එදා දිවි නසාගන්න හදපු එක වැරදියි කියලා දැන් තේරෙනවාIදුව ආපහු අපි ළඟ ඉපදෙන්න එපා කියලා ප්‍රාර්ථනා කළා

#srilanka#

Пікірлер: 961

  • @supunsamarawickrama5984
    @supunsamarawickrama5984 Жыл бұрын

    එක බෝඩිමේ හිටපු උඹයි මමයි ළහිරුයි..උඹ ගියා පොලිසියට.මම ගියා ගුරු වෘත්තියට..ළහිරු ගියා හමුදාවට..අන්තිමට ලහිරුවා අපිව දාල යන්නම ගියා..ආඩම්බරයි උඹ ගැන.ළහිරුවත් කොහේ හරි ඉඳන් බලන් ඇති..🥺

  • @dilrufernandoshani4242

    @dilrufernandoshani4242

    Жыл бұрын

    Ane dukai.

  • @sanjeewaramanayaka564

    @sanjeewaramanayaka564

    Жыл бұрын

    සංවේදී හිතකට විතරයි කවි සිතුවිලි එන්නේ.

  • @pushpabusch5966

    @pushpabusch5966

    Жыл бұрын

    ඔයාල ගැන ආඩම්බරයි 👏

  • @supunsamarawickrama5984

    @supunsamarawickrama5984

    Жыл бұрын

    @@pushpabusch5966 🥺

  • @supunsamarawickrama5984

    @supunsamarawickrama5984

    Жыл бұрын

    @@dilrufernandoshani4242 🥺

  • @thamarapriyanthi4118
    @thamarapriyanthi4118 Жыл бұрын

    අක්කගේ දුව ගැන ලියු කවි අහන්න බැහැ ,හරිම සංවේදියි.ඇස් දෙකට කදුලක් එන එක වලක්වන්න බැහැ .ඔබ ඉතා ශ්‍රේෂ්ඨ නිලධාරීයෙක් වගේම ශ්‍රෙෂ්ඨ තරුන කලාකාමියෙක්.තෙරුවන් සරණයි පුතා .තවත් ලස්සන කවි නිර්මාණ කරන්න ත් ,රාජකාරි කටයුතුවලින් ඉදිරියට යන්න ත් වාසනාව ලැබේවා යි පතමි .තෙරුවන් සරණයි පුතා .

  • @maheshajayakody7039
    @maheshajayakody7039 Жыл бұрын

    අමුතුම නමක්... කඩවසම් තරුණයෙක්... හිත්වලට දැනෙන පදවැල්... පුතේ නුඹ නම් සැබෑ කවියෙක්...!

  • @shwethaprarthana1766

    @shwethaprarthana1766

    Жыл бұрын

    අනේ ඔබත් කවියෙකි.

  • @C424c424
    @C424c424 Жыл бұрын

    අහසකට ලස්සනම ගෑවමයි දම්පාට.... හඳත් අයිනෙන් අඳිමු එය නැතුව බැහැ රෑට.. දුවේ නුඹ දන්නවාද දුරයි.. හඳ හාවාට.. අදින්නට ඕනි නැහැ ඒ නිසා ආවාට.. චිත්‍රයට නගද්දි..එකලගින් ඇන්දාට.. අහස සයුරට දුරයි බරවැඩියි මගෙ දූට... ගගනතේ..මායිමේ..නුඹ ඇන්ද වව්ලාට... ලගින් තවකෙක් අදිමු තනිය හොද නෑ ඌට ටීචරුත් ලකුණු දෙයි නොවෙන් බිය සoකාව... දැන් හරිම ලස්සනයි වෙරළ ලග හැන්දෑව.... චිත්‍රයේ අපි නොඇද ඉමු දුවේ අපි.. දෙන්නාව.... එහෙම උනොතින් ළමයි හොයයි නුඹෙ අම්මාව....❤❤❤❤❤..හදවතට දැනුනු කවි පෙලක්..

  • @nalikapriyadarshani9532

    @nalikapriyadarshani9532

    Жыл бұрын

    Marama lassanai..suba pathum malli

  • @Agri_Link

    @Agri_Link

    Жыл бұрын

    ​@@nalikapriyadarshani9532 kj

  • @champjanlyn8740

    @champjanlyn8740

    Жыл бұрын

    TV එකේ මස් ඉඹුල මහතා ගේ මුවින් මේ කවි පෙළ ඇහුවෙ මුලින්ම. ඊටපස්සෙ මේ කවියා ගැන හෙව්වා. ගාල්ලෙ නෙලුව හරිම ලස්සණ පරිසරයක හැදුන දක්ෂ සංවේදි කවි පුතෙක්. ඔබේ දිවිය සුබ වේවා !!!❤️

  • @thejagodakandearachchi6962

    @thejagodakandearachchi6962

    Жыл бұрын

    I heard this poem in 'Ado' teledrama. It touched my heart when the moment I listened. Shyam Fernando read to his daughter in that teledrama. 🥰

  • @chandanideepika3893
    @chandanideepika3893 Жыл бұрын

    හැම පොලිස් නිලධාරියෙක්ම නුඹ වගේ සංවෙිදි උනා නමි මගේ රට කොචිචර ලස්සන වෙයිද?තුනුරුවන් සරණයි පුතේ

  • @marlonwarnakulasooriya3221

    @marlonwarnakulasooriya3221

    Жыл бұрын

    පොලිස් නිලදාරීන්ගේ සංවේදී භවේ කිසිම ප්‍රශ්නයක් මම දකින්නේ නෑ ජනතාවත් ඔව්න් ගේ රාජකාරියක් කරන්නෙ කියන එක සංවේදී උනා නම් හොදයි අනික මා පාලන තන්තරය අපේ රටේ මේ හැම ආයතනයකම ගුනාත්මවක භාවයට හානි කලේ පොලීසිය ඒකෙන් මුලටම අහු උන ආයතනයක් කියලයි මට හිතේනේ මිස්

  • @erandikajayani7161

    @erandikajayani7161

    Жыл бұрын

    මටත් ඒ දේම හිතුනා මේක බලද්දි

  • @manjulabalasuriya9994

    @manjulabalasuriya9994

    3 ай бұрын

    There are so many genuene police officers.

  • @jayawickramasinghe1741
    @jayawickramasinghe1741 Жыл бұрын

    ඔබ වැනි පුතෙක් අපේ රටට සම්පතක්.පොලිස් දෙපාර්තමෙන්තුවට .තෙරුවන් සරනයි දෙව් පිහිටයි 🙏

  • @nirosemesandu8794
    @nirosemesandu8794 Жыл бұрын

    ඇස් වලට කඳුළු ආව තරම් ඒ හැම කවියටම ,අනුන්ගෙ හිත එච්චර ලස්සනට ලියලා, පුදුම ආදරයක් තියන ලස්සන හිතක් ඇති රටට වාසනාවක් උන නිලධාරියෙක් ❤️

  • @wasanthijayalath9832

    @wasanthijayalath9832

    Жыл бұрын

    පොලිස් පුතේ........ නුඹත් ලස්සනයි. නුඹෙි කවි සිතත් ලස්සනයි... හැම පොලිස් මහත්මයෙකුටම මෙි සිතම තිබුණානමි මොනතරමි මිනිසුන් පොලිසියට පෙමි බදිවිද.... තෙරුවන් සරණින් නුඹට ජයක්ම වෙිවා!!❤❤🌹🌹

  • @deepthidissanayake3929
    @deepthidissanayake3929 Жыл бұрын

    පොලිස් නිලධාරියෙක් තුලින් මතුවෙන අපූරු කවි උල්පතක් .හරිම සංවේදී කොච්චර ඇහුවත් තව තවත් බලන්න පුලුවන් .ස්තුතියි ඔබ තුමාට 🙏

  • @sarakumasaru3996

    @sarakumasaru3996

    Жыл бұрын

    Best of luck.

  • @asokasampath8519

    @asokasampath8519

    Жыл бұрын

    Godak lassanai artavat ..jayen jaya

  • @nirmalikusuminikarunanayak5024

    @nirmalikusuminikarunanayak5024

    11 ай бұрын

    පොලිසියට නොගොස් ගුරු වෘත්තීයට යන්න තිබ්බෙ.

  • @mallikathappuwarige8411
    @mallikathappuwarige8411 Жыл бұрын

    පොලිස් දෙපාර්තුමේන්තුවටම ආදර්ශයක් මෙවැනි මහත්මාගතිගුන ඇති මහත්වරුන්.ඔබ දෙදෙනාට සහ ඔබට සහයෝගය දක්වන සැමට.සම්මා සම්බුදු සරනයි.🙏

  • @indraniathalage8448

    @indraniathalage8448

    Жыл бұрын

    😢

  • @nuwandil9915
    @nuwandil9915 Жыл бұрын

    Respect අද කාලේ ඉන්න දුප්පත් ජනතාවට එක විදිහකට සල්ලිකාරයන්ට එක විදිහකට සලකන පොලිස් කාරයෝ අතරේ ඔයා ගොඩක් හොද පොලිස් නිලදාරියෙක්.ඒ කවි ටික නම් හරිම ලස්සනයි ආසාවෙන් අහගෙන හිටියා.හරේන්ද්‍ර අයියා ඔයාටත් බොහොම ස්තුතියි මේ වගේ වැදගත් මිනිස්සු ගැන වීඩියෝ අපිට දකින්න සැලැස්සුවට.

  • @wasanthiabeywickrama4290
    @wasanthiabeywickrama4290 Жыл бұрын

    මම ඔබතුමාගෙ කවි කියවලා තියෙනවා . සංවේදී වෙලා ඇඬිලත් තියෙනවා.හරිම සොඳුරැ හිතැත්තෙක් . එවන් සිතකින් උපන් මේ කවි කියවන ඕනම දරැණු හිතක් දියවෙයි..ඒ තරම් බර වදන්..සංවේදී හැඟුම්..... ඔබට සුභ පැතුම්...සොඳුරැ කවින්දය... කලාව තුල දිනෙක රැස් විහිදුවමින් බැබලෙන්නට...

  • @priyanthasubasinghe3343
    @priyanthasubasinghe3343 Жыл бұрын

    හරිම ලස්සනයි පුතේ ...හරින්ද්‍ර ඔබතුමා ටත් ස්ට්තූතියී .මේවගේ වැදගත් අය අපි සමීපයට ගෙන එනවාට.♥️👍

  • @harshakumara9950
    @harshakumara9950 Жыл бұрын

    නුඹගේ රස කවිය.. වාගේ සරසවිය.. තබා පසෙකින් අවිය.. සරසන්න කවි සිරිය.. ❤

  • @kmaryail4395

    @kmaryail4395

    Жыл бұрын

    ලස්සනයි

  • @hrupika8205

    @hrupika8205

    Жыл бұрын

  • @bisomenike

    @bisomenike

    4 ай бұрын

    Very mice mydear

  • @nadeekadewanarayana9777
    @nadeekadewanarayana9777 Жыл бұрын

    මගෙ පුතෙක් වගේ වයසක ඉන්න ඔබ තමයි වර්තමානයේ මගේ ප්‍රියතම කවියා...හරිම සංවෙිදී ඔබේ කවි ඇහැට විතරක් නෙවේ හිතටත් කඳුළු ගේනවා... 80 දශකයේ පත්තර වලට කවි ලියපු මගේ අතීතයට මම ආයෙත් දුවනවා මේ කවි එක්කම... දිගටම ලියන්න පුතා..රසවිඳින්නෝ බොහොමයි..කවිය තුලින් ඔබ කරන සමාජ මෙහෙවර අති විශිෂ්ඨයි ...💛

  • @manelsigera9931

    @manelsigera9931

    Жыл бұрын

    Obath kaviyak malli . Subha angathayak

  • @madushani2965
    @madushani2965 Жыл бұрын

    හදවතින්ම රස විඳින්න පුළුවන් ඔබේ කවි.ඔබ වැනි දරුවෙක් අපේ රටට සම්පතත්.තෙරුවන් සරණයි .දීර්ඝායු වේවා .

  • @ssssh333
    @ssssh333 Жыл бұрын

    මගෙ boyfriend එයාගෙ කවි වගේ ඔයාගෙ කවි ලිව්වා, මම ඔයාව දැනන් හිටියෙ නෑ , මම හිතුවා කවි ලියන්නෙ මගෙ boyfriend , අන්තිමට මට ඔයාගෙ කවි fb එකෙන් හම්බුනා, ඒත් මගෙ ආදරේ වෙනස් උනේ නෑ , නමුත් ඒ ව්‍යාජ ආදරේ මගෙ ජීවිතය දුකේ දාලා ගිය, මම නිවන් මග තෝර ගත්තා, 💜️ පාපිස්ස යට මම යතුර තියලා නෑ , මොකද මම දන්නවා කාමයක් මිස ප්‍රේමයක් හමු වෙන්නෙ නෑ

  • @swarnasarojini5786

    @swarnasarojini5786

    Жыл бұрын

    නිවැරදි මඟ හමුවී ඇති බැවින් ...... ඔබතුමියගේ රිදුම් වියැකී යනු ඒකාන්තයි ....සම්බුදු සරණයි ...

  • @sunilmilhani2149

    @sunilmilhani2149

    Жыл бұрын

    My

  • @moorthikorala531

    @moorthikorala531

    Жыл бұрын

    සමහර අහිමිවීම් තියනව අපට හරිමග පෙන්වන්නමයි ඒ අහිමිවීම් හිත් රිදීම් තියෙන්නෙ.මතක කරල බලන්න බුදුන්කල...නිර්වානාවබෝධය කරා ගියෙම අහිමිවීම් ,දුක මතමයි..සමහර වෙලාවට අපි යන මග වැරදිනම් අපි ආවෙ ඒ වැ⁣ඩේට නෙවේනම් ස්වභාවිකවම අපිව යන මගෙන් ඉවත් කරල හරිමගට යොමුකරනව. ඔයාට හොඳම දේ වෙලා තියෙන්නෙ.නිර්වානාවබෝධය වේවා ඔබට!🙏අපි ඇවික් තියෙන්නෙ මේ ගමන මෙතනිං නතර කරගන්න මිසක්ආදරය කරන්න දරුවො වදන්න නෙවේ..මේ ගමන මෙතනිං නතරකරගන්න උත්සහ කරන්න..🙏

  • @ssssh333

    @ssssh333

    Жыл бұрын

    @@moorthikorala531 බොහොම ස්තූතියි , ගොඩක් පින් ඒ වචන වලට 🙏

  • @ssssh333

    @ssssh333

    Жыл бұрын

    @@swarnasarojini5786 🙏

  • @mangalikaperera8862
    @mangalikaperera8862 Жыл бұрын

    ඔබ වැනි නිහතමානී තරුන දරුවන් ලොවට ආඩම්බරයි.දකින්න ආසයි.ජේසුපිහිටයි

  • @somahalpegamage
    @somahalpegamage Жыл бұрын

    සුන්දර කවි සිතක් ඇති පොලිස් නිලධාරියෙක්. ඔහුගේ කවි සිත අපට හදුන්වා දුන් සොඳුරු නිවේදකයෙක්.කදිම සුසංයෝගයක්.ඔබ දෙපළට නියත ජය!තුනුරුවනේ සරණයි !

  • @pprasangani2251
    @pprasangani2251 Жыл бұрын

    හරිම ලස්සනයි. ඒ වගේම හරිම සංවේගයක්‌ දැනුනා. මගේ ඇසටත් කඳුළු ආවා. හරිම ලස්සනයි. දෙවි පිහිටයි ! ඔබ‍ට

  • @inokasadamali385
    @inokasadamali385 Жыл бұрын

    ගොඩක් හිතන්න පුලුවන් අර්තවත් කවි කාරයෙක් ,බුදු සරනයි මල්ලි ,රාජකාරි කටයුතු හොඳින් කරන්න ,අපි හැම දාම ඔයා ලා වගෙ අයට ගරු කරනවා,නිහතමානී මිනිස්සු දැකීමත් සතුටක්,

  • @samanthakumari104
    @samanthakumari104 Жыл бұрын

    ඔබෙි කවි මාව අඩවනවා ❤ දැණුනා ඔබෙි සහෝදරියට ඉක්මන් සුව පුාරාර්තනා කරනවා දියනියට නිවන් සුව ලැබේවා !ඔබෙි ඉදිරි ගමනට හදවතින්ම සුබ පතනවා !

  • @manochchamara7712
    @manochchamara7712 Жыл бұрын

    කවියෙක් පොලිස් නිලධාරියෙක් මාධ්‍යවේදීයෙක් ඇත්තටම හරිම සුන්දරයි මෙවනි අය තවත් පොලීසියෙ හිටියනම් පොලිස් සේවය රටට ගොඩාක් වටි තෙරුවන් සරණයි

  • @sepaliheli9361
    @sepaliheli9361 Жыл бұрын

    හරිම ලස්සනයි,එක හුස්මට ඇහුවා,එත් මල්ලි ඔයාට ඔය රස්සාව නොගැලපෙන බවදනුනත් ඔයාගේ කවිසිත නිසා දන්නවා ඔබ අවංක පොලිස් නිලදාරියෙක් වනබව කිසිදා නිතිය අවබාවිතා නොකරන,හරන්ද්‍රටත් බොහොම ස්තුති අපට හදුන්නා දුන්නාට,ජයවේවා 🙏👍♥️♥️

  • @janakigunasinghe9634
    @janakigunasinghe9634 Жыл бұрын

    හරිම ලස්සනයි පුතේ කවි ටික.පුතාට ජයෙන් ජයම වේවා!🙏🙏🙏💐💐💐

  • @chamialvis104
    @chamialvis104 Жыл бұрын

    දුව වෙනුවෙන් ලියපු කවි පෙළ නම් මාව ඇඩෙව්වා😪😪ඒ වචන වල අවන්ක කම...කාටවත් වරදක් පටවන්නෙ නැතිව ඒක අහිංස්කව විදගෙන තියන විදිය

  • @ilovesrilanka4882
    @ilovesrilanka4882 Жыл бұрын

    හරිම ලස්සන කවිපෙලී.. හදවතටම දැනෙනවා. හැමෝටම බැහැ හදවතට කතා කරන්න ඔබ වගේ. ඔබට ජය❤

  • @ashsandaseya2039
    @ashsandaseya2039 Жыл бұрын

    Fb එකේ ලියන කවි බලල තිබුනට අදයි ඉලක්ෂව දැක්කෙ. ඉස්සර මම නිතරම හිතුවෙ අමුතු නමක් කියල. යතුර පාපිස්ස යට කවියට මමත් හරිම අාසයි. මමත් ඉස්සර පේජ් වලට ගෘෘප් වලට කවි ලියපු නිසා හුගක් ඔයාගෙ කවි දැක්කා රස වින්ද. කවි හින්ද හිත නැති වෙච්ච නිසා fb එකෙනුත් අයින් උනා දැන් නම් ඔය කවි අහන්න දකින්න වෙන්නැ මට එ්ත් ඔයාට සුබ පතනව මල්ලි. මාරම ලස්සනයි ඔයාගෙ කවි

  • @nilathimallika1788
    @nilathimallika1788 Жыл бұрын

    හරිම ලස්සනයි නහතමානි හදවතක් ආදරෙයි......කලුදුලුත් ආවා....සුබ අනාගතයක්...කවි ලියන්න තව තවත් ලස්සන අදහස් හිතට ඒවා😘😘😘

  • @inokadamayanthi990
    @inokadamayanthi990 Жыл бұрын

    මේ තරම් ලස්සන කවි ලියන කවි කාරයෙක් කවදාවත්ම දැකලා නෑ. සුභ පැතුම් ඔබට ❤️

  • @mallikamallika7015
    @mallikamallika7015 Жыл бұрын

    හරිම ලස්සනයි ඔබේ ගැගුම්බර ඒ කවිය. රිදුම් දුන්නා පුතේ සංවේදි මගෙ සිතම. පැතුම් පතනවා පුතුනි දිවිය තව සරු වෙන්න. නුඹ මැවු දෙගුරුන්ට සැමදාම පිං දෙන්න ❤️❤️

  • @deepagangani3320

    @deepagangani3320

    Жыл бұрын

    ඉලක්ෂ ලස්සන නමක්

  • @jayanthipeiris6865

    @jayanthipeiris6865

    Жыл бұрын

    මගෙ රන් පුතා අප රටට වාසනාවක්..තනියම ගෙදර සිටිය මට හිත වාවගන්න බැරිවුනා . පුතාට ජය සතුට සම්පත උදා.......,

  • @fathimasihana614
    @fathimasihana614 Жыл бұрын

    හරිම ලස්සන කවි හිතක්..ලස්සනයි පුතේ..සුභ අනාගතයක් මෙන්ම දෙවියන්ගේ පිහිටත් ප්‍රාර්ථනා කරනවා.

  • @chandikumarikumari5877
    @chandikumarikumari5877 Жыл бұрын

    මාරම ලස්සනයි අදහස් වචන දාල කවි හදලා තියෙන්නේ ඔබ‍ට දීර්ගායු ලැබේවා 🙏🙏🙏🙏

  • @maduliyanage
    @maduliyanage Жыл бұрын

    අම්මෝ හරිම සංවේදී 😢😢හරිම බර වචන❤කවියක් කියන්නේ අවියක් වගේ.. හැර ගිය නමුත් බඹරුන් මල් පැනිද ගෙන මලකට සතුටු වන්නට හැක සුවද ගැන කවියෙකු උරන වන්නේ නැත කිසිම දින කවියක තවර ගත්තා මිස අහිමි පෙම....... ❤❤❤❤❤❤❤❤❤

  • @indranikulathilaka3577

    @indranikulathilaka3577

    Жыл бұрын

    පුතෙ මම ගාල්ල උණවටුන.මටත්හරියට දුක් හිතුණා

  • @deepajayalath
    @deepajayalath Жыл бұрын

    හරිම සංවෙදියි එ කවි...හදවත කිරි ගැහෙනවා... මාර දැනුමක්...තෙරැවන් සරනයි...

  • @indrakumari8584
    @indrakumari8584 Жыл бұрын

    තෙරුවන් සරණයි. ඉලක්ෂන්. පොස්ට්. නිලදාරි.. තූමාගෙ...කවි..හරිම ලස්සනයි. ඔබ. තුමාට. බොහොම ස්තුතියි. දිර්ඝ ර්‍අයූෂ ලැබෙනවා. එ. වගෙම. අකකා. ගැනත්.. දූව. ගැත්. දූකයි... ඔබ. තුමාට..ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය. ලැබෙනවා සිංගප්පුරැවෙ

  • @bandaramenikewanninayake1159

    @bandaramenikewanninayake1159

    Жыл бұрын

    ♥️💐♥️💐♥️💐♥️💐♥️♥️

  • @PuN_SaRa
    @PuN_SaRa Жыл бұрын

    "කඩා වැටෙන තරුවක්"...ආසම කවි පොතක්.හිතට දුකක් පාලුවක් දැනෙන වෙලාවක එක කවි පෙලක් හරි කියවලා හිත නිවා ගන්නවා.හරිම ආදරණීය පොතක්.❤️💐🥰

  • @dilrufernandoshani4242

    @dilrufernandoshani4242

    Жыл бұрын

    Anr kohenda gatte e potha.koheda teyenne

  • @asafernando6290
    @asafernando6290 Жыл бұрын

    ලංකාවේ පොලිසියේ මේ වගේ කෙනෙක් 🤔 💖 පුතා ඔබේ දක්ෂතාවය, නිහතමානී කම අගෙයි. මෙවැනි අය සමාජ ගත කරන ඔබ‍ටත් ස්තුතියි. Short n sweet මාරම අර්ථවත් වචන පෙළගැස්ම.

  • @anjanakurppu3984
    @anjanakurppu3984 Жыл бұрын

    මම දැන් මෙය අහන ගමන් මමත් හිතුවා ඇයි මෙි පුතා පොලීසිය තෝරා ගත්තේ කියලා.හරිම ලස්සනයි .හැම කවියක්ම.ඒවගේම පුතාත් ලස්සනයි . පුතාට බුදුසරණයි !❤

  • @priyadharshanasureka6072
    @priyadharshanasureka6072 Жыл бұрын

    මගේ දෙනෙතින් කදුලූ වැටූනූ වාර ගනනත් අනන්තයි.... එසේ වෙද්දී දරගත් දේ කියනු බෑ එය දුශ්කරයි.... කවියකින් දුක බෙදාගත්තූ වැඩසටහනට ස්තුතියි.... බුදුන් සරනද දෙවිදු පිහිටද දෙපලටම මන් පතනවයි...................../ සියලූ දේ කවි සිතින් දකිනා සොයුරනේ ඔබ සුන්දරයි... කරන කියනා සියලූ දේවල් හොදින් ඉටුවී දිනන්නයි.... හරෙන්ද්‍රත් අනේ හරිම ගුනවත් ඒ ගැනත් මෙහි ලියන්නයි.... හැකිඋනොත් මේ කවට පිලිතුරු කවියකින් මට එවන්නයි...................../😍

  • @pushpabusch5966

    @pushpabusch5966

    Жыл бұрын

    හරිම ලස්සනයි👏

  • @priyadharshanasureka6072

    @priyadharshanasureka6072

    Жыл бұрын

    @@pushpabusch5966 ස්තුතියි සහෝදරී..බුදුසරණයි ඔයාට

  • @dilrufernandoshani4242

    @dilrufernandoshani4242

    Жыл бұрын

    Ane lassanai oha adahas apita enne nene

  • @a.g.skumari937

    @a.g.skumari937

    Жыл бұрын

    Harima lassani

  • @herathchandra4082

    @herathchandra4082

    Жыл бұрын

    පින්බර පුතෙකු මෙළොවට බිහි කළ මවට ....සැනසුම් සුසුම් හෙලමින් විදිමින් සතුට.... දිවි ඇති තුරා සැනසීමට එය ඇති ඇයට ... ජාතිත් වාසනාවන් මතු උපදින භවයකට...

  • @herathchandra4082
    @herathchandra4082 Жыл бұрын

    වාසනාවන්!!! 🌹හරිම බුද්ධිමත් දරුවෙක් 👍👌☺️ පුතේ නුඹ නම් අතිදක්ෂයෙක් 👏👏👏 මේ තරම් පොඩි වයසකින් මේ තරම් අර්ථවත් ලෙස 👌 ඉතාමත් ලස්සනට ජිවිතේ පුරාවටම අපි හැමෝටම අත්විඳින්නට සිදුවන සත්‍ය සිදුවීම් මේ තරම් සුන්දරව කවි පද නගන්නට හැකි ඔබගේ හැකියාව ඉතාමත් අගය කළ යුතු උතුම් මෙහෙවරක්👍👌 ☺️ සියලු දෙවියන්ගේ පිහිටෙන් ඔබට පුතේ වාසනාවන්ත අනාගතයක් උදා වේවා !!!🙏 තෙරුවන් සරණයි පුතේ!!!🙏

  • @shilakumari556

    @shilakumari556

    Жыл бұрын

    වාසනාවන්.පුතේ.නුබනමිි.අතිදක්ෂයෙක්.හරිම.අාසාවෙන්.බලන්.උන්නා.තෙරැවන්.සරණයි

  • @nmjauasiriya2547

    @nmjauasiriya2547

    Жыл бұрын

    Lassani malle

  • @dimuthuwijesooriya7432
    @dimuthuwijesooriya7432 Жыл бұрын

    ඔබ කිව්ව හැම කවියක්ම අවසානයේ ඇස් අගට කදුළු ආවා. ස්තුතියි හරේන්ද්‍ර අයියා සංවේදි කවිකාර ඉලක්ෂව ගෙනාවට.

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 Жыл бұрын

    ඇත්තටම ආදර්ශමත් ආඩම්බරයකි ඔයාවගෙ අයම බිහිවේවා මේ දෙරණේ හරේන්ද්‍ර ස්තුතියි ඔබට සහ සැමටම සම්මාසම්බුදු සරණයි

  • @chandanirenuka9173
    @chandanirenuka9173 Жыл бұрын

    පුතේ ඔබ ලක්දෙරණට සමිපතක් ආහන්න ආහන්න ආසයිඉ මගේ පුතාට හොද අනාගතයක් තියනවා පුතේ පුතා රාඡකාරිය කරන ගමන් කවි ලීමත් කරගන යන්න පුතේ ලියන කවියට රසවත් අර්ථයක් දෙන මගේ රත්තරං පුතාට ඡේසුගේ පීහිට නොවඩුව ලැබේවා ඡේසු පිහිටයි

  • @shamanishanthi6865
    @shamanishanthi6865 Жыл бұрын

    හරිම ආසාවෙන් බැලුවේ..ඔබගෙ කවි හරිම ලස්සනයි ...හරේන්ද්‍ර අයියේ ඔයාගෙ වැඩසටහන් බලන්නෙ හරිම ආසාවෙන්.ඔයාට දිගු ගමනකට සුබ පතනවා....

  • @shashikalajayamannage9144
    @shashikalajayamannage9144 Жыл бұрын

    හොඳම යාළුවා මොළේ පිළිකාවකින් පෙළෙද්දි ඉල්ලපු අන්තිම දේ කඩාවැටෙන තරුවක් පොත.රත්නපුරේ සරසවියේ තිබ්බ එකම පොත ගෙනිහින් දුන්නම ඔහු ඒ කවි වින්ද හැටි මතක් වුණා. ඔහු මුහුණු පොතටත් ඒ කවි පොත ගැන ලිවුවා මතකයි.ඉලක්ෂගේ කවි හෘද සංවේදී.හරි ළතෙත්.ඒකයි මෙච්චර දැනෙන්නේ.💗

  • @UserUser-ku3rg
    @UserUser-ku3rg Жыл бұрын

    ලස්සනයි. හැම කවියක් ම. තවත් ඔබේ හැකියාව දියුණු වේවා.

  • @padminidissanayake129
    @padminidissanayake129 Жыл бұрын

    ඉලක්ෂ ,සංවේදී අදහස් පිරුණු කවියෙක් . කවිය කියවද්දි ඒ ගැන මනෝ භාවයන් පිරිලා .ඔය සුන්දර කවි හිතට රාජකාරියඔටුන්නක්ම වේවා පුතේ...

  • @sajiwanikumudu9568
    @sajiwanikumudu9568 Жыл бұрын

    ගොඩක් ලස්සනයි පුතේ තවත් ඉදිරියට කවි ලියන්න ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි පුතාට

  • @dinugeeganage1467
    @dinugeeganage1467 Жыл бұрын

    ♥️♥️🥺🥺🥺🥺🥺🥺 දවසක දකින්න ආසම චරිතයක් 🥺 "සමුගැනීමට වඩා දරුණුයි ආවාරේ මුණ ගැසීම "♥️✋

  • @roshaniedharmawardhana881
    @roshaniedharmawardhana881 Жыл бұрын

    හරිම ලස්සන කවි පදවැල්❤ ඔබතුමාට දීප්තිමත් අනාගතයකට සුබ පැතුම්

  • @krishanthirenuka4062
    @krishanthirenuka4062 Жыл бұрын

    ගොඩක් දුකයි ආසාවෙන් බැලුවා කියපු හැමදේම හිතට කාවැදුනා.සන්වේදි මිනිසුන් ඉන්නවා මේ ලෝකයේ.කවිය තුලින් මිනිසුන්ගේ හදවත් මේ තරම් සන්වේදි කරන්න පුළුවන් ඔබගේ හැකියාවෙන්.තෙරුවන් සරණයි ඔයාට සුභ පැතුම්

  • @wasanthijayakodi9211
    @wasanthijayakodi9211 Жыл бұрын

    ගොඩක් ලස්සනයි පුතේ කවි ඔක්කෝම ඔයගේ ජිවිතේම සාර්ථක වේවා තෙරුවන් සරනයී

  • @sajeewanilakmali6068
    @sajeewanilakmali6068 Жыл бұрын

    "කවියෙකු උරණ වන්නේ නැත කිසිම දින,කවියක තවර ගත්තා මිස අහිමි පෙම" .... මමත් ආසම පද පෙළක්...ජය වේවා...!!

  • @chandimachinthakapaladeniy5758
    @chandimachinthakapaladeniy5758 Жыл бұрын

    ඉලයා අපි මුලින්ම මුණගැහෙන්නේ මූණු පොතේ මීට අවුරුදු ගාණකට උඩදී. අද මම මූණු පොත හැර ගිහින්. අහම්බෙන් ඔබේ රුව අද දැක්කේ අවුරුදු ගාණකට පස්සේ. ඔබේ කවි අතර තවමත් මතකයෙන් මම සැරිසරණවා.. ඇත්තටම ඔබේ පද සංකලනය ඉතා බොහො දුරයි වත්මන් කවීන්ට. කවීන් තනන්නෙම අත්දැකීම්

  • @madhawapremaratne769
    @madhawapremaratne769 Жыл бұрын

    ඔයාගෙ කවි හරිම හෘදයාංගමයි. ශ්‍රී ලංකා පොලිසියට ඔයා ආභරණයක්!! ඔයා වගේ අය පොලිසියට වැඩි වැඩියෙන් ඕන කරන කාලයක් මේක! ජයවේවා මල්ලී!👍🥰💪

  • @thushanthadabare230

    @thushanthadabare230

    Жыл бұрын

    🙏👍

  • @shamasubashini7452
    @shamasubashini7452 Жыл бұрын

    හිතට ංංදැනුනා.කියූ හැම කවියක්ම.බලන්න ආසයි ඒ කවි පොත ලස්සන හෙටක් උදාවේවා

  • @indikaudayakumara1837
    @indikaudayakumara1837 Жыл бұрын

    මාර අදහස් තියෙන කවියෙක්.. මෑතකදි තාත්තා තමන්ගෙ දරුවො දෙන්නත් මරලා එයා බෙල්ලෙ වැලදාගෙන මැරෙනවා. පට්ටම දුක හිතුනු සිද්දියක් . පුල්වන්නම් මේ හේතුපාටයට කවියක් ලියන්න..

  • @sumayyaally3868
    @sumayyaally3868 Жыл бұрын

    කවියෙකු උරණ වන්නෙ නැත කිසිම දින කවියක තවර ගත්තා මිස අහිමි පෙම___ wonderous words......🫰💕

  • @shayamathushari8971
    @shayamathushari8971 Жыл бұрын

    මම ගිය සතියෙ රෑ දහයයි ගී දහයයි ඇහුවා .. හරි අමුතු නමක් තිබ්බ මෙ කෙනා කවුද කියලා හිතුනා.. හරිම ලස්සන කවි.. ස්තුති හරේන්ද්‍ර අයියේ ...

  • @piyumiranasingha1019
    @piyumiranasingha1019 Жыл бұрын

    නිහතමානී ...උගත්...නිරහංකාර....ලස්සන චරිතයක්.❤❤

  • @user-mf3bt6cc3t
    @user-mf3bt6cc3t Жыл бұрын

    ඉලක්ස නෙවෙ ත්‍රිලක්සන,මමත් දිවි නහ ගන්න හිටියෙ ලගදිම,මෙක බලලා අදම ජිවත් වෙන්න තිරනෙ කරා,මුට කියපම් ලොකු පිනක් කරගත්තෙ කියලා,බෙත් ටික හරියට ලියන්නෑති දොස්තර ලා නිසා විශාදය වෑඩි වෙලා,මුන් වගෙ මිනිස්සු අවශ්යයි එ වුර්තියට,මල් පිපුනට සුවද දිගෙ නොයන්නයි මගෙ පෑතුම හෙට දින නුබ දකින්නයි

  • @subashinipriyangani3722
    @subashinipriyangani3722 Жыл бұрын

    මේ තරම් සංවේදීව කවි ලියන්නේ කොහොමද ..ගොඩාක් ලස්සනයි ...🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @englishmakeslife3456
    @englishmakeslife3456 Жыл бұрын

    හුගාක් සංවේදී වුනු මොහොතක්. ඔබේ කවි හරිම තාත්විකයි. හදවතටම දැනුනා. ඔබේ අක්කාගේ දියණියගේ හදිසි වියෝව ගැන අහනකොට මගේ ඇසුත් කදුලු වලින් පිරැනා. මමත් දියණියන් දෙදෙනෙකුගේ තාත්තා කෙනෙක්. ඔබේ සහෝදරිය කොයි ලෙසකින් ඒ දියණියගේ වියෝව දරා ගන්නට ඇතිද. හුගාක්ම වේදනාබර සිදුවි්මක්. කිසිම දවසක මෙවන් විපතක් කිසිවෙකුටත් නොවේවා කියල ප්‍රාර්ථනා කරනවා. ඔබේ කවි සිත, ඔබේ නිපණත්වය ගොඩාක් අගය කරනවා. හරේන්ද්‍ර ඔබටත් හුඟක් ස්තුතියි මෙවන් අරුත් බර නිර්මණයන්ට🙏

  • @chaminikumari5261
    @chaminikumari5261 Жыл бұрын

    හරිම ලස්සන කවි. කදුලු ආවා අහනකොට. සුභ පැතුම් පුතා. ❤️

  • @llayane8922
    @llayane8922 Жыл бұрын

    ගොඩක් ලස්සනයි දුකයි බුදුසරණයි ජේසු පිහිටයි පුතේ ඔයාට

  • @asirimahavithana4651
    @asirimahavithana4651 Жыл бұрын

    කවි සම්බන්දව ලොකු කැමැත්තක් තිබුනෙනෑ...ඒත් ඔයාගෙ කවි ඇහුවට පස්සේ කවි ගැන හිතන්න පටන් ගත්තා...ජයවේවා පුතේ නුබට..❤

  • @gangakumariwearingha4376
    @gangakumariwearingha4376 Жыл бұрын

    කවි අහල තිබුනට අදයි කවියව දැක්කෙ. පුදුම සංවේදී කවි උල්පතක්. තෙරුවන් සරණ යි

  • @hapugodasedaragedeepanidam7832
    @hapugodasedaragedeepanidam7832 Жыл бұрын

    ඉලක්ෂ ඔබ මේ විශ්වය විසින් රකිත්වා!!!🙏💟🙏💟🙏 හරිනද්‍ර ඔබට තුති.🙏💟🙏💟🙏

  • @anestapriyangani4405
    @anestapriyangani4405 Жыл бұрын

    මේ විශ්වයේ බලයෙන් ඔබට යහපතක්ම වේවා ජේසුගේ නාමයෙන්ම එය එසේම වේවා

  • @lilanthimunasinha1687
    @lilanthimunasinha1687 Жыл бұрын

    මගේ හිත ගොඩාක් බරඋනා අයියෙ. හරිම ලස්සනයි ඔයාට තව තවත් කවි ලියන්න ශක්තිය ධයිර්‍ර්‍ය් ලැබේවා බුදු සරණයි දෙවි පිහිටයි 🙏

  • @vinithilakarathna-kn7xz
    @vinithilakarathna-kn7xz Жыл бұрын

    හරිම හැගීම් බරයි.දිවියම සාර්ථක වේවා ඔබ දෙපලගේම.ජය වේවා !!!

  • @mallika8744
    @mallika8744 Жыл бұрын

    පුතේ මටත් හිතුනා කමෙන්ට්ස් එකක් දාන්න .පොලිස් මහතුන්ට ආදරයෙන් නැති කාලේ...අපි ඔයාට ගොඩක් ආදරෙයි පුතේ ....ඔය තරම් සංවේදී සංවේදීව කොහොමද පොලිසියේ ඉන්නේ....ඇත්තටම පුතා පොලිසියට සුදුසු නැහැ කිව්වොත් මට බනින්න එපා ...මටත් ඔය වගේ පුතෙක් ඉන්නවා ..ඉතාම සංවේදී කෙනෙක් ...ඔයා ....ලංකාවේ හොඳ පොලිස් නිලධාරීන් ගැන මං අහලා නෑ දන්නෙ නෑ ... හොඳ තැනක් තියේ නම් පුතා එතෙන්ට එතැනට සුදුසු වේවි....උපතත් එක්ක එන්නෙ මරණයයි වෙන්වීමත් තමයි.නිමක් නොපෙනෙන දිගු සසර බවයේ නිවන් දකින තුරු සැනසිල්ලෙන් සතුටින් ඉන්න ලැබේවා ඔබ සැමට ...

  • @piyukids758
    @piyukids758 Жыл бұрын

    කවියන් අතර දැක්ක විශිෂ්ට කවියෙකි නුඹ..සුබ පැතුම් ඔබතුමාට❤️

  • @nethu1467
    @nethu1467 Жыл бұрын

    අයියේ අවිස්සාවේල්ල දුන්කලහේනේ කුඩු ගංජා අයිස් මත් පෙති කසිප්පු මේ හැම දේම තියනවා පාසල් යන පුංචි ළමයි ඒවාට ඇබ්බැහි වෙයි මේ දේ නවත්තලා දෙන්න 🙏🙏

  • @nilanthihettiarachchi2406
    @nilanthihettiarachchi2406 Жыл бұрын

    හරිම ලස්සනයි ඒ කවි සිතුවිලි..... යහපත් අනාගතයක් ඔබට....ස්තූතියි හරේන්ද්‍ර මැතිතුමනි ඔබටත්....

  • @simplewalker459
    @simplewalker459 Жыл бұрын

    එක කවියක් අහුවම, පැය ගාණක film එකක් බැලුවා වගේ දැනුනා. 👍❤👍

  • @dilrufernandoshani4242

    @dilrufernandoshani4242

    Жыл бұрын

    Ettatama ow papuwa nikan hirawela wage

  • @kalumkalum558

    @kalumkalum558

    3 ай бұрын

    හරිම.ලස්සනයි.එත්.ගෝඩක්.දුකයි

  • @ddhammi7349
    @ddhammi7349 Жыл бұрын

    අනේ පුතේ....අහගෙන ඉද්දී හදවත නවතිනව වගේ වෙලාවකට.බුදු සරනයි පුතේ.

  • @shyamasam16
    @shyamasam16 Жыл бұрын

    ලස්සන කවි සංකල්පනා❤නිර්මාණකරනයේ නිරතුරුව නියැලෙන්නට ශක්තිය ලැබේවා ! සහ ඔබේ කවි පොත අදම order කලා☺️

  • @chandraniranaweera5777
    @chandraniranaweera5777 Жыл бұрын

    හරිම ලස්සන කවි හරිම දුක හිතෙනවා දුවගේ මරණය සමිබන්ධයෙන් ලියු කවි පෙල

  • @hansakahirushan3980
    @hansakahirushan3980 Жыл бұрын

    මේ වගේ පොලිස් නිලධාරීන් අපේ රටට සම්පතක්.......හරිම ලස්සන අදහස්......බුදුසරණ්‍යි.......

  • @wsanthamala8872
    @wsanthamala8872 Жыл бұрын

    දිගු ගමනකට දෙවසිර්වාද ලැබේවා ඔබ වැනි පුතුන් රටට waasanawak

  • @microtechnologylanka8992
    @microtechnologylanka8992 Жыл бұрын

    harima sanwedi me kavi ahanakota, hadawathata nagena wedanawata ulpathakin wage kandulu unnanawa, sebema kaviyek, All the very best❤❤

  • @methuliakithya9874
    @methuliakithya9874 Жыл бұрын

    කඩාවැටෙනා තරුවක්...🥺🤍 කියවපු හොදම පොතක්...🖐️❤️

  • @marasinhamanike2686
    @marasinhamanike2686 Жыл бұрын

    සුභ පැතුම් සුදු මල්ලි ඔයාට හරිම ලස්සනයි ඉදිරියට යන්න සුභ පැතුම් හොද අනාගතයක් වේවා තෙරුවන් සරනයි මල්ලි ඔයාට

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 Жыл бұрын

    පොලිසියේ මේ වගේ මුතු මැණික් අතර කබොක් ගලුත් තියෙනවා යුනිෆෝම් එක දා ගත්තාම මිනිසුන්ගේ හිත රිදෙන විදිහට කතා කරන .ඇඳුමේ උණුසුම පෙන්නන.අයත් ඉන්න ව

  • @sheromanilanthi5340
    @sheromanilanthi5340 Жыл бұрын

    Harima lassanai wadasatahana nama ahala kavi ahala tibbata metumawa dakke adai bohoma istutie harindra mahathmaya sudussata tanak denawa idiriyata genat me wadasatahana haraha

  • @chandichandi7173
    @chandichandi7173 Жыл бұрын

    Suba pathanawa puthe oyata.a kavi ahanakota Mata nam aedenawa. Budu saranai

  • @rukshanperera8059
    @rukshanperera8059 Жыл бұрын

    සියදිවි නසාගත් අම්මගෙ කවියට හැඩුනා..හරිම වේදනාවක් දැනුනෙ මාත් අම්මා කෙනෙක්..ඇත්තටම ඔබ ඉතාමත් දක්ශ කවියෙක් මල්ලී

  • @anulaanu179
    @anulaanu179 Жыл бұрын

    Aththat මල්ලි හැරීම ලස්සනයි oyage kavi hithai kavikamai suba pathanawa hadamath ........ adaren....

  • @swarnasarojini5786
    @swarnasarojini5786 Жыл бұрын

    කවියක් අහල හිත මේ තරම් ගැහිල ..පෙලිල...රිදවපු දවසක නම් මතක නැති වුනත්..........සැබෑ ජීවිතයට වඩා කවිය රිදුම් දුන් දවසක් .........

  • @dinesharandeny8136
    @dinesharandeny8136 Жыл бұрын

    පිවිතුරු හදවතක් හිමි ඔබට නිල ඇඳුම හරස් නොවේවා...සාඩම්බරය් ඔබ ගැන ....සුබ පැතුම් මගෙන්

  • @dohaqatar9055
    @dohaqatar9055 Жыл бұрын

    පොලිස් නිලධාරීයෙක් උනාට මූනාත් හරිම අහිංසක පාටයි හදවත කොච්චර උතුම්ද 👍🌹❤බුදු සරණයි

  • @lakminianuradhi1478
    @lakminianuradhi1478 Жыл бұрын

    Harima lassanai puthe. Oya vagema kavith lassanai. Suba anagathayak . THERUWAN SARANAI !!! Puthe obata. NIDUK NIROGIWRWA !!! DIRGAU LABEWA !!!

  • @donid7595
    @donid7595 Жыл бұрын

    මට වාව ගන්න බැහැ මෙි කවිය කොයිතරමි සංවෙිදිද කියලා වචන නැහැ මට ඔබට කියන්න ට බුදු සරනයි දෙවි පිහිටයි ලස්සන අවංක හදවතක් දෙවියෝ ඔබට දිලා

  • @rukshanvithanage3427
    @rukshanvithanage3427 Жыл бұрын

    මගේ ප්‍රියතම චරිත වලින් කෙනෙක් තමා ඉලක්ශන ජයවර්ධන කවිකාර මල්ලිව...මට කවි ලියන්නට බැරි වුවත් දවසකට අනිවාර්යයෙන්ම ඔයාගේ කවියක් කියවල රස විදිනවාමයි...මගේ ගමට බොහොම කිට්ටු උවත් කියන්න දුක තවමත් මුන ගැසීමට බැරිවීමයි.......යම් දිනකදි නුබත් රවී සිරිවර්ධන,මහින්ද ප්‍රසාත් මසිබුල සහ රත්නත් ශී විජේසිංහ සහෝදරයන් එකට සිට පින්තූරයක් ගැනීමට බෙහෙවින්ම අසාවෙන් ඉන්නේ..හැබැයි පොලිස් නිල ඇදුමින් නැතිව මොකද මම බෙහෙවින්ම ඇලුම් කරන්නේ කවිකාර ඉලක්ශනට..........

  • @gowripeiris7181
    @gowripeiris7181 Жыл бұрын

    හිතට බර වැඩි වචන. සුබපැතුම් ඉලක්ෂ.

  • @yamko63
    @yamko63 Жыл бұрын

    Oba gana harima ardambarai Harima lassanai obe kavi putha . Mage gamath Galle Theruwan saranai 🙏🙏🙏

  • @PathminiSiyasinghe-hv3qv
    @PathminiSiyasinghe-hv3qv Жыл бұрын

    හරිම ලස්සනයි හරිම හැඟුම්බරයි සුභ පැතුම් මල්ලියේ ඔයාගේ ඉදිරි ගමනට

  • @annatamarapieries6412
    @annatamarapieries6412 Жыл бұрын

    Hoping and wishing there to be more and more police officers like you!

  • @prabodharavihari7749
    @prabodharavihari7749 Жыл бұрын

    හරෙන්ද්‍ර අයියගේ වීඩියෝ එකක් අඩ අඩ බලපු පලවෙනි වතාව වෙන්නැති මේ ඒ තරම් ඒ වචන හරි බරයි 🖤 කවියක් කියන්නෙත් අවියක් ❤️

Келесі