වෙල්ගම්වෙහෙර සිදුවීමෙන් දිවි ගලවාගන්නා එකම විරුවා වණැසට කතා කරයි | WANESA TV

(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZread Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZread Channels is strictly prohibited.)
Sanjeewa Rathnayake®

Пікірлер: 739

  • @rmekhalaweerasinghe9563
    @rmekhalaweerasinghe9563 Жыл бұрын

    මේ ඉන්නේ මගෙ ලොකු අක්කගේ මහත්තයා.අයියා hospital ඉන්න කාලේ හැමෝම සෑහෙන්න දුක් වින්දා.එතකොට ලොකු දුව හුගාක් පොඩී.අයියට වෙඩි වදිද්දි ලොකු දුව හම්බෙන්න හිටියේ.ඔයාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ 🙏

  • @TuhGhh-wk9pm
    @TuhGhh-wk9pm

    මගෙ අයියත් මේ ට්‍රක් එකේ හිටියා නිශාන්ත කුමාර කියන්නෙ මගෙ අයිය , අනේ මගෙ රත්තරන් ඔයා එක පාරයි මැරැනේ අපි හැමදාම මැරි මැරි ජිවත් වෙනවා, ඔයාගෙ නංගී ඔයා ගැන ගොඩක් ආඩම්බර වෙනව, 😢😢😢

  • @kalanaviraj259
    @kalanaviraj259 Жыл бұрын

    කලින් වැඩසටහනේ එදා බේරුන එක්කෙනෙක් හිටියා තාමත් ජීවතුන් ඇති කියද්දිම ඔහුව දකින්න ආසාවෙන් ඉද්දිම මේන් අද ඔහු ඇවිත් 😍😍

  • @Ajantha474
    @Ajantha474 Жыл бұрын

    ඒ ට්‍රක් එකට ගහපු වීඩියෝව දැකලා තමයි මමත් ආර්මි එකට බැදුනෙ 2007. ඒක දකිනකොට එන තරහා කොටින්ව මරාගෙන කන්න පුලුවන්. ඒවගේම පට්ට දුකයි.

  • @imallakshan7985
    @imallakshan7985 Жыл бұрын

    😢 ට්‍රක් එකට ගහල තුවාල වෙලා ඉන්න සෑම රණවිරුවෙක්ටම වෙඩි තියල එලියට ඇදල දාල ගොඩ ගහන ඒ වීඩියෝ එක බලද්දි මගේ ඇස් වලට කදුලු ආවා සත්තයි 😢😢 මොනතරම් දේවල් හිතෙන්න ඇතිද ඒ වෙලාවෙ 😢😢😢😢😢 ඇත්තටම මාරම දුකයි මේ කතාව 😔😔😢😢😢😢 දිවි පුදල ඇස් ඉස් මස් ලේ දන් දීල රැකල දුන්නෙ මේ රට අපිට නිදහසේ ජීවත් වෙන්න 🙏🙏🙏 සදා නය ගැතියි අපි ඔබට රණවිරුවාණෙනි🙏🙏🙏🙏 සියක් ආයු ලැබේවා 🙏🙏දීර්ඝායු ලැබේවා ඔබ තුමන්ට 🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @udanthaayomal568
    @udanthaayomal568 Жыл бұрын

    වනැස කියන්නේ තනිකරම ඇබ්බැහියක්.දවසට 1 video එකක් හරි (පරණ එකක් හරි )බලනවා.එච්චරට ආසයි මේ channel එකට.❤️

  • @surensuranga1244
    @surensuranga1244

    සංජීව මල්ලි ඔයාගෙ මෙහෙත් යුද්දයට දෙවෙනි නැහැ රටක කිසිම මාද්‍ය්ය වේදියෙක් නොහිතන ඉලක්කයක් ඔබ අරන් තියෙන්නේ ප්‍රතමයෙන් ඒ වෙනුවෙන් ඔබට මාගේ ප්‍රණාමය ,,,,,,,මාත් කපිතාන් වරයෙක් මාත් මුලදි ස්‍රි ලංකා ජාතික ආරක්ෂක බලමුලුවේ නිලයෙක් පසුව වෙනත් ඒකකයක් වෙත අන්තර් ඒකක මාරු වීම් ලබා ඉවත් ඌ අයෙක්,ඒ කෙසේ නමුත් සමහර සිදුවීම් සෝචණීයයි,ඒ අපේ උසස් නිලයන්ගේ වැරදි ක්‍රියා නිසා වෙන් හැබැයි විදෙව්වෙ අහිංසක කොල්ලො,,,,,ඔබේ මෙහෙයට දීර්ඝාෂුස වේවා

  • @kdfarnando6964
    @kdfarnando6964 Жыл бұрын

    ඒක දකිද්දි මං හිතුවෙ නැ එක්කෙනෙක්වත් ඉතුරුවෙයි කියලා.. ඒ මියගිය රණවිරුවන්ටත් මෙතුමාටත් තෙරුවන්සරනයි…

  • @wonderofasia123
    @wonderofasia123 Жыл бұрын

    මගේ අයියත් මේ වගේම රට වෙනුවෙන් ජීවිතය පූජාකලා. මියගිය සියලුම රණවිරුවන්ට නිවනේ දොර ඇරේවා. ඔබටත් නීරෝගී සුවය ලැබේවා❤❤❤

  • @pubgmobilesl8046
    @pubgmobilesl8046 Жыл бұрын

    මුලතිව් පහාරයේ වතුර ටැංකියක බැහැල ඉදල බේරිල ආව 10 දෙනෙක්ද කොහෙද තව ඉන්නවා ..පුලුවන්නම් එයාලගේ එක කතාවක් කරන්න..කලින් දාපු විඩීයෝ එක මම 100 පාරකට වඩා බැලුව...❤️

  • @erangahasalaka9766
    @erangahasalaka9766 Жыл бұрын

    මියගිය විරුවන්ගේ නම් කියපු එක ගොඩාක් වටිනවා... ඒ රත්තරන් මිනිස්සුන්ගෙ නම් සොහොන් කොත්, ස්මාරක,

  • @gunabandage5514
    @gunabandage5514 Жыл бұрын

    පට්ට කතාව

  • @user-hk4fl4uo8t
    @user-hk4fl4uo8t Жыл бұрын

    ඒ මොහොතේ හා යුද්ධය නිසා දිවිය,තම තාරුණ්‍ය පිදු සියලුම රණවිරුවන් ට ජාතියේම උපහාරය ලැබේවා.

  • @lpdrariyasinghe2498
    @lpdrariyasinghe2498 Жыл бұрын

    ජිවිත පරිත්‍යාගයෙන් රට බෙරලා දුන්න සියලුම රණවිරුවන්ට තෙරුවන් සරනයි

  • @chaminduvidushan3056
    @chaminduvidushan3056 Жыл бұрын

    මගෙ සාන්ත බාප්පා.ඔයා අපිට අපේ පරම්පරාවට වීරයෙක්

  • @mavindumadusanka4615
    @mavindumadusanka4615 Жыл бұрын

    ලස්සන වැඩසටහන සංජීව අයියෙ.දිගටම කරගෙන යන්න..මගෙ තාත්තාත් යුද හමුදාවේ හිටියේ..එයා 2000 අවුරුද්දේ යුද්දෙදි නැති උනා..එයා දැන් හොද තැනක ඉන්නවා ඇති ඔයාගෙ වැඩසටහන බලනකොට මට තාත්තා මතක් වෙනවා..ඔයාට සුබ පතනවා දිගටම කරගෙන යන්න .

  • @chamaraperera1205
    @chamaraperera1205 Жыл бұрын

    පේනවනේ දේශපාලුවෝ සැප විඳිනවා .මේ මිනිස්සුන්ට තුවාලයක් වුනාම දීලා තියෙන්නේ 3000.🤔...මිනිස් ජිවිතේ වටිනාකම ඒකද....මේ කාලකන්නි ⁣දේශපාලුවන්ට අපි තවත් ඡන්දේ දෙන්න ඔනද මුන්ට සැප විඳින්න.

  • @singha4758
    @singha4758 Жыл бұрын

    සංජීව පටන්ගැනීම ලස්සන බණ පදයක් . රියල් යක්කුම හොයන සංජීව අයියෙ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💥💥💥💥💥☸️☸️☸️

  • @user-er4vl8nx7z
    @user-er4vl8nx7z Жыл бұрын

    කාලයක් මාදුපිටිය අපේ ගමේ හිටපු ආදරණීය චරිතයක් ,ශාන්ත අයියා මනුස්සකම පිරුණු උදාර රණවිරුවෙක්.

  • @surangawejerathna5951
    @surangawejerathna5951 Жыл бұрын

    මේ කතාව අහන්න ගොඩක් උනන්දුවෙන් හිටියා කලින් වැඩසටහනේ කිව්වා වෙල්ගම්වෙහෙර කේදවාචකයෙන් පසු එක සෙබලෙක් ජිවත් වෙනවා කිව්වට පස්සේ... මම හිතාගෙන හිටියේ සියලුම රනවිරුවන් එම ප්‍රහාරයෙන් ජිවිතක්ෂයට පත්වෙන්න ඇති කියලා...tanku වෙනස TV❤..රෙස්පෙක්ට් රනවිරුවානෙනි❤❤

Келесі