Kithul Treacle to Kithul Jaggery | කිතුල් පැණි වලින් හකුරු හදන විදිහ හොයාගෙන කිතුල් වාඩියකට | 4K

Ойын-сауық

සුදු මාමා විසින් හොදින් පිරිසිදු කරගත් තාච්චියකට අපත් සමග කලු මාමා රැගෙන පැමිනි කිතුල් පැණි වලින් කොටසක් දමා ගත්තේ මාගේ ද උදව්වෙනි. කිතුල් පැණි තවත් වතාවකට පෙරා ගැනීම මෙහිදී සිදු කරයි. සුදු මාමා විසින් මැටියෙන්ම සැකසූ කුඩා ලිපක තැබූ පැණි පිරවූ තාච්චිය මද ගින්නේ රත් වෙන්නට තබා "පුතේ මේක මෙහෙම ටික වෙලාවක් රත් වෙන්න ඕනේ.... ටික වෙලාවක් ගිහින් තමා හැදි ගාන්න පටන් ගන්නේ...." කියමින් එතෙක් පැවති නිහඩ තාවය බිද හෙලීය. "මේවා හදන්නේ හරියට අපේ දරුවෙක්ට කෑමක් හදනවා වගේ... සීනි ඇටයක් දාන්නේ නෑ..." සුදු මාමා සුසුමක් හෙලුවේ ලිපෙන් නොකඩවා එන දුම් අතරින් පොල්කටු හැන්ද පැණි තාච්චිය වෙත යොමු කරවමිනි.
"දැන් පැය කාලක් , හමාරක් හැදි ගාන්න ඕන පදම එනකම්.." සුදු මාමා විස්තර කියමින් පැණි තාච්චිය හැදි ගාන අතරවාරයේ " ඔන්න පුතේ ඔය පොල් කටු ටික ලං කොරන්න.." "ඉසන්ක පුතේ.... කෙහෙල් කොලයක් ගේමු නේද..? " සැබැවින්ම අපට කිරිමට ඇත්තේ නිසොල්මනේ බලා සිටීම පමනකි. වාඩිය පුරා දුම් පිරී වහලයේ උලු අතරින් ඒ දුම් ඉහලට ගලා යයි. දුම් වැදුනු ඇස් කෙලවරේ තෙත් වන කදුලු බිංදු පිස දමමින් සුදු මාමා පැණි තාච්චිය හැදි ගාමින් වරින් වර හැන්ද උස්සා පදම සරි වී ඇත්දැයි සොයා බලයි.
පැය බාගයකට ආසන්න කාලයක් සිදු කල රාජකාරිය අවසන් කල සුදු මාමා "පුතේ කෙහෙල් කොලේ එලලා අපි ඒක උඩ පොල්කටු ටික තියමු... දෙපැත්තෙන් අර ලී දෙක තියමු." පිළිවෙලකට සහ පේලියකට තැබූ පොල්කටු තුලට පොල්කටු හැන්දෙන්ම යම් තරමකට ඝණ වී තිබූ කිතුල් පැනි හනි හනිකට වක් කර ගත්තේ එම රාජකාරියට සුදු මාමා කෙතරම් ප්‍රවීණයෙකු දැයි සාක්ෂි සාධක සපයමිනුයි.
ඉනික්බිතිව වාඩිය ඉදිරිපස බංකුවට බර වී පැයක පමන කාලයක් ආ ගිය තොරතුරු සහ ගල් ලෙනේ තොරතුරු පිළිබදව දොඩමලු වූ අතර ඉන් පසු නැවතත් විපරම් කොට බැලුවේ පොල්කටු වලට පුරවණ ලද කිතුල් පැණි හකුරු වී ඇත්දැයි යන වගයි. සැබැවින්ම මේ නම් පුදුමයකි. කිසිදු රසායනික ද්‍රවයකින් තොරව ඇස් පනාපිටම මෙබදු රසවත් කෑමක් සෑදීම මා හට නම් සැබැවින්ම පුදුමයකි. පොල්කටු වලින් ගලවාගත් කිතුල් හකුරු බෑයකින් කැබැල්ලක් කඩාගෙන සුදු මාමා මා හට ලබා දුන්නේ "මේං පුතේ පුතාලගේ මහන්සියේ අවසානයේ හැදෙන රසවත්ම කෑමෙන් කොටසක්.." යනුවෙන් කියමිනි.
The second part of the story and the most exciting part. This video will show how we convert Kithul Treacle to Kithul Jaggery. It’s incredible how much effort these villagers put into making the end product Kithul Jaggery. My heartful gratitude to Kalu Mama, the main character of this vlog, and to two brothers and all the other villagers who helped us and their incredible hospitality. I hope you will enjoy the video.
Greetings
I am Dinesh

Пікірлер: 578

  • @ravidurodrigo2894
    @ravidurodrigo289410 ай бұрын

    මිනිහෙක් තව මිනිහෙක්ට ගරු කරන අපූරුව,හරිම ලස්සනයි..... 💚🌿

  • @chamikalakith3599
    @chamikalakith359910 ай бұрын

    අපෙ වත්තෙත් කිතුල් මල් කැපුවා මෙ ලගක් වෙනකන්ම , එ වැඩේටම මාමලා ටිකක් හිටියා , දැන් සමහරු නැ , එත් අලුතින් මල් කපන්න මාමලා ඉන්නවා, වත්තෙ අයිතිකාරයාට දවසක් තෙලිජ්ජ දීලා අනික් දවස කපන මාමා ගන්නවා , එහෙම තමා අපෙ පැත්තෙ වෙන්නේ , පලවෙනි සතිය දෙක මල කපන මාමා ගන්නව , එ ටිකේ රා දාන්නෙ තෙලිජ්ජ වැඩියෙන් වැටෙද්දි දවසක් ඇර දවසක් අපිට දෙනවා . තබයක තමා තෙලිජ්ජ උනු කරන්නේ (ඇලුම්නියම් මුට්ටියක් ) උනු කරල නිවෙන්න ඇරලා දානව වීදූරු බොතල් වලට , විදුරු බොතලේ මූඩිය තදම කරල වහන්නෙ නෑ සාමනයෙන් , නැත්තන් මෙර එකතු වෙලා බෝතලේ පුපුරනවා , දවසක් අප්පච්චි මමයි ගමේ යද්දි පැනි බෝතලයක් අරන් ගිහින් මගදි එක පුපුරලා බෑග් එක පැනි වලින් නෑවුනා 😂, සද්දයක් එක්ක පුපුරන්නෑ , අපෙ පැත්තෙ මලේ අන්තිම කාලේ තමා හකුරු හදන්නේ මුල් කාලේම හදන්නෙ නෑ එතකොට පැනි කර වෙන එක මලට හොද නැලු . වහින කාලෙට ගොරවද්දි කිතුල් මල බය වෙන්ව කියලා කතාවක් තියනවා , හැබැයි එකේ ඇත්තකුත් තියනවා , ගොරවපු දවසට පස්සෙ දවසෙ තෙලිජ්ජ ප්‍රමාණය අඩුවෙනවා , මලේ අන්තිම කාලේ වෙද්දි තෙලිජ්ජ අඩු වෙන්වා ට්ක ටික , එ මල ඉවර උනාම ඉට උඩින් තියන කිතුල් අත්තෙන් අය මලක් (පොල් මල මුලින්ම එන්නෙ අන්න එ වගෙ හැඩේ ඊට වඩා ලොකුයි )එන්වා එත්කොට ඒක පුපුරන්න කලින් මල බෙහෙත් තිය්න්න ඕනේ (බෙහෙත් තියන්වා කියන්නෙ එක එක ගස් ජාති වල් පොතු කොල ගන්නේ එකට ඒක බදිනව ඊට පස්සෙ ) කිතුල් මල් කපපු නැති ගස්වල අතු ඔක්කොම මැරීගෙන(ගහේ අන්තිම කාලේ) එද්දි තව වැඩක් ගන්නවා , කිතුල් පිටි ග්න්නවා , කිතුල් ගහ කපලා ගහේ මැද කොටේ දෙකට පලලා එකේ මැද අර ස්පොන්ජ් වගේ තියන කොටස කෑලි කරල අරගෙන වංගෙඩියක දාලා කොටනවා කොටලා ඉවර වෙද්දි පොල් රොඩු වගේ , වතුර දාලා කොටන්න ඕනෙ , කොටල එන පොල් රොඩු වගේ ටික පොල් කිරි මිරිකන විදිහට් මිරිකලා එන ඉස්ම ටික පෙරලා මිදෙන්න තිබ්බාම භාජනය පතුලට මිදෙනවා පිටි , උඩ වතුර අයින් කරලා යට පිටි ටික අව්වෙ වේලලා ගත්තාම එවා තමා කිතුල් පිටි , එවගෙන් කිතුල් තලප හදන්න පුලුවන් , කිතුල් මල් කපපූ ගස් වල පිටි අඩු හින්දා එවා ගන්නේ නෑ පිටි ගන්න . කිතුල් ගහේ මල පුපුරලා ඇට හැදුනාම ඒවා කලවැද්දො කනවා හැබැයි වැරදිලාවත් අපි කෑවොත් කටයි බඩයි කහනවා 😂 😁.....

  • @Nethsara-138
    @Nethsara-13810 ай бұрын

    දිනේශ් අයියා වගේමයි ඒ මිනිස්සුන්ගෙ හිත් වල මනුස්සකම් උතුරනවා ❤️

  • @CookingAtViewPoint
    @CookingAtViewPoint10 ай бұрын

    දිග වීඩියෝ බලන එකනම් දැන් පිස්සුවක් වෙලා තියෙන්නේ ❤

  • @HenryDaniel-ls6bw

    @HenryDaniel-ls6bw

    10 ай бұрын

    ඔයාලගෙ videos මරු ❤

  • @anushirangani8005
    @anushirangani800510 ай бұрын

    "දිනේශ් අයියා " නම් ඒ චරිතය දැනුමින් සුපෝශිත පුස්තකාලයක්, පරිසරයට පෙම් බැන්දෙක් හිත හොද නිහතමානී පුද්ගලයෙක් .. ආදරෙයි ❤

  • @ravanking9865
    @ravanking986510 ай бұрын

    මේ අයගේ මනුස්සකම් නම් උතුරනවා ඒ අයටම හරියන නියම මනුස්සකම් තියෙන අපේ දිනේෂුත් එකතු වෙලා . සුපිරි ❤❤❤❤❤ ජයවේවා

  • @milindugimhana
    @milindugimhana10 ай бұрын

    කිතුල් හකුරු කෑල්ලක් කන ගමන් මේ වීඩියෝ එක බලන මම ❤

  • @suchithraperera2452
    @suchithraperera245210 ай бұрын

    ලංකාවේ රස අප නෙත මායිමට රූප රචනා මගින් ගෙන එන දිනේෂ් පුතණුවන්ට සහ ලොකු පීරිස් පුතණුවන් ඇතුළු කණ්ඩායම දිගාසිරි ❤

  • @dumindurathnayake9114
    @dumindurathnayake911410 ай бұрын

    Dinesh අයියා මේ වගේම මේ video English වලින් හඩකවල වෙනම channel එකකින්.ලංකාවෙ අසිරිය මුලු ලෝකෙයටම පෙන්නන්නකො .😍🥺

  • @isurueranga3218
    @isurueranga321810 ай бұрын

    පාරම්පරික කර්මාන්ත රැකගන්න රජයෙන් හරි ජීවිතාරක්ෂක උපකරණ අලවි සමාගමකින් හරි මෙ මාමලාගේ ආරක්ෂාවට කදුනගින උපකරණ වගේ ආරක්ෂිත උපකරණ ලබා දෙනවනම් හූගාක්ම වටිනවා. එතකන් හැමෝටම සමන් දෙවි හාමුදුරුවන්ගේ පිහිටයි.

  • @sumudithaspatabendi
    @sumudithaspatabendi10 ай бұрын

    ලොකු පීරිස් අයියගෙ කටහඩත් ඇහුවා ඒහෙනම්

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram90458 ай бұрын

    ඉස්කෝලෙ නිවාඩුවට රත්නපුරේ පුංචි සංදියේ ආතලා සමඟ විඳපු ඒ මනරම් දසුන් සමඟ දැහැන් ගතවුනා...ඒ රූපරාමු තුලින් අප සැමටම රැගෙන ආ කතා වස්තූනට බොහොමත්ම හදබැඳි ස්තූතිය ඔබ සැමටම...රකිමු අපේ සුන්දර සිරි ලංකා....ඒ ගැමි ජනතාවට ස්තුතිය හා ප්‍රණාමය...සියළු ජය...🙏🌴🍃🌻🌄

  • @travelwithpola6215
    @travelwithpola621510 ай бұрын

    දිනේශ් අය්ය ඔයා මාරම පොරක් .. ලංකාවෙ අරුමය පෙන්නන එකට ඔයාට පින්

  • @nadeekshala
    @nadeekshala10 ай бұрын

    පුදුමාකාර වටින විඩියෝ එකක් . ලොකු පිරිස් ගේ හඩත් ඇහුනා❤❤❤ බුදුසරණ යි

  • @savesrilankaa
    @savesrilankaa10 ай бұрын

    BEST CAMERAMAN , PERIS 👍👍👍👍🌼🌼🌼🌼

  • @ruwansenadeera6680
    @ruwansenadeera668010 ай бұрын

    ඔබ පුදුමාකාර පිං🙏 ඇත්තෙක්. මන්දයත් ඔබ විදිනා සුන්දරත්වය අනෙකුත් අපේ ලෝක වාසී සියලු දෙනාටම එය රූප මාධ්‍යයේන් විකාශනය කරමින් මහගු සේවයක් කරන්නෙකි❤. ඔබට හා ලොකු පීරිස් මල්ලිටත් ජයෙන් ජය. ඒ වගේම මේ වැඩ සටහනේ මුල්තැන කළු මාමාට හා සුදු මාමාට තෙරුවන් සරණයි💗

  • @DILASTREAMING2025
    @DILASTREAMING202510 ай бұрын

    මට හොදටම කෙන්ති ගියපු වෙලේ මේ වීඩියෝ එක බැලුවේ මේක බලද්දී හිත නිවෙනවා අයියේ සොභාදහමේ ලස්සනයි ඔයාගෙ වචන ගලපලා හිතට වදින්න කියන දේවලුයි මරු❤❤❤ජය වේවා

  • @crishantharajasekara237
    @crishantharajasekara23710 ай бұрын

    ඔබතුමන්ලා කරන මේ සේවයට අපගේ උත්තමාචාරය සම්මා සම්බුදු සරණයි සියලු දෙවි රෑකවරනයි තෙරුවන් සරණයි ජය වේවා 🎉🎉🎉🎉🎉

  • @chandanistephen9632
    @chandanistephen963210 ай бұрын

    ස්තුතියි ඔබට , කොයි පළාතෙද ? දැරණියගල ප්‍රදේශයෙද. ? හරිම සුන්දර පරිසරයක් . ඇත්තටම නගරයට වැඩිය ගම සුන්දරයි කියන්නෙ මෙකටයි. ස්තුතියි ඔබ සියලු දෙනාටම, තෙරැවන් සරණයි🙏🙏

  • @diliniherath3625
    @diliniherath362510 ай бұрын

    මම පුංචි කාලෙ මේ අත් දැකිම විදල තියෙනවා.ඒත් අද අපෙ දරුවන්ට බලන්න පින නැ.මේ වීඩියෝ එක පෙන්නන්න වටිනවා.

  • @lankanlifedubai
    @lankanlifedubai10 ай бұрын

    වීඩියෝ එකේ එක තැනක ඔයා කියනවා ගෙයක් පෙන්නලා මේ ගේ කොච්චර ලස්සනද මේ කුස්සිය මේ සාලෙ කියල. ඔව් ඒක ලස්සනයි නගරෙ ඉදං ගමට යන අපිට එක දවසකට. හැබැයි අපිට ඒ ගේ ඇතුලෙ සතියක් ඉන්න බෑ ඒකයි යතාර්තය. මේ මිනිස්සුන්ගෙ මහන්සියට හරි වටිනාකමක් දෙන ආර්තිකයක් අපේ රටේ නෑ. ඒ නිසා පිටින් එන අපිට පේනවට වඩා කටුක ජීවිත මේ මිනිස්සු ගෙවන්නෙ. කියපු විඩියට එක දවසක් ගහේ නගින්න බැරි උනොත් මල ඉවරයි. කොච්චර වගකීමක්ද. මේ දේවල් අපනයනය කරල හරි වටිනාකමක් දෙන්න පුලුවන්නම් ඒ මිනිස්සුන්ට ඒක තමා ඒ ජීවිත ලස්සන කරන්නෙ . කරුමෙට අපිට ඉන්නෙ කාලකන්නි පාලකයො ටිකක්

  • @chathurikaweerasinghe06
    @chathurikaweerasinghe0610 ай бұрын

    ලංකාවේ ලස්සන වගේම... දැනුමටත් ගොඩාක් දේවල් ඉගෙනගත්තේ DAP ගෙන්... තව තවත් රටේ ලස්සන පෙන්නන්න ශක්තිය, ආශීර්වාදය සොභාදහමෙන්ම ඔයාට ලැබෙනවා... 🌻💚

  • @user-xe8tu3yw1u

    @user-xe8tu3yw1u

    10 ай бұрын

    Me koheda

  • @DineshAPathum

    @DineshAPathum

    10 ай бұрын

    බෙහෙවින්ම ස්තූති.

  • @DineshAPathum

    @DineshAPathum

    10 ай бұрын

    @@user-xe8tu3yw1uමේ ලංකාගම

  • @user-xe8tu3yw1u

    @user-xe8tu3yw1u

    10 ай бұрын

    Kantek nambar ekak nedda aiyye eyalage apata genna ganna Lanka Gama kiyanne galle peththe neda

  • @hiranyashashikelum7608

    @hiranyashashikelum7608

    10 ай бұрын

    ​​@@user-xe8tu3yw1u vedio eka awsne dnne number eka 46:33

  • @indikaudayashantha4181
    @indikaudayashantha418110 ай бұрын

    දිනේෂ් හා ලොකු පීරිස් ..මේ රස දෙන්න ගත්ත උත්සහය කැපවිමට ආදරෙයි ❤❤❤❤❤🌄⛰️⛰️🏞️🏞️ පරිසර වේදියා හා සගයා ...

  • @kaveen844
    @kaveen84410 ай бұрын

    "හදවතේ සංචාරකයා" ආදරෙයි දිනේශ් අයියේ පරිස්සමෙන්...බුදු සරණයි 🙏😍❤️🍃

  • @swarnasuraweera283
    @swarnasuraweera28310 ай бұрын

    🇱🇰🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰 අභිමානය. ශ්‍රීලංකාව සහ 🇱🇰 සුන්දර ස්වාභාවික සෞන්දර්යාත්මක අතීතයෙන් බිඳක් 😅 🇱🇰 ජයවේවා!!!! සැරදේවා 🇱🇰 වැජඹේවා!!!! සිංහලකම ආචාරශීලී ආගන්තූක සත්කාර ගුණධර්ම තියෙන්නේ ශ්‍රීලංකාවේ සිංහල මිනිස්සු අතරේ.👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰👍🏾 කිතුල් පැණි හා හකුරු කන තරම් හදන්න නම් ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. හකුරු මුලක් හදන්න මිනිස්සු මොනතරම් දූෂ්කර අමාරු මහන්සියක් වෙන්න ඕනෙද???? 😮😢 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 🇱🇰🇱🇰 🇩🇪 ජයවේවා!!! ආඩම්බරයි අනර්ඝයි කදිමයි අපූරුයි කිතුල් විශ්මය.

  • @pumashortvideography8554
    @pumashortvideography855410 ай бұрын

    ලොකු පිරිස් අයියා වැඩ සටහන කරා කිතුල් ගහ උඩ නියමයි ❤

  • @dhanushkaprabhath5530
    @dhanushkaprabhath553010 ай бұрын

    ඇත්තමයි ලංකා ගමට ගිහිල්ලා කිතුල් පැණි කිතුල් හකුරු ගන්න එක ගන්නවා මයි....ස්තුතියි දිනේෂ් සහෝදරයාට...

  • @glamila9208
    @glamila920810 ай бұрын

    Saho oyage video balana kenek hariyata mam dakapu deyak kiyannam...Lankawa gana Abimanayak adarayak Budhudahama gana Loku shraddawak oya thula atiwela tiyenaw kramikawa....eken tamay oyawa Oy taram ihalata manasikaw genawe....thaw thawath Bududhamat lanwela shakthimathwenna ...oyata a labeema tiyenaw....Jayawewa bro❤❤❤

  • @pannaalanka655
    @pannaalanka65510 ай бұрын

    හරිම සතුටක්. පෙර වීඩියෝ එකත් බැලුව. මේ වීඩියෝ එක බලන්න අදයි වේලාවක් ලැබුනෙ. බොහොම සතුටුයි. ඔබගේ වාග් විලාසයටත්, වැඩිහිටි ගෞරවයටත්,ස්වභාව සෞන්දර්යට ඇලුම් කිරීම පිලිබඳවත් මා බෙහෙවින් අගේ කරමි. බොහොම ස්තූතියි. තෙරුවන් සරණයා..!

  • @AchiSaji-nn5jj
    @AchiSaji-nn5jj10 ай бұрын

    අදත් වෙනදා වගේම ස්වභාධම් මාතාවට තව තවත් ආදරය කරන්නට,රකින්නට,මිනිසුන්ට ආදරය බෙදන්නට අපිට කියා දුන්නාට අයියාට ගොඩක් පින් ❤️💚

  • @ishanijayakody7265
    @ishanijayakody726510 ай бұрын

    මටත් කිතුල් හකුරු කෑල්ලක් කන්න ආස හිතුනා...... අනේ අපි කෑවට අද තමා හදන හැටි දැක්කෙ.💚 දිනෙශ් අයියාට බොහොම ස්තුතිය මේවැනි දෙවල් අප වෙත ගෙන එනවට ❤😊

  • @sumithnandana2684
    @sumithnandana268410 ай бұрын

    අපේ රටේ සුන්දරත්වය පෙන්නුවට බොහොම ස්තුතියි අයියට තෙරුවන් සරණයි 👍👍👍

  • @user-io3du3nt4p
    @user-io3du3nt4p10 ай бұрын

    නිහතමානී සංචාරකයා💓හැම මනුස්සයාටම තමන්ගේම තාත්තට වගේ සලකන්නෙ❤

  • @priyangikasewmini6507
    @priyangikasewmini650710 ай бұрын

    අද රෑප රචනාව ගොඩක් ලස්සනයි. කිතුල් හකුරු හදන කර්මාන්තයේ දුශ්කරතාව දැක්කේ දිනේෂ් අයියා ගේ විඩියෝ වලින් තමා . ජය වේවා ! ☘️🌼💫🧡

  • @HadeanEon7917
    @HadeanEon791710 ай бұрын

    හදවතේ සන්චාරකයා. සුපිරියි....කලිං වීඩියෝ එකේ ලොකු පීරිස් අයියා තෙලිජ්ජ බොන විදිහ දැක්කහම දුක හිතුනා..මේ පාර ටිකක් වැඩිපුර දෙන්න දිනෙෂ් අයියා......දෙවි පිහිටයි...දුර ගමනකට සුබ පැතුම්.....💥

  • @nilakshikolambage9447
    @nilakshikolambage944710 ай бұрын

    ශ්‍රී ලංකාවට ආවේනික පාරම්පරික වටිනා කර්මාන්තයක හරබර තොරතුරු රැසක් සහිත සුන්දර රූපරචනාවක්..!! ❤

  • @lalithfonseka9886
    @lalithfonseka988610 ай бұрын

    සහභාගී වූ සියලු දෙනා ටම බෙහෙවින් ම ස්තූතියි. සැමට ම පින්.

  • @SoundOfmyworld
    @SoundOfmyworld10 ай бұрын

    ආදරෙයි brother ❤❤❤ ඔයා මේ මහන්සි වෙන තරමට මගේ රටේ මිනිස්සුන්ට දැන් ටික ටික මගේ රටේ ලස්සන පේනවා ❤❤❤ මේ රටේ වටිනාකම තේරෙනවා ... මුලු ලෝකේ හතර වටේ ඇවිද්දත් මේ වගේ ලස්සන පාරාදීසයක් කිසි කෙනෙක්ට කිසි දවසක මුණ ගැහෙන්නෙ නෑ...❤

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee210810 ай бұрын

    හදවතේ මේ සොදුරු ස්භාවදහම් සදා මතකයන් ය.... ආදරෙයි මේ සුන්දරත්වය පිරිපුන් ස්භාදහමට...❤️

  • @v.s.cherill2454
    @v.s.cherill245410 ай бұрын

    ඇත්තටම හරිම වටිනා වැඩසටහනක් ❤මුලින්ම ගරුකරනවා දිනේෂ් මල්ලි ඔයාගේ තියන නිහතමානිකමට ❤ගමේ මිනිස්සුන්ගේ මනුස්සකම හරිම ආදරණීයයි❤ සුභපතනවා ඔයාට ඉදිරියටම යන්න🎉🎉🎉❤❤

  • @jehansamaranayaka957
    @jehansamaranayaka95710 ай бұрын

    කිතුල් පැනි වලට දියවැඩියාව හැදෙන්නේ නැති නිසා උපරිමෙට කරා නෙ. තවත් මෙවැනිම රුප රචනයක් ගෙන ඒමට ශක්තිය ලැබෙවා

  • @bodamidumbodamidum6661
    @bodamidumbodamidum666110 ай бұрын

    මග බලාගෙන උන්නෙ හරිම ආසාවෙන් විඩියො එකේ ඉතිරි ටික බලන්න .බොහොම ඔබට ස්තුති ඔබට .

  • @thiliniliyanage4089
    @thiliniliyanage408910 ай бұрын

    මාරම රසවත් රූප රචනාවක් මේකනම් ❤️❤️❤️ ඉරිසියා නොහිතුනාමත් නෙමෙයි ඉතින් 😁

  • @orith589
    @orith58910 ай бұрын

    oba samatama siyalu devi pihitai budu saranai .....

  • @rumeshajayathissa1319
    @rumeshajayathissa131910 ай бұрын

    ඒ මාමාගේ දැනුම කතා කරන පිලිවෙල නියම විඩියෝ එකක්❤

  • @user-gn7sm4np4p
    @user-gn7sm4np4p10 ай бұрын

    ලාංකවේ ලස්සන ❤❤

  • @Thejamanusha
    @Thejamanusha10 ай бұрын

    පට්ට වටින විඩියොවක් ❤❤

  • @Dilshan...
    @Dilshan...10 ай бұрын

    සොඳුරු සන්චාරකයාගේ තවත් සොඳුරු සන්චාරයකින් නික්මීම❤

  • @DanushkaGimhan
    @DanushkaGimhan10 ай бұрын

    28:44 කළු මාමා

  • @renuka243
    @renuka24310 ай бұрын

    අනෙ ගොඩක් ස්තුතියි පෙන්නුවට තෙරුවන් සරණියි කලු මාමටත් සුදු මාමටත් නිරෝගී වෙවා දිර්ගායු පතනවා

  • @44169-I
    @44169-I10 ай бұрын

    පැනී රස එක්ක ජීවත් වෙන කලු මාමා සුදු මාමා.. බලන්න එයාලගේ ශරීරය හරිම නීරෝගී❤❤❤ බුදූ සරනයි දිනේෂ් අයියා ඇතුලු සියලු දේනාටම 🌹🌹

  • @LakshaniMenaka-cz6kf
    @LakshaniMenaka-cz6kf10 ай бұрын

    හදවතේ සන්චාරකයා 🤟❤️

  • @natureshorts409
    @natureshorts40910 ай бұрын

    සංචාරයේ ලස්සනට උබේ කතා කරන විලාසයත් ආවම අමුතුම හැඟීමක් එනව සගෝ.ඒක මාර හැඟීම්බර ඉදිරිපත් කිරීමක්❤️

  • @darshanipriyangika7031
    @darshanipriyangika703110 ай бұрын

    හරිම ලස්සන වදන් ටික අහන්නත් හරි අාසයි හොඳට පහදනවා හරිම ලස්සන වැඩ සටහනක් මෙවැනි අන් වැඩ සටහන් වලට වඩා විශිෂ්ටයිපුතේ ඔයාල දෙන්නගෙ වැඩ සටහන් ගොඩක් ස්තුතියි

  • @HasithaDanushka
    @HasithaDanushka10 ай бұрын

    Video eka danakam maga balan hitiye .. ❤

  • @kasunimadu6296
    @kasunimadu629610 ай бұрын

    ගොඩක් වටිනවා හරි ලස්සන පරිසරයක් බුදු සරණයි අයියෙ

  • @hasitharoshan
    @hasitharoshan10 ай бұрын

    pattama kollek lankawe hodama youtube channel eka ❤

  • @sanjeewaroshan-ho3xv
    @sanjeewaroshan-ho3xv10 ай бұрын

    Harem apuryeee vídeo eka apith oyalaath ekka awa wage hagemak danune oyala hamotama Godak sstuthe Godak pin budusaranaye jesu pihitaye alla Devi pihitaye jayawewa 💯🔥💯💕❤️💕🇰🇼🇰🇼🇱🇰🇱🇰🔥🔥

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi816410 ай бұрын

    Theruwan saranayi 🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💎💎💎💎💎❤❤❤❤💪💪💪💪💪

  • @shakthimanamperi115
    @shakthimanamperi11510 ай бұрын

    Adhath Supiri Ayya..!

  • @ishialo18
    @ishialo1810 ай бұрын

    ඇගයීමක් කල යුතුම සංචාරයක් ❤️🙏 කිතුල් කර්මාන්තයේ යෙදෙන සියලුම දෙනාටම උපහාරයක්ම වේවා 🙏❤️ අයියලා කිතුල් හකුරු කද්දි එතනට කහට කෝප්පයක් තිබ්බනම් කියලා හිතුනා... කිතුල් පැණි දකිද්දි කිරි හට්ටියක් තිබ්බනම් කියලත් හිතුනා.. ඒ වගේම කිතුල් හකුරු නම් අමතක නොවන කටට කෙල උනන අතුරුපස "වටලප්පම්" අනිවාර්යයෙන්ම ඒ මිනිස්සුනගේ ඒ කැපවීමට අනිවාර්යයෙන් වටිනාකමක් ලැබිය යුතුමයි... දේශීය වෙලදපල වගේම ජාත්‍යන්තර වෙලදපලට අපේ ලාංකික මේ නිෂ්පාදන වලට විශාල ඉල්ලුමක් සහ ඒ ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා දීමට ඒ මාමලාට හැකියාව ලැබේවා 🙏❤️....

  • @ishialo18

    @ishialo18

    10 ай бұрын

    හකුරු භාජනය අන්තිම ටික හරියට කිරි ටොපි හැදුවාම අන්තිමට එන ටික වගේ....ඒ කොටස තමා රස බලන මුල්ම ටික❤️

  • @Hikka_SL
    @Hikka_SL10 ай бұрын

    ගොඩාක් පිං මේ කරපු දේට. මමත් hobby එකට කරන්නේ traveling. ලංකාගම ගිහිල්ලා තියෙනවා. ඒත් ඔයා ගත්තු experience එක ගන්න ආපහු යනවා ❤

  • @shanthamallika9999
    @shanthamallika999910 ай бұрын

    video aka danakam balan hitiya oyala hamotama teruwan saranai saman devi pihitai 👍👍🇱🇰🇱🇰🇰🇼

  • @sahangunarathna4453
    @sahangunarathna445310 ай бұрын

    රසවත් රූප රචනාවක් 🍃🍃❤❤

  • @nimalperera6742
    @nimalperera674210 ай бұрын

    වටිනා වැඩසටහනක් දැන් ඉන්න අලුත් පරම්පරාවට,ඔබගේ වටිනා වැඩසටහන් නරඹන අයට හොද ආදර්ශමත්. නොදැකපු අයට දැක බලාගන්න අනගි අවස්ථාවක්. සුන්දර පාලත්,ඉදිරියට මෙවැනි වැඩසටහන් කරන්න දහිරිය ලැබේවා....ස්තුතියි..

  • @BeautifulSoul17
    @BeautifulSoul1710 ай бұрын

    කිතුල් රස පිරුණු රසම රස වීඩියෝව 🥰 ඒක තවත් රසවත්ව දැනෙන්නේ දිනේෂ් අයියගේ භාවනාවක් වගේ කට හඬ නිසා🥰❤🌿 මේ රසයත් හදවත් මිළියන පුරා රසවත්ම නොමැකෙන මතක සටහනක් වේවී. 😍❤🙏 තවත් සොඳුරු තැන්, රසවත් දෑ සොයා පරිස්සමින් යන්න දිනේෂ් අයියා❤ තෙරුවන් සරණයි🙏

  • @lenexsusan587
    @lenexsusan58710 ай бұрын

    Adareii dinesh sahodaraya... Jayawewa ❤

  • @deepawijeratne2861
    @deepawijeratne286110 ай бұрын

    අපූරු වැඩසටහනක් ස්තුති පුතා .

  • @indilesh4942
    @indilesh494210 ай бұрын

    ඒ මිනිසුන්ගේ මනුස්සකමයි,නිහතමානිකමයි මුවින් පිටවෙන වචනයක් පාසාම ගැබ් වෙලා තියෙනවා.බලන්න ඒ සිතුවිලි "කෑමට ගන්නදේ පිරිසිදුවට දෙන්න/හදන්න ඕන". අද අපි කන බොන තරමක් වහම තමයි.ඒ අතින් මේ මිනිස්සු තමන්ගෙ ව්‍යාපාරය අවන්ක හැගීමෙන් කරන් යනවා.ඇයි මේ අය ගැන මීට වඩා සොයා නොබලන්නේ.පහසුකම් සපයා නොදෙන්නේ..? දුක් විදල මහන්සියෙන් අවන්කවම නිෂ්පාදනය කරන කිසිම දෙයක් මිළදී ගැනීමේදී එහි මිල වැඩියි පැවසීමට හෝ මිළ අඩු කරගෙන ගැනීමෙන් වළකිමු නේද..?

  • @thilininsg3175
    @thilininsg317510 ай бұрын

    Aiyala wage sobadahamata adare karana minissunta hari yanna oni hemadema aiye . Budu saranai oyata aiye . Jaya wewa oyata ❤❤❤.

  • @inokajayathunga143
    @inokajayathunga14310 ай бұрын

    අපේ කටටත් කෙල උනනවෝ...බොහෝම ස්තුතිය අපිව දැනුවත් කලාට ...බුදු සරණයි දෙන්නටම ....

  • @sanuwaranimnath613
    @sanuwaranimnath61310 ай бұрын

    හදවතේ සනචාරකයා. ආදරෙයි දිනේෂ් අයියා.💚🌳🌍🍃❤😊

  • @kumariindrani7881
    @kumariindrani788110 ай бұрын

    එයාලගේ තියෙන සරලකම ගැමිකම ලංකාවේ වටිනා කියන මිනිස්සු හරිම වටිනා වැඩසටහ ආදරෙයි සියලුම දෙනාට මේ විඩියෝ දෙක පෙන්වන්න උදව් කරපු සියලුම දෙනාට හිස නමා අචාර කරනවා සියලුම දෙවියන්ගේ පිහිටයි ❤❤❤❤

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee210810 ай бұрын

    ආයුබෝවන් ! 💐❤️ දිනේෂ් අයියේ... 💐🙏 ලොකු පීරිස් අයියේ... 💐🙏 මේ රසවත් සුන්දරත්වය පුරුනු රූප රචනාව මන් බලලම ඉන්නම් 💐❤️ බොහෝ ස්තූතියි ඔයාලාට... මේ සොදුරු සංචාරය ❤️❤️❤️ ආදරෙයි හැමදාමත් අපේ හදවතේ සැමදා ඔබයි සංචාරය කරන්නේ... ස්භාවදහමේ මැවු සෑබැම ජීවිතයි..... ❤️

  • @travelwithnadun
    @travelwithnadun10 ай бұрын

    Lassana video ekak Aiye..❤️🥰💕

  • @anushatissera5233
    @anushatissera523310 ай бұрын

    අපිත් කිතුල් පැණි , හකුරු හැදුවා වාගේ දැනුනා. ඔබ හා ලොකු පීරිස් දෙදෙනා ලබා දුන් දැනුම වගේම ඒ මාමාලා වෙනුවෙන් ඔබලා කල සේවයට (මෙවැනි කර්මාන්ත ලොවට හෙලි කිරීම ) බෙහෙවින් ස්තුතියි , ඔබ දෙපලටම ජය!

  • @user-lf6xq9gx8e
    @user-lf6xq9gx8e10 ай бұрын

    අයියණ්ඩි ඔයාගෙ ඉදිරිපත් කිරීම වෙනමම රහක්.හදවතින්ම ❤❤❤ සුභ පතනවා.කරන කියන සියලුම දේ සාර්ථක වෙන්න.

  • @pabasaradil4295
    @pabasaradil429510 ай бұрын

    ඇත්තටම ඔයා ගැන තියෙන්නෙ මට නම් නිහතමානී ආඩම්බරයක් 💖

  • @ChathuwaVlogs
    @ChathuwaVlogs10 ай бұрын

    වීඩියෝ එක දානකම් බලන් හිටියේ අයියා සුපිරි හොදේ❤❤❤

  • @samarapalagamage3481
    @samarapalagamage348110 ай бұрын

    නිහතමානී තරුණ ළමයි දෙන්නෙක් ලස්සනයි වැඩේ නියමයි ආයෙත් මේ පැත්තෙ වැඩක් කරමු තේ වගාව ගැන වගේ අපි විස්තර දෙන්නම් .....

  • @maagerata
    @maagerata10 ай бұрын

    Great followup to the previous video! Wonderful job!!

  • @user-ik1vy8op3x
    @user-ik1vy8op3x10 ай бұрын

    හදවතේ සංචාරකයා....දිනේශ් අයියා....පරිස්සමෙන් බුදු සරනයි !!!!

  • @hashenchamindu7607
    @hashenchamindu760710 ай бұрын

    අනිත් වීඩියෝ වලට වඩා ආසාවෙන් බැලුව වීඩියෝ එකද කියලත් හිතුනා😍❤️

  • @mynameis...5307
    @mynameis...530710 ай бұрын

    ලොකු පීරිස් මාමා අදමද කොහෙද ඔච්චර කතා කරේ.🥺💗✨

  • @nishanimadurangani6971
    @nishanimadurangani697110 ай бұрын

    ඔයා හරිම නිහතමානි කෙනෙක්...😊😊😊😊😊😊😊

  • @prabath9951
    @prabath995110 ай бұрын

    මේවගේ ස්භාදහමට කිසිදු හානියක් නොකරන මේ වගේ මිනිසුන්ගේ අහිංසක ව්‍යාපාරය වලට හයියක් වෙන අයියට සහ අපට දැනුමක් ලබා දෙනවට බොහොමත්ම පිං...❤❤

  • @muditha195
    @muditha19510 ай бұрын

    නොදන්න දෙයක් දැන ගත්තා, දිනෙශ් අයියේ ඔයාට බෙහෙවින් ස්තුතිය. ඒ මිනිස්සුන් ගේ මහන්සිය , කැපවීම බලද්දී ........... 🫡 අපි මොනාද කරන්නේ කියලා හිතනවා .. ජය වේවා හැමොටම

  • @ireshashiromi9505
    @ireshashiromi950510 ай бұрын

    බලන්න ආසාවෙන් හිටපු video ekak . 👍👌💪💚🍀

  • @itsmeashey
    @itsmeashey10 ай бұрын

    alevel resault awane..mage ffs😖..kalinnam mehma vedio ekak dala thiyanawa dakkama hari asawen balanne.adath ehemayi...eth ada hithagatta meka ilaga para gemak gahala awithma balanawa kiyala masa thunakin aniwaren enawa methenta..dn inna mata wada wenas mama ekka..💚 ethakan sathutin saniipen parissamin inna dinesh ayyee💚💚✨

  • @asankajayasundara7943
    @asankajayasundara794310 ай бұрын

    ආසාවෙන් බලනවා මම...දිනේෂ් එල❤

  • @dush_95
    @dush_9510 ай бұрын

    සුපිරි ❤😋

  • @wasanthakumari4695
    @wasanthakumari469510 ай бұрын

    කියල වැඩක්නැ ලස්සන නවකතාවක් වගේ තෙරුවන්සරණයි ඔයාලට

  • @alokasewwandi4115
    @alokasewwandi411510 ай бұрын

    වටිනා කියන රූපරචනාවන් අපට ලබාදෙනවාට ගොඩක් ස්තූතියි..🍃

  • @dilminirasha4988
    @dilminirasha498810 ай бұрын

    නොදන්න ගොඩාක් දේවල් දැනගත්තා. ඒ මිනිස්සු හරි ම සුහදශීලීයි ❤️ ඒ වගේම දිනේශ් අයියේ ඔයත්..නිහතමානී සොදුරු සංචාරකයා❤️

  • @SoundOfmyworld
    @SoundOfmyworld10 ай бұрын

    අම්මේ මගේ රටේ ලස්සන ❤❤❤❤❤❤ ආදරෙයි 🙏🙏🙏🙏🙏 මගේ මවුබිමට

  • @ashajayawickrama2506
    @ashajayawickrama250610 ай бұрын

    කිසිදා නොදුටු දෙයක්. බොහොම ස්තුතියි ඔබගේ රස ගුලාවක් වූ රූප රචනාව අදත් අපට ගෙනාවට.

  • @user-gk7rp5nu7l
    @user-gk7rp5nu7l10 ай бұрын

    ජිවිතේ විදින මිනිස්සු ❤️ අපි පිට රටවල් වල ලක්ෂ ගනම් හෙව්වට මේ මිනිස්සු විදින සතුට නිදහස අපිට ගන්න බෑ. යන්ත්‍රනු ලෝකෙ අපි හිර වේලා Italy ඉදන් ඔයාගේ වීඩියෝ බලල පුදුම සතුටක් විදින්නේ

  • @nadeekatharangani6069
    @nadeekatharangani606910 ай бұрын

    ලස්සන රූප රචනයක් .💚 ස්තූතියි ගැමි ජීවන රටාවෙන් බිදක් අප වෙත ගෙන ආවට.🌷

  • @dilkisewwandi4720
    @dilkisewwandi472010 ай бұрын

    වීඩියෝ එක දානකම් බලන් හිටියෙ.අදත් ලස්සන ගොඩක් වටින රෑප රචනාවක්.😊❤

  • @jayanthahewavitharana624
    @jayanthahewavitharana62410 ай бұрын

    Best of luck Dear brother ❤

Келесі