සංඝ රත්නයේ ගුණ වැයුම | ගථාවේ සිංහල අර්ථය G5

නමෝ බුද්ධාය!!!
නව අරහාදී බුදු ගුණයෙන් යුත් මාගේ සම්මා සම්බුදු හිමියන් අනෙක විද බාධා මැද මේ සසර ජය ගත්තේ අසරණ වූ අපද මේ ඝෝර වූ සසරින් මුදවා ගැනීමේ අදිටනින් යුතුවයි.නමුත් සියළු සැපයන් අතහැර කල්ප ගණනක් පාරමිතාවන් පුරා සොයා ගත් මේ උත්තරීතර දහම කාමයන්ගෙන් සහ මිත්‍යාවන්ගෙන් වැසී සිටින අසරණ අප හට කෙසේ පහදම් ද යැයි’ සිතන කල්හි අපට අවබෝධ කළ හැකි අයුරින් ඒ උතුම් දහම ඒ උත්තරීතරයන් වහන්සේගේ නිය සිලට ගත් පස් ප්‍රමාණයක තරමින් අපහට දේසා වදාළේය.එයිනුත් දැන් ඉතිරිව ඇත්තේ සුළු ප්‍රමාණයකි.සතුටට කරුණනම් ඒ ප්‍රනීත වූත් අල්ප වූත් සිසිල් දිය දහර ගලා යන්නේ මාගේ මාතෘ භූමිය තුළ පමණක් වීමයි.
අවාසනාවන්ත කරුණ නම් තව නොබෝ කලකින් ඉතා ආසන්නයේම මේ උතුම් මාණික්‍ය ඇසිපිය හෙළන ක්ෂණකින් අපෙන් ගිළිහීමට නියමිත බවයි.
ඉදින් මාගේ මේ වෑයම සරළ ලෙසත් නිවැරදි ලෙසත් මේ උතුම් දහම් කරුණු අවබෝධයෙන් යුතුව එක මොහොතකට හෝ අවම වශයෙන් තිවිධ රත්නයේ සරණ යෑමටවත් හැකි වන ලෙස මේ දහම් කරුණු පැතිරවීමට දායක වීමයි.(ඒ අග්‍ර වූ පිං ඇති ධර්ම දානයට පිං ඇත්තෝ සහභාගී වෙත්වා)
මේ උතුම් පිං මහිමේ ආනූභාවයේ අප සියල්ලන්ටම නිවන් දක්නා ජාති දක්වා යළි කිසිදු කරුණක් මත කිසිවෙකුටවත් මේ ශ්‍රී සද්ධර්මය මග නොහැරෙත්වා ඒ සත්‍ය වටහා ගැනීමට ප්‍රඥාව ලැබෙත්වා!!!උතුම් වූ සත්පුරුෂ ඇසුරම ලැබෙත්වා!!!කල්‍යාණ මිත්‍ර සේවනයට මේ උතුම් පින හේතු වේවා වාසනා වේවා!!!
සියළු සත්වයෝ,
නිදුක් වෙත්වා - නීරෝගි වෙත්වා-සුවපත් වෙත්වා-දුකෙන් මිදෙත්වා!
සාදූ!සාදූ!!සාදූ!!!
සංඝ රත්නයේ ගුණ වැයුම
සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ:
* භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා අධිශීල,අධිචිත්ත,අධිප්‍රඥාවෙන් යුක්ත වූ සුන්දර ප්‍රතිපත්තියකට (අර්ය අෂ්ටාංගික මාර්ගයකට) පිලිපන් බැවින් සුපටිපන්න වන සේක!
උජුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ:
* භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා අධිශීල,අධිචිත්ත,අධිප්‍රඥාවෙන් යුක්ත වූ සෘජු ප්‍රතිපත්තියක් අනුගමනය කරන බැවින් උජුපටිපන්න වන සේක!
ඤායපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ:
* භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා අධිශීල,අධිචිත්ත,අධිප්‍රඥාවෙන් යුක්ත වූ නිවන් දක්නා වූ ප්‍රතිපත්තියකට පිළිපන් බැවින් ඤායපටිපන්න වන සේක!
සාමීචිපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ:
* භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා අධිශීල,අධිචිත්ත,අධිප්‍රඥාවෙන් යුක්ත වූ ගරු කළ යුතු ප්‍රතිපත්තියකට පිළිපන් බැවින් සාමීචිපටිපන්න වන සේක!
යදිදං චත්තාරී පුරීසයුගානි අට්ඨපුරීසපුග්ගලා ඒස භගවතෝ සාවක සංඝෝ අහුනෙයියෝ:
* යුගල වශයෙන් සතරක් හා පුද්ගල වශයෙන් අට දෙනෙක් වන (සෝවාන් මාර්ගයට පිවිසි හා සෝවාන් ඵල සහිත, සකෘදාගාමී මාර්ගයට පිවිසි හා සකෘදාගාමී ඵල සහිත, අනාගාමී මාර්ගයට පිවිසි හා අනාගාමී ඵල සහිත, අරහත් මාර්ගයට පිවිසි හා අරහත් ඵල සහිත) භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ඉතා දුර සිට ගෙනෙන ලද සිව්පසේ පිළිගැනීමට සුදුසු බැවින් අහුනෙයිය නම් වන සේක!
පාහුනෙයියෝ :
* තමා සතු දෙහින් සංග්‍රහ,සත්කාර,පූජා කිරීමට සුදුසු බැවින් ද, ඉතා දුර බැහැර සිට පැමිණෙන ඥාතීන් සදහා පිළියෙල කරන ලද ආහාර පානයන් පිළිගැනීමට සුදුසු බැවින් ද පාහුනෙයිය නම් වන සේක!
දක්ඛිනෙයීයෝ :
* මෙලොව පරලොව සැපවත් විගීම උදෙසා කරන සියළු පූජාවන් පිළිගැනීමට සුදුසු බැවින් ද,දීමෙහි ආනිසංස මහත් පල මාහානිසංස කිරීමෙහි සමත් වන බැවින් ද, දක්ඛිනෙයිය වන සේක!
අන්ජලිකරණෙයියෝ :
* ලෝකයා විසින් අගිලි බැද, දොහොත් මුදුනෙහි තබා වන්දනාවට, ගරු සත්කාරයට සුදුසු බැවින් අන්ජලිකරණෙයීය නම් වන සේක!
අනුත්තරං පුන්‍යක් කෙත්තං ලොකස්සාතී :
* ලෝකයා හට පිං කෙතක් (පුන්‍යක්ෂේත්‍රයක්) වන අනුත්තරං පුන්‍යක් කෙත්තං ලොකස්සාතී වන සේක!
* ඒතේන සඡ්ච වජ්ජේන පාතුමන් රත්නයන් !
* ඒතේන සඡ්ච වජ්ජේන පාතුමන් රත්නයන් !
* ඒතේන සඡ්ච වජ්ජේන පාතුමන් රත්නයන් !

Пікірлер: 6

  • @aruniperera4646
    @aruniperera4646Ай бұрын

    Thank you

  • @P.G.R.DilumiShavindi
    @P.G.R.DilumiShavindiАй бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilip8532
    @dilip85322 ай бұрын

    😂😂😂😂😂 supiri😂❤😂

  • @WasanthaKumara-vd4od
    @WasanthaKumara-vd4od3 ай бұрын

    😢😮😅

  • @thesky7418
    @thesky74183 ай бұрын

    I extracted the audio from this video. Is there any copyright issue for this. If so kindly let me know. I will remove then..thank you

  • @dilip8532

    @dilip8532

    2 ай бұрын

    😂

Келесі