සොඳුර කඳුළැලි - (Sodura Kadulalei) - DR VICTOR RATNAYAKE

Ойын-сауық

සොදුර කදුළැලි
කිමද බර මෙතරම්
කොයිද හසරැලි
පෑ එදා මනරම්
මේ තරම් ආදරය
දැනුනා නම්
නුඹ ත් එනතුරු
ඉන්නවා නොවැ මං
වැසී ගිය නෙතු
පියන් අතරින්
දුටුව නුඹෙ කදුළු
සිතා ගන්නට බැරි ය නුඹමද
මහමෙරක් ඉහිළු
දිරිය ගනු මැන
සොදුර යළි හෙට
පිපේ මල් කැකුළු
මරණයේ කඩතුරාවේ නැත
හැරි එන කවුළු
දෙපා මුල පිදු සුදෝ සුදු මල්
සුවද අමතක නෑ
බදා නළලත හෙලූ සුසුමේ
මිහිර මියැදී නෑ
විදා දෝතම කොපුල් සිප
සමුගන්න නම් අද බෑ
සමා වුව මැන නික්ම යන සද
කැටුව යන්නට බෑ
Artist - DR ‪@VictorRathnayakeOfficial‬
Lyrics - DR Deepani Senarathna
Melody and Music - DR ‪@VictorRathnayakeOfficial‬
Music Arrangements - Rochana Ramanayaka
Tracks recorded ‪@sagestudios6677‬
Mixed and Mastered ‪@janakacd‬
Video Production - Lashan Sanjeewa ( Art Part Factory )
#victorrathnayake
‪@VictorRathnayakeOfficial‬

Пікірлер: 178

  • @piyashanj1122
    @piyashanj11224 ай бұрын

    මෙතරම් භාවාත්මක ගායනාවක්, මෙතරම් සංවේගී පද රචනාවක්, මෙතරම් අනුවේදනීය නාදරටාවක් අපගේ ගීත සාහිත්‍යයේ බිහිවී නැතිතරම්. වික්ටර් රත්නායකයන් යනු මේ රටේ පහලවූ අසිරිමත් ම සංගීත වේදියානෝයැ. ඔබතුමාට දීර්ඝායු සම්පත්තිය ලැබේවා 🙏

  • @ajantharodrigo710
    @ajantharodrigo7102 жыл бұрын

    මට හිතුනේ මගේ මියගිය සැමියා මා අමතනවා කියලා අපි දෙන්නා ගොඩක් ආදරෙන් උන්න දෙන්නෙක් දරුවො දෙන්නයි මායි තනිකරලා ගිහින් දැන් අවුරුදු 12 ක් උනා ඔහු මිය යනවිට ඔහුට අවුරුදු 46 යි මගේ විවාහ ජීවිතය පැවතුනේ අවුරුදු 24 යි තාමත් ඔහු නැති පාළුව දුක මගේ හදවතට දැනෙනවා විටෙක කාටත් හොරෙන් අඩනවා එහෙම හඩන මොහොතේ ඔහු ඇවිත් මේ ගීතය මුමුණනා වගේ මට දැනෙන්නේ හරිම සංවේදී ගැයුමක් ඔබ තුමා හදවතට දැනෙන හඩන්නම මේ ගීතය ගයි තිබෙනවා පියවර චිරාත් කාලයක් ඔබ ජීවත් වේවා බුදු සරණයි

  • @user-yi7bl1dk6q

    @user-yi7bl1dk6q

    4 ай бұрын

    😮😮😮😮😮😮😮

  • @viduralakshan7072
    @viduralakshan70722 жыл бұрын

    වික්ටර් රත්නායකයන්ගේ මිනිස්සුන්ව මේ තරම් අඬවන්න සමත් වෙච්ච ගීතයක් තවත් නෑ කියල හිතෙනව 🥺❤️❤️ මේ ගීතය ඉක්මනින්ම ජනගත වියයුතුයි !

  • @asankawickramasinghe443
    @asankawickramasinghe4432 жыл бұрын

    ඔබ තුමා මොන ගීතය ගැයුවත් හරිම ලස්සනයි . තෙරුවන් සරණින් ඔබට නීරෝගී සුව !!!

  • @piyaseelirajapaksha7661
    @piyaseelirajapaksha76612 жыл бұрын

    නිදුක් වේවා ...නීරෝගී වේවා ...දීර්ගායුශ ලැබේවා ...උතුම් තුනුරුවනේ ආශීර්වාදය ලැබේවා !!!ඔබතුමා ගේ නව ගීතයක් ඇසීමට ලැබීම භාග්‍යයක් ...චිරන් ජයතු 🙏🙏🙏

  • @Amaranayake
    @Amaranayake2 жыл бұрын

    "මරණයේ කඩතුරාවේ නැත හැරී එන කවුළු " තාවකාලික ජීවිතයේ හමුවීමේ ආනන්දනීය සතුට , වෙන්වීමේ සදාකාලික වේදනාවේ ඇරඹුම යි...

  • @singha6372

    @singha6372

    2 жыл бұрын

    යථාර්ථය

  • @ravindrajayasena6732
    @ravindrajayasena67322 жыл бұрын

    ජීවිතය ගැන නැවත නැවතත් හිතන්නට ඉඩ හසර ලබාදෙන නිර්මාණයක්. හිතන්නටවත් ඉඩ ලබා නොදෙන, රැල්ලට යන නිර්මාණ බහුල සමයක බිහිවුණු අති විශිෂ්ට නිරමාණයක්. පද රචනය, තනුව, ගායනය හැමදේම ඉහලයි..... මේ නිර්මාණ රස විදින වාරයක් වාරයක් පාසා ඔබ තුමන්ට පිං අත් වෙනවා. ඒ පිනෙන් ඔබ තුමාට නිදුක් නීරෝගී චිර ජීවනය අත් වේවා...

  • @nisalgunathilaka7753
    @nisalgunathilaka77532 жыл бұрын

    ඔබේ නොසිඳුණු ගී ගඟුල අපි තවමත් රස විඳිමු ගාන්ධර්වයාණෙනි...❤️🥺🙏

  • @ranjaniekotigala3162
    @ranjaniekotigala31622 жыл бұрын

    හරිම ලස්සන හැඟුම්බර ගීතයක් .. හෙළ යේ මහා gaandharwaya නෙ නි ඔබ තුමා ගෙ මියුරු හඬ අසන්නට ලැබීම සතුටක් ..ඔබට දීර්ඝ ආයුෂ ලැබේවා ..බුදු සරනයි ...!

  • @sujathagunawardhana4494
    @sujathagunawardhana4494 Жыл бұрын

    මට නම් සිතෙන්නෙ මෙය මා ඇසූ සංවේදීම ගායනයයි. මේ ගායනය මේතරම් දැනෙන අයුරින් ගායනය කිරීමට ඔහු හැර අන් අයෙක් නැතැයි මට සිතේ. ගාන්දර්වයානෙනි ඔබට දීර්ඝායුවේවා . එමෙන්ම මෙම අපූරු පදවැල අප වෙත ගෙන ආ ඔබතුමියටත් බෙහෙවින් ස්තුතියි

  • @indrakumari7924
    @indrakumari79242 жыл бұрын

    ගී අරුතට පන දුන් වික්ට රත්නායකයන් ගේ සංවේදී ගායනයක්. අතිවිෂිශ්ටයි. "මරනයේ කඩතුරාවේ නැත හැරී එන කව්ලු" ජීවිතයේ පොදු ධර්මතවය මනාව පසක් කල ගීතයක්. 🥀🥀🥀

  • @susilgomis1
    @susilgomis12 жыл бұрын

    හරිම ලස්සනයි. පද රචනයත් අපූරුයි. මිය ගිය සැමියෙකු දෙන මත හිඳිමින් අවසන් සමු ගැනීමට පෙර බිරිඳ අමතන අයුරින් මින් පෙර නොලියවුණු අමුතුම තේමාවකින් ලියැවී ඇත. වික්ටර් රත්නායකයන්ගේ මියුරු හඬ නැවත අසන්නට ලැබීමත් සතුටක්.

  • @priyankadewasiri6593
    @priyankadewasiri65932 жыл бұрын

    කදුලු නවත්ත ගන්න මට නම් බෑ අනේ ඇත්තමයි

  • @maliniserasinghe5351
    @maliniserasinghe53512 жыл бұрын

    නව ආරක තේමාවක්. පද රචනයට නොවක් තුති! ඔබතුමාගේ හැඟීම්බර හඬින් හද පත්ල ස්පර්ශ කළ මොහොතක්. අප මුහුණ දිය යුතු යථාර්ථය යි වියොව .අවමඟුල් බෙර හඬේ දෝංකාරය, ගීතය පුරාවට ම සංගීතවත් කළා මියුරු කටහඬට සමබර ව. අපූර්ව සුසංයෝගයක්. "සිහිල් සුළං රැල්ලේ...." ඒ දිව්‍යමය හඬ! අදටත් එසේ ම යි. ඒක පුද්ගල ගී ප්‍රසංගයේ ආරම්භය 'ස' , මුළු රට ම උමතු කළා. ඒක ගී දැහැනක්. ඒ ආදරණීය හඬ! තවමත් එහෙම ම යි. දිගාසිරි වේවා ! පන්සිළු ගාන්ධර්වයාණනි .තෙරුවන් සරණයි!!! දෙවි පිහිටයි!!!

  • @thanujasudath6838
    @thanujasudath68382 жыл бұрын

    හරිම් සුන්දරයි සර් ඔබ නැවත උදාවීම ව්ශ්ම්තයි. ඔබ ගැයූ ගී ලස්සනයි. මේ ගීය මා සිතේ අනන්තයි

  • @nadzperise4315
    @nadzperise43152 жыл бұрын

    හරිම ලස්සන සංවේදී ගීතයක්. අනන්ත වාරයක් ඇහුවා. භවනාවක් වැනි ඒ හැගුම්බර හඩ. 🙏

  • @sachithraweerasinghe9201
    @sachithraweerasinghe92012 жыл бұрын

    මේකෙ මෙලඩි එක වෙන artist කෙනෙක්ට නොදී, ඔබතුමාම කරපු එක ලොකු දෙයක් ❤️🙏

  • @viduralakshan7072

    @viduralakshan7072

    2 жыл бұрын

    අනේ ඔව්... අර දර්ශන වික්‍රමතුංග ශෛලිය නම් ඔබතුමාට ගැලපෙන්නෙ නෑ...🙄

  • @neththikumaragechandralath3052
    @neththikumaragechandralath30522 жыл бұрын

    මේ ලංකා තලයේ අභිමානය ඔබතුමන් ..නිරෝගී සුව සැපත ආදරය සමග ..

  • @dushanfonseka9444
    @dushanfonseka94442 жыл бұрын

    ආයුෂ බොහෝ වේවා 🙏

  • @sajeewanilakmali6068
    @sajeewanilakmali60682 жыл бұрын

    අරුත්බර හරිම සංවේදී ගීතයක්.ගාන්ධර්වයානණි ඔබට දීර්ඝායුෂ...❤️

  • @sunilchandrapala6491
    @sunilchandrapala64912 жыл бұрын

    උදෙන්ම මගේ මනස සුවපත් කළ ඔබ තවමත් තරුණයි ඔබට බුදු සරණයි

  • @kelumdhananjaya9238
    @kelumdhananjaya92382 жыл бұрын

    විශිෂ්ට ගාන්ධර්වයාණෙනි ඔබට දීර්ඝායු වේවා 🙏🙏🙏🙏

  • @sitharamaduwanthi997
    @sitharamaduwanthi9972 жыл бұрын

    ෴මරණයේ කඩතුරාවේ නැත හැරී එන කවුළු ෴ පෑරුණු හිත්වල ගැබුරට අධිමාත්‍රික වචන නොවෙන දුකක් එක්ක මහා තනිකමක් සන්තර්පනය කරන්නට ඇයට හැකිවීම ආශ්චර්යක්මයි. 🧡🔥🌸

  • @pavithrapathirana5621
    @pavithrapathirana56212 жыл бұрын

    නැවත ගී ගයන ඔබව දක්නට ලැබීම ඇත්තෙන්ම භාග්‍යයකි...❤️❤️

  • @shalani.....
    @shalani.....2 жыл бұрын

    දීර්ගායු වේවා ඔබට......නුබෙ හඩ භාවනාවක් මටන්ම් හිත සුවපත් කරන......

  • @pandukabalasooriya2902
    @pandukabalasooriya29022 жыл бұрын

    වික්ටර් රත්නායක මහතානෙනි..ඔබ අතීතයේත් , වර්තමානයේත්, අනාහතයේත් ශ්‍රීලංකාවේ බිහිවූ විශිෂ්ටතම ගායකයා බව මගේ අදහසයි.සිංහල ගීතය අනුකරණයෙන් මුදාගෙන එයට ශ්‍රී ලාංකික ලකුන තැබීමේ පුරෝගාමියා ඔබයි. සරල ගීතයට බටහිර සංගීතයේ ශිල්පීය උපක්‍රම හදුන්වා දී එයට නව රසයක් ලබා දුන් මුල්ම තනු රචකයාත් ඔබයි. බටහිර සංගීතය පමනක් නොව වෙනත් සංගීත ශෛලීන් අවස්ථානුකූලව සරල ගීතයට හා සිනමා සංගීතයට නොබියව මුසු කලෙත් ඔබයි. ඔබ නිර්මාණය කල තනු වලින් ඔබට වඩා අනෙකුත් ගායකයන් බැබලුන බව මගේ අදභසයි. ශ්‍රීලංකාවේ මෙතෙක් බිහිවූ සජීවීව ගායනා කල හැකි විශිෂ්ටතම ගායනා ශිල්පියා ඔබයි.මෙය මගේ පියාගේ මිතුරෙකු වූ සහ ඔබගේද මිතුරෙකු වූ සේන වීරසේකර මහතා 1988 වැනි කාල වකවානුවක මට පැවසූ දෙයකි. මුහුකුරා ගිය මිනිසෙකු ලෙස එය පරම සත්‍යයක් බව මම අද පසක් කොටගෙන සිට්මි. ඔබට පෞද්ගලිකව කතා කිරීමට මට අවස්ථා දෙකක් ලැබී ඇත. එකක් පාසැල් සිසුවෙක් ලෙස 1990 "ස"ප්‍රසංග වාරයකින් අනතුරුවය. මගේ පියා ඔබගේද මිතුරෙකි. මම මගේ පියාගේ නම සදහන් කල පසු ඔබ මාව ඔබගේ උකුලේ හිදුවාගෙන මගේ පියාගේ වග තුග ඇසූ හැටි තවමත් මතකය. ඔබ එදා මගේ ගුරු දෙගුරු පොතේ ලියා දුන් සමරු සටහන මා ලග තවමත් සුරැකිව ඇත.දෙවන වර මට ඔබ හමු වූයේ බොරැල්ල කනත්තේ සේන වීරසේකර මහතාගේ අවමඟුල් දවසේදීය. ඔබගේ නව නිර්මාණය මම ඉතා සතුටින් රස වින්දෙමි . එහි තනු නිර්මාණය සහ සංගීතය ඔබගේ බව දැක ඉතා සතුටු උනෙමි. ඔබගේ නිර්මාන රස විදීමට මේ කාලයේ මේ රටේ ජීවත් වීමට ලැබීම ගැන මම ඉතා සතුටු වෙමි. අවසාන වශයෙන් අපේ ආයුශත් ගෙන ඔබට දීර්ඝ කාලයක් සංගීත දිවියේ සැරි සැරීමට දීර්ඝායුෂ පතමි.

  • @hiranyamalwatta

    @hiranyamalwatta

    2 жыл бұрын

    ඉතා වටිනා සටහනක්. එතුමා ලාංකීය ගීත කලාව ඉහලට එසවූ විශිෂ්ටතම ගාන්ධර්වයා බව අවිවාදිතයි.

  • @pandukabalasooriya2902

    @pandukabalasooriya2902

    2 жыл бұрын

    එතුමාට සම කල හැකි සංගීතවේදියෙක් අප රටේ නැත.

  • @jayampathiliyanagama5526

    @jayampathiliyanagama5526

    2 жыл бұрын

    100% agreed. He's the best singer and musician in Sri Lanka all times.

  • @chandimarathnayake1874

    @chandimarathnayake1874

    Жыл бұрын

    ඔබතුමාගේ කතාව (A Best Comment) අවවාදයෙන් ම මමත් පිලිගන්නෙමි... වික්ටර් අංකල්ගෙ සංගීතය සහ තනුව අඩුත් නැති වැඩිත් නැති එක මට්ටමකින්ම පිරිණු සංගීතයක්... එවැනි හැකියාවන් පූර්ව ජන්මයන්වල සිටම පැවති ප්‍රතිභාවක්...එතුමාට නිදුක් නිරෝගීව දීර්ඝායුෂ ලබන්න වාසනාව උදාවේවා.... සුභාසිරි පතන්නෙමි!!! ජය වේවා🙏

  • @thiliniprasanthikagvc3913
    @thiliniprasanthikagvc39132 жыл бұрын

    අනේ මට නම් ඇඩුනා 😥😥😥

  • @asokal
    @asokal Жыл бұрын

    ඊයේ මියඩිය මා මිතූර අරුණ මෙන්ඩිස් සහ ඔහුගේ දයාබර බිරිඳ ශිරානි වෙනුවෙන් උපහාරයක් ලෙස මේ මහගු නිර්මාණය දකිමි. මෙම දැවැන්ත නිර්මාණය ට සම්මාදම වූ සියළුම දෙනාට බොහෝ පින්. මිසිසාගා . කැනඩාව

  • @hiranyamalwatta
    @hiranyamalwatta2 жыл бұрын

    කියන්න වචන නෑ. ඒ තරම් ලස්සනයි ❤️ පද මාලාව, සංගීතය, කටහඬ ඉතාමත් හැඟුම්බරයි ලස්සනයි ❤️

  • @tharuindiketiya1409
    @tharuindiketiya14092 жыл бұрын

    වික්ටර් රත්නායක මහතානෙනි, කාලයත් සමඟ ඔබගේ හඬ මඳක් වියපත් වුවත්, ඒ මිහිර එලෙසමයි. මමත් කවදා හරි පතන්නෙ ඒ වගේ නින්දේදිම සමුගන්න මරණයක් තමයි.

  • @sachithraweerasinghe9201
    @sachithraweerasinghe92012 жыл бұрын

    ඔබතුමාගෙ මෑතකදී අහන්න ලැබුණු ලස්සනම, හැඟීම්බරම ගීතයක්...😍❤️🙂🙏

  • @supunwijekoon3780
    @supunwijekoon37802 жыл бұрын

    Victor sir. Long life.

  • @tharushiamaya9947
    @tharushiamaya99472 жыл бұрын

    දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා

  • @ramyamaligunawardena7188
    @ramyamaligunawardena71884 ай бұрын

    අනේ වාසනාවන්, හරිම සතුටු හිතුනා. ඔබතුමාගේ ගායනයක් අසන්න ලැබුණු එක ,එය තමා යතාර්ථය.

  • @sampathgamage861
    @sampathgamage8612 жыл бұрын

    අඩසියවසක් මිහිරි ස්වරයෙන්.. අප හදවත් සැනසු..හැඩවූ.. ආදරනීය සොදුරු කලාකරුවා...

  • @nimalkumarnimal3902
    @nimalkumarnimal39022 жыл бұрын

    ඇග හිරි වැටිලා යන වොයිස් එකක් 👍

  • @mojonewslk
    @mojonewslk2 жыл бұрын

    ඔබතුමාගේ නව ගීතයක් ඇසීමට ලැබීම භාග්‍යයක්

  • @rawanajeewandara421
    @rawanajeewandara4212 жыл бұрын

    මගේ ප්‍රියතම ගායකයාණෝ,,,චිරං ජයතු මැතිසඳ,,!!!

  • @kavindyarahal
    @kavindyarahal2 жыл бұрын

    හරිම සුන්දර ගීතයක් මෙච්චර කල් අපි අහලා තිබුනෙ කෙනෙක් මැරුනාම ඉන්න කෙනාගේ දුක ගැන කියපු සින්දු.. ඒත් මේ සින්දුව කියන්නෙ මැරුන කෙනා ජීවතුන් අතර ඉන්න කෙනාට .....

  • @wasanthajayalathge6611
    @wasanthajayalathge66112 жыл бұрын

    ගොඩක් ලස්සනයි ...ඔබතුමාට තෙරුවන් සරණයි ...

  • @ursulakahandawala2920
    @ursulakahandawala29202 жыл бұрын

    මහා ගාන්ධර්වයාණනි...!!! නිදුක් නිරෝගී දීර්ඝායු ප්‍රාර්ථනා කරමි.....💐🙏

  • @hemabasnayake2122
    @hemabasnayake21222 жыл бұрын

    ලස්සනම ලස්සනයි.sir ට තියෙන්නෙ මගෙ නැතිවුන එකම අයියගෙ ගායනා හඩමයි.මම ඔබතුමාගෙ මිනිබිරියගෙ scienc teacher.මම පාසැල් සමයෙ සිට ප්‍රියකළ ගායකයා නෙනි.ඔබතුමා ගෙ ඉමිහිරි නව ගීත ඇසීමට දැඩි බලාපොරොත්තුවක් අප සැවොම

  • @hemabasnayake2122

    @hemabasnayake2122

    2 жыл бұрын

    තුලඇත.ඔබතුමාට සැප සතුට පතමි.

  • @pandulawickramarachchi1256
    @pandulawickramarachchi1256 Жыл бұрын

    Very beautiful song Big thank for all,cobtributors

  • @anandasarathw.p.arachchige4053
    @anandasarathw.p.arachchige40532 жыл бұрын

    ❤ ට දැනෙන මනරම් ගායනයක්. ස්තුතියි .

  • @kavindasenaniwidyasekera9406
    @kavindasenaniwidyasekera940610 ай бұрын

    සංවේදී හැගුම්බර ගීතයක් ! අපූරු පදවැලක්

  • @athulabamunuarachchi28
    @athulabamunuarachchi2822 күн бұрын

    මගේ සිත් ගත්ත පද තමයි මරනයේ කඩතුරවේ නෙත හෙරී එන කවුලු සහ නික්ම යන සද කෙටුව යන්නට බේ කියන ටිකට ,ඒක හරිම අපූරු දෙයක්

  • @sandunisachinthana2098
    @sandunisachinthana20982 жыл бұрын

    'පද,හඬ,නද ' දවාලන හැඟුම් නිවාලන ආස්සරයක් ❤️

  • @nisalgunathilake1338
    @nisalgunathilake13382 жыл бұрын

    "මරණයේ කඩතුරාවේ නැත හැරී එන කවුළු" ❤️❤️👌👌

  • @virajjayamanna491
    @virajjayamanna4912 жыл бұрын

    කතරට පොද වැස්සක් .🙏

  • @prabhaweerasingha4932
    @prabhaweerasingha49322 жыл бұрын

    හරිම වේදනාකාරී බවක් දැනුනා හදවතට තදින් වැදුනු ගීතයක්,,,,😭

  • @praneethmalshan4696
    @praneethmalshan46962 жыл бұрын

    ස්තූතියි ඔබට මෙවැනි අර්ථවත් ගීයක් සමාජයට දායාද කිරීම වෙනුවෙන් ❤️

  • @ruu-og6jd
    @ruu-og6jd2 жыл бұрын

    ගොඩක් ලස්සනයී..අතීතයේ රසවත් බව එහෙමමයි.😊❤

  • @nihalmaharahetti877
    @nihalmaharahetti877 Жыл бұрын

    කියන්න වචන නෑ. බාවනාවක් වගේ.. හරිම ලස්සනයි

  • @jayamalw
    @jayamalw2 жыл бұрын

    මගෙත් ආයු ගෙන මටත් වඩා කල් ඔබ ජීවත් වේවා ගාන්ධර්වයානෙනි.... ඔබ ජාතික වස්තුවකි..!!!

  • @ajithhenpita1924
    @ajithhenpita19242 жыл бұрын

    වාසනාවන්තයි අපි.දීර්ඝායුවේවා ඔබට !

  • @viduralakshan7072
    @viduralakshan70722 жыл бұрын

    පද රචිකාවගේ මූණ දිහා බැලුවම මෙය ඇයගේ අත්දැකීමක් වෙන්නට ඇති බව පේනවා.😔 අනේ ඇයට සැනසීමම වේවා! ❤️🙏

  • @nisithadesilva4137

    @nisithadesilva4137

    2 жыл бұрын

    ඔව් මේක සැබෑ අත්දැකීමක්. පද රචිකාවියගේ සැමියා දක්ෂ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයෙක්. අකාලයේ අප අතරින් සමුගත්තා මෑතකදී.

  • @soni581

    @soni581

    2 жыл бұрын

    @@nisithadesilva4137 kawda e dr

  • @udenimliyanaarachchi478
    @udenimliyanaarachchi4782 жыл бұрын

    Dr දීපනි ලස්සනයි සින්දුව

  • @sisilperera9261
    @sisilperera92612 жыл бұрын

    හදවතටම දැනුනු ලස්සන නිර්මාණයක් දායක වූ සියලුදෙනාටම මාගේ ප්‍රණාමය !.....

  • @user-vi2tl9wt5n
    @user-vi2tl9wt5n10 ай бұрын

    What a beautiful song and beautiful lyrics, Dr Deepani Senarathna you are highly talented song writer, please continue your good work. Dr Victor Rathnayake amazing as usual, at this age, he shows us again how talented he is, Rochana Ramanayake you done a wonderful job too. what a complete package! 😢❤👍

  • @fmranasinghe
    @fmranasinghe Жыл бұрын

    හරිම ලස්සන පදවැලක් හැගුමිබර ගායනයක්❤

  • @vajiradeepawickramasooriya7965
    @vajiradeepawickramasooriya79652 жыл бұрын

    අනේ හරියට දුක හිතුණා❤❤

  • @ketakielena4391
    @ketakielena43912 жыл бұрын

    ආදරණීය දීපානි මැඩම් ඔබතුමිය කතා කරලා තියෙන්නෙ හදවතේ ගැඹුරු ම තැනට ඒ වචන වල පිරුණු ආදරය සෙනෙහස දයාව වියෝව දරාගන්නට බැරි තරම්...🙏❤️

  • @Kumari-kq1py
    @Kumari-kq1py2 жыл бұрын

    අම්මෝ මාර. පනිවිඩයක් සනිපෙන් සම්මා සම්බුදු සරනයි

  • @oshanisewwandi2776
    @oshanisewwandi27762 жыл бұрын

    ඉස්සර වගේමයි... සුන්දරයි ❤️🔥

  • @sunethrakalansooriya8351
    @sunethrakalansooriya83512 жыл бұрын

    එදා wageama සොඳුරු gayanayak

  • @shiraniranasinghe8522
    @shiraniranasinghe85222 жыл бұрын

    Mage lama awadiye sitama adaraya kala asahaya Gayakayaneni, Obathumata Theruwan Saranai !!!

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera11492 жыл бұрын

    ඔබතුමාට බෙහෙවින්ම ස්තූතියි නැවතත් අපට ඒ මියුරු හඬින් ගීත අහන්න සැලසුවාට නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @kumarimarasinghe2955
    @kumarimarasinghe29552 жыл бұрын

    තෙරැවන් සරණයි දීර්ඝායුවෙිවා

  • @ie191
    @ie1912 жыл бұрын

    පුදුම ලස්සනක් පදවැල් වගේම ගායනයත් ..... 🌹

  • @annshanika6499
    @annshanika64992 жыл бұрын

    ගීතය ඉතාමත් අලංකාරයි" ඔබ තුමාගේ ගීත තව තවත් බලාපොරොත්තු වෙනවා ' ජේසු පිහිටයි

  • @singha6372
    @singha63722 жыл бұрын

    හදවත ස්පර්ශ කරන ඉතාමත් හැඟීම්බර පද මාලාවක්. අපූරුයි ඔබතුමාට නිදුක් නීරෝගී දීර්ඝායුෂ වේවා . මාගෙ හිතවතෙකුගේ හිතවත් වෛද්‍යවරයකුගේ පස රචනයක් බව දැන ගන්නට ලැබුනා. පිලිකාවක් නිසා එතුමා දැන් මෙලොව හැර ගිහිං ඇති බවත් පැවසුවා.. ඒ බව දැනිලාදො මෙසේ පදවැල් නිර්මාණය කලේ... එතුමා නිවනින්ම සැනසේවා ...

  • @samanthipemarathna4242

    @samanthipemarathna4242

    2 жыл бұрын

    මෙි ගීතයේ පදරචනය Dr. Deepani Senarathna . ගීතයේ පසුබිමින් ඉන්නෙ ඇයයි .

  • @kumudinifernando6352
    @kumudinifernando63522 жыл бұрын

    ගායකයාණෙනි ඔබට තුති!🌺👌

  • @hedab1999
    @hedab19992 жыл бұрын

    We need more of your songs.Please don't give up.Age is not a problem.

  • @gayansenevirathne6155
    @gayansenevirathne61552 жыл бұрын

    Dr Deepani..it was really nice.. hope this brings peace to ur mind

  • @dinithikoralage228
    @dinithikoralage2282 жыл бұрын

    අලුත් ගීතයක් නේද .හරිම ලස්සනයි

  • @pinnaduwahewagenandawathie4872
    @pinnaduwahewagenandawathie48722 жыл бұрын

    ජීවිතයේ සැබෑ අරුත තේරුම් ගන්න පුළුවන්

  • @gamunu2420
    @gamunu24202 жыл бұрын

    ඔබට නීරෝගීමත් දිවිපෙවත්ක් හා දීර්ඝ ආයුෂ පතමි ❤️❤️❤️

  • @bishekad6074
    @bishekad60742 жыл бұрын

    Very heart touching beautiful lyrics...!!! Beautifully sung by the great singer Victor Ratnayake..

  • @preethidahanayaka9083
    @preethidahanayaka90832 жыл бұрын

    හරිම ලස්සනයි 👍👍👍👍

  • @geemihira5050
    @geemihira50502 жыл бұрын

    so.... Emotional

  • @sanjeewaamunugama2343
    @sanjeewaamunugama23432 жыл бұрын

    හරිම ලස්සන හැඟීම් බර නිර්මාණයක්...

  • @priyanisenanayeke5582
    @priyanisenanayeke55822 жыл бұрын

    ලස්සනයි හැගුම්බරයි

  • @cecilabayasinghe169
    @cecilabayasinghe1692 жыл бұрын

    Victor, Jayantha, Lelum. We missed golden opportunity of massive music productions due to unfortunate incidents. Niwan suwa Dearest Jayantha. දීර්ගායුෂ වික්ටර්.

  • @dinendraathukorala4051
    @dinendraathukorala40512 жыл бұрын

    So beautifully written from a different point of view.. bring in to light a new dimension of love... combined with an amazing voice and talent... thank you so much.

  • @rukmalbandara8440
    @rukmalbandara84402 жыл бұрын

    මරණයේ කඩතුරාවේ නැත හැරී එන කවුළු ❤️❤️

  • @indeewariebowala7491
    @indeewariebowala74912 жыл бұрын

    හරිම ලස්සන හැගීම්බර නිර්මාණයක්...

  • @nethmikarunarathna5673

    @nethmikarunarathna5673

    2 жыл бұрын

    Beautiful lyrics... Beautiful singing. No words

  • @dulyanethmini7135
    @dulyanethmini71352 жыл бұрын

    හරි ම ලස්සනයි

  • @veronicadiasabeysighe130
    @veronicadiasabeysighe1302 жыл бұрын

    නිරෝගිමත් ජීවිතයකට තෙරුවන් සරණයි ඔබතුමාට

  • @moderator738
    @moderator7382 жыл бұрын

    විශිෂ්ඨ නිර්මාණයක්

  • @nimalbandarathilake2036
    @nimalbandarathilake20363 ай бұрын

    Metharam adara neiya geetha gayana kala oba tumananta niroge suwa labewa

  • @tulybinon557
    @tulybinon5572 жыл бұрын

    භාවනාවක්❤️❤️❤️

  • @hemiratnakara7138
    @hemiratnakara71382 жыл бұрын

    So good to hear Dr. Ratnayake's beautiful voice again after a longtime. Hoping to hear more songs from you you sir. Wish you good health and longevity. Dr. Deepani thank you so much for giving us this opportunity. love the lyrics. I got tears in my eyes.

  • @user-li1qq1uo6v
    @user-li1qq1uo6v4 ай бұрын

    ඇත්තමයි මෙි ගිිතයේ හැගුමිිබරබව දරාගන්නබෑ

  • @malinduperera1671
    @malinduperera16712 жыл бұрын

    සුපිරියක් ❤️❤️

  • @diwankakowshika
    @diwankakowshika2 жыл бұрын

    ලස්සන සින්දුවක් .... 💙❤️❤️❤️

  • @Esum11123
    @Esum111232 жыл бұрын

    බොහොම ස්තූතියි ඔබතුමාට..🙏❤

  • @dhammidesilva7689
    @dhammidesilva76892 жыл бұрын

    Beautiful 👌. I love this song❤️

  • @kamanyrupasinghe9051
    @kamanyrupasinghe90512 жыл бұрын

    හරිම ලස්සන ගීතයක්

  • @thelife5632
    @thelife56322 жыл бұрын

    Adri eeee ohoma yan

  • @senarathbalasooriyabalasoo1910
    @senarathbalasooriyabalasoo19102 жыл бұрын

    මේ තරම් ආදරය දැනුනා නම් නුඹ ත් එනතුරු ඉන්නවා නොවැ මං

Келесі