බ්‍රිජට්ගේ දිරිය Full Film

මේ චිත්‍රපටය රසවිඳ, එමෙන්ම මගේ ශ්‍රමයට මුදලකින්දායකවන්නට ඔබට හැකියාවක් තිබේනම්, පහත තිබෙනා මේ link එක මගින් ඒ පරිත්‍යාගය කරන්න.
ko-fi.com/lifeonwheels
ඔබට බොහෝම ස්තුතියි!
බ්‍රිජට්ගේ දිරිය චිත්‍රපටය මුදලක් ගෙවා, වෙළඳ දැන්වීම් භාදාවන්ගෙන් තොරව බැලීමට කැමති අයට, මේ link එකෙන් එය නැරඹීමට පිළිවන. vimeo.com/ondemand/bridgetged...
ඉංග්‍රීසි චිත්‍රපටය, When the Road Ends - Lost in the Pacific චිත්‍රපටය, මේ link එකෙන් මුදලක්ගෙවා බැලිය හැක.
vimeo.com/ondemand/whentheroa...
බ්‍රිජට්ගේ දිරිය පොත මිලදීගැනීමට, මේ දුරකථන අංකයට text පණිවිඩයක් යවා ලබාගත හැක.
0716384328
තවද මේ චැනලය subscribe කර, මගේ ඉදිරි වීඩියෝද නරඹන්නට අමතක කරන්න එපා.

Пікірлер: 2 200

  • @ride2xplore_lifeonwheels
    @ride2xplore_lifeonwheels Жыл бұрын

    අවුරුදු තුනහමාරක් පුරා, මොටර්සයිකලයක් මත ලෝකය වටා යන ගමනේදී, ඩිලන් වික්‍රම වන මා මුහුණ දුන් විශාලතම අභියෝගය අලලා සැකසුනු කතාවයි මේ. කොලොම්බියාවත් පැනමාවත් යන රටවල් දෙක අතර ඇති විශාල වනාන්තරක් හේතුවෙන්, දෙරට සම්බන්ද කරනා ගොඩබිම් මාර්ගයක් නැත. ඉතින් හිස් තෙල් බැරල්දහයකින් සෑදු තෙප්පමකින් පැසිෆික් සාගරය මත කල භිහිසුනු ගමනේ අත්දැකීම්, ලාංකීය ඔබ වෙත මා මෙසේ පිරිනමමි. ආර්ථික ප්‍රශ්න මත, මිලක් ගෙවා මේ චිත්‍රපටය බැලීමට බොහෝ ශ්‍රී ලාංකිකයන්ට අපහසුය. එනමුත්, මෙවන් චිත්‍රපටයක රස විඳීමට, සෑම ශ්‍රී ලාංකිකයෙකුටම මග සැලසීම කල යුතුම කාර්යයක් බව මා විශ්වාස කර, එය මාගේ youtube චැනලයට ගොනු කරමි. මේ චිත්‍රපටය රසවිඳ, එමෙන්ම මගේ ශ්‍රමයට මුදලකින්දායකවන්නට ඔබට හැකියාවක් තිබේනම්, පහත තිබෙනා මේ link එක ko-fi.com/lifeonwheels මගින් ඒ පරිත්‍යාගය කරන්න. ඔබට බොහෝම ස්තුතියි! බ්‍රිජට්ගේ දිරිය චිත්‍රපටය මුදලක් ගෙවා, වෙළඳ දැන්වීම් භාදාවන්ගෙන් තොරව බැලීමට කැමති අයට, මේ link එකෙන් එය නැරඹීමට පිළිවන. vimeo.com/ondemand/bridgetged... ඉංග්‍රීසි චිත්‍රපටය, When the Road Ends - Lost in the Pacific චිත්‍රපටය, මේ link එකෙන් මුදලක්ගෙවා බැලිය හැක. vimeo.com/ondemand/whentheroa... බ්‍රිජට්ගේ දිරිය පොත මිලදීගැනීමට, මේ දුරකථන අංකයට text පණිවිඩයක් යවා ලබාගත හැක. 0716384328 තවද මේ චැනලය subscribe කර, මගේ ඉදිරි වීඩියෝද නරඹන්නට අමතක කරන්න එපා.

  • @darshanasamarasingha7669

    @darshanasamarasingha7669

    Жыл бұрын

    අපාරදේ අයියේ මේක නිකන් දුන්නේ මම මේක ගෙවල එක විනාඩියක් වත් මග නොහැර පුදුම ආසාවකින් සහ කුතුහලයෙන් බලපු කාතාවක් .

  • @travelwithchanaineurope

    @travelwithchanaineurope

    Жыл бұрын

    අවුරුදු කිහිපයකට කලීන් යුරොපයට ඇවිත් රෝද දෙකක් උඩ වාඩී වුනහම හිතේ කියාගන්න බැරී සන්තොෂයක් තිබ්බා!! යුරොපයේ තවත් කව්ද ඉන්නේ කියලා බැලුවාම මට හම්බවුණ එකම නම එකම රූපය ඔබතූමා පමනයී!! ඒ රූපය තවමත් මගේ හිතේ ඒ විදිහටම ඇදිලා තියෙනවා !! කවදාහරී ඔයා වගේ ලොකේ වටේ කරක් ගහනවා කියලා හිතුනත් එක දැන් හීනයක් වෙලා ඉවරයී...චිත්‍රපටීයෙන් පස්සේ මගේ හීත අයෙත් ඇවිස්සූනා!! සුබ ගමන් අයීයා ... මම ජර්මනියේන් චානක!!

  • @rockyslisrael934

    @rockyslisrael934

    Жыл бұрын

    කියන්න වචන නෑ ඩිලන්. ඔයා ලස්සන මනුස්සයෙක් .... එච්චරයි ...❤️❤️❤️

  • @ajithkumara9314

    @ajithkumara9314

    Жыл бұрын

    මොනවත් කියන්නේ නෑ එක වචනයයි කියන්නේ එක "පට්ට"

  • @war357.

    @war357.

    Жыл бұрын

    There is another Wilson from a another story, Ball from the Cast Away Movie... Great Movie Dilan, Keep it up!

  • @DineshAPathum
    @DineshAPathum Жыл бұрын

    සමහර මිනිස්සු ජීවිත ගමනට ගුරුවරු වෙනවා.. කියන්න වචන නෑ.. මම දැක්කා ලස්සන හීනයක් සැබැවින්.. සුභ ගමන්. මුනගැහෙමු

  • @prasannafashion9720

    @prasannafashion9720

    Жыл бұрын

    අයියණ්ඩී ඔයා ❤❤❤❤❤❤❤

  • @evokecraftribbon6230

    @evokecraftribbon6230

    Жыл бұрын

    Dinesh malli oya .oyath dilan aiya wage..ekthara wickramayak thama..theruwan saranai hemotama..🙏❤👍

  • @cnthilakarathna

    @cnthilakarathna

    Жыл бұрын

    ayya comment ekak daalada kiyala hoya hoya hitiye🧡

  • @janithprashan

    @janithprashan

    Жыл бұрын

    ගුරුවරු දෙන්නම එකම තැනට ආදරෙයි 😘

  • @sanuprabath3793

    @sanuprabath3793

    Жыл бұрын

    Dinesh Ayya...😍😍😍

  • @nalinwicramarachchi6123
    @nalinwicramarachchi61233 ай бұрын

    ඇයි මේ වටිනා ලස්සන දෙයක් මෙච්චරකල් හැංගිලා තිබ්බේ. රෝද උඩ ජිවිතේ මම පොඩි පොඩි කොටස් බලල තියෙනවා , එත් ඩිලාන් මේ වගේ වීරයෙක් කියල දැනන් උන්නේ නෑ. මාර උත්සහයක් කැපවීමක් වීර්යයක්......... මම හමුදාවේ, මම ලග කොල්ලෝ 200 ඉන්නවා, හැම සතියකම ෆිල්ම් එකක් පෙන්වනවා මේ සතියේ ෆිල්ම් එක මේක. ගුනේ අය්යගේ කාමරේට ස්තුතියි.

  • @TharinduDinuka
    @TharinduDinuka Жыл бұрын

    මෙතෙක් කල් දැකපු සුපිරිම documentry එක.. ලංකාවෙ කෙනෙක් මෙහෙම එකක් කරපු එක ඊටත් වඩා සතුටක්... මෙච්චර adventure එකක් කරල ඔයා පණපිටින් ඉන්න එක ඊටත් වඩා සතුටුයි අයියේ 🖤 හදවතින්ම ජයවේවා අයියගෙ ගමනට.. මේ වගේම තව documentry films කරල අපිට බලන්න ලැබේවා කියලා සුබපතනවා 🖤🖤🖤

  • @aselasapumalbandara135
    @aselasapumalbandara135 Жыл бұрын

    මේක නම් ජාත්‍යන්තර මට්ටමේ ඉහල නිර්මාණයක්. අපේ රටේ ෆිල්ම් සමහර ඩිරෙක්ටර්ලලට ටොකු ඇන ඇන පෙන්නන්න ඕනෙ මේ නිර්මාණය. ෆිල්ම් හෝල් වල පෙන්නන්න වටින වාර්තා චිත්‍රපටයක්.. පුළුවන් අය මේ මහන්සිය අගය කරන්න වටිනාකම ගෙවලා ❤

  • @thineshgen

    @thineshgen

    Жыл бұрын

    Yes... International level creation, so we should help by making the comments international..

  • @anurangadi

    @anurangadi

    Жыл бұрын

    ශ්‍රීලාංකිකයකු ලෙස ඔබතුමා ගැන ගොඩක් ආඩම්බරයි

  • @wasaladayarathne1005

    @wasaladayarathne1005

    Жыл бұрын

    What a comment brother! "අපේ රටේ ෆිල්ම් සමහර ඩිරෙක්ටර්ලලට ටොකු ඇන ඇන පෙන්නන්න ඕනෙ "

  • @ranukpeshala6586

    @ranukpeshala6586

    Жыл бұрын

    Niyami dilan aiye..balapu hodama film ekak supiri..jayaweewa

  • @bhagyahoranage

    @bhagyahoranage

    Жыл бұрын

    Wow marama lassanai , man eka digatama baluwa, dolphin lage kathawa godakma lassana una neda me kathawa, eyala noyenna apita me kathawa balanna wenne ne, me wage lassana kathawak apita balanna, oya dipu sahayogayata godak isthuthi,

  • @dineshasanka6581
    @dineshasanka6581 Жыл бұрын

    මගේ ජීවිතේ මම දැකපු ලස්සනම තාත්විකම නිර්මාණය. 🥰🥰🥰 ඒ 100%ක් ම ඇත්ත කතාවක් සහ film එකක් නිර්මාණය. කිරීමේ අරමුනින් පටිගත කළ දර්ශන නොවෙන නිසාමයි. "ලංකාවේ අපේ එකෙක්. " ආඩම්බරයි. අගය කළ යුතුම දෙයක්. සහ නොමිළේ ප්‍රචාරය කිරීම විශේශයෙන් අගය කළ යුතුමයි. ජය සහෝදරයා. 🥰🥰🥰🥰🥰 💪💪💪💪💪 පුදුම හිත හයිය මිනිහෙක් අයියේ උඹ. Respect 🤝🤝🤝

  • @a.hcrishanchandima6270
    @a.hcrishanchandima6270 Жыл бұрын

    මම ගලිවර්,රොබින් හූඩ්,රොබින්සන් කෲසෝ,ටාසන් මේ ඔක්කොම බලල තියෙනවා.පෞද්ගලිකව මාත් මාස එක හමාරක් අයිස් කැට කකා මුහුදේ පා වුනා...ඒ හැම අත්දැකීමකටම වඩා ඔබ ගැන ආඩම්බරයි අයියේ.ජයවේවා 🙏❤️

  • @ASHANonline
    @ASHANonline Жыл бұрын

    පටන් ගත්ත මුල් කාලේ ඉදන්ම ගුරුවරයෙක් වගේ අදහන කෙනෙක්.ජීවිතේට බොහෝ දේ මෙයින් ඉගෙන ගත්තා ඩිලන් අයියා.ආයෙම ලංකවට ආව කාලෙක අපි මුණගැහෙමු..අරමුණ යහපත්නම් විශ්වය පාර පෙන්වාවි.❤

  • @nuwangaherath6235
    @nuwangaherath6235 Жыл бұрын

    බෲස්, බ්‍රිජට් ගේ දිරිය, ශාක්, කම්මලේ මිනිස්සු, විල්සන්, ඩොල්ෆින්ලා, නාවික තල්මස්සු, ධීවරයෝ, පැනමා පොලිසිය, නිවාඩු නිකේතනයේ මිනිස්සු, කොලොම්බියන් පොලිසිය, අර්දිතාව❤️ Masterpiece💫🔥

  • @yohans6815
    @yohans6815 Жыл бұрын

    ඔබ බොහොම වාසනාවන්ත මනුස්සයෙක්..මම දැනට මගේ අවු 26 ට රටවල් 4ක මිනිසුන්,සොභාදහම,සංස්කෘතියන් අත්විඳලා තියෙනවා.. ඒත් ඒ රැකියාව නිසා..නමුත් ඔබ උපයාගත් මුදල් වලින් ලෝකේ වටේ යන මේ ගමනේ ඔබට දැනුන ඒ සතුට,හැඟීම් මට කොච්චරක්ද කියලා හිතාගන්න පුලුවන්.ඔබ ඒ පාරුවට,යතුරු පැදියට කොතරම් ආදරය කාලාද..ඒවාට කතාකිරීමට හැකිනම් කියයි ඔබලා අත්වින්ද අත්දැකීම් රස කර..ඔබ කෙතරම් බුදිධිමත් ද යන්න පාරුවට තැබූ නමින් ම මට වැටහෙනවා..එයට ඔබේ මවගේ නම දැමීම කෙතරම් සාදාරනද..මවක් තම දරුවන් ජිවන ගඟෙන් එතෙර ක්‍රන්නේ යම් සේද ඔබේ පාරු මව ඔබව ආරක්ෂා කර ගොඩබිමකට යාත්‍රා කලාය.. මට පුදුම ඔබේ හිතේ හයිය ගැන.. හිතේ තිබුනු ආසාවන් ඉලක්කයන් ඔබව මේ ශක්තිමත් කරන්නට ඇතැයි සිතමි..තවද ඔබට හමුවූ ඒ සුන්දර මිනිසුන් ඔබේ ශක්තිය තව තවත් වැඩි කිරීමට හෙතුවක් වන්නට ඇති.. ඉතින් ඔබේ හා මර්ටිනාගේ අනාගතයට සුභපැතුම් !

  • @parami374
    @parami374Ай бұрын

    රොබින්සන් කෘාසෝ කුඩා කල මා කියවු පොතකි.ඒ පොත තුල මා යලිත් ජිවත් කරවිමට ඩිලාන් ඔබගේ අත්දැකිම් සහිත චිත්‍රපටය ඉවහල් වුනා වගේම දුකක් දැනුනේ මේපතරම් නිරභිත සිංහල මිනිස්සු ධෛර්යය සම්පන්න මිනිසුන් සිටින රටක අද ඉරනම පිලිබදව 💔 ඔබ ශ්‍රී ලංකාවේ ඉපදි ස්විස්ටර්ලන්තය වැනි රටකට සංක්‍රමණය විම නිසාම ඔබ එහිදි ධනාත්මක ආකල්ප තුල ගොඩ නැගුනු බව දැනේ මෙවන් නිර්භිත දේශාටනයකට සිතුවිලි පහල වන්නටත් එය ඉවසිමෙන් නිරභයව නිමාකරන්නටත් ඔබ තුල වු කැප විමත් ඉදින් නොනැවතුනු ඔබ ඔබගේ අත්දැකිම් අපට බෙදා දුන්නාටත් ස්තුතියි ...කෙරැවන් සරණයි ❤️

  • @user-vo9ke5ht5f
    @user-vo9ke5ht5f3 ай бұрын

    ගුනේ අයියාගේ කාමරේ නිසා තමයි මේක බලන්න ආවේ..මේ ෆිල්ම් එකෙන් ආදරය,ත්‍රාසය,භීතිය,සවුන්දර්යයේ ස්වභාවය,කුතුහලය නිර්මාණශිලිත්වය,එඩිතර බව,උගත්,බුද්ධිමත්,ක්‍රියාශීලි,නිරෝගී හා සුහදශීලි වීම වගේ ඇතුළු ගොඩාක් දේ දැක්කා විශේෂයි ඔබ ශ්‍රී ලාංකිකයෙක් වීම හා ඒ ගැන ආඩම්බර වෙනවාත් සමග ලන්කාවේ කුහක අශිලාචාර මදාවි පාදඩ මාද්‍ය කාරයන්ට මතක්කරන්න කැමති අදානිගේ වෙඩින් එකේ කක්කුස්සි ගැන,ඉන්දියාවේ හදන ලොකු ලොකු කේක් ගැන,විතරක් නෙවෙයි ලෝකේ සිද්දවෙන ඕනේ කුණුහරුපෙකට බයක්,සැකක්,ලැජ්ජාවක් නැතුව උපරිම ප්‍රචාරය ලබා දෙනවා වගේම මෙවන් වීරක්‍රියා ගැනත් ආඩම්බරෙන් කතා කරලා හරි විදියට සමාජ ගත කරන්න කියලා.ලෝකේ අනිත් උන්ව වර්ණනා කරනවා අපේ උන්ව ගණන් නොගෙන ඒ නිසා තමයි රටට ඔහෙම වෙන්නේ.කොහොම නමුත් ස්වභාදහමේ ආශීර්වාදයෙන් ඊලග ඉලක්කයත් සාර්ථක වේවා ජය වේවා ස්තුති..ආදරෙයි..!!! තෙරුවන්සරණයි..💖

  • @singlejourneyinaeurope.7911
    @singlejourneyinaeurope.7911 Жыл бұрын

    මම මෙක යූටියුබ් දාන්න කලින් දෙපාරක්ම බැලුව..ඇත්තටම ගොඩක් සතුටුයි ඩිලන් මහත්තයා ගොඩක් අය මෙ ගැන දන්නෙ නෑ මම හිතන්නෙ ලන්වෙන් බිහිඋන විශ්ශ්ටම වාර්‍තාමය චිත්‍ර පටය මෙක මෙකෙට නොදෙන සම්මාන හොදයි කොස් කොටන්න ..ලන්වෙ මිනිස්සුන්ට වගෙ නෙමෙයි ඔබ තුමාගෙ අගය වෙන රටවල් ව්ල මිනිස්සු දන්න නිසා ලැබුනු සම්මාන මම හිතන්නෙ නෑ ලන්කාවෙ සම්මාන වලට සම කරන්න බෑ..මම හිතන්නෙ මෙ වැඩෙන් ගොඩක් අයට ඔබ තුමාගෙ වටිනාකම තෙරයි මම හිතන්නෙ අපෙ ලන්කාවෙ ඉස්කොලෙ වල පෙන්නන ඔනි අනිවාර්යයෙන් මෙ චිත්‍ර පටය..

  • @naturalsounds5558
    @naturalsounds5558 Жыл бұрын

    ශ්‍රී ලාංකිකයෙකු විදියට ඔබ ගැන ආඩම්බරයි ඩිලන් මහත්තයා... ඇස්වලට කඳුළු ආවා ඇත්තටම... බලන්න ආසාවෙන් හිටපු දෙයක් නොමිලේ බලන්න අවස්ථාව ලබා දුන්නට බොහොම ස්තූතියි... ඇත්තටම ඒක විශිෂ්ට වික්‍රමයක්! ඔබට ජය ✌ ❤️

  • @user-rw4jx6yv2u
    @user-rw4jx6yv2u3 ай бұрын

    මේක අපි බලල මදි.මුලු ලෝකෙම බලන්න ඕනෙ.මෙච්චර හිතේ හයියක් තියන මිනිස්සු මේ ලෝකෙ ඉන්නව කියල දන්නෙ අද..😊

  • @thanujabandara7495
    @thanujabandara7495 Жыл бұрын

    කියන්න දෙවල් බොහොමයි.වෙනස්ම ලෝකයකට අරන් ගියා විනාඩි කිපයකින්.ජිවිතේට එකතු කර ගත්තු පාඩම් ද බොහෝමයි.හරිම ආඩම්බරයි ශ්‍රී ලාංකීය අපේ මිනිහෙක් වීම.ස්තුති ඩිලන්🙏❤️

  • @kalegana
    @kalegana Жыл бұрын

    මේ වාර්තාමය වැඩ සටහනේ දැක්ක හොදම දේ තමයි, මේ ලෝකේ ගොඩක් මිනිස්සු කොච්චර කාරුණිකද කියල.. ආගම, ජාති බේද නැතුව මිනිස්සුන්ට උදව් කරනවා..

  • @sahaniresh5615
    @sahaniresh5615 Жыл бұрын

    "මාර්ගය අතරමග නැවතුන විටදී පහුරක් හදන්නට බිය වෙන්න එපා" (999) ❤️

  • @anarchysaurus93
    @anarchysaurus93 Жыл бұрын

    Bro this changed my life... 🥲 ❤

  • @sathsaranaleather
    @sathsaranaleather Жыл бұрын

    Skip නොකර බලපු..අවසානෙදි අඩපු එකම කතාව..❤️එච්චරයි

  • @about_kaku

    @about_kaku

    Ай бұрын

    Sira

  • @punsaramahanama8332
    @punsaramahanama8332 Жыл бұрын

    - මාර්ගය අතරමගදී අවසන් වූ විට පහුරක් හදන්න බිය නොවන්න - බ්‍රිජට් ගේ දිරිය - අතිශය ප්‍රායෝගික , සරල , විශ්මිත නිර්මාණයක් .... ඩිලන් - ඔබ මේ වෘතාන්තය තුලින් පෙන්වා දුන්න ශ්‍රී ලාංකිකයෙකුට වුවත් ලෝකයේ ඕනෑම අභියෝගයක් ජයගත හැකි බව .... ඔබ අති විශිෂ්ඨ ශ්‍රී ලාංකිකයෙක් ... ශ්‍රී ලාංකිකයෙක් වශයෙන් මටත් .. සමස්ථ ජාතියටත් ඔබ මහත් ආඩම්බරයක් ...! 🙏 අම්මා මුලික කරගත් ජිවිතයක් කිසිදා අතරමං නොවේවි....! 🙏❤

  • @prasannaudalamatta1215

    @prasannaudalamatta1215

    Жыл бұрын

    Goof

  • @laxmankumara8645
    @laxmankumara8645 Жыл бұрын

    මම මේ ගමනෙ හිටියේ වගේ දැනුනා. ස්තූතියි මුදල් ගෙවල බලන්න බැරි අයට යූ ටියුබ් එකෙන්බලන්න දැම්මාට. හෘදයා බාධයකින් පෙලෙන මා මේදිනවල අසනීප නිවාඩු පිට සිටිමින් මෙය නැරඹීමෙන් ලත් දිරිය.... ඉක්මනින් වැඩට යා යුතුයි.. අරමුණ පැහැදිලි, අවංක එකක් නම් නාඳුනන අයත්, සතුනුත් උදවු කරාවි.. සෙඔබා දම් නියමය එයයි... ඇත්තටම ඇඬුනා සහෝ... ඔබ දෙපලටම ජය.

  • @Vihanagarukshan
    @Vihanagarukshan Жыл бұрын

    හරියට ජිවිතය වගේ අයියාගේ මේ ගමන.. කුනාටු.. සිත් රිදිම් බලාපොරොත්තු තනිවිම් අහියෝගතා වාසනාව හැමදේම... මේක නම් ගමනක් නෙවෙයි පිස්සුවක් මට නම්.. ජයවේවා... කවදා හරි ඔයාව මුණගැහෙන්නම ඕනී.. සංචාරය ජිවිතය කරගත් මනුස්සයෙක්.. සොබාදහමේ ආරක්ෂාවයි අය්යණ්ඩි ❤❤❤

  • @madhurajayasankaweerawala956
    @madhurajayasankaweerawala956 Жыл бұрын

    ජීවිතේ බලපු හොදම film එක. ආඩම්බරයි ඔබ ගැන...කියන්න වචන නැහැ...Respect you ❤

  • @samindasandaruwan1174

    @samindasandaruwan1174

    Жыл бұрын

    ඇත්ත අනිවාර්යයෙන් ❤❤❤

  • @yasirusampath7062
    @yasirusampath7062 Жыл бұрын

    ෆිල්ම් වලයි පොත් වලයි නැතුව සැබෑලෝකෙ දැකපු සුපිරිම චාරිකාව 🔥💥❤️

  • @jayaniduserasinghe4126

    @jayaniduserasinghe4126

    Жыл бұрын

    ඇත්ත කතාව යසිරු මාත් දැකපු සුපිරි ම හිතට වැදුනු චාරිකාව ක්

  • @dubaijeewitha9903

    @dubaijeewitha9903

    Жыл бұрын

    Cast away මතක් උනා 👌🏽🙏🏼මමත් ජිවිතේ බැංකු සේවකයෙක් විදිහට ජිවිතේ පටන් අරන් දැන් රටවල් කීපයක ජිවත් වෙලා තියෙනවා....මුදල් ප්‍රශ්න නිසා ජිවිතේ අතරමන් වෙලා.. රැකියාවන් 35 විතර කරපු කෙනෙක්... . දුක.. සැප.. නිතර දොලනය උනා.. වැටීම් නැගිටීම්... සරල ජිවිතේ ට හුරු පුරුදු වී.... නින්දා... ප්‍රසංසා... අවරුදු 47 වෙන මට මේ කතාවේ... වගේ විශාල අත්දැකීම් සම්බාරයක් එකතු උනා මගේ ජිවිතේ ට 🙏🏼🙏🏼🌹🌹❤️❤️💪🏽💃🏾

  • @samindasandaruwan1174

    @samindasandaruwan1174

    Жыл бұрын

    අනිවාර්යයෙන් අනිවාර්යයෙන් ස්තූති ❤❤❤🙏🙏🙏

  • @nondiproduction1857

    @nondiproduction1857

    11 ай бұрын

    අනිවාර්යයෙන්ම ❤

  • @indikathushara1769
    @indikathushara1769 Жыл бұрын

    තනිකම වැඩියෙන්ම දැනෙන්නේ තනියම ඉන්න කොට නොවෙයි මිනිසුන් පෙන්න ඉද්දි එගොල්ලන්ට ලංවෙන්න බැරි වුණා මයි - 😍බ්‍රිජට්ගේ දිරිය චිත්‍රපටය - ඩිලන් වික්‍රම

  • @fifteenseconds1487

    @fifteenseconds1487

    Жыл бұрын

    im experiancing

  • @sulonilhan4558

    @sulonilhan4558

    Жыл бұрын

    💯

  • @sanjayadamith838

    @sanjayadamith838

    Жыл бұрын

    ඩිලන්,අයියා ,,ලස්සන film එකක් බැලුවා සමහර තැන්වල කදුලු පිරුනා ඇස්වල,,මාරයි අයියෙ,,,ඔයාට ජය ,,,,🇱🇰🇱🇰🇱🇰🇱🇰🇯🇵🇯🇵🇯🇵🇯🇵👍👍❤❤🎉️

  • @RMMPradeep

    @RMMPradeep

    Жыл бұрын

    Dear I will share your comment

  • @geemini6945
    @geemini69453 ай бұрын

    ඔබ වින්ද දුක්ෂරම දේවල් අපි නොදකින්නත් ඇති . තනියම cam එකක් අටවගෙන ඔබ කරපු වික්‍රමය අතිවිෂිශ්ටයි . මග කියපු ඩොල්ෆින්...it was heart touching for me.. වැටුනු මිනිසුන් නගිටුවන්න මේ documentary එකත් සමග ලෝකෙ වටේ නැවත ඔබ යන්න අහසින්... නිහඬ සැබෑ වීරය. ඔබට ජය. ❤❤❤❤❤❤

  • @sapumalproduction
    @sapumalproduction Жыл бұрын

    🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺 ඒ ට්‍රිප් එක මම ගියා වගෙ මට දැනුනෙ 😳 පට්ට ❤️ අවසානෙදි ලොකු ආදර්ශයක් දුන්නා 🥺 ඔබ සිනමා කරුවෙකු නොවෙන්නට පුලුවන් ඒත් ඔබ මේ ගමන ෆිල්ම් එකක් විදියට එලියට දාපු එකට බොහොම ස්තූතියි 🙏🙏🙏

  • @talesofgayan
    @talesofgayan Жыл бұрын

    එදා මරදාන tower hall එකේදි මුලින්ම බැලුවෙ. ඊට පස්සෙ ගෙදර ඇවිල්ල අම්මලත් එක්ක Vimeo එකෙනුත් බැලුවා දැන් ආපහු You Tube එකෙන් බලනවා බලන හැමපාරම ඇස් කඳුලින් තෙත්වුනු නිර්මාණයක්. ශ්‍රී ලාංකිකයින් පමණක් ‌ නොව ලෝකවාසීන්ම නැරඹිය යුතු නිර්මාණයක්. ඔබ දෙපලට ජය වේවා ඩිලන්-මාර්ටිනා. ආදරෙයි!!! ❤

  • @WildTVSrilanka
    @WildTVSrilanka Жыл бұрын

    මේක බලද්දී ඇත්තටම ඇහැට කදුලක් ආව අයියේ මේකන්ම් කියලා වැඩක් නෑ ❤ හදවතින්ම ආදරෙයී ❤

  • @geethalabeysekarakandy7181
    @geethalabeysekarakandy718115 күн бұрын

    This is the most inspiring,interesting,amazing thing I have ever enjoyed in KZread Being born as a son to a Mom in my mother land Dilan is a TRUE HERO

  • @kelvin-py4iu
    @kelvin-py4iu Жыл бұрын

    KZread වීඩියෝ එකකින් ඇහැට කඳුළක් ආව මුල්ම වතාව මේක. මේක අග්‍රගණ්‍ය නිර්මාණයක්, උත්සාහයක්. ඉතාම අගය කරනවා.ලංකාවෙ හැදෙන තුට්ටු දෙකේ චිත්‍රපට වලට වැදෙන මරු පහරක් මේක. 💖💖💖

  • @harshanasampath1655
    @harshanasampath1655 Жыл бұрын

    ලොරන්ස්ලෝද අල්මේදා,වස්කෝදගාමා,කොලොම්බස් වගේ චරිතයක් දේශගවේශකයෙක් ජයවේවා ඩිලන්❤🎉

  • @kasundelans
    @kasundelans Жыл бұрын

    අගයකල යුතු වික්‍රමයක්.. සම්මාන ලැබිය යුතු. සංස්කරනය සහ කථනය උපරිමයෙන්.. බැලුවා නෙවී වින්දා.. බොහොම ස්තූති අපගේ ජීවිතයට දුන් ඒ අද්දැකීමට,ලාංකිකයන්ට නොමිලේ නැරබීමට සැලැස්වීම.මාගේ ගෞරවය ඔබට ❤️🙏

  • @dabin_aiya
    @dabin_aiyaАй бұрын

    ලංකාවේ බහුතරයක් මිනිස්සු මේ කවුද කියල දන්නෙත් නෑ ඇත්තටම 😓 ❤️ ඇත්තටම වීරයෙක්❤️

  • @cvfentertainment8579
    @cvfentertainment85793 ай бұрын

    Our life is just like your raft at the moment. Sailing without a direction. But with your great sailing and positivity you reached the destination. Thank you for this beautiful movie.

  • @wasaladayarathne1005
    @wasaladayarathne1005 Жыл бұрын

    ශ්‍රී ලාOකිකයෙක් විදියට ඉපදුන අපට ආඩම්බර වෙන්න පුලුවන් දේවල් හරිම සීමිතයි. ඒ අතරින් මේක ඉහළින්ම තියන්න පුලුවන් දෙයක්. කියන්න වචන නැහැ. 👏👏👏👏👏👏👏👏👏👏

  • @harshamjayawickrama4657
    @harshamjayawickrama4657 Жыл бұрын

    පුරාවෘත්තයකට මීට වඩා දෙයක් කොහෙද සහෝදරයා 🖤 මේ මොහොත මම, ජීවිතේ බිංදුවටම වැටිල ඉන්න ගමන් බලන ජීවමාන කතාවක් නේද කියල උඹට කඳුලු ආ තැන කමෙන්ට් කරන මගෙ ඇස් වලත් කඳුලු ඉනුව

  • @traveldreams8814
    @traveldreams88143 ай бұрын

    මගේ අදහසනම් මෙය ලෝකවාසී සියලුම දෙනා නැරඹිය යුතුම චිත්‍රපටයක් ❤❤❤

  • @Kithsirime
    @Kithsirime2 ай бұрын

    Exellent adveture.Dilan you are a long lasting mile post for younger genaration of our nation Sri Lankan.Thank you so much Dilan and Martina.May the Buddha bless you all !

  • @IDJ90
    @IDJ90 Жыл бұрын

    මට අවු 32, මගේ ජීවිතයේ හොයාගෙන ගිහින් book shop පීරලා පෙරේතකමින් කියවපු එකම පොත බ්‍රිජට් ගේ දිරිය, film එක තියනවා කියලා දැනගත්ත දවසේ ඉදන් ඒක බලන්නත් method එකක් හොයමින් උන්නේ. බොහොම ස්තුතිය KZread පල කිරීම ගැන. ඒකත් බැලුවේ ජීවිතයේ කවදාවත්ම නැති විදියට පාරේ ඇවිදින ගමන්. බොහෝ ලාංකිකයන් දකින හිතන විදිය වෙනස් කිරීමට වෙහෙසෙන ඔබට ස්තූතියි ඩිලන්. ජයවේවා.....!!!

  • @sampathwanigasekara7976
    @sampathwanigasekara7976 Жыл бұрын

    කියන්න වචන නැ ඩිලාන්. තනිකම වැඩිපුරම දැනෙන්නෙ මිනිසුන් මැද හුදෙකලා වුනහමයි. ධෛර්යය තියනවනං විශ්වය ගමනාන්තයට අරන් යයි. ආශ්චර්යවත් අත්විඳිය හැක්කේ කල නොහැකි දේ කරන විටයි. ඔය වචන ටික කවදාවත් ම අමතක වෙන් නෑ. ආඩම්බරයි ඔයා ගැන. දිවිය සතුටින් ම ගෙවේවා ඩිලාන්.

  • @maneeshprashanth
    @maneeshprashanth4 ай бұрын

    බලපු සුපිරිම script එකක් නැති film එක🥺, ඉවර වෙද්දි කදුළු එන තරම් මාර සතුටක් දැනුනේ😭🫂. You are a legend❤. The best scriptless film I've ever watched🥺, I felt so happy that I was in tears at the end😭🫂.

  • @prasannarupasinghe7
    @prasannarupasinghe7 Жыл бұрын

    දිරිය මවකගේ , දිරිය පුතණුවන්.ජේසු පිහිටයී

  • @LAnKANCHEMISTRY
    @LAnKANCHEMISTRY Жыл бұрын

    පාර අවසන් වුන මිනිස්සුන්ට පහුරක් හදාගෙන ගමනාන්තය කරා ඇදෙන්න පෙන්වාදුන් ඔබට ප්‍රණාමය Dilan ayya ❤

  • @vinodwijesekara5000
    @vinodwijesekara5000 Жыл бұрын

    මුල ඉදලා අවසාන වෙනකන් බැලුවා.... ගොඩක් සතුටුයි.. ගොඩක් ආඩම්බරයි අපේ එකෙක් ස්භාදහමටත් අභියෝග කරලා ජය ගත්තු සටන....සටනක් නෙමෙයි මාරාන්තික සටනක්... ජය ජය ජය ජය ජයම වේවා... ඔබගේ බ්‍රිජට්ගේ දිරිය සහ බෲස් කියල නිම කරන්න බෑ... ආදරෙයි සහෝදරයා.. මහනුවර සිට මම විනෝද්.... දළදා හාමුදුරුවොන්ගේම පිහිටයි.... ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @kelumsandaruwan
    @kelumsandaruwan11 ай бұрын

    ජීවිතයේ විදින මිනිසුන් මුන ගැහැන්නේ කලා තුරකින්. අයිය මෙහෙම වීඩීයෝ එකකින් දැක හදුන ගන්න ලැබීම සතුටක්. අනාගතේට සුභ පැතුම් අයියා.❤

  • @amaliagaspathiranna3753
    @amaliagaspathiranna3753 Жыл бұрын

    මම එක හුස්මට මෙි film එක බැලුවා හදවතින්ම ආසාවෙන් බලපු නිසා මටත් නොදැනිම දෑස් කදුලින් බොදවුනා.ඉතින් සහෝදරයා ශ්‍රී ලාංකිකයෙක් හැටියට අපිට උඹ මහ ආඩම්බරයක් . ඔබෙි ධෛර්යට මම ඔබට හිසනමා ආචාර කරමි. මෙි ලෝකධාතුව තුල මියයාමට පෙර එකවරක් හෝ ඔබව මුනගැසීමට මා දැඩි සේ අපේක්ෂා කරමි.❤❤

  • @kushanlahiru9223
    @kushanlahiru9223 Жыл бұрын

    බලන්න ආසාවෙන්ම ඉදපු කතාවක්...එක පොඩ්ඩක්වත් යවන්නෙ නැතුවම බැලුව...ඒ හිතේ ගැම්ම මාරයි.❤️

  • @rasikamanatunga6732
    @rasikamanatunga6732 Жыл бұрын

    ඩිලන් ඔබේ ශක්තිය ,දහිරිය කියන්න වචන නෑ .ලැබූ මිනිසත් කමට ඉහළම වටිනාකමක් දුන් කෙනෙක් .ඒ වගේම සංවේදී හදවතක් ඇති ඔබ වගේ සහකරුවකු ලැබූ මාටිනා හරිම වාසනාවන්තයි .ඇයත් හරිම සුන්දර චරිතයක් .මේ චිත්‍රපටය මෙසේ බලන්න සැලැස්වූවාට ගොඩක් ඉස්තූතියි .ඉදිරි අනාගතය ඔබ දෙදෙනාට සියලු පැතුම් ඉටු වෙන වාසනාවන්ත දිවියක් වේවා !!!

  • @Ameesh_Kumarasinghe
    @Ameesh_Kumarasinghe Жыл бұрын

    This is truly an international design. The important thing here is that this is not something that was filmed afterwards, but that it was actually something that was filmed unexpectedly at the same time as the experiences he was having. This is actually the best Deshatana report and movie I have seen in my entire life. Actually, Mr. Dylan is a talented person who accepts the most fearless challenges. It is evident from the international awards received. Many thanks to Mr. Dylan Wickrama for presenting such a valuable thing to us. This is truly an adventure. ♥️✨

  • @thilakdon00
    @thilakdon00 Жыл бұрын

    ඇත්තටම ඩිලාන් මහත්තයානෙනි ඒ අතිභයානක ගමන මෙලෙස සුන්දරව නිමාකර එහි ඇති ත්‍රසය සහ විස්මිත බව අපටත් දැක ගැනිමට සැලස්විම ගැන ඔබට ස්තුති කරන අතර ඔබ වැනි පුතෙකු මෙලොවට බිහිකල ඔබගේ දෙමව්පියන්ටත් ස්තුතිය පුදකරන අතර ඔබ දෙපලට සුභ ගමන්, බුදුසරණයි.

  • @watenpiten-9810
    @watenpiten-9810 Жыл бұрын

    මේවා දකිද්දින්අපි ගිහින් තියන තැන් මොනවද හිතෙනවා ඇත්තටම ඔබතුමා සුපිරි වැඩ්ඩෙක් 🙏❤️

  • @kaluarachchi717
    @kaluarachchi717 Жыл бұрын

    වීරයෙක් දුටුවෙමි,,, මටනම් සිහිවුනේ අම්මත් කරේ තියන් පිහිනපු අප මහ බෝසතනාන් වහන්සේ ,,, ඒ ගැම්මට ඒ හයියට,, 🙏🌎💪 මටත් හිතට මාරම ගැම්මක් ආවේ,, තෙරුවන් සරණයි අයියේ ජයෙන් ජයමවේවා ,,,

  • @mariodilano

    @mariodilano

    Жыл бұрын

    අනේ බන් හැම මගුලටම එ මනුස්සයාව ගව ගන්න එපා

  • @kanishkagimhana

    @kanishkagimhana

    Жыл бұрын

    @@mariodilano 🤣

  • @gayanjanapasindu5147
    @gayanjanapasindu51472 ай бұрын

    විශ්වාස කරන්නත් බෑ ලංකාවේ මනුස්සයෙක් මේ වගේ වීරකමක් කරා කියලා. Respect brother❤

  • @anojamanamperi1363
    @anojamanamperi1363 Жыл бұрын

    ඔබතුමා ඉතාමත්ම ධෛර්යවන්ත ,ආශ්චර්යමත් පුද්ගලයෙක් .මේ අත්දැකීම කෙදිනක හෝ අපේ අනාගත දරුවන් වෙනුවෙන් ඉතිහාසගත වියයුතුමයි ඔවුන්ට ඔබේ මේ අත්දැකීමෙන් ලබාගතහැකිදේ බොහෝයි.මාදුටු එඩිතර ශ්‍රීලාංකිකයෙක්.ඔබට හිස නමා ආචාර කරමි...🙏🙏

  • @chanukadilshanfernando5680
    @chanukadilshanfernando5680 Жыл бұрын

    අපේ එකෙක් කියලා හිතෙද්දි මාර හැගිමක් ආවේ ලෝකේ වෙන එකෙක්, මෙහෙම දෙයක් හීනෙකින්වත් හිතලා නැතුව ඇති.... ආඩම්බරයි සහෝදරයා... ❤️ විඩියෝ එකක් ෆිල්ම් එකක් නෙවෙයි මේක බලද්දි මමත් Journey එකෙන් 5% ගියා වගෙ දැනුනා.❤️❤️🙏🙏🙏

  • @tilakberagama844

    @tilakberagama844

    Жыл бұрын

    ලොකෙ තව ඕනතරම් ඉන්නවා උන්ට අපිට වඩා පහසුකම් තියෙනවා.

  • @Gihangf
    @Gihangf Жыл бұрын

    ඔබ තුළ තිබිය යුත්තේ දහිරිය පමණයි. විශ්වය ගමනාන්තය දක්වා ඔබව ගෙන යාවි. ස්තුතියි Dilan පොඩි කාලේ ඉඳන් බණ ඇහුවත් මේක බලද්දි බණ වට වැඩිය ජීවිත අවබෝධයක් හම්බවුණා. ඔබට බුදු සරණයි.

  • @pannasirihimi8238
    @pannasirihimi82383 ай бұрын

    මටනම් පෙනුනේ බුදුහාමුදුරුවොමයි. මේ සංසාරෙ කවුරුත් බැහැම කියපු සංසාර ගවේෂනයක් කරන්න තරම් කොච්චර වීරියක් උන්වහන්සේට ඇති වෙන්න ඇත්ද. ඩිලන්ගේ ගමනින් මම දුටුදේ හරි අපූරුයි. බාධකවලට බියනොවුන සිත්වලට ලෝකේ ඇත්තම ලස්සන පේනවා.ඩිලන් ඔබ විශිෂ්ඨයි .අනගිභවනීයයි❤❤❤

  • @nihalruwandeniya8255
    @nihalruwandeniya82553 ай бұрын

    අපි ජීවත් වෙන්න මුහුන දී ඇති අභියෝග මොනවද… කියල හිතෙනවා. උබ මාරම මනුස්සයෙක් … රටක් විදිහටත්, මනුස්සයෙක් විදිහටත් හරිම ආඩම්බරයි… ඒ වගෙම අතර මගදි හමුවු සුන්දර මිනිසුන් ගැන අහන්න ලැබීම හරිම ආදරණීයයි.❤

  • @anuradhajaya1
    @anuradhajaya1 Жыл бұрын

    ඒක මම මෙතෙක් අහපු වැඩියෙන්ම පුදුම හිතෙන කතාව. ඒ ආත්ම විශ්වාසය ධෛර්‍ර්‍යය ගැන කියන්න වචන නෑ. ඇසට කඳුලක් ආවා. ස්තුතියි ලාංකිකයන් වන අපට නොමිලේ නැරඹීමට සැලැස්වූවාට. ❤️❤️❤️ ආදරෙයි ඩිලන් ඔබ දෙපලට.

  • @apecharika
    @apecharika Жыл бұрын

    මම මේ Train එකේ යන ගමන් බැලුවේ. අන්තිම හරියේදී මගේ ඇස් දෙක බොඳ වුනේ මටත් නොදැනීම..මමත් බෘෘස් එක්ක ඩිලන් අයියා එක්ක මේ ගමන ගිය හැඟීමක මම හිටියේ ඒකයි කැලෑව අස්සෙන් බ්‍රිජට් ගේ දිරිය ආයෙම දකිද්දී ඇස් දෙක තෙමුනේ.. ස්තුතියි අපි වෙනුවෙන් මේක දැම්මට..ජය සතුට ❤ ඩිලන් අයියේ සහ මාටිනා ❤

  • @buwanekamanujith6687
    @buwanekamanujith6687 Жыл бұрын

    මාරම feeling එකක් මේක බලද්දි , වෙන කිසිම documentary එකක් වත් මෙච්චර ආසාවෙන් බැලුවේ නෑ...❤👀

  • @travelwithnature2018
    @travelwithnature20184 ай бұрын

    කියන්න වචන නෑ අයියේ...දැනට බලපු හොදම documentary එක....ඇත්තටම හිතා ගන්න බෑ❤❤❤❤ආදරෙයි

  • @amalidhanushka1350
    @amalidhanushka1350 Жыл бұрын

    ඉතාමත් උසස්, ලස්සන වාර්තා චිත්‍රපටයක්. මම විතරක් නෙමෙයි, මෙගේ අවුරුදු අටක දුවත් ඇඩුවා, මේකෙ අන්තිමට පාරුව උඩදී ඩිලන් සංවේදී වෙන හැටි දැකල. චිත්‍රපටයකට, කියාපු සත්‍ය කථාවක් ❤❤❤. මේ චිත්‍රපටය ජීවිතයට ලස්සන කථාවක් කියා දුන්න. ඉස්තුති අයියෙ ❤

  • @pamodhhasantha2095
    @pamodhhasantha2095 Жыл бұрын

    කවදා හරි බලන්න ලැබෙන්න ඕන කියලා හිතපු කතාවක්. ඔයාගේ මේ කතාන්දරේ ටිකක් බලපු අපිට මෙහෙම දැනෙනවනම් මේකේ හැම විනාඩියක්ම වින්ද ඔයාට කොහොම දැනෙන්න ඇද්ද... ආදරෙන්❤ සුභ පැතුම්❤🖤🌿

  • @johnnyluther1424

    @johnnyluther1424

    Жыл бұрын

    Attac ❤️🙏

  • @traveleat2859
    @traveleat2859 Жыл бұрын

    කියන්න වචන නෑ. ඇත්තටම පුදුමයි.ඔබත් එක්ක ඒ ගමන අපිත් ගියා වගේ දැනුනා. අන්තිමට බ්‍රිජට් එක්ක මුහුද එක්ක තිබුණු ඒ බැඳීම වෙන් වෙද්දී දැනුන දුක තේරුනා සහ හොදින් දැනුණා.තනි මනුස්සයෙක්ට මේ තරම් දෙයක් කරන්න පුළුවන් ද???හිතද්දිත් පුදුමයි. ඔබට ගොඩක් ස්තූති.. මේ විදියට අපිවත් ඒ ගමන එක්ක ගියාට. ආඩම්බරයි ඔබ ශ්‍රී ලාංකිකයෙක් වීම ගැන.👍

  • @user-iw7ru6fz2l
    @user-iw7ru6fz2l11 ай бұрын

    සැබෑම විිරයෙක් ❤❤❤❤❤❤ , " මේ ලෝකෙ ලස්සනම දේ ජිවිතයයි " මෙ වචන ටික අවසානෙදි ඔයා කියද්දි මට ගොඩක් දැනුණා අයියා, ස්වාභාව ධර්මය එක්ක ඔයා ජීවිතය දැක්ක වාසනා වන්තයෙක් ❤❤❤ ,

  • @TharanaMayuranga
    @TharanaMayuranga Жыл бұрын

    ෆිල්ම් වලයි පොත් වලයි නැතුව සැබෑලෝකෙ දැකපු සුපිරිම චාරිකාව Good luck aiya🔥💥❤

  • @IAMlanka
    @IAMlanka Жыл бұрын

    අපිත් ඔයා එක්කම ලෝක සවාරිය ගියා වගේ. ඒ තරමට හදවතට දැනුන චිත්‍රපටයක්. ලෝකය මොනතරම් සුන්දරද මිනිස්සු මොනතරම් සුන්දරද .. අභියෝග ජයගැනීම යනු ජීවිතය ජයගැනීමයි. සෑම කෙනෙක්ට නැරභිය යුතු චිත්‍රපටයක්. ස්තූති ඔබට...

  • @sarathweerawardana7528
    @sarathweerawardana752811 ай бұрын

    එක දිගට බලන්න ආශා හිතුන අපුරු අත්දැකීමක නිර්මාණයක්. ඔබට ජය මිත්‍රයා..

  • @eeshamadushi5276
    @eeshamadushi5276 Жыл бұрын

    සංචාරයේ යෙදිල ජීවිතේ විදින්න හරිම ආසයි.. ස්විට්සර්ලන්ඩ් වල ඉන්න ඔයා ජීවිතේ විදින හැටි ලන්කාවෙ ඉන්න අපි ජීවිතේ විදින්න වෙලා තියෙන හිැටියි හරිම දුක්බරයි... අපේ තරුණ වයස ගත වෙනකම්ම සල්ලි හොයනව අම්මල දරුවො දාල තාත්තල පවුල දාල රස්සා කරන්න සිද්ද වෙලා අඩුගානෙ අපිට එකට ගමේ පන්සලට යන්න වෙලාවක් නැහැ. නොසැලකිල්ල කියන්න බෑ එහෙම නොකලොත් දරුවට ගෑනිට අම්මට තාත්තට සලක ගන්න විදියක් නෑ විනෝදෙට පැයක් යොදවන පාඩුව සහ ගමනක් යන එකට යන වියදම සහ ගැන බරපතලව හිතන්න සිද්ද වෙලා .තරුණ වයසට අපිට තියෙන ඔය වගේ සුන්දර ආසාවල් ලංකාවෙදී හීනයක්ම විතරයි. කාලය ගත වෙලා තරුන වයස ගෙවිල ඉවර උනාම හොයපු සල්ලියකුත් නෑ දරුවො දෙමාපියන්ට ආදරෙත් නෑ ගෑනි මනුස්සයට ආදරෙත් නෑ බැදීම් සේරම කැඩිල කිසිම තෘප්තියක් නෑ. හරිම සන්තෝසයි ලන්කාවෙ අපේ මනුස්සයෙක් ඔය වගේ ජීවිතේ විදිනව දැක්කාම.. පුලුවන් අය උත්සහ කරන්න.. බැරි අයට බලල සතුටු වෙන්න.. තව තවත් මේ වගේ දේවල් කරන්න ඔබට ජය..

  • @sunejavindyani1380
    @sunejavindyani1380 Жыл бұрын

    මම මේ දැනුයි බ්‍රිජට්ගේ දිරිය බලලා ඉවර උනේ... 😱❤️ ඔයා ගැන හිතාගන්න බෑ... 🙏❤️💪 ආයේ කවදාවත් කාගෙන්වත් මෙහෙම දෙයක් දකින්න ලැබෙන එකක් නෑ... ❤️ ගොඩාක් ස්තූතියි අයියේ.. ❤️🙏 ඒ වගේම ඔයාටයි මාටිනාටයි හදවතින්ම සුබපතනවා අයියේ... 🙏❤️ මාටිනා ඔයාට ලැබුනු මිල කල නොහැකිම වස්තුවක්! ❤️🥰

  • @iclgamage3293
    @iclgamage3293 Жыл бұрын

    අදහන්න වටින චරිතයක් ♥️🙏♥️ තමන්ගේ ඔක්කොම ධනය මේ ගමනට වැය කරලා පොදි බැඳගෙන ගෙවන ජීවිත වලට වඩා සුන්දර ජීවිතයක් සරල ජීවිතයක් කියාදෙන ගාතාවක්

  • @asankarohan5544
    @asankarohan55445 ай бұрын

    හරිම ලස්සණයි ! මේ හැම රූප රාමුවකින් ඔබේ හැකියාව සහ වීරත්වය මොනවට විදහාපායි. අපේ සිංහල කොල්ලෙකුට මෙවැනි හපන් කමක් කිරීමට හැකිවීම ලොකු භාග්‍යයෙකි. ජයෙන් ජයමවේවා සොයුර❤🌷!

  • @vijithakumara802
    @vijithakumara802 Жыл бұрын

    පුංචි කාලෙ ආසාවෙන් කියවාපු සැබෑ මිනිසෙකුගේ කතාව ඒ කාලෙ හිතින් මවාගෙන වින්දා.. මේ කතාව අහලා දැක්කා .. ඔබ සැබෑ වීරයෙක් ඩිලාන් ... ❤❤❤🙋❤❤❤😍🙏

  • @chathurangawickramasinghe6070
    @chathurangawickramasinghe6070 Жыл бұрын

    KZread දැම්මාට ගොඩක් පින් 🙏🙏🙏 ආසාවෙන් බලන්න හිටියේ.. ලෝකයේ සිටින කුමන සත්වයෙකුට හෝ සතුටක් ලබා දිය හැකිනම් ඒක ලොකූ ආශිර්වාදයක්.ඒ ආශිර්වාදය ඔබ සතුයි..ජය වේවා..

  • @correcttoclarify1586
    @correcttoclarify1586 Жыл бұрын

    බොහොම පින් ඩිලාන්. ඒ වගේම ඔබට ආධ්‍යාත්මික පණිවිඩයක්ද ලබාදෙන්නම්. භාවනා ගුරුවරයෙක් ලෙසට... ඔබට ඇතැම් අවස්ථාවල සිතී තිබුණා ජීවිතය තමයි සුන්දරම දෙය කියලා නමුත් තවත් අවස්ථාවල කරදර බාධක පැමිණෙන විට. ඉගිල්ලෙන කුරුල්ලන් ගැනත් ඉරිසියා හිතෙනවා කියත් ඔබ සඳහන් කර තිබුනා. ලැබීම් නොලැබීම් සියල්ලම සම සිතින් දරා ගන්නා. විශ්වීය මනසකට සැනසුමට මග කියන ලොව නොගිය තැනක් නැති හොඳම සංචාරකයාණන් වන. තථාගත බුදුන්ගේ. දර්ශනය අවබෝධ වන තාක් අපි හැමෝම අපි හැමෝගේම සංදාර සංචාර නිම කොට නැත. සසර සයුරෙන් එගොඩව නිවන් දූපතෙහි සැනසුම ඔබට වේවා.

  • @Haritharavana
    @Haritharavana Жыл бұрын

    අයියේ ජයම වේවා, ❤️❤️🙏 දවසක මුණගැසීමට වාසනාවක් තියෙයි කියලා හිත්නවා, ❤️❤️❤️🙏

  • @sanuprabath3793
    @sanuprabath3793 Жыл бұрын

    Ammo Ayye eknm maarama story ekk thank you...Ayya nisa looke watema giya...jayawewaa...🙏🙏🙏

  • @janakasrimal1445
    @janakasrimal1445 Жыл бұрын

    හරින්ද්‍ර එක්ක කල interview එකෙන් පස්සෙ ලොකු ආශාවක් ආවා ඔයාගෙ movie එක බලන්න. සල්ලි ගෙවලා ගන්න විදිහක් තිබුනෙ නෑ . කාලය ඔහොම ගෙවෙද්දී අද ඒ වසනාව ඔබ අපට නොමිලේ ලබාදී තිබෙනවා . බොහොම ස්තුතියි. සතුටුයි ශ්‍රී ලාංකිකයෙක් හැටියට ඔබගේ වික්‍රමය ගැන. සැබවින්ම ආඩම්බරයි ඔබ ගැන. සුභ පතනවා ඔබ දෙපලට .🙏

  • @jayanthakumara1431
    @jayanthakumara1431 Жыл бұрын

    රෝද උඩ ජීවිතෙන් පස්සෙ යූ ටියුබ් එකෙන් මේ වීඩියෝ එක දුන්නු එකට ඩිලන්ට ගොඩක්ම ස්තුතියි.ඇත්තටම ඩිලන් ඔබේ පාරුව හදන්න උදව්වුනු යාලුවො ආයෙ හමුවුනේ නැත්ද ?හමූනානම් හරි වටිනවා නේද ?ඒ අය ගැන හරිම හිතවත්කමක් මේක බලන අපිටත් දැනෙනව.ඔබට ජීවිතේ ජයක්ම වේවා ඩිලන්.

  • @supunprabath6777
    @supunprabath6777 Жыл бұрын

    නියමයි ඩිලන් අයියා...මේක Real advanture tour akak

  • @thusharanayanananda5059
    @thusharanayanananda5059 Жыл бұрын

    ඩිලාන්, චිත්‍රපටිවල තියෙන්නෙ මේකප් දාපු , පසුබිම් හදපු නිර්මාණයක්. මේක සැබෑ පසුබිම් සැබෑ අත්දැකීම් තිබෙන නිර්මාණයක්. ඔබ ඇත්දැක්ක ඒ සුන්රත්වය අපේ බොහෝ අධ්‍යක්ෂකවරු හීනෙන්වත් නොදැකපු බව මට විශ්වාසයි. ඔබට ජය. සුපිරි වැඩක්.

  • @DhananjayaDeepal
    @DhananjayaDeepal Жыл бұрын

    ස්තුතියි අයියා…… කතාව ඔයාගෙන් අහල තිබ්බට බලන්න අවස්තාවක් දුන්නට

  • @mindaracreation5603
    @mindaracreation5603 Жыл бұрын

    සුබ පැතුම් ඩිලන් සහෝදරයා...... ජීවිතයේ බින්දුවටම වැටුනු වෙලාවක බලන්න ඕනිම චිත්‍රපටියක්. ජය වේවා....,!!!!

  • @wishwajithhashan4773

    @wishwajithhashan4773

    Жыл бұрын

    True🖤

  • @ThivsLife
    @ThivsLife Жыл бұрын

    ඒක නම් නියමයි ඩිලාන්. මෙය මා මෙතෙක් දැක ඇති හොඳම සැබෑ ගමන වන අතර එය එලෙසම පවතිනු ඇතැයි මම සිතමි. මක්නිසාද යත් ඔබේ කතාව පරාජය කළ නොහැක. බෙදාගත්තට බොහොම ස්තුතියි. මටත් දවස් 7න් යාලුවෙක් එක්ක බයික් එකේ (2011) ලංකාව වටේ ගිහින් අත්දැකීමක් තියෙනවා . වරක් අපට අපේ බයිසිකලයත් යාත්‍රාවට දමන්නට සිදු විය. නමුත් මගේ කතාව ඔබේ කතාවට සාපේක්ෂව 1%ක් පමණයි. ඔබට සුබ ගමන්. ජීවිතය භුක්ති විඳින්න.

  • @lasithfernando7713
    @lasithfernando7713 Жыл бұрын

    මම මේ වෙලාවේ මානසිකව ගොඩක් වැටිලා ඉන්න කෙනෙක්. තනියම UK ඇවිත් ගෙවන ජීවිතේ නිසා ගොඩක් දුකින්, කලකිරීමෙන් ඉන්න ගමන් කතා කරන්න කවුරැවත් නැතිව නින්ද යන්නෙ නැති නිසා නිදා ගන්න ඹ්න කමට පොඩ්ඩක් බොන ගමන් you tube එකේ film එකක් බලන්න යද්දි අහම්බෙන් මේක දැක්කෙ.හිතට ලොකු දෙයක් දැනුනා. ඇත්තටම ඩිලාන් නම් සුපිරි චරිතයක්. මේක ලොකු ආදර්ශයක් මං වගේ පොඩි දේකින් පවා ජීවිතේ කලකිරිලා අවුල් යන අයට.❤️❤️

  • @ishankagayan
    @ishankagayan Жыл бұрын

    මට නම් කවදාවත් මෙහෙම දෙයක් කරන්න බෑ.මට මෙච්චර ඉවසීමක් නෑ.ඔබ නම් මාරම මිනිහෙක්.අදහන්න වටින මිනිහෙක්.අවන්කවම ආඩම්බරයක් ❤️❤️❤️❤️❤️

  • @crazyone2585
    @crazyone2585 Жыл бұрын

    ගොඩක් ආඩම්භරයි අයියේ අපේ රටේ කෙනෙක් මේ වගේ දෙයක් කරපු එක ගැන. මේක නම් ජාත්‍යන්තර මට්ටමේ ඉහල නිර්මාණයක්.කවදා හරි බලන්න ලැබෙන්න ඕන කියලා හිතපු කතාවක්. තත්පරයක් වත් ස්කිප් නොකර බලපු විඩීයො එකක්♥ බොහොම ස්තූතියි අයියේ මේ අත්දැකිම් ඇපි සමග බෙදා ගත්තට🥰

  • @yasirulakshitha5179
    @yasirulakshitha5179 Жыл бұрын

    මිනිසා ජිවිතේ විදින්නා ඌ බොහෝදේ විචිත්‍රවත් දැනෙන සැම ඉසවුවකම සෑම කොටසකම ලැගුම් ගන්ඩ ලැස්ති. ජිවිතේ කියන්නේ එකයි සතුට කියන්නේ විවිදයි හැගිම් දැනීම් විවිදයි ලොකයා තුල ජිවත් වන මිනිසුන් විවිදයි ඒ විවිද මිනිසුන් අතරින් නිර්මාණය වෙන දැ බොහෝම අපුරුයි මෙක බලන මට අපූර්වයක් thankyou brother ❤️

  • @arunakumara5726
    @arunakumara5726 Жыл бұрын

    Mamath baluwa.harima lassani wagema trasaya pirunu duka hitunu tawath vithakadi adambarayak danunu film ekak .obata jaya

  • @user-wx4up4zg9l
    @user-wx4up4zg9l Жыл бұрын

    ජීවිතයේ බින්දුවටම වැටන අවස්තාවක බලන්න වටින දෙයක්, ස්තුතිය ඩිලන් මහත්තයා...❤️❤️

  • @arunalakmal7093
    @arunalakmal7093 Жыл бұрын

    මගේ ජීවිතේ නරබා ඇති විශිෂ්ටතම වැඩසටහන මෙයයි.. ඇත්තටම ඇස් වලට කදුලක් ආපු අවස්තාත් නොතිබුනාම නොවෙයි. බලන අයගෙ ජීවිත වලටත් ගොඩක් පාඩම් කියල දුන්න. මගේ බාශාවෙන් කියනවනම් ඇත්තටම ඔබ තුමා👌 චරිතයක්❤️. ශ්‍රී ලාංකිකයෙක් විදිහට ඔබ තුමා ගැන ලොකු ආඩම්බරයකුත් දැනුන ජයවේවා . ❤️

  • @mahindakumarar333
    @mahindakumarar333 Жыл бұрын

    ජීවිතය ට පහුරක්... ඔබට ස්තුතිය ..

  • @harshakokila1397
    @harshakokila1397 Жыл бұрын

    කියන්න වචන නෑ..පොතත් කියවලා මේකත් බලපුවම දැනෙන දේවල් කියන්න වචන නැ..එකෙන්ම සුපිරි❤️😍👌

  • @Lankanmepaa
    @Lankanmepaa Жыл бұрын

    ජාත්‍යන්තර මට්ටමේ ඇගයීම් ලැබිය යුතු වික්‍රමයක් ❤️. මම දැක්ක ලස්සනම දේ ස්‍රී ලාංකිකයා කොච්චර ප්‍රශ්න ආවත් ඒ හිනාව ඒ විදියටම මූනකටපුරා තියෙන එක. විශ්වය ඩිලන්ව හැමදාමත් රකීවි. God bless you aiya. Much love

  • @jagathsuriarachchi5222
    @jagathsuriarachchi5222 Жыл бұрын

    ඔබ ගැන ඉතාම ආඩම්බරයි මිත්‍රයා. ජීවිතය ගොඩගන්න අභියෝග වලට මුහුන දෙන්න බයනැති කරන්න අහපු දැකපු හොඳම කතවක්. ඇත්තටම මෑත කාලයේ විශිෂ්ඨම කතාව. ඔබ ගැන ප්‍රවෘත්ති පත්‍ර වල කියවල තිබුනත් අපේම සගයෙක් වින්ද දුෂ්කර. අභියෝගය අද තමයි හරියටම දැනුනෙ. මේචිත්‍රපටය ජාත්‍යන්තර සම්මාන හිමිවිය යුතු නිර්මාණයක් කියලයි මට හිතෙන්නෙ. ඔබ සංචාරයට වගේම කැමරාව හසුරුවන්න, සංස්කරණය කරන්නත් අති දක්ශයෙක්. ඔබට ජය!

  • @hashansrinath5823
    @hashansrinath5823 Жыл бұрын

    One of the best real-life documentaries I've ever watched Sir, I’m so proud of you as a Sri Lankan 🙏🇱🇰for showing the entire world what the true meaning of courage is. I felt really emotional when looking at this, especially that last bit where those dolphins 🐬 appeared out of nowhere and gave the directions, and, at last, when you got emotional when you abandoned your loving sailboat. 🚤 I have seen so many motivational speakers teach about life, but these 90 minutes were very special. Thanks for sharing this amazing journey 🙏with us, Sir. I’ve personally learned a lot about the life from this story. I wish you both all the very best and hope you keep inspiring people who are willing to explore the true meaning of their lives. May the triple gem bless you. Hashan, From Tasmania (Aus)

  • @ahinsawickramasingha6755
    @ahinsawickramasingha6755 Жыл бұрын

    ගේම් කියන්නේ මෙන්න මේවට මල්ලි ඔයා නම් මාරයි.The game is here, bro, you are the best.

Келесі