Lyrics - A D S Indrani Melody & Music - Dr. Victor Ratnayake All tracks Mixed & Mastered - Janaka Chamara @janakacd Video - Lashan Sanjeewa (Art Part Factory )
අපි සඳගිරි පව්වට යමු සඳ කිඳුරියේ හිත වල්මත් වෙයි මේ බරණැස් පුරවරේ නෙක රූ විසිතුරු දෑසම මන්මත් කෙරේ තව දවසක් අපි නතර වෙමුද හිමියනේ සීමැදුරු කවුළු වලින් එබෙන කුමර කුමරියන් අර බලන්න හිමියනි අප දෙස බලයි නෙත් අගින් ළය දැදුරු වේවි බඹදත්ලා එවන හී සරින් නාටකේ මිසක් මෙහි නැත දිවි රකින සක් රජුන් ඔබ නොමැති ලොවක ඵල නැත මේ බහුරූ කෝලම් තව පමා නොවී හිමියනි අපි සඳගිරටම යං ලිය ගී ගයන්න සොඳුරිය ඔබ රෑ එළිවෙනකල් අපි එන තුරු මඟ බලා හිඳී සඳත් තරුත්
භාවනාවක් වගේ ගීතයක් .අහන් ඉන්න ආසයි .
හරීම ලස්සනයි දුවේ.... කියන්න වචන නෑ. හිත නිවෙනවා....තෙරුවන් සරණයි ...
හරිම ලස්සන සින්දුවක්.ලස්සන පද මාලාවක් හා තනූවක්.අප වෙනූවෙන් තව තවත් ලස්සන ගීත ගයන්න,ගීත නිර්මාණය කරන්න මට තුමාට හැකි වෙවා.
මම ඇසු ලස්සනම ගිතයකි ඔබ දෙපලට සුභ පැතුමි ඉදිරියටත් මෙවන් ගිත ගයන්න
ඇයි මේ සන්දු සමාජ ගත්වෙන්නෙ නැත්තෙ, හරිම ලස්සනයිනෙ.
Very beautiful song. Lyrics, music as well as singing.
හරිම ලස්සනයි
හරිම ලස්සනයි ❤❤
ලස්සනයි
❤️
මේ දුවගෙ වෙන සිංදු නැද්ද. එයා හරීම ලස්සනට සිංදුව ගායනය කරනවා.
අපි බොහෝ දෙනෙකු සඳ කිඳුරු කතාව ගැන අසා ඇත්තෙමු. සඳකිඳුරු ජාතකය පන්සිය පනස් ජාතකවලින් එකකි. චන්න කින්නර ජාතකය යනුවෙන් එහි සඳහන් වන්නේ සඳ කිඳුරු කතාවයි. සඳ කිඳුරු ජාතකය පළමු වතාවට සිංහල සාහිත්‍යයට මුසුවන්නේ සඳ කිඳුරු දා කව තුළිනි. විල්ගම්මුල සංඝරාජ හිමි විසින් විරචිත සඳ කිඳුරු දා කව කුරුණෑගල යුගයට අයත්වන ඉතා අගනා කාව්‍යමය සාහිත්‍ය නිර්මාණයකි. ඉතා සරල බස් වහරක් යොදා ගනිමින් රචිත මෙය පද්‍ය 433 කින් සමන්විතවේ. ස්වාමි භක්තිය හා එහි වටිනාකම පිළිබඳ කියවෙන සඳ කිඳුරු දා කව බෝසත් චරිතයේ සඳ කිඳුරු ජාතක කතාව සරළ බසින් උපමා උපමේය සහිතව නිමවා ඇත. “සඳ කිඳුරු කතාව ඇරඹෙන්නේ බරණැස් නුවර බ්‍රහ්ම දත්ත රජු රජකම් කළ යුගයේදීය. මේ කාලයේම හිමාල වනයේ ප්‍රදේශයක සඳකිඳුරු යුවලක්ද වාසය කළහ. දිනක් රජතුමා දුනු හී ඇතිව වනාන්තරයට වැද දඩ කෙළියේ යෙදෙද්දී මෙම කිඳුරු යුවල දුටුවේය. සඳකිදුරියගේ රූපශ්‍රීයට වසඟ වූ රජතුමා ඇයව හිමි කරගන්නා අදිටනින් සඳකිඳුරාට විෂ ලූ හී සැරයක් විදීය. විෂ හීය වැදුනු කිඳුරා සිහිසුන්ව වැටුනේය. සිහිසුන්ව වැටුණු කිඳුරා දැක මිය ගියා යැයි සිතූ රජතුමා සඳකිදුරියව අග මෙහෙසිය කරගැනීමට ඇති සිය කැමැත්ත ඇයට කී කල තම ස්වාමියා මරා දමා තමා හිමි කර ගැනීමට තරම් කුරිරු වී නම් කිසිදා තමා ද මරා මිස අයිතිකරගත නොහැකි බව දැඩිව ප්‍රකාශ කළාය. රජතුමා බිඳුණු සිතින් පිටවී ගිය පසු එතැනට නැවත පැමිණි කිඳුරිය, කිඳුරා කෙරේ රැකි පතිවත සත්‍යයක් නම් ඔහු සුවපත් වියයුතු යැයි ප්‍රාර්ථනාවක් කළාය. මේ දුටු ශක්‍ර දේවයාණෝ, බමුණු වෙසක් ගෙන පැමිණ සඳකිඳුරා සුවපත් කර දුන්හ. සඳකිඳුරු යුවලද චන්දගිරි පර්වතයට ආපසු ගොස් පෙර ලෙසම ප්‍රේමයෙන් සහ සතුටින් වාසය කළෝය“ (© යසනාත් ධම්මික බණ්ඩාරයන්ගේ යසනාත් සිතුවිලි බ්ලොග් අඩවියෙන් උපුටා ගත් කොටසක්ද මෙහි ඇතුලත්ය.) yasanathsithuwili.blogspot.com/2013/05/blog-post.html ප්‍රවීණ ගීත රචිකා ඉන්ද්‍රාණි අලුත්දුරගේ සඳ කිඳුරු කතාව කියවෙන්නේ පැරණි කතාවට නව මුහුනුවරක් දෙමිනි. මේ කතාවේ කිඳුරු යුවල බරණැස් නුවරට පැමිණෙති. එහිදී සිත වල්මත්වෙන බැවින් ආපසු යමු යැයි කිඳුරා කියද්දී කිඳුරිය් “නෙක රූ විසිතුරු දෑසම මන්මත් කෙරේ - තව දවසක් අපි නතර වෙමුද හිමියනේ” කියා අසයි. ඉන්පසු ඉන්ද්‍රාණි ගොතන කිඳුරු යුවල අතර ඇතිවන අපුරු සංවාදය ඔවුන්ගේ සිතෙහි ඇතිවන නොසන්සුන් බව ඉස්මතු කර දෙමින් දෙදෙනාම ආපසු සඳගිරි පව්වට යාමට තීරණය කරන ආකාරය කදිමට පැහැදිලි කරයි. කලබලකාරී නාගරික පරිසරයෙන් මිදී තමන්ට හුරු පුරුදු ශාන්ත පරිසරයට ගොස් සතුටින් ජීවත් වන්නට දෙදෙනාම එකඟ වන අයුරු ඉන්ද්‍රාණි ලියන්නේ කදිම ගීතවත් බසකිනි. ඔබ නොමැති ලොවක පල නැත මේ බහුරූ කෝලම් තව පමා නොවී හිමියනි අපි සඳගිරටම යන් ලියගී ගයන්න සොඳුරිය ඔබ රෑ එළිවෙන කල් අපි එනතුරු මග බලා හිඳී සඳත් අවදියෙන් ගීතයකට ගීතවත් පදමාලාවක් ගොතන්නේ කෙසේද කියා සොයන්නන්ට ඉන්ද්‍රානි අලුත්දුරගේ මැතිනියගේ නිර්මාණය අපුරු දැක්මක් ලබා දෙයි. ඇයගේ සරල එහෙත් රසවත් යා අර්ථ පුර්ණ ගීතවත් පද යෙදුම ආයාසයකින් තොරව ගයන්නට හැකියාව ඇති සාර්ථක ගේය පද නිර්මාණයක් ලෙස අප වෙත එයි. මා දන්නා තරමින් “බහුරූ කෝලම්” යන්න සිංහල ගීතයක යොදා තිබෙන්නේ පළමු වරට විය හැකිය. සිංහල ජන සාහිත්‍යය සහ සිංහල භාෂාව පිළිබඳව ඇය තුල ඇති විසල් දැනුමෙන් ලියැවුණු මේ ගීත කතාව ඉතිහාස සහ සාහිත්‍ය පාඩමක් තරමටම වැදගත්ය. ගීතයක් ලියන්නට නම් වචනවලින් රස කතාවක් වියන්නට හැකියාව තිබිය යුතුය. ඉන්ද්රානිගේ අරුත්බර පදමාලාව ලැබෙන්නේ අපේ ගීත ලෝකයට නැවුම් බවක් ගෙන ආ ප්‍රමුඛයන්ගෙන් දැනට ජීවත්ව සිටින මහා ගාන්ධර්වයාණන් වූ වික්ටර් රත්නායකයන්ටය. ගමේ හැදී ගමේ පන්සලත් සමග කිට්ටුවෙන් සිට කොළඹට ආ වික්ටර් රත්නායකයන් ඔහුගේ අත්දැකීම් සියල්ල ගොනු කොට සිය අපුර්ව කුශලතාවන්වල රසබර නාද රටා තුලින් සඳ කිඳුරු කතාවට ජීවය ලබා දෙයි. මේ ගීතයේ වඩාත් සිත් ඇදගන්නා තවත් ලක්ෂණයක් වන්නේ ගායක ගායිකා යුවලගේ මිහිරි හඬත් ඔවුන් ගීතයේ චරිත දෙක තුල ජීවත්වෙමින් හඬින් සහ මුහුණින් හැඟීම් තීව්ර කරමින් ගයන්නට සමත් වීමය. ඇතැම්විට වීඩියෝවේ මුල් දර්ශනය දෙස බලා ගීතය නොඅසා ඔබ වෙනතක හැරුණා නම් අතිශයින්ම මිහිරි ගීතයක් ඔබෙන් මගහැරුනා වන්නේය.
Пікірлер: 13