Kachcchatheevu island | St.Antony's Church Festival | ලංකාවට දුරම දූපතේ දින දෙකක් | 4K

Ойын-сауық

ලංකාවට දුරින් වැඩිම දූපත වන කච්චතිව් දූපත බලා කිලෝමීටර 90ක මුහුදු ගමනක්.
අප දූපත කෙලවරට වන්නට ඇති ස්ථානයක කදවුරු ලා ගත්තේ දින දෙකක කාලයක් ගත කිරීමටයි. කදවුරු බැද අවසාන වන විට හවස පහ හමාර පසු වී තිබූ අතර ඉන්දියාවට ආසන්න ලංකාවට දුරම,ලංකාවට අයත් දූපතට හිරුගේ නික්ම යාම කෙලෙස නම් පෙනෙනු ඇත් දැයි අප සියලු දෙනාගේම මනස තුල ඇති වූයේ කුතුහලයකි. එමෙන්ම නාවුක ගමන අවසානයට මත්තෙන් අප යාත්‍රාව දූපතට ආසන්නව ගමන් කිරීමේ දී දුටු අඩි දහයක් පහළොවක් උස කොරල් තට්ටුව ආසන්නයටම ගොස් එහි සුන්දරත්වය දැක බලා ගැනීමත්,සිත තුල තිබූ ආශාවකි.
හිරු බැස යන සැන්දෑවේ සුදු පෙන කැටි නංවමින් වෙරළ මත පතිත වන කුඩා දිය රළ කොරල් පර මත වැදී නතර වන්නේ සොදුරු සංගීතයක් මවමිනි. එකිනෙකට වෙනස් වූ කොරල් පර මත කාලයක සිට පැල වී ඇති කුඩා ශාක සහ පඳුරු බොන්සායි පැල මෙන් සුන්දරත්වයෙන් අනූනය. ඒ ශාක මගින් කොරල් තට්ටුවට සහ දූපතේ ආරක්ෂාවට ඉතා විශාල දායකත්වයක් සපයන්නේ සොබාදහම, සොබාදහම විසින්ම රැක ගන්නා වගට සාක්ෂි සාධක සපයමිනි.
හිරු බැස යන තෙක්ම දූපත වටා ඇවිද ගිය අප අවසන සීතල මුහුදු ජලයට බැස නා කියා ගත්තේ හිරු ඉන්දියන් සාගරයේ කිමිදී යන්නට සැරසෙන නිමේෂයක යි.
රාත්‍රි කළුවර "කච්චතිව් දූපත" වෙලා ගනිද්දී කිතුණුවන්ගේ ප්‍රාර්ථනා එළි මුලු දූපත පුරා පැතිර ගියේ දමිල සහ සිංහල බසින් හැඩ ගැන් වී තිබූ ගීතිකා හඩත් සමග යි. දේවස්ථානය වෙත ගමන් කල අප "ශාන්ත අන්තෝනි මුනිදුන්" වැද නමස්කාර කොට නෙත් අයාගෙන බලා සිටියේ ලාංකිකයන් සහ ඉන්දියානුවන් කෙතරම් නම් සහජීවනයකින් මෙම වතාවත් සිදු කරනවාද යන වගයි. දූපතටම ඇති එකම දේවස්ථානය විදුලි බුබුළු වලින් හැඩ ගන්වා තිබුනේ දිව්‍ය මන්දිරයක් පරිද්දෙනි. මා මාගේ හදවතටම කියා ගත්තේ " මෙය මා පමණක් නොව, ලොව පුරා සිටින සියල්ලන්ම දැකිය යුතු සහ විදිය යුතු චමත්කාර හැගීමක් " යන වගයි.
පූජාව අවසන් වූ පසු අප කංඩායම නැවතත් ඇවිද ගියේ අප පැමිණි සුදු වැලි මංපෙත වෙතයි. කුඩා කඩ සහ සල්පිල් වලින් පිරී ගිය මංපෙත ඉන්දියානු ජාතික වෙළෙන්දන් ගෙන් සහ ශ්‍රී ලාංකික වෙළෙන්දන්ගෙන් පිරී ගොසිනි. විවිධ සහ විචිත්‍ර වූ ඉන්දියානු ඇදුම් පැලදුම් සහ ආයිත්තම් සල්පිල් පුරා වෙළදාම් වන්නේ ඉතා අඩු මුදලකට යි. මේ අතර ඒ මේ අත ඇවිදිමින් සිටි තේ වෙළෙන්දකු හා දොඩමලු වීමට මට හැකි විය. තේ කේතල් දෙකකට අමතරව ඔහුගේ අතේ මුදල් මිටියකි. එය කොටස් දෙකකට බෙදාගෙන සිටින්නේ කච්චතිව් දූපතේ ගණු දෙනු සිදු වන්නේ දෙරටක මුදල් වලින් නිසාවෙනි. ඔහු කැඩුනු සිංහලෙන් ඔහු අත රැදි මුදල් නෝට්ටු පෙන්වූයේ " යේ ශ්‍රී ලංකාන් සල්ලි.. යේ ඉංඩීය.. රුපීස්.." යනුවෙනි. නැවතත් සිනාමුසු මුහුනින් අපට සමු දී නැවතත් ඔහු ගමන් ඇරඹුවේ ඈතට යන තුරුම " ටී.. ප්ලේන්ටී.." කියමිනි.
සල්පිලට සමු දී නැවතත් කූඩාරම වෙත පැමිණි අප නාවික හමුදාවෙන් ලබා දුන් රාත්‍රි කෑම වේලත් රැගෙන තරු පිරුණු අහස යට නින්දට වැටුනේ ශ්‍රී ලාංකාවට දුරම දූපතේ ගත කල පළමු දිනය අවසන් කරමිනි.
"කච්චතිව් දූපත " වටා ගෙතී ඇති කතාන්දර කිහිපයකි. කලෙකට ඉහත දී ධීවර රැකියාවේ පැමිණි ධීවරයන් පිරිසක් ඈත දියඹේ අතරමං වී පසුව මෙම දූපත දක්වා පා වී පැමිණ තිබේ. ධීවරයන් හට සරණ වූ මේ දූපතේ පසු කාලීනව ධීවරයන් විසින් දේවස්ථානයක් ඉදි කරන්නේ "දුකේදී පිහිට වන සහ ලෙඩ දුක් වල දී සරණ වන බවට විශ්වාස කෙරන" "ශාන්ත අන්තෝනි මුනිදුන්ට" කැප කොටයි. ඉන් වසර ගණනාවකට පසුව නාවුක හමුදාව මගින් පැරණි දේවස්ථානයට සමීපවම ප්‍රමාණයෙන් විශාල සහ දැනට පූජා පවත්වන දේවස්ථානය ඉදි කරණු ලබන්නේ මේ දූපත ඔවුනට ද පිහිට සහ ආරක්ෂාව සපයන බවට ඇති විශ්වාසය මත සහ ජාතීන් දෙකක් එක්ව සිදු කරණ මෙම වාර්ශික මංගල්‍යයට තම දායකත්වය උපරිමයෙන් සපයමිනි.
උදෑසන සුන්දරත්වය. හිමිදිරි උදයේම මුහුදු ජලයට බැස නා පිරිසිදු වි නැවතත් දේවස්ථානය වෙත අප කංඩායම ගමන් කලේ එහි පැවැත්වෙන අවසාන පූජා කටයුතු සදහා සහභාගී වීමටයි. ඉන් අනතුරුව උදෑසන එකොලහ පැමිණ වන විට නැවතත් "කච්චතිව් දූපතේ පා වෙන ජැටියට පැමිණි අප තවත් නාවික යාත්‍රාවකින් නැවතත් "කුරිකඩ්ඩුවාන් ජැටිය" වෙත පැමිණීමට ගමන් ඇරඹුවේ ලබන වසරේත් පැවැත්වෙන මංගල්‍යයට සහභාගී වීමට ලැබේවා යි යන පැතුම පෙරදැරිව යි. ලංකාවට ඈතම දූපත ඈතට යන තෙක්ම මා යාත්‍රාවේ සිට බලා සිටියේ හෙටින් පසු හුදකලා දූපත කෙතරම් සොදුරු ඇත්දැයි සිතමිනි.
"කච්චතිව් දූපත" ලංකාවට පවරා ගැනීම සදහා කටයුතු කල "සිරිමාවෝ බංඩාරනායක" මැතිනිය ඇතුලු සියලුම නායකයන් හටත්. ඒ වෙනුවෙන් ඇප කැප වූ සියලුම මිනිසුන් හටත්, වාර්ශිකව පැවැත්වෙන දේව මෙහෙය සදහාත් "කච්චතිව් දූපත" සහ ශ්‍රී ලංකාවට අයත් සාගරය රැක ගැනීමට උපරිමයෙන්ම දායකත්වය සළසන කතෝලික ආගමික නායක තුමන්ලා,නාවුක හමුදාපති තුමා ඇතුලු සියලුම නාවුක නිළධාරින්ට සහ සෙසු නිළයින් වෙතත් අපගේ උත්තම ආචාරය පුද කිරීමට කැමැත්තෙමු.
රූප රචනාව හෙට 23/03/23
දහවල් 12:30 ට
එතෙක් ,
ආයුබෝවන් මම දිනේෂ් !
Once in a lifetime opportunity. Where Sri Lankan and Indian pilgrims together celebrate the festival of St Anthony on Kachchatheevu Island. Located about 90 km from Kankesanthurai, Kachchatheevu Island is a natural wonder. It took us around 3 hours by the ship, arranged by the Sri Lankan Navy. After arriving on the island, it was such a wonderfully festive feeling together with its natural beauty. Special thanks must go to Sri Lankan Navy for arranging this special event with the two nations. I hope you will enjoy this video
Greetings
I am Dinesh
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
Instagram - / dinesh_a_pathum
Message or information - / dinesh_a_pathum
DAP production
"සොබාදහම රකින්නා සොබාදහම විසින් රකිනු ලබයි"

Пікірлер: 624

  • @lahirukahavita723
    @lahirukahavita723 Жыл бұрын

    ජනප්‍රියයි කියාගන්නා TV චැනල් වල වෑඩසටහන් වලට වඩා මේ අපේ දේශයට ආදරය කරන අපේ කොල්ලන්ගේ මෙවැනි වීඩියෝ කොතරම් වටිනවද 💙

  • @ddtwins
    @ddtwins Жыл бұрын

    ඉන්දියානුවන් වුනත් ලාංකිකයන් වුනත් අවසන අපි සැවොම එකම ලෝකයක වෙසෙන මිනිස්සු.... ලංකාවට අයිති ලංකාවට ඈතින් තියන දූපතක්.... ඒ සබැඳියාව අපිටත් පෙන්නුවාට අයියාට බොහෝම පිං.... සොඳුරු නිමේශයන් රැසක් සමගින් අපගේ හදවතට තට්ටු කරන්න සොඳුරු සංචාරකයෙක් නම් ඒ අපේ දිනේශ් අයියා විතරමයි... ජයෙන් ජයම වේවා අයියා....💪💪💪💪💪💪💪💪

  • @umayasevwandi6034
    @umayasevwandi6034 Жыл бұрын

    ආයුබෝවන් මම දිනේෂ් ... ඒ වචන හිත නිවනවා හදවතේ සංචාරකයා දිනේෂ් ❤️❤️‍🔥

  • @user-kd7uk2eo1k
    @user-kd7uk2eo1k Жыл бұрын

    💪❤️👆 මාගෙ නාවික හමුදාවට පිං සිද්ද වෙන්න මං නොගිය තැනක් නැ ලංකාව ඇතුලත මෙන්ම මුහුදු සිමාවෙන් පිටතින් තියන දුපත් වලටත් ,,වෙනත් රටකටත් (මැලේසියාව ) ආඩම්බරයි මට මගෙ නාවික හමුදාව ගැන❤💪ආදරෙයි මගෙ රටට🙏

  • @tinula
    @tinula Жыл бұрын

    කච්චතිව් දූපත මුලින් ඉන්දියාවට අයත් තිබූ අතර ගරු සිරිමාවෝ බණ්ඩාරණායක මැතිනියගේ තිබූ දූර දර්ශී සහ උපායශීලී දේශපාලන හැකියාව මගින් ඉන්දිරා ගාන්ධිගේ තිබූ මනුෂ්‍යත්වය හරහා අපිට අයත් කර ගැනීමට හැකිවූ එකක්. සිරිමාවෝ මැතිනිය ගේ දූරදර්ශී ඣනය පෙන්වන එක් අවස්තාවක් පමණි මෙය. හෙල රජ දරුවන් හැරුන විට නිදහසින් පසු රටට සැබෑ සේවයක් කල එකම රාජ්‍ය නායකත්වය ඇය පමණයි අනික් සියල්ල කලේ දේශපාලනයක්ම පමණයි

  • @heshanshachindra5348
    @heshanshachindra5348 Жыл бұрын

    මාරම නිදහසක් දැනෙනෙ තැනක් කච්චතිව් දූපත...කවදහරි යන්න ලැබේවා...තෑන්ක්ස් දිනේෂ් අයියා❤️❤️❤️❤️

  • @thetravelerclick
    @thetravelerclick Жыл бұрын

    හදවතේ සංචාරකයාගේ තවත් සොදුරු ගමනාන්තයක් 😍 දිගින් දිගටම මේ වගේ තැන් අපිට පෙන්නන්න ශක්තිය ලැබෙන්න කියා ප්‍රාර්ථනා කරනවා. නියමයි දිනේෂ් අයියා ❤️

  • @SAVI_BOY
    @SAVI_BOY Жыл бұрын

    කරදිය මුසු සුළග රළ කපාගෙන යන මුහුද රැගෙන යනවා ක්ෂේම භූමිය වෙත කිසිදා නොදුටු නවාතැනකට ගහ කොළ මල් නෙක විහගුන් ඇසුවාද උබ කවුරුද කියා පරිසරය රකිනා නිරතුරු තතු සොයනා නිහඩ විරුවා මම කීවද ඔබ ඔවුන්ගෙ කනට කොදුරා දවසල රළු දාහයෙන් රාත්‍රි වට සීතලෙන් ඔබ නොනැවති යන ගමන අප වෙනුවෙන් ඔබට ජය දායාබර දිනේෂ් Y

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 Жыл бұрын

    හදබැඳි ස්තුතිය හා ප්‍රණාමය දිනේෂ් හා ලොකු පීරිස් වෙත....මේ අසිරිමත් භක්තිවන්ත සංචාරය අපවෙත වෙහෙසවී ගෙන ආවට....ඔබලාට ජය වාසනාව ...🙏🌻🌄

  • @indikaudayashantha4181
    @indikaudayashantha4181 Жыл бұрын

    ලංකාවේ සංචාරකයන් අතරෙ සුන්දර නිහතමානී සංචාරකයා...මේක නම් පිස්සවක් ❤ සහොදරයා...

  • @evozynotikavi4022
    @evozynotikavi4022 Жыл бұрын

    ඔන්න අද මගෙන් පලවෙනි කමෙට් එක. විඩියො එක දනකන් බලන් හිටපු අය ඉන්නවද මං වගෙ.😁🤭

  • @DineshAPathum

    @DineshAPathum

    Жыл бұрын

    ගොඩාක් ස්තූති ... කාර්යබහුල දවසක ❤️👏🏻

  • @beamnG833

    @beamnG833

    Жыл бұрын

    අනිවා

  • @harshanuwan1679

    @harshanuwan1679

    Жыл бұрын

    දානකම් ඉවසුමක් නැතුව ඉදියෙ. ❤️

  • @dilbbp3874

    @dilbbp3874

    Жыл бұрын

    🙋

  • @Winsome176

    @Winsome176

    Жыл бұрын

    Dinesh ayyagey mn saranna (idunil ) get video balanne mara asawakin 🔥🔥🔥🔥🔥🔥🔥🔥

  • @e-entrepreneur
    @e-entrepreneur Жыл бұрын

    හදවතේ සංචාරකයා එක්ක එක දවසක් ඇවිදින්න කැමති සෙට් එක මේ කොනට❤

  • @pushba5128

    @pushba5128

    Жыл бұрын

    Yes

  • @sarathkumara9239

    @sarathkumara9239

    Жыл бұрын

    @@pushba5128 yasraf x

  • @user-kc9km8pl2b

    @user-kc9km8pl2b

    7 ай бұрын

    Marama lassanai adai dakka stuti puta

  • @dinurangabandara5109

    @dinurangabandara5109

    5 ай бұрын

    Maath aasama charithyk❤

  • @malkidias311
    @malkidias311 Жыл бұрын

    ඇත්තටම ගොඩාක් ස්තුතියි .මොකද මෙවැනි සංචාර ලෙසි නැහැ .ඔයා යන්නෙ ලෙසි පහසු තැන් වලට නෙවෙයි .පරිස්සමින් රටට වගෙම දැන් අපිටත් ඔයාලාව වටිනවා 💐💐👍

  • @iswaragekusum9996
    @iswaragekusum9996 Жыл бұрын

    හරිම ලස්සනයි ස්තුතිය අහල තිබූ නත් දැකලා නැ ජයවේවා!

  • @manishaasangi6683
    @manishaasangi6683 Жыл бұрын

    අපිට සිහිනයක් සැබෑ කරපු හදවතේ සංචාරකයා දිනේෂ් අයියට හද පිරි ස්තුතිය ❤❤

  • @Ash-zu8jf
    @Ash-zu8jf Жыл бұрын

    හදවතේ සංචාරක නැවතුම් පොළ .දිනේෂ් සහෝදරයා ආදරෙයි හැමදාමත් ❤ අපි ඔබ සමගින්මයි🍃💧🇱🇰

  • @nayananuwantha4105
    @nayananuwantha4105 Жыл бұрын

    හදවතේ සංචාරකයා.🌿🌿❤️ මෙ ගමනෙදි අය්යව හම්බුන එක ගෙන සතුටුය්❤️❤️

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 Жыл бұрын

    ආයුබෝවන් ! ස්භාවදහමේ මෑණියන්ට මාගේ හදපිරි නමස්කාරය වේවා ! 🙏 දිනේෂ් පැතුම් ... 💐 ලොකු පීරිස් ...💐 මගේ හදපිරි ආචාර්ය පුදකරමි 🙏 උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා ! සුන්දරයි .... පුදුමාකාර ලස්සනක් ... ❤️

  • @champikafernando7170

    @champikafernando7170

    Жыл бұрын

    Godak vatinava🌹🌹🌹👍👍👍

  • @NadeeshaSumanasekara
    @NadeeshaSumanasekara Жыл бұрын

    දූපතේ ස්වභාව සුන්දරත්වය නම් 😍💚🌿 හදවතේ සංචාරකයා බොහොම ස්තූති අපිව මේ වගේ තැන් වලට එක්කන් යනවට 😍

  • @shashikasadaruwan2209
    @shashikasadaruwan2209 Жыл бұрын

    හැමදාම වීඩීයෝ එකක් දානකම් බලන් ඉන්නේ හරී අමාරුවෙන් පිස්සූ වැටිලා ඉන්නේ ඔයාගේ සන්චාර වලට බුදුසරණයි අයීයේ ❤️❤️

  • @mithilaranmal5204
    @mithilaranmal5204 Жыл бұрын

    මේ කටහඬ අහන්නෙ නැතුව දැන් නම් ඉන්නම බෑ වගේ❤❤❤ වචන ගලපන විදියනම් මරැ අයියේ❤❤

  • @buddikakandewaththa9257
    @buddikakandewaththa9257 Жыл бұрын

    සුභ පතනව අයියා. මුල ඉදන්ම ඔයගෙ වීඩියෝ බලනව.

  • @janitharahul3637
    @janitharahul3637 Жыл бұрын

    💖🥺 . තවත් සුන්දර ගමනාන්තයක් 🍂 අපේ රට කොච්චර ලස්සනයි ද ඒ ලස්සන මුලූ ලෝකෙටම පෙන්නන, අයියේ ඔයාට හුගක් පින් 💖🍂..

  • @vinduindiwari1106
    @vinduindiwari1106 Жыл бұрын

    සංචාරකතුමා ... ඔයා තරම් වාසනාවන්ත මනුස්සයෙක් මේ ලෝකේ තව නැතිව ඇති . ස්තූති අපිවත් එක්ක ගියාට මේ දුර්ලභ අවස්ථාව දැකගන්න . සුබ පැතුම් . තෙරුවන් සරණයි ඔයාටත් ලොකු පීරිස්ටත්🥰🥰🥰🥰

  • @bimsara1981
    @bimsara1981 Жыл бұрын

    Notify එකක් එනකන් බලන් ඉන්න තරම් ඇබ්බැහි වෙලා මේ සුන්දරත්වයන් බලන්න 🌸👌❤

  • @sriyaninadungoda4992
    @sriyaninadungoda4992 Жыл бұрын

    Aththatama watinawa me wada satahana

  • @HasanthaIshan
    @HasanthaIshan Жыл бұрын

    හදවතින්ම නිහතමානී සංචාරකයා❤️

  • @kushanthichamodya5354
    @kushanthichamodya5354 Жыл бұрын

    අවාරේ සිරිපා කරුනාවත් එක්ක අද වෙනකම්ම නොනැවතී හැම සංචාරයක්ම මනසින් ඔයා එක්ක ආවා..ස්වාභාදහම මෙච්චර තදින් විදින්න පුරුදු උනේ අයියේ ඔයා නිසා..ඔයා වගේ අය අපේ රටට ගොඩක් වටිනවා. අපේ පුංචි රටේ සුන්දරත්වය මුලු ලෝකෙටම පෙන්නවට සහ හරි ලස්සනට ඒ තැන්වල වටිනාකම කියලා දෙනවට අනේකවාරයක් පිං🙏🙏 අයියා අතින් ලියවුනු පොතක් කියවන්නත් ගොඩක් ආසාවෙන් ඉන්නවා 🙏🙏

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee21085 ай бұрын

    සොභාදහම රකින්නා ස්භාවදහම විසින් රකිනු ලබයි ! 🌱🙏☘️ ස්භාවදහමට මෙන්ම ආදරෙයි හැමදාමත් ඔයාලාට පරිස්සමින් සෑම ගමනාන්තයක් ස්භාවදහම් මෑණියන්ගේ ආශිර්වාද ආනුභාවය ආරක්ෂාව නිරතුරුවම ලැබේවා ! 🙏

  • @thiliniliyanage4089
    @thiliniliyanage4089 Жыл бұрын

    ශ්‍රී ලාංකික කතෝලිකයින් ඇතුලු අපි හැමෝටම එක සැරයක් හරි කච්චතිව් දූපතට යන්න ලැබේවා 🙏🙏🙏 මේ රූප රචනාව බලන්න ගත්ත තැන ඉදලම මට හිතුන දෙයක් තමා මිනිසුන් රහිත දිනයක දිනේෂ් අයියට යන්න ලැබුනනම් මේ සංචාරය තවත් මොනතරම් සුන්දර වෙයිද 😍❤️❤️❤️❤️ මේ ලස්සන සුන්දර රටේ තව තවත් සංචාරය කරන්න ලැබේවා 🙏🙏🙏

  • @DineshAPathum

    @DineshAPathum

    Жыл бұрын

    මම ඇත්තටම එනකම් ඔය ගැන කල්පනා කලා.

  • @parameshkumarasamy551

    @parameshkumarasamy551

    Жыл бұрын

    Absolutely very interested program ❤thank do much.

  • @janithudayangana1226
    @janithudayangana1226 Жыл бұрын

    එනකම් බලන් හිටිය වීඩියෝ එකක් අයියව එදා කච්චතිව් වලදි හම්බුනා.........❤️❤️😍😍🔥🔥

  • @tharindujaythunga4982
    @tharindujaythunga4982 Жыл бұрын

    අපිට යන්න තියා දකින්නට අමාරු මේ වගෙ දුපත් ගැන විස්තර එක්ක අපිට ගෙනාවට බොහොම පි0 මල්ලි .background music එක යනකොට ගග දිගෙ මටක් උනා.ඔයාල ඔක්කොටම බුදු සරනයි ..

  • @dulanuddhikamarasinghe4360
    @dulanuddhikamarasinghe4360 Жыл бұрын

    ඒක ලස්සන ගමනක් ගමනේ සාමාජිකයෙක් වුන එක තවත් සතුටක්♥️🇱🇰

  • @senadeeranawarathns905
    @senadeeranawarathns905 Жыл бұрын

    බලන්න ආසාවෙන් හිටපු එකක්.ස්තුතියි දිනේෂ් .

  • @luviskumara9868
    @luviskumara9868 Жыл бұрын

    හරිම ආසාවෙන් බැලුවා .ලස්සන දර්ශණ සහිත වැඩසටහන.අන්තෝනි මුනිතුමාගෙ පිහිට සැමටම ලැබේවායි පතමු.ජේසු පිහිටයි .

  • @kumudinirenukaliyanwilanar2553
    @kumudinirenukaliyanwilanar2553 Жыл бұрын

    ගොඩක් ස්තුති .තෙරුවන් සරනයි

  • @indikaagalakotuwa6341
    @indikaagalakotuwa6341 Жыл бұрын

    ඇත්තටම යන්න හිතක් පහල උනා..👌👌❤️

  • @nadunkodikara8402
    @nadunkodikara8402 Жыл бұрын

    හදවතේ සංචාරකයා ❤

  • @shanthamallika9999
    @shanthamallika9999 Жыл бұрын

    wada karana gaman balane nawata balanawa budu saranai👍👍

  • @RyanAmaratunga
    @RyanAmaratunga Жыл бұрын

    Love to be there soon. Let this Island be ours. But any one can Visit this Island. God protects and bless our Beautiful Island Country Called Ceylon previously now Sri Lanka. Love my Mother land from here to eternity. Thank God for the wonderland. St.Anthony protecr us and guide us & Amen.

  • @thilaxsan210

    @thilaxsan210

    5 ай бұрын

    kzread.infoDEAjEdImu0Q?si=64nNkL2Lho6Lkfx4

  • @sarathakumara2778
    @sarathakumara2778 Жыл бұрын

    අද තමයි මල්ලි බැලුවෙි නියම යි සුපිරි සැමදා ජය❤✌

  • @hashenchamindu7607
    @hashenchamindu7607 Жыл бұрын

    හදවතේ සංචාරකයාගේ තව ලස්සනම ගමනක්😍❤️...බොහොම ස්තූතියි අයියේ...ජයවේවා❤️💯

  • @sadram4084
    @sadram408426 күн бұрын

    ගොඩක් ආසාවෙන් බැලුව වගේම ගොඩක් වටිනව ලන්කාවෙ හිටියට නොදන්න දෙයකුත් දැනගත්ත වටිනව 🫶🫶🫶🫶💝💝

  • @chathuratharaka6475
    @chathuratharaka6475 Жыл бұрын

    ලස්සන ගමනක් අපිව රැගෙන ගියාට බොහොම ස්තුති 🙏❤🌿🖇️💚 හදවතේ සංචාරකයා ට හදවතිනම ආදරෙයි ❤ 💚🌿🖇️

  • @lashurademel8936
    @lashurademel8936 Жыл бұрын

    Bro oyata lankaweth lokayeth sundara than balanna sancharaya karanna lebewa jaya wewa

  • @Samantha22973
    @Samantha22973 Жыл бұрын

    very good Video ...Thank you very much ...Dinesh ....... THERUWAN SARANAI ......

  • @nathidurahal4574
    @nathidurahal4574 Жыл бұрын

    Huga දවසකින් බලන්න awe සහෝදරයා niyamai . muhude හිටියේ ekai බලන්න bari une

  • @bhagyasampath6549
    @bhagyasampath6549 Жыл бұрын

    එකත් ලස්සන ගමනක් ❤️❤️ මේ ගමන පි යනවනම් කොහොමද යන්න ඔනෙ බොහෝ දෙනෙක් බලපොරොතු වෙන උත්තරයක් ❤

  • @telestore626
    @telestore626 Жыл бұрын

    හරිම ලස්සනයි ගොඩක් පින්

  • @nishanthidarshani4310
    @nishanthidarshani4310 Жыл бұрын

    Kachchathiw dupatha ahala thibunata dakala thibune na lassanai mewa apita pennuwata godak pin oba depalata suba parhum❤

  • @shehanvimukthi5252
    @shehanvimukthi5252 Жыл бұрын

    හදවතේ සංචාරකයා හදවත් ලක්ෂයක ආදරය ලබන්න ආසන්නයි . 🍃💚

  • @rashithnimesh4913
    @rashithnimesh4913 Жыл бұрын

    දිනේෂ් අයියා කැමරා ඈන්ගල් ටික නම් සූපර්....👍👍

  • @chandrikaperera6969
    @chandrikaperera6969 Жыл бұрын

    නිදුක් නිරෝගී සුවය ප්‍රර්තන කරනවා තවත් ma waga ගමනාන්තයකට අපිව රෑගෙන යන්න ගොඩක් පින් 🙏🙏💐💐

  • @methsiriparanavithana6974
    @methsiriparanavithana6974 Жыл бұрын

    සුන්දර පරිසරය. අසුන්දර මිනිස් මුහුනු.

  • @yelakamahesh9670
    @yelakamahesh9670 Жыл бұрын

    ලස්සනයි දිනේශ් අයියේ.. අපේ රටට අයිති තවත් සුන්දර දූපතක්..සුන්දර ගමනාන්තයක්..ජයවේවා..!

  • @Sassymee-99
    @Sassymee-99 Жыл бұрын

    දැක්ක වාසනාවන්තම මනුස්සෙක් අයියා...ඒක පාරාදීසයක් වගේ..ඇත්තටම ආස හිතුනා යන්න..නාගදීපයෙ ගිහින් තියනවා මේ වගෙම..❤❤

  • @padukkagepatrickperera9457
    @padukkagepatrickperera9457 Жыл бұрын

    Very good. God bless you all..

  • @travelwithrish1407
    @travelwithrish1407 Жыл бұрын

    ❤❤❤❤❤ ගොඩක් වැදගත් වීඩියෝ එකක්

  • @hamiltonfernando6149
    @hamiltonfernando6149 Жыл бұрын

    Tks...Dinesh...Excellent programme... TEACHERS TEACH THIS TO YOUR SCHOOL CHILDREN... SUPERB DOCUMENTRY...

  • @nilakshikolambage9447
    @nilakshikolambage9447 Жыл бұрын

    ආගමික සහජීවනය මනාව පිලිබිඹු වන තවත් ඉතා සුන්දර සන්චාරයක්.. ! ❤️

  • @nirmalifernando7429
    @nirmalifernando7429 Жыл бұрын

    කච්චතිව්..හරීම ලස්සන තැනක්.. පරිසරයත්.. පල්ලියත්...ඒවගේ.. දවසක යන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා....... සොබාදහමේ සොඳුරු තැන් සොයා යන..ඔබට..සුභ පැතුම්..🎉

  • @indikaranasinghe990
    @indikaranasinghe990 Жыл бұрын

    Dinesh ඔබ තුමාගේ කතාව තනිකර භාවනාවක්.අහන් ඉන්න ආසයි.බුදු සරණයි හැමෝටම

  • @shewonfdoz407
    @shewonfdoz407 Жыл бұрын

    හිත නිවෙන තැන හිත නිවෙන පැය . ප්‍රශ්ණ පීඩණයට හෙළ ඔසුව 🇱🇰 ස්තූතී දිනේශ් මනසට සැනසීම හිතට සතුට ගේනවට ජය වේවා ❤ බුදු සරණයි ජේසු පිහිටයි අදත් වෙනස්ම දෙයක් ස්තූතී ඔබේ මහන්සියට දිනේශ්

  • @harshatharanga2862
    @harshatharanga2862 Жыл бұрын

    ඔබේ ඇස් වලින් මේ සුන්දරත්වය අපිත් එක්ක බෙදාගන්න විදිහ හරිම සුන්දරයි ස්තූතියි ❤❤❤❤ බුදු සරනයි... සහෝ

  • @malanikulasekara5376
    @malanikulasekara5376 Жыл бұрын

    බොහොම ස්තුතියි මල්ලි අප කවදාවත් දැකලා නැති ගියෙ නැති සුන්දර තැන් පෙන්වා දෙන ඔබට ඒ යන ගමන් අවසාන්තය වෙනතුරැ සියලුම දෙවියන්ගේ ආසිර්වාදය ලැබෙිවා තෙරුවන් සරනයි දෙවි පිහිටයි

  • @bandumithrajayasingha2925
    @bandumithrajayasingha2925 Жыл бұрын

    එල..."🌹🌹හරිම වටිනවා මෙම තොරතුරු අපට දැනගැනීමට සැලැස්වීම ගැන .." ස්තුතියි ඔබට..."

  • @sasmithamethhasindu2638
    @sasmithamethhasindu2638 Жыл бұрын

    හදවතේ සංචාරකයා Well done DAP❤

  • @shashichathura9331
    @shashichathura9331 Жыл бұрын

    ස්කිප් නොකර බලන එකම චැනල් එක තමයි මේක. ඒ තරම් සුපිරියට කරනවා අයියේ. ස්තූතියි ඔයාට ..

  • @techhelp2268
    @techhelp2268 Жыл бұрын

    ගොඩක් දෙනෙක් DAP එක්ක එකතු උනේ අවාරේ සිරිපාකරුණාවෙන්. ඉතින් 100 k වලට සිරිපා කරුණා කරමු. වාරේ හෝ අවාරේ❤ පුංචි යෝජනාවක්

  • @shanvideography2918
    @shanvideography2918 Жыл бұрын

    හදවතේ සංචාරකයා Dinesha අයියා. අපිට යන්න නොහැකි වුනත් දිනේශ් අයියගේ 3 ඇසෙන් හරි අපිට සොදුරු තැන් බලන්න දෙනවට අයියට ගොඩක් පින්. අයියගේ video 1 නෑර ඔක්කකොම බලලා තියෙනවා. ජය වේවා. ගමන සුභ වේවා.

  • @avishkawijesinghe730
    @avishkawijesinghe730 Жыл бұрын

    සුපිරි 🔥🔥🔥

  • @kumudukulasuriya3842
    @kumudukulasuriya3842 Жыл бұрын

    ජය වෙවා ඔබ දෙපලටම.

  • @lahirudilshan7986
    @lahirudilshan7986 Жыл бұрын

    හැමදාම උනත් වීඩීයෝ දානවා නම්.. හැමදාම බැලුවෑකි 😊♥️

  • @gunarathnagm5546
    @gunarathnagm5546 Жыл бұрын

    දැනුම වර්ධනය කර ගැනීමට ඉතා ප්‍රයෝජනවත් වැඩසටමනක්

  • @thilaxsan210

    @thilaxsan210

    5 ай бұрын

    kzread.infoDEAjEdImu0Q?si=64nNkL2Lho6Lkfx4

  • @kulasekara5679
    @kulasekara5679 Жыл бұрын

    " නිදහසක් දැනෙනවා මට, දේව භූමියක් නිසා වෙන්න ඇති. " ☘️

  • @heshan973
    @heshan973 Жыл бұрын

    බැලුවා එකෙන්ම ❤️ වාසනාවක් තමයි මෙහෙම හරි ඔබ තුමා එක්ක ගිහින් බලන්න විඳින්න ලැබීම ❤️✌💐 DAP ❤️❤️

  • @thilaxsan210

    @thilaxsan210

    5 ай бұрын

    kzread.infoDEAjEdImu0Q?si=64nNkL2Lho6Lkfx4

  • @Himansha_wishmika
    @Himansha_wishmika Жыл бұрын

    හදවතේ සංචාරකයා බුදු සරණයි ❤️🙏

  • @thilaxsan210

    @thilaxsan210

    5 ай бұрын

    kzread.infoDEAjEdImu0Q?si=64nNkL2Lho6Lkfx4

  • @riyacom6812
    @riyacom6812 Жыл бұрын

    පාද යාත්‍රාව වගේම සුපිරි සංචාරයක්.ජයෙන් ජයම වේවා කරන කියන හැමදේම❤❤❤❤

  • @thilaxsan210

    @thilaxsan210

    5 ай бұрын

    kzread.infoDEAjEdImu0Q?si=64nNkL2Lho6Lkfx4

  • @travelwiththanushka9508
    @travelwiththanushka95089 ай бұрын

    හදවතෙ සොදුරු සංචාරකයගෙ තවත් සුන්දර ගමනාන්තයක අවසානයක් 💚💚

  • @madhushanigeeganage2753
    @madhushanigeeganage2753 Жыл бұрын

    කොහොම ස්තූති කරන්නද කියලා හිතාගන්න බෑ. ඇත්තටම හරිම අපූරු සංචාරයක්.අනාගතේ දවසක මේ දූපතට යන්න බලාපොරොත්තුවක් තියේ. ට්‍රැවල් කරන කොච්චර අය සිටියත් හදවතට දැනෙන්න ට්‍රැවල් කරන්න පුලුවන් ඔයාට විතරයි.ස්තූතී නැවත වරක්.ජයවේවා..!!! ❤❤❤❤

  • @ashinitharushika58
    @ashinitharushika58 Жыл бұрын

    කවදා කොහොම කොතැනක පොළොවට පස් වේවිද යන්න නොදත් මේ සංචාරයේ පරිසරයට මේ තරම් ආදරේ මේ තරම් පරිසරයට බැදුණු ඔයා හරිම සුන්දර මනුස්සයෙක් සුන්දර සංචාරකයෙක්.... සැබැවින්ම විද ගැනීමට තරමක් අපහසු මේ ස්භාව සුන්දරත්වය මේ තරම්ම අපිට සමීප කරනවට බොහොම ස්තූතී... ❤🥺💫

  • @hirunibandara1461
    @hirunibandara1461 Жыл бұрын

    lassana gamanak Budu saranai aiya DAP 💚🍀🕊

  • @jeewanthamadushan1245
    @jeewanthamadushan1245 Жыл бұрын

    Sri Lankawada kiyala hithuna e tharam lassanai thanks ayyata me dewal pennanawata ❤️🌿🌤️

  • @mdsjayakantha579
    @mdsjayakantha5799 ай бұрын

    ලස්සන සංචාරය ක් අපි ට පේන්නු වාට ඔබට ස්තූතියි

  • @renukapethumkarunarthna2953
    @renukapethumkarunarthna2953 Жыл бұрын

    නිහඩව අයියගේ ගොඩක් විඩියෝ බැලුවා..🖤 ඉස්සරහටත් හොදින් මෙන්ටෙයින් කරන් යන්න සුභ පතනවා...🖤🙂

  • @swarnagunasakara8914
    @swarnagunasakara8914 Жыл бұрын

    හරිම.ලස්සනයි

  • @priyakalutharaneedssamanth4181
    @priyakalutharaneedssamanth4181 Жыл бұрын

    Adath harima lassanai,,, apee hadawathe minisa,,,❤❤❤❤,,,,🥰🥰🥰❤❤❤ ,,, budu saranai,,,

  • @janakabuddhika8162
    @janakabuddhika8162 Жыл бұрын

    සුපිරියක්

  • @Vihanagarukshan
    @Vihanagarukshan Жыл бұрын

    සුන්දර ගමනාන්තයක්.. ජාත්‍යන්තරය සබදතා ❤❤❤.. උෂාන් අය්යණ්ඩිත් ඉන්නේ... වෙනස්ම අත්දැකීම්ක්.. ජයවේවා... මේ ලෝකයේ තවකාලික නාවාතැනකට ඇවිත් සුන්දර ගමනාන්ත කරා සැරිසරන්නට තව තව ශක්තිය ලැබේවා... ❤❤❤.. හදබිමේ ඇව්දයන්නට අවසරයී... සොබාදහමේ ආරක්ෂාවයි..

  • @user-ln8sj9rf3n
    @user-ln8sj9rf3n2 ай бұрын

    හදපිරි සතුට, ආඩම්බරයි ඔබ හා ඔබේ ගමන් සහකරු ගැන❤❤❤❤

  • @santhushbandara8784
    @santhushbandara8784 Жыл бұрын

    බලන්න ආසාවෙන්ම හිටපු විඩියෝ එකක් ❤️❤️❤️

  • @kalanamadusanka7945
    @kalanamadusanka7945 Жыл бұрын

    මාරම ලස්සන දුපතක්❤❤❤

  • @sanjeewaperera.5112
    @sanjeewaperera.5112 Жыл бұрын

    වීඩියො එකක් එනකම් මග බලන් ඉන්නේ.....❤❤ ආදරෙයි දිනේශ් ලොකු පීරිස්...👍👍

  • @sudithaprasadherath4692
    @sudithaprasadherath4692 Жыл бұрын

    බොහොම ස්තුතියි දිනෙෂ් ,පුදුම ලස්සනයි .අපේ රට දියුණු කරන්න මේ දූපත් ටිකම ඇති ❤️❤️

  • @LaLaLa-rx5vn
    @LaLaLa-rx5vn Жыл бұрын

    තවත් සුන්දර ගමනක අවසානයක්…💗🤗බොහොම ස්තූතියි අයියේ...ජයවේවා❤#DAP

  • @shiranthahewabatuwita2595
    @shiranthahewabatuwita2595 Жыл бұрын

    සුන්දර ගමනාන්තයක්......හදවතේ සංචාරකයා .....තෙරුවන් සරනයි ❤💯

  • @chathurangawickramasinghe6070
    @chathurangawickramasinghe6070 Жыл бұрын

    harima sundarai.. thank you very much Dinesh... waiting for next video...

  • @shehanalles6932
    @shehanalles6932 Жыл бұрын

    දිනේෂ් අයියේ ජේසූ පිහිටයි හැමදාම වගේ නියමයි ජයවේවා....❤❤

  • @wasanthakumara1400
    @wasanthakumara1400 Жыл бұрын

    ලස්සනයි ජයවේවා ❤❤❤

  • @nilakshisilva5821
    @nilakshisilva5821 Жыл бұрын

    හැමදාම වගේ අදත් ලස්සන ගමනක් එක්කගෙන ගියා ❤ ආදරෙයි ❤❤..god bless you..

Келесі