Kusume | කුසුමේ [Official Lyrics Video]

Музыка

Listen On Spotify
open.spotify.com/track/1uf5Uq...
Listen On Apple Music
music.apple.com/us/album/kusu...
""කුසුමේ""
කිරි නොවුණ පපුවක ඉකි ගැහුව ලේ බිදක්..
Artist | Tharindu Jayasinghe
Lyrics | Shashika Sadeep
Music | Deepathy Jayasuriya
Mixed and Mastered | Deepathy J @ DnS Studioz
Visualized | DnS Studioz
artists personal details
_________________________
singer -
/ tharindu.jayasingha.12
lyrics -
/ shashika.sadeep
music -
/ deepathy.jayasuriya.9
හීන with shashi face book page -
/ shashika.sadeep.99
A production of Heena with Shashi & DnS studioz
subscribe the channel and stay tuned with us......thank you ❤️
👇 Heena with shashi👇
For a high level of enjoyment...

Пікірлер: 2 800

  • @heenawithshashi9109
    @heenawithshashi9109 Жыл бұрын

    Now you can listen this song on Spotify 👇👇 open.spotify.com/track/1uf5Uqg077Kewhuw8QTfNP?si=c6807b1eb1b34601 Apple Music 👇👇👇 music.apple.com/us/album/kusume/1694012553?i=1694012555

  • @thushim
    @thushim4 жыл бұрын

    'මැණික' සින්දුව ඇහුවට පස්සෙ අයියගෙ සින්දු හොය හොය අහන තරමට ඇබ්බැහි උනා.තේරුමක් නැති සින්දු පොලොවේ වැලි කැට ගාන්ට තියෙනවා. ඒ අතරේ මේ වගේ හිතට වදින ඇස් වලට කදුලු ගේන සින්දුත් තියෙනවා...අයියට ජයෙන් ජය

  • @thotagamuwapadmalal8835

    @thotagamuwapadmalal8835

    3 жыл бұрын

    ඇත්තටම නංගි..❤️❤️❤️❤️❤️❤️ හතරවෙනි සිංදුව එනකම් ඉවසිල්ලක් නැතුව ඉන්නෙ..👍👍👍

  • @hashi4442

    @hashi4442

    3 жыл бұрын

    Hm ow ane

  • @hasinipiyumika2214

    @hasinipiyumika2214

    3 жыл бұрын

    Maath ehemai ane 4ra weni sinduwa enakam balan inneeee😊😊

  • @deshanmadusanka9422

    @deshanmadusanka9422

    3 жыл бұрын

    Ammmooo oww ❤️❤️❤️❤️

  • @shamalkakumuduni527

    @shamalkakumuduni527

    3 жыл бұрын

    Math ehemai ..pandith amaradewayan wagei

  • @pathumtharidu3696
    @pathumtharidu36964 жыл бұрын

    විවුස් ලක්ෂ ගණන් නෑ,ට්‍රෙන්ඩින් නෑ,කොමෙන්ට් නෑ දහස් ගණන් නෑ...කුනුහර්ප නෑ...මේ වගේ රසිකයන් ඉන්න රටක දුක් වෙන්න එපා සහෝදරයා ඒ ගැන.අති විශිෂ්ඨ නිර්මානයක්..සුපිරිම සුපිරිම..❤❤

  • @heenawithshashi9109

    @heenawithshashi9109

    4 жыл бұрын

    ගොඩක් ස්තූතියි දීපු comment එකට,අපිට ඕන වුනේ වෙනස් දෙයක් ඔයාලට රස විදින්න දෙන්න.ඉස්සරහටත් මේ වගේ වෙනස් විදියේ,විදින්න පුලුවන් ගීත අහන්න කැමති නම් chanel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න.ඒ වගේම මේ ගීතයේ link එක ඔයාලගේ යාලුවන් අතර share කරලා සිංදුව ඉස්සරහට අරන් යන්න සහයෝගයක් දෙන්න.ස්තූතියි..❤️

  • @inokakarunaratne9715

    @inokakarunaratne9715

    4 жыл бұрын

    එන කදුළු නවත්තගන්න බැරිවුනා..සිංදුවක් ,හදවතට රිංගන්නේ කලාතුරකින් ..ආදරෙයි උඔලට ❤❤❤

  • @creativecollections8313

    @creativecollections8313

    4 жыл бұрын

    ඇත්තටම මේ ගීතය රසිකයන් අතරට යනවා මදි එත් කවදා හරි රියලිටියක මේක ගැයුනොත් නම් රටම හොය හොයා බලාවි .. අද කාලේ සිංදු ජනප්‍රියවෙන අලුත් රැල්ල ඔික තමා .. කණගාටුවෙන් හරි කියන්න තියෙන්නේ

  • @simshigirl8981

    @simshigirl8981

    4 жыл бұрын

    Mage appachchi mt mthk wenva e thrm hithata danuna aiye

  • @nikini442

    @nikini442

    4 жыл бұрын

    ඇත්තමයි

  • @maheshikawickramasingha8431
    @maheshikawickramasingha84312 жыл бұрын

    තාත්තා කෙනෙක් කියන්නෙ හරියටමට දුවෙකුට එයාගෙ මුලු ලෝකේම..හැම තාත්තා කෙනෙකුටම නිරෝගී දීර්ගායුෂ ලැබේවා..🙏🙏🙏

  • @ruu-og6jd
    @ruu-og6jd3 жыл бұрын

    කුසුමෙ 💖 තමන්ගෙ දරුවා දුවෙක් වුනා කියලා ප්‍රතික්ෂේප කරන පියවරු සිටින ලෝකයක මෙවන් පියවරු 🙏,

  • @samangirasamangira4920
    @samangirasamangira49203 жыл бұрын

    මල්ලි ..ඔයා මේ කමෙන්ට් එක බැලුවොත් කියල හිතල මේ දාන්නෙ ..ඔයාට ගොඩක් පින් මෙහෙම නිර්මාණ කරනවට ..මිනිස්සුන්ට කුනු රසය දෙන ලෝකෙ ඔයා සුපිරි වැඩ්ඩෙක් ..

  • @nalinpeiris7271

    @nalinpeiris7271

    3 жыл бұрын

    ඇත්තමයි හෙළුවෙන් නටන visual වලට වඩා ඇස් පියාන රසවිදින්න පුළුවන්.........

  • @musiclovers2957

    @musiclovers2957

    3 жыл бұрын

    ඇත්තමයි ... ඔබට පිං මෙහෙම ගීත නිර්මාණය කරනවාට...

  • @chamodyalakshani3568

    @chamodyalakshani3568

    2 жыл бұрын

    රූපයෙන් මිනිස්සු ආකර්ෂණය කරනවට වඩා හඩෙන් මිනිස්සු ආකර්ෂණය කරන එක👌👌👌 ඒක නං වෙනමම එකක්

  • @arjanasandeepani5347

    @arjanasandeepani5347

    2 жыл бұрын

    Ek aththa

  • @anurabandara1667

    @anurabandara1667

    2 жыл бұрын

    Aniwaryenma

  • @anjaleesenarath8411
    @anjaleesenarath84113 жыл бұрын

    දෙයියනේ කොහොමද මෙහෙම වචන ගැලපුවේ.... අවසානේ..... හිත අන්තෙටම කඩන් වැටෙනවා... අපිත් ගෑණු ළමයි නේද කියල මතක් වෙද්දි ඉන්නෙ කොහොමද 😢 බුදු සරණයි හැමෝටම ... තවත් මේ වගේ මිනිස්සුන්ට දැනෙන්න ලියන්න... සුභ පතනවා..

  • @aminirwana6325
    @aminirwana6325 Жыл бұрын

    කකුල් වලට ,සිංදු කියන ලියන රටක හදවතට දැනෙන අපූරු ආරකට ගීත එලි දක්වන ඔබ සැමට ජය! රස විඳින්න හැකි අය මේ තරම්වත් ඉඳීම ගැන සතුටුයි .

  • @nodhutuhistory
    @nodhutuhistoryАй бұрын

    මම අහපු සිය ගණන් සිංදු අතර, සුපිරිම සිංදුවට කුණුහරප වලින් ට්‍රෙන්ඩින් වෙන්න උත්සාහ කරන මිනිස්සු අතර ඔයා නම් ඇත්තටම වැඩ්ඩෙක්. ඔයා වගෙ ගායකයෝ විතරක් මෙ රටෙ හිටියානම්, අනිවාර්යයෙන් ම රට සෞභාග්‍යවත් වෙනවා. ❤ මෙ සිංදුව නම් හදවතට ම වැදුනා අයියේ

  • @creativecollections8313
    @creativecollections83134 жыл бұрын

    මේකට අන්ලයික් කරපු පරයන් වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක් 😳😳

  • @imoshagrero

    @imoshagrero

    3 жыл бұрын

    Oya nammmmmmnammmmmm😅😅✌️

  • @yamunarp8383

    @yamunarp8383

    3 жыл бұрын

    Ow gonnutikak

  • @kyliesdairy

    @kyliesdairy

    3 жыл бұрын

    😶😶😶😶🤭😂🤣

  • @piumipramudima3246

    @piumipramudima3246

    3 жыл бұрын

    Kiyala wadak na me wage ewatath unlike karana un innawane. Hithak papuwak na.

  • @sararanaweera9063

    @sararanaweera9063

    3 жыл бұрын

    එහෙම තමා යාලුවා. හොඳ දේට හොඳයි කියන අය හරි අඩුයි. පුලුවන් තරම් බලන්නේ අඩුපාඩුවක් කියන්න.ඒත් කියන්න අඩු පාඩුවක් නැති උනත් හොඳයි කියන එක නම් කියන්නෑ. ඒ තරම් අපේ උන් කුහකයි. හොඳ දේක හොඳ දකින්නම් නම් කැමතිම නෑ..☺️

  • @dnsgraphy327
    @dnsgraphy3273 жыл бұрын

    විශාරදයන් පරාදයි මහත්තයෝ.. මෙය නිර්මාණ මුදලට මිලකරන්න බැ මේව රත්තරන් නිර්මාණ. කදුළු ආවෙ කොහොමද හිතාගන්න බෑ... තෙරුවන් සරණයි 🙏🙏🙏❤

  • @morlypiumi
    @morlypiumi Жыл бұрын

    මේ පද රචනාවන් තමයි මම අහපු හදවතට දැනෙන ලස්සනම ඒවා...අපේ රටට ඕනේ මේ වගේ නිර්මාණ...බුදු සරණයි හිතන්නට යමක් දීපු හැමොටම.

  • @indikajbr3226
    @indikajbr32262 жыл бұрын

    මල්ලිලා,නංගිලා ඔයාලට මාර ප්‍රකාශන හැකියාවක් තියෙන්නේ.අගෙයි,අපූරුයි,තෙරුවන් සරනයි

  • @InushaAshwan
    @InushaAshwan3 жыл бұрын

    හදවත කලාගාරයක් උන මනුස්සයෙක් අතින් ලියවෙන හදවතට දැනෙන මහ පුදුමාකාර නිර්මාණ මේවා ❤

  • @sameeramadushan7248

    @sameeramadushan7248

    2 жыл бұрын

    👍👏👏

  • @dmdn5677

    @dmdn5677

    2 жыл бұрын

    Ow......hitha niwenw....saththai...😍😍😍

  • @uthpalawijesinghe4527
    @uthpalawijesinghe45274 жыл бұрын

    මනුස්සයෙකුට දරා ගන්න පුලුවන් සින්දු ලියනවද..... අන්තිම වචන ටිකට නෙවෙයි .... පටන් ගත්ත music එකේ ඉදං ම..... ඒ වචන voice music .....💖💖🖤🖤🖤

  • @samuddikaliyanage3535
    @samuddikaliyanage35352 жыл бұрын

    සිංදුව අහලා ඉවර වෙනකොට ඇගේ හිරිගඩු පිපුනා.. හිතුවෙවත් නැති අවසානයක්.... ❤️❤️❤️❤️❤️

  • @mymmm9789
    @mymmm97893 жыл бұрын

    තාත්තා කෙනෙක්ට තමන්ගෙ දුව වෙනුවෙන් කරන්න බැරි දෙයක් නෑ.. මන් දැකපු එකම දෙවියා මගේ තාත්තා.. ❤️ එයාට පුලුවන් විදියට එයා හැමදේම අපිට දුන්නා.. අදටත් එයාගෙ හැම සතුටක්ම අතෑරලා අපි සතුටු වෙනවා බලල එයා සතුටු වෙනවා.. ඒ ආදරේ හරිම පුදුමයි.. මේ කවිය ඇහුවම තාත්තගෙ ආදරේ ගොඩක් දැනෙනවා ඕනම දුවෙකුගෙ ඇස් වලට කදුලු එන කවියක්.. මගේ තාත්තා මටත් වඩා කල් නීරෝගීව ජීවත් වෙන්න ඕනා ඒ වගේම හැම ආත්මෙකම මගේම තාත්තා වෙන්න ඕනා..❤️

  • @chandirawickramasinghe4282
    @chandirawickramasinghe42824 жыл бұрын

    කී දෙනෙක්ගෙ නම් ඇහැට කදුලක් ගන්න මේක සමත් වෙන්න ඇතිද? පද රචකයාට වගේම සංවේදී ඒ කට හඬට මගේ ප්‍රසංසාව.....❤

  • @nirashadissanayaka9091

    @nirashadissanayaka9091

    4 жыл бұрын

    Chandira oya hari

  • @sachinthasaranga7242

    @sachinthasaranga7242

    3 жыл бұрын

    Ft

  • @niranjanperera5712

    @niranjanperera5712

    3 жыл бұрын

    ❤️

  • @nkbzvthanage

    @nkbzvthanage

    3 жыл бұрын

    ඇත්තමයි මමත් ඇඩුවා...❤😥

  • @piumisandamini8270

    @piumisandamini8270

    3 жыл бұрын

    Saththakinma

  • @rithubandara729
    @rithubandara7293 жыл бұрын

    දුවෙක් වෙනුවෙන් තාත්තෙක්ට කොච්චර දෙයක් කරන්න පුලුවන්ද...................... අන්තිම පද පේළිය ඇහෙද්දි කෙනෙක්ගේ ඇස් වලට කඳුළු පිරුණෙ නැත්නම් ඒක පුදුමයක්.................. මාරම ලස්සන නිර්මාණයක්.... ඒ කටහඬ...................ඒ වචන..............ඒ සංගීතය,,,තනුව........................හදවතට කතා කරනවා...... බුදුසරණයි ඔය තුන් දෙනාටම...................මේ vedio එක හදපු කෙනාටත් බුදුසරණයි 🙏

  • @hansanithakshila1264

    @hansanithakshila1264

    3 жыл бұрын

    Ammooo ou e wachana tika. Papuwa hoooos gla daala ynwa

  • @poornimarathnayaka7766

    @poornimarathnayaka7766

    3 жыл бұрын

    Hadwathata matama danenawa awasan wachan......

  • @thilinamoonruwanmusic2365

    @thilinamoonruwanmusic2365

    Жыл бұрын

    මේක සින්දුව අහපු කෙල්ලෙක් නම් කවදාවත් දුප්පත් තාත්තා කෙනෙක්ගෙන් තමන්ගෙ කසාදෙ කරගන්න කොහොමහරි දෑවැදි හදල දෙන්න කියලා ඉල්ලන එකක් නෑ.අන්තිම වචන ටික ඇහෙද්දි දන්නෙම නැතුව ඇස් වලින් කදුලු වැටුණා😔❤

  • @darshanakasun3233

    @darshanakasun3233

    Жыл бұрын

    Aniwarayen

  • @aabidhmirza8859
    @aabidhmirza88592 жыл бұрын

    අැහැට කඳුලක් උනපු හින්දම මෙහෙම පදය වැල් ලියැවුනා. මේ තරම් නෙත කඳුළු එන්නට නුබේ පද වැල් රස උනා. ජීවිතේ දුක නොහඳුනන උන් මුදලටම කෑදර වෙලා. තවත් අැත රට වටේ සිරි ලක පිය වරුන් වකුගඩු මරා..... harima lassana pada tikak..me thamaii sindu..thawa nirmaana karanna lebewaa.👍👍👍🌷🌷🌷🌷

  • @isharasewwandi5401
    @isharasewwandi54013 жыл бұрын

    තාත්තා කෙනෙක් ගේ අගේ වැඩිපුරම දැනෙන්නේ තාත්තා කෙනෙක් නැති මං වගේ අයටයි😓😥😥😥😥 මගේ තාත්තාත් හිටිය නම් 😥😥😥

  • @manoshikamano9263

    @manoshikamano9263

    3 жыл бұрын

    Ane matath ehema hethuna akka dukai godak .

  • @_sandalisenasha1690_

    @_sandalisenasha1690_

    3 жыл бұрын

    😶😔😪😔

  • @Disha20033

    @Disha20033

    2 жыл бұрын

    ඒක ඇත්ත 😔

  • @madurox126

    @madurox126

    2 жыл бұрын

    Mageth😥😥

  • @anuliyanage6212

    @anuliyanage6212

    2 жыл бұрын

    Hmmm

  • @nimshichamoo6123
    @nimshichamoo61234 жыл бұрын

    පිය සෙනෙහස ගැන වචන වලින් කියලා ඉවරයක් කරන්න බෑ..... කාටවත් අප්පච්චිගෙ තැන ගන්නත් බෑ..කවදාවත්ම.........

  • @PinithPathum
    @PinithPathum4 жыл бұрын

    දිගටම කරන් පලයන්.....views නෑ කියල නවත්තන්න එපා.....මෙහෙම සින්දු අද කාලෙ නෑ බන්....👌👌

  • @maheshamallikarathna1288
    @maheshamallikarathna12883 жыл бұрын

    මේ සිංදුව දැන් බැලුවේ... පුදුම තරම් වේදනාවක් හිතට දැනෙන්නේ... මේ නිර්මාණයට සම්බන්ධ උන හැමෝටම ගොඩාක්ම ස්තූති ... මේ පිං සංසාරේ පුරාම අරං යන්න ලැබේවා ඔබ සැමට...❤️🙏

  • @saumyanethusenevirathne7754
    @saumyanethusenevirathne77543 жыл бұрын

    මගේ ජීවිතේට ගොඩක් සමීප ගීතයක්...සිහිනයකි රෑ වැඩසටහනටත් තෝරා ගත්තා ..හැමෝම ගොඩාක් ප්‍රතිචාර දක්වපු ගීතයක්...තව තවත් මේ වගේ සින්දු ලියන්න අයියේ...

  • @udayakumara8137

    @udayakumara8137

    2 жыл бұрын

    Kawadda akka acwedasatahana giye. Mata asai eka balanna

  • @ashwindyaratnayake555
    @ashwindyaratnayake5554 жыл бұрын

    ඉකුන් විස්සයි උඹේ දෝනිට එන මහට අප්පච්චියේ නොදැනුනා නොව උඹ වින්ද මහ මෙරක් වන් දුක් කන්දරේ අදටවත් මන් උඹෙන් හැංගුවෙ නෑ නේද මයෙ විස්තරේ මයෙන් හංගා කොහේ යන්නද යන්නෙ මයෙ අප්පච්චියේ මලක් වාගේ නොවේ උඹ මා උස් කරේ අප්පච්චියේ ගහක් වාගෙයි දුකට සපතට හුරු කරේ දිවි පන්නරේ උඹට විපතක් කරන උන්ටත් දියන් තුන් හිත මෙත්තරේ කියල කිව්වා මතක තිබුනත් අද රකිනු බෑ ඒ සිල් බලේ ලක්ශ ගනනින් ලංසූ තබලා යන්න කැන්දන් ආව උන් මේකි හදනට මලක් වාගේ උඹ වින්ද දුක දැක්කනම් දෑස තෙත් උනේ මං එපා වී නොවේ හැරිලා ගිය එවුන් අප්පච්චි දෑසෙහි එදා මන් දුටු සෝක ගීයට රත්තරං මලක් වාගේ ආදරෙන් උඹ හැදූ දෝනිව ආදරෙන් දෙන්න යන්නේ රාස්සෙකුටද මගේ දෙවියගෙ රීරි බිව් මාව කපලා මුහුදෙ දැම්මත් යන්නෙ නෑමයි කිව්ව මං වදන් නෑ උඹෙ මුනුබුරන් මං උඹෙ රීරි බිව් ලේ වලින් දැම්ම කිව්වයි කිව්වයි සල්ලි ටික මට් ග්න්න ඕනී අදම දැං ඉන්නෙ අද නම් එදා වාගෙම ඉමු අදත් අපි ආදරෙන් දෙව් දුවක් වගෙ සැරසිලා උඹෙ මරනෙ ගන්නව රජෙකුට උඩින් මාව ගන්නට ඒවි "මිනිහෙක්" දැං අඩන්නෙපා රත්තරං මේ නරා ලොව අයෙත් නම් උපදින්න වෙන්නට එපා දැං සල්ලි වලටම ලැබිය නොම හැකි දේවලුත් ලොව් ඇති පදං සල්ලි නොව මම කැංදා යන්නට ආවොතින් "මිනිහෙක්" ඉතිං ඉන්න තැන සිට සිනා සලපං කදුලු නොවැටෙන ඔය නෙතින්

  • @sootymooty6436

    @sootymooty6436

    4 жыл бұрын

    මේක ලිවුවෙ ඔයාද

  • @ashwindyaratnayake555

    @ashwindyaratnayake555

    4 жыл бұрын

    @@sootymooty6436 ඔව්නෙ

  • @sootymooty6436

    @sootymooty6436

    4 жыл бұрын

    @@ashwindyaratnayake555 මේ වචන වලට melody dala song එකක් හදලද තියෙන්නේ

  • @ashwindyaratnayake555

    @ashwindyaratnayake555

    4 жыл бұрын

    @@sootymooty6436 නෑ නෑ එහෙම කරල නෑ.කුසුමේ සින්දුව ඇහුවට පස්සෙ මට ඒ දුවට හිතෙන්න ඇති කියල හිතුන දේ තමයි ලිව්වෙ.

  • @sootymooty6436

    @sootymooty6436

    4 жыл бұрын

    @@ashwindyaratnayake555 මං ඔය සිංදුව හදන්නද

  • @sammanisjayasinghe3397
    @sammanisjayasinghe33974 жыл бұрын

    හුගක් ලස්සනයි තරින්දු .ඒත් මට ආයේ ආයේ අහන්න බෑ ඒ තරමට හිතේ ඉවසන්න අමාරුම තැන් රිද්දනවා.සුභ අනාගතයක්..

  • @tharakaruwan9122
    @tharakaruwan91223 жыл бұрын

    හරිම ලස්සනට ගලපපු අති දුක්ඛිත කතාවකි. දාරක පිය ස්නේහය කැපවිම, සියල්ලම පාදක කරගත් අපුරු නිර්මාණයක්. අද සමාජය ගොඩක් වල් වැදිලා වචන වලට මියුසික් දාපුවා අහන්න . ඉතින් මෙවැනි නිර්මාණ ඉදිරියටත් කරන්න ඔබට ධෛර්යය ලැබෙිවා. උතුම් ජය ශ්‍රි මහා බෝ සමිදු පිහිටයි

  • @chamilakumari4369
    @chamilakumari4369 Жыл бұрын

    හරිම ලස්සනයි අහන් ඉන්න ආසයි .අම්මා තාත්තා දුවට කියන sinduwak හදන්න .මටත් duwek ඉන්නවා .oyala සියලු දෙනාට budusaranae

  • @madhuedirisinghe7848
    @madhuedirisinghe78483 жыл бұрын

    අනේ , මෙච්චරක් කියලා කියා ගන්න බැරි තරම් ලස්සනයි .ඇත්තමයි ඇස් වලට කදුලු පිරෙනවා අහන හැම පාරකම. ආදරෙයි ගොඩක් ඒ පද වලට, ඒ හඩට ❤❤❤❤❤

  • @prabadanivihangi2743
    @prabadanivihangi27434 жыл бұрын

    මැණික අහලා මේක අහන්න ආවේ.. මට කියන්න වචන නැහැ ..තාම ඇස් වල කදුලු .. ශෝක් උනා වගේ . .😳😢

  • @shamierandavtube1155
    @shamierandavtube1155 Жыл бұрын

    සම්මාන ලැබෙන්න ඕනෙ මෙවැනි පද රචනා වලට , මෙවැනි සංගීත තනුවලට , මෙවැනි ගායනයන්ට හරිම තාත්විකයි.👍👍👍

  • @nishadisashikala5713
    @nishadisashikala57133 жыл бұрын

    ඒ වචන හදවත නතරකරනවා අයියේ. ඒ තරම්ම ලස්සනයි. මේවගේ පදවැල් ලියන දෑත් වලටත්, සංගීතය දෙන ඒ දෑතටත්, මිහිරි හඬටත් තෙරුවන් සරණයි 🙏🙏🌹

  • @indirathnayaka6650
    @indirathnayaka66503 жыл бұрын

    අද කාලෙ තියෙන මහ එපාම කරපු අඩා වැටෙන ගීත වලට වඩා කොච්චර ලස්සන නිර්මාණ ද මෙ ගොඩක් ස්තූති

  • @user-gr8vj4bx7f
    @user-gr8vj4bx7f3 жыл бұрын

    ඉතාමත් වටිනා මෑතකාලීන ජනතාව එකදු මානයකින් හෝ නොසිතනා පැතිකඩක් සිතුවිල්ලක් බවට හරවා අලංකාර ලෙස හැගීම්බර ප්‍රකාශනයක් මේ වීඩියෝ ව තුලින් සමාජගත කිරීමට වෙරදරනා ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි !!! මෙවෙනි නිර්මාණයන් තව තවත් සිදු කිරීමට මානසික ශක්තිය දියුණු වේවා.....

  • @thilanikavindi1470
    @thilanikavindi14703 жыл бұрын

    Ayye oyala hadawathee gamburatama kathakaranawa. Aththatama sinduwa ahaddi hithata danuna ee hangiima..... thamath papuwa hirawela wagee.

  • @smrsshyami7394
    @smrsshyami73943 жыл бұрын

    කියන්න වචන කටින් පිට උනේ නෑ විනාඩී දෙක තුනක් යනකල් අන්තිම පේලිය ඇහුවට පස්සේ .😶😶😶 ඒකනම් දෙවියෙක් ලියපු එකක්.මැනික සිංදුව මට දැනුනෙත් මන් එයාටම කීවා වගේ...හිතේ තියෙන සමහර වේදනා ඔබේ සිංදු අහලා හිත නිවා ගත් අවස්ථා අනන්තයි..මෙහෙම සිංදු හදලා කියන ඔබ මනුෂ්‍යයෙකු නොව දෙවියෙකී..🙏 ඔබට සියලු දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා..ස්තූතී සහෝදරයා..

  • @shiwanthipalipana353
    @shiwanthipalipana3533 жыл бұрын

    දෙවියනේ මේ වගේ සංවේදී ගීතයක්..නාඩා අහන්න බැරි උනා

  • @nandamalanie4004
    @nandamalanie40043 жыл бұрын

    අනේ කවදාවත්. මේ වගේ නිර්මාණ කරන එකනම් නතර කරන්න එපා🙏🙏 ප්ලීස් පුදුම ලස්සනක්. ❤️බුදුසරණයි අයියේ ඔයාට 🙏❤️

  • @ahinsachamudini410
    @ahinsachamudini4102 жыл бұрын

    හැම ගීතයකම ලොකූ අර්ථයක් තියෙනවා. වචන වලට පණ ඇවිත් කිව්වොත් නිවැරදි. අවරගනයේ ගීත පිලිලයක් වගේ සමාජේ හැමෝම අතරට යනවා ඒත් මේ වගේ වටීනා ගීත අහන්නේ හරිම සීමිත පිරිසක් විතරයි.ඔයාලට ගොඩක් පින් මේ වගේ වටිනා නිර්මාණ මේ සමාජෙට අහන්න සලස්වනවට. බුදුසරණයි ♥️👍

  • @lakshithadilshan6118
    @lakshithadilshan6118 Жыл бұрын

    මේ වගෙ සින්දුවක් අහන්න ලැබෙන එක වාසනාවක්.. අයියලා වගෙ ගායකයෝ තමයි රටට ඕන

  • @nalikakumari1257
    @nalikakumari12573 жыл бұрын

    ඇස් වහක් කට වහක් නෑ කියන්න පුදුම ලස්සනයි... හැමදාමත් මේ වගේ නිර්මාණ කරන්න.. මැණික සිංදුව ඇහුවයින් පස්සෙ ඔයාගෙ හැම සිංදුවම හොය හොය බලනවා..

  • @rochelekanayake9116
    @rochelekanayake91163 жыл бұрын

    අන්තිම පද පේලිය හුස්ම මොහොතකට නතර කලා...එවන් ආදරයක් නොලබන එවන් තෙත ස්නේහයක පුසුඹ නොලබන ජීවිතයට යථාර්ථය සොයන දහසකුත් අයට පිය සෙනෙහේ කියන්නෙ මොකද්ද ඇහුවොත් මේක පෙන්නපන්....... ❤

  • @mandiraranasinghe7635
    @mandiraranasinghe7635 Жыл бұрын

    lassana sinduvk mara vidiyata hithata danuna thaththa hamdama ape life eke rajjuruvo ♥♥♥♥

  • @maheshkumara1189
    @maheshkumara1189 Жыл бұрын

    අහන්න කැමති ලස්සන සින්දු.ඔයාට විතරයි අපිව තේරුම් ගන්න පුලුවන් .ගොඩක් පින්.

  • @g.m.shalitha4517
    @g.m.shalitha45174 жыл бұрын

    මේකයි අපි ගීත සාහිත්‍යය.. පැහැදිලි නියම සිංහල ගැමි කම.. ලබන්න පුලුවන් උපරිම ගෞරවය පද ගලපන්නටත් ගයන්නටත් නිසැකවම.. පුදුම තේරුම් ගොන්නක් 😔

  • @sidneyfonseka1948
    @sidneyfonseka19483 жыл бұрын

    ඇයි අපේ රටේ මිනිස්සුන්ට බැරි මේ වගේ සින්දුවලට තැනක් දෙන්න??මේවනෙ අහන්න වටින සින්දු..ඇත්තටම මේ සින්දුව කියන ගායකයටත් විශේෂයෙන් ස්තුති කරන්න ඕන මෙච්චර ලස්සනට හැගීම්බරව මෙ සින්දුව ගයනා කරනවට...මේ සින්දුව හදපු හැමෝටම ස්තුතියි අපිට මේ වගෙ ලස්සන අර්ථවත් සින්දු අහන්න අවස්ථාවක් හදලා දෙනවට....

  • @pradeepbeautiful6723

    @pradeepbeautiful6723

    2 жыл бұрын

    Ow harima hagimbarai, lassanai me sindu❤️

  • @tharukanethranjana.4864

    @tharukanethranjana.4864

    2 жыл бұрын

    එකගයි............ මගේ පපුව හෝස් ගාලා ගියා

  • @lakshikamadumali9488
    @lakshikamadumali94882 жыл бұрын

    තාත්තානෙ..❤️ ..🙏 ..හරිම ලස්ස්න තනුවක්..වගේම හරිම ලස්සන පද වැලක්... ජය!

  • @tharushiprarthanakavindi9175
    @tharushiprarthanakavindi9175 Жыл бұрын

    මං මේ ගීත කවදාවත් අහලා තිබ්බේ නෑ.මුලින්ම අහුවේ අපේ campus එකේ lecturer කරපු lessons එකක. පුදුම සන්වේදී කතවක් අහද්දි ඇඩුණා. දැන් තියේන ගීත රසවිදින්න තියා අහන් ඉන්නවත් බෑ.මං අහපූ හොදම ගීත එකතුවක් හිතට කතාකරන්න පුලුවන් ගීත. මේවගේ රසවිදින්න පුලුවන් ගීත හා සංගීත දිගටම කරගනයන්න පුලුවන් වෙන්න කියලා සුභපතනවා 🥰🙏

  • @janakidias1187
    @janakidias11874 жыл бұрын

    පිය සෙනෙහසේ උච්චතම අවස්ථාවක්‌. තව තවත් මෙවැනි නිර්මාණ කිරීමට ශක්තිය ලැබේවා.

  • @heenawithshashi9109

    @heenawithshashi9109

    4 жыл бұрын

    Janaki Dias ගොඩක් ස්තූතියි දීපු comment එකට,අපිට ඕන වුනේ වෙනස් දෙයක් ඔයාලට රස විදින්න දෙන්න.ඉස්සරහටත් මේ වගේ වෙනස් විදියේ,විදින්න පුලුවන් ගීත අහන්න කැමති නම් chanel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න.ඒ වගේම මේ ගීතයේ link එක ඔයාලගේ යාලුවන් අතර share කරලා සිංදුව ඉස්සරහට අරන් යන්න සහයෝගයක් දෙන්න.ස්තූතියි..❤️

  • @Satabrokers
    @Satabrokers3 жыл бұрын

    මේව සින්දු නෙවේ අධි මාත්‍ර පෙති.. කියන්න වචන නෑ ❤️☺️

  • @raveentharanga7811

    @raveentharanga7811

    3 жыл бұрын

    සිරාවට

  • @yamunarp8383

    @yamunarp8383

    3 жыл бұрын

    Aththa thmi

  • @koreanlifeofficial
    @koreanlifeofficial3 жыл бұрын

    අයියෙ ඔයාගේ හැම සිංදුවක්ම මං ඇහුවා ...best of luck tarindu aiya.budu saranai

  • @sandusewwandi2369
    @sandusewwandi23693 жыл бұрын

    ලක්ශ ගනනින් ලංසු තැබුවත් මාව ගෙනියන්න උන් දන්නේ නෑ ඔබ මාව හදනට වින්ද ඒ දුක පිට එවුන්.. අහන් උන්නා වහං වීලා කියූ විස්තරේ අම්මට හොරෙන්.. වික්කේ ඇයි මගෙ පන ටිකයි නුබ දන්නේ නැතුවද තව ඉතිං... මාව ලැබෙනට බෝදි ගානේ පඩුරු බැන්දලු ඔබ ඉතිං... බඩට ආ දා කියපු දා මව ...ඇඩුවෙ නුබ සතුටට වහන්... එදා ඉදලා නුබ විදපු දුක දන්නේ නෑ මං නුබ තරම්... මලක් වාගේ මාව හැදුවා දන්නවා මගේ අපපච්යේ.. නුබට විපතක් කරන් මං මොන දීගේ යන්නද කියාපන් මගෙ අප්පච්චියේ ලක්ස ගනනින් ලංසු තැබු උන් ආවේ මගෙ අත ඉල්ලලා මට තියෙන ප්‍රේමෙකට නොව දෑවැද්ද ඉල්ලා පොර කකා.. නුබ හැදුවේ දැන් රාස්සෙකුට දෙන්නද මා පවරලා... අනේ මං යන්නේ නෑ මයි උන් එක්ක නම් සැරසිලා.. ඇහුනා නුබ කියනවා අම්මට මේ වගේ කතාවක්... "ලක්ස දහයක් දැම්මලූ නුබ මගේ නමටම පොතක් පුරවලා ඉතිං මැනිකේ මං නැතත් හෙට දුවව යවපන් දෙවුලියක් වගේ සරසලා..." නුබේ පන මට ලක්ස දහයද වටින්නේ..... දෙවිලියක් වගේ මම යනවා දැන් කවුරුදෝ මග බලන්නේ.. අයේ මං මගේ අප්පච්චියේ යැයි කාටදෝ දැන් කියන්නේ... හිතුමනාපෙට ඇග වික්කේ ඇයි මට කියාපන් මගෙ වස්තුවේ... මගුල් පිට මට මගුල් ආවත් එපා දැන් මට ඒ එකක් වත්... නුබ නැතුව මොන මගුල් කෙරුවත් නෑ මගේ එක හිනාවක්... මටම ආලේ කරන මිනිහෙක් ආවොතින් හෙට මාව ඉල්ලං.. නුබ නැතත් හෙට ඉන්න තැනකින් සිනා සලපං කදුලු නොවැටෙන ඔය නෙතින්... සදූ❤️

  • @user-os8xt8jg6n
    @user-os8xt8jg6n3 жыл бұрын

    Trending යා යුතුම ගීත මේවා 🏆🏆🏆🏆

  • @nisharaweerasinghe2264
    @nisharaweerasinghe22643 жыл бұрын

    නුඹට නොකියා.. කුසුමේ මන් මගෙ වම් පැත්තේ වකුගඩුව වික්කා.... ඇසට කදුලු ගෙනෙන්ට සමත් වූ පලමු ගීතය. අතිවිශිෂ්ඨයි. සුබ පැතුම් ඔබට

  • @ruwijesuriya1460

    @ruwijesuriya1460

    Жыл бұрын

    Ege hirugadu pipuna...😭😭

  • @OshadaNethmina-uy5mv
    @OshadaNethmina-uy5mv Жыл бұрын

    හරි ලස්සන නිර්මාණය එකතුවක් .හඩ වගෙ ම පදත් සන්ගිතයත් ලස්සන .හොඳ නිර්මාණය ක්..සුබ පතනව .

  • @kavindradezoysa
    @kavindradezoysa Жыл бұрын

    Ammooo mage papuwa……. Hema thaaththa kenektama upahaarayak weewa. Harima lassana nirmanayak. ❤️❤️❤️❤️😭😭😭😭

  • @roshen2906
    @roshen29063 жыл бұрын

    මේ වගේ කාලයක මෙවන් අගනා නිර්මාණ අහන්න ලැබීමත් පිනක්. ස්තූතියි දායක වූ සියළු දෙනාට.තව තවත් හදවතට දැනෙන නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා...!!!

  • @achinifonseka7393

    @achinifonseka7393

    3 жыл бұрын

    තාත්තා ❤❤❤❤

  • @sanfernando9
    @sanfernando94 жыл бұрын

    අන්තිම පදෙන් පපුවේ නහර ටික සේරම එකට තියලා අද්දා වගේ. මොකක්ද මල්ලියේ උබ අපිට ඒ කරේ.

  • @heenawithshashi9109

    @heenawithshashi9109

    4 жыл бұрын

    ගොඩක් ස්තූතියි දීපු comment එකට,අපිට ඕන වුනේ වෙනස් දෙයක් ඔයාලට රස විදින්න දෙන්න..ඔයාල තමයි අපිව තවත් ශක්තිමත් කරන්නේ..ඉස්සරහටත් මේ වගේ වෙනස් විදියේ,විදින්න පුලුවන් ගීත අහන්න කැමති නම් chanel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න.ඒ වගේම මේ ගීතයේ link එක ඔයාලගේ යාලුවන් අතර share කරලා සිංදුව ඉස්සරහට අරන් යන්න සහයෝගයක් දෙන්න.ස්තූතියි..❤️

  • @thotagamuwapadmalal8835

    @thotagamuwapadmalal8835

    4 жыл бұрын

    සිරාවටම. දැනට පනස්වතාවකට වඩා අහල ඇති. ඒ හැම වතාවෙම කදුලු බේරැනා...❤️❤️❤️❤️

  • @nayomisamanthika

    @nayomisamanthika

    4 жыл бұрын

    Eththamai..

  • @pawanyathrimawithana3345

    @pawanyathrimawithana3345

    3 жыл бұрын

    Ou eeka aththa.adunaa...

  • @maheshidilrukshi2410

    @maheshidilrukshi2410

    3 жыл бұрын

    ඇත්තමයි..මගේ හිතත් එක පාරටම හිර වුනා වගේ..මාර දුකක් දැනුනේ..😭

  • @nadishaniilangasinghe5144
    @nadishaniilangasinghe51443 жыл бұрын

    සින්දු ඇහුනට අර්ථයක් ඇතුව කාලෙකින් මන් සින්දුවක් ඇහුවා ඇත්තටම එකක් අහලා එක දිගටම අහන්න තරම් ඇබ්බැහි වුණා....... ඇස් අගටකදුලු ආපු මේ නිර්මාන මොනතරම් මිනිස් හිතට සංවේදීද......

  • @greentela105
    @greentela105 Жыл бұрын

    මැණික , සිංදුව ඇහුවදා ඉදන් ඇබ්බැහි වී හැම නිර්මාණයක්ම බලනවා all the best your future Malli

  • @bismath1038
    @bismath10383 жыл бұрын

    සිංදුව අහන්නත් කලින් like එකක් දැම්මේ....ගායකයා පදරචකයා සංගීතය දුන්න කෙනා කියන්න වචන නෑ ඒ තරම්ම ලස්සනයි මේ සිංදුව තව කෙනෙක්ගේ හිතක් නිවන්න පුලුවන් කටහඩක් ලැබෙන්නේ පෙර පිනකටම විතරයි ඒ ගැඹුරු කටහඩ සිංදුවට මාරම විදියට ගැලපුනා මේ සිංදුව කරන්න දායක උන හැම කෙනාම මාරම සංයමයක් තියෙන අය කියලා හිතෙනවා මේ වගේ දේවල් කරන්න ඒ අයට ශක්තිය ධෛර්ය ලැබෙන්න ඕන......විශේෂෙන්ම මේ සිංදුව කියපු අයියාගේ කටහඩ කියන්න වචන නෑ මාරයි 😍 u tube එකෙ මන් දාපු පලවෙනි comment එක

  • @rohanliyanage9283

    @rohanliyanage9283

    3 жыл бұрын

    එක වචනෙන් කියනවනම් "සුපිරි"

  • @sampathkumara6947
    @sampathkumara69473 жыл бұрын

    නිමිත්ත : මහ ගෙදරට සහ ඉඩම වෙනුවෙන් ඇති වූ කතා බහකදී පුතු විසින් සිය පියාට එල්ල කල පහරකින් තුවාල ලැබූ පියා දින කිහිපයකින් මිය යයි.පුතු ඉන් බේරීමට සැගව සිටී. මේ අතරේ තම මව විසින් පියා පිලිබද පැවසූ සිදුවීමක් අසන්නට ලැබී මිනී මරු පුතුද ගෙල වැලලාගෙන මියයයි. එලෙස පුතුට දැන ගන්නට ලැබුනු මව පැවසූ සංවේදී කතාව... ( නිහඩ ආදරයක සංවේදී නික්මයාම ) ************************************************ ලොකු එකා - මගෙ බඩේ ඉන්නකොට - පෙර එදා... මේ මිනිහ - ඇවිදේ රජ්ජුරුවො - වගෙ එදා... පන්සලේ - බෝ පැලේ පැං කලෙන් - නාවලා... කිව්වේම - ලොකු එකා සිල්වතෙක් - වෙයි කියා අකුරු ටික - මග දාල ටවුමටම - ගිය නිසා... ඉන් පසුව - ආවෙ නෑ මං වදපු - ලොකු පුතා... ටවුමෙ උන් - එක්කලම රංචුවේ - ගිය නිසා... තුන් වේල - බී ගත්තු වසලයෙකි - ලොකු එකා... ඒ හරබෙ - අවසානේ ලොකු එකා - පැරදුනා... වකුගඩුත් - කුණු උනේ උගෙ මෝඩ - වැඩ නිසා... පණ යන්න - දගලද්දි ලොකු එකා - විදවලා... වකු ගඩුත් - දීල උට බේරුවේ - මහ එකා... බඩ පැලුම් - පේන විට දුක් වේවි - ලොකු එකා... ඒ බවක් - නොදැනෙන්න කමිසයෙන් - හැංගුවා... මහ එකා - නැහුනේම මූ මත්තෙ - වන නිසා... පොඩි එකත් - හැම විටම මහ එකා - කොන් කලා... ඒ දුකත් - හිත අස්සේ හංගගෙන - හිනහිලා... දරුවොමයි - මැරෙනකල් ඇදැහුවේ - මහ එකා... ගුටිකාල - වාට්ටුවෙ ඇද උඩම - වැතිරිලා... ඒ වෙලෙත් - ඇහුවේම ලොකු එකා - කෝ කියා... ඒ වචන - ඇහෙන කොට මගේ හිත - පිච්චුනා... අන්තිමට - කියෙව්වෙත් ලොකු එකා - පව් කියා... මේ වගේ - තිරිසනෙක් වැදුවෙ මං - වන නිසා... සහ ගහවි - මගෙ වලට තුන්වේල - දින පතා... අහගනිං - ලොකු පුතේ ඒ උබේ - තාත්තා... බෝසතෙක් - ලොකු පුතේ උඹ මරපු - තාත්තා... Ranjan Basnayake ගෙන් උපුටා ගැනිමක් හදන්න කො මෙ ගැන ගිතයක්

  • @chamindikajayalath2335

    @chamindikajayalath2335

    2 жыл бұрын

    අනේ දෙයියනේ🥺🥺

  • @r.harshani5429

    @r.harshani5429

    2 жыл бұрын

    😰😰

  • @kanthisenani5185
    @kanthisenani51853 жыл бұрын

    හිත්වලට වද දෙනම ගිත ඔබ ඉදිරිපත් කරන්නෙ විවාහවෙන දෙදෙනෙකුට දෙන දායාදය දේපලවත් මුදල්වත් නොව ඔවුන්ගේ චරිතය හාගතිඟූණ පමනයි.

  • @tharangasanjeewa5668
    @tharangasanjeewa56683 жыл бұрын

    අහම්බෙන් දවසක මැණික සින්දුව අහපු මන් ඊට පස්සෙ ඔයාගෙ සින්දු හොය හොයා අහන්න ගත්තා.ඒ පදවැල් ජීවිතේ ජීවත් කරවනවා....

  • @nilupulchamara7511
    @nilupulchamara75114 жыл бұрын

    කුසුමේ..... දිව්‍යමය සිත්තමක් හදවතේ සිත්තම් කලාවාගේ. මා පුතෙක් වුවත් හදවතට දැනුන හැගීම මෙපනක්‍ යැයි කිව නොහැකිය. ඒ පදවැල් ඒ කටහඬ ඒ සංගීතය අගය කිරීමට වචන නොමැත. ප්‍රමද වී හෝ වර්තමානයට මෙවැනි විශිෂ්ට නිර්මාණ තිළිණ කිරීම අගය කරමි. තිදෙනාටම ජය... ❤️

  • @danaligeethmanthi8713
    @danaligeethmanthi87133 жыл бұрын

    තාත්තගෙ තැන කාටවත් ගන්න බැහැ තාත්තෙ , දීර්ඝායුෂ ලැබේවා !!!!!!!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😥😥

  • @niroshalakmali6442
    @niroshalakmali64422 жыл бұрын

    කියන්න දේවල් නෙතුව මං ගොලුවෙලා ඉන්නෙ.ඒ තරම් ලස්සනයි.💗💗💗💗💗💗💗👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @kanuruddika4197
    @kanuruddika4197 Жыл бұрын

    මැනික සින්දුව අහපු දවසේ ඉදන් මම ඔබගේ සින්දු හොය හොයා අහනවා .හරි ම ලස්සනයි .හරිම සන්වේදියි .රසවින්දනය උපරිම යි.බුදු සරනයි .........

  • @shashiprabhaabeykoon8
    @shashiprabhaabeykoon83 жыл бұрын

    ආදරෙයි මල්ලියේ... මගේ ආයුෂත් අරන් ජීවත් වෙයන්.. වෙන කියන්න දෙයක් නැහැ මට... උඹ හරියට භාවනාවක් වගේ....

  • @kashmisenasinghe8738
    @kashmisenasinghe87384 жыл бұрын

    අප්පච්චිගෙ කෙනෙක්ගෙ ආදරේ හරිම පුදුමයි... ලස්සනම ලස්සනයි මේ සින්දුවත්... ගොඩක් ස්තූතියි මේ වගේ ලස්සන නිර්මාණ කරනවට...

  • @j.a.s.gjayakodi3439
    @j.a.s.gjayakodi34392 жыл бұрын

    මං ඉස්සල්ලම ඇහුවේ "මැණිකේ".ඒකෙන් පස්සේ මං ඔයගේ සිංදු හොය හොයා අහන තරමට ඇබ්බැහි වුනා.හැබැයි මට ගොඩක් හිතට දැනුනේ මැණිකේ සින්දුවට.අනිත් ඒවත් ගොඩක් ලස්සනයි.ඔයා ඇත්තෙන්ම සුපිරී.ගොඩක් ලස්සනයි ඔයාගේ වචන.

  • @QSThishani
    @QSThishani2 жыл бұрын

    Oluwa hiri watuna wage..Kiyanna wachana ne... Supiri

  • @janajayarathne1972
    @janajayarathne19724 жыл бұрын

    ඇඟ හිරි වැටුනා ශෂී අයියා අන්තිම පදේට...දැන් තමා සින්දුව හරියට ඇහුවේ trending වෙන්න කියලා මුලු හිතින්ම ප්‍රාර්ථනා කරනවා....

  • @heenawithshashi9109

    @heenawithshashi9109

    4 жыл бұрын

    ස්තූතියි ඔබේ comment එකට,මේ වගේ වෙනස්, විදින්න පුලුවන් ගීත අහන්න කැමති නම් chanel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න.මේ ගීතය යාලුවන් අතරේ share කරලා සිංදුව ඉස්සරහට අරන් යන්න සහයෝගයක් දෙන්න.ස්තූතියි.❤️

  • @niranjanperera5712

    @niranjanperera5712

    3 жыл бұрын

    ❤️

  • @Dr.Fathy_
    @Dr.Fathy_4 жыл бұрын

    මේ වගේ සිංදු ඇයි trending නොඑන්නේ කියලා හිතා ගන්න බෑ.. 💔💔❤️😢😔

  • @navokala9158

    @navokala9158

    4 жыл бұрын

    Ek aththaa....minissunge rasawindanaya hari wens dan..me wage watina dekaata idk naha..dukai e gana😓

  • @heenawithshashi9109

    @heenawithshashi9109

    4 жыл бұрын

    Fathima Nazeeha ස්තූතියි ගොඩාක්..තවත් මෙවැනි ගීත රසවිදින්න කැමති නම් chanel එක subscribe කරන්න අමතක කරන්න එපා.. මේ song එකේ link එක share කරලා song එක ඉස්සරහට ගෙනියන්න අපිට සහයෝගයක් දෙන්න.❤️

  • @kevinsenawirathne677

    @kevinsenawirathne677

    4 жыл бұрын

    Lankawa thama diyunu wemin pawathina ratak ekyi hethuwa රසාස්වාදය kiyna de anthimy godk minissunge eky me wg wtina නිර්මාණ idiriyt yanne nththe harima කනගාටුයි 😔

  • @sajinidilsha6603

    @sajinidilsha6603

    4 жыл бұрын

    Trendin enne melo rahak nathi ewa e gana katha krl wdak na minissunge rasawindanaya tami itin..

  • @osko2035

    @osko2035

    3 жыл бұрын

    sahithya rasawindanaya minissunge adu nisa yluwa....

  • @achalathilanka1449
    @achalathilanka14492 жыл бұрын

    හරිම ලස්සන සිංදුවක්.මං දන්නැ මං කී පාරක් මෙ සිංදුව ඇහුවද කියලා.ඒ තරමට දැනුනා.ඇඩුවා.කියන්න වචන නෑ.ඒ තරමටම ඒ වචන හිතට දැනුනා.අතිමට දැනුනේ තාත්තා කියන්නෙ මිහිමත දෙවියන්...🙏🙏🙏

  • @hasinisadunikasadunika1510
    @hasinisadunikasadunika15102 жыл бұрын

    මැණික සින්දුව ගොඩක් සැරයක් ඇහුවා. ඇත්තටම මේ අදහස් පුදුම තරන් හිතට වදිනව. හැම සින්දුවකම තේරුමක් තියනවා. මම සමහර අයට අහන්නත් කිවුවා ඒ තරන් ලස්සනයි❤❤❤❤ . ඉදිරියටත් මේ වගේ අදහස් ගොඩක් කවි අතට හැරෙයි කියල විශ්වාසයි තෙරුවන් සරණයි!

  • @upulierandi4236
    @upulierandi42364 жыл бұрын

    කියන්න වචන නෑ.අන්තිම පද ටික ඇහෙද්දි හදවතට අකුණක් කෙටුව වගෙ.දිගින් දිගටම මේ වගේ විශිෂ්ඨ නිර්මාණ කරන්න ඔයාල හැමෝටම හදවතින්ම සුභ පතනවා.🔥

  • @heenawithshashi9109

    @heenawithshashi9109

    4 жыл бұрын

    ගොඩක් ස්තූතියි දීපු comment එකට,අපිට ඕන වුනේ වෙනස් දෙයක් ඔයාලට රස විදින්න දෙන්න.ඉස්සරහටත් මේ වගේ වෙනස් විදියේ,විදින්න පුලුවන් ගීත අහන්න කැමති නම් chanel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න.ඒ වගේම මේ ගීතයේ link එක ඔයාලගේ යාලුවන් අතර share කරලා සිංදුව ඉස්සරහට අරන් යන්න සහයෝගයක් දෙන්න.ස්තූතියි..❤️

  • @dayawanniarachchi7381

    @dayawanniarachchi7381

    4 жыл бұрын

    වචන ගැලපීම තනුව ගායනය මනාව එක්තැන් කළ සොඳුරු ගීතයක් ඔබ තිදෙනාට ගොඩක් ස්තුතියි

  • @tharushiweerasingha647

    @tharushiweerasingha647

    2 жыл бұрын

    @@heenawithshashi9109 ❤️❤️

  • @anupamarathnayake9484
    @anupamarathnayake94844 жыл бұрын

    ඒ පද,සංගීතය,හඩ රටට වාසනාවක්...තාමත් අහනවා ...කොයිතරම් දුක දැනුනත් අයෙ ආයෙත් අහනවා...හදවතට කතාකරන්න කදුලු අවුස්සන්න හැම සිංදුවටම බෑ,හැම ගායකයටම බෑ,හැම සංගීතයකටම බෑ..ඒත් ඔයාල ඒක කලා....හදවතින්ම සුභ පතනවා...සත්තකින්ම මේ වගේ අප්පච්චිලා ඉන්නවා දුවලා වෙනුවෙන් ම කැපවුනු...❤❤❤

  • @kiaranawarathna3320
    @kiaranawarathna332011 ай бұрын

    ❤හුගක් ලස්සනයි 👍🏼හිතට දැනෙන හැගීම් බර නිර්මාණය ක්‌. Best

  • @tasmishiromala9048
    @tasmishiromala90489 ай бұрын

    ඔයාගේ සින්දු වගේමයි අමු සින්දු.ඇහුවට එපාවෙන් නෑ සත්තයි

  • @jayanianuradha749
    @jayanianuradha749 Жыл бұрын

    අම්මා තාත්තගේ ආදරේ මහමෙරක් තරම්...ඒ ගැන ලස්සනට කියවෙන විශිශ්ට නිර්මානයක්❤️❤️

  • @sitharamaduwanthi6722
    @sitharamaduwanthi67224 жыл бұрын

    අහම්බෙන් අයියාගේ මැනික සිංදුව ඇහුණා එදා ඉදලා හොය හොය ගියා අයියාගේ ගිත.මේ තරම් රහට හිතට වැදෙන්න ලියපු ඒ පද වලට අපුරු කට හඩක් මියුසික් අපිට හරි අපුරු චිත්‍ර රෑප මවනවා රටාවට..තෙරුවන් සරණයි හැමොටම ❤️❤️

  • @dstvchannel837
    @dstvchannel8372 жыл бұрын

    අන්තිමට දරාගන්න අමාරු පදපෙලක් ලියවිලා.හරිම ලස්සනයි

  • @somasirigamage6178
    @somasirigamage6178 Жыл бұрын

    අනිත් එවුව වගේම මේකත් සුපිරි. තව තවත් ඉදිරියටම

  • @hansiw1372
    @hansiw13724 жыл бұрын

    මේ පද වැල්, සංගීතය, හඬ... එකට පෑහුනේ වාසනාවකටමයි කියලා හිතුනේ... හැමට ජය පතනවා!

  • @heenawithshashi9109

    @heenawithshashi9109

    4 жыл бұрын

    ගොඩක් ස්තූතියි...ඉස්සරහටත් මේ වගේ වෙනස් විදියේ,විදින්න පුලුවන් ගීත අහන්න කැමති නම් chanel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න.ඒ වගේම මේ ගීතයේ link එක ඔයාලගේ යාලුවන් අතර share කරලා සිංදුව ඉස්සරහට අරන් යන්න සහයෝගයක් දෙන්න.ස්තූතියි..❤️

  • @sampathsandaruwan9637
    @sampathsandaruwan96373 жыл бұрын

    හිතට වදින්න ලියපු පද පේලියක් ❤ අම්මලා වගෙම තාත්තලා එහෙමයි ආදරේ නොපෙන්නුවට දරුවන්ට තියෙන ආදරේ වචනෙන් විස්තර කරන්න බෑ .❤❤🙏

  • @sewwandimadumali1150
    @sewwandimadumali11502 жыл бұрын

    මාරම ලස්සනයි හැම ගීතයක්ම ඇස්වල කදුලු පිරුනා .අපේ පාඩම් වලදිත් මෙ ගීත විචාරය කරනවා.සමාජයේ මිනිස්සන්ට හිතන්න යමක් ඉතුරු කරනවා බුදුසරණයි ඔයාල හැමෝටම

  • @surangimadushika2654
    @surangimadushika26543 жыл бұрын

    මේ සිංදුව අහලා කමෙන්ට් නොකර යන්න බෑ මාරම ලස්සනයි අවසාන පද පේලිය අහන කවුරුත් නාඩා ඉන්නෑ

  • @denethlakshan1064
    @denethlakshan10644 жыл бұрын

    අවසාන පද ටික මාව පුච්චල දැම්ම...තාත්තා...❤️❤️❤️❤️

  • @heenawithshashi9109

    @heenawithshashi9109

    4 жыл бұрын

    Deneth Lakshan ගොඩක් ස්තූතියි දීපු comment එකට,අපිට ඕන වුනේ වෙනස් දෙයක් ඔයාලට රස විදින්න දෙන්න.ඉස්සරහටත් මේ වගේ වෙනස් විදියේ,විදින්න පුලුවන් ගීත අහන්න කැමති නම් chanel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න.ඒ වගේම මේ ගීතයේ link එක ඔයාලගේ යාලුවන් අතර share කරලා සිංදුව ඉස්සරහට අරන් යන්න සහයෝගයක් දෙන්න.ස්තූතියි..❤️

  • @dezifernando2861
    @dezifernando28614 жыл бұрын

    මනුස්සයෙක්ව හිනස්සන්න,අඩවන්න,චූන් කරන රැල්ලෙ,,, මනුස්සයෙක්ගෙ හිතක් තමන්ගෙ ජීවිත කතාව මේක කරවලා සංවේදී කරවන නිර්මාණයක් විදියට දැනුනෙ මේක විතරමයි ... දිග ගමනකට ආශිර්වාදය තියේ මනුස්ස හිත් තියන අයගෙ..🙏

  • @dishanthikulathunga384
    @dishanthikulathunga384 Жыл бұрын

    තමන්ගේ දරුවාගේ සතුට වෙනුවෙන් ඕනිම තාත්තා කෙනෙක් මෙහෙම දෙයක් කරන්න දෙපාරක් හිත්න්නේ නෑ..මටත් ඉන්නවා මම වෙනුවෙන් ඕනිම දෙයක් කරන ඒ වගේ රත්තරන් තාත්තෙක්..❤🌹 මේ වගේ ලස්සන නිර්මාණ තව තවත් නිර්මාණය කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනී..සුභ පතනවා ඔයාට ☺️

  • @madumadushani4837
    @madumadushani4837 Жыл бұрын

    මේ වගේ ලස්සන සිංදු හොය හොයා අහන්නේ අනේ හරිම ලස්සනක් ❤️

  • @rasanjanalakshitha9975
    @rasanjanalakshitha99753 жыл бұрын

    අම්මෝ ඇගත් ඒක්ක සීතල වුනා අන්තිම වචන ටිකට ගායනය සංගීතය පද රචනය සුපිරි......

  • @malithhansaka3132
    @malithhansaka31323 жыл бұрын

    ඒ පද , ගායනය, සංගීතය එකට එකක් දෙවෙනි නෑබම් අයියේ.. මේක නම් භාවනාවක්❤️❤️❤️🙏

  • @athulakumarasiri8041
    @athulakumarasiri8041 Жыл бұрын

    ඇත්තමයි මේ සින්දු හරිම ලස්සනයි. හොය හොයා එක දිගට අහනව හරිම අර්තවත් ❤

  • @shaliniprabhashi3646
    @shaliniprabhashi364611 ай бұрын

    ඒකටනම් ඇත්තටම දුක හිතුනා. හරිම ලස්සන නිර්මාණයක් 😍

  • @danushkajayakodi4160
    @danushkajayakodi41604 жыл бұрын

    ඇයි මේවා පේමස් නොවෙන්නේ..fb දැකලා බැලුවේ..පට්ටම ලස්සනයි කොලිටි..කන්ග්‍රැජුලේශන්ස් අයියේ...

  • @heenawithshashi9109

    @heenawithshashi9109

    4 жыл бұрын

    Danushka Jayakodi ගොඩක් ස්තූතියි දීපු comment එකට,අපිට ඕන වුනේ වෙනස් දෙයක් ඔයාලට රස විදින්න දෙන්න.ඉස්සරහටත් මේ වගේ වෙනස් විදියේ,විදින්න පුලුවන් ගීත අහන්න කැමති නම් chanel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න.ඒ වගේම මේ ගීතයේ link එක ඔයාලගේ යාලුවන් අතර share කරලා සිංදුව ඉස්සරහට අරන් යන්න සහයෝගයක් දෙන්න.ස්තූතියි..❤️

  • @dulakshifernando5739
    @dulakshifernando57394 жыл бұрын

    ඇස් දෙක වහගෙන අහද්දි භාවනාවක් වගේ මේ ගීතය. කීප සැරයක් ඇහුවා. ඒත් අහන හැම පාරම අවසානේ ඇසට කදුලක් උනන එකනම් නවතින්නේ නැ 🥺👏🙏

  • @imashasanjewane1774
    @imashasanjewane17742 жыл бұрын

    ලස්සනයි ane song ek ..maru👍👍👍♥️♥️♥️♥️

Келесі