රූපවාහිනි- ගෑස් ලිප් - අඩුම තරමින් ගමට කඩයක් වත් නැති දික්කසාද නැති අරුම පුදුම ගම්මානය sudaa studio

#galamudunagama #schoolbook #vellge #ranilwickramasinghe #deneshgunawardhana #gotabayarajapaksha #mahindarajapaksha
------------------------------------------------
Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
/ sudaacreations
------------------------------------------------------------
Follow me on Facebook
/ talkwithsudaththa
------------------------------------------------------------
මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
පෙර වෑඩ සටහන :
• සුදාගේ වලත්ත කමට මොරින...
------------------------------------------------------------
Sudaa Creation
ප්‍රධාන නාලිකාව පෙර වෑඩ සටහන :
• සුදා ගෙදර යයි බිරිඳ බේ...
_________________________________________
පෙර වෑඩ සටහන :
මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
• අතුල + සමිතා = දුවගෙ ප...
..............................................................................
The Clueless Campers යූ ටියුබ් නාලිකාව
පෙර වෑඩ සටහන
• ඕස්ට්‍රේලියාවේ දැවිල්ල...
_________________________________________
පෙර වෑඩ සටහන :
මේක අපේ Sudaa news යූ ටියුබ් නාලිකාව
_________________________________________
Email : sudaacreation@gmail.com
whats app Contact : 0094 77-5065788

Пікірлер: 723

  • @MediaLifeSL
    @MediaLifeSL Жыл бұрын

    අනේ අර ආච්චි අම්මා එක්ක කතා කර කර ඉන්න තිබ්බා නම්......❤️ දීර්ඝායුෂ වේවා ❤️🙏

  • @pathirana64
    @pathirana6410 ай бұрын

    අවුරුදු 87ක් උනාට මාර ජවසම්පන්න අත්තම්මෙක් දීර්ගායූ වේවා ඔබ තුමීට පුදුම සරල ජීවිත

  • @karunathilakajayawardhana1585
    @karunathilakajayawardhana158510 ай бұрын

    සුදන්ත මහත්මයා, පළමුවෙන්ම ඔබගේ මේ වැඩසටහනට සුභ පැතුම් ❤ මම මේ ගමට දෙතුන් වතාවක් ගිහින් තියෙනවා. ඒ 1992 වර්ෂයේදී. ඒ කාලේ පාරක් තිබුණේ නැහැ. කැළේ මැදින් අඩි පාරේ ගියේ. හරිම සුන්දර ගමනක් තමයි. ඒ මිනිස්සුන්ගේ පුදුම ගෞරවයක් තමයි දක්වන්නේ දැන් නම් ගොඩක් දියුණු වෙලා. ඒ කාලේ පාසැලට තිබුනෙ එක ගොඩනැගිල්ලක් සහ වොලිබෝල් පිට්ටනියක්. පාසැල ඉදිරිපිටින් වෙලෙන් එගොඩ තමයි ගමේ ආරච්චිගේ නිවස තිබුනේ. මේ ගමේ පැමිණිලි කිහිපයක් ආවම තමයි විභාග කරන්න එන්නේ. හසලක ඉදලා ඒ කාලේ තිබුණු දුෂ්කරතා මැද අපි එන විට ඒවා සාමදාන වෙලා තියෙන්නේ. අපි තුන් දෙනෙක් විතර එනවා. අපි එන බව දැනගත් පසු ගමෙහි කිහිප දෙනෙක් එනවා කොලොංගොඩ කියන ගමට. මේ මිනිස්සු දිය කඩිති වලින් අපිව ඔසවා ගෙන තමයි එක්කරගෙන යන්නේ. මේ ගමේ නිවාස සියල්ලම කටුමැටි ගැසූ, වහලයට ඉලුක් සෙවිලි කළ ගෙවල් තමයි. එක ගෙයක් තිබුනා, සිංහල උළු සෙවිලි කළ, බිත්ති සුදු මැදපු. ඒ නිවස ගමේ ආරච්චිගේ. මිනිස්සු අපිට තියෙන ගෞරවය දැක්කේ එහෙට ගියාම. පිලට උඩින් සුදු වියන් බැදලා, සුදු රෙදි අතුරලා තමයි පැමිණිලි විභාග කරන්න සූදානම් කරලා තියෙන්නේ. ( ලංකාවේ මෙහෙම ගමක් තියෙනවා කියලා විශ්වාස කරන්න පුලුවන්ද ) මගේ මේ ජීවිතේ පලමු වතාවට තමයි මෙහෙම ගමක රාජකාරියකට ගියේ. ඇත්තටම හරිම ගුනගරුක මිනිස්සු මේ ගමේ ඉන්නේ. මේ ගමේ මිනිස්සු කඩෙන් ගේන්නේ භූමි තෙල්, කුළුබඩු හා රෙදිපිළි විතරයි. අනික් සියළුම දේවල් ගමෙන් සපුරා ගන්නවා. මම අහපු විදියට හසලක කොලොංගොඩ, උඩවෙල යනාදී අසල්වැසි ගම්වල මුල් ඥාතීන්ගේ අඩවිය. මට මතක හැටියට එක පවුලකින් පැවත එන ඥාතින් ගෙන් සමන්විත ගමක් වන්නාසේම පරම්පරා අටක පමණ අතීතයකට හිමිකම් කියන උදවිය. ඒ කාලේ ආවාහ විවාහ වුනේ ආරච්චිගේ ආශිර්වාද මැද මේ පවුල් අතරේ. ප්‍රේමදාස මහතාගේ ආණ්ඩුව කාලයේ ඡන්ද 108 ක් රැගෙන එන්න හෙලිකොප්ටර් යානයක් යැව්ව ගමක් තමයි මේ. නමුත් 😮මේ වෙනවිටත් දේශපාලනික වෙනස් කමක් සිදුවෙලා නැහැ. මාධ්‍ය තුළින් දකින අයවලුන් විසින් ඔවුන්ව හැකි පමණින් මේ ගමට පැමිණ උදව් උපකාර කරනවා. ඔබ ඇස් දෙකෙන් දැක්ක නිසා තේරුම් ගන්න පුළුවන් නේද? හැබැයි එක දෙයක් තේරුම් ගන්න පුළුවන්, මේ ගම මෙහෙම තියෙන්නේ විදුලිය හා මාර්ග පහසුකම් නොමැති නිසා. මම දැනට වසර 30 කට වඩා පෙර එනම් 1993 දැකපු මීමුරේ නෙවෙයි දැන් තියෙන්නේ. එදා මීටත් වඩා අති දුෂ්කර වූ ගමක් ඒක, සංවර්ධනයෙන් පසු ඒ සොදුරු ගැමිබව නැතිවෙමින් පවතිනවා. සුළු පිරිසක් ඉතාමත් අමාරුවෙන් ගොඩනගන්න උත්සාහ කරන මෙවැනි ගම්බිම්, බහුතරයක් ඇවිත් විනාශ කරනවා. දසදහස් ගණනක් වියදම් කරල ගිහින්, ආතල් අරගෙන ස්වභාවික පරිසරය හා ජනජීවිතය විනාශ කරන හැත්තක් ඉන්නවා😢. ඔයාල මේ ගමට ගිහින් කරපු සත්කාරයට මගේ හදපිරි ප්‍රණාමය පුද කරනවා ❤මේ වීඩියෝ දකින විට ඇත්තටම ඒ හැමවිටම මම මේ ගලමුදුන ගමට ගිහින් ඉන්නවා වගේ දැනෙනවා. ගොඩක් ලස්සනයි වීඩියෝ එක. වසර 30 කට වඩා වැඩි අතීතයට ජීවමානව රැගෙන ගියා මෙම වීඩියෝ එක. ඒ වගේම විශේෂ ස්තූතියක් තියෙනවා ලියන්නට. ගලමුදුන කණිෂ්ඨ විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමාගේ උත්සාහය හා කැපවීම තමයි මේ සාර්ථකත්වයට ප්‍රධාන හේතුව. සුභ පාර්ථනා කරනවා ඔබ සැමට. ❤❤❤❤❤❤❤🙏🙏🙏

  • @thilakarathnapurijjala4085
    @thilakarathnapurijjala408511 ай бұрын

    මේ මිනිස්සු තමයි වචනයේ පරිසමාප්තියෙන්ම නියම මනුෂ්‍ය ජීවිත ගෙවන මිනිස්සු .මෙ අයගේ හිත්වල ඉරිසියාව තන්හාව.හොරකම වනචරකම වයිරය මොකුත් නැති .බලාපොරොත්තු පොදි බැදගෙන ජීවත්වෙන මිනිස්සු නෑ හරිම සරල සැහැල්ලු ජීවිත ගත කරන මිනිස්සු .මෙ අයට දෙවියොන්ගේ රැකවරන නිරතුරුවම ලැබෙනවා බුදු සරනයි මේ ගමේ ජීවත් වෙන හැම දෙනාටම

  • @nilathimallika1788
    @nilathimallika1788 Жыл бұрын

    මාරම ආස හිතෙනා ඒ ජිවිත දැක්කමලංකාවම මෙහෙම වුනානම් හොදයි ලෙඩ්ඩු අඩුවෙයි මිනිසසු කාලයක් ජිවත් වෙයි❤

  • @chandrakanthi6921

    @chandrakanthi6921

    11 ай бұрын

    ෙමි,ගමිමානය,ලඝ්ඝනයි,පලාත,ඝුන්දරයි,එ්,මනුෂ්‍යයින්,,ෙහාදයි,අාචිචිට,ෙදවිපිහිටයි.😊😅😮😮

  • @thamiilab9844

    @thamiilab9844

    11 ай бұрын

    ඔහොම දුක් විදල අවුරුදු 200 ක් ජීවත් උනත් වැඩක් තියෙනවද😂 trip එකක් ගිහින් එන්නනං මරු.ජීවත් වෙන්නනං අවුල් .කොහොමත් ගොඩක් උං මේකට හොද කියල comment දාන්නෙ හිතේ කොනක අර අහින්සක මිනිස්සුන්ට වඩා තමන්ට තියෙන දේවල් ගැන ආඩම්බර වෙන ගමං.😂🖕

  • @LeviAthan107

    @LeviAthan107

    10 ай бұрын

    අනේ උඹ ආච්චිට හාල් ගරපන්. ගොන් නාකි කුහක ගොබ්බයන්ට අද කාලෙ තාක්ෂනේ ට පුරුදු වෙන්න බැරි නිසා වඳුරු කුනුහරප කියනවා.

  • @Asanka468
    @Asanka468 Жыл бұрын

    ආදරණීය රත්තරං අම්මා 🙏 "ආයුෂ🙏බෝවේවා" ❤️ මක් නැතත් කායික මානසික නිදහසේ ඉන්න පුළුවන් තැනක්.... තෙරුවන් සරණයි සැමටම... දුක් කොච්චර වුනත් එ දකින හැම මුවකම දුටුවේ සිනාව ❤️🙏..............🙏.....❤️....🙏.

  • @keerthijayakody4374
    @keerthijayakody437411 ай бұрын

    මේ වාගේ ගමක ජීවත් වන මිනිසුන් කොච්චර සුන්දරද.......සුදා ඔයාට ගොඩක් ස්තූතියි මේ වැඩසටහන කලාට...

  • @harshanidamayanthi2915
    @harshanidamayanthi291511 ай бұрын

    කොච්චර ලස්සන ගම්මානයක් ද හරි ම ආදරනියයි ....මටත් ආසයි මේ ගම බලන්න... මේ ගමේ සුන්දරත්වය නැති වෙන්න දෙන්න එපා කවදාවත්

  • @dsds9978
    @dsds997811 ай бұрын

    හරිම සුන්දර මිනිස්සු ජීවත් වෙන ගම්මානයල්..සැපපහසුකම්.අඩු උනාට සමගියෙන් ජීවත් වෙනවා ජයවේවා හැමෝටම💪💪💪❤❤❤

  • @kumarsilva4622
    @kumarsilva462211 ай бұрын

    කිසිම පහසුකමක් නැතිව ජිවිතයක් ගතකරන මේ මනුෂ්‍ය යන්ට ,දෙව් රැකවරණය ලැබේවා . මේය නගරබද මිනිසුන්ට ගොඩක් ආදර්ශයක් .🙏🙏🙏

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv500411 ай бұрын

    සොබාදහම අසිර්වාදය ලැබී ඇත හිත් පිරිසිදු මිනිස්සු වෙසෙන ගමක් ආසයි අහන්න සැමටම දීර්ගායු ලැබේවා සැමටම හරිම සන්තෝසයි!!!

  • @watvijayanthi5522
    @watvijayanthi552211 ай бұрын

    මේ තමා නියම ශ්‍රි ලන්කාවෙ අනන්‍යතාව සමගිය වටිනවා මාරම විදියට

  • @rainbowabc3217
    @rainbowabc3217 Жыл бұрын

    කොච්චර දුෂ්කරතා තිබුනත් හිත හොද මිනිස්සු ඉන්න ලස්සන ගම්මානයක්...

  • @enlightenedShoebill
    @enlightenedShoebill Жыл бұрын

    සුන්දර ගම්මානේ ලස්සන පොඩි මැණිකේ.. බාලේ සිට බැන්දා ආදරේ.... ලෝකය පස්සෙ ඇල්මේ දුවන මිනිස්සුන්ට හොද ආදර්ශයක්...

  • @nalinchamindakatupotha7704
    @nalinchamindakatupotha7704 Жыл бұрын

    කිසිම පහසුකමක් නැති උනත් හරිම සතුටින් ජීවත් වෙන අව්‍යාජ මිනිසුන්.අපිට නැත්තෙ මොනවද කියලා හිතෙනවා .❤

  • @susilayupala2959

    @susilayupala2959

    11 ай бұрын

    Obata jayawewa Niyamai nice job brother god bless you amen. 👍🌹❤️🙏👏✊

  • @mayfernandez9116

    @mayfernandez9116

    11 ай бұрын

    😂Kauda දන්නෙත් e මිනිස්සු සතුටින් da කියලා 😅

  • @chithrafonseka2556

    @chithrafonseka2556

    11 ай бұрын

    P

  • @chithrafonseka2556

    @chithrafonseka2556

    11 ай бұрын

    ​@@mayfernandez91167youtub

  • @sampathtravel6911

    @sampathtravel6911

    11 ай бұрын

    නිදහස. අපිට නැත්තෙ නිදහස මචෝ ❤❤❤

  • @manjuladissanayakamanjula7365
    @manjuladissanayakamanjula7365 Жыл бұрын

    ලස්සනයි 👍🙏 ගැමි ජිවිතේ හරිම සුන්දරයි

  • @sanduniudara609
    @sanduniudara60911 ай бұрын

    හරිම සුන්දර ගමන් සුන්දර මිනිස්සු ඉන්නෙ ඒ අම්මා ඉස්කෝලෙ ගියෙ නෑ කිවුවට හරිම බුද්ධිමත් දීර්ඝායූ වේවා අම්මාට 🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️

  • @taprobanefootprints6402
    @taprobanefootprints640211 ай бұрын

    ඇහැට කදුලු ආවා අයියේ.. අපි මොන මගුලක් ද කරන්නේ. .මොනවා නැතත් පුදුම මානසික සුවයක් විදින්නේ මේ මිනිස්සු ❤❤

  • @chandimathissera5466

    @chandimathissera5466

    11 ай бұрын

    ❤❤❤ලස්සන ගම්මානයක්

  • @deepikand5722

    @deepikand5722

    11 ай бұрын

    Ow apita natima de mona de tibunath mokatada sanaseemak satutak natuwa

  • @priyanthiivon4699

    @priyanthiivon4699

    11 ай бұрын

    Ane harima lasanai

  • @anushadamayanthi7840

    @anushadamayanthi7840

    11 ай бұрын

    @@chandimathissera5466 by mi

  • @myyoutuber369

    @myyoutuber369

    10 ай бұрын

    සුදෘනමැතිමීහරකා.මීහරකුන්ටරෙදිනැතිව.කඩෙගිය එකෙක්..අයියා

  • @isurutharanga2006
    @isurutharanga2006 Жыл бұрын

    අනේ මම රැකියා විරහිත උපාධිධාරීයෙක්..මන් ඇත්තටම ආසයි මේ වගේ පැත්තක ලමයින්ට උගන්නාලා ඇස් පාදන්න..ඒවගේ ආස අය කොච්චර ඇද්ද

  • @ranjaniesamarasinghe4815

    @ranjaniesamarasinghe4815

    11 ай бұрын

    ඇයි පුතේ ඔයාට පුලුවන් නේද ඔබ උගත් දේ මේ වගේ දරුවන්ට දෙන්න .

  • @isurutharanga2006

    @isurutharanga2006

    11 ай бұрын

    @@ranjaniesamarasinghe4815 ඔව් ආසයි ඒත් මම ඒ පලාතේ නෙවේ නේ බස්නාහිර ඉන්නේ...ලගදි ගුරු විභාගය ගැසට් වෙන්වා එතකොට අනිවාර්යයෙන් ලියල පාස් වෙලා ආසයි ඒ වගේ දුශ්කර සේවයට යන්න....අපි ඉගෙන ගත්තෙ ඒ මිනිස්සුන්ගෙ බදු සල්ලි වලින් අපි ඒවට ණයයි..

  • @charithmadushan-pt7kl

    @charithmadushan-pt7kl

    11 ай бұрын

    උබට ඕනේ බොරු දුක පෙන්නලා ජොබ් එක හදාගන්න නේද

  • @charithmadushan-pt7kl

    @charithmadushan-pt7kl

    11 ай бұрын

    මේ සුදා කිව්ව තරම්න්ම් ලෝකෙන් ඈත් උන් මිනිස්සු නෙමේ මේ

  • @indraranjani9603

    @indraranjani9603

    11 ай бұрын

    තෙරුවන් සරනින් දෙවිපිහිටෙන් ඔබේ බලාපොරොත්තුව ඒආකාරයෙන්ම ඉෂ්ඨ සිද්ධ වේවා,

  • @rangaprasanga8452
    @rangaprasanga8452 Жыл бұрын

    මම මේ වැඩ සටහන හරිම ආසාවෙන් බැලුව. හරිම ලස්සනයි. ගමත් ලස්සනයි ගමේ මිනිස්සුත් ලස්සනයි. මේ වැඩ සටහනත් ලස්සනයි. වටිනම දේ තමයි මේ ගමේ උදවිය කිසිම කෙනෙක් දික්කසාද වෙලා නෑ කිවුව දේ. අනික පවුල් අතරෙ රන්ඩු අඩදබර නෑ කිවුව. එහෙම වෙන්ඩ පලමු හේතුව තමයි අවංක ගැමිකම. මේ ගමේ සියලුම උදවියටත් ගමේ පාසලේ උගන්වන ගුරු මහත්ම මහත්මීන්ටත් ගමටත් හැමදාකම යහපතක්ම සිද්ධ වෙනව. මෙම ගම්මානය පෙන්වූ ඔබ සැම දෙනාටත් බොහොම ස්තූතියි.

  • @chameladilu780
    @chameladilu78010 ай бұрын

    ආදරනීය රත්තරං අම්මට දීර්ඝයුශ ලැබේවා තෙරුවන් සරනයි

  • @sriyanioman2845
    @sriyanioman2845 Жыл бұрын

    අපේ රටේ අපි අහලවත් දැකලත් නැති ලස්සන ගම්මාන තියනවද මේ ගම්මාන වල මිනිස්සුන්ට ජීවත් වෙන්න අත්‍යවශ්‍ය දේවල් හරිගස්සල දෙනවනම් කොච්චර වටිනවද තෙරුවන් සරණයි සියලුදෙනාටම

  • @shangamage7395
    @shangamage739510 ай бұрын

    මෙිි ගමට යන්න පුළුවන් මාර්ගය කවුරු හරි හරියටම දෙන්න කෝ... හරි නිහතමානි අපේ මිනිස්සු ..තෙරැවන් සරණයි !

  • @jayawardanalwt8977
    @jayawardanalwt897711 ай бұрын

    අනේ ඇත්තෙන්ම අපේ රටේ මේවාගේ අහිංසක මිනිස්සුත් ඉන්නවා ඒත් එයාලගේ ජිවිතේ හරිම සුන්දරයි සැහැල්ලු ජීවිත බුදු සරනයි හැමෝටම

  • @thushariweerasinghe1970

    @thushariweerasinghe1970

    11 ай бұрын

    Ane obata godak pin me ayata udaw karanawanam apitath kiyanna. Bana tikak ahanna e ammata redio ekak aran denna.

  • @ambanagesudhrmika1864
    @ambanagesudhrmika1864 Жыл бұрын

    කොච්චර ලස්සන රටක්ද පර දේශපාලුවන් අපේ රට විනාශ කරා

  • @JRC432

    @JRC432

    11 ай бұрын

    එතකොට මිනිස්සු මුකුත් කරලම නැද්ද , දේශපාලුවෝ විතරද නරක්. ඇයි මේ රටේ බබාලද ඉන්නේ 🤔

  • @srimamangalika9684

    @srimamangalika9684

    11 ай бұрын

    ​@@JRC432ජනතාව මොනවා කරන්න ද මහා එකාලනෙ හොරාකාලා පෝෂනය වෙන්නෙ

  • @malikawithnature9833

    @malikawithnature9833

    11 ай бұрын

    Kaatawath kagewath varadi nokiya... API apima ekathuwela Bari ayata atha demu 🙏 Me gamata 3wheller ekk, pawlakata PUSH cycle ekk Gamata Podi kadayak Danaganna udau karamu API ekathuwela Minisa hadena vita Rata hadei🙏

  • @thamiilab9844

    @thamiilab9844

    11 ай бұрын

    ​@@srimamangalika9684මහ එකාලව පත් කරේ කව්ද .හරි හමං පාලකයෙක් පත් කරගන්න බැරි මිනිස්සුන්ගෙ ගොංකම නිසා.😂

  • @manashakrishani4526

    @manashakrishani4526

    11 ай бұрын

    Me kaalakanni deshapalanakayanta ta henama gahanna oni

  • @user-vz4wd4fn1k
    @user-vz4wd4fn1k10 ай бұрын

    බුදුසරණයි අම්මා. ඇතුළු. සියළුම. දෙනට ම 🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram904511 ай бұрын

    සුදා මල්ලී මේ වීඩියෝවට නම් බොහොම පින්....බහුතරයකට ගතයුතු ආදර්ශ බොහොමයි...අපේ සුන්දර සුවපත් ගම්මාන හා එහි වැසියන්ගේ සරල ජීවන රටාව...❤️🌻🌄

  • @nilanthisenarathna5408
    @nilanthisenarathna540810 ай бұрын

    හරිම සුන්දර ගමක් සහ සුන්දර මිනිසුන් ඉන්නේ මේ වගෙ ගමක ඉන්න තිබුණා නම් නිදහසේ ජීවත් වෙන්න තිබුනා හරිම සරලයි ගමේ හැමෝටම බුදු සරණයි 🙏🙏🙏❤️❤️❤️❤️

  • @ranjanirathnayaka2659
    @ranjanirathnayaka265911 ай бұрын

    සුදා මල්ලි කරපු ලස්සන වැඩ සටහනක් අර අම්මා නම් වටිනා වස්තුවක් ඒ ගැමි කමට ආදරෙයි මේ ගම් මේ විදියටම ආරක්ෂා කරන්න ඕන නගරයේ දියුනුව ගමට එපා ඒ රත්තරන් මිනිස්සු හරිම පිරිසිදුයි

  • @dinushawijayrathne3867

    @dinushawijayrathne3867

    11 ай бұрын

    Aniwaryenma

  • @kalyanirohini1738
    @kalyanirohini1738 Жыл бұрын

    හරිම ලස්සනයි. දෙපාරක් බැලුවා. සිතේ සතුට තමයි නිරෝගිකම. නීර්වාජ මිනිසුන්. තෙරුවන් සරණයි

  • @rumenruchika5341
    @rumenruchika534110 ай бұрын

    තරග කාරී හා එකිනෙකා පරයා යන කාලෙක සාමාන්‍ය සාමකාමී මිනිස්සුන් ඉන්නවා දැක්කාම මාරම සතුටුයි❤️....පුදුම හැගීමක් එනවා ඇගට...බලන්න ඒ මිනිස්සු කොච්චර සරලවද ජීවත් වෙන්නෙ කියලා...❤️

  • @marasinhamanike2686
    @marasinhamanike2686 Жыл бұрын

    දීර්ඝයුස ලැබේවා අම්මේ ඒ දරුවන්ට ඒ අම්මට තෙරුවන් සරනයි සුදා අයියට මේවා මාදියට පෙන්වා දීම සියලු දෙනාට තෙරුවන් සරනයි

  • @dilaniranasinghe8133

    @dilaniranasinghe8133

    11 ай бұрын

    Ane harima siriyawantha amma .deergau weva❤

  • @madushankapriyadarshana9114

    @madushankapriyadarshana9114

    11 ай бұрын

    Koheda me

  • @gaminikumara2127
    @gaminikumara2127 Жыл бұрын

    කාලකන්නි විනාස කරපු රටක, ලෝකයට විවර නොවුනු අහිංසක ජීවිත, ඇසට කඳුලක් උනන්නෙත් අපේම විතරයි,,

  • @sriyaniwijenayaka556
    @sriyaniwijenayaka55611 ай бұрын

    අනේ හරිම ආසයි පහසුකම නොතිබුණත් මෙි වටිනා අපේ මිනිස්සු තෙරැවන් සරණයි

  • @thilinadushantha3660
    @thilinadushantha3660 Жыл бұрын

    මේ වීඩියෝ එක මුලු මහත් ශ්‍රීලංකාවේම මිනිස්සුන්ගෙ නෙත යොමුවේවා 🙏🙏🙏🙏🙏🙏🙏සුදා අයියෙ ඔයාට බොහොම පිං 🙏🙏🙏🙏🙏

  • @කිබුලා
    @කිබුලා Жыл бұрын

    2048 දියුනු රාජ්‍ය......වජිර කියන විදියට මෙ ගෙවල් වල සුද්දියො ගෘහ සේවයේ යෙදෙනවා බලන්න ආසයි...

  • @Weerapperuma1987

    @Weerapperuma1987

    11 ай бұрын

    Wajirage ammage redda

  • @shandishandi9585
    @shandishandi958511 ай бұрын

    සුදා ගොඩක් පින් මුළු ලෝකෙට මේ ගම හදුන්වා දීම ගැන දීර්ගායු වේවා හැමෝම 🌹🌹

  • @kumarisenanayake197
    @kumarisenanayake19711 ай бұрын

    නූගත් උනත් හොද දැනුමක් තියෙන අම්මා කෙනෙක්... ගමේ හැමෝටම බුදුසරණයි ❤❤❤

  • @gsb3197

    @gsb3197

    11 ай бұрын

    එකට තමයි බුද්ධිමත් කම කියන්නේ අපේ බහුතරයකට නැත්තේ ඹ්ක තමයි

  • @sekucha507

    @sekucha507

    11 ай бұрын

    ඒ අම්මා උගත් බන්.....ඒ නිසයි ඔච්චර සරල.....උගත් කියන සමාජේ තියෙන පීඩාවල් වුවමනාවල් ගැන හිතද්දි මේ අම්මාගේ නූගත්කම රත්තරන් බන්.....

  • @niroshani3932
    @niroshani3932 Жыл бұрын

    සියලු දෙනාටම සමිමා සම්බුදු සරණයි🙏🙏🙏

  • @thilinadushantha3660
    @thilinadushantha3660 Жыл бұрын

    අප්පටසිරි සිරි මේ ගමේ මිනිස්සු තාම දන්නෑ රටේ වෙන්නෙ මොකද කියල 😢😢😢😢පවු දෙයියනේ රාජපක්ෂ තොපිට හෙනම ගහපියවු.සක්කිලි තූඌ😡😡😡😡😡😡😡

  • @anusha4879
    @anusha487911 ай бұрын

    බැලූ බැල්මට සුන්දරයි වගේ පෙනුනට මේ ජිවිත හරි දුෂ්කරයි කටුකයි. ජිවිතය දැකලා වත් නැති මිනිස්සු 😢 මෙච්චර දියුණු ලෝකයේ තවමත් අතිදුෂ්කර ගම්මාන තියෙනවා කියන්නේ ලංකාව තවමත් කොතරම් අගාධයකද ඉන්නේ කියලා පැහැදිලියි.

  • @chalanagothami5299

    @chalanagothami5299

    11 ай бұрын

    Aththatama lankawa mona taram diyunuwa adu ratakda kiyala penawa api dannet adane tawat mewani gammana mona taram ateda pau minesshu

  • @user-ln6fi3ml3f

    @user-ln6fi3ml3f

    5 ай бұрын

    අපිට දුෂ්කර වගේ පෙනුනට මේ මිනිස්සුගෙ අල්පෙච්ඡ ජීවිත තියෙන්නෙ.

  • @kamilasanga1574
    @kamilasanga157411 ай бұрын

    රත්තරන් මනුස්සයෙක් අර ආච්චි අම්ම දීර්ඝායුෂලැබේවා තෙරුවන්සරණයි ආච්චි අම්ම🙏❤️

  • @chanakakumara6834
    @chanakakumara683411 ай бұрын

    හරිම ලස්සන සුන්දර ගමක් ❤සුන්දර මිනිස්සුන් ඒ හිනාව ආදරෙයි ❤

  • @user-ck1hi9cf6v
    @user-ck1hi9cf6v11 ай бұрын

    අයියේ ඔයා කරපු හොදම සේවාව, මේ වැඩසටහන කියලා මට හිතුනා ස්තුතියි 🙏 ඔබට

  • @sujathasenadeera6557
    @sujathasenadeera6557 Жыл бұрын

    අනේ හරිම ආසයි ඒ ගමට

  • @mangalikapriyadarshani5156
    @mangalikapriyadarshani515611 ай бұрын

    ආදරණීය අවංක මිනිස්සු ආදරේයි❤🇱🇰

  • @wijithweheragala1928
    @wijithweheragala192811 ай бұрын

    හරිම ආශාවෙන් බැලුවෙ මේ වීඩියෝ එක. දන්නෙම නැතුව ඉවර වුණා. වෙලාව දැනෙන්නෙ නෑ . මොන තරම් අව්‍යාජ මිනිස්සුද? බහුභාණ්ඩික නැති, සරල ජීවිත. අනේ...සුදත් මහත්මයා , ඔබ තුමාට බොහොම පින් මේ විස්තර රටට හෙළි කළාට. එතකොට...මේ ගමට පන්සලක් නැද්ද? පවුල් කීයක් ඉන්නවද? ගමේ සම්පූර්ණ ජනගහනය කොපමණ ද? . ....මේ වගේ තොරතුරුත් ඇතුළත් වුණා නම් සහ , ගමට යන විදිහත් කියලා , ගමට යන පාරත් පෙන්නුවා නම් ගොඩක් වටිනවා.

  • @nisansalafernando3029
    @nisansalafernando3029 Жыл бұрын

    තාක්ෂනය නැති නිසා හරිම සරලයි ඒ උනාට ගමට පාරක් අත්‍යවශ්‍යයි නේද අයියේ මේ මිනිස්සුන්ට අසනීපයක් උනාම Hospital එකටවත් යන්න මේ ගමට බොරලු පාරක් හරි හරියට තිබුනොත් හොද වෙයි

  • @nuwanchamara3816
    @nuwanchamara381611 ай бұрын

    මොනවා නැති උනත් ,,දික් කසාද,,නැති එක ගැන නම් හරි සතුටුයි.😊

  • @chithraramani-bc6eq
    @chithraramani-bc6eq10 ай бұрын

    අපහසු කම් මැද ජීවත් වුවත් අර අම්මගෙ ගුණවත්,සිල්වත් බවේ නම් අඩුවක් නැහැ,මේ ගමට දියුණුව ලබා දෙන්න උදව් කරන්න කරන්න කෙනෙක් නැද්ද?ඒ ගම හොයාගෙන යන්න හිතුන.❤

  • @kusalambepusaa4884
    @kusalambepusaa488411 ай бұрын

    මගෙත් පලවෙමි සිමාවාසික පුහුනුව ලැබුනේ මේ පරිසරයත් එක්ක..... හරිම ලස්සන මතකයක්

  • @chamodanibalasuriya9095
    @chamodanibalasuriya909511 ай бұрын

    මම හරිම සතුටු උනා සුදා මහත්තයෝ මම හිතුවේ කවදාවත් මේ වගේ ගමක් දකින්න හම්බවෙයි කියලා ලන්කාවේ අගේ දැනෙන්න අපි වගේ රට ජීවත් වෙන්න ඔනේ ලන්කාව එපා කිව්වට දැන් මේ ගම දකිද්දී දුවගෙන එන්න හිතෙනවා මගේ මේ ගමෙ ඉන්න ජීවත් වෙන්න ආසයි මගේ ලමයි ලොකු උන ගමන් මම මේ වගේ ගමකට යන්න හැමදාම හීන දැකපු කෙනෙක් සුදා මහත්තයාට ගොඩක් ස්තුතියි

  • @nidewnidew6451

    @nidewnidew6451

    11 ай бұрын

    Nidew😂

  • @tarushiayesha6890
    @tarushiayesha689011 ай бұрын

    එ අත්තාම්මාගෙ පින්පාට මුනෙ බුදුසරණයි ❤🙏🙏🙏

  • @lalsiriwardana
    @lalsiriwardana11 ай бұрын

    ඉස්සර ලංකාවෙ බොහෝ පිරිසක් මේ වගේ සරලව සතුටින් ජීවත් උනා. මටත් මතකයි. 1977 ආපු රජයේ ආර්තික ප්‍රතිපත්තිය නිසා , තමයි , අපි මේ රේස් එකක් අසතුටින් දුවන්නේ .😢😢😢

  • @adreshmansh9072

    @adreshmansh9072

    11 ай бұрын

    ඒන්න සියල්ල විකුණලා ගමක ඉඩමක් මම නොමිලේ දෙන්නම් ...ඔයිට වඩා සුපිරි ගමක් ...සතියක් හිටියොත් මම තව වටිනා තෑග්ගකුත් දෙනවා....අනේ නිකන් පලයන් යකෝ යන්න ජේ ආර් නැත්තං තොපේ ළමයි මැරෙන්නේ මැලේරියාව හරි වසූරිය හරි හැදිලා....ලෝකේ ඉදිරියට රටක් යනවා කියන්නේ ආපහු හුලු අතු පත්තු කරන ඒක නෙවෙයි....(සංවාදයට විවෘතයි)

  • @adreshmansh9072

    @adreshmansh9072

    11 ай бұрын

    රාජපස්සට කාලයක් කඩේ ගිය මූට පුක දෙන්න ඒපා මචන්....

  • @LeviAthan107

    @LeviAthan107

    10 ай бұрын

    ඉතින් උඹ මේ ෆෝන් ගෙවල් වාහන අත ඇරල පලයන්කෝ වන ගත වෙන්න.

  • @nandanakumara8576
    @nandanakumara85767 ай бұрын

    ලස්සන ගමක් හරි අව්‍යාජ මිනිසුන් ඉන්න සුදත්ත අයියා ඔයා පින් කදක් රැස් කරනව ඒ.පින් බලෙන් ඔයාගේ ලමයි සුමුදු අක්කල සැපට ඉන්නේ ඒක යි.‍සිරියාවන්ත අම්ම ඒ අම්මට දීර්ඝ ආයුස ලැබේවා

  • @dilanidilani7662
    @dilanidilani766211 ай бұрын

    ඔබ තුමාට ගොඩාක් පින්...නොදන්නා අය දැනුවත් කිරීම ගැන අපි සතුටු වෙනවා...ඇත්තටම ගොඩාක් ආදරෙයි ඒ මිනිසුන් හරිම සමඟින් ඉන්නවා තෙරුවන් සරණයි ❤❤❤❤❤

  • @samiththilina
    @samiththilina11 ай бұрын

    අපේ මිනිස්සු, මේ රට අයිති සැබෑ මිනිසුන් 🙏🙏🙏🙏

  • @studiolakshmanhilmi3253
    @studiolakshmanhilmi3253 Жыл бұрын

    සුද වැඩසටහන බැලුව මරු මච්ං ජය වේවා

  • @sawiyonirmalwarnakulasoori9116
    @sawiyonirmalwarnakulasoori911611 ай бұрын

    සුදා මේ වීඩියෝ එකනම් අතී විශිෂ්ටය් ❤

  • @indraranjani9603
    @indraranjani960311 ай бұрын

    අනේ මේ ගමේ ජනතාව හරිම අහිංසකයි, ආදරනීයයි, අර වයසක අම්මල තමන්ගෙ දරුවෙකුට වගේ ලෙංගතුව කතාකරනකොට එයාල ගැන හරිම ආදරයක් දැනෙනෙවා ගමේ අය කතාකරන විදියත් අහන් ඉන්න ආසයි,, පුළුවන්කමක් තියෙන කවුරුහරි මේ ජනතාවට උදව්කරනවනම් ඒක ලොකු පිනක්, අපිට ගිහින් බලන්න බැරි මේ දේවල් ලොකු මහන්සියක් වෙලා අපිට පෙන්වනවට සුදාට ගොඩක් පින් සිද්ද වෙනවා,

  • @anurasampath8173
    @anurasampath817311 ай бұрын

    මම හීන දකිනවා ලංකාවට ගිහිල්ලා ලස්සන ගමකට ගිහිල්ලා ජීවත් ංවන්න මොන තරම් ලස්සනට ජීවත් ංවනවද සුන්දර ම්නිස්සු පරිසරයට ආදරය මිනිස්සුන් ❤

  • @LeviAthan107

    @LeviAthan107

    10 ай бұрын

    ඉතින් පල

  • @nuwankumara4014
    @nuwankumara401411 ай бұрын

    අනේ පහසුකම් අඩු උනත් මමනම් ආසයි මේවගේ ගමක ඉන්න.හරිම සැහැල්ලු ජීවිත ..මේ සැනසීම අපිට නෑ දෙවියනේ.

  • @KW-tb5nw

    @KW-tb5nw

    11 ай бұрын

    Eeka nam aththa. Apita nethima dee ee ayata thiyenawa

  • @asafernando6290
    @asafernando6290 Жыл бұрын

    ඉගෙනගත්තා නම් රටට සේවයක් කරන්න පුළුවන් හොද අම්මා කෙනෙක්.

  • @pardipaatukoral9161
    @pardipaatukoral916111 ай бұрын

    ඒ අම්මගේ ආශිර්වාදය කොච්චර වටිනවද මේ වගේ ගං වලට තමයි උදව් කරන්න ඕනේ meyalawath ලෝකෙට අරගෙන යන්න ඕනේ එහෙමයි කියලා හැබැයි ගමේ තියෙන සුන්දර කම නැති කරන්න නරකයි කොච්චර සුන්දර ගම්මානයක් ද සියලු දෙනාටම බුදු සරණයි දෙවි පිහිටයි හරිම ලස්සනයි

  • @sapnamalki9391
    @sapnamalki939110 ай бұрын

    අනේ ඒ අත්තම්මට නිරෝගී සුව දීර්ඝායු වේවා ...😊

  • @randolphgraro6505
    @randolphgraro6505 Жыл бұрын

    සුදා ඔබට පිං… no words brother 🎉🎉❤❤

  • @Kevin_Silva_

    @Kevin_Silva_

    11 ай бұрын

    😂 😂 😂 Sudaa ponsiyaaa

  • @user-nk9kt5wf2m
    @user-nk9kt5wf2m Жыл бұрын

    පෙන්නුවේ නැත්තන් මෙහෙම ගමක් තීන බව දන්නේ නෑනේ

  • @madusankakurera1218
    @madusankakurera121811 ай бұрын

    අනේ ලස්සන ගමක් ,කවි කී අම්මට දීර්ගායු ලැබේවා ,💕💕

  • @chamindasampath1854
    @chamindasampath185410 ай бұрын

    අපිට මොනවද අඩු සුද්දා අයියේ සුන්දර මිනිසුන් නියමයි ❤❤❤❤❤

  • @dinud5706
    @dinud570611 ай бұрын

    හිතේ කහටක් නැතුව ජිවත් වෙන මිනිස්සු ..❤️ අනේ ඒ ආච්චි අම්මා එක්ක තව කතා කලානම් කොච්චර වටිනවද කියලා හිතුනා.

  • @janakabandara7764
    @janakabandara776411 ай бұрын

    අනේ ඇත්තටම ලස්සන ගමක් .නිදහසේ ජිවත් වෙන්න පුලුවන්

  • @nirmaliperera2061
    @nirmaliperera206111 ай бұрын

    So peaceful surroundings. Poverty is there. But people are smiling. ! What a contrast to the city. Duda splendid work. Thank you.

  • @pinky-theunicorn5497
    @pinky-theunicorn54976 күн бұрын

    අනෙ අර සිරියාවන්ත ආච්චි අම්මට තව තවත් නිරෝගි සුව දීර්ඝායුෂ ලැබේවා! ❤

  • @lakamalagedayani6626
    @lakamalagedayani662611 ай бұрын

    ආදරණීයයි අනේ ඇත්තටම සුදත්ත ස්තුතියි ඔබට

  • @user-xn2dy8fe4f
    @user-xn2dy8fe4f10 ай бұрын

    ඇත්තට මටත් ඒ වගේ ගමක ජීවත් වෙන්න තිබුනනම් කියලා හිතෙනවා මොකද එතකොට කිසිම ප්‍රශ්නයක් නෑනෙ සතුටින් හරි ඉන්නවා අපි මේ ගෙවන්නේ තරකාරී ජිවිතයක් මිසක් කිසිම සතුටක් නැති ජීවිතයක්.

  • @guwaniguwaniguwani6071
    @guwaniguwaniguwani607110 ай бұрын

    අත්තම්මා එක්කනම් දවසක් උනත් කතාව අහන් ඉන්න පුළුවන්

  • @chanduwiki9674
    @chanduwiki9674 Жыл бұрын

    සුන්දර ගම්මානයක් ❤❤❤❤❤❤❤

  • @deepikafrancis7320
    @deepikafrancis732011 ай бұрын

    මෙි අපේ මිනි්ස්සුනේ දුකයි සියල්ලෝම දිවියෝ රකිත්වා❤❤❤❤

  • @dianna9943
    @dianna994311 ай бұрын

    හරිම හිතේ නිදහසේ ජීවත් වෙන මිනිස්සු. දියුණුව කියලා කියන්නේ පරිහානියට. මේ අයගෙන් පරිසරයට වත් හානියක් නෑ. මේ මහ පොලොවට බරක් නැතුව ජීවත් වෙන මිනිස්සු ඉන්න ගමක්. දැක්කහම හරිම සතුටුයි. ඔබතුමාට ස්තුතිය මේ ගම බලන්න සැලැස්වූවා ට.මේක වීඩියෝ එකක් හැටියට විස්තරයක්ම බලලා එහෙට විනෝද වෙන්න යන්නේ නැත්තං තමයි හොඳ කවුරුවත් 🙏

  • @ajithgamage4213
    @ajithgamage4213 Жыл бұрын

    ටීවී ආවානම් බඩු හරි....ගමම ඉවරයි

  • @gayanwelivita7045

    @gayanwelivita7045

    11 ай бұрын

    අනිවා....

  • @sudarmaerhard1948
    @sudarmaerhard194811 ай бұрын

    ඔය ජරා අඩ්‍යාපනය ලබා නොගත්ත හන්දා තමා අද මෙි තරමි මෙි මිනිස්සු සුන්දර එංගලන්ත අඩ්‍යාපන කුමය නැති එකමයි හොදයි වාසනාවන්තයි එ කුමයට අහු නොවුනාට කඑාව හරිම ලස්සන හදවත්❤️

  • @user-cs7eg8bx3v
    @user-cs7eg8bx3v11 ай бұрын

    බොහොම. අගේ.කරනවා. ලස්සන. ගමට.සියලුම දෙනාට. දිර්ඝ. ආයුෂ. ලැබේවා

  • @upr2318
    @upr231811 ай бұрын

    අනේ මේ අම්මා කොච්චර ප්‍රිය මනාප ද. ඇයට දීර්ඝායුෂ.

  • @user-ln6fi3ml3f
    @user-ln6fi3ml3f5 ай бұрын

    සුන්දර ගමක්.හොඳ වැඩසටහනක්.ස්තුතියි සුදා අය්යේ

  • @sajithyasawardana5546
    @sajithyasawardana554611 ай бұрын

    සුපිරි වැඩසටහන ....සුදෝ තව තව මේ දේවල් සාමජයට පෙන්වන්න ශක්තිය ලැබේවා

  • @madhushaniamarathunge3602
    @madhushaniamarathunge360211 ай бұрын

    ඇත්ත ටම ඒ ආච්චි ගේ ආශිර්වාද ය පිහිට ❤❤❤❤

  • @ruchiragunarathne9159
    @ruchiragunarathne915911 ай бұрын

    ඒ අම්ම නම් මාරයි 💐💐💐❤️❤️

  • @anomanilmini7948
    @anomanilmini794811 ай бұрын

    Thank you සූදා ❤🙏

  • @user-fw8pg1ow3u
    @user-fw8pg1ow3u Жыл бұрын

    ස්තුතියි සුදා...... බොහොම යහපත් වැඩක්

  • @Kevin_Silva_

    @Kevin_Silva_

    11 ай бұрын

    😂 😂 😂

  • @harshalakmali6853
    @harshalakmali685310 ай бұрын

    අනේ ඒ ආච්චි කතා කරන විදිය නියමයි..දීර්ඝායුෂ ලැබේවා .ඒ ආච්චි ට...!!!❤️

  • @user-kt9ch7xq3f
    @user-kt9ch7xq3f11 ай бұрын

    මෙම ගම්මාන හරි සුන්දරයි..... ඒ සුවඳ නැති වෙලා යන්න දෙන්න එපා....

  • @Archi_007
    @Archi_00711 ай бұрын

    Thank you Suaththa, very interesting program and enjoyed it.

  • @praveeshaabraham1198
    @praveeshaabraham1198 Жыл бұрын

    නියම නියම වැඩක් සහෝදරයා මේ දේවල් අර පාර්ලිමේන්තුවේ ඉන්න පඩත්තර 225 පේන්නේ නැතුව ඇති ඔයාට පින් සහෝදරයා අපිට මේ රටට මේ වගේ දේවල් දකින්නට දෙනවට ❤❤❤❤❤❤❤

  • @Kevin_Silva_

    @Kevin_Silva_

    11 ай бұрын

    😂 😂 😂 Sudaa ponsiyaaa

  • @dilukshimeenu-li3ii
    @dilukshimeenu-li3ii11 ай бұрын

    අනේ සුදා මල්ලි ගොඩාක් ස්තුති ...ලස්සන ගමක් අපි අහලවත් නැහැ ..අපුරු මිනිස්සු

  • @sunethrak.a.9079
    @sunethrak.a.907911 ай бұрын

    Budu saranai ammaa. Me gammana desa paluwan dakinne ne balanna a gama lassana

  • @YfGf-mf1vm
    @YfGf-mf1vm Жыл бұрын

    සුදා මල්ලිට ගොඩක් ස්තුතියි මේ ලස්සන පැත්ත පෙන්නුවට

  • @Kumari-kq1py
    @Kumari-kq1py Жыл бұрын

    ගම නම් ❤❤❤❤හොදයි පාරක් හරියට හදල දීල රෝහලක් හදල දෙනව නම් කිලෝ මීටර් හතවත්

  • @ABHITV00
    @ABHITV0010 ай бұрын

    මෙකේ තියෙන්නෙ 100%ක් ඇත්තද? බොරැද අපි දන්නෑ... හැබැයි මෙහෙම තැන් තියෙනවනම්.. ඇත්තටම ඒ තැන් සුන්දර ඇති... ජිවත් වෙන්න පහසු ඇති ලස්සන ඇති..❤

  • @SurangaRukmal

    @SurangaRukmal

    4 ай бұрын

    ඇත්ත ගොඩක් දුෂ්කරයි...දැන් ටික ටික දියුණු වෙනවා

  • @user-fy2qs8fj8n
    @user-fy2qs8fj8n11 ай бұрын

    අනේ කොච්චර ආදරණීය වචනද එ රත්තරන් අමිමාගෙ.රන්කද. හරිම සුන්දර ආදරණීය මිනිසුන්... බුදු සරණයි සැමදෙනාටම

  • @dilkisilva2933

    @dilkisilva2933

    11 ай бұрын

    අනේ ඔවු දික්කසාද කියන නම ඇහුවත් එ අම්මා බය වුනා

  • @ramyalatha6966
    @ramyalatha6966 Жыл бұрын

    ❤jaya wewa budu saranay

Келесі