Mannar Adam’s Bridge,Rama Setu,සංචාරයට අපහසු වැලි දූපත් සොයා ඉංදියාව කිට්ටුවට බෝට්ටුවෙන්

Ойын-сауық

රජ සියක්කාරයන් සොයා තලෙයිමන්නාරම තොටේ සිට ඉංදියාවේ රාමේෂ්වරම් දක්වා ඇති වැලි දූපත් වලට බෝට්ටුවෙන්.
මේ අප ගමන් ගන්නේ සිහින සංචාරයක ආරම්භයටයි. නාවික හමුදා මෙරීන්ස් ඒකකය විසින් ආරක්ෂා කරණු ලබන වැලි දූපත් වලින් එක් කොටසක් ඉංදියාවටත් අනෙක් කොටස ලංකාවටත් අයත් වේ. විශේෂ අවසරයකින් තොරව ඇතුලුවීම තහනම් කොට ඇති ප්‍රදේශයක් වන ආදම්ගේ පාලම හෙවත් වැලි පර ආසන්න වෙරළ කලාපයේ මේ මොහොතේදීත් දැඩි ආරක්ෂක විදි විධාන ක්‍රීයාත්මක වන්නේ, ලංකාව සහ ඉංදියාව අතර වන මිනිස් ජාවාරම සහ මත්ද්‍රව්‍ය ජාවාරම වැනි දෑ සිදු කිරීමට ඇති පහසුම ප්‍රදේශය මේ ප්‍රදේශය නිසාවෙනි. මක්නිසාද ‍යත්, තලෙයිමන්නාරම සිට රාමේෂ්වරම් (ධනුෂ්කෝඩි) දක්වා ඇත්තේ සැතැපුම් 18ක් පමණි. එයත් වැලි දූපත් වලින් සහ උපරිමය මීටර දහයක්,පහළොවක් පමණ ගැඹුරින් ඇති වෙරළ තීරයකි.
කෙසේ වෙතත් උදෑසන හිරු කිරණ තලෙයිමන්නාරම වෙරළ සිප ගනිද්දී තලෙයිමන්නාරම කලපුව ප්‍රදේශයේ කුඩා සංචාරයකින් පසු අප තිදෙනා ගොඩ බට වූයේ වැලි දූපත් දක්වා ගමන් කිරීමට නිසි අවසර ගැනීමකින් පසුව නාවුක හමුදාව විසින් ලබා දී තිබූ බෝට්ටුවට යි. ලා නිල් පැහැ වූ පැහැදිලි මුහුදු ජලය මත ඉදිරියට ගමන් ගත් අප රැදී සිටි බෝට්ටුව කෙමෙන් කෙමෙන් තලෙයිමන්නාරම තොටට සමු දී ලගා වූයේ වැලි දූපත් පෙනෙන මානයට යි.
පළමු වැලි දූපත දක්වා පා ගමනින් ගමන් කල හැකි අතර, අප පෙර දින හිරුගේ නික්ම යාම දක්වා සැදෑ කාලය ගෙවා දැමුවේ මේ පළමු දූපතේ කෙලවරේ සිටයි. දෙවන දූපත තරමක් කුඩා දූපතකි. තෙවන දූපත තරමින් වර්ග කිලෝමීටර දෙක තුනක තරම් වූ අතර එහි මදකට නතර වූයේ ඈතින් දුටු "රජ සියක්කාරයන්" රංචුවක් නෙත ගැටුනු පසුවයි. මේ දූපත "කුරුළු දූපත" නමින්ද සංචාරකයන් හදුන්වන අතර ජායාරූප ශිල්පීන්ගේත් සුප්‍රසිද්ධ ගමනාන්තය කි.
පැහැදිලි සහ සීතල මුහුදු ජලය මතට පැන ගත් අප සුදු පැහැ සිනිදු වැලි මත ඒ මේ අත ඇවිද ගියේ තවත් ග්‍රහලෝකයකට ගොඩ බට වූවාක් වැනි හැගීමක් පෙරදැරිව යි. තුන්වන දූපතේ සිට ඈත බැලූ කල ඉන් ඉදිරියට ඇති සෑම දූපතකම "රජ සියක්කාරයන්" අරක් ගෙන තිබුනේ දෑසට මනස්කාන්ත දසුනක් එක් කරමිනුයි.
නැවතත් බෝට්ටුවට ගොඩ බට වූ අප ඒ දෙසට කෙමෙන් කෙමෙන් ලගා වූයේ "රජ සියක්කාරයන්" ගේ සොදුරු ඉරියව් කිහිපයක් ඔවුනට බාධාවක් නොවන සේ ජායාරූප ගත කර ගැනීමටයි. මනස්කාන්ත වූ පක්ෂි සමූහයක් මෙලෙස වැලි දූපතකට වී කුමක් කරණු දැයි පැනයක් ඔබ හදවතේ පැන නැගුනාක් මෙන්ම, මාගේ හදවතේ ද පැන නැගුනේ මීට මාසයකට පමණ පෙර සිට මේ සංචාරය සදහා පිඹුරුපත් සකස් කොට සැළසුම් කල දිනයේ සිටයි.
පක්ෂි විද්යාඥයින්ගේ මතය නම් පක්ෂීන්ගේ ආරම්භය ඩයිනෝසරයන්ගෙන් පැවතගෙන එන වගයි. තවද පෙර ගාත්‍රා සහිතව ආරම්භ වන පක්ෂීන්ගෙන් ආරම්භය මීට වසර මිලියන එකසීය හැටක පමණ කාලයක් දක්වා දිව යයි. ඉන් පසුව පක්ෂීන්ගේ ප්‍රථමයා බිහි වී ඇති අතර කාලයාගේ ඇවෑමෙන් උරගයකුට තටු ලැබුනාක් මෙන්,කෙමෙන් කෙමෙන් විකාශනය වී අද මුලු මහත් ලෝකය පුරාම සිටින පක්ෂීන් විශේෂ ප්‍රමාණය දස දහසක පමණ වේ. තවත් දෙදහසක් පමණ වද වී ගොසිනි.
කෙසේ වෙතත් ලංකාවේ තලෙයිමන්නාරමට ආසන්න වැලි දූපත් දක්වා මෙම "රජ සියක්කාරයන්" එසේත් නැතිනම් "ෆ්ලෙමින්ගෝස්" පක්ෂීන් පැමිණෙන්නේ ලෝකයේ ඈත දේශයන් හී සිට කිලෝමීටර දහස් ගනනක් පියඹා විත් ය. ඒ පැමිණෙන්නේ ඉංදියාවේ නැගෙනහිර වෙරළ තීරය දිගේ රාමේෂ්වරම් සහ තලෙයිමන්නාරම අතර වැලි දූපත් සමූහයට යි. තවත් පිරිසක් යාපනයට ආසන්න ප්‍රදේශයන් දක්වා ගමන් ගනී. ශීත කාලය ගෙවී යන තුරු වැලි දූපත් වල සහ මන්නාරම අවට කලපු තීරයේ නිදහසේ කාලය ගත කරණ "රජ සියක්කාරයන්" විසින් මේ වැලි දූපත් වලට සහ ශ්‍රී ලංකාවට ගෙන එන්නේ අපූරු වටිනාකමකි.
අප උදෑසන සිට සැන්දෑ වන තුරුම ලංකාවට අයත් වැලි දූපත් සමූහයේ කෙලවරටම ගමන් කල අතර ඉන් එහා ගමන් කිරීමට නම් අපට විදේශ ගමන් බලපත්‍රයක් අවැසි බව විහිලුවකට මෙන් පැවසූවේ අප බෝට්ටුව පදවාගෙන ගිය නාවුක හමුදා නිළධාරියා විසිනි. තවද වැලි අතර සැගව සිටිනා වැලි පොළගුන් ගැනත් අනතුරු ඇගවූයේ ඔවුන්ට නිරන්තරයෙන් ම මුන ගැසෙන කරදර රහිත සහ විශ සහිත වැලි අතර කාලය ගෙවන තවත් මිත්‍ර‍යකු ලෙසයි.
වෙනස්ම සුන්දරත්වයක් සහ වෙනස්ම පරිසර රටාවකින් හෙබි වැලි දූපත් වලට ඉහලින් රාත්‍රි කාලයට ඉංදියාවේ විදුලි එලි දැක ඇති නාවුක සහෝදරයන්ගේ අත්දැකීම් ගැන සහ තොරතුරු ගැන විමසමින් අප නැවතත් එන්නට පිටත් වූයේ "රජ සියක්කාරයන්" නිදහසේ කාලය ගෙවනා සොදුරු තෝතැන්නක් වූ වැලි දූපත් දෙස බලා සුසුමක් හෙළමිනුයි.
සුන්දර ගමනක අවසානය එසේ සනිටුහන් කල අතර තලෙයිමන්නාරම පුරා තවත් දිනක් හෝ දෙකක් සංචාරය කිරීමට කතිකා කරගත් ලොකු පීරිස් සහ මම වෙරලට ගොඩ බට වූයේ මුහුදු සැතැපුම් ගනනාවක් අප රැගෙන ගිය නාවුක නිලධාරීට සහ සාගරය සහ දේශය දිවි හිමියෙන් රැක ගැනීමට ඇප කැප වී සිටින මුලු මහත් "නාවුක හමුදාවටම" හද පිරි ස්තූතිය පුද කරමිනි.
ආයුබෝවන් මම දිනේෂ්.
A Journey to legendary dancing Islands of Adam’s Bridge || Rama Setu || Unforgettable Trip to far Tip of southern Sri Lanka
This was an incredible journey where we travelled through the thick jungle of Wilpattu and ended up in a once-in-a-lifetime opportunity to visit the talaimannar sand Islands. With proper permission, we were fortunate to get into a Navy boat to ride to 8 sand islands belonging to Sri Lanka. Another highlight of this video is it was the season for many migrant birds, especially Flamingos. It was unforgettable memory when we touched crystal clear sea waters on white beaches. I hope you will enjoy the thrill of the boat ride and the beauty of white beaches along with the wildlife of incredible Sri Lanka.
Greetings
I am Dinesh
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
Instagram - / dinesh_a_pathum
Message or information - / dinesh_a_pathum
DAP production
"සොබාදහම රකින්නා සොබාදහම විසින් රකිනු ලබයි"

Пікірлер: 798

  • @DineshAPathum
    @DineshAPathum Жыл бұрын

    Hi, Just to let everyone know that most of my videos are coming with English subtitles now. Kindly press on CC button to enable the English subtitles. Thank you for all of your support. 🇱🇰

  • @BeautifulSoul17

    @BeautifulSoul17

    Жыл бұрын

    ❤🙏

  • @Craftsarefu

    @Craftsarefu

    Жыл бұрын

    🙏❤️🌹

  • @nutl00se73

    @nutl00se73

    Жыл бұрын

    Maybe you've already realised the serious error, but; පේදුරු තුඩුව (Point Pedro) පිහිටා ඇත්තේ යාපනයේය. ඔබ ගියේ මන්නාරම් තුඩුවට නොහොත් තලෙයි මන්නාරමටය.

  • @dilanpathiranage5888

    @dilanpathiranage5888

    Жыл бұрын

    Hi Dinesh, What's the drone you used for this video? Love you videos brother! Safe travels.

  • @DineshAPathum

    @DineshAPathum

    Жыл бұрын

    @@nutl00se73 අවධානයට ස්තූති. මම මහ අමුතු මනුස්සයෙක්. ඒ දේ දැක්කෙ බොහොම කීප දෙනයි. මම එහෙම කරපු හේතුව කියන්නම්

  • @samanthatech6140
    @samanthatech6140 Жыл бұрын

    " ඉවරයි පුතේ ඒ පාර නම් " අනේ එහෙම කියනකොට ඇත්තටම දුක හිතුනා 😔

  • @Cine_matics
    @Cine_matics Жыл бұрын

    අහම්බෙන් හමුවූ මේ දිවිකතර විදවන මිනිසුන් අතර විදින මනුස්සයෙක්.... DAP❤️

  • @dinindutharana4027
    @dinindutharana4027 Жыл бұрын

    හමුවීම වෙනිවීම මෙයයි ජීවිතය✨🍂

  • @namalgunawardana5399
    @namalgunawardana5399 Жыл бұрын

    දිනේශ්.. හුග කාලෙකින් කමෙන්ට් එකක් දාන්නෙ..පටන් ගත්ත මුල් කාලේ ඉදන් කමෙන්ට් එකක් දැම්ම.එතකොට කමෙන්ට් තිබුනේ ටිකයි.ඒත් දැං ....උබ මහ ගහක් වෙලා..ඒකෙන් හදපු ඵල වල බීජ හැම තැනම දැං පැල වෙලා...ඒ පොඩි පැල කියන්නේ උබට ආදරේ කරන මිනිස්සු.කමෙන්ට් ලයික් දැක්කම ඒක පේනවා..උන් උබට ආදරේ කරන්නේ හරියට අල්තිනායි පොප්ලර් ගස් වලට ආදරේ කරා වගේ...ඒකේ කිසිම කහටක් නෑ බං.❤️❤️❤️

  • @KAVIYATECHNIC75

    @KAVIYATECHNIC75

    Жыл бұрын

    😘👍

  • @DineshAPathum

    @DineshAPathum

    Жыл бұрын

    ඔව් ගොඩ කාලෙකින් තමා කමන්ට් එකක් දැක්කේ.. අමතක වෙනවද එහෙමත්. 🫡❤️

  • @namalgunawardana5399

    @namalgunawardana5399

    Жыл бұрын

    @@DineshAPathum ඇත්තක් කියන්නම් DAP,ඉස්සර ගහක් අත්තක් උනත් කපල දාන්න හිතුන පමාව විතරයි,ඒත් දැන් එහෙම නෑ.. ඒ තැනට ගෙනාවෙ දිනේශ් ,ගහට කොලට ආදරේ කරන්න ඉගැන්නුවේ DAP.ඒකට මං ණයගැති.🙏🙏.තව දෙයක් ලොකු පීරිස්, මං දැක්ක ගහට පොත්ත වගේ ඉන්නව DAP එක්ක.සහෝදර බැදීමක්,ඒක මං දැක්කේ ලකේ ගල තරනයේදි,එදා ලොකු පීරිස් නොහිටියා නම්,කියල මං නවත්තන්න,ඉතිරිය වචන ටික DAP ගෙ හදවත ඇතුලෙන් ඒවි..❤️❤️

  • @shohanfernando9445

    @shohanfernando9445

    Жыл бұрын

    kzread.info/dash/bejne/iqufq7OeYtuvmps.html

  • @vinodmadushan-kd4tf

    @vinodmadushan-kd4tf

    10 ай бұрын

    ❤❤❤

  • @BeautifulSoul17
    @BeautifulSoul17 Жыл бұрын

    දුෂ්කරතාවය මැදින් සුන්දරත්වය සොයා පරිස්සමින් යන්න.❤ DAP නාමය මුළු ලෝකයක් හඳුනා ගනීවී .. එය දුර ඈතක නොවේ දිගු ගමනක් යන්න.. ශක්තිය , දීර්ඝායුෂ ලැබේවා. බුදු සරණයි. ❤🙏

  • @anushakrishanthi929
    @anushakrishanthi929 Жыл бұрын

    දිනේශ් ඔබටත් , ලොකු පීරිස්ටත් තවත් මෙවන් සුන්දර ගමනාන්තයන් වල ඇවිද යාමට අවශ්‍ය ශක්තිය ලැබේවා.❤

  • @ASHANonline
    @ASHANonline Жыл бұрын

    දිනේශ් අයියා.සෑහෙන කාලෙක ඉදන් ඔයගේ බලනවා.ඒත් කමෙන්ට් එකක් දාන්නේ අපි අද. නොච්චියාගම කියන්නේ මගේ ගම.විල්පත්තුව කියනකොටත් තාමත් ඇඟ කිලිපොලා යනවා. අද මේ වීඩියෝ එක බලන්නේ අපි ලංකාවෙන් එලියේ ඉඳන්. එහෙම බලනකොට තමයි ඇත්තම අපේ මේ පුන්චි ලංකාවේ සුන්දර රටේ ලස්සන පේන්නේ. ආයෙම ලංකාවට ආව කාලෙක ඔයා එක්ක යමු ආයෙම විල්පත්තු. හදවතේ සංචාරකයා.ආදරෙයි.අනුරාධපුර රජරට කියන්නේ මිනිහෙක්ට මැරෙනකම් බලල ඉවර කරන්න බැරි තැන් ගොඩාක් තියෙන සුන්දර ප්‍රදේශයක්.ජය වේවා ඔයාට

  • @travelwiththanushka9508
    @travelwiththanushka95089 ай бұрын

    "මෙක පිං භුමියක්" ඇත්තමයි දිනේෂ් අයිය ලංකාව තරම් පිං භුමියක් ලොකෙ කොහෙවත් නැතු ඇති ඒතරම් වසනාවන්ත රටක්❤❤❤

  • @umayasevwandi6034
    @umayasevwandi6034 Жыл бұрын

    ලංකාවේ තියෙන ලස්සන තැන් තවත් ලස්සන විදිහට පෙන්නන හදවතේ සංචාරකයා දිනේෂ් අයියට ගොඩාක් පිං ❤❤

  • @upekshaabeyratne7005
    @upekshaabeyratne7005 Жыл бұрын

    යන එන මග කිසිදු අතුරු ආන්තරාවක් නොවේවා...! එකම පැතුම සොදුරු සංචාරකයා වෙනුවෙන් ❤ ලොකු පීරිස්ගේ මිත්‍ර සමාගමත් වාසනාවක් 😇🙂 ජය 🙏

  • @yohansenadheera682
    @yohansenadheera682 Жыл бұрын

    හදවතේ සංචාරකයා ❤️ අලුත් වීඩීයෝ දානකන් බලන් ඉන්නේ. කොච්චර අවුලෙන් හිටියත් ඒක හිතට සැනසීමක් ගේනවා 😌🧡

  • @noorksa4466
    @noorksa4466 Жыл бұрын

    මෙන්න වැන්දා 🙏 ඔයවගේ අවදානම් ගන්න එපා නාල ඉවර වෙනකන් baye හිටියේ ❤️

  • @lifewithnipu
    @lifewithnipu Жыл бұрын

    මුළු vlog එකම film එකක් වගේ හරිම ලස්සනයි. අපිට කවදාවත් යන්න බැරි ඇස් දෙකෙන් දකින්න බැරි ලංකාවේ එක ඉමක් අපිට පෙන්නුවට ඔයාට අපි ණයගැතියි... හරිම සුන්දර vlog එකක්.. ආදරෙයි හදවතේ සංචාරකයා DAP ❤️

  • @Craftsarefu
    @Craftsarefu Жыл бұрын

    ගොඩක් සතුටුයි සතියෙන් සතිය video බලන්න පුළුවන් වීම ගැන. මේවා අපිට කවදාවත් දකින්න ලගා වෙන්නවත් බැරි තැන් ගොඩක් ස්තුතියි වැලි දුපත් වලට ඔයාලව රැගෙන ගිය නිලදාරී සැවොම ඇතුළු ඔබ සැම නිදුක් නිරෝගී වේවා බුදුසරණයි පරිස්සමින් 🙏🌹♥️

  • @mithilaranmal5204
    @mithilaranmal5204 Жыл бұрын

    හැමදාම වගේ අදත් කියන්නෙ තව තවත් ශක්තිය ලැබේවා ලන්කාවෙ නම ලෝකෙටම ගෙනියමු අයියේ ❤❤❤බුදුසරනයි

  • @mihiranfernando5197
    @mihiranfernando5197 Жыл бұрын

    අයියේ කියන්න කිසිම දෙයක් නැහෑ.. දවසක රූපවාහිනීයක සංචාරක වැඩසටහනකින් දැකගන්න ආසයි.. හදවතේ සංචාරකයා.. ❤️

  • @DineshAPathum

    @DineshAPathum

    Жыл бұрын

    අම්මේ බෑ මල්ලි.. නිදහස් මෙහෙම නේ

  • @shehanvimukthi5252

    @shehanvimukthi5252

    Жыл бұрын

    @@DineshAPathum ඇත්ත

  • @wasanthakatukurunda5949

    @wasanthakatukurunda5949

    Жыл бұрын

    You are living in 1990.Mihiran. you tubers have long overtaken tv programmes. Nowadays tv presenters are turning into you tubers.

  • @user-yx2wj3vd1l
    @user-yx2wj3vd1l Жыл бұрын

    තමන් ගැන හිතන මිනිස්සු අතරේ රට ගැන හිතන මිනිස්සු ත් ඉන්නාවා. මොහොතක ට නැවතුනෝතින් ඒ සුන්දර ත්වය විදිත හැකි. ඉතින් කලේ යනවා දැනුනේ නෑ. ඒතරමටම සුන්දර යි . ඉතින් රාවණා පුරාවුර්තයේ මාවත එයයි . නියමයි . ඔබ පරිසරය ට ආදරේ කරන විට පරිසරයත් ඔබට පෙරලා ආදරේ කරවී . ඒ හැගීම වචන වලින් කියන්න බෑ . විදින්නම වෙනවා . නියමයි මාරම අත්දැකීමක් . හදවතේ නොමැකෙන චරිතයක් .

  • @shehanvimukthi5252
    @shehanvimukthi5252 Жыл бұрын

    අයියත් එක්ක පැයයි හිටියෙ මගේ මනසට මාර නිදහසක් දැනෙන්නෙ.කියන්න වචන නෑ. DAP🌿හදවතේ සංචාරකයා🥰.ආදරෙයි දිනේශ් අයියෙ🍀

  • @vinduindiwari1106
    @vinduindiwari1106 Жыл бұрын

    මම දැකපු ලස්සනම වීඩියෝ වලින් එකක්. පුදුම ලස්සන තැනක්... ඒක වචන වලින් කියන්න බෑ...🥰🥰🥰 මුළු ලෝකයක් ඔයා ගැන කතා කරන දවස වැඩි ඈතක නෑ සංචාරකතුමා 😘😘😘 ඔයාටත් ලොකු පීරිස්ටත් නිදුක් නීරෝගී සුව සහ දීර්ඝායුශ වේවා ... තෙරුවන් සරණයි මගේ මිත්‍රයා❤️❤️❤️

  • @travelwithpathumtwp6345
    @travelwithpathumtwp6345 Жыл бұрын

    තවත් සුන්දර ගමනාන්තයක් ආදරේ ❤️

  • @kushanthichamodya5354
    @kushanthichamodya5354 Жыл бұрын

    ලොකු අවදානමක් අරගෙන අපි වෙනුවෙන් මේ තැන් වලට ගිහින් අපෙ රටේ සුන්දරත්වය අපිට පෙන්වනවට ඔබ තුමන්ලට ගොඩක් පිං...මේ සුන්දරත්වය විනාශ නොකර රැකගෙන මතුපරම්පරාවට දායාද කිරිම අපි හැමෝගෙම වගකීම විශේෂයෙන් ම ඉහල බලධාරීන්ගෙ ❤️🙏

  • @MsShantha

    @MsShantha

    Жыл бұрын

    ලංකාවෙ නම් බලධාරීන් ගෙන් නම් බලාපොරොත්තු වෙන්නෙපා. ඒ අය කරන්නෙම විනාස කරන එක. අමාරුවෙන් උනත් අපිටම තමා රැකගන්න වෙලා තියෙන්නෙ..

  • @vinodmadushan-kd4tf

    @vinodmadushan-kd4tf

    10 ай бұрын

    ❤❤❤❤

  • @sanuwaranimnath613
    @sanuwaranimnath613 Жыл бұрын

    හදවතේ සන්චාරකයා.ආදරෙයි දිනේෂ් අයියා.❤️🍃🌍🌳💚😊.

  • @chathuraprabodya1760
    @chathuraprabodya1760 Жыл бұрын

    හැදුනොත් හොඳ කරන්න බැරි පිස්සුවක් තමයි සොබාදහමට ආදරේ කරන පිස්සුව ඒ වගේම DAP video බලන එක.. හදවතේ සංචාරකයා 😍

  • @nishanthidarshani4310
    @nishanthidarshani4310 Жыл бұрын

    Man hithane kawruth me thanwalata gihin nathuwa athi pennala nathuwa athi godak lassanai apita kawadawathdakinna labenne nane apiwa ekkagena giyata godak pin parissamen dennatama bs

  • @shakthimanamperi115
    @shakthimanamperi115 Жыл бұрын

    eka thapparayak miss nokara okkoma baluwa hamadaaama wageema..! meeka supiri Dinesh Ayya..! Loku Pieris ayyai , Ayyai Parissamen..! Bs !❤❤❤❤👌👌👌👌🙏🙏🙏🙏

  • @chathudarmawardhane3125
    @chathudarmawardhane3125 Жыл бұрын

    අදරේයි දෙන්නාටම.........................හදවතේ සංචාරකයෝ

  • @dkulatunga1148
    @dkulatunga1148 Жыл бұрын

    සොබාදහමට ආදරය කරන සොඳුරු මිනිසා දිනේෂ් සමග ලොකු පිරිස්ට.. තෙරුවන් සරණය් ..🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️

  • @gihansenanayake648
    @gihansenanayake648 Жыл бұрын

    ලංකාවේ ලස්සන තැන් පෙන්නන හදවතේ සංචාරකයා ..ලොකු පිරිස් ආදරෙයි

  • @user-xs6de8iz5s
    @user-xs6de8iz5s Жыл бұрын

    ලොකු අව්ලකින් ඉදිද්දි අයියාගෙ විඩියො බලද්දී මාරම සැනසිමක් තියෙන්නෙ 🥺🙏

  • @poornimarajapakshe
    @poornimarajapakshe Жыл бұрын

    හැමදාමත් වගේ වැඩේ නම් ඉස්තරම්👌ඔය ලස්සන පාරවල්,මේ තැන් මේ තියෙන විදියටම තිබුනාවේ...ඔයාලා වගේ පරිසරයට ,සත්තුන්ට ආදරේ මිනිස්සු විතරක් අමාරුවෙන් ගිහින් විදපුවාවේ...මොකද අපේ මිනිස්සු බහුතරයක් ඒවයෙ වටිනාකමක් දන්නේ නෑ.. එහෙම අය නොයන කල් මේ තැන් හැමදාමත් ලස්සනට තියේවි...🌿🖤🦩🍃🍂 ජීප් එක අරන් ගියපූ ලොකු පීරිස් නම් 😁😇 ජීප් යාලුවා ඔයත් පිස්සෙක් හොදේ🥰🚗

  • @kdes1212

    @kdes1212

    Жыл бұрын

    💯

  • @kavinduyoshitha5977
    @kavinduyoshitha5977 Жыл бұрын

    ලොක්කා ඉන්නවා කියන්නෙ ගැම්මක් තමා ♥️💥

  • @chitralathasiriwardhana4884
    @chitralathasiriwardhana4884 Жыл бұрын

    පුතා ඔබ ලාට බොහෝ පින් ලක්මව තුරුලෙ සැගඋන අති රමණීය ව්චිත්‍ර තැන් තව කොතරම් ඇතිද අපෙ ජීවිතය තිබෙන තුරු ඔවැනි අලන්කාරදේ දකින්නට ලැබේ ද ඔයාලා නාද්දි මාබයේ සිට්යෙ ප්‍රවේසම් වෙන්න පුතාලා බුදු සරනය් දෙව්පිහිටයි

  • @flowers2069
    @flowers2069 Жыл бұрын

    අයියා ශ්‍රි ලංකාවෙ අපි නොගියපු නොදැකපු දැන් පෙන්නලා කරන්නෙ ලොකු පිනක්.අපි ඒ තැන්වලට ගියෙ නැතත් මනසින් එතනට අරන් යන්න තරම් මේ විඩීයො මේ කතාබහ සමත් වෙනවා😊.yt එකේ දැකපු හොදම traveling yt එක.ඉස්සරහටත් මේ වගේ සුන්දර ස්ථානවලට යන්න ඒ සුන්දර ස්ථාන පෙන්නන්න ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා

  • @sunilxcode
    @sunilxcode Жыл бұрын

    හිරු කිරණින් රැස් විහිදෙන​ වැලිපර ගැන කතාවයි🌹 නිල්වන් සයුරු රළ මත සිත​ නැලවෙන ලතාවයි💛🌹 සොබා දමින් සැම තැන මන​ බඳනා රූ රටාවයි💜🌷 දෝත් මුදුන් දී දෙවු බඹ පිරිසම වඳිනා දිශාවයි🙏🙏🌷🌺🌺

  • @DineshAPathum

    @DineshAPathum

    Жыл бұрын

    දෙයියනේ ඒ පද වල ලස්සන

  • @sunilxcode

    @sunilxcode

    Жыл бұрын

    දිනේශ් ඔබ නොදැනම ඔබ හට​ ලෙන් ගතු අය ලෝ පුරාමයි මේ හැම දෙනාගේ ආදරයෙන් ඔබෙ දිවි පුරාමයි💜🌷 කිසිදා හමු නොවු අපි දිනකදි හමුවන දිශාවයි🍁🍁🍂🍂🍀🍀🌿

  • @udithudith7185
    @udithudith7185 Жыл бұрын

    ඔබ තමයි අපේ අදරනීය සන්චාරකයා .. ❤️

  • @naveenbhanuka1770
    @naveenbhanuka1770 Жыл бұрын

    මේකනම් පිස්සුවක්........ මාර ලස්සනයි.... ඔයාට ගොඩක් පින් සහෝදරය..... ලොකු පිරිස් ඔයාටත් එ පින අයිතී........❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sandaruwanrathnayake2798
    @sandaruwanrathnayake2798 Жыл бұрын

    සොබා දහමේ එක් නියමුවෙක්ගේ සුපිරි සංචාරයක් ❤️

  • @sampathjayakody-oi1il
    @sampathjayakody-oi1il Жыл бұрын

    ඔයාලට ගොඩක් ස්තුතියි මේ වගෙ අපේ රටේ ලස්සන අපිට යන්න බැරි උනත් මේ විදිහකට හරි දැක ගන්න සලස්සන එකට..❤❤

  • @samanmaj1196
    @samanmaj1196 Жыл бұрын

    අපේ රටේ සොබාදහමේ සුන්දරත්වය ලොවට ගෙනයන ❤ තේ සංචාරකයා ..😍 DAP..

  • @puregold3083
    @puregold3083 Жыл бұрын

    Supiri sahodaraya (raththaran)

  • @su_pu_na8658
    @su_pu_na8658 Жыл бұрын

    හැමදාමත් වගේ අදත් නිදහසේ සංචාරයක . දිනේෂ් අයිය එක්ක. ආදරෙයි ❤️❤️❤️❤️❤️🇱🇰🇱🇰

  • @travelwithgayya6335
    @travelwithgayya6335 Жыл бұрын

    මාරම ආසාවෙන් බලන්නේ අයියේ ඔයගේ විඩියෝ🎉

  • @sithumiahinsa1410
    @sithumiahinsa1410 Жыл бұрын

    ගොඩක් ස්තූතියි අයියේ අපේ රටේ මේවගේ සුන්දර තැන් වලට දුශ්කර ගමනාන්තයන් ඔස්සේ අපිව එක්කන් යනවට.. දවසේ මහන්සිය විනාඩි කිහිපයකින් නැති කරන්න පුලුවන් භාවනාවක් වගේ.. කවදහෝ ඔබව දැක කතා කරන්න පුලුවන් දවසක් හමුවේවා ප්‍රාර්ථනා කරමින් මුලු ලොවක් හදුනන හදවතේ සංචාරකයා වෙන්න හදවතින් සුභ පතන්නෙමි.. තෙරුවන් සරනයි ..💚💛

  • @jenitabologngnage5538
    @jenitabologngnage5538 Жыл бұрын

    මම සේම බැලුවා කොහොම ස්තූති කරන්නද එච්චරටම මහන්සි වෙලා කැපවීමකින් මේ වැඩ සටහන කරලා තියෙනවා අපිට කවදාවත් ගිහින් බලන්න බැරි වටිනා කියන තැන් අනේ ඕගොල්ලන්ට හරිම පින් ගොඩක් ස්තූතියි දෙවි පිහිටයි😊

  • @sonitasonita6030
    @sonitasonita6030 Жыл бұрын

    මල්ලි ඔයාලා සියලු දෙනාට උතුම් තෙරැවනේ අනන්ත ආසිර්වාදය වෙිවා

  • @RavinduMalshan9890
    @RavinduMalshan9890 Жыл бұрын

    දැන්නම් ඔයා ලග ලග වීඩියෝ දානවා නේද අයියෙ❤️🤗 මරු හොදේ💚😌😍

  • @sithumihansima1643
    @sithumihansima1643 Жыл бұрын

    මගේ ජිවිතේ මන් දැකපු වාසනාවන්තම ඇස් තියෙන්නේ අයියට........මන් එහෙම කියන්න හේතුව මේ වගේ ලස්සන හිත නිවන දර්ශන හැමෝටම දකින්න ලැබෙන්නේ නැ ......☺️☺️

  • @pinky5958
    @pinky5958 Жыл бұрын

    කැලේ මැදින් යද්දි සද්දන්තයෙක් වත් එයිදෝ කියලා මගෙ හිතෙත් පොඩි තිගැස්මක් තිබුනා. යන්තම් කැලෙන් එලියට ආවා විතරයි දෙන්නා නෑවෙ කිඹුල්ලු ඉන්න වැවක ඒ මදිවට. මොනවා වුනත් පරිස්සමින්. වීඩියෝ එක පටන් ගත්ත වෙලේ ඉඳන් මමත් ඔයාලත් එක්ක ඔය ගමන ගියා වගෙයි දැනුනෙ. බොහොම පිං අපි වෙනුවෙන් අපේ රටේ සුන්දරත්වය අප වෙත රැගෙන එනවට. සොභාදහම ඔබවත් ලොකු පීරිස්වත් ආරක්ෂා කරනවා. 💚👍💐

  • @travelwithnalaka9563
    @travelwithnalaka9563 Жыл бұрын

    ලොකු පිරිස් ඉන්නවා කියන්නෙම ගැම්මක් 🤜🤛👌

  • @shermilafdo7949
    @shermilafdo7949 Жыл бұрын

    දෑත් එක්කොට හිස නමා ආචාර කරනවා දිනේෂ් ඔබටත් ලොකු පීරීස්ටත්. දුෂ්කර මෙන්ම සුන්දර සංචාරයක්. මඩු මෑණීයන් සමග ගෙවෙන අනිත් ගමනාන්තය බලන්න නොඉවසිලිමත්ව ඉන්නවා. බොහොම පිං අපව මේ වගේ සුන්දර තැන්වල රැගෙන යනවාට. තෙරැවණ් සරණයී! දෙවී පිහිටයී !

  • @traveldreams8814
    @traveldreams8814 Жыл бұрын

    එක හුස්මට වීඩියෝ එක ඉවරවෙනකන්ම බැලුව..ඒක වෙනමම එකක්....උබ ආයෙ ආයෙ මට සංචාරක හීන පෙන්නනව බං ...ආදරෙයි...💚💚 දවසක හමුවෙමු

  • @Hansa2004
    @Hansa2004 Жыл бұрын

    ❤❤❤ hadawathe sancharekaya aderei aiye balala danuna dee comment ekakin kiyannm

  • @Liveshow1221
    @Liveshow1221 Жыл бұрын

    හදවතේ හොදම ගමන් සගයා ලොකු පීරිස් අයියා ආදරෙයි දිනේස් අයියා

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 Жыл бұрын

    බොහොමත්ම දුෂ්කරතා මධ්‍යයේ අපටත් විඳින්න සැලැස්වූ මේ සුන්දර විචිත්‍රවත් ගමනාන්තයට ඔබ දෙදෙනාටම කෘතවේදී ප්‍රණාමය ....🙏❤️🇱🇰

  • @kavinduprabath1243
    @kavinduprabath1243 Жыл бұрын

    Mr. පීරිස් වෙන්න තිබ්බනම් කියලා අදනම් හිතුනා. දිනේශ් අයියා වගේ මනුස්සයෙක් ආශ්‍ර්‍ය කරන්න තිබ්බා 🥺

  • @shiraniinoka4182
    @shiraniinoka4182 Жыл бұрын

    හදවතේ රැදෙන මතකයන් ගොන්නක්...😍හදවතේ සංචාරකයා 'දිනේෂ්' එක්ක.. 💚🌿🙏

  • @tharindujaythunga4982
    @tharindujaythunga4982 Жыл бұрын

    බොහොම පි0 මල්ලි ඔයාල දෙන්නට .♥️♥️♥️♥️

  • @thirangarandipatt4549
    @thirangarandipatt4549 Жыл бұрын

    හදවතේ සංචාරකයා 🥺❤️🍂

  • @nilakshikolambage9447
    @nilakshikolambage9447 Жыл бұрын

    සුන්දරත්වය වගේම ත්‍රාසයත් මුසු වූ තවත් අද්විතීය සන්චාරයක්..! ❤️

  • @yumcupi1639
    @yumcupi1639 Жыл бұрын

    ගිරි දුර්ග කඳු තරණය කරන්න ඔබට ශක්තිය ලැබේවා obata ගැළපෙන වාහනයක් ganna ලැබේවා I will wish from my ❤️🙏🙏

  • @hirunibandara1461
    @hirunibandara1461 Жыл бұрын

    තවත් ලස්සන ගමනාන්තයක් හරිම ලස්සනයි අයියාට පින් මේවා අපිට පෙන්නනවට බුදු සරණයි 💚🌿🕊 DAP

  • @randimahirushan9724
    @randimahirushan9724 Жыл бұрын

    වෙනස්ම රූපරාමු පෙළක් වෙනස්ම සංචාරයක් ආදරෙයි දිනේෂ් අයියා❤️💛🤩

  • @achalaprabath7848
    @achalaprabath7848 Жыл бұрын

    හැමදාමත් වගේ මේ පාරත් සුපිරියක්. 👌👌❤❤

  • @Tharindu_S_Withanage
    @Tharindu_S_Withanage Жыл бұрын

    ජයෙන් ජයම වේවා !!! ආදරෙයි සහෝදරයා ❤

  • @sanjeewakumarikkanda1611
    @sanjeewakumarikkanda1611 Жыл бұрын

    Harima ලස්සනයි vloge eka අයියා jaya wewaaa..!!

  • @travelwithhithuwakkarayo
    @travelwithhithuwakkarayo Жыл бұрын

    සුන්දර සහෝදරයෙක් සුපිරි

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 Жыл бұрын

    ජීවිතය සුන්දරත්වය මේ පරිසරයේ සුන්දරත්වය එක්කම ගත කරන ඔයාලාගේ ජීවිතය හරිඅම සුන්දරයි. පුදුමාකාර වාසනාවයි හරිම සතුටුයි ඔබතුමාට ලොකු පීරිස් ඔබතුමාටත් බොහෝ පින් ඔබේ ඇසින් අප මේ සුන්දරත්වය විදිමින් නිදහස් මනසකින් යුතුය ස්භාදහට ආදරේ කරනවා ❤️ අපේ ස්භාවදර්මයෝ අපි රැකගමු ! සැමට සිත් පහල වේවා ! සැමට උතුම් තෙරුවන් සරණයි ! 🙏

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 Жыл бұрын

    ආයුබෝවන් ! 🙏 දිනේෂ් පැතුම් ... 💐ලොකු පීරිස් ... 💐 ඔබලාට මගේ හදපිරි ආචාර්ය පුදකරමි !💐 බලන්නම් විඩියෝව 🌱 උතුම් තෙරුවන් සරණයි !🙏

  • @neetharanjani1692
    @neetharanjani1692 Жыл бұрын

    ගොඩක් අවදානම් ගමනක් ලොකු පීරිස් ඉන්න නිසා මට නම් බය හිතුනෙම නැහැ තනියම ඔබ සන්චාරය කරන කොට මම ඔබට බනිනවා ඔබ ආරක්ශා ව්‍ ය යුතුමයි තෙරැවන් සරනයි ඔබදෙපලටම🌷🌷🌷

  • @mayurithakshila4352
    @mayurithakshila4352 Жыл бұрын

    බලන්නයි යන්නේ 👍👍👍

  • @user-rh1yr8ou8q
    @user-rh1yr8ou8q Жыл бұрын

    මම මීට කලින් දැම්ම වීඩියෝ එකත් බැලුව❤️🔥. ඒ වීඩියෝවෙ තියෙන තැන් වගේම මේ වීඩියෝවෙ තියෙන වැලි දූපත් වලට වගේම ලංකාව වටේටම තියෙන මුදටත් දූපත් රැසකටත් මම ගිහින් තියෙනව අයියෙ. ඒ දේවල් ඔක්කොම මට ලැබුනෙ මගෙ තාත්තා නිසා....❤️❤️ ඉදිරි වැඩ වලට සුභ පතනව ඔය දෙන්නටම. ඊලග ගමනාන්තයේදි හම්බෙමු ❣️.

  • @chathurikasubashini3839
    @chathurikasubashini3839 Жыл бұрын

    ඔයා වගේ මේ තැන් වගේ හිත.නිවෙන භාවනවක් වෙන කොහෙද ❤

  • @kavindichamodya6944
    @kavindichamodya6944 Жыл бұрын

    පැයක් පුරාවට බලපු ලස්සන අමතක නොවන film එකක් 🍃☘️💚

  • @badrasubasinghe9523
    @badrasubasinghe9523 Жыл бұрын

    අයියේ🤘 උබ බෙදන ....රහ🖤😍😍😍🖤

  • @hiroshanisiriwardhana5080
    @hiroshanisiriwardhana508010 ай бұрын

    දිනේෂ් ඔබ ඉතාමත් ලයාන් විතව මෙම වැඩසටහන ඉදිරිපත් කරන අතර ඉතාමත් පැහැදිලි රුපරාමු නිසා අපද ඹබ හා සංචාරය කරන්නා සේ දැනෙයි . අපේ සුන්දර රට වටා අපව රැගෙන යන ඔබ ඇතුලු කන්ඩායමට බෙහෙවින්ම ස්හූනි.ඹබලාව නිරතුරුවම රැකදෙන සොබාදම් මාතාචටක් විශ්ව මාතාචටක් ස්තූතියි, ස්තූතියි ,ස්තූතියි !

  • @prasannawijenandaprasannaw1439
    @prasannawijenandaprasannaw1439 Жыл бұрын

    niyamaiii....

  • @ruchiranamalee5018
    @ruchiranamalee5018 Жыл бұрын

    සුන්දර සිත් ඇති මිනිසුන් සොබාදහම් මාතාව රකින්නව දිනේෂ් .ඒ නිසාම ඔබේ ගමන සිතගි පරිදි දිගටම යන්න පුලුවන් අපගේත් සිත් සනසමින්න්ම.

  • @pjaya
    @pjaya9 ай бұрын

    අපේ හමුදාවෙ කොල්ලො හොදට ගහගත්ත / මාතෘභූමියෙ හෙට දවස වෙනුවෙන් ජීවිත පූජාකරපු තැන් ඕවා🥺❤

  • @user-kc9km8pl2b

    @user-kc9km8pl2b

    6 ай бұрын

    Hamadamat jatiyama gawrawYa apa hamda virayanta

  • @High_Capacity-SL
    @High_Capacity-SL Жыл бұрын

    ඔයලා අයියෙ ස්බාවදර්මයට කරදයක් කරන් නැති නිසා අයියලාටත් කරදරයක් වෙන් නැ බය වෙන්න එපා ❤😍

  • @travelsoul2842
    @travelsoul2842 Жыл бұрын

    පැයක් තිස්සෙ බලපු ලස්සනම film එකල්...හදවතේ සංචාරකයා

  • @dinushawijesekara5823
    @dinushawijesekara5823 Жыл бұрын

    ලොකු පීරිස් කතා කරනවා අද මරු🖤

  • @manjulasampat5764
    @manjulasampat5764 Жыл бұрын

    කියන්න වචන නෑ දිනෙෂ් අයියේ ඔයාලාට බුදු සරණයි ...ජයයෙන් ජයම වේවා.... ආදරෙයි

  • @ThisumDidulaka
    @ThisumDidulaka Жыл бұрын

    ලංකාවේ ලස්සන 😍🇱🇰

  • @kumariindrani7881
    @kumariindrani7881 Жыл бұрын

    ❤❤❤❤❤ කියන්න වචන නැහැ ජෙසු පිහිටයි හදවතේ සංචාරකයෝ ඔබ සමග සැම තැනම සංචාරය කරන සියලුම දෙනා ❤❤❤❤❤

  • @sathsaramadu4407
    @sathsaramadu4407 Жыл бұрын

    Ane mnda mona kiynnd kiyla.kochcharnm sundra bumiykd.mehem gamananthyk dakinna labimam athi.mn hugakm asa kre sun set ekta.e wagem me mulu gmananthaye sama rupa ramuwakm wow supper.📷✨️

  • @sumanasathkumara3067
    @sumanasathkumara3067 Жыл бұрын

    ලංකාව කියන්නේ සුන්දර පාරාදීසයක්. .!! මජර දේශපාලකයෝ මේවා දකින්නේ නෑ.උන්ට ඕනි බලය විතරයි !!! වෙනස්ම පරිසර පදධතීන් හැම තැනම.ස්තූතිය් පුතා, දෙවි පිහිටයි, Keep going Love you so much..!

  • @user-ke1mc5rv7z
    @user-ke1mc5rv7z7 ай бұрын

    සියලු බොසත්වරු බුදුවෙන්න උපදින පින් බිමක් ,එය සුරකින මිනිසුන් දෙවිවරු වි උපදිනවා

  • @shashikasadaruwan2209
    @shashikasadaruwan2209 Жыл бұрын

    සොදුරු සන්චාරකයා ආදරෙයි දීනේශ් අයීයා ඔයා තමා ආසම කෙනා මගේ ජීවීතේ දවසක ඔයා වගේ වෙන්නයී ආස❤️❤️❤️

  • @maduka_s
    @maduka_s Жыл бұрын

    මගේ ආසම සංචාරකයන් කිහිප දෙනාගෙන් එක්කෙනෙක් ඔයා අයියේ මෙික නියමෙටම කරනවා ❤️

  • @asithachamara897
    @asithachamara897 Жыл бұрын

    අපි වෙනුවෙන් මේ වගේ තැන් වලට ගිහින් ඔයා කරන දේ පට්ට වටිනවා මොකද අපි මේ ලංකාවේ ගිහිල්ල නැති ගොඩක් තැන් වලට ඔයා අපිව එක්කන් යනවා අයියේ පට්ට ආදරෙයි අයියේ ඔයාට පරිස්සමෙන් සතුටින් ඉන්න අයීයේ ජය වේවා ඔයාට 👍👍👍❤️❤️❤️🙏🙏🙏

  • @janithjeewantha2754
    @janithjeewantha2754 Жыл бұрын

    ඒ සුන්දරත්වය අපිට පෙන්නුවට බොහොම පින් සහොදරයා. ❤❤ තවත් ඒ වගෙ ලස්සන තැන් වලට යන්න ලැබේවා ❤🤝

  • @sanjuofficial7322
    @sanjuofficial7322 Жыл бұрын

    බුදු සරණයි 🥰🌸 අයියා

  • @Ictgayan
    @Ictgayan Жыл бұрын

    හරිම ලස්සනයි මගේ රට ❤️

  • @isharaalokasilva3474
    @isharaalokasilva3474 Жыл бұрын

    සුපිරියක් දිනේශ් අයියා පෞද්ගලිකව ආසම චරිතයක් ඔයා වැඩි වැඩියෙන් යන්න ලැබෙන්න ඔනේ❤

  • @hasiyavlogs
    @hasiyavlogs Жыл бұрын

    හදවතේ සංචාරකයා ❤ ආදරෙයි සුපිරියක් 🔥❤🌍

  • @gayanmaduranga9312
    @gayanmaduranga9312 Жыл бұрын

    ඉස්සර ඉදන්ම බලනවා අයියා...දැන් ඉස්සරත් වඩා මරු...ඒකාකාරී බවෙන් මිදිලා වගේ හිතෙනවා...ඉතිහාසික වටිනා තැන්,පුරාවිද්‍යා ස්තාන,(අපිට යන්න බැරි තැන්),ගග දිගේ,මහා සංචාරේ වගේ වැඩසටහන් ආසාවෙන් බලපු අපිට ආයෙත් ඒ දේවල් මතක් කරනවට ,පෙන්වනවට පිං අයියේ❤

  • @nilushikashayamalie-4074
    @nilushikashayamalie-4074 Жыл бұрын

    හදවතේ සංචාරකයා හදවතින්ම සුබ පතනවා.. ගොඩාක් දුෂ්කර ගමනාන්තයකට අපිවත් රැගෙන ගියාට ගොඩාක් ස්තුති .. ගොඩාක් පින්.. බුදු සරණයි අයියෙ ඔයාටත් ලොකු පිරිස් අයියාටත්..

  • @nayomimadhushika3918
    @nayomimadhushika39189 ай бұрын

    දැකලා නැති සුන්දරත්වය පෙන්නනවට ගොඩාක් පිං දිනේශ් අයියේ. 💓🥺🙏

  • @hasiyafreefair9580
    @hasiyafreefair9580 Жыл бұрын

    ආසම චරිතයක් වීඩියෝ ඔක්කොම බලල තියෙන්නෙ .යන ගමන සුබයි ජය නියතයි .සම්මාන හිමිවියවුතු සංචාරකයෙක් .🙏 දවසක කොහෙන්හරි හම්බෙමු සහෝදරයා ❤️

Келесі