සමනළ වැව (Samanala Wewa) - Karunarathna Divulgane

Музыка

Subscribe The Channel - Karunarathna Divulgane Official KZread Channel
/ karunarathnadivulganeo...
Artist : Karunarathna Divulgane
Lyrics: Indrasiri Suraweera
Music: Karunarathna Wijewardhana
Follow Karunarathna Divulgane
Facebook : / kdivulgane
Spotify : open.spotify.com/artist/3ox79...
Apple Music : / artist .
Deezer. : www.deezer.com/us/artist/5548944
#KarunarathnaDivulgane #SamanalaWewa #SinhalaSongs #divulgane #srilankanmusic #KarunarathnaDivulganeOfficial

Пікірлер: 302

  • @SasikaHerath-cu5hc
    @SasikaHerath-cu5hc5 ай бұрын

    මේ සින්දු විදින උබල වගේ සෙට් එකක් දකින එකත් මට ලොකු සතුටක් බන්...දැන් ඉන්න ගෝතයොනට වඩා...❤❤❤❤

  • @Damiya635

    @Damiya635

    5 ай бұрын

    අනිවාරෙන්ම ❤️💯

  • @chamikamadhuwantha3811

    @chamikamadhuwantha3811

    4 ай бұрын

    ඇත්තෙන්ම ඔව් මචං. අත්දැකීමක් නැතත්, සෑහෙන්න හිත අවුස්සන, ඒ එක්කම නිවන,, මේවා අහන්න, විඳින්න අපි පින්වන්තයි...2024-03-28. 😌

  • @sasandiwankara7303
    @sasandiwankara73036 ай бұрын

    අපිට පින මදි උනා...... සියලු නංගිලා මල්ලිලාගේ සරසවි සිහිනය සැබෑ වේවා 🥀

  • @PasinduJayampathi-wb6qb

    @PasinduJayampathi-wb6qb

    6 ай бұрын

    සැබෑ නොවුන ඒ හීනය ❤️🥺

  • @salindadissanayake5828

    @salindadissanayake5828

    3 ай бұрын

    එහෙම හිතන්න එපා අයියෙ. සමහර විට සරසවි යන්න ඔයා තාම ප්‍රමාද නොවෙන්නත් පුළුවන්. ඒ වගේම බාහිර පුද්ගලයන්ට යම් තාක් දුරට විවෘත සරසවි තියෙනවා. නිකමට හරි ගිහින් බලන්න. ආසයි නම් ලමයි එක්ක පොඩ්ඩක් කතා කරන්න. ඒවගෙ ඉන්නෙත් ඔබ මම වගේම අය.

  • @NipunMihiranga-pw4cd

    @NipunMihiranga-pw4cd

    9 сағат бұрын

    සබරගමුව කැම්පස්

  • @ishiniwathsala7772
    @ishiniwathsala7772 Жыл бұрын

    වලවේ හොස්ටල් එකේ ඉදන් ආදරකන්ද දිහා බලාගෙන මේ සින්දුව අහද්දී එන අමුතු හැගීම විස්තර කරන්න බෑ ❤️ආදරෙයි සබරේ ❤️

  • @madushasenarath262

    @madushasenarath262

    2 ай бұрын

    Aththa❤

  • @madushasenarath262

    @madushasenarath262

    2 ай бұрын

    Aththa❤

  • @himasaradenuwan5081
    @himasaradenuwan50812 жыл бұрын

    හේතුවක් දන්නෙ නෑ...නිකන්ම ඇස් වලට කඳුළු එනවා.....💓

  • @thyaga_dissanayake

    @thyaga_dissanayake

    Жыл бұрын

    Matath🥺🥺🥺

  • @milanruwantha8165

    @milanruwantha8165

    Жыл бұрын

    💗

  • @moon.1111.

    @moon.1111.

    8 ай бұрын

  • @user-xq5qn8mf9k

    @user-xq5qn8mf9k

    2 ай бұрын

  • @NuwanthiWeerabadhu

    @NuwanthiWeerabadhu

    29 күн бұрын

    Matath

  • @mayuraweerasinghe814
    @mayuraweerasinghe8148 ай бұрын

    මම පේරේ.. ඒත් ඊට වඩා ලස්සනක් මේ සින්දුවෙන් පණ දීලා තියෙනවා. සබරෙට ගිහින් නැතත් සබරෙට ආදරේ කරන්න ගත්තෙ මේ සින්දුවෙන්.. පේරාදෙණියට කොච්චර ලස්සන සින්දු කියලා තිබුනත් මේක තරම් කැම්පස් එකක් ගැන හිතට දැනෙන කරපු එකම සින්දුව මට නම්.

  • @chathurangawanninayaka9609
    @chathurangawanninayaka9609 Жыл бұрын

    sabaragamuwa campus එකට තේරුනා කියල ලියුම ගෙදර ආව දවසත් , මුළු ජීවිතයම යථාර්තයක් කරගන්නත් නොමැකෙන මතකයන් රැසක් මේ ගීතය තුල තියෙනවා. ගායකයා නම් හමුවී නෑ. නමුත් ගීත රචකයා වන ඉන්ද්‍රසිරි සුරවීර මහතා නම් සබරගමුව සරසවි භුඋමියෙන්ම හමු උනා... අදටත් මම ආදර කන්ද (පරෙවියන් ගල කන්ද) , හාවගල කන්ද දිහා බලාගෙන ඉන්නවා. ස්තුතියි දිවුල්ගනේ මයටත්, සුරවීර මයටත්

  • @කිත්තා
    @කිත්තා9 ай бұрын

    මාරම සින්දුවක්❤ මේකෙ කියවෙන එක තැනකවත් මට සම්බන්ද නෑ . හැබැයි සමනල වැවට යන පාරෙ එයා A/L කරන කාලෙ හිටියෙ. අවුරුදු දෙකක ආදරෙ එයා හේතුවක් නොකියම නවත්තලා ගියා .. එයා ගිහින් අවුරුදු හතරක් වෙනවා. එයා ආයිත් එන්නෙ නෑ කියල දැන දැනත් මන් මග බලන් ඉන්නවා ❤❤ මේ සින්දුව දවසට දෙතුන් පාරක් මතක අවුස්සනවා . මන් ඒ මතක වලට මාර ආදරෙයි ❤😥

  • @anuradinesh2142
    @anuradinesh214211 ай бұрын

    මේවා සිංදු නෙමෙයි අප්පා.. ආත්මීය භාවනාවන්. හරිම සතුටුයි , මේ වගේ අධිමාත්‍රා ඖෂධ ගීත අහපු අවසාන පරම්පරාවේ එකෙක් වුනු එක ගැන

  • @techworldpro8893
    @techworldpro88934 ай бұрын

    සබරගමු සරසවි යන්න වරම් නැති උනත් සබරගමු සරසවි ගිය අතීත ආදරිය සිහි වෙද්දි අදටත් මා නොදැනිම ඇසින් කදුලක් වැටෙනව. සමනල වැව, බෙලිහුල් ඔය, සබරගමු සරසවිය, මේ ගීතය, අපි හමු වූ වෙන් වූ තැන් වල සොදුරු මතකයන් මා මියෙන තුරාවටම හද පතුලේ වේදනාවෙන් රිදුම් දේවි.

  • @1965D
    @1965D16 күн бұрын

    හිතේ කවදාවත් නොමැරී හරි පරිස්සමට තියෙන සින්දු ... 🌷✨️ ආදරේ ගැන කිසිම අත්දැකීමක් ලබල නැතත් ඒ හැගීම දනවන ගීත ✨️

  • @OshanSandeepa
    @OshanSandeepa Жыл бұрын

    ❤ සමනළ වැව පුරවන්නට බෙලිහුල් ඔය ගලා ඇවිත් ආදර කඳු තරනය කර දෙහදක් අද වෙනව ගිහින් සුවඳ හදේ රදවලා යන්න ගිහිල්ලා සුවඳ හදේ රදවලා යන්න ගිහිල්ලා පහන් තරුව පායා විත් ඔබ එනබව පවසන විට පහන් තරුව පායා විත් ඔබ එනබව පවසන විට සරසවියේ රෑනෙන් ඔබ ඉඟිල ගිහිල්ලා සුවඳ හදේ රදවලා ඔබ යන්න ගිහිල්ලා සුවඳ හදේ රදවලා ඔබ යන්න ගිහිල්ලා පෙරදින අප හමුවූ තැන නටබුන් පමණකි කඳුලක පෙරදින අප හමුවූ තැන නටබුන් පමණකි කඳුලක කඳු අතරේ වලා රොදක ඔබ සැගවීලා සුවඳ හදේ රදවලා යන්න ගිහිල්ලා සුවඳ හදේ රදවලා යන්න ගිහිල්ලා සමනළ වැව පුරවන්නට බෙලිහුල් ඔය ගලා ඇවිත් ආදර කඳු තරනය කර දෙහදක් අද වෙනව ගිහින් සුවඳ හදේ රදවලා යන්න ගිහිල්ලා සුවඳ හදේ රදවලා යන්න ගිහිල්ලා

  • @moon.1111.

    @moon.1111.

    8 ай бұрын

    ❤❤

  • @sahanrubasinghe4399
    @sahanrubasinghe4399 Жыл бұрын

    ඒ කැම්පස් එකේ නොවුනත් ඒ විදියටම රස විදින්න පුලුවන්❤️

  • @disaldassanayake4709
    @disaldassanayake47092 жыл бұрын

    සුන්දර වචන ටිකක්, සංවේදී තේමාවක්, හදවත ස්පර්ශ කරන ලයාන්විත කටහඩක්, හෘදයාංගම තනුවක්. ඒ ඔක්කොමත් එක්ක කලාතුරකින් අහන්න ලැබෙන පරිපූර්ණ නිර්මාණයක්❤️ සබරගමු සරසවි ආදර කතාවක්💔

  • @KarunarathnaDivulganeOfficial

    @KarunarathnaDivulganeOfficial

    2 жыл бұрын

    ස්තුතියි

  • @ranjithwasantha1686

    @ranjithwasantha1686

    Жыл бұрын

    ​@@KarunarathnaDivulganeOfficialද්ද්ද්ද්

  • @nuwankulasekara6157

    @nuwankulasekara6157

    Жыл бұрын

    ​@@KarunarathnaDivulganeOfficial😊🎉😊🎉😊🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 3:03 🎉🎉🎉🎉🎉🎉🎉 3:04 🎉😊 3:05 🎉

  • @The_kokis
    @The_kokis5 ай бұрын

    ප්‍රේමිය🥺 ඇති වුණෙත් එතන, නැති වුණෙත් එතන...

  • @kelumpremathilaka198
    @kelumpremathilaka198 Жыл бұрын

    කියා ගන්න බැරි මොකද්දෝ දෙයක් දැනෙනවා එත් මේ තරම් හදවත අදුනන සිංදු අපේ ඉදිරි පරම්පරාවට අහන්න ලැබෙයිද

  • @chamindahewage6856
    @chamindahewage6856 Жыл бұрын

    ජිවිතේ ම විදින්න පුළුවන් සින්දු දිර්ඝායු පතමි ඔබේ හඬින් මොහොතක් අතීත ආවර්ජනයක් කලාට 😊😊😊😊😊😊🙏🙏🙏🙏

  • @ibba89
    @ibba894 ай бұрын

    භාවනාවක් වගේ... ඔබතුමාගෙ ගීත අතරින් විශිෂ්ටතම එකක්.. 😍

  • @jagathkumara9901
    @jagathkumara9901 Жыл бұрын

    ඒ ලයාන්විත හඬට හැමදාම ආදරෙයි,හදවතේ ගායකයා...

  • @user-jw1hg2zp8k

    @user-jw1hg2zp8k

    7 ай бұрын

    ❤❤❤❤❤adarei haymadamath sir,😊😊😊😊

  • @user-bw2ug7tg1n
    @user-bw2ug7tg1n Жыл бұрын

    දැන් රෑට ලයිට් ගියාම සින්දු අහන එක පුරුදක් වෙලා හැමදාම අහනව කරුවලේ මේ සින්දුව මාර ෆීලින්එකක් තින්නෙ.🤗😇💔🥀

  • @shiranikumari9871
    @shiranikumari98712 ай бұрын

    කැම්පස් යන්න ආසාවෙන් හිටියත් යන්න වාසනාව නැති උනා.ඒත් මේ සින්දුව ඇහෙන කොට හිතට මාරම දුකක් එන්නේ ...

  • @nethmi8466
    @nethmi8466 Жыл бұрын

    මම කැමතිම ගීතයක් " සමනල වැව පුරවන්නට " කරුනාරත්න මහතාගේ

  • @AnuraDilshan-lo4dm
    @AnuraDilshan-lo4dm12 күн бұрын

    ජීවිතයේ ගායකයෙක්ට දැඩි ලෙස ආදරය කලා නම් ඒ මෙතුමන්ට පමණයි. දීර්ඝායු වේවා ...!🙏🙏🙏

  • @kavishaniarunoda923
    @kavishaniarunoda923 Жыл бұрын

    මං පුංචි කාලේ මේ සින්දුව අහලා තියෙනවා.දැන් ඒ කැම්පස් එකේ..මේ සින්දුව ගොඩක්ම හිතට දැනෙනවා දැන්..ඒක අමුතුම හැඟීමක් 😍😍💖💖🥰🥰.හරිම ලස්සනයි...❤️❤️

  • @pradeepmotors4974

    @pradeepmotors4974

    Жыл бұрын

    වචන වලට පෙරලන්න බැරි තරමට 😍

  • @udayafantasy7796
    @udayafantasy779612 күн бұрын

    දේශපාලනයට නොගැවුනා නම් අදටත් අමරනීය තවත් ගොඩාක් සින්දු අපි අහනවා.....!!!

  • @thalathawijerathna3540
    @thalathawijerathna3540 Жыл бұрын

    මගේ ප්‍රිය තම ගායකයෙක්. ලයන්විත ව ගයන ලස්සන ගීතයක් .👍

  • @nilanthasampath393
    @nilanthasampath393 Жыл бұрын

    ආදර කන්ද උඩ ඉඳගෙන සමනලවැව දිහා බලාගෙන ඉන්නකොට දැනෙන හැඟීම හරිම ලස්සනට කියලා තියෙනවා.

  • @darshanakumara2089
    @darshanakumara20892 жыл бұрын

    සමනල් වැවට ආදරය ගෙනත් දුන්න බෙලිහුල්ඔය අද සුවඳ විතරක් ලඟ තියලා යන්නම ගිහින්.. හැම විරහවකටම ගලපගන්න පුලුවන්..❤❤

  • @OshanSandeepa
    @OshanSandeepa Жыл бұрын

    වෙනුර hostel එකේ ඉදන් ,ආදර කන්ද දිහා බලාගෙන මේක අහ්ද්දී එන්නේ වෙනමම feeling එකක්♥️🍃

  • @PiyaseeliJayawardena

    @PiyaseeliJayawardena

    Жыл бұрын

    Hi

  • @samudayadahampath89
    @samudayadahampath89 Жыл бұрын

    මේ සින්දුව අහන ගමන් සමනලවැවේ ලස්සනම තැනකට වෙලා හිටියා ඊයේ 🥺😍❤️

  • @gangsters3084
    @gangsters308410 ай бұрын

    ඉන්න තැන පවා අමතක වෙන,අමුතුම භාවනාවක්.....❤

  • @tharindumihiraj9108
    @tharindumihiraj9108 Жыл бұрын

    ආදර කදු තරනය කල දෙහදක් අද වෙන්ව ගිහින් 😥...ඒ අතීතය තවමත් හිත පාරනව කොච්චර හිත රිදුනත් මේ සින්දුව අහන වාරයක් ගානේ එයාවම මතක් වෙනව ...😥 ඒත් එයා අද මන් ලග නෑ

  • @pradeepmotors4974

    @pradeepmotors4974

    Жыл бұрын

    ඒකම මටත් උනේ

  • @dilipkumara9865
    @dilipkumara9865 Жыл бұрын

    සබරෙ කැම්පස් එකට ආදරේ කරන්න පටන් ගත්තේ මේ සින්දුවෙන්

  • @user-zc7cp6et8f
    @user-zc7cp6et8f16 күн бұрын

    කැම්පස් 1ක් පසුබිම් කරගෙන තියෙන හැම සින්දුවක් මාර ලස්සනයි,අමුතුයි,දැනෙන දේ කියාගන්න තේරෙන්නෙ නෑ මට

  • @Shan-00
    @Shan-00 Жыл бұрын

    සුවඳ හදේ රඳවලා යන්න ගිහිල්ලා 🥺🌸

  • @sachinthalakvidu1220
    @sachinthalakvidu12208 ай бұрын

    මේ සින්දුව අහද්දි ජිවිතේ කොතනකදෝ අතරමන් වේනවා. අදරණිය හඩ ඔබ තුමාගේ ගොඩක් මතක අවදි වෙනවා. ❤❤

  • @isuruindunil9823
    @isuruindunil9823 Жыл бұрын

    ආදරකන්දට,වංගෙඩිගලට,හා ගලට හරි අපූරුවට පේනවා සමනල වැව❤️🏞️

  • @chamindapathirana3691
    @chamindapathirana3691 Жыл бұрын

    අපේ කාලයේ නුවර කලාවියේ හද ගැස්ම.

  • @SewwandiFernando-zj6ho
    @SewwandiFernando-zj6ho4 ай бұрын

    Dont know why my heart is paining when i am listning this song every time. I have been Sabare one time. Always getting tears 🥲

  • @arush1798

    @arush1798

    2 ай бұрын

    I feel the Same.... Very heart warming..❤

  • @buddhikamekhalaniwijetunge5485
    @buddhikamekhalaniwijetunge54852 жыл бұрын

    උන් හිටි තැන් අමතක කරවන, අපව අතීතෙ තැ⁣තක අතරමං කරවන මේ ගීත, වගේම ඔබ තුමන්ගෙ පුදුමකාර කටහඬ .

  • @KarunarathnaDivulganeOfficial

    @KarunarathnaDivulganeOfficial

    2 жыл бұрын

    ස්තුතියි

  • @upulp2

    @upulp2

    Жыл бұрын

    @@KarunarathnaDivulganeOfficial thank you for giving us old memories with your emotional voice. Love from saudi

  • @user-jk7mp5yc8v
    @user-jk7mp5yc8v12 күн бұрын

    Adaraniyama sinduwa mage

  • @imashakuruppu8030
    @imashakuruppu803015 күн бұрын

    2024 danuth asa sinduwak. Hithata danena❤😘

  • @nadunnimalsha7407
    @nadunnimalsha7407 Жыл бұрын

    ගොඩක් දේවල් මතකෙට ඇවිත් ඇස් තෙත් කරන ලස්සන සින්දුවක්🥺❤️❤️❤️

  • @yasirukalhara1648
    @yasirukalhara1648 Жыл бұрын

    සුවඳ හදේ රදවලා යන්න ගිහිල්ලා🥺🥀...

  • @amila19870129
    @amila19870129 Жыл бұрын

    හදවතටම ගී ගයන්න පුළුවන් එකම ගායකයා.....❤️❤️🙏🙏❤️❤️

  • @dhammikakumar234

    @dhammikakumar234

    10 ай бұрын

    පරණ කතාවක් මතකෙට එනව....❤❤

  • @devakavizmantha
    @devakavizmantha2 жыл бұрын

    පෙර දින අප හමු වූ තැන නටබුන් පමණකි කඳුළක කඳු අතරේ වළා රොදක ඔබ සැඟවීලා සුවඳ හදේ රඳවලා - යන්න ගිහිල්ලා

  • @ruvanithathshani445

    @ruvanithathshani445

    Жыл бұрын

  • @kumarimohamed5602

    @kumarimohamed5602

    4 ай бұрын

    My heart is crying my love I won't see you again I'm worried about you please can you come back ❤

  • @charukalakshan6516
    @charukalakshan65168 ай бұрын

    සබරගමුව කැම්පස් එකෙයි සමනල වැව බලන්න යද්දී මේ සින්දුව අහගෙන ගියෙ මාර හැගීමක්‌ ඒ වෙලාවේ දැනුනෙනම් ❤️.

  • @avishkalakshan9337
    @avishkalakshan9337 Жыл бұрын

    කලාව පෝශනය කරන සින්දු 🎶 ❤️🥺

  • @jayalathihalagama5058
    @jayalathihalagama5058 Жыл бұрын

    හරිම ප්‍රේමනීය කටහඩක් පරන අදාර කතාව මදකට මතක් වුනා හුස්ම ටකක් ඉහට ඇදුනා 😢

  • @nisansalasandamali3022
    @nisansalasandamali30222 жыл бұрын

    හරිම ලස්සන සිංදු .අහන්න අහන්න ආසයි .එ තරම් මිහිරියි ❤️❤️❤️

  • @Netra_TK
    @Netra_TK10 ай бұрын

    ලස්සන සිංදුවක්🥺💞... දැන් කාලෙ තියෙන ඒව වගේ නෙවේ❤️❤️❤️❤️

  • @senarathsenarath3523
    @senarathsenarath35235 ай бұрын

    අහන්න අහන්න අහන්න හිතෙන ගීයක්

  • @pradeepsumeda1794
    @pradeepsumeda1794 Жыл бұрын

    ලස්සනම සිංදුවක්...අහද්දි හුගාක් දේවල් මතක වෙනවා♥️

  • @indikadeshapriya1375
    @indikadeshapriya1375 Жыл бұрын

    යුනිවසිටි යන්න බැරි උණා 😢දුකයි හිතට එත් මේ සින්දුව අහගෙන හිතින් හරි යන්න හිතෙනවා

  • @dayanandarathnayake
    @dayanandarathnayake2 жыл бұрын

    ඇසූදවසේ සිටම හිත නැවතුන ගීතයක්..

  • @taniyahettiarachchi9447
    @taniyahettiarachchi9447 Жыл бұрын

    ane me song eka man dan ahuwe..meka kohe hangila tibuna da kiyala hithenwa..harima lassana sindu wak... සුවද හදේ රදවලා යන්න ගිහිල්ලා....❤️

  • @financialfreedom4727
    @financialfreedom4727 Жыл бұрын

    එ පරිසරය විදින්න මග බලාගෙන ඉන්නෙ ❤️❤️

  • @shanukanimesh2619
    @shanukanimesh2619Ай бұрын

    මගේ ආසම ගායකයා ආදරේයී. ❤

  • @sandundissanayake603
    @sandundissanayake60314 күн бұрын

    Atheethe mathak wenawa

  • @lochanaprabath4531
    @lochanaprabath4531 Жыл бұрын

    තනියම අහන්න තනිඋනු හදවතකට කතා කරන වචන ටිකක්✌️❤️

  • @madudilhara5500
    @madudilhara5500 Жыл бұрын

    Obathuma adurnawada kathnoruwe oba thumath ekka ekata igenagaththu sunil

  • @amilabuddhika433
    @amilabuddhika433 Жыл бұрын

    සුවද හදේ රදවලා යන්න ගිහිල්ලා❤❤

  • @Randimanethmi-qr8wb
    @Randimanethmi-qr8wb Жыл бұрын

    සුවද හදේ රදවලා යන්න ගිහිල්ලා ❤️❤️❤️

  • @ruviniiroshima9664
    @ruviniiroshima96645 ай бұрын

    සුවඳ හදේ රඳවලා යන්න ගිහිල්ලා...♥️

  • @Damiya635
    @Damiya6355 ай бұрын

    ආසම ගායකයෙක්ගෙ හිතට වදින ලස්සනම ලස්සන සින්දුවක්. 💯 ආදරෙයි අහසවගේ දිවුල්ගනේ සර්. ❤️💯

  • @prasadinihansika1331
    @prasadinihansika13318 ай бұрын

    සින්දුව අහපු වෙලෙ ඉදම් පිස්සුවෙන් වගේ ආයි ආයි අහන්න හේතුව තේරෙන්නෙ නැ භාවනාවක් වගේ . ආදරෙයි එච්චර මේ හඬට . සුවඳ හදේ රදවලා යන්න ගිහිල්ලා ❤ ලගම තියෙන කැම්පස් එක උනත් යන්න ආස හිතෙනෝ මේ වචන වලට😢

  • @user-mi5tq4bf7k
    @user-mi5tq4bf7k10 ай бұрын

    ඒ ආදරේ සුවද තාමත් මේ සින්දුව ඇහෙද්දි මතක් වෙනව😢❤

  • @uab2936
    @uab29367 ай бұрын

    මේක මුලින්ම ඇහෙනකොට campus එකෙන් out වුණා විතරයි. මම colombo uni. ඒත් හිතට ලොකු දුකක් දැනෙනවා ජීවිතේ තරුණ කාලේ මතක් වෙලා.

  • @drchanchun5554
    @drchanchun5554 Жыл бұрын

    ආසම ගායකයාණන්... ගීත වල තියෙන ආදරය.. විරහව විඳින්න වෙන හදවතක් මට දෙන්න..

  • @chandiisanka
    @chandiisanka2 жыл бұрын

    සමනල වැව පුරවන්නට, බෙලිහුල්ඔය ගලා ඇවිත් 🌊

  • @sachithlahirurajapaksha2425
    @sachithlahirurajapaksha24259 ай бұрын

    ලස්සන පද රචනයක්. ලයාන්විත හඬත් සමග මුසු උනාම ඒක භාවනාවක් වගේ.

  • @ranjitharunasiri8550
    @ranjitharunasiri85502 ай бұрын

    Adarei marenakalma

  • @sisirakumara1821
    @sisirakumara18212 жыл бұрын

    Harima Lassanai..ma Sith gath geethayak Chamarie

  • @sajeewaniherath3819
    @sajeewaniherath38192 жыл бұрын

    සුවඳ හදේ රඳවලා යන්න ගිහිල්ලා

  • @deepikasamanmali2577
    @deepikasamanmali25772 жыл бұрын

    සුවද හදේ රදවලා යන්න ගිහිල්ලා ..........

  • @sachinmadushan483
    @sachinmadushan483 Жыл бұрын

    අාසම සින්දුවක් අාස කටහඩක්

  • @PoornimaJayawardhana-lu6zz
    @PoornimaJayawardhana-lu6zz3 ай бұрын

    Mine university ❤

  • @shansenevirathna3187
    @shansenevirathna3187Ай бұрын

    ❤ hadawathata gayana karanawa❤

  • @buddikakumara8596
    @buddikakumara8596Ай бұрын

    සුවද හදේ රදවලා යන්න ගිහිල්ලා***

  • @dushyanthabandarapalipana5492
    @dushyanthabandarapalipana54922 жыл бұрын

    ලස්සනයි. ජිවිතේ ට සමීපෛ.

  • @deshanbandara5005
    @deshanbandara5005 Жыл бұрын

    පොඩි කාලෙ ඉදං ආසයි මෙයාගෙ සිංදු වලට ❤️😊

  • @Shashikanethuki
    @Shashikanethuki10 ай бұрын

    ලස්සන නිස්කලංක පරිසරයක ඉදන් මං මේ සිදුව ඇහුවේ හිතට පුදුමකාර හැගීමක් දැනෙන්නේ😢

  • @manjithjanakantha
    @manjithjanakantha Жыл бұрын

    ජීවිතේ දිහා ආයෙම හැරිලා බලලා හුස්මක් හෙලන්න තව හේතු මොකටද මේ වචන මෙි හඬම ඇති ඒකට ❤❤

  • @thamirasandamali8437
    @thamirasandamali8437 Жыл бұрын

    හැමදාමත් මගේ ආසම ගීතය ❤️❤️❤️❤️

  • @anushakumari6972
    @anushakumari69722 жыл бұрын

    හරිම ආදරණියයි💜️💜️💜️

  • @antonperera1436
    @antonperera14367 ай бұрын

    Great

  • @sss1116
    @sss11162 жыл бұрын

    Lovely I know the story of this 🎵 written by the lecture. Really truth love 💘 ❤

  • @mersalinariyawanshathiyana1250
    @mersalinariyawanshathiyana12502 ай бұрын

    Good ❤

  • @priyanthawijerathne9432
    @priyanthawijerathne9432 Жыл бұрын

    Harima lassanai sir.pin bime pahala u sundara manikak.budu saranai

  • @waruu9024
    @waruu90249 ай бұрын

    භාවනාවක් වගේ❤❤❤❤❤❤.කොයිතරම් ඇහුවත් මදි

  • @user-yg5ti7zx1n
    @user-yg5ti7zx1n18 күн бұрын

    Me Raha wasanawak

  • @indikaroshan785
    @indikaroshan7852 жыл бұрын

    Nuwara kalawiyen wiyali kaleta ena hulangak wage sith sanasana niwunu swaraya diwulgane kapuge mahaththayage hewanalla.apita oba nuwarakalaviyatath wada witinawa.budusaranai

  • @indikadanushkaharath3904
    @indikadanushkaharath3904 Жыл бұрын

    හරිම ලස්සනයි

  • @kumarimohamed5602
    @kumarimohamed56024 ай бұрын

    Suwada hada radawala yanna gihilla 😢

  • @punsithagunarathna194
    @punsithagunarathna194 Жыл бұрын

    Ela broo

  • @nimalranjith8419
    @nimalranjith8419 Жыл бұрын

    හදවතේ.ඉන්න .සුපිරි ගායකයෙක් .බුදුසරණයි

  • @thenukarandeepa
    @thenukarandeepa Жыл бұрын

    භාවනාවක් වගේ 💗☺️

  • @kavindulakshan5918
    @kavindulakshan5918 Жыл бұрын

    අම්බෝ ඒ හැගීම කියන්න තේරෙන්නෙ නෑ 😥😥😥❤️❤️❤️❤️❤️💕💕💕💕💕

  • @nimashaekanayake5886
    @nimashaekanayake5886 Жыл бұрын

    Mn hama dama wage oba thumage geetha ahanawa... Danuth ahana gaman.. wadi purama asa pem kawak geethayata saha nethata ulelak kiyana geethayata.. oba thumata deergayusha labewa... Theruwan saranai 🙏🙏🙏

  • @kamalranjith5356
    @kamalranjith5356 Жыл бұрын

    ලස්සනයි ...

  • @chayovlogs6132
    @chayovlogs6132 Жыл бұрын

    තව අවුරුදු 100ක් ගියත් අහන්න පුළුවන් සිoදුවක් ❤️

Келесі