • @lakminisubani2915
    @lakminisubani2915Ай бұрын

    ඇස් වලට කඳුළු ආවා. හැමෝටම මේ ගීතය පාඩමක්

  • @ajithbasnayaka6390
    @ajithbasnayaka63903 ай бұрын

    දැන් කොහෙද මේ වගේ සින්දු

  • @SLmemeTV2
    @SLmemeTV2 Жыл бұрын

    භාවනාවක් වැනි ලස්සන ගීතයක් .😇 2023 ත් අහනවා 🥰

  • @dil1978

    @dil1978

    3 ай бұрын

    24 dhith ahanawa

  • @Traveller_Ceylon
    @Traveller_Ceylon3 жыл бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති හිතට තදින්ම වැදුණ ගීතයක්.... ❤️❤️ ගයපු , වයපු , ලියපු හැමෝටම පිං...🙏

  • @gayanwanigasinghe5588

    @gayanwanigasinghe5588

    2 жыл бұрын

    ඇත්තටම ❤️❤️❤️❤️💘

  • @nuwansanjeewa8613

    @nuwansanjeewa8613

    Жыл бұрын

    ❤️❤️

  • @upulkumara9582

    @upulkumara9582

    Жыл бұрын

    @@nuwansanjeewa8613 :-/

  • @jhonwick-yx4vf

    @jhonwick-yx4vf

    9 ай бұрын

    Hmmm

  • @randayaudayangarideewita2707
    @randayaudayangarideewita2707 Жыл бұрын

    අපි අන්දන, අපි අදින, මේ විශම සමාජ ක්‍රමය ඇතුලෙ.. මේ ගීතය අහන හැම මොහොතකම මහා වැරදිකාර හැඟීමක් මේ මොහොතෙත් දැනෙනව.. ඒක විශාල පසුතැවීමක් මුසුවූ වේදනාවක්...😥😥😥

  • @lalmarasngha516
    @lalmarasngha5166 жыл бұрын

    ලෝකයට පේන්න ජිවත් වුනාට බොහෝ දෙනෙකුගේ ඇත්ත මෙය නේද. මේ ගීතයෙන් කියවෙන්නේ ආපසු පැමිනි කෙනෙක් ගැන. ආපසු හැරෙන්න බැරි කී දෙනෙක් මේ ලොව ඉන්නවද?

  • @sanjeevaharshani

    @sanjeevaharshani

    6 жыл бұрын

    Lal Marasngha බොහොම ස්තූතියි 🌷

  • @nissannissan5968

    @nissannissan5968

    3 жыл бұрын

    Aka.athta.katawa

  • @lesleythamel9751

    @lesleythamel9751

    3 ай бұрын

    Correct

  • @chamindakumara2285

    @chamindakumara2285

    Ай бұрын

    අාන්තික උප ෙයා්ගිතාවය 😅

  • @Don-px1fe
    @Don-px1fe3 жыл бұрын

    මං ගෑණු කෙනෙකුත් නෙමෙයි , මට මීට සමාන තියා ළඟින් යන අත්දැකීමක් වත් නෑ ඒත් මේ ගීතය මුලින්ම අහපු දවසේ මට දැනුනේ මට අකුණු සැර වැදුනා වගේ කම්පනයක්

  • @sanjeevaharshani

    @sanjeevaharshani

    3 жыл бұрын

    🌹🌹🌹🌹🌹🌹😍😍😍👍👍👍

  • @kolithavije6090

    @kolithavije6090

    2 жыл бұрын

    Really true agree with you good song and a great artist 👍

  • @arjunaweerathunga8567

    @arjunaweerathunga8567

    Жыл бұрын

    වර්තමානයේ සිට්න දුවාලට මෙවැනි සිංදු අහන්න දෙන්න ලොකු ආශිර්වාදයක් වෙයි.🙏

  • @madutharanga7654

    @madutharanga7654

    Жыл бұрын

    ගිය ආත්මයේ කෙල්ලෙක් වෙන්න ඇති .... නැත්නම් කෙල්ලෙක් අමාරුවේ දාලා ඇති .... ඒකයි එහෙම දැනෙන්නේ .... බුදුසරණයි ....!

  • @shiromipriyanga2244

    @shiromipriyanga2244

    Жыл бұрын

    මට ගොඩක් ගැලපෙන්නේ මේ ගීතය මට giwitha හරි දේ tharumgann bari උන nisei

  • @daisyindrani9491
    @daisyindrani94912 жыл бұрын

    ආදරය කරන කාලෙදී අම්මට තාත්තාට වඩා තමන්ට ආදරය කරන්නේ පෙම්වතා කියා සිතා අම්මාව අත හැර ඔවුන් සමග පැන යන දියනිවරුන්ට ජීවිතයේ යතාර්තය හුවා දක්වන අර්තවත් ගීතයක්,ඉන්ද්‍රාණි බොගොඩ මහත්මිය හදවතට දැනෙන්න ගායනය කරනවා,

  • @AMYD19870611

    @AMYD19870611

    Жыл бұрын

    අම්ම තාත්තගෙ කැමැත්තෙන් දීග ගිය අයටත් වැරදිල තියනව

  • @supunrajapaksha9986

    @supunrajapaksha9986

    10 ай бұрын

    Punchi.kalak.inna.mata.hadawatatama.denuna

  • @kamalmigara3127
    @kamalmigara31272 жыл бұрын

    මෙ ගීතය මුලින්ම අහපු දවසේ මගෙ ඇස් වලට කඳුළු ආවා.❤️

  • @user-wg8qo6ez9g
    @user-wg8qo6ez9g Жыл бұрын

    මහමෙරක් වගේ දරන අම්මා කෙනෙක්.. කොච්චර ඔහුවත් එපාවෙන්නේ නැති අපූරු ගීතයක්

  • @dickwintanrupasinghe4268
    @dickwintanrupasinghe42686 жыл бұрын

    සාරවත් වැදගත් අව්‍යාජ හික්මුණ ගීතයක් සියළු දූවරැන් ඇසියයුතු... අවාසනාව එවැනි අම්මල අද ඉන්නෙ අතලොස්සයි....

  • @sanjeevaharshani

    @sanjeevaharshani

    5 жыл бұрын

    බොහොම ස්තූතියි

  • @jasinthadesoyzajasinthades682

    @jasinthadesoyzajasinthades682

    4 жыл бұрын

    Mewage. Geetha. Adaliyawenne. Naththeai.

  • @harshanadilshan7438

    @harshanadilshan7438

    3 жыл бұрын

    Meke withara dennakoo

  • @bigunisathsara4248
    @bigunisathsara42487 ай бұрын

    " අම්මේ දොර අරින් නුඹෙ පොඩි හිඟන්නිට..." ඒ ටික හිතට මාර විදිහට වදිනවා ❤

  • @sisirabandara6701
    @sisirabandara67018 ай бұрын

    ඊයෙ මම බලපු සුදත් රත්නායක ගේ "සීමා" සන්ගීත ප්‍රසන්ගයේ ඉනෝකා විසින් ගායනා කරපු මේ ගීතයට මහින්ද ප්‍රසාද් මස්ඉම්බූල ඉදිරිපත් කරපු විචාරය අති ඉස්තරම් .මමත් කලින් මෙම සින්දුව අහල තිබුනට ඊයෙ තමයි හරියට තේරුම් ගත්තේ .හරිම ලස්සනයි .තව තවත් මේ වගෙ නිර්මාණ බිහි වේවා !!!!

  • @amarathilakaeg771
    @amarathilakaeg7714 жыл бұрын

    "මහමෙර වගෙ නුඹ නොදොඩා බලා ගනී."මව් ගුණය වචන සිය දහසකින් ප්‍රකාශ කලා වගෙ නේද,

  • @sanjeevaharshani

    @sanjeevaharshani

    3 жыл бұрын

    aniwarryen ❤❤❤❤

  • @chandanijai9494
    @chandanijai94943 жыл бұрын

    මහමෙර වගේ නුබ නොදොඩා බලා උනී.අම්මෙක් තරම් අනන්ත දුක් උහුලන තවත් කෙනෙක් ඉන්නවද..දුකක් නොදෙන එකම සෙනෙහස අම්මා❤️😘..දීර්ඝායු ලැබේවා මගෙ රත්තරං අම්මට ❤️

  • @sanjeevaharshani

    @sanjeevaharshani

    3 жыл бұрын

    bohoma sthuthiyi obata

  • @shiroomaliwerakoon2864
    @shiroomaliwerakoon28649 ай бұрын

    ජීවිතේ වැරදුනත් ආපසු යන්න බැරි හේතු ගොඩක් එක්ක සමහර දුවලා ජීවිතේම විඳවනවා. අම්මලාට කියාගන්නත් බැරිව 😢 කීවට අම්මලාගෙනුත් සහනයක් නැතිව ...🥲

  • @ranganaprasaj9891
    @ranganaprasaj98913 жыл бұрын

    අම්මේ දොර අරින් නුඹෙ පොඩි හිඟන්නිට😥😥😥❤️ඒ පේලිය ඇහෙනකොට පපුව කඩන් වැටෙන්න වගේ.ලියපු කියපු සංගීතය සපයපු හැමෝටම පිං❤️🙏

  • @sanjeevaharshani

    @sanjeevaharshani

    3 жыл бұрын

    ❤❤❤❤❤❤

  • @kapilasiriwardana.wijayawi7613
    @kapilasiriwardana.wijayawi76135 жыл бұрын

    අම්මේ දොර අරින් නුඹෙ පොඩි හිඟන්නිට..... ❤️❤️😥😥❤️❤️

  • @sasiniprasangika.
    @sasiniprasangika. Жыл бұрын

    කස්තුරි කපුරු කෑ තරමට එපා වුනී තිත්තයි අනේ තිත්තයි මී වදේ පැනී 🖤🎶

  • @supunrajapaksha9986

    @supunrajapaksha9986

    9 ай бұрын

    Pirimiyek.unat.matat.mage.amma.akka.nanngi.mageduwa.minipiri.lokaymawapu.mawana.oba.ape.giwayai

  • @vandenriesen1294
    @vandenriesen12948 ай бұрын

    අතිශයින්ම හද කම්පනය කරන පද රචනයක්. මේ විධියට පද ගලපන්න හැකියාව තියන අය විරලයි. පද රචකයාට සුභ පැතුම්!

  • @janakaliyanaarachchi6256
    @janakaliyanaarachchi625610 ай бұрын

    සවර්ණ ගුණවර්ධන කෙතරමි දක්ෂ ගේහපද රචකයෙක්ද,හරිම සංවෙිදි පද.....

  • @MAPA-uf9po
    @MAPA-uf9po4 жыл бұрын

    " ස්වර්ණ(ස්වර්ණ ගුණවර්ධන) , මගේ ඔක්කොම සින්දු අරගෙන මේ සින්දුව මට දෙන්ඩ .- රන්බණ්ඩා සෙනෙවිරත්න "

  • @sanjeevaharshani

    @sanjeevaharshani

    3 жыл бұрын

    ❤❤❤

  • @wijesekarashantha7601

    @wijesekarashantha7601

    Жыл бұрын

    සිංදුවට ගැලපෙන ලස්සනම, ලස්සන comment එකක්. හිතට තදට වදුනා

  • @MAPA-uf9po

    @MAPA-uf9po

    Жыл бұрын

    @@wijesekarashantha7601 මේක සවර්ණ ගුණවර්ධන කියපු කතාවක්...

  • @feeexcc5178
    @feeexcc51784 жыл бұрын

    මගේම ගීතයයි මේ ගැයෙන්නේ.කස්තුරි කපුරු කැ තරමට එපා වුනි.තිත්තයි අනේ තිත්තයි මී වදේ පැනි .💕

  • @upulsubasingha7862

    @upulsubasingha7862

    4 жыл бұрын

    වැරදුන තැනින් යලි පටන් ගන්න

  • @harshanadilshan7438

    @harshanadilshan7438

    3 жыл бұрын

    Meke wichare dennakooo

  • @sanjeevaharshani

    @sanjeevaharshani

    3 жыл бұрын

    ❤❤❤

  • @dumeshweerakkodi1571
    @dumeshweerakkodi1571 Жыл бұрын

    මේ ගීතයට මගේ අම්මා ගොඩක් ආස කළා.මේ ගීතය තුළ තියෙන්නේ තනිකරම ඇගේ ජීවිත කතාවයි.අම්මා නැති වෙලා දැන් අවුරුදු 15ක් වෙනවා.මේ ගීතය අහන හැම වෙලාවෙම මට මගේ රත්තරන් අම්මා මතක් වෙනවා.

  • @madutharanga7654

    @madutharanga7654

    Жыл бұрын

    බුදුසරණයි ......!

  • @amithakularatna1487
    @amithakularatna14879 күн бұрын

    පපුව රිදෙනවා, මේ වගේ අත්දැකීමක් නැති උනත්. අම්මාට සහ තාත්තාට සසර වසන තුරාවට පින්දෙනවා.

  • @roosranjani2154
    @roosranjani21544 ай бұрын

    අද කාලයේ දියනියන් අහන්නම ඔිනම් අදර්සමත්ම ගියක්

  • @Yugandhara-om7mk
    @Yugandhara-om7mk4 ай бұрын

    අර්ථවත් වචන මාලාව අති විශිෂ්ඨයි .එයටම එකඟව යන සංගීතය හා හඬ.ඉන්ද්‍රානී මහත්මියගෙ ගීත අතලොස්සම නොමියෙන ගීත.

  • @darshanasampath109
    @darshanasampath1096 ай бұрын

    ලොකු තෙරැමක් තියන ගිතයක් මරම ලස්සනයි❤❤❤❤❤❤

  • @Wickramamiddeniya
    @Wickramamiddeniya3 жыл бұрын

    මේ සින්දුව දවසකට හතර පස් වතාවක් අහනවා ඉතා මිහිරි දුක්බර ගීතයක් රචනාකල ගායනා කල දෙදෙනාටම ස්තුය්

  • @ChamindaBole
    @ChamindaBole4 жыл бұрын

    මොන වරදක් කළත් අම්මා සමාව දෙනවා. මේ ජීවිතේ හරිම කෙටියි. ඒ ටික කාලෙදි කොහොම හරි පුළුවන් තරම් ආදරෙන් අම්මාව බලාගන්න. ටිකක්වත් හිත රිදෙන්න දෙන්න එපා. අම්මා ගැන කියන ගීතයක් නොවුනත් දුවක් අසරණ වෙලා ඇවිත් අම්මාගේ සරණ බලාපොරොත්තු වෙන නිසා අම්මා මතක් වුනා. මේ වගේ ගීත නිර්මාණය නොවෙන එක පුදුම අවාසනාවක්. සියළුදෙනාටම තෙරුවන් සරණයි...

  • @sanjeevaharshani

    @sanjeevaharshani

    3 жыл бұрын

    👌👌🌹🌹🌹🌹🌹🌹❤❤❤❤❤❤👍👍👍👍👍

  • @NihalWijewardane
    @NihalWijewardane3 ай бұрын

    පපුවට දැනෙ ගිතතෙරැවන් සරනයි

  • @kumaracanefuniture9405
    @kumaracanefuniture94052 жыл бұрын

    මම අහපු ලස්සනම සින්දුව මෙක😍

  • @Skwsamanthi
    @Skwsamanthi Жыл бұрын

    හදවත ..පුපුරන්න තරම් හැගීමක් එන සංවේදී ගීතයක් ,ගායනයක්...😥😥😔

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr4 ай бұрын

    💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! බුදුසරණයි ....! 🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹

  • @madusankasamaranayeka5168
    @madusankasamaranayeka51682 жыл бұрын

    ඇසට කඳුලක් නැගනු සිංදුවක් 🙂🌹

  • @susantha8956
    @susantha89565 жыл бұрын

    හරිම හැගීම්බර ගීතයක්. ගීතය නිර්මාණය කල ශිල්පීන් තුන් දෙනාටම ස්තුතියි.හර්ෂනී ඔයාටත්.

  • @sanjeevaharshani

    @sanjeevaharshani

    3 жыл бұрын

    👍👍👍

  • @nihalchandrasiri1137
    @nihalchandrasiri113711 ай бұрын

    2023 ආයෙත් අහනවා හොදේ.....🌹🌹🌹🌹🌹

  • @sunilrathnasiri2028
    @sunilrathnasiri20288 ай бұрын

    හරිම ලස්සන අර්ථවත් ම්හිරි ගීත යක් 👍

  • @lifeisland1054
    @lifeisland10542 жыл бұрын

    මෝල්ගහත් ඇවිලුනි කරුම ගින්නට... උණුසුම මදි උනා ඔය පැලේ ඉන්නට.. ආගිය මාවතක් කිම නෑ පෙනෙන්නට.. අම්මේ දොර අරින් නුඹෙ පොඩි හිගන්නිට... 😪💔

  • @user-mn8xf5qr1k
    @user-mn8xf5qr1k4 ай бұрын

    සිංදුව ලස්සනයි😢😢

  • @manjulanawarathna7503
    @manjulanawarathna75033 ай бұрын

    Adaraniya wiswa saudaryata aneka warayak thuthi wewa!

  • @sarahreanna4913
    @sarahreanna4913Ай бұрын

    එදා වගේම අදටත් ගැලපෙන ඉතාමත් හදවතට සමිප ගිතයක් මෙිවගේ සින්දු දරැවන්ට නිතර අහන්න දෙන්න

  • @shashniruwanika1602
    @shashniruwanika16025 ай бұрын

    ගොඩක් ලස්සනයි ❤

  • @mmnaturegloss9808
    @mmnaturegloss9808 Жыл бұрын

    ගීතය හද සසල කරවනවා.මේ දුක කිසිම අම්මෙකුට හිමි නොවේවා..🙏🙏

  • @chamindadharmasena3053

    @chamindadharmasena3053

    Жыл бұрын

    Kisima duwekutada mewan deyak sidu nowewa kisima athmayaka.

  • @ruwanthishanikaranasgalla1026
    @ruwanthishanikaranasgalla1026 Жыл бұрын

    ගීතය මෙතුමිය ගායනා කරද්දී, රූප රචනය මැවි මැවී පෙනෙනවා...එතරම් එතුමිය සාර්ථකව මෙම ගීතය ගායනා කරනවා...

  • @technofunbg8546
    @technofunbg85465 ай бұрын

    මහමෙර වගේ නුඹ නොදොඩා බලා වුණි...

  • @r.smpath5316
    @r.smpath53167 жыл бұрын

    ගොඩාක් කැමතිම සිංදුවක්... හරිම ලස්සනයි හර්ෂි.. ස්තූතියි ගොඩාක්ම....

  • @sanjeevaharshani

    @sanjeevaharshani

    7 жыл бұрын

    R. Smpath බොහොම ස්තූතියි

  • @leenhemachandra6023
    @leenhemachandra60235 жыл бұрын

    Aththa amme. Vayasa mokak ho weva, api hamoma ekko kaage hari duwak, ekko puthek. Duwak bohovita vidina vedanaava pitupasa thiyennema nodannakama. Ekko lassanata jeewath venna pathaapu heena. E unath Hugaak velavata himivennema uhulanna bari duka witharai. Meka thamai aththa keevata hetath thava kenek methentama enava. Budu saranai

  • @sanjeevaharshani

    @sanjeevaharshani

    3 жыл бұрын

    ❤❤❤❤❤❤👌

  • @chamindakumara2285
    @chamindakumara22854 ай бұрын

    බුද්ධියට ඉඩ දුන් ෙනාත් අමිමයි, තාත්තයි හැගිමි වලට ඉඩ දුන් ෙනාත් ෙපමිවතා/ ෙපමිවති .😊😅😮

  • @sewwandipanampitiya
    @sewwandipanampitiya6 ай бұрын

    විවාහය කියන්නේ ලේසි දෙයක් නෙවෙි . එතන කෙල්ලෙක්ට වැරදුනොත් ඡීවත කාලෙම විඳවනවා. පුදුම වචන . එ් ගී ගැයුම වාදනය හදවත පතුලටම දැනෙනවා.. අැඟම හිරි වැටෙනවා. අැස් වලට කඳුඵ එනවා එ් වචන.. 😢

  • @NirmalaGunasekara-nj2zj
    @NirmalaGunasekara-nj2zj5 ай бұрын

    very nice sinhala song thanks

  • @user-eo3ye6ud4t
    @user-eo3ye6ud4t4 ай бұрын

    THANKS..Sanjeewa..

  • @sampathhemakumara9606
    @sampathhemakumara9606 Жыл бұрын

    චන්ද්‍රමන්ඩලේ ගීතයේ පිලිතුරු ගිතයට ගැලපෙන්නේ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @madusankapathirage3003

    @madusankapathirage3003

    Жыл бұрын

    එක නම් ඇත්ත ❤️❤️

  • @mdlionelranaranawana9305
    @mdlionelranaranawana9305 Жыл бұрын

    මමත් ගොඩාක් ආසාවෙන් මෙම ගීත නිතරම අහනවා.

  • @newslife1501
    @newslife15019 ай бұрын

    අර්ථවත් ගීතයක්❤️ ආදරණීයයි🥺⚡️

  • @vineethasaranasinghe8171
    @vineethasaranasinghe817115 күн бұрын

    Advice for all girls from this meaningful and beautiful song. Thanks for singing music and other participants. Triple gem bless you and all gods bless you 😂😂😂😂😂🎉🎉🎉🎉

  • @user-xy8lj6bh6l
    @user-xy8lj6bh6l11 ай бұрын

    මෙම ගීතය සත්‍ය සිදුවීමක් ඇසුරින් නිර්මාණය වූවකි. සමාජ යථාර්ථය මැනවින් පැහැදිලි කරයි.

  • @nihansanethmi7479
    @nihansanethmi74796 жыл бұрын

    mara therumak thiyena song ekak me wage songs valin samajaye vena me vage deval poddak hari adu vei...I LIKE THIS SONG

  • @sanjeevaharshani

    @sanjeevaharshani

    5 жыл бұрын

    බොහොම ස්තූතියි

  • @nilwallagamagesomalatha4863
    @nilwallagamagesomalatha4863 Жыл бұрын

    දියනියන් විසින් අහන්න ඕනම අර්තවත් ගීතය ක්

  • @nelumkumari890
    @nelumkumari890 Жыл бұрын

    හදවත පතුලට වදින ගිතයක්

  • @lankaattanayake8411
    @lankaattanayake84114 жыл бұрын

    කොච්චර ඇහුවත් epa වෙන්නේ ලස්සන සිංදු ❤❤❤❤

  • @sanjeevaharshani

    @sanjeevaharshani

    3 жыл бұрын

    ❤❤❤❤❤❤❤👍👍👍👍

  • @lifeismusic8489
    @lifeismusic848910 ай бұрын

    කියන්න වචන නැහැ නේද, මේ අපි එදා අහපු සදා සුවදෙන ගීත.

  • @lahiruwickramanayake3621
    @lahiruwickramanayake3621 Жыл бұрын

    පැන ගිය මුවන් ලග සැළුනයි නෙලූ පළා .. අද මෙහෙම පද රචනා කරන්න නිර්මාණ කරුවො නැත්තෙ ඇයි.

  • @ritamudalige5828
    @ritamudalige5828 Жыл бұрын

    Lassana therum thiyena geetha ahagena inna puluwan voice ekath ithama lassanai

  • @chamilapriyangani4564
    @chamilapriyangani45642 жыл бұрын

    අම්මා තරම් දරුවන් වෙනුවෙන් දුක් උහුලන කෙනෙක් මේ ලොකේ කෝහේවත් නැ.ඒ හින්දා අම්මට කවදාවත් දුකක් දෙන්න එපා.ඒ වගෙම තාත්තා දෙන්නාම හොදින් බලාගන්න .🙏🙏🙏🙏

  • @thilinikodithuwakku693
    @thilinikodithuwakku693Ай бұрын

    සිද්ධියේ කිසිම සමානතාවයක් නැති වුණත් මේක ඇහෙන වාරයක් ගානෙ හිත ඉරිතලා යනව. දවස් ගානකට ඒ කම්පනය නිමා වෙන්නෑ... මේක ප්ලේ වෙද්දි බලෙන්ම මගාරිනව දැන්. මටත් ඉන්නෙ චූටි දුල දෙන්නෙක්.💔

  • @siripalasenadheera4316
    @siripalasenadheera43162 жыл бұрын

    මුලින්ම 1977 පමණඇසුවා නැවතන් 2022 . 6. 22 ඇසුවා රසවින්දනය අදත් එදා වගේමයි මන මෝහිනීය මියුරු ගීතයක් .

  • @chamarapriyadarshana3546
    @chamarapriyadarshana35463 жыл бұрын

    මේ සින්දුවටත් හොද නෑ කියන කාලකණ්ණි ඉන්නවනේ .. නොදකින් ..

  • @walnera123
    @walnera1239 ай бұрын

    Most likely song I ever heard ❤

  • @subhashinikarunarathna5877
    @subhashinikarunarathna58772 жыл бұрын

    හැම කෙනෙක්ටම ගොඩක් ආදර්ශවත් ගීතයක්.... 👌🎧

  • @user-so6sn2ml2e
    @user-so6sn2ml2e4 ай бұрын

    Harialassanai

  • @user-qj6kk2pp9q
    @user-qj6kk2pp9q5 жыл бұрын

    ගොඩාක් ලොකු අර්ථවත් ගීයක්

  • @sanjeevaharshani

    @sanjeevaharshani

    5 жыл бұрын

    බොහොම ස්තූතියි

  • @dodangodadodangoda6648
    @dodangodadodangoda66484 жыл бұрын

    Dora arapan amme mata sama welaa........🎀🎀🎀🎀🎀🎀✨️✨️✨️✨️✨️

  • @sanjeevaharshani

    @sanjeevaharshani

    3 жыл бұрын

    ❤❤❤❤

  • @DammikaSK1
    @DammikaSK15 жыл бұрын

    තිත්තයී අනේ තිත්තයී මී වදේ පැණි..........

  • @sanjeevaharshani

    @sanjeevaharshani

    3 жыл бұрын

    👍👍

  • @marieruthperera15
    @marieruthperera15 Жыл бұрын

    Lassana therumathi harima lasans hadak ob a apata sympathy jesupihitai

  • @utharabope3891
    @utharabope38912 жыл бұрын

    ආගිය මාවතක් නෙ පෙනෙන්නට .අම්මේ දොර අරින්න ............ ආදරේ කියන්නේ මයාවක් විතරයි

  • @GeethaKomangoda
    @GeethaKomangoda6 ай бұрын

    Mama ahapu lassanama gethayak.

  • @susanthaliyanage7072
    @susanthaliyanage70723 жыл бұрын

    ඉතාම රසවත් නිර්මානයක්.

  • @sriperera2744
    @sriperera27443 жыл бұрын

    මගේ ප්‍රියතම ගිතයකි

  • @user-um6nv5zr8v
    @user-um6nv5zr8v2 ай бұрын

    Marama lassanai

  • @olympictailors3854
    @olympictailors38542 жыл бұрын

    Samahara waradi thiyanawa apita kawadawathma hadaganna ba.waradunoth waradunamai

  • @younandun
    @younandun3 жыл бұрын

    විශිෂ්ටයි...

  • @samanlalani1766
    @samanlalani17666 ай бұрын

    Gayanaya pabadum විශිෂ්ඨ y හරිම හැඟීම් baray

  • @madutharanga7654
    @madutharanga7654 Жыл бұрын

    හරිම ලස්සනයි .... බුදුසරණයි ....!

  • @Jcbpblx
    @Jcbpblx6 ай бұрын

    Ape loku akkai,podi akkai dennama hithuwakkara widihata kasada badinakota mage raththaran ammath mahamera wage balagena hitiya misak aduwe na. 😢……….eth amma dan me loke na. …..yannama gihin. 😢

  • @user-fn8ps5rd9e
    @user-fn8ps5rd9e2 жыл бұрын

    ලස්සනයි

  • @manoriwijesuriya.5382
    @manoriwijesuriya.53824 жыл бұрын

    Harima lassanai 💕💕💕💕💕💕💕💕💕💕💕❤❤❤❤❤❤❤😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍❤❤❤❤❤❤❤❤💕💕💕❤❤❤💕💕🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sanjeevaharshani

    @sanjeevaharshani

    3 жыл бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍👍👍👍👍👍👍😍😍😍😍😍😍😍🌹🌹🌹🌹

  • @chalanasachin7870
    @chalanasachin78703 жыл бұрын

    niyamae

  • @maduhashara8530
    @maduhashara85302 жыл бұрын

    Lassanai''....

  • @ranjithkumara8449
    @ranjithkumara8449 Жыл бұрын

    සුපිරි සිංදු ❤❤❤❤❤🎉🎉🎉🎉😊😊😊😊

  • @swethasilva6358
    @swethasilva63585 жыл бұрын

    මෙව තමයි ගීත....

  • @sanjeevaharshani

    @sanjeevaharshani

    3 жыл бұрын

    👍👍👍

  • @thusharathilakarathna6407

    @thusharathilakarathna6407

    2 жыл бұрын

    @@sanjeevaharshani hm

  • @rohanasampathjayathilakaka6872
    @rohanasampathjayathilakaka68723 жыл бұрын

    අහනවා විතරක් නෙවෙයි මතක් වෙද්දී ඈදෙනවා 🌹💞 Thanks, හංසි 👌

  • @sanjeevaharshani

    @sanjeevaharshani

    3 жыл бұрын

    bohoma sthuthiyi

  • @rohanasampathjayathilakaka6872

    @rohanasampathjayathilakaka6872

    3 жыл бұрын

    ඉස්තුති 🙏

  • @kanchanajayasinghe9016
    @kanchanajayasinghe901610 ай бұрын

    ❤❤❤❤❤❤❤

Келесі