තලෛයිමන්නාරම් දකුණු දුම්රිය ජැටිය - Thalaimannar South Pier

කොළඹ කොටුව සිට තලේමන්නාරම් තොට දක්වා පිටත්වන දුම්රියක් ප්රධාන දුම්රිය මාර්ගය ඔස්සේ පොල්ගහවෙල තෙක් ගමන් ගන්නා අතර එතැනින් උතුරු දුම්රිය මාර්ගයට පිවිස මැදවච්චියේදී තලේමන්නාරම් මාර්ගයට පිවිසෙන අතර එතැන් සිට නේරියකුලම, සෙට්ටිකුලම, මඩු පාර, මුරුන්කන්, මාතෝට්ටම්, තිරුකේතීෂ්වරම්, මන්නාරම, තොඩ්ඩවේලි, පේසාලේ පසුකරමින් තලේමන්නාරම දුම්රිය ස්ථානය කරා ලඟාවන අතර එතැන් සිට අතීතයේදී දුම්රිය මාර්ගය දෙකට බෙදී තලේමන්නාරම් උතුරු සහ දකුණු ජැටි කරා ගමන් කර ඇති අතර එම මාර්ග දෙක නැවත සම්බන්ධ කරමින් දුම්රිය මාර්ග ත්රිකෝණයක් ලෙස තවත් මාර්ගයක් ඉදිවී තිබී ඇත. එමගින් හැරවුම් මේසයක් නොමැතිව සහ දුම්රිය එන්ජිම ගැලවීමකින් තොරව සම්පූර්ණ දුම්රියම ආපසු මැදවච්චිය දෙසට හැරවීමේ හැකියාව තිබූ අතර මෙරට තුල ක්රියාත්මක වූ වෙනත් අන්ත්ය දුම්රිය ස්ථාන වල මෙන් දුම්රිය එන්ජින් හැරවීම සඳහා හැරවුම් මේසයක් තලේමන්නාරම හෝ තලේමන්නාරම් තොට දුම්රිය ස්ථානයන්හිදී ඉදිව තිබුණේ නැත.
තලේමන්නාරම සිට දකුණු ඉන්දියාව දක්වා නාවික ගමනාගමනය පවත්වාගෙන ගොස් ඇත්තේ 1914 - 1984 දක්වා වන නමුත් තලේමන්නාරම් දකුණු ජැටියේ ආයු කාලය වී ඇත්තේ වසර 10ක් පමණ ඉතා කෙටි කාලයකි. තලේමන්නාරම් දකුණු ජැටිය ආසන්න පතුලේ වැලි සහ රොන්මඩ තට්ටු තැන්පත් වීම හේතුකොටගෙන එය වෙත යාත්රා කිරීම අපහසු බව පවසමින් තලේමන්නාරම් දකුණු ජැටිය ආසන්නයට තම යාත්රා රැගෙන ඒමට අදාල යාත්රා අයත් ඉන්දීය සමාගම අකමැති වීම එයට හේතුව වී ඇති අතර එබැවින් 1920න් පසු කාලයේදී ශ්රී ලංකා දුම්රිය සේවය විසින් තලේමන්නාරම් දකුණු ජැටිය ආසන්නයේ සියලු මෙහෙයුම් කටයුතු අවසන් කොට දුම්රිය මාර්ග ත්රිකෝණය ඉතිරි කරමින් අනෙක් දුම්රිය මාර්ග කොටස ගලවා ඉවත් කර තිබේ. තලේමන්නාරම් දුම්රිය මාර්ගය සහ උතුරු ජැටිය මෙරට වර්ගවාදී යුද්ධය ඇරඹෙන තෙක්ම ක්රියාත්මකව තිබී ඇත.
අතහැර දැමූ තලේමන්නාරම් දකුණු ජැටියේ කොටස් ශ්රී ලංකා දුම්රිය සේවය විසින් ගලවාගෙන තලේමන්නාරම් උතුරු ජැටියේ සහ මෙරටේ නොයෙකුත් දුම්රිය පාලම් ආදියේ නඩත්තු කටයුතු සඳහා යොදාගත් බවට කියවෙන නමුත් වර්තමානය වනවිටත් අධික ලෙස දිරාපත් වූ තලේමන්නාරම් දකුණු ජැටියේ ඉතා කුඩා කොටසක් තලේමන්නාරම් දකුණු වෙරළේ ඉතිරිව පවතී. තලේමන්නාරම දුම්රිය ස්ථානය පසුකර තලේමන්නාරම් තොට දෙසට මහා මාර්ගයෙන් ගමන් කරද්දී දකුණු දෙසට තියුණු නැම්මක් හමුවන අතර ඒ සමගම වම් දෙසට ඇති සංවර්ධනය නොකල බොරළු මාර්ගයේ ගමන් කිරීමෙන් තලේමන්නාරම් දකුණු වෙරළ තීරයට පිවිස තලේමන්නාරම් දකුණු ජැටිය පිහිටා ඇති ස්ථානය වෙත ලඟා විය හැක.. සිංහල භාෂාව හැසිරවිය හැකි අවට ගම්වාසීන් බ්රිතාන්ය යුගයේදීම අතහැර දැමුණු තලේමන්නාරම් දකුණු ජැටිය හඳුන්වන්නේ "පරණ පියර් එක" යනුවෙන් වන අතර ඔවුන්ගෙන් එසේ විමසීමෙන් තලේමන්නාරම් දකුණු වෙරළ දක්වා ගමන් මාර්ගය පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගත හැක.
- Onal's Travle Notes -
All Rights of this video is Reserved. Republishing without any permission is extremely prohibited.
Ceylonese © 2023
☛ Subscribe Us. Like the Video. Thank you for Watching!

Пікірлер: 5

  • @SrilankanTrain
    @SrilankanTrain Жыл бұрын

    ❤❤❤

  • @rumeshjayawardhane3045
    @rumeshjayawardhane3045 Жыл бұрын

    😍😍

  • @Shashiyasw
    @Shashiyasw Жыл бұрын

    😍😍♥️

  • @dilukshi.hasintha586
    @dilukshi.hasintha58611 ай бұрын

    ❤😊😊

  • @Ceylonese

    @Ceylonese

    9 ай бұрын

    Thank you! 😊

Келесі