No video

වාකනේරී බේරාගත් වීර වික්‍රම විභූෂණ SF කොඩීගේ බිහිසුණු මතකය (01) පළමු කොටස | WANESA TV

(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZread Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZread Channels is strictly prohibited.)
Sanjeewa Rathnayake®

Пікірлер: 2 200

  • @kumaralanka4914
    @kumaralanka4914 Жыл бұрын

    මම අදටත් sf එකට මර අදරෙ මොකද මම හිටියෙ 2008 මුහුමලෙ 5 වන S.L.G මට හරියට මුහුමලෙ පස් බැම්මෙදි වදිනව කකුල් දෙකට ආටියක් එක වැටුනෙ දුරින් මට කැලි වැදුනා මම වැටුනා පැය 2ක් එතනම හිටියා යන්න බැ මගෙ වාසනාවකට අවා sf එකෙ කොපල් බන්ඩාර අපි ගමන් කිව්ව උබ අලුත් කොල්ලක් නෙද උබට වැදිලා ඉන්නෙ හිටපන් මම උබව අරන් යන්නම් ඔන්න අදටත් ඉන්නව මාදුරුඔය කැප් එකෙ දැන් R.S.M මව අරන් අවා මගට ඇවිල්ලා කිව්ව උබව ගනි දැන් බය නැතුව හිටපන් කියල එතොට මගෙ කකුල් දෙකම පන නැ විනාඩි 30ක් යනකොට ටැක්ටර් එකන් ඇවිල්ල මව ගත්තා එදා මගෙ ජිවිතෙ බෙරුනෙ sf බන්ඩාර සර් නිසා මගෙ නම්බර් එක 1001003 යුනිට් නම්බර් එක එක සත්‍ය කතාවක් 🙏

  • @vsyoutubechanel3627

    @vsyoutubechanel3627

    Жыл бұрын

    ඔයාට දැන් ඇවිදින්න බැයිද 😥

  • @pooja.jayasinghe

    @pooja.jayasinghe

    Жыл бұрын

    Adarei oyalata ❤💕

  • @Bettingboy89

    @Bettingboy89

    Жыл бұрын

    Respect ❤️

  • @chathurangabandara8236

    @chathurangabandara8236

    Жыл бұрын

    Respect ❤️

  • @dileemawickramaarachchi6407

    @dileemawickramaarachchi6407

    Жыл бұрын

    මල්ලි හොදින් ඉන්නවාද.....පත්තිනි meeniyange පිහිටයි .....

  • @gayanudayanga5819
    @gayanudayanga5819 Жыл бұрын

    නියම ශ්‍රී ලාංකික සිංහයෙක්ගේ ගෙරවිල්ලක්💪..සිංහල අම්මගෙයි දෙමළ අම්මාගෙයි වෙන්සක් නැ❤️ එකම දරු සෙනේහස තියෙන්නේ.. රටට මේවැනි පුතේක් බිහිකල එ අම්මට බුදුසරණයි🙏...

  • @sirlankatravelnormal8968

    @sirlankatravelnormal8968

    Жыл бұрын

    Niyami wow♥️💓💓

  • @Religions875

    @Religions875

    Жыл бұрын

    .

  • @thusharabandula8584

    @thusharabandula8584

    Жыл бұрын

    පදක්කමි 14 ක්.

  • @dilsanbubbika17

    @dilsanbubbika17

    Жыл бұрын

    @@sirlankatravelnormal8968 p

  • @priyankasandamali3486

    @priyankasandamali3486

    Жыл бұрын

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @channelw.a.p8020
    @channelw.a.p8020 Жыл бұрын

    අවුරැදු ග⁣ානක් මම සර්ගේ කණ්ඩායමෙි...මම කණ්ඩායමි ලිපිකරු සර්..නිතරම හිටියේ අපිත් එක්ක...සර් හරිම නිර්භිත රණශුරයෙක්..මම පුද්ගලිකව දන්නවා සර්...ජයවෙිවා.. බුදුසරණයි

  • @sumisumi6512

    @sumisumi6512

    Жыл бұрын

    Kodige gama keheda

  • @ash1890
    @ash1890 Жыл бұрын

    මාර ගටක් තියන කොල්ලෙක්..තරුණ කාලෙ හරිම ලස්සනයි

  • @chathuranga.h.d.d.4756
    @chathuranga.h.d.d.4756 Жыл бұрын

    සිංහල අම්මගෙයි..දෙමළ අම්මගෙයි.. වෙනසක් නොදැක්ක නියම සිංහල කොල්ලෙක්...හිතට තදින්ම දැනුනා...ආඩම්බරයි....SF කොඩී....

  • @chamidukumara9089

    @chamidukumara9089

    Жыл бұрын

    අනීවා❤️❤️❤️❤️❤️❤️

  • @NilankaSadamali-me2ql

    @NilankaSadamali-me2ql

    Жыл бұрын

    🥰🥰🥰🥰🥰🥰

  • @daysofkrishan9195
    @daysofkrishan9195 Жыл бұрын

    සිංහයෙක් වගේ එක තත්පර දෙකක් ඉදලා මැරිලා ගියාට කිසි දුකක් නෑ… එකනම් වැදුනා පතුලටම ❤️🌸🇱🇰🔥

  • @dilhangamage259

    @dilhangamage259

    Жыл бұрын

  • @lasanthahettigoda4078

    @lasanthahettigoda4078

    2 ай бұрын

    සිංහයෙක් වගේ ❤❤❤

  • @danajayagarusinhe2018
    @danajayagarusinhe2018 Жыл бұрын

    Sir යටතේ පුහුණු වෙන්න ලැබීම මට ලොකු ගෞරවයක් ❤❤❤💪💪

  • @manolivera4813
    @manolivera4813 Жыл бұрын

    විනාඩි 11.40දි කියන හිගුරක්ගොඩ " කළු මල්ලී " අපේ අයියා කෙනෙක්... 😓❤. මාවිල් ආරු සටනේ මුල් අවදියේ මැරුණ කෙනෙක්. දවසට නියමිත ක්‍රියාන්විත කොටසක් ඉවර කරලා ඒක ජයග්‍රහණය කරලා ඉද්දී පසුබහින LTTE සාමාජිකයෝ කීප දෙනෙක් ගහපු ආටි ශොට් එකකින් මැරුණේ එයා. දකුණු පෙනහැල්ල සම්පූර්ණයෙන් අයින් වෙලා තිබුණා ඒ ශොට් එකට... 😓❤. ඒත් පැයක් වගේ කාලයකට කිට්ටු වෙන්න ජීවත් වෙලා තිබුණා. ඒ තරම් මොරාල් ලොකු තුවාලයක් සහිතව හිටියත්... ❤✌️.නිවාඩු අවිල්ලා ගෙදර ඉද්දී කොඩීලා, මගේ යාළුවෝ සෙට් එක යුද්ධ කරනවා ගෙදර ඉන්න බෑ යන්න ඕනි කියලා ගියපු කෙනෙක් මේ මෙහෙයුමට. නිවාඩු දවස් ඉතිරි වෙලා තිබුණා කීපයක්. කුහක මිනිස්සු කියනවා රණවිරුවන්ට පඩියට වැඩ කරන, අට පාස් ආමිකාරයෝ කියලා. හැබැයි සුවපහසු කාර්‍යාල කාමරවල වැඩ කරන මිනිස්සු වත් තමන්ගෙ නිවාඩු ඉතිරිව තියෙද්දිත් ස්ව කැමැත්තෙන් සේවයට වාර්තා කරන්නේ නෑ.... 😌✌️. හැබැයි අපේ අයියා නිවාඩු ඉතිරිව තියෙද්දිත්, කන්න බොන්න නැති,අවුවට වේලෙන වැස්සට තෙමෙන, මරණය අතේ තියන් ජීවත් වෙන, ඕනිම විදියේ භයානක දේවල් ජීවිතයට වෙන්න පුළුවන්, කිසිම සුවපහසුවක් නැති මහ කැළයක යුධ පිටියකට සේවයට වාර්තා කළා. මට නම් අපේ අයියා ගැන සහ සියළු රණවිරුවන් ගැන ගොඩක් ආඩම්බරයි ඒක නිසා. මොකද වැටුපකට එහා ගිය සේවයක් ඒක. ඉගනගත්තු මිනිස්සු, සුවපහසු තැන්වල රැකියා කරන මිනිස්සු පවා රාජකාරිය හරියට ඉටු නොකරන, රට ගැන සේවාලාභියා ගැන හැගීමෙන් සේවය නොකරන කාලෙක මේ වගේ මිනිස්සුන්ට ඇගිල්ලක් දික් කරන්න වත්, අට පාස් වැඩක් නැති උන් කියන්න වත් බැහැ කිසිම කෙනෙකුට... ❤. මට ආඩම්බරයි මගේ සහෝදරයා ගැන. ඒ වගේම මම උතුම් නිවන් සුව ප්‍රාර්ථනා කරනවා ඔහුට... ☸️❤🌹

  • @dineshmilindadissanayake7310

    @dineshmilindadissanayake7310

    Жыл бұрын

    ජාතියේ පිනට පහළ වූ උතුම් රණවිරුවන්.

  • @JanakaAbeyratne

    @JanakaAbeyratne

    Жыл бұрын

    අපි නිදහසේ ජීවත් වෙන්නේ ඒ වීර සෙබලුන්ට පින් සිද්දවෙන්න...🙏

  • @samirusathyajith1130

    @samirusathyajith1130

    Жыл бұрын

    ඔයා අට පාස් කියන එකෙක් තමන්ගේ රටට තමන්ගේ රටේ මිනිස්සු මිනිස්සු න්ට මොනදා කරලා තියෙන්නෙ . උන් ඉගෙන ගෙන තමන්ගේ සුබ සිද්දිය උදෙසා මුදල් උපයා ගන්නවා . රටට සේවාවක් කරන මිනිස්සු ඉන්නව නැත්තේ නැ හැබැයි අල්පයයි . එහෙම බලද්දි සියලුම රණවිරුවන් රටට ණය නැති ඇත්තටම යක්ක පුත්තු . නිවන් සුව මියගිය සියලුම රණවිරුවන්ට . රෝගාතුර වී සිටිටන අය ඉකමන් සුව

  • @dinukadilshan4478

    @dinukadilshan4478

    Жыл бұрын

    Respect kalu malli.❤️ Niwan suwa ranaviruwaneni🙏🙏🙏

  • @liyanarachchitech3624

    @liyanarachchitech3624

    Жыл бұрын

    😔😍

  • @chathuranga.h.d.d.4756
    @chathuranga.h.d.d.4756 Жыл бұрын

    මම මෙතෙක් අහපු බලපු වැඩසටහන් වලින්..හිතට ගතට තදින්ම දැනුන වැඩසටහනක්.SF එකෙ වෙඩිබලය ගැන අහලා තිබුනා ක්‍රියාන්විත ගැන අහලා තිබුනා..එත් අද තමයි SF සෙබලෙකුගෙ කතා විලසය හරියටම ඇහැවුවෙ...එක පට්ට ගැම්මක් ..මෙවන් සුපිරි විරුවන්ගෙ අත්දැකීම් අහද්දි දැනෙන්න ගැම්ම වචනයෙන් කියාගන්න බෑ..සුපිරි වීරයෙක් ...

  • @malshanioshadhie6428

    @malshanioshadhie6428

    Жыл бұрын

    එකඟයි👊

  • @chathuranga.h.d.d.4756

    @chathuranga.h.d.d.4756

    Жыл бұрын

    @@malshanioshadhie6428 👍

  • @sanjeewaabeysinghe7481

    @sanjeewaabeysinghe7481

    Жыл бұрын

    ow niyamai... super real hero...

  • @SUMALLIIYA

    @SUMALLIIYA

    Жыл бұрын

    අපිවත් යුද බිමට අරං ගියා...

  • @dumeshiindaki1602

    @dumeshiindaki1602

    Жыл бұрын

    Maru

  • @isharasoyza6703
    @isharasoyza6703 Жыл бұрын

    දැන් සීයක් ආවත් ගහයි තනියම... මේක තමයි හොදම එක.. ❤️ කට්ටකාපු පෙනුම පේනව ... දීර්ඝායුශ වේවා අයියෙ ඔයාට ... ❤️🙏

  • @Danie5828
    @Danie5828 Жыл бұрын

    පොරගෙ මූන බැලුවාම පේනවා ඒ ගැම්ම.යක්ශ මූනක් තියෙන්නෙ ❤️

  • @user-tt2he1ik2y
    @user-tt2he1ik2y7 ай бұрын

    කොල්ලන්ගෙ භාශාවෙන් කැ#යො කියන්නෙ හරියටම මේ වගේ උන්ට ❤️ respect කොඩ්ඩ ✌️

  • @nimeshbandara6450

    @nimeshbandara6450

    6 ай бұрын

    සිරාවටම බන් ❤ මටත් මේක බලද්දි තනියෙන් මටම කියවුනා "පුදුම කැරියෙක්නෙ" කියල ❤ අඩෝ ඒ ගැම්ම මාරයි බන්💪

  • @user-tt2he1ik2y

    @user-tt2he1ik2y

    6 ай бұрын

    @@nimeshbandara6450 සිරාම බං ❤️‍🩹

  • @Lakshan_Udayanga

    @Lakshan_Udayanga

    5 ай бұрын

    අන්න හරි මචන්...අපේ භාශාවෙන් කිව්වොත් හම්බ කැriයෙක්..❤️🔥 චූ යන්නැති බන් අර හුට්ටිගෙ පුතාලට කොඩීව දකිද්දි

  • @vihangathathsaranirusso3874
    @vihangathathsaranirusso3874 Жыл бұрын

    අම්මා තත්තා උගත් නැහැ , රාජකීය පාසල් වලට ගිහින් නැහැ , හරියට ඉගෙන ගෙනත් නැහැ , ලොකු ලොකු තනතුරු , ආධ්‍යාපන සුදුසුකමුත් නැහැ , බලන්නකෝ කතා කරන ලස්සන , හොදට අනෙකාව තෙරුම් අරන් තියෙන විදිහ, අර කියපු සුදුසුකම් ඔක්කමත් තියන් රට කරන් උන් එක්ක බලපුවම,, අහසට පොළොව වගේ, මේ මහත්වරු ලගින් වත් තියන්න බැහැ ❤️❤️

  • @1965D

    @1965D

    8 ай бұрын

  • @darkxstudiocreations

    @darkxstudiocreations

    16 күн бұрын

    ඒකනම් ඇත්තම කතාව ❤❤

  • @sumiththralatha959
    @sumiththralatha959 Жыл бұрын

    අට පාස් කියන ආමි කාරයගේ කතාව සාහිත්‍යදරයෙක්ට වත් නැති ඇගේ හිරිවැටෙන වචන හදවතින්ම ගරු කරනවා ❤️🍃

  • @maheshbentotaa1981

    @maheshbentotaa1981

    Жыл бұрын

    Macho Oya 8 pass kiyana kathawata mama sampurna viruddai. Oya uda upakatana mehema wanna ba dgree akak gatha kiyala akata hasala danumak thiyanna ona. Sithiyam kiyavima kala nirnaya. Gun power aka thiranaya kirima. Niwaradi thirana ganima kiyana awa lesi pahasu karayan newe. A nisa Oya 8 pass akai yana kathawa kawadawath hamaudawath akka sambanda karagatha uthu natha

  • @NilankaSadamali-me2ql

    @NilankaSadamali-me2ql

    Жыл бұрын

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @apsara_madubashi

    @apsara_madubashi

    Жыл бұрын

    8pass kenek neme me...advanced level dakwa apu kenek...❤

  • @bhawanthapremasinghe4483

    @bhawanthapremasinghe4483

    11 ай бұрын

    kana ehennedda gthayo a/l karala thiyenawa qwaka 😂

  • @saiakz1621

    @saiakz1621

    8 ай бұрын

    8 පාස් ආම් කාරයොන්ට මෙ තත්වයට එන්න ba .

  • @rathna3880
    @rathna3880 Жыл бұрын

    ඇත්තටම මෙි රනවිරැවා බුදුදහම ගුනදර්ම මොනවට පැහැදිලි කරමින් අගයමින් කරන කතාව හරි විශිසටයි බුදුසරණ යි ඔබ දෙපලටම

  • @Kavee20Nsl
    @Kavee20Nsl Жыл бұрын

    මම පිරිමියෙක් වෙන්න තිබ්බා නම් කියල හිතුනෙ SF එක ගැන හිතද්දි විතරයි🥀✨ සුපිරි වීරයෙක් කැප්ටන්..අපේ උත්තමාචාරය 🔥🥀

  • @pramoddilshan9982

    @pramoddilshan9982

    Жыл бұрын

    oyge comment ekanam...🥺Whatsapp mg ekak dannko.

  • @Black33369

    @Black33369

    Жыл бұрын

    @@pramoddilshan9982 ane paduwe idapan besikaya

  • @pasindukaveen6135

    @pasindukaveen6135

    8 ай бұрын

    ​@@pramoddilshan9982heminenne nathuw hitpn gon keriya

  • @NirmalPriyasanka-tc8sh

    @NirmalPriyasanka-tc8sh

    2 ай бұрын

    ❤❤❤

  • @gihaadikari8242
    @gihaadikari8242 Жыл бұрын

    තුන්වෙනි විනාඩියෙදි කෙලින් උන මයිල් ටික තාම කෙලින් 🙆 සංජීව මෙතෙක් කරපු හොදම interview එක මටනම් ❤️ . අනේ මචන් ඊලග එකේ 3වන ඊලාම් යුද්දෙ ගැනත් අහන්න මෙයාගෙන්. අහගන්න ගොඩක් දේවල් තියෙයි...

  • @ishansathushka9610

    @ishansathushka9610

    Жыл бұрын

    එකෙන්ම..

  • @yasaswarusa4668

    @yasaswarusa4668

    Жыл бұрын

    sirwatama mara moral wachana tika

  • @Yasith1945
    @Yasith1945 Жыл бұрын

    Number 1 කිවුවට විශ්වාස කරන්නේ මේ විඩියෝ වල වැඩිම විවුස් ඇත්තේ මගේ..ඒ තරම් පිස්සෙක්.යෝදයෝ ඇස් දෙකෙන් දකින්න පිං කලා මමත් 💙 උබත් එක නන්දිමිත්‍රයෙක් සහෝදරයා ආයුශ බොහෝවේවා ❤️

  • @amilasuganda4640
    @amilasuganda4640 Жыл бұрын

    නන්දිකඩාල් අන්තිම ෆයර් එක වෙලේ චාල්ස් ලා අපේ 10 GR සහ අනෙකුත් පාබල හමුදා යුනිට් දකින කොට හිතුවේ ආමි එකට දුවන්න දෙන්නම් කියලා හිතාගෙන එයාලගේ ලාස්ට් ෆයර් එක පටන් ගද්දී හිතුවේ නැහැ පාබල හමුදාවේ අස්සට අපේ SF එක බස්සලා ඉන්නේ කියලා ..අනික අපේ ලයින් 3ක් තිබ්බා..එක කැඩුනොත් දෙකෙන් දෙනවා දෙක කැඩුවොත් තුනෙන් දෙන්නම තමා හිටියේ..ඒ අන්තිම මොහොත..එක බිම් අඟලක් පස්සට යන්න නෙවේ අපේ කොඩීලා උන්ගේ අන්තිම ලයින් එක කැඩුවේ..එදා විශේෂ බලකාය ගහපු ඒ වෙඩි බලය අපේ ආමි එකේ මොරාල් එක උඩටම උස්සලා තිබ්බ...විශේෂ බලකාය නිතරම කරේ සතුරු බලය අමු අමුවේ පොඩිකරලා දාපු එක...

  • @chamindapeiris5438
    @chamindapeiris5438 Жыл бұрын

    කොඩී උඹනම් .....ගෞරවනීය පොලවේ පය ගහලා ජිවත් වෙන කොල්ලෙක්.........ආදරෙයි සියලුම රනවිරුවන්ට ........

  • @cj-gn1sp
    @cj-gn1sp Жыл бұрын

    කට්ට කාපු මනුස්සයෙක් ❤️ සිද්ද වෙච්ච දේ වගේම සමාජය ජීවිතේ රට ගැන කියන කතාවත් සුපිරියි 👍

  • @asankanawarathne1810
    @asankanawarathne1810 Жыл бұрын

    මේ අපේ එවුන්...මහා කලු සිංහල පරම්පරාවෙ උන්.. ආඩම්බරයි උඹල ගැන..♥️

  • @samanthifernando7235

    @samanthifernando7235

    Жыл бұрын

    GG🤯🤑

  • @Tharushi2003
    @Tharushi20032 ай бұрын

    පොළොවට නොදැනෙන සේ පා තබන්න,මන්ද යත් මේ භූමියේ රණවිරුවන් දහස් ගනනක් මිහිදන්ව ඇත.❤️‍🩹🪦

  • @sashikalaweeraman2132
    @sashikalaweeraman21324 ай бұрын

    අයියා ඔයා හදපු අම්මට ඒ පිනම ඇති නිවන් දකින්න. සර් නොකියා අයියා කියන්නේ ඔයා අපේම සහෝදරයෙක් කියල දැනෙන නිසා. Respect u with all my heart 🫡🫡

  • @captainbluemccoy223
    @captainbluemccoy223 Жыл бұрын

    SF ඒකේ Captain කේනෙක් කියන්නෙ ඉතින් ආයේ කාතා දේකක් නැ සුපිරිම චරිතයක් වෙන්න ඔන්නේ...♥️♥️♥️

  • @user-hz5ep7ov5w
    @user-hz5ep7ov5w Жыл бұрын

    "ඉර එලිය වැටෙද්දි ලස්සනට දුම යනවා" ❤️❤️ මෙච්චර ලස්සන හිත් තියෙන හමුදාවටනෙ කියන්නෙ යුධ අපරාධ කරනව කියලා ❤️🇱🇰

  • @cdchandana9768

    @cdchandana9768

    10 ай бұрын

    හැමෝම නෙවෙයි රාජපක්ෂලා ගූ කාපු සෙට් එකක් තමයි අපරාධ කරලා තියෙන්නේ .උදාහරණයක් විදිහට tripioli platoon

  • @shalikafernando6986

    @shalikafernando6986

    10 ай бұрын

    Redde aparada...un neveine apine meke inne....me Kara honda vadie... Hats off SL ARMY 🫶🫶🫶

  • @simplewalker459
    @simplewalker459 Жыл бұрын

    අපේ මේ උතුම් බෞද්ධ රට බේරගත්ත තවත් යක්ඛ පුතෙක්❤🙏❤ තෙරුවන් සරණයි🙏

  • @Sri_cartoonnetwork
    @Sri_cartoonnetwork Жыл бұрын

    මගේ අප්පච්චී 2sf කවදාවත් යුද්දේ ගැන අපිට කිව්වේ නැහැ... අද දැනගත්තා ආදරෙයි මගෙ අප්පච්චි රට වෙනුවෙන් කරපු දේට ❤❤❤❤❤💐 2011 පැන්ෂන් දැන් කොල්ල වගේ ගෙදර 🙂

  • @user-zr7tr7jz5i

    @user-zr7tr7jz5i

    Жыл бұрын

    ඔයාගේ අප්පච්චී වීරයෙක්.

  • @thusithawagalawatta9468

    @thusithawagalawatta9468

    Жыл бұрын

    oyage appachi ape deviyek

  • @dswerasooriya1997

    @dswerasooriya1997

    Жыл бұрын

    ❤❤

  • @nimeshaweerasinghe4071

    @nimeshaweerasinghe4071

    Жыл бұрын

    දීර්ඝායුෂ ලැබේවා..❤

  • @sathuta26

    @sathuta26

    Жыл бұрын

    2 sf nama sewa anke kiyandako

  • @chamara_bandara9999
    @chamara_bandara9999 Жыл бұрын

    එ ශෝට් වල සව්න්ඩ් එක දේනකොට අපි යුදබිමේ ඉන්නවා වගේ අත්දැකිමක් ලැබේනවා සහොයුරනි sf යකේක් තමා බුදුසරණයි ඔබට❤️

  • @nalinkoshala8182
    @nalinkoshala8182 Жыл бұрын

    ආදරෙයි රත්තරන් සොයුර ..පට්ටම මනුස්සකම තියන අපේ රණවිරුවෙක්..ඔබට ඔබේ පවුලේ සියලු දෙනාටම සුභ අනාගතයක් පතමී ..ගොඩක් ස්තූතියි සන්ජීව ඔයාට ❤

  • @thusharabandula8584

    @thusharabandula8584

    Жыл бұрын

    පදක්කමි 14ක්.

  • @Ravindufernando-lk2lq
    @Ravindufernando-lk2lq4 ай бұрын

    අපි අදටත් ජීවත් වෙලා ඉන්නෙ මේ වගේ වීරෝධාර රණවිරුවන් හින්දා...රට රැකදුන් සියලුම රණවිරුවන් හට නිදුක් නිරෝගි සුව ලැබේවා ...තෙරුවන් සරණයි සියලුම රණවිරුවන්ට....🙏🙏🙏❤️

  • @Lakshan_Udayanga
    @Lakshan_Udayanga5 ай бұрын

    ගල්ටා,කොඩී,හක්කා ❤️🔥 තුන් කට්ටුව එකට සෙට් උනානම් 100ක් ආවත් උකෝලා ගනී අල්ලෙ තියාගෙන..❤️

  • @erandasanjeewa3220
    @erandasanjeewa3220 Жыл бұрын

    හොද දැනුමක් තියන කොල්ලෙක්. කතා කරද්දි තේරෙනව. කලින් අයට වඩා කැපී පෙනෙන චරිතයක්. ඔබට ජය....

  • @dileemawickramaarachchi6407

    @dileemawickramaarachchi6407

    Жыл бұрын

    ඔව් නේද ....

  • @kavishkagimhan1489
    @kavishkagimhan1489 Жыл бұрын

    මම ආසම SF අයගේ කතා කරන විදිහ බය කියන දේ අහාලවත් නෑ පට්ට ගැම්මෙන් කතාව හදවතට දැනේනවා SF අයගේ ගැම්ම හදන්නේ රන් තහාඩුවක කොටලා රන් මිණි මුතු අමුනලා කිවුවා ඒ ටෝක් එක පට්ට මම හැමදාම කියනවා වගේ කොතනද සිංහල ලේ හැලුනේ එතනයි නිදහසේ මල් පිපුනේ ජය ශ්‍රී ජය ශ්‍රී හෙලයට

  • @danieljohn7306
    @danieljohn7306 Жыл бұрын

    උතුම් සම්බුදු දහමට පිටින් කාටවත් යන්න බෑ. ආදරෙයි කොඩී

  • @scs3938
    @scs3938Ай бұрын

    Morals වැටුනාම ඇවිල්ලා මේක ආයේ ආයේ බලනවා ❤

  • @kal869
    @kal869 Жыл бұрын

    සිංහල අම්මාගෙයි , දෙමළ අම්මාගෙයි දරු සෙනෙහසේ වෙනසක් වෙන්නේ නෑ. සුපිරි ටෝක් එක ❤️❤️❤️

  • @tharinduudagedara48

    @tharinduudagedara48

    Жыл бұрын

    Hej hej jeg jeg 2,616 gd hzhhhhhzh XXX XXX xi

  • @Mudith_Vancouver

    @Mudith_Vancouver

    Жыл бұрын

    Sirawatama

  • @isurumadushanka8002

    @isurumadushanka8002

    Жыл бұрын

    Ekata nam garu karanna watinawa

  • @lbnadiranga5814

    @lbnadiranga5814

    Жыл бұрын

    පැහැදිලිවම ඇත්ත කතාව. සුපිරි කොල්ලෙක් 🙏♥️

  • @kavishkamanohara5974

    @kavishkamanohara5974

    Жыл бұрын

    @@lbnadiranga5814 99

  • @nalinkoshala8182
    @nalinkoshala8182 Жыл бұрын

    මම 7 වෙනි පාර බලන්නේ.මේ සර්ගේ ඇස් පුදුම අවන්කයි.දුප්පත් අපි වගේ පවුල්කින් ආපූ වීරයෙක්.ආදරෙයි ❤️ පැලෙන්න සර්ට..සර්ගේ කට හඩ සර්ගේ වචන සර්ගේ ඇස් පුදුම නිර්භීතයි සින්හයෙක්ගේ වගේ.ඔයාගේ නන්ගීට නිවන් සුවය ලැබේවා..සර් ඔයා අපේ ජාතික සම්පතක්..එදා AL රැග් කරපූ උන්ට ගහපූ ඔබ අද ලන්කාවෙ ජාතික සම්පතක් උනා..දීර්ගායුශ ලැබේවා සර්ට.පවුලේ සියලු දෙනාටම සුභ අනාගතයක් පතමී ඔබේ..❤ සන්ජීව ඔබට නැවතත් ස්තූතියි ..

  • @tecno6900
    @tecno6900 Жыл бұрын

    බුදු ගුණ අනන්තයි එ අනන්ත වූ තෙරුවන් ගුණ බලයෙන් යුද්ධයෙන් මිය ගිය සියලුම රණවිරුවන් සුගතිගාමී වේවා 🙏

  • @madushansanjeewabandara4277
    @madushansanjeewabandara4277 Жыл бұрын

    එවකට රජයන් මේ මිනිස්සුන්ගෙන් යුද්දෙට වැඩ අරන් අතාරිනේ නැතුව මේ යුද්ධ දැනුම පිට රටවල් වලට ආයෝජනය කරා නම් අද මේ මිනිස්සු බිලියනපතියෝ වෙලා. පිට රටවල් වල හමුදාවන් මේ දැනුම ලබා ගන්න ඕන තරම් සල්ලි වියදම් කරයි❤

  • @rkgayandilshan5282
    @rkgayandilshan5282 Жыл бұрын

    🇱🇰වනැස වැඩ සටහනට මීට කලින් ආපු රනවිරුවන්ට වඩා මේ රනවිරුවා ගොඩක් විශේෂයි... නියම එඩිතර නායකත්වයක්‌ තියෙන්නේ මොහුට... රටට වටිනාම මිනිසෙක්... මේ වගේ මිනිස්සු හරි දුර්ලභයි 🇱🇰🖤

  • @anjanamaduranga8231

    @anjanamaduranga8231

    Жыл бұрын

    පට්ට වැඩ්ඩෙක්❤️❤️❤️

  • @Mudith_Vancouver

    @Mudith_Vancouver

    Жыл бұрын

    Sirawatama

  • @vihangaravindu793

    @vihangaravindu793

    Жыл бұрын

    ඇත්තම කතාම 🇱🇰❤️

  • @dharmapriyasilva36

    @dharmapriyasilva36

    Жыл бұрын

    Aniwarayenma ❤️

  • @Topnotch95

    @Topnotch95

    Жыл бұрын

    මෝඩ පකා එක එක්කෙනා එක්ක මනින්න යන්න එපා........යුද්දෙ කරපු ඔක්කොම තමුන්ට වඩා විශේෂ මිනිස්සු 😅

  • @wijayanthideepthi7061
    @wijayanthideepthi7061 Жыл бұрын

    නිර්බභීත දරුවෙක් හිතේ තියෙන නිර්බීතකම ලස්සනට වචන කරනවා. වෙඩිඋණ්ඩ වගේ තමයි පුතා ඔයාගේ වචන හදවතටම වදිනවා. රටදැය රැක්ක පුතේ ඔයාට නිදුක්නිරෝගී සුවයම ලැබේවා.ජීවිතයට සියලු යහපත්ක්ම සැලසේවා!

  • @Wasantha.Dissanayake
    @Wasantha.Dissanayake Жыл бұрын

    යකෝ කොහොමද ටෙක්නික්ස්❤️ මුලු කතාව පුරාම 90%ක් විතර කියවුණේ ටෙක්නික්ස් ගැන. මොන උපාධිය අරගෙනද. පුහුණුව හා කැපවීමෙන් ගත්ත දැනුම අත්දැකීම් එක්ක තව මුවහත් වෙලා. යකෝ පට්ට. මේ තරුණ කොල්ලන් ගෙන් රටට තව වැඩගන්න පුලුවන්. ජයවේවා ශ්‍රී ලංකා යුද හමුදාවට ජයවේවා විශේෂ බලකායට

  • @AmalGunawardhane-sn5uw
    @AmalGunawardhane-sn5uw10 ай бұрын

    ඔය කියන ගුනවර්දන මම . එදා 17කට තිව්වා මම

  • @gehankaushitha8249

    @gehankaushitha8249

    9 күн бұрын

    ❤️❤️❤️❤️❤️

  • @udayangaabeywardhana2696
    @udayangaabeywardhana2696 Жыл бұрын

    අම්මෝ කොහෙන්ද මේ සුපිරි බුලට් එක හොයාගත්තේ..යුද ටැංකියක ෆයර්පවර් යකෙක්.‍රණශූර මෙඩල්13ක් ❤️🔥

  • @shashindunimmika1767
    @shashindunimmika1767 Жыл бұрын

    බොහෝම ස්තූතී කැප්ටන්.. ⚔️.. ඔබමේ කරගත්තාවූ පිනෙන් ඔබගේ නංගීටත් හැකි ඉක්මන් භවයවදී නිවන ලැබේවා.. මේ කතාව හමුදාවට එකතුවෙන සියලුම කොල්ලොන්ට බැලීමට සලස්වන්නඕනි..

  • @Imasha_Welivita
    @Imasha_Welivita Жыл бұрын

    සර්! ආසම චරිතයක්.🙏🥰 සර් ගෙ සමහර වචන මට කට පාඩම්.. "දෙන්න පුලුවන් වටිනම දේ තමයි කිව්වා මම දෙවියන්ට මගෙ ජීවිතේ..🥺❤" අහන්න ආසයි ඒ හයිය. කවදහරි ඇස් දෙකෙන් දකින්න ආසයි දීර්ගායුශ ලැබේවා සර්! බුදුසරණයි!

  • @1nikojohnson

    @1nikojohnson

    Жыл бұрын

    ඔයා fb ඉන්නවද?

  • @spwanasinghe2053

    @spwanasinghe2053

    5 ай бұрын

    එන්න දවසක මදුරන්කුලියට සර්ව පෙන්වන්න ❤

  • @sanjuwhs1286
    @sanjuwhs1286 Жыл бұрын

    බුදුසරණයි සර් ❤❤❤❤... අහද්දිත් ඇග හිරිවටෙනවා... අපේ වීරයෝ... අතීතේ ඉදන්ම රට රැකපු යෝධ වීරයෝ තමයි මේ 😘😘😘😘

  • @imeshwijesinghe3896
    @imeshwijesinghe3896 Жыл бұрын

    47.00 මෙහෙම ගහන කනේ පාරයි මෙහෙම ගහන කනේ පාරයි වෙනස්. 🥺. SF කොල්ලෙක්ගෙ කතාව, උපමාව, අංග චලනය කියන්නෙ වෙනමම කලාවක්❤️‍🔥. ආදරෙයි වණැස✌️❤️💯

  • @ndeep7152
    @ndeep7152 Жыл бұрын

    අද නම් පටන් ගනිමින්ම අමුතුම සංවාදයක්, ඩබල් සැලුට්, පාන්දර 3.30 👍🇱🇰🇨🇦

  • @sathikahettigoda7955
    @sathikahettigoda79555 ай бұрын

    මුන් බය නැ බය මුන්ට බයයි 😅❤❤

  • @user-sz7wn9dp1z
    @user-sz7wn9dp1z Жыл бұрын

    යකෙක් නෙමෙයි බන් යක්ෂ විමානයක් ඔයා නම් කැප්ටන් දණ නමා අචාර කරමි🙏🙏🙏හදවතින්ම ආදරෙයි එකෙන්ම ❤️❤️❤️

  • @ayeshmadawaththa8861
    @ayeshmadawaththa8861 Жыл бұрын

    මෙයාගෙන් තව එපොසෝඩ් දෙකක් වත් ඕනි අයියේ පට්ටම වැඩ්ඩෙක් ❤

  • @user-ls1ip8iy6w
    @user-ls1ip8iy6w Жыл бұрын

    එස් එෆ් ලා කමාන්ඩෝ ලට ගරු කරනවා..කමාන්ඩෝලා එස් එෆ්ලට ගරු කරනවා..රත්තරං රෙජිමේන්තුව්ක් ලූ❤❤❤ ආදරෙයි එස් එෆ් කමාන්ඩෝ 💪

  • @swagyebuwa7802
    @swagyebuwa7802 Жыл бұрын

    "දන්නවනේ කොඩ්ඩා මැරුණත් යන්නේ නෑ" යකෙක්ම තමා ❤️

  • @tharinduhashan1073
    @tharinduhashan1073 Жыл бұрын

    කතාව අහන් හිටිය වෙලාව යනව තේරෙන්නෑ බුදුසරණයි මචන්❤

  • @beautifulceylon-ofsrilanka4526
    @beautifulceylon-ofsrilanka4526 Жыл бұрын

    සුපිරි නියම යකෙක් ❤ දක්ෂ ,බුද්ධිමත් ,නිර්භීත කෙනක් .අහපු කතාවලින් සුපිරිම එකක් .SF ඉතිං අහන්න දෙයක් නෑ යකෙක් ❤

  • @dimuthuruwan4964
    @dimuthuruwan4964 Жыл бұрын

    Respect sir... මේ වගේ විශිෂ්ඨ සොල්දාදුවෝ තව තවත් මගේ රටේ බිහිවේවා...! 🙏🙏🙏

  • @gihanhemanada3332
    @gihanhemanada3332 Жыл бұрын

    සිංහල අම්මගෙත් ..දෙමළ අම්මගේත්.. ආදරේ වෙනසක් නෑ..සැබෑම රන විරුවෙකුගේ මුවින් පිටවූ අර්ථවත් කතාවක්🙏❤️❤️🙏

  • @sampathbandara3171
    @sampathbandara3171 Жыл бұрын

    මේ කතා වීර කතා විතරක්ම නෙවෙයි. අපි මොන රස්සාවක් කරත් ඒකට උපරිමේ දෙන්න ඕනි කියන පනිවිඩේ මේ හමුදා නිලධාරීන්ගෙ කතා වලින් මට තේරෙන්නේ. සමස්ත යුද හමුදාවම වටිනාකම තක්සේරු කරන්න බැරි විශ්ව විද්‍යාලයක්. දීර්ඝායුෂ පතනවා. මේක බලන පාසල් යන ලමයිට ඉගන ගන්න ගොඩක් දේ තියෙනවා. යුද්ද කරන එක නෙවෙයි, යුද්දයක් නිසා වෙන විනාසය, කැපවීම, නිර්භීත බව, යුද්දයක් ඇති නොවෙන්න වැඩ කරන විදිය.... මේ චැනල් එකටත් ස්තූති.

  • @sunethchandana8914
    @sunethchandana8914 Жыл бұрын

    ජය ස්‍රීම බෝ සමිදු බේර ගන්න අංගං සටන් පුහුනු උ දුර්ගම සටන් කන්ඩායම් සිටියා . හරියට රජෙක් නැතිව උන් තනිවම මේ සාසනය බෙර ගත්තා. ගැමුනු කුමරයට උදව් කලේ එයල්ලා.සමහරක් අය පැවිදි වෙලා සසරින් එතෙර උනා. තවත් උං ටිකක් මේ ලොකේ මැරි මැරී ඉපදි ඉපදි කැරකි කැරකි ඉන්නවා. උං උපදින්නේම මේ රට රැක ගන්න. බුදු සසුන රැක ගන්න. මේ තවත් එකෙක්. මේ පිනම ඇති උබලට නිවන් යන්න මග හසර දකින්න.

  • @ErangaSandaruwan

    @ErangaSandaruwan

    Жыл бұрын

    💯

  • @motivefactoryy
    @motivefactoryy Жыл бұрын

    වීරත්වය හා සමානවම ආකල්පයෙනුත් පොහොසත් කැප්ටන් කොඩී. ❤️❤️❤️

  • @mesadichamathka3911
    @mesadichamathka3911 Жыл бұрын

    මුහුද දෙබෑ කරන, අහස පොළොව සිඹින, රටට සෙනෙහෙ පුදන, ලෙයින් මසින් සැදුන. සැබෑ පියෙකී දරු දහසකී, මුලු රටේම ලේ නෑයෙකී, අපේ එකෙකි සිය දහසකී, මේ දරු හට මව් දහසකී. යෞවනයේ..... මේ සගයා... අපෙන් එකෙකි මේ මිනිසා..... හදවතින්ම ආඩම්බරයි ආදරෙයි කොඩී❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @enishanthi119
    @enishanthi119 Жыл бұрын

    එදා තිබුනු ඒ අබ්මානය ඒ අඩම්මබරය අදත් ඔබතුමාගේ මුහුණේ තියෙනවා නේද කියලා හිතුනා ....ඔබතුමාන්ලා වැනී විර පුතුන් මේ රටට වසානාවන් අපේ විර උදාර රණවිරුවානණි .....මේ රටේ මිනිසුන් ගේ වාසනාව ඔබ වැනි විර් දරුවෝ ලැබුනු නේ.....ඔබතුමාන් හරි බුදු සරණනින් ඔබතුමාන්ලාට නිදුක් නීරොගී වේවා .....බුදු සරණයි ජය ශ්‍රී මහා බෝසම්දු පිහිටයි අපේ විර උදාර රණවිරුවනි ඔයාලාට ...ඝණ දෙව්‍ පිහිට ලැබේවා අපේ විර උදාර රණවිරුවනි ඔයාලාට ...හද පීරි ගෞරවය හැමදාමත් අපේ විර උදාර රණවිරුවනි ඔයාලාට ..

  • @manushakawishka6733
    @manushakawishka6733 Жыл бұрын

    මේකනම් පිස්සුවක් 😍 අද දවසට දෙපාරක් ඇහුවා 💖 ඉක්මනට ඉතුරු කොටසත් ඕනේ ♥️♥️ තව තව sf එකේ අයගේ ඒවා ගොඩක් ඕනේ 💚 මාත් කවදාහරි sf තමා යන්නෙ

  • @roholding6285

    @roholding6285

    Жыл бұрын

    mamath, me dakwa ahapu hodama kathawa

  • @sayuldayawansha1174
    @sayuldayawansha1174 Жыл бұрын

    මේ මිනිසු මැරෙනකම් රජයෙන් බලාගන්න වටින චරිත අප්පා❤

  • @maleeshaleelarathna6030

    @maleeshaleelarathna6030

    10 ай бұрын

    අනිවාර්යයෙන්

  • @sadunmadusanka2819
    @sadunmadusanka2819 Жыл бұрын

    රටට වගෙම අපේ ගමටත් අබිමානයක් අයීයා ඔයා❤️❤️❤️

  • @praneethsameera7403
    @praneethsameera7403 Жыл бұрын

    මම අහපු සුපිරි කතාවක්. ජාති වාදය එපා කතාව . නියමයිනේ යාළුවා . ඇත්ත දේශපාලනය කරපු කාලකණ්ණි සිංහල දෙමල අපිව බේද කරලා බිල්ලට තියලා. උන් වැජබුනා. බුදු සරණයි . මියගිය සියලු දෙන්නටම සහ ආබාදිත සියලු දේනාටම .

  • @sampathedirisingha5479
    @sampathedirisingha5479 Жыл бұрын

    මතකද එඩිගේ වැඩසටහනෙදි කිව්වා කැප්ටන් කොඩිතුවක්කු කියලා මෙයත් අදර් රැන්ක් ගිහින් තමා කමිසන් රැන්ක් ගිහින් තියෙන්නේ . එත් එඩී මෙයාව කට පුරා සර් කියනවා. එ කියන්නේ මෙතෙක් මුලු කතා ඔක්කොම ආව රණවිරුවන්ට වඩා මෙයා සුපිරිම චරිතයක් . සුපිරිම සර් ආදරේයි ❤️❤️❤️❤️

  • @sithummaliththa9801
    @sithummaliththa9801 Жыл бұрын

    උගත් කිය කිය දාර්ශනික ටෝක් දෙන එකෙක්ගේ කටකින්වත් පිට නොවන වචන රත්තරං අයියේ උබගේ කටන් පිටවෙන්නේ උබලට වරදින්නෙ නැ කවදාවත් අපේ ආයුෂත් අරගෙන උබල තවත් මේ මහ පොලවේ පය ගහල ඉන්න ඕන බුදුසරණි උබලට...

  • @mahindafernando
    @mahindafernando2 ай бұрын

    Sf cody.උබලට අපි නයගැතියි පුතා.......

  • @thornethsara2805
    @thornethsara2805 Жыл бұрын

    සින්හල හමුදාව ඒක්ක හැප්පේන්න අමාරුයි☠️☠️☠️ ,අදටත් හමුදාවට ආදරෙයි ❤️❤️❤️

  • @imallakshan7985
    @imallakshan7985 Жыл бұрын

    දෙවැනි කොටසත් Skip නොකරම බලනව ඒ තරම් ආසයි අපේ කොල්ලගෙ මොරාල් එකට 💪💪 ❤️❤️ අපේ ආයුශත් අරන් ජීවත් වෙන්න අයියේ 🙏🙏

  • @thilinilakmal4273
    @thilinilakmal4273 Жыл бұрын

    නියම සිංහලයෙක්..රටට කල සේවයට ගොඩක් පිං ඔබතුමාට .🙏🙏🙏🙏

  • @madikagunasekara9538

    @madikagunasekara9538

    5 ай бұрын

    😢😢😢😢😢😢

  • @prasadkumara-xy1gm
    @prasadkumara-xy1gm Жыл бұрын

    පට්ටම චරිතයක් ඔබ, ආදරෙ හිතෙනව කතාව ඇහුවම. තෙරුවන් සරණයි ... ඒ මොරාල් එක අදත් ඔබේ ලඟ තියෙනව. ජයවේවා.. 🇱🇰 ❤💪🧑‍✈‍👍

  • @nuwankumara5567
    @nuwankumara5567 Жыл бұрын

    වචනයේ පරිසමාප්තියෙන්ම සුපිරිම මොරාල් එකක් එ්ක අතී දක්ෂයෙක් ගල්ටාගේ සහෝදරයෙක් වගේ හදවතින්ම ආදරෙයි හදවතින්ම ගරු කරනවා ❤️❤️❤️❤️❤️

  • @samanthakariyawasam2540
    @samanthakariyawasam2540 Жыл бұрын

    ව්ර සෙබලානනි ඔබතුමාගෙ මනුෂ්‍යත්වයට විරත්වයට උදාහරණ නම් නැත විරුවානනි ඔබතුමාටත් පවුලේ සියලු දෙනටත් නිදුක් නිරෝගී සුවපත් අනාගතයක් උදාවෙවා තෙරුවන් සරනයි

  • @indikapiyantha5238
    @indikapiyantha5238 Жыл бұрын

    ඒ මොරාල් එක ඒ නිර්බීතකම සුපිරියක් අයියෙ නියමයි.අපි නිදහසේ නිදාගන්නෙ ඔයාලා නිසා තමයි ..😘😘😘

  • @sampathedirisingha5479
    @sampathedirisingha5479 Жыл бұрын

    රන ශූර පදක්කම් 13 බුදු අම්මෝ ඇගෙ මවිල් කෙලින් උනා 🙏😘❤️

  • @sujeewafernando6580
    @sujeewafernando6580 Жыл бұрын

    අම්මා නම් අම්මාමය.එහි වෙනසක් නැත.ඔබට ඉතාමත් හොද හදවතක් ඇති බවනම් පැහැදිලිය. හදවතින්ම ගරු කරනවා ❤️❤️❤️❤️❤️❤️

  • @DJP706
    @DJP706 Жыл бұрын

    සුපිරිම සුපිරි වැඩ්ඩෙක් තමා කොඩ්ඩා.......සමස්ත ජාතියම මේ උතුමන්ට සදා ණයගැතියි ...

  • @ItalyAtiya-ex2ty
    @ItalyAtiya-ex2ty Жыл бұрын

    මම ඉන්නේ ඉතාලියේ.ඔබතුමාගේ විඩියෝ බලනකොට දැනුන හැගීම මට විස්තර කරන්න බෑ.මගේ ජීවිතේ මා දැකපු සැබෑම වීරයෙක් ඔබතුමා.ලංකාවට පැමිණි දවසක ආසයි ඔබතුමාව ඇස් දෙකෙන් දැක ගන්න එන්න.බොහොම පිං සර් අපේ මවුබිම බේරා ගත්තාට...🙏 ආදරෙයි ❤

  • @rukshanjayashantha1242
    @rukshanjayashantha1242 Жыл бұрын

    කතා කරන කොට කටේ යටි ඇන්දෙ දත් පේනවා කියන්නෙ රටෙත් ලෝකෙත් ප්‍රසිද්ධියට අනිවාර්යයෙන්ම පත්වන පුද්ගලයෙක්, ඔබට ජයෙන් ජයම වේවා, තෙරුවන් සරණයි විරුවාණනි!

  • @jsuhhxxbxhdbbxhysuhsbx

    @jsuhhxxbxhdbbxhysuhsbx

    Жыл бұрын

    සිරාවටම

  • @dimuthulakmal981
    @dimuthulakmal981 Жыл бұрын

    කැප්ටන්ගේ තව intarvew එකක් ඔනේ❤️ ඔහුගේ යුද සැලසුම් අද්විතියයි මෙතක් කරපු හොදම intarvew එක ❤️

  • @Dilshan-L-24160

    @Dilshan-L-24160

    Жыл бұрын

    අනිවාර්යයෙන්

  • @indikadissanayake3905

    @indikadissanayake3905

    Жыл бұрын

    Definitely….

  • @thusharabandula8584

    @thusharabandula8584

    Жыл бұрын

    පදක්කමි 14ක් .

  • @asidisi4147

    @asidisi4147

    Жыл бұрын

    මාත් හිතන්නෙ කැප්ටන් කොඩී වගේ චරිතයක් මන් දක්කමයි....

  • @thusharabandula8584

    @thusharabandula8584

    Жыл бұрын

    @@asidisi4147 වැටුපට වඩා දහස් ගුනයක් කල සේවය දිවා රෑ sf 🌿🌿🌿🌿🌿🌿🌿🌿

  • @dulas4614
    @dulas4614 Жыл бұрын

    ගල්ටා පාර්ට් ටූ.මම අහල තියන නමක් යුධ ඉතිහාසයෙ.මේකට එන වැඩ්ඩො අතරෙ යුද්ධෙ චිත්ත රූප හිතේ අඳින්න හැවෝටම බෑ.එයින් එකෙක්🔥💖🔥💖

  • @hashano6229

    @hashano6229

    Жыл бұрын

    මෙයාගෙන් තව වැඩ සටහනක් ඕනා😍

  • @pakaya8007
    @pakaya80074 ай бұрын

    ඇත්තටම මෙ ම්නිස්සුගේ experience වලින් movie හදන්න එකෙක් නෑ නේ .

  • @damithjayakody6458
    @damithjayakody6458 Жыл бұрын

    සුපිරි වැඩ්ඩෙක් යක්කුන්ගෙත් යකෙක් පුදුම මනුස්ස කමක් තියන හදවතක් වැඩසටහනට අලුත් පනක් ආවවගේ මෙතුමා සමග මීලඟ වැඩසටහන එනකම් බලන් ඉන්නවා තෙරුවණ් සරණයි❤️🙏💪

  • @nadeeshaniranasinha7359
    @nadeeshaniranasinha7359 Жыл бұрын

    පුදුමාකාර දුකක් විදලා අපිට ජිවත් වෙන්න රටක් ලබා දුන්නට බොහොම පිං මහත්තයො

  • @thidasinduvara88
    @thidasinduvara88 Жыл бұрын

    යකෙකුටවත් බය නැති මිහිපිට දෙවිවරු දුටු තැන වැදපල්ල පව් නැ❤

  • @user-bs6xv6qv8r
    @user-bs6xv6qv8r2 ай бұрын

    interview සුපිරී..දැකපු හොදම එක..කට ඇරන් අහන් හිටියේ..❤❤❤❤

  • @sandunshayamantha2138
    @sandunshayamantha2138 Жыл бұрын

    මම මෙ වැනස එකේ වැඩසටහන් බලන්නේ මුලම ඉදන් එතකොට මෙච්චර wives තිබ්බෙ නැ. දැන් ගොඩක් පිරිසක් මෙ වැඩසටහන නරබන එක ගැන ඇත්තටම සතුටුයි. මට cpl ගල්ටා, සුසඉඩ්,cpl හිච්චා ,මෙ වැඩසටහනේ cmndo ගොඩක් අය පුත්ගලිකව හම්බවෙන්න කතාකරන්නත් ලැබිලා තියනවා එ අයගේ කතා සජිව්ව හම්බවෙලා අහපු කෙනෙක් විදිහට කවදාවත් දැනුනෙ නැති අබිමානවත් හැගිමක් දැනුනා අවන්කවම... මෙක තමා හොඳම වැනස interview එක. එ මොහුගේ කතා විලාසය නිසා වෙන්නත් ඇති. නමුත් මෙක තමා හොඳම එක

  • @ruchirashanaka9636
    @ruchirashanaka9636 Жыл бұрын

    බොහෝම ස්තූතී කැප්ටන්..🙏ඔබ වැනි විරැවන් ජාතියට දායාද කල දෙමාපියන්ට ගොඩාක් පිං🙏බුදු සරනයි!!!!

  • @anushkapriyadarshana1734
    @anushkapriyadarshana1734 Жыл бұрын

    ඇඩෙන්ඩ ගැහුවෙ 😁❤️ ඇඩෙන්ඩ 👊 🇱🇰

  • @dileemawickramaarachchi6407
    @dileemawickramaarachchi6407 Жыл бұрын

    ඔබතුමාටත් සියලුම රනවිරුවන්ටත් තිස්තුන් කෝටියක් දෙවියන්ගෙ පිහිටයි ඔබතුමාගෙ කතාවෙන් මනුස්සකම වැහෙනවා......

  • @ramalsasanka2718
    @ramalsasanka2718 Жыл бұрын

    ජාතිවාදය අවස්තාවාදය එපා, හැබැයි රට බෙදන්න ආවොත් නැති වෙන්න ගහනවා❤️

  • @sathirahettiarachchige552

    @sathirahettiarachchige552

    Жыл бұрын

    ❤❤❤❤

  • @ramishfernando6270
    @ramishfernando6270 Жыл бұрын

    යකෝ මෙච්චර දවසකට බලපු හොදම එක. කියන වචන හැම එකක්මත් බොක්කෙන්ම දෙනවා . සුපිරි වැඩ්ඩෙක්

  • @madikagunasekara9538
    @madikagunasekara95385 ай бұрын

    අනේ මන්දා ඔයාගේ කතාව දැන් මම දහ පාරකටත් වඩා ඇහුවා කොඩි සර්.❤❤❤ ඔයාලා දෙන්නටම බුදු සරණයි..❤❤

  • @rmnrathnayaka2519
    @rmnrathnayaka2519 Жыл бұрын

    නියම සිංහයේ 🙏🙏🙏❤️💐 බුදු සරණයි ඔබතුමාට

  • @user-kc6rm4kb5w
    @user-kc6rm4kb5w Жыл бұрын

    SF වෙඩිබලය ගැන මට කිව්වෙ LTTE හිටපු දෙමළ කොල්ලො වගයක් මේ ලගකදි. 4 දෙනාගෙ ටීම් එකක් ආවා කිව්වම 40 දෙනෙක්ට ගහන්න උණ්ඩ ලෑස්ති කරගන්න කියනවලු. වෙඩි තියන රටාව හිතාගන්න බැරිලු, LMG, MPMG, T56, M16, RPG ඔක්කොම rotate වෙවී දිගටම වදිනවලු. හතර දෙනෙක් එහෙම ගහන්නෙ කොහොමද කියලා අන්තිම කාලෙ වෙනකන්ම හිතාගන්න බැරුව හිටියලු.

  • @cla6757

    @cla6757

    Жыл бұрын

    යක්කු බොලව්♥️

  • @dimuthukuma1236

    @dimuthukuma1236

    Жыл бұрын

    ❤️

  • @hasithalakmal8926

    @hasithalakmal8926

    Жыл бұрын

    අපේ සිංහයෝ ආදරෙයි හැමදාමා respect sir🥺❤️🙏

  • @dileemawickramaarachchi6407

    @dileemawickramaarachchi6407

    Жыл бұрын

    අපේ කොල්ලො......

  • @chamidukumara9089

    @chamidukumara9089

    Жыл бұрын

    ❤️❤️

  • @oceanasanka9184
    @oceanasanka9184 Жыл бұрын

    කමෙන්ට් නොකරම බෑ සැබැම රණශූරයෝ රටට ණය නැති මිනිස්සු ආදරෙයි ♥️ වනැස Thank you 🙏🏻

Келесі