සිදුහත් පිය රජුණේ (Siduhath Piya Rajune) - Ethabediwewa Mahinda Rathana Himi

Ойын-сауық

සිදුහත් පිය රජුණේ (Siduhath Piya Rajune) - Ethabediwewa Mahinda Rathana Himi
ධර්ම දානමය පින්කමක් සිදු කරවා ගැනීමට ශෙයාර් ( share ) කරන්න
ගාථා සුගායනය,
කාව්‍ය විශාරද පූජ්‍ය ඇතාබැදිවැව මහින්දරතන ස්වාමීන්වහන්සේ
බණ්ඩාරගම, රමුක්කන රජමහා විහාරය
පානදුර (0774138510)
/ ethabediwewa.mahindara...
පද රචනය: Pathum Ranasinghe
සංගීතය: Chanu Heshan
පටිගත කිරීම: Tharu Studio
පැනයක් ඇත විමසන්නට අහන්නද අම්මේ
වෙන අය වගේ මටත් පියෙක් නැත්තේ ඇයි අම්මේ
කොයි ගිහින්ද විමසන විට පිය රජිඳුන් අම්මේ
ඇයි ඇස් වල කඳුළු පිරුණේ මගේ ආදර අම්මේ
සුපුන් සඳලු නිල් අහසලු උපමාවක් කීවේ
ඉතින් මොකද ඇයි තාමත් පිය රජතුම නාවේ
පියා වගේම මං හපනලු නෑ මුව අග කොපේ
කියා දෙන්න ඒ රුව වත් පියාණන්ගේ රූපේ
ගුරු ගෙදරට කැටුව යන්න එල්ලී සුළඟිල්ලේ
හරි ආසයි එන තුරු මං ඉන්නේ ඉවසිල්ලේ
සිදුහත් පිය රජින්දාණෙනි පුතු ඉන්නවා සෝකෙන්
බුදු වෙන්නට ගිය හින්දද එන්නේ නැත්තේ හීනෙන්
මම දැක්කම පුංචි රූපේ මතකෙට එනවාලු
හැමදාමත් ඔයා නැතිව මටම තමයි පාළු
අපිත් එක්ක තරහා වෙලද එන්නේ නැතුව ඉන්නේ
ඇවිත් යන්න එන්නද මං හීනෙන් පිය රජුනේ
අල්ප තරම් වැරදි නොකර කීකරුවම හිඳිමී
මල් තියලා නුඹ ඉන්නා දිසා හැරිලා වඳිමි
මං ඉපදුන දවසේ නේද මැදුරෙන් නික්මෙන්නේ
දැන් මං ලොකු පුතෙක් නිසා හැඳිනිද නෑ දන්නේ
පරපුරේම නුඹ තරමට සමතෙක් නැතිවාලු
තරඟෙට ආ කවුරුත් නුඹ ළඟ පරදිනවාලු
සැප සම්පත් අඩු නෑනේ මැදුරේ හැමදාම
අප හැරදා මොකද මන්දා ගියේම නොකියාම
හිත රිදුනද බැන වැදුනද හේතුව නෑ දන්නේ
නුඹ ආවම ගිය හේතුව අහන්නමයි ඉන්නේ
මදුර පුරා නුඹේ සුවඳ දැනෙනවා අප්පච්චී
ඇඳුරු තුමා කිව්වා බුදු වෙලාලු අප්පච්චි
ගුනේ පතල මුළු දඹදිව ඇහෙනවා රස වරුණා
අනේ ඇවිත් යන්න ටිකක් දැනුත් කඳුළු පිරුනා
දහස් ගණන් වඳිනවාලු ඇත්තද පිය රජුනේ
අහස් ගඟෙන් වඩින්නටත් නුඹට හැකිලු ඇසුනේ
ආව ගමන් කිඹුල් වතට වෙහෙස නිවා ගමනේ
මාව ටිකක් වඩාගන්න හැකිදෝ පිය රජුනේ
දරනවාලු චීවරයක් රත් පාටට දිස්නේ
නිවෙනවාලු හිරුගේ පවා නුඹේ ළඟදී රස්නේ
කිඹුල් වතට වදිනවාලු අද හෙට මං හෙව්වා
අහපුවාම ඇත්තලු ඒ මෑණියනුත් කිව්වා
සංසාරේ පුරුදු ලෙසින් මේ භාවයේත් බැඳුනී
මං රාහුල පුතා වෙමී සිදුහත් පිය රජුනී
▶ Subscribe දැහැමි Desawana : bit.ly/SubscribeDahamiD
▶ Circle us on G+ : bit.ly/DahamiDGplus
▶ Like us on Facebook : bit.ly/DahamiDFanPage
▶ Follow us on Twitter : bit.ly/DahamiDTweet
▶ Visit Desawana Official Web : goo.gl/f30Fpp
#KaviBana #BanaKatha #DahamiDesawana

Пікірлер: 23

  • @thilaksanjeewa2290
    @thilaksanjeewa22902 жыл бұрын

    ඇත්තටම බුදු දහම කියන්නෙම හිත සන්සවන හිත නිවන උතුම් ධර්මයක්..... අපේ හාමුදුරුවනේ තවත් මේ වගේ දේවල් කරන්න ඔබ වහන්සේට ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි... බුදු සරණයි හැමෝටම

  • @chathu600
    @chathu6002 жыл бұрын

    ඇත්තටම හිත නිවුනා . තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @kavishkasamudith5267
    @kavishkasamudith52672 жыл бұрын

    සමාජය වෙත hoda දෙයක් 🙏🙏 srilanken සිංහල බෞද්ධ රාජ්‍යයක් 🙏🙏🙏 බුදුසරණ වේවා 🙏🙏

  • @sumithraperera2896
    @sumithraperera28962 жыл бұрын

    බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා..!!!! සාධූ🌺 සාධූ🌺 සාධූ🌺. ☸️🌷🙏🙏🙏🙏🙏🙏🙏🌷☸️

  • @kumudunikumuduni6778
    @kumudunikumuduni67782 жыл бұрын

    ගොඩක්ම වටින වැඩක් බුදු සරනයි ❤️🙏

  • @sarangabandaraofficial8447
    @sarangabandaraofficial84472 жыл бұрын

    සමාජයට හොඳ වැඩක්....

  • @sahanividharshana7293
    @sahanividharshana72932 жыл бұрын

    ලස්සනයි

  • @kasun991
    @kasun9912 жыл бұрын

    තෙරුවන් සරණයි...

  • @udayaninisansala3954
    @udayaninisansala39542 жыл бұрын

    Teruvan saranai🙏🙏🙏

  • @sugandikapiuymali9509
    @sugandikapiuymali95092 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamidu3143
    @chamidu31432 жыл бұрын

    🙏🙏🙏

  • @SunilSunil-vu9ji
    @SunilSunil-vu9ji Жыл бұрын

    😘😍🙏🏻🙏🏻

  • @akalankaamarathunga9019
    @akalankaamarathunga90192 жыл бұрын

    🙏🙏❤😍

  • @dermasaudi9393
    @dermasaudi93932 жыл бұрын

    Sadu sadu sadu tharuvan saranai hama danatama

  • @somycreations1753
    @somycreations17532 жыл бұрын

    ඉක්මනින් ඉවර කරන්නෙ ඇයි මේක අහන් ඉන්න පුලුවන් ඕන තරන් වෙලාවක්. රාහුල කුමරුගෙ සිතුවිලි මැවිලා පේනවා

  • @dasunimadhushika9728
    @dasunimadhushika97282 жыл бұрын

    බුදුසරණයි 🙏🙏🙏

  • @slmusic597
    @slmusic5972 жыл бұрын

    ඇයි මේවගේ දේවල්වලට විව්ස් අඩු 🙂

  • @wasanthamaddumage7872
    @wasanthamaddumage78722 жыл бұрын

    Excellent&great

  • @Music.Spot234
    @Music.Spot2342 жыл бұрын

    🙏🙏

  • @priyanthirohini7819
    @priyanthirohini78192 жыл бұрын

    🙏🙏🙏❤

  • @ninemusic3223
    @ninemusic32232 жыл бұрын

    ලස්සනයි

Келесі