ආයේ කවදාවත් match වෙන්නේ නැති පාට අඳින්න එපා !

මේ වීඩියෝ එකෙන් මම කතා කරන්නේ කොහොමද නිවැරදිව වර්ණ ගැලපීම සිදු කරන්නේ කියලා color theory එක භාවිතා කරලා. විවිධ වර්ණ ගැන, ඒ වර්ණ වල සුසංයෝගයන් සහ එහි ඇති විවිධ වැදගත් කරුණ ගැන මම කියලා දෙනවා.

Пікірлер: 715

  • @slwide7507
    @slwide75078 ай бұрын

    මොහුට ඕනෑම සංකල්පයක් ඉතාමත් "වර්ණවත්" අන්දමින් ඉදිරිපත් කිරීමේ සුවිශේෂී හැකියාවක් තිබේ.

  • @IroshaGayani

    @IroshaGayani

    8 ай бұрын

    I agree 👍

  • @gihaniamukotuwa2116

    @gihaniamukotuwa2116

    8 ай бұрын

    ❤❤❤

  • @kusumaranaweera8079
    @kusumaranaweera80798 ай бұрын

    ජීවත් වෙන කාලසීමාවෙහිදී සෑම පැතිකඩක් ගැනම දැනගෙන සිටීම ඉතාම වැදගත්. ඔබතුමාට ස්තූතියි.

  • @ScienceWithRuchira

    @ScienceWithRuchira

    8 ай бұрын

    මමත් එහෙම හිතෙනවා

  • @ksports4695

    @ksports4695

    8 ай бұрын

    අදයි අහම්බෙන් දැක්කේ.sir ව.අදහසක් කියන්න හිතුන දැකපු ගමන්ම. හැමෝම ලස්සන දකින විදිහට නෙමේ මම ලස්සන දකින්නෙ.දැක්ක ගමන් පෙනෙන ලස්සන නෙමේ මම දකින්න කැමති...බලාගෙන ඉඳිද්දී පෙනෙන නොපෙනෙන ලස්සන තියෙනව.අන්න ඒවගේ....sir ඔයා දැක්ක ගමන් සාමාන්‍යයි..ඒත්..බලාගෙන ඉද්දි මාර ලස්සනයි. ඒකට ලස්සන කියන්න මම කැමති නැහැ...පට්ට ආකර්ෂණීයයී. මම නම් වශී උනා..😂😂😂

  • @kusumaranaweera8079

    @kusumaranaweera8079

    8 ай бұрын

    @@ksports4695 ඔය දිග විස්තරය sir ට, කමෙන්ට් කරන්න. මම නෙමෙයි වීඩියෝව කරේ.

  • @kasunnadeeja1
    @kasunnadeeja18 ай бұрын

    ලංකාවෙ සුලු පරිමාණයෙන් ව්‍යාපාරයක් විදියට කරගෙන යන නිමිඇදුම් නිෂ්පාදනය කරන ව්‍යවසායකයින්ට මේක හොද පාඩමක්.. ඇත්තට ලංකාවෙ බොහෝවෙලාවට නිමි ඇදුම්වල වර්ණ සංයෝජනය ඉතාමත් දුරුවලයි. කුඩාදරුවනගෙ ඇදුම්වලට වර්ණවල ගැලපීම සාම්ප්‍රදායික නිල් හො රෝස වලින් එහාට ගිය වර්ණ ගැන අපේ ඒ ව්‍යපාරිකයන්ට ඇත්තෙමනෑ වගේ.. අපිට වෙනත් රටක ඇදුමක ඇද ඇතිරිල්ලක තියන ඩිසයින් සහ වරණ ගැලපීමෙ එයාලට තියන දැනුම අපේ ලංකාවෙ ව්‍යපාරිකයයින්ට නෑ.. මේ වගේ දැනුම ඒ අය අතරට යනවනම් ලොකු උදව්වක් එ ව්‍යාපාරවලට ඉන්න තැනින් ඉස්සරහට යන්න..

  • @upamaliamarasinghe6312

    @upamaliamarasinghe6312

    7 ай бұрын

    Very well said

  • @jagathwickramasinghe6852
    @jagathwickramasinghe68528 ай бұрын

    සියල්ලන්ටත් වඩා ඔබ තුමාගේ නිහතමානිකම සරල බව සහ මේ ආකල්පය ඉතාමත් අගය කරනවා... 💕💕💕💕💕

  • @gaweshbowaththa4573
    @gaweshbowaththa45738 ай бұрын

    colour psychology ගැන මෙච්චර සරලව පැහැදිලි කිරීමක් ඔබතුමාගෙන් තමා ඇහුවේ😃💜️

  • @kavindasampath-sp4hf
    @kavindasampath-sp4hf8 ай бұрын

    අපේ ඉස්කෝලේ චිත්‍ර සර් මේ විෂය ලස්සනට ඉගැන්වීම කළා.මම සිංහල ගුරුවරියක් මමත් ඒ පාඩම දවසේ දරුවෝ එක්ක ඉගෙනගත්තා, ඒත් රටේ ආර්ථිකය හමුවේ සර් රට රැකියාවකට ගියා, සර් මේ පාඩම තවත් සරලව කියා දුන්නා❤

  • @sheelawanasinghe9874
    @sheelawanasinghe98748 ай бұрын

    මුහුනේ සිරියාව වැඩිකරන අව්‍යාජ සිනාව නිසා,විඩියෝ බලන්න ආසයි . මුලු ජීවිතයටම බලපාන වටිනා දේවල් ගැනම හරබර ලෙස වටිනා අදහස් ඉතාමත් සරලව ආදරබර කතා විලාසයකින් ඉදිරිපත් කරන නිසා , අහන්න ආසයි. ඔබ තුමාට මුලු ලෝකයාගේම ආශීර්වාදය ලැබේවා.

  • @gaweshbowaththa4573
    @gaweshbowaththa45738 ай бұрын

    ⭐⭐රුචිර සර්, මෙවර උසස් පෙළ විභාගයට හොදටම ආසන්නයි.සර් අපිට ඔබතුමා තරම් භෞතික විද්‍යාත්මක කරුණු සරලව කියලා දෙන්න තරම් මම නම් දන්න අන් පුද්ගල‍යෙකු නෑ. සර් ඔබතුමාට කාලවේලාව තියෙනවා නම් එපරිදි වැදගත් භෞතික විද්‍යා මූලධර්ම ගැන වීඩියෝ කිහිපයක් හරි කරන්න කියලා ඉල්ලීමක් කරනවා.බොහොම ස්තූතියි සර්❤️🙏.

  • @ScienceWithRuchira

    @ScienceWithRuchira

    8 ай бұрын

    Physics වල ළමයන්ට අමාරුම කියන විෂය මොකක්ද ?

  • @gaweshbowaththa4573

    @gaweshbowaththa4573

    8 ай бұрын

    @@ScienceWithRuchiraස්තූති සර් ඇත්තටම හිතුවේ නෑ මෙතරම් ඉක්මනින් ප්‍රතිචාර ලැබෙයි කියලා❤️...සර් භෞතික විද්‍යාවෙ එන සන්ස්තික මූලධර්ම 4 ගැන විග්‍රහයක් සහ අනෙකුත් ප්‍රධාන මූලධර්ම(thermodynamics,Electricity වගේ) හා ඒවායේ ප්‍රායෝගික යෙදීම් ඇසුරින් තේරුම්ගන්න ආකාරය ගැන වීඩියෝවන් ගේන්න පුලුවන් නම් වටිනවා🙏.

  • @gaweshbowaththa4573

    @gaweshbowaththa4573

    8 ай бұрын

    සර් විශේෂයෙන්ම අපිට සිද්ධාන්ත ගැටලූ තේරුම් ගන්න පුළුවන් වුනත්, ඒවා ප්‍රශ්න ලෙස ප්‍රායෝගික යෙදීම් ඔස්සේ අහනකොට පාවිච්චි කල යුතු නිවැරැදිම මූලධර්මය ඉක්මනින් වටහාගැනීමට අපහසුයි.සර් ලන්කාවේ උසස්පෙළ විද්‍යා සිසුන් බහුතරයක් භෞතික විද්‍යාව අසමත් වෙන්නෙ මේ නිසයි.

  • @ashankavindu9288

    @ashankavindu9288

    8 ай бұрын

    ​@@ScienceWithRuchirapadamada

  • @mathsartist1202

    @mathsartist1202

    8 ай бұрын

    Sir fields and electrical electronics ewa amarui sir

  • @Photo_Vortex
    @Photo_Vortex8 ай бұрын

    Graphic Design , Photography , Painting , Fashion Design , Interior Design වගේ ගොඩක් පැතිවලට වටින පාඩමක්

  • @usansew782

    @usansew782

    8 ай бұрын

    100%

  • @vinithadesilva4333

    @vinithadesilva4333

    6 ай бұрын

    සුපිරි සර්

  • @sunilxcode
    @sunilxcode8 ай бұрын

    සුන්දර දසුන් දිගේ සිත අරගෙන ඔබ කවක් ලියයි ❤️ මවු බසින්ම සවනට කොදුරා ඔබ මිහිරිම වදන් කියයි 🦋 දැනුමින් අපිසැම මහමෙරක් වගේ ඔබෙන් ලබයි 💥 සයුරෙන් බොහෝ දුරුරටක වුනත් ලග වාගේ පෙනෙයි 🇱🇰 වර්ණය කෙතරම් විසිතුරුද ද කියා ඔබ ලොවට බෙදයි🌈

  • @JeewanthaSurajGamage
    @JeewanthaSurajGamage8 ай бұрын

    ඇත්තටම ගොඩක් වටින වීඩියෝවක්, photography කරද්දි මම ගොඩක් වෙලාවට මේ කලර්ස් මැච් කරන්න පුළුවන් විදිහ ගැන උනන්දු වෙනවා.. ගූගල් කරලා යම් තරමකට මේ වර්ණ සුසංයෝග ගැන ඉගෙනගත්තත් සිංහලෙන් සර් මේ කියලා දෙන දේවල් නිසා ගොඩක් දේවල් තේරුම් ගන්න පුළුවන් උනා.. බොහොම ස්තූතියි

  • @ScienceWithRuchira

    @ScienceWithRuchira

    8 ай бұрын

    ස්තුත්යි, මේ ගැන සිංහලෙන් කතා කරලා තියනවා අඩුයි තමයි

  • @harithasamarasingha639
    @harithasamarasingha6398 ай бұрын

    ඔබතුමා හරිම positive කතා karannee..e වගේම හරිම priyamanapaii sr. මුදල් මතම nethiwa..අපට උදව් කිරීමේ පරමාර්ථයෙන් වැඩසටහන් gena ena බවක් පේනවා ..presentation eka ඉතාමත් පැහැදිලිව කරනවා ..ඔබතුමා wage උගතුන් තමයි ape රටට ජාතියට වැඩියෙන්ම අවශ්‍ය..ජයවේවා ...

  • @stefannethan
    @stefannethan8 ай бұрын

    මේකට අනිවරෙන් ඔබෙන් ඉලිතුරක් ඕනි,මම තව කෙනෙක් එක්ක කතා කරද්දි සුහදව මිත්‍රශීලිව කතාකරන්න තේරෙන්නැ,ඒ කියන්නෙ සංවාදයේ යෙදෙන කෙනා එක්ක කතා කරන්න මට දේවල් එන්නෙ නැ,එයා මාත් එක්ක කතා කරල ඉවර වෙනකොට මට එයා එක්ක කතා කරන්න වචන එන්නෙ නැ,මම හරිම නිශ්ශබ්ද කෙනෙක්,ඒ උනාට අදුර න කෙනෙක් යාලුවො හම්බුනාම මට කතා කරන්න දෙයක් නැතිඋනාම මං නිකන් අපහසු තාවෙට වගේ පත් වෙනව,සමහර යාකුවො ඉන්නව ඒ අය පැය 24 ම ලග හිටියත් පාලුවක් නැතුව මොනා හරි කතා කරන,මේකට මං මොකක්ද කරන්න ඕනි,මේක මගෙ අව්ලක්ද

  • @naracreation9928
    @naracreation99288 ай бұрын

    ඉතාම වැදගත් . බොහොම ස්තුති 😍 වර්ණ සසම්බන්ධ තවත් දැනුම අවශ්‍යයි. මේ ස්ම්බන්ද වැඩිදුර විස්තරත් එක්ක දෙවනි වීඩියෝ එකක් කරන්න.🙏

  • @amilasandakelum1722
    @amilasandakelum17228 ай бұрын

    ඔබතුමාගේ පැහැදිලි ඉදිරිපත් කිරිමට බොහෝම ස්තුතියි.

  • @wivant9008
    @wivant90088 ай бұрын

    ඇත්තටම කියනවනම් දොර රෙදි සහ ජනෙල් රෙදි ගලපගන්නා බැරුව පාටක් හොයාගන්න කල්පනා කර කර හිටිමට ලොකු උදව්වක් උනා මේ දැනුම ස්තුති ඔබතුමාට නැවතත් ජිවිතයට අර්ථවත් විඩියෝ එකක් ඉක්මනින් අරන් එන්න තෙරුවන් සරනයි !!

  • @ScienceWithRuchira

    @ScienceWithRuchira

    8 ай бұрын

    යම් විදිහට හෝ වැදගත් වීම සතුටක්

  • @ksmrthn4860
    @ksmrthn48608 ай бұрын

    ඉතාමත් වටිනා video eka k.හරිම සතුටෙන් ඇහුවා .මෙ ගැන දැනුවත් කිරීම ඔබ තුමා ට පින් ඔබ තුමා ට ජය ප්‍රාර්ථනා කර නවා

  • @manojkeerthisinghe9120
    @manojkeerthisinghe91208 ай бұрын

    architecture field එකෙ ඉන්න අපට මේ දැනුවත් කිරිම ඉතාම ප්‍රයෝජනයි සතුතියි ඔබට.

  • @asithakumara7917
    @asithakumara79178 ай бұрын

    බොහොම හොද පැහැදිලි කිරීමක් . Werri nice 🎉

  • @nomancasta7341
    @nomancasta73418 ай бұрын

    නියමයි❤ වෙනදට නෝනා කුස්සියෙ කන මගේ phone එකේ😂 අද නෝනා මගෙ phone එක ලග තියාගෙනම බලනවා 😂😂😂😂 හරි පදුමයි ජය වේවා

  • @isuruwijesingheartistsrila2797
    @isuruwijesingheartistsrila27978 ай бұрын

    සෑම මනුෂ්‍යයෙකුගෙම සිතේ තමන්ට ආවේනික වූ වර්ණයක් තියෙනව නේද..? උදාහරණයක් විදියට මට නිතරම සිත යන්නෙ ගුරු පාටට හුරු කහපාට ට... ඒ ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන්නම් ගොඩක් වටිනව.. ස්තුතියි ඔබට..!🙏🏾🍃

  • @kapilalakmal5260
    @kapilalakmal52608 ай бұрын

    සර් මටම වටිනා වීඩියෝව ඔබ තුමා ගෙනාවේ.මගේ රැකියාවට සම්බන්ධ ❤.ස්තුති සර්.ඇත්තටම සතුටුයි ජය වේවා

  • @Subh463
    @Subh4638 ай бұрын

    ඔබ තුමාගෙ කතාව වටින වගේම ඉදිරිපත් කිරීම මාර ලස්සනයි..සුරංගනා කතාවක් වගේ❤️

  • @DanushiMuthukudaArachchi
    @DanushiMuthukudaArachchi8 ай бұрын

    ඔබ තුමන්ගේ, සංකල්ප විද්‍යාත්මකව පැහැදිලිකිරීම වර්ණවත් කලාවක්....

  • @gayankapila1973
    @gayankapila19737 ай бұрын

    ඔබතුමාගේ වැඩසටහන් වලින් හැමදාම අපට අළුත් අදහස් හා අපිට අළුත් මාන වලින් සිතීමට හුරු කරනවා. ගොඩාක් ස්තුතියි ඔබතුමාට. තව තවත් වැඩසටහන් නිර්මාණය කිරීමට ශක්තිය ධෛර්ය ලැබේවා!

  • @anjaliweerasinghe4424
    @anjaliweerasinghe44248 ай бұрын

    Thank you very much sir මම graphics designer කෙනෙක්. මම නොදන්න දේවල් කිහිපයක්ම මේ වීඩියෝවෙන් දැනගත්තා. fashion design, interior design, photography, videography කරන අයටත් මේක බොහොම වැදගත්.

  • @n.t.dpriyangikanishanthi1738
    @n.t.dpriyangikanishanthi17388 ай бұрын

    හරිම වැදගත් මෙම වැඩසටහන. මමත් නිතරම වර්ණ සමඟ කටයුතු කරණ කෙනෙක් විදියට මේ වර්ණ ගැලපීම පිළිබඳ ඔබතුමාගේ දැනුවත් කිරීම මට ඉතාම වටිනවා.

  • @KavinduNimsara-ud8fo
    @KavinduNimsara-ud8fo8 ай бұрын

    ගොඩක් හොද පැහැදිලි කිරීමක්, කලින ඉගෙන ගත්ත දේ යලි ආවර්ජනය වුනා වගේම අලුත් දේවලුත් ඉගනගත්තා, බොහෝම ස්තූතියි ඔබතුමාට❤

  • @chandmaindustrialterritory1559
    @chandmaindustrialterritory15597 ай бұрын

    රුචිර, ඔබට බොහොම ස්තුතියි... මෙම වර්ණ ගැලපීම් ගැන මෙලෙස කිසි දිනක දැන සිටියේ නැත.

  • @rasikapushpakumaragunarath2052
    @rasikapushpakumaragunarath20528 ай бұрын

    සර්ගෙ දැනුම මෙහෙම බෙදනවට ගොඩාක් ස්තූති.දන්න හැමෝම දැනුවත් කරන්න මම අපේ සහෘදයන්ගෙන්(සර්ගෙ වචනෙන්ම) ඉල්ලනවා.

  • @menakasandaruwan6730
    @menakasandaruwan67308 ай бұрын

    ඔබ තුමාගේ දැනුම් දානය ඇති මහත් සේවයක්...❤

  • @pushpagamage4683
    @pushpagamage46838 ай бұрын

    හැම ක්ෂේත්‍රයකටම වටින වීඩියෝවක් ... ස්තූතියි ඔබතුමන්ට....

  • @uvpbandara
    @uvpbandara8 ай бұрын

    බොහෝම ස්තූතීයි ඔබතුමගේ අදහස් වලට ඉතාම ලස්සනට පැහැදිලිව ආකර්ශනීයව සහ සුහෆ්හශීලීව විස්තර කරලා දෙන්න හැම කෙනාටම අපහසුයි.ඒ අතින් ඔබතුමට පුදුමාකාර හැකියාවක් හසහ දැනුමක් ඇති මහත්මයෙක්.නැවතත් ස්තූතිවන්ත වෙනවා ඔබතුමගේ පැහැදිලි කිරීමට🙏🙏

  • @studiofantasyview5597
    @studiofantasyview55978 ай бұрын

    මට ගොඩක් වටින වීඩියෝ එකක් මේකනම්. මම සෑහෙන දෙයක් ඉගෙනගත්ත. මම දැනගෙන හිටියෙ නෑ වර්ණ ගැලපීමේ තියරියක් තියෙනව කියල. මගේ වෘතියට ගොඩක් වටිනව. ඔබය්හුමට ගොඩක් ස්තුතියි ...❤

  • @vimukthikd
    @vimukthikd8 ай бұрын

    ඉතාම වටිනා වැදගත් ඉදිරිපත් කිරීමක්. වටිනාකම මෙච්චරයි කියන්න බෑ. ගොඩක් ක්ෂේත්‍රවල අයට අතිශයින් ම ප්‍ර⁣යෝජනවත් වේවි. ඔබතුමාට බොමෝම පිං ම⁣ේ දැනුවත් කිරීම් වලට. ❤❤🎉

  • @rashmikawaruna3147
    @rashmikawaruna31478 ай бұрын

    ❤❤❤ගොඩක් වැදගත් වෙයි ඉස්සරහට .ඔබතුමා මෙහෙම හරි දැනුම දුන්නෙ නැත්තම් මේ දේවල්වත් දන්නැතුව නිකාම් මැරිලයනව

  • @etwithvs1466
    @etwithvs14668 ай бұрын

    ඕනෑම නිර්මාණයක් අපි පළමුවෙන්ම කියවාගන්නෙ වර්ණ සමගනෙ. ඉතින් හරිම වටින video එකක්. ස්තූතියි සර් ඔබට.

  • @sameeradinesh8074
    @sameeradinesh80748 ай бұрын

    හරිම වැදගත් අපේ ජීවිතයට මේ දේවල් සර්

  • @shashikalaadikari5068
    @shashikalaadikari50687 ай бұрын

    හැමදේම ඉතාම ලස්සනට කියලා දුන්නා. ගොඩාක් ස්තූතියි , ඔයාගෙ හිනාවත් හරිම ලස්සනයි ❤❤

  • @jaliyaat321
    @jaliyaat3218 ай бұрын

    sir මේ දැනුවත් කිරීම ඉතාවටිනවා තව මිනිස්සුන්ට කියලදෙන්න විශේෂයෙන් මේ ලංකාවේ තරුණ ප්‍රජාවට හරියට කලිසමක් අදින විදිය shirt tie අදින විදිය ... රැවුල කොන්ඩේ කපන විදිය .. පුළුවන් නම් හරියට කන බොන විදිය පවා හම්මෝ ලංකාවේ සමහර තරුණයෝ .....දැක්කම අපුලයි

  • @PrasadLiyanage-ko5sd
    @PrasadLiyanage-ko5sd8 ай бұрын

    මහත්මයා. ඔබේ කතා විලාශය හරිම ප්‍රියමනාපයි.. ❤

  • @duleekadesilva5755
    @duleekadesilva57558 ай бұрын

    ස්තූතියි සර්.වර්ණ ගැළපීම හොදින් කියා දුන්නා.ගොඩක් දේ වර්ණ ගැන ඉගෙන ගත්තා.

  • @chathudlk6389
    @chathudlk63898 ай бұрын

    බොහොම ස්තූතියි ඔබ තුමාට. පුලුල් අවබෝධයක් ලබා ගත්තා වර්ණ ගැලපීම පිලිබදව

  • @jemilamohamady2531
    @jemilamohamady25318 ай бұрын

    කොච්චර ඉගෙන ගත්තත් වැඩි නැති නිසා ඔබතුමාගේ විඩියෝ හැමදාම බලනව

  • @user-uh5zr5dc7d
    @user-uh5zr5dc7d8 ай бұрын

    ගොඩාක් ස්තුතියි ඔබතුමාට..ඇත්තටම අද ඉදලා ඇදුමක් ගන්න ගියාම මැච් වෙන පාට හිත හිත ඉන්න ඕන නෑ ..වර්න රෝදය බැලුවා..ගත්තා ..😊

  • @bhagyaperera1893
    @bhagyaperera18938 ай бұрын

    වර්ණ හරහා හැඟීම් ප්‍රකාශය හරිම රසවත්..ඉතිං වර්ණ සුසංයෝගය ගැන දැන ගන්න මම ගොඩක් ආසාවෙන් හිටියෙ.ස්තූතියි සර්♥️

  • @ravinduthikshana341
    @ravinduthikshana3418 ай бұрын

    Graphics designing , colour grading කරන අයට වඩාත්ම වටින් video එකක් මේක සර්.....🥰

  • @lasithchathumina9024
    @lasithchathumina90248 ай бұрын

    ඔබ තුමා නිසා ගොඩක් වැදගත් දේවල් ජීවිතයට එකතු කරගන්න පුලුවන් උනා. ස්තූතියි ♥

  • @chamodianuresha1386
    @chamodianuresha13868 ай бұрын

    එදිනෙදා ජීවිතයේදී මෙන්ම මාගේ නිර්මාණ කටයුතු වලදීද මේ පාඩම ගොඩක් වැදගත් වෙනවා😍😊 ගොඩක් ස්තූතියි සර්❤❤❤

  • @GAMINGRANDU1113
    @GAMINGRANDU11138 ай бұрын

    ඉතා හොද වීඩියෝ වක් වෙයි වගේ මම හිතන්නේ චිත්‍ර කරන අයට වැදගත් වෙයි කියලා ඒ හා සම්බන්ධ උනොත් ගොඩක් හොදයි ❤

  • @ScienceWithRuchira

    @ScienceWithRuchira

    8 ай бұрын

    ස්තුත්යි ඔබට

  • @milesmorales6299

    @milesmorales6299

    8 ай бұрын

    @@ScienceWithRuchira මකුලු සේද ගැනත් වීඩියෝ එකක් ඕන😁😁

  • @nawanjanashakila4102

    @nawanjanashakila4102

    8 ай бұрын

    හරි වටිනවා සර් මන් ඇදුම් මහන කෙනෙක් ...ගොඩක් ස්තුති ........

  • @lalanijayasekara2917
    @lalanijayasekara29178 ай бұрын

    අපූරු වීඩියෝවක් හැම විටම වැදගත් බොහොම ස්තූතියි

  • @Earths_Diary
    @Earths_Diary8 ай бұрын

    පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවක් මම. හැමදාම Sir ගේ Video බලනවා. ඇත්තටම ඒවා පුදුම තරම් වැදගත්.. ඉදිරියට මේවගේ දේවල් තවත් සමාජයට එකතු කරන්න Sir ට ශක්තිය ලැබේවා ! ❤️

  • @nissankaweerasekara3625
    @nissankaweerasekara36258 ай бұрын

    ස්තූතීයි සර්.හැබැහින් නොදැකපු ඔබ මගෙ ජීවිතේ හමුවූ විශිෂ්ට ගුරුවරයෙක්.❤️

  • @ShanDasanayakafernando
    @ShanDasanayakafernando8 ай бұрын

    "ඇත්තටම සර් තුල තියන දැනුම් පද්ධතිය කොච්චර වටිනවද කියලා හිතාගන්නත් බැරි තරම් , හරිම විද්‍යාත්මකයි හරිම නිර්මාණශීලී "

  • @nishadiwijesinghe5488
    @nishadiwijesinghe54888 ай бұрын

    බොහොමත්ම ස්තූතියි සර්,හරිම අපූරුයි.. ඔබතුමාගෙ වීඩියෝ එක තවත් තිබුනනම් කියලා හිතෙනවා බලන හැමවෙලාවෙම..සුභ පැතුම්..💐💐 හරිම සතුටු හිතුනා වීඩියෝ එක දැක්ක ගමන්..😍🙏❤️ කලර් වීල් එක ගැන දැනට සති 3කට වගේ උඩදි දැක්කා, ලංකාවෙ ලේඩි කෙනෙක්ගෙ යූ ටියුබ් චැනල් එකකින්, නමුත් එහිදි අනුපූරකව ගැළපෙන වර්ණයන් ගැන පමණයි කියවුනේ මට මතක විදියට..ඉතින් ඔබතුමාගෙන් තවත් බොහෝ කරුණු කාරණා දැනගන්න ලැබුණා..🙏🙏❤️❤️ තෙරුවන් සරණයි සර්..🙏🙏🙏

  • @ublack8749
    @ublack87498 ай бұрын

    ගොඩාක් වටින දේවල් ඉගෙන ගත්තා. බොහොම ස්තූතියි ඔබතුමාට..... 🎉🎉🎉

  • @arumugamsubadra9027
    @arumugamsubadra90278 ай бұрын

    ඉතාම හොඳ පැහැදිලි කිරීමක්..ඔබට බොහොමයක් ස්තුතියි සර්..

  • @liveandlearnthelife1637
    @liveandlearnthelife16378 ай бұрын

    No body on the internet has explained colours this detailed. Shout out to you sir!

  • @niroshasenadeera4628
    @niroshasenadeera46288 ай бұрын

    මං අද ලොකු දෙයක් ඉගෙන ගත්ත සර්.colour wheel එකෙන් වර්න ගලපන්නෙ කොහොමද කියල ඉගෙන ගන්නමයි හිටියෙ .මේ video 1 මට සෑහෙන්න වටිනව .සර්ට ගොඩාක් ස්තූතියි .මෙවැනි වටිනා පාඩම් අපට ලබාදෙනවට.තෙරුවන් සරනයි 🙏

  • @matharagekumari3290
    @matharagekumari32908 ай бұрын

    මම මේ වර්ණ රෝදය කියවන ආකාරය හොයමින් ඉන්නකොට මේ වීඩියෝ එක හමුවුනේ. මම ඒ පිලිබඳ අවබෝධ කර ගත්තා ඔබට ස්තූතියි❤

  • @ruwanpremashantha428
    @ruwanpremashantha4288 ай бұрын

    ලස්සන මාතෘකාවක් ලස්සනට කියල දුන්නට ස්තූතියි ඔබ තුමාට

  • @ReshaniSenarath
    @ReshaniSenarath7 ай бұрын

    බොහොම ස්තූතියි සර්.වර්ණ ගැලපීම සමග වචනත් ලස්සනටම ගලපපු නිසා පාඩම ඉතා රසවත්ව වුණා .හරිම වැදගත් පාඩමක් දැනුමට එක් වුනා...❤😊

  • @OKpaint
    @OKpaint8 ай бұрын

    සර් .. තවත් මේ ගැන කතා කරන්න.. ගොඩක් වැදගත් මේවා මං ගොඩක් කැමතියි යුරෝපීය වාස්‍තු විද්‍යාව ගැන , හැඩ තල ගැන , visual art එක ගැන කතා කරනවා නම්❤❤

  • @sriyalmagammanage8495
    @sriyalmagammanage84956 ай бұрын

    හරි වර්ණවත් ඔබතුමාගේ පැහැදිලි කිරිම ..ස්තුතියි

  • @maddumaya
    @maddumaya8 ай бұрын

    ගොඩාක් කාලෙක ඉඳන් ඔබතුමාගෙ videos බලනවා. බොහෝම ස්තූතියි ඔබතුමාට ලංකාවාසී සියලුම දෙනා දැනුමෙන් පොහොසත් කිරීමට ගන්නා වු උත්සහයට❤️🙏

  • @user-fm8tc2ux5e
    @user-fm8tc2ux5e8 ай бұрын

    Sir,ඔබතුමා වැනි උගතෙකු මේවගේ කාලයක අපේ රටේ රැදිසිටීම ම ලොකු දෙයක්..ඔබතුමා වැනි උගුතුන් එකතු උනොත් අපේ රට මේ වැටී සිටින අාගාධයෙන් යම් මට්ටමකින් හෝ නගා සිටවීමට උදව්වක් වේවි ඔබතුමාට නීරෝගීමත් දිවියක් හා ජයෙන් ජයම ලැබේවා!!!

  • @dianaswarnapali4444
    @dianaswarnapali44448 ай бұрын

    හරිම වටිනවා.ඇදුම් මහන විටගෙයකට වර්ණ ගන්වන විට ගේ ඇතුලට මල් පැල තබන විට තිර රෙදි දමන විට හරිම ප්‍රයෝජනයි.ස්තූතියි

  • @hapugodasedaragedeepanidam7832
    @hapugodasedaragedeepanidam78328 ай бұрын

    ඔබට පිං රුචිය සර්. ගොඩක් වටිනා සොදුරු ඉදිරිපත් කිරීමක්.🙏💝🙏💝🙏

  • @PriyankaLiyanage
    @PriyankaLiyanage8 ай бұрын

    අතිශය වටිනා වීඩියෝවක්. ස්තුතිය රුචිර සර්.❤

  • @thilinamadudarshana3198
    @thilinamadudarshana31988 ай бұрын

    Sir, It's so much better if you can mention the English terms also in your videos. Just a suggestion. Not all but only the important terms. All your videos are amazing and they always add value to our life. Thank you so much sir! I respect you so much

  • @nimalkankanilokuge9861
    @nimalkankanilokuge98618 ай бұрын

    ඔබතුමා අපි නොහිතන හැම විෂයක්ම අධ්‍යයනය කරලා තියෙනවා. හරි ලස්සනයි ජීවිතයේ අපි නොහොයන දේවල් කලා විද්‍යාව' සොබාදහම.හැමදේම ගැන විවෘත මනසකින් හොයාබලනව

  • @walkwithdon
    @walkwithdon8 ай бұрын

    ඔබගේ දේශන ඉතා විශිෂ්ටයි......අප පාසලේ කළා උළෙලකට ඔබගේ දේශනයක් ලභාගැනීමට ඔබව සම්බන්දකරගන්න දුරක්ථන අංකයක් දිය හැකිනම් බෙහෙවින් අගය කරමි...ස්තුතියි

  • @maheshjanaka6121
    @maheshjanaka61218 ай бұрын

    I have studied this as a lesson for film, cinema color grading..but your explained color combination well. Thanks Mr Ruchira..

  • @smile.......
    @smile.......8 ай бұрын

    ගොඩක් ස්තූතියි මගෙ දුර්ස්ථ ගුරුතුමනි. මෙ ලොකෙ හැමදේකම ලස්සන දකින්න පුලුවන්නම් කොච්චර දේවල් වලින් අපිට සතුට ලබාගන්න පුලුවන් වෙනවද කියල මට මේ වීඩියො එකෙන් තේරුනා. 🔴🟠🟡🟢🔵🟣🟤⚫⚪

  • @amarangikodagoda7130
    @amarangikodagoda71308 ай бұрын

    Very well explained. My ammi is an accountant and a designer, so she taught us about the colour combination from our small age. It's a very nice thing , I love neutral colours very much, and the warm colours too. Thank you for your explanation ❤

  • @manjularanmuthu194
    @manjularanmuthu1947 ай бұрын

    මේ දරැවන්ගේ අහිංසක ඉල්ලීම් සපුරාලන්නට ඔබතුමාට ධෛර්ය,බලය,ශක්තිය ලැබේවා!!!! ඉතා අගය කරමි සුන්දරවූ සිනහවකින් මුව සරසා ගෙන කරන්නාවූ සේවයට. ඔබට තෙරුවන් සරණයි!!! මහත්මයා.🙏

  • @susilapadmini2892
    @susilapadmini28928 ай бұрын

    බොහොම ස්තුතියි සර්.මම හෑන්ඩ් ක්‍රාෆ්ට් කරන කෙනෙක් .වර්ණ සංයෝජනය ගැන දැනගෙනම හිටියෙ නෑ.මේක මට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි

  • @nilantharajapaksha136
    @nilantharajapaksha1368 ай бұрын

    Ithama wedagath video ekak. Ithama asawen beluwe. Obathumata godak sthuthi.

  • @sandyakumari3231
    @sandyakumari32318 ай бұрын

    බොහොම ස්තූතියි ඔබ තුමා කරන සේවයට.💞💞💞💞🍀🌸🌻🍀🌸🌻🍀🌸🌻🍀🌸🌻🍀🌸🌻🍀🌸🌸

  • @KALINDU01
    @KALINDU018 ай бұрын

    ❤❤❤ වල් පල් ඇති සමාජයක වල් පල් නැති ⁣විඩියෝ එකක්.මඩ ගො⁣හුරක පිපුණු නෙලුමක් ඔබතුමා. සුපිරියක් තමයි.

  • @chanuka87
    @chanuka878 ай бұрын

    ගොඩක් දෙනෙක් purple color එක දේදුන්නේ තිබෙන පාටක් ලෙස දකිනවා purple වර්ණය හරි magical වර්ණයක් එක color spectrum එකේ කෙළවරවල් දෙක අතර වර්ණ පරාසයක් අපේ ඇසට ගෝචර වෙන්නේ ඇසේ (Blue/Indigo) & Red වරණ දෙකට අදාල සංවේදන color-sensing cones (photopigments) උත්දීපනය වීමෙන්මගිනි , Violet color එකත් පරාසයක් දේදුන්නේ color spectrum තිබුනත් 380nm - 400nm අතර නිසා ඇසට පෙන්න විදිය වෙනස් .

  • @l.g..liyangolla7511
    @l.g..liyangolla75116 ай бұрын

    වටිනාම අදහසක්. ඉතාමත් වටිනවා බොහොම ඉස්තුති

  • @O.A.Kusumalatha
    @O.A.Kusumalatha3 ай бұрын

    ඔබතුමා ට බොහොමත්ම ස්තුතියි කරුනු රාශියක් ඉගෙන ගත්තා

  • @yasanthachandana7257
    @yasanthachandana72578 ай бұрын

    ඉතාමත් වැදගත්. ගොඩක් අලුත් දේවල් ඉගෙන ගත්තා ❤️❤️

  • @sisirakarunarathne5505
    @sisirakarunarathne55058 ай бұрын

    සර්..අපි දන් නැති ගොඩක් දේවල් ඔබ තුමාගෙන් ඉගෙන ගන්නව.ජයෙන් ජයම වේවා සර්

  • @shilpanethmi2110
    @shilpanethmi21108 ай бұрын

    මේක නම් science ඉගෙනගන්න අයට විතරක් නෙවෙයි හැමෝටම ගොඩාක් වටිනවා 🤗💗

  • @dogpets6743
    @dogpets67437 ай бұрын

    මම සර් ගෙ වීඩියෝ ගොඩාක් බලනවා ..එ් අතර මට මෙි වීඩියෝ ව,ගොඩාක් වටින ව ,මම චිත්ර ගුරැවරයෙක් .මෙතෙක් නොදත් දේ ගොඩාක් ඉගෙන ගත්ත .ළමයින්ට වර්ණ ගැන ඉගැන්වීම සදහා මාහත් පිටුවාහලක් වෙිවි ,ස්තුතියි සර් .

  • @chamiladissanayaka6071
    @chamiladissanayaka60716 ай бұрын

    බොහොම ස්තූතියි සර්.මම යූටියුබ් එකට ආවේ photoshop වල text colour matching ගැන අදහසක් ගන්න.ඒත් එකක්වත් ගැලපෙන එකක් හම්බ උනේ නෑ.ඒ බලාගෙන යද්දි තමයි මේ වීඩියෝ එක හම්බ උනේ.ලොකු අදහසක් ගත්තා.thank you so much.

  • @darshaniwijayawardhana8572
    @darshaniwijayawardhana85728 ай бұрын

    These color schemes are extensively used in landscape designing and floral designing. Thank you very much Ruchira sir for the nice video.

  • @chamilrathmalgoda4240
    @chamilrathmalgoda42408 ай бұрын

    ඇත්තටම ප්‍රායෝජනවත් සමහර දෙවල් නොදැන කර තිබෙනවා නමුත් දැන් දැනුවත්ව හරියට කරන්නම් ස්තුතියී සර්

  • @BlackMarket-fx
    @BlackMarket-fx8 ай бұрын

    වර්‍ණ ගැන වර්‍ණවත් ලෙස ඉදිරිපත් කිරීම අතිශය වර්‍ණවත්! ස්තුතී ඔබට... .. .💯

  • @piyumikahansamali-ji8wd
    @piyumikahansamali-ji8wd8 ай бұрын

    මන් ආසම chanel ek❤️ ස්තුතියි ඔබතුමාට 🙏❤️

  • @user-mm4lb4or7e
    @user-mm4lb4or7e8 ай бұрын

    ඔබ තුමා අපේ රටට මහගු සම්පතක්. බලාගෙන ගියාම ඔබතුමා නොදන්න මගුලක් නැහැනේ

  • @sandesh_hasaranga
    @sandesh_hasaranga8 ай бұрын

    ඉගෙන ගන්න බලන් හිටිය වීඩියෝ එකක්. ග්‍රැෆික් ඩිසයින් පටන් ගත්ත. ඒකට අවශ්‍ය වෙලාම තිබ්බ වීඩියෝ එකක්. තැන්ක් යූ සර්❤

  • @salindakumarasighe5056
    @salindakumarasighe50568 ай бұрын

    ඉතාමත් වැදගත් පාඩමක් සර්... Thank you sir..

  • @anandaudayakumara9815
    @anandaudayakumara98158 ай бұрын

    බොහොම ස්තූතියි රුචිර මහත්තයා. ලොකු දැනුමක් ලබාගත්තා.🙏

  • @neththikumaragechandralath3052
    @neththikumaragechandralath30528 ай бұрын

    තව දුරටත් මේ ගැන කතාකලානම් හොඳයි කියා හිතනව..

  • @wivant9008
    @wivant90088 ай бұрын

    තවත් කාරනාවක් කියන්න ඔන මම දැක්කා ඉන්දියන් විඩියෝ එකක රෙදි පේන්ට් කරනකොට එයාලා මේ වර්න චාට් එකකට ගලපාගනිමින් තමයි පේන්ට් කලේ ඇත්තටම එ විඩියෝ එක බැලුවට ඒ කියන බාශාව නතේරුන නිසා තේරුම් ගන්නට බෑ අද තමයි හරියටම තේරුම් ගත්තේ මොකක්ද එයලා කරේ කියලා හරිම වටිනවා සර් ❤❤❤

  • @maldewata
    @maldewata8 ай бұрын

    ඉතා වටිනා මාතෘකාවක් . ඔබ තුමාට බෙහෙවින් ස්තුතියි 💐

  • @chamilaweerasinghe2993
    @chamilaweerasinghe29938 ай бұрын

    සර් හරිම අපූරුවට ඉදිරිපත් කළ ස්තූතියි ඉතා වැදගත්

Келесі