හිතේ බරෙන් සදහටම මිදෙන්නේ මෙහෙමයි / SelfTalk

ඔබට මානසික පීඩනය ඇතුලු මානසික අපහසුතා ඇතිවීමට මූලිකවම හේතුවන්නේ ඔබ යනු ඔබේ සිතුවිලි කියා හදුනාගෙන සිටීමයි....එවිට ඔබේ හිතේ කතාවට ඔබව මුලුමනින්ම අසුවේ....එවිටයි ඔබේ සිත ඔබට ඔබේ පාලනයෙන් ගිලිහෙන්නේ........එයින් මිදෙන්නේ කෙසේද යන්න ගැන මෙම වැඩසටහනින් ඔබට අවශ්‍ය මගපෙන්වීම ලබා ගත හැක....

Пікірлер: 476

  • @imahansi7436
    @imahansi7436 Жыл бұрын

    අවුරුදු ගානක් හොයපු ඉතාම වටින මිල කල නොහැකි මගපෙන්වීමක් මේ ලැබුනේ... බොහොම පින් බොහොම ස්තූතියි .....🙏

  • @muthubandara8702
    @muthubandara870211 ай бұрын

    වසර ව්සිපහක් අහපු දහම මෙ මොහොතේ ප්‍ර්ත්ත්‍ය්ක්ශ් උනා වගේ ඔබටත් අනන්ත විශ්වmathavataත් වන්දනිය නමස්කාර ය වෙවා ❤❤❤

  • @tharakivithanage777
    @tharakivithanage777 Жыл бұрын

    කොයිතරම් සියුම්ව කෙරෙන ප්‍රඥාවන්ත විග්‍රහයක් ද ! 🙏 පිං ඇත්තෝ ශ්‍රවණය කරත්වා ❤️

  • @ashokakumudini8266
    @ashokakumudini8266 Жыл бұрын

    අසිරිමත් විවරණයක් සහ වටිනා මග පෙන්වීමක්.ආගමික ප්‍රවෙශයකට නැඹුරු නොවී දෙනලද මෙම දර්ශනය ධර්ම දෙශනා දහසකට වඩා වටිනවා ඔබට දීර්ඝායුෂ ලැබේවා

  • @randeeshhimanshana9347
    @randeeshhimanshana93472 жыл бұрын

    අද ඉදන්ම පටන් ගන්නව සර්.. මේ හිත ගැන තේරැම් ගන්න බැරිව ඡීවිතේ එපාවීගෙන ඵ්ද්දී තමයි මට මේ වැඩසටහනට සම්බන්ද වෙන්න ලැබුනේ.. දිගටම මේ වැඩසටහන කරගෙන යන්න සර්...ගොඩක් වටිනවා..අපි දිගටම ඉන්නවා සර් එක්ක..ගොඩක් පින් ඔබතුමාට

  • @promodhadissanayaka1443
    @promodhadissanayaka14432 жыл бұрын

    ආකර්ෂණීය හඩක්..මහා දැනුමක්...මට තිබෙන ගැටලුවක්. විශාදයට බෙහෙත් ගන්න දොස්තර ගෙනුත් ඇහුවා..ඔලුව ඇතුලෙ කියවන එක ගැන..හීනෙන් පවා ඔලුව වැඩ...අනේක වාරයක් පින්....🙏🙏⚘⚘

  • @roshantimanjula-cm5vm
    @roshantimanjula-cm5vmАй бұрын

    අතිසයින්ම වැදගත් මහත්තයා ඔබ තුමාට බොහෝම පින් ...තෙරුවණ් සරණයි මහත්තයා ..

  • @chandanisigera6049
    @chandanisigera60496 ай бұрын

    බොහෝම වටිනවා .පුතා ඔබට විශ්ව මාතාවගේ ආනේක ආශීර්වාදය ලැබෙිවා .ස්තුතී ස්තුතී ස්තුතී .

  • @user-sc1is8bg4l
    @user-sc1is8bg4l9 ай бұрын

    කොච්චර අහගෙන හිටියත් අහන්ඩ අහන්ඩ ආසයි. ඔබ තුමාට පින්

  • @shehanhirudika4512
    @shehanhirudika45128 ай бұрын

    ජීවිතයෙ සැනසීම සොයන හැමෝටම මෙයට සවන් දෙන්නට ලැබේවා... 🙏❤

  • @rsandyakumari-ow7jr
    @rsandyakumari-ow7jr2 ай бұрын

    සිතුවිල්ලක් සිතට වද දෙනවා කියලා දැනුන හැම අවස්ථාවකම මම කරේ.ඒ මොහොතේ මම කරන ක්‍රියාවලියට සිත යොමුකිරීමයි.එය කාගෙන්වත් ඉගනගන කල දෙයක් නොවෙයි.එය මගේ සිත විසින්ම මට නැවත කල දෙයක්.හැබැයි මම තවත් බොහෝ වටිනා ක්‍රියාකාරකම් ටිකක් ඔබතුමාගේ මෙම වීඩියෝ එකෙන් ඉගනගනු ලැබුවා.බොහොමත්ම ස්තූතියි ❤️🙏❤️ ස්තූතියි ❤️🙏❤️ ස්තූතියි ❤️🙏❤️මම මගේ ආදරණීය විශ්වයට නිතරම ස්තූතියි වන්ත වෙනවා මෙවැනි වටිනා උපදෙස් මාවෙත නිතර මුණගස්වනවාට.ස්තූතියි මගේ ආදරණීය විශ්වමාතවනි.ස්තූතියි ❤️🙏❤️ ස්තූතියි ❤️🙏❤️ ස්තූතියි ❤️🙏❤️

  • @dilankasugathadasa6009
    @dilankasugathadasa6009 Жыл бұрын

    ඉතා වටිනා වැඩසටහනක්.මට තිබුණු බොහෝ ගැටලු වලට පිලිතුරු ලැබුනා මෙමගින්.බොහොම පින් ඔබතුමාට. බුදු සරණයි ඔබතුමාට.

  • @chandimabandara2138
    @chandimabandara21388 ай бұрын

    කිසිම දෙයක් සිහියෙන් අවුරුදු ගානක් නොකල මම. මේ අධ්‍යත්මීය ගුරුවරුන් ට නමස්කාර වේවා 🙏 🌹 ❤ A.S. බාලසූරිය මහත්තයා , සමන් සර් නුවන් සර් මේ සියලුම දෙනාට මාගේ ගුරු ගවුරවය පුදමී. සර් මේ වීඩියෝව මන් බලන 2 වතාව මුලින්ම බැලුවේ යාලුවා ගේ ෆෝන් එකෙන් අදමම මගේම ෆෝන් එකෙන් බලනවා අද මට එදාට වඩා හොදින් අවබෝධ වෙනවා. ස්තුතියි 🙏 සර් නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතය yak ලැබේවා 🙏 🌹 🌹 ❤ 🙏

  • @indunilratnasinghe7446
    @indunilratnasinghe74468 ай бұрын

    Coach nuwan මේක මට දන්නා කාලෙ ඉදන් තිබ්බ ඔක්කොම ගැටලු වලට විසදුම. ඔයා ඒක හරිම ලස්සනට විග්‍රහ කරනවා. මට මේ සැනසීම දෙන්න මග පෙන්වන ඔබට පැතූ බෝදිය කින් නිවන් අවබෝදයට ඒකාන්තයෙන් හේතු වේවා. වාසනා වේවා. 🙏🙏🙏

  • @user-hc3pf5jt1m
    @user-hc3pf5jt1m2 жыл бұрын

    සමහර අවස්තාවල හාට් බීට් එක ඇගපුරාම විහිදිලා යනවා දැනෙනවා 💜️

  • @user-hc3pf5jt1m
    @user-hc3pf5jt1m2 жыл бұрын

    සිරුරට අවදානය දුන්නහම සියුම් සන්වෙදනයක් නාඩි වැටෙනවා වගේ දැනීමක් දැනෙනවා.විවේකීව ඉන්න ඕනෑම අවස්තාවක අවදානය දීපු සැනින් එය දැනෙනවා..

  • @user-fl5ve9mj3j
    @user-fl5ve9mj3j7 ай бұрын

    සර්ගේ වැඩසටහන් බලන්න කලින් හිතුවේ හිතෙන ඒවා තමා ජීවිතය හරි ලස්සනයි කියලා .පුදුම මෝඩකමක ගිලිලා ඉදලා තියෙන්නෙ .අනේක වාරයක් පින් සර්ට.හිත කියන්නේ අපේ විනාශය .ඔබතුමගේ මාර්ගයේ යෑම හරි මාර්ගය 💎💎💎🙏🙏🙏🙏🙏🙏💎💎💎💎

  • @poojyavishakamaniyanvahans9616
    @poojyavishakamaniyanvahans96168 ай бұрын

    සතුටුයි...දැනට වසර ගනනක සිට කරන භාවනාව..සති උපේක්ෂා...සංවේදනා වල වෙනස් වීම දැකීම ... බුදු දහමේ කෙලෙස් ප්‍රහාණය කිරීමේ භාවනාව සුවපත් වේවා මහත්තයා..

  • @mandakiniwelmilla7885
    @mandakiniwelmilla78858 ай бұрын

    තෙරුවන් සරණයි ඔබට ! ඇත්තටම අපේ මේ විසිරුණු මනසට හොදින්ම අවබෝධ වන ලෙස පැහැදිලි කර දෙනවාට අපමණ පින්......

  • @lakshansanjeewa1397
    @lakshansanjeewa13972 жыл бұрын

    නුවන් අයියේ මේ වැඩසටහන මාරම වටිනවා ඔයාට වෙලාවක් තියන වෙලාවට පුළුවන්නම් සතියකට වතාවක් මේවගේ වැඩසටහන් ඔයාගේ chanel එකෙන් දාන්න යම් කෙනෙක් අවදිමත් වෙනවා කියන්නේ ඒ පිනම ඇති ඔයාගේ පවුලට මේවා මිල කළ නොහැක.💖✨💖✨💖✨(අද පලවනි පාරට නුවන් අයියා කිව්වේ ඇතුලේ එකා කෑ ගහනවා ඇයි සර්ට අයියා කිව්වේ කියලා)

  • @ashokawithanage8216

    @ashokawithanage8216

    2 жыл бұрын

    ස්ස්ස්ස්ස්සස්ස්ස්ස්සසාආආ

  • @kanchanamadhawee6145

    @kanchanamadhawee6145

    Жыл бұрын

    💮🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @walpitahome3222

    @walpitahome3222

    8 ай бұрын

    ​harima wada gath pin

  • @sheelarajapakshe

    @sheelarajapakshe

    8 ай бұрын

    ​@@walpitahome3222h

  • @chandanisigera6049

    @chandanisigera6049

    8 ай бұрын

    Hoda soya ganimak

  • @sujeewamarasingha7594
    @sujeewamarasingha75948 ай бұрын

    මේ වීඩියෝ මට හරියටම හරියනවා මේ කියපු විදියම තමයි මාත් ඔබ තුමාට ගොඩාක් ස්තුතියි ආයේත් මේ වගේ වීඩියෝ ගෙන්න විශ්ව මාතාවට ස්තුති වේවා

  • @vernonattygalle4776
    @vernonattygalle4776 Жыл бұрын

    මම දැනුදු සර්ගෙ මේ දේශනාවට සිත යොමුකලා. මට හරිම සැහැල්ලුවක් දැනෙනවා. මම හැමවිටකම උත්සහා කරනවා මේ මොහොතෙ ඡීවත්වෙන්න. සිතුවිලි එක්ක පොර බදිනවා. ඒත්., අත්හරින්නෙම නැහැ සර්. ඉලක්කයට ප්‍රමාදවී හෝ යනවා. සර්., සර්ගෙ ඡීවිතයෙ යම් දවසක මෙතේ බුදුන් දැක නිවන් දකීවි. ඒ සර් මේ කරණ කුසල කර්මයන් හේතුකොටගෙන. තෙරුවන් සරණයි🙏🙏🙏

  • @SudeshPathirana
    @SudeshPathirana9 ай бұрын

    ඔබ තුමා නම් සැබෑම ශ්‍රේෂ්ඨ ගුරුවරයෙක්.💕

  • @samodhadesilva8907
    @samodhadesilva8907 Жыл бұрын

    බෙෳද්ධයා නාලිකාවේ සවිමත් බව ගැන වැඩසටනක් යනවා ..හරි වටිනවා. මේ සිත එක්ක ගණුදෙනු කරන්න නම් දවසකට පැයක්වත් ධර්ම දේශනාවක් අහන්න පුරැදු වුනොත් හරි වටිනවා..රටේ වර්තමාන තත්ත්වය එක්ක මම ධර්මය අහන එක නතර වුනා..සිත නිරවුල් නැ..ඔබතුමා කිව්ව හැම වචනයක්ම හරි...මොකද මේ හැම දෙයක්ම ධර්ම දේශනාවල ඇතුලත් වුනා..ස්තුතිය ඔබට..

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 Жыл бұрын

    සුභ උදෑසනක් වේවා...බොහොම ස්තුතියි ඔබ තුමාට....K.S.A

  • @thilinilakmal4273
    @thilinilakmal4273 Жыл бұрын

    ගොඩක් වටිනවා ඔබට තෙරැවන් සරණයි .

  • @himaliahangama4311
    @himaliahangama43112 жыл бұрын

    ස්තූතියි ඔබතුමාට 🙏🙏🙏

  • @isurugamage7992
    @isurugamage799210 ай бұрын

    බෙහෙවින්ම ස්තුතියි ඔබතුමාට සියලු ලෝක සියලු සත්වයෝ සුවපත් ඌ සිත් ඇත්තෝ වෙත්වා. ඉතාමත් වටිනා අදහස් වලින් මාව සන්නද්ද කල ඔබතුමාටත් විශ්ව ශ්ක්තියටත් ස්තුතියි. ස්තුතියි. ස්තුතියි. 💜💜💜💐

  • @stitchesknots8474
    @stitchesknots84742 жыл бұрын

    බොහොමත්ම ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏💖💖💖

  • @disanayakakumara926
    @disanayakakumara926 Жыл бұрын

    ඔබතුමාට බෙහෙවින් ම ස්තුතියි.ජයක්ම වේවා.

  • @rohansanjeewa868
    @rohansanjeewa8686 ай бұрын

    හදිසියෙන් අහන්න ලැබුන , වෙනස්ම කතාවක් .බොහොම පින්..යහපත්ව ජිවිතය ගෙවන්න මග පෙන්වනවාට....

  • @kusumyapa1700
    @kusumyapa17009 ай бұрын

    වටිනා ම දේශනයක්.ඔබතුමාට බොහෝම පිං!!!

  • @nimalipriyadarshani5144
    @nimalipriyadarshani5144 Жыл бұрын

    ඉතාමත් හොඳ පැහැදිලි කිරීම ක්.ස්තුති ඔබ තුමා ට 🙏🙏🙏

  • @prabashinishalika1772
    @prabashinishalika17728 ай бұрын

    ඇත්තෙන්ම බාවනා වට සමවැදි සිටියා සෙ වෙලා ව ගියා දැනුනෙ නැ සර්.ගොඩක් පින් .තැවෙන සිත් සුවපත් කරන්න .කරන කැප කිරීමට .🙏❤ තෙරුවන් සරනයි දෙවි පිහිටයි .

  • @sewwandinalini6380
    @sewwandinalini63806 ай бұрын

    ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබ තුමන්ට වගේම මෙයට සවන් දීමට අවස්තාවක් සලසා දුන් මේ අපූරු විශ්වයටත්

  • @anjanaupul3952
    @anjanaupul3952 Жыл бұрын

    සර් මේ මොහොත පුහුණුවෙමින් සිටිමි. ඇත්තෙම්ම ලොකු වෙනසක් දැනෙමින් තිබෙනවා. මම දින කිහිපයකට ඉස්සෙල්ලා විඩියෝ නෙත ගැයුනෙ. ඔබතුමාට බොහොම ස්තූතියි සර් 🙏🙏🙏🙏

  • @user-nf5cc5xr9d
    @user-nf5cc5xr9d9 ай бұрын

    අනෙක වාරයක් ස්තුතියි විශ්වයට ඔබවාගෙ පුද්ගලයෙකු සිත ගැන කියන දේශනා අහන්න ලබා දීම ගැන ඔබට පිං ස්තුතියි

  • @mallikaperera6720
    @mallikaperera6720 Жыл бұрын

    අවශ්‍යම වෙලාවට අහන්න ලැබුනා .බොහොමත්ම පින්

  • @subadrapriyanthi1319
    @subadrapriyanthi13192 жыл бұрын

    ගොඩක් ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏🙏🙏

  • @thiliniperera2095
    @thiliniperera2095 Жыл бұрын

    ගොඩක් හොද වැඩසටහනක් .හිතට සතුටුයි .🙏🙏🙏🙏🙏

  • @user-sj7de6fh7b
    @user-sj7de6fh7b2 ай бұрын

    ඉතාමත් වටිනා දෙශනයක් මම ගොඩක් පිඩා කාරි ඡිවතයක් ගත.කරේ අද අවුරුදු දවසේ නොනගත කාලේ මෙිි වැඩ සහටහන.මට අහන්න ලැබුනු එක ගැන මට මෙිි අවුරුද්දට ලැබුනු ත්‍යාගයක් වාගේ ඔබ තුමාට පිං බුදු සරණියි බුදුන්ගේ පිහිට..විශ්සයේ මැණියන්ගේ පිහිට ලැබෙිිවා ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hemalisiri5789
    @hemalisiri57892 жыл бұрын

    ස්තුතී ඔබට. තෙරුවන් සරණයි !!!

  • @chathurikapriyadarshani3926
    @chathurikapriyadarshani39263 ай бұрын

    ඇත්තටම මේක මාරම වටිනව.ලොකු ප්‍රශ්නයටඋත්තරයක් ලැබුනෙ.බුදු දහමෙ එන කායානුපස්සනාව මේ කියල මට හිතෙන්නෙ.ඒ ධර්මදේශනා වලින් ඇහුවට මෙහෙම තේරුනේ නෑ.ගොඩාක් පින් .🙏

  • @user-wp6hq4xd8b
    @user-wp6hq4xd8b6 ай бұрын

    Thank you sir මාසයකට කලින් ඔබ තුමාගේ වැඩ සටහනක් බැලුවා.මම හදවතේ භාවනාව කරන්න පටන් ගත්තා.එත් මට හැම වෙලාවෙම සිතුවිලි එනවා.මේ වැඩ සටහනෙන් මගේ ගැටලුවට පිලිතුර ලැබුණා.ඔබ තුමට ගොඩක් පින්.තෙරුවන් සරණයි

  • @kalpanashanikarajakarunara1965
    @kalpanashanikarajakarunara1965 Жыл бұрын

    සතියේ ආනිසංස සත්පුරුශයන් ගේ ඇසුර ලැබීම ...බොහොම පින් ඔබට

  • @nadeekadilhani5623
    @nadeekadilhani56234 ай бұрын

    බොහෝම ස්තුතිය සර්.....මං නිතරම බණ අහනවා.ඒත් මං ගොඩක් හිතින් කඩන් වැටිලා කියලා මට දැනෙනවා.මට මං වෙනුවෙන් මේ මේ දේවල් කරන්න ඔනී කියලා කවදාවත් ඒ හිතන විදිහට කරන්න බැහැ ..හිතට විවිධාකාර දේවල් එනවා වැඩ කර ගන්න බැ ඒ වෙලාවට.මං කැමතියි ඔබ තුමා සමඟ කතා කරන්න. අවස්ථාවක් දෙන්න ඔබ තුමාට ගොඩක් පින්

  • @gnanaarachchi6684
    @gnanaarachchi6684 Жыл бұрын

    මේ කරුණු ඉතා වැදගත්.ස්තුතියි

  • @sandeepanirathnayake1951
    @sandeepanirathnayake1951 Жыл бұрын

    ස්තුතියි ඔබ තුමාට ගොඩක් ස්තුතියි ගොඩක් පින් ගොඩක් වටිනවා

  • @rupikadamayanthi1077
    @rupikadamayanthi10772 жыл бұрын

    ස්තුතියි obathumata තෙරැවන් සරනයි

  • @w.pthushara5319
    @w.pthushara5319 Жыл бұрын

    බොහොම ස්තුතියි ....තෙරැවන් සරණයි 🙏🙏🙏🌷🌷🌷

  • @shiromilokuvithana7889
    @shiromilokuvithana78892 жыл бұрын

    මේකනම් මාරයි..අහම්බෙන් නරබන්න ලැබුනෙ..මන් fb share කරනවා..මට මග හැරුන තැනක් හමු වුනා..ඔබට පින්...

  • @udayapremarathne5408

    @udayapremarathne5408

    4 ай бұрын

    🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @upalirajapaksha7357
    @upalirajapaksha73578 ай бұрын

    ඔබේ සියලු යහපත්වූ අරමුණු වහවහා සාක්ෂාත් වේවා ! බොහොමත් ස්තුතියි .

  • @nihalkumara1053
    @nihalkumara1053 Жыл бұрын

    ස්තුතියි සර් වැදගත් දේශනයක් අසන්නට අවස්ථාව ලබා දීම පිලිබඳව මෙම උතුම් ධර්ම දානයක් වෙවා

  • @shyamanilanthi7744
    @shyamanilanthi77448 ай бұрын

    ගොඩක් වටිනා දේශනාවක් ස්තුතියි .

  • @NelumLanka
    @NelumLanka9 ай бұрын

    බොහොම ස්තුතියි ඔබතුමාට වටීනා සිහි ගැන්වීමක්

  • @wansooriya366
    @wansooriya366 Жыл бұрын

    ඔබ තුමාට බොහොම පින්

  • @m.g.kusumalathakusumalatha9072
    @m.g.kusumalathakusumalatha90729 ай бұрын

    බෙහෙවින්ම පින් අත්වේවා තෙරැවන් සරණයි

  • @kuruppukuruppuarachchege6699
    @kuruppukuruppuarachchege66997 ай бұрын

    ඔබ තුමාට පිං සිද්ද වේවා ඒ අාශිල්වාදය ඔබ තුමාගේ අධ්‍යාමික ඉලක්ක ජයගන්නවාමයි.එය අපද ලබන ජයකි.

  • @CalmFlamingoBirds-kp4ui
    @CalmFlamingoBirds-kp4ui17 күн бұрын

    Thanks for your discussion! TS!❤

  • @nandanakarunathilaka5854
    @nandanakarunathilaka58547 ай бұрын

    දීර්ඝායුෂ ඔබ තුමාට. මෙතෙක් කල් සොයා ගත නොහැකි වූ සිතේ මායාව දැනගත්තා

  • @user-gq9un4im8w
    @user-gq9un4im8w5 ай бұрын

    ඔබතුමා ජිව්තය සැහැල්ලුවෙන් සතුටින් ගත කරන ආකාරය පිළිබඳව කියා දෙන විදිය හරිම වටිනවා. ව්ශ්වයේ ආශිර්වාද ලැබේවා.

  • @lathawickramarathna8729
    @lathawickramarathna87292 жыл бұрын

    🌹♥️🌹 ස්තුතියි, තෙරුවන් සරණයි 🌺🌺🌺

  • @thaalamathra
    @thaalamathra Жыл бұрын

    බොහොම ස්තූතියි.. බොහොම පිං ඔබතුමාට 🙏🙏🙏❤️❤️ ස්තූතියි විශ්වය.. ස්තූතියි.. ස්තූතියි.. ස්තූතියි.. හැමදෙනාටම නිදුක් නීරෝගී සුව ලැබේවා! 🙏 තෙරුවන් සරණයි! 🙏🙏

  • @lenaliemahasinghe9432
    @lenaliemahasinghe9432 Жыл бұрын

    ඔබට ගොඩාක් ස්තුතියි .හරිම පැහැදිලි ලෙස කියලා දීම ගැන 🙏

  • @chamiwasana2631
    @chamiwasana26312 жыл бұрын

    මට හදවතේ භාවනාව කරනකොට සිතුවිලි නිතරම එනවා. ඒ සිතුවිලි නවත්තගන්න උත්සාහ කලත් කරගන්න බෑ. හිත නිතරම කියවනව. මේ දේශනයෙන් මට ඒ ගැටලුවට පිලිතුර ලැබුනා. ඒ වගේම නොතේරුන ගොඩක් තැන් දැනගත්තා. ස්තූතියි නුවන් අයියේ සරලවම මේ දේවල් තේරුම් කරල දුන්නට. මේකෙ ඉතිරි කොටස් ටිකත් ඉස්සරහට දෙන්න. තෙරුවන් සරණයි !!! 🙏🙏❤️❤️

  • @chathurikasandaruwani9868
    @chathurikasandaruwani9868 Жыл бұрын

    බොහොම ස්තූතියි සර්..ප්‍රශ්න ගොඩක හිරවෙලා පුදුම අසරණ කමකින් ඉද්දි මේ වීඩියෝ එක ගොඩක් වැදගත් උනා...

  • @annegayani7363
    @annegayani7363 Жыл бұрын

    ස්තුතියි .ඔබ තුමාට .🙏🙏🙏🙏🙏🌹

  • @prasannawickramasinghe5045
    @prasannawickramasinghe50453 ай бұрын

    Thanks, Great explanation 🙏 🙏 🙏

  • @Niduwarasandul
    @Niduwarasandul7 ай бұрын

    ඇත්තටම ඉතාම වැදගත් දේශනයක් ඉතාම සරලව තේරැම් කලා ඔබතුමාට ස්තුතියි පිං සිදුවේවා

  • @rachelperaud1945
    @rachelperaud194511 ай бұрын

    ෆෑන් එකේ කතාව නම් හරි. ඒ වගේම ඔයාගෙ වාග් විලාශය හරිම සිත් බැදගන්නා සුලුයි. ස්තුතියි .

  • @anjaladilrani23
    @anjaladilrani232 жыл бұрын

    බොහොම ස්තුති ඔබට 😍🙏

  • @taniyad9309
    @taniyad93092 жыл бұрын

    බොහොම ස්තූතියි .මුලින් පුහුණුවෙ හිටියත් ආයෙත් ඒකෙන් මිදිලා ප්‍රශ්න හිතන වෙලාවක හරිම වීඩියෝ එක හම්බුණා කියලා හිතනවා.❤

  • @janakifernando344
    @janakifernando3447 ай бұрын

    ❤ හරිම වටිනවා. බොහොම ස්තූතියි ඔබට 🙏🏽

  • @ranjanisuneetha5143
    @ranjanisuneetha5143 Жыл бұрын

    හරිම වැදගත් දේශනයක් ඔබතුමාට ගොඩක් ස්තුතියි අවස්ථාව උදාකර දුන් විශ්වමාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @mallikadissanayaka9359
    @mallikadissanayaka93599 ай бұрын

    මෙම තත්ත්වය යම් තරමකට මට බලපා ඇති බව දැනෙනවා .. මට පිහිට වෙන්න ...ගොඩාක් පින් ... ඔබ සුවපත් වේවා ...❤🙏🙏🙏

  • @coachwithnuwan3625

    @coachwithnuwan3625

    9 ай бұрын

    යම් තරමකට නම් පිහිටක් මොකටද...?

  • @dilaniganga3865
    @dilaniganga38659 ай бұрын

    ස්තුතියි ඔබ තුමාට ❤

  • @samanthapriyankara4700
    @samanthapriyankara47002 жыл бұрын

    බොහෝම ස්තුතියි සර් 🙏🙏🙏

  • @nirodhawijayarathne5964
    @nirodhawijayarathne5964 Жыл бұрын

    ඔබතුමාට ගොඩාක් පිං. 🙏

  • @thanujadilrukshi8922
    @thanujadilrukshi89223 ай бұрын

    ගොඩක් වැදගත් විඩියෝ එකක් ස්තුති

  • @sewwandhigoonathileka838
    @sewwandhigoonathileka8382 жыл бұрын

    ස්තුතියි සර් ඉතාමත් වටිනවා....🙏🙏

  • @chalunishakila9254
    @chalunishakila9254 Жыл бұрын

    ගොඩක් ගොඩක් ගොඩාරියක් ස්තූතියි සර්....ආදරණීය විශ්වයටත් ස්තූති වේවා මට ඕනිම වෙලවෙදි මේ වීඩියෝ එක බලන්න හිතුනට

  • @shantha126
    @shantha1262 жыл бұрын

    Mekanam niyamay.kiyanna wachana na .godak sthuthiy sthuthiy sthuthiy .💖💖💖💖💖

  • @vernonattygalle4776
    @vernonattygalle4776 Жыл бұрын

    අද නුවන් සර්ගෙ මේ වැඩ සටහන ඇහුවා. අවධානය යොමු කලා. සර් හිතට කතා කරන කොට හරිම සතුටුයි. නිකම් දැහැනට සම වැදිලා වගේ අහාගෙන ඉන්න පුළුවන්. හිතට පුදුමාකාර සැහැල්ලුවක් දැනෙනව සර්. සර් මේ කරන්නෙ සසරෙ අතරමං වූවන්ට යා යුතු නිවැරදි මග කියාදීමක්. ඒ පිනම ඇති සර්ට මේ සසර තරණය කරන්න🙏🙏🙏

  • @manjulajayasinghe3070
    @manjulajayasinghe3070 Жыл бұрын

    සුවපත් වේවා !🙏

  • @tharushidevindi3042
    @tharushidevindi3042 Жыл бұрын

    ඇත්ත්ටම හුගක් වටින්වා සර්, ඉක්මනින් ඊලග පියවර බලාපොරොත්තු වෙමි

  • @madushiliyanage8587
    @madushiliyanage85872 жыл бұрын

    තෙරුවන් සරනයි ඔබතුමාට

  • @sumethradias9245
    @sumethradias92452 жыл бұрын

    බොහොම ස්තුතියි පුතා 🙏♥️

  • @diharacreation7647
    @diharacreation76475 ай бұрын

    මන් මෙකෙන් ලොකු මානසික වදයක් විදින කෙනෙක් . අද තමා තේරුම් ගත්තේ ඇත්තටම මොකක්ද මේ වෙන්නෙ කියලා . ගොඩක් වටින video එකක්. මන් කොච්චර සිත ගැන video බැලුවත් මට මේ තරම් වැදගත් දෙයක් මීට පෙර හමුවෙලා නෑ. ස්තූතියි ගොඩාක් ස්තූතියි . තව තවත් මෙවන් වැදගත් දේ ගෙන ඒමට හැකියාව ලැබෙවා .

  • @wirajikumudeen3570
    @wirajikumudeen35709 ай бұрын

    ඔබතුමාගේ මං බලන දෙවන වීඩියෝ එක. මං හිතනවා මං අවුරුදු ගාණක් පුරා හොයපු දෙයක් මේ. මගේ ලොකු වාසනාවකට මේ වීඩියෝ එක බලන්න ලැබුණා. ඔබතුමාට ගොඩක් පින්. දැන් මං ඉතුරු ටික හොයාගෙන බලන්න ඕන. 🙏🙏🙏🙏

  • @amasenadhi9318
    @amasenadhi931811 ай бұрын

    බොහෝම ස්තුතියි..❤ සියලු සත්ත්වයන්ට මානසික සුවය උදා වේවා❤

  • @user-wi4zl7zq6p
    @user-wi4zl7zq6p6 ай бұрын

    මම ඛොහෝ කාලයක් සොයපුදේ මට ලැබුණා.ඔබතුමාට ස්තුති.

  • @sherinewimaladasa9965
    @sherinewimaladasa9965 Жыл бұрын

    ගොඩක් ස්තුතියි Sir ❤️❤️🌹

  • @anuradhimanawadu6563
    @anuradhimanawadu6563 Жыл бұрын

    ගොඩක් වටිනා විඩියො එකක් ඔබතුමා ගෙන් ගොඩක් දෙවල් ඉගෙනගත්තා . වටිනා දෙවල් කියලා දුන්නා ට ඔබ තුමා ට ගොඩක් ගොඩක් ස්තුතියි .

  • @indunilratnasinghe7446
    @indunilratnasinghe74468 ай бұрын

    බොහොම පින. අනන්ත පින්.🙏

  • @lilanikumari6982
    @lilanikumari69828 ай бұрын

    අනේ ඔබට බොහොමත් පින් 🙏 මං අදයි ඔබේ වීඩීයෝ දැක්කේ. මන් මුල ඉදලා හොයපු මහා බලගතු දෙයක් මට අදයි හරියටම පැහැදිලි උනේ. මං මේක පැට්ට්‍රිස් කරන්න අද සිට පටන් ගන්නවා. ඔබට ආයේමත් ස්තුතියි ❤

  • @dumindarathnayaka5121
    @dumindarathnayaka51212 жыл бұрын

    ස්තූතියි ඔබට ..🌼🌼🌼🌼🌼🌼💖

  • @parameepriyanka3684
    @parameepriyanka36847 ай бұрын

    බොහොමත්ම ස්තුතියි . ඔබතුමාගේ මගපෙන්වීම මත මා තුල ඇති වැරදි නිවැරදි කරගනිමි.

  • @gnanaarachchi6684
    @gnanaarachchi66844 ай бұрын

    මීට වසරකට පෙර මෙයට සවන් දුන්නත් දැන් තමයි අවබෝධ උනේ. ස්තූතියි ගුරුතුමනි.

  • @shainishehana
    @shainishehana4 ай бұрын

    විශ්ව මාතාවට ස්තූතියි මේ වීඩියෝ එක මුනගැසීම වෙනුවෙන් ❤🌍

  • @akashrashmika3729
    @akashrashmika3729 Жыл бұрын

    ගොඩක් පින් අයියේ.. ❤️🙏🙏

Келесі