Uthuwankande Sura Saradiyel - උතුවන්කන්දේ සූර සරදියෙල් ගල සොයා ගිය ගමන

දීකිරිකෑවගේ සරදියෙල් හෙවත් උතුවන්කන්දේ සරදියෙල් යනු ඉංග්‍රීසින් විසින් මෙරට පාලනය කරන සමයේ බිහිවු කල්ලි නායකයෙකු මෙන්ම ජාතික වීරයෙක් විය....
සමහරුන් විසින් ඔහු බ්‍රිතාන්‍ය යටත්විජිත පාලනයට එරෙහිව ප්‍රාදේශීය ලෙසින් පැන නැගුනු කැරැලිකාරුවෙකු ලෙසද සමහරුන් ඔහු නොපනත් මංපහරන්නෙකු ලෙසත් දකී.
සරදියෙල් කෙටි කලක් සොරකමෙහි යෙදුනද, පසු කාලයේ ඔහු සොරකම් කල භාණ්ඩ දුගී ගම්වැසියන් අතර බෙදා දුන්නේය.
ඔහු රයිපල් බැරැක්කයෙහි බැරැක්ක ආවතේවකරුවෙකු ලෙසින් සේවයෙහි යෙදෙමින් ,
අවි පිළිබඳ මනා දැනුමක් ලැබූ අතර, එයින් පිටව යෑමට පෙර ගිනිඅවි කිහිපයක්ද රැගෙන ගියේය.
සරදියෙල් විසින් සොර කල්ලියක් සාදා ගත් අතර නුවර කොළඹ මහාමාර්ගයේ ගමන් කළ ගැල් සහ අශ්ව කරත්ත මංකොල්ල කෑම ආරම්භ කළේය.
ඉතා ඉක්මණින් ඔහුගේ පහරදීම් රඹුක්කන, පොල්ගහවෙල මෙන්ම කුරුණෑගලටද ව්‍යාප්ත විය.
මෙය සරදියෙල් දිවයින පුරාම ප්‍රචලිත වීමට මෙන්ම බ්‍රිතාන්‍ය පරිපාලනය විසින් එම ප්‍රදේශ වල පොලිස් බල ඇණි වැඩි වැඩියෙන් ස්ථාපනය කිරීමටද හේතු විය.
සංචාරකයන් හට ආයුධ සන්නද්ධ භට පිරිස් ‍රැගත් රථ මඟින් ආරක්ෂාව සලසන ලදී.
1864 මාර්තු 21 වනදා සරදියෙල් මම්මලේ මරික්කාර් සමඟ මාවනැල්ලේ පිහිටි නිවසක සිටියදී ලැබුණු ඔත්තුවකට අනුව පොලිස් කණ්ඩායමක් විසින් එම නිවස වටලන ලදී.
අහමත් සාජන්ට්වරයා සරදියෙල් වෙත වෙඩි තබා ඔහුට තුවාල සිදු කළ අතර මම්මලේ මරික්කාර්ගේ වෙඩි පහරකින් කොස්තාපල් ශබාන් ජීවිතක්ෂයට පත් විය.
සාජන්ට් අහමත් විසින් නිවසෙන් පිටවීමට තිබූ එකම දොර‍ටුව ආරක්ෂා කරන අතර කෑගල්ල සහකාර රජයේ නියෝජිත එෆ්.ආර්. සෝන්ඩර්ස් ශ්‍රී ලංකා රයිෆල් බලකායේ පිරිසක් සමඟ එම ස්ථානයට ඉක්මනින් පැමිණියේය.
තව දුරටත් විරෝධය පෑම නිශ්ඵල බව දු‍ටු සරදියෙල් සහ මම්මලේ යටත් වූහ.
ඔවුන් දෙදෙනා මහනුවරට ‍රැගෙන යනු ලැබූ අතර විනිසුරු තොම්සන් සහ රජයේ නීතීඥ ලෙස රිචඩ් මෝර්ගන් සහ ඉංග්‍රීසි කතා කරන ජූරි සභාවක් ඉදිරියේ නඩුව විභාග කරන ලදී.
ජූරිය විසින් ඔවුන් දෙදෙනා වැරදිකරුවන් ලෙස තීරණය කරන ලද අතර මරණ දණ්ඩනය නියම කරන ලදී.
ඔවුන් 1864 මැයි 7 වනදා එල්ලුම් ගහ වෙත ගෙනයනු ලැබූ අතර විශාල ජනකායක් සරදියෙක් දැක ගැනීමට එහි පැමිණ සිටියහ.
ඔහු විසින් කොල්ලකෑ බොහෝ වස්තුව, සරදියෙල් විසින් දුප්පතුන් අතර බොදා දෙන ලද අතර,
කිසිවිටෙක ඔවුන්ගෙන් සොරකම් නොකලේය. මෙය නිසා "ලංකා රොබින්හුඩ්" ලෙසින් ඔහු හැඳින්විණි.
ඔහුගේ ආක්‍රමණ වලින් බොහෝමයක් එල්ලවූයේ බ්‍රිතාන්‍ය ජාතිකයන් සහ
එහි ඉහළ හා මධ්‍යම මට්ටම්හී වැජඹෙමින් ධනය රැස් කර ගත් යටත්විජිත පරිපාලනයේ ස්වදේශීය ආධාරකරුවන් වෙත බැවින්,
දුගී ගම්වැසියන් අතර ඉමහත් ජනප්‍රියත්වයක් ලබා ගැනුමට ඔහු සමත් විය.
මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, ඔහුගේ ක්‍රියාවන් යුක්තිසහගත බවත්,
සරදියෙල් යනු බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව කැරලි ගැසූවකු මිස මංපහරන්නෙකු නොවන බවත්, බොහෝ දෙනා සලකති.
ස්තුතියි.............................
cover song -
Natural Light - Chris Haugen.mp3

Пікірлер: 9

  • @prasannasandaruvan
    @prasannasandaruvan10 күн бұрын

    👍👍👍

  • @LilisCreativeDen
    @LilisCreativeDen27 күн бұрын

    😍😍😍😍

  • @SecretFund-fe3hu
    @SecretFund-fe3hu27 күн бұрын

    woow

  • @DilrukshiToday2022
    @DilrukshiToday2022Ай бұрын

    නිවැරදි කිරිමක්.....සරදියෙල්ට වෙඩි තැබුවාට ඔහු මරණයට පත් වුයේ නැත...පසුව ඔහු නුවරදී එල්ලා මැරැවා කියලා සදහන් වෙනවා

  • @Ruchiradileeka
    @RuchiradileekaАй бұрын

    Wow aiye...

  • @tharagalakshan6729
    @tharagalakshan6729Ай бұрын

    ❤❤

  • @MalaiHemalatha

    @MalaiHemalatha

    Ай бұрын

    😢ස් ම් 6:54 අපි ඔයාගෙ video නිතරම බලනවා

  • @Ruchiradileeka
    @RuchiradileekaАй бұрын

    දැනුම නම් පට්ට අයියේ ඔයාගේ...

  • @gayanchanaka8153

    @gayanchanaka8153

    Ай бұрын

    thanks malli

Келесі