Gimhana Sihine (ගිම්හාන සිහිනේ) | Slowed + Reverb

✘Melody & Music | UDAYA SHREE
✘ Lyrics | Tharaka Wasalamudaliarachchi
✘ Saxophone | Harshana Wijayasinghe
✘ Guitars | Dilruk Samaradiwakara
✘ Recorded | Miyuru Sangeeth
✘ Mixed & Mastered | Kasun Primaal
✘ DOP | Samantha Siriwardena
✘ Make Up | Tharaka Adhikari
✘ Editor & Colorist | Shan Alwis
✘ Photography | Sumila Gunathilaka
Lyrics
ගිම්හාන සිහිනේ ඔබ උන්නා එදා
මගෙ පණ සේම ආදරෙන් බැඳිලා
හැමදාම අපි අපගෙ වේවා කියා
එක පැතුමක් මුළු දෙහදින් පැතුවා
සිත් ආකාසයේ පෑයු දේදුන්න ඔබයි
මා සනසන්න ඔබෙ ආදරෙන්
සිත සරසන්න ඔය සෙනෙහසින්
හද ගැස්ම මට දුන්නෙ ඔය ඇස් දෙකයි
මගෙ හුස්ම ඔබෙ ආදරෙයි
ඔබෙ සුවඳ තනි හිතට උණුසුම ගෙනෙයි
මගෙ ලොවම ඔබෙ සෙනෙහසයි
සුළඟක් සේ ඇදී නොම යන් දැන් මැකී
මා සනසන්න ඔබෙ ආදරෙන්
සිත සරසන්න ඔය සෙනෙහසින්
හද පතුළෙ ගැඹුරින්ම සුරකින්නෙමී
ඔබගෙන් ලැබූ ආදරේ
මගෙ හිත පුරා ඔබෙ සිතුවම් ඇන්දෙමී
කිසිදා නොමැකෙනා ලෙසේ
හැඟුමක් වී ඉතින් නවතින්නම් සුවෙන්
මා සනසන්න ඔබෙ ආදරෙන්
සිත සරසන්න ඔය සෙනෙහසින්

Пікірлер

    Келесі