Buddothpado | Buddhothpado | බුද්ධෝත්පදෝ ධර්ම විකෘතිය - 02 | කර්මය බැහැර කරන ගිහි දේශකයා

නිර්මල සම්බුදු දහම විනාශ කිරීමේ අරමුණින් අන්‍ය ආගමික කණ්ඩායම් වල මෙහෙයවීමෙන් ක්‍රියාත්මක බුද්ධෝත්පාදෝ නමින් සිදුකරන දේශනා වල විකෘතිය පිළිබඳව සමාජය දැනුවත් කිරීමේ වැඩසටහන

Пікірлер: 18

  • @priyanthimudannayake7476
    @priyanthimudannayake74768 ай бұрын

    🙏Sadhu 🙏Sadhu 🙏Sadhu 🙏Sadhu 🙏Sadhu 🙏Sadhu 🙏Sadhu 🙏Sadhu 🙏Sadhu

  • @deepapriyadarshani6718
    @deepapriyadarshani67188 ай бұрын

    බුද්ධෝත්පාද නමින් සම්බුද්ධ දේශනාව විකුර්ති කරන මේ පුද්ගලයාගෙන් අහිංසක බෞද්ධයන් මුදවාගන්නට අපගේ පින්වත් කස්සප ස්වාමීන් වහන්සේ දරන්නාවු මේ උත්සාහයට මාගේ ගෞරවනීය නමස්කාරය 🙏🙏🙏

  • @cleanmind77
    @cleanmind778 ай бұрын

    කාශ්‍යප බුද්ධ පුත්‍රයන් වහන්සේට වීර්‍ය් ඇතිව මේ සසුන අනාගත පරම්පරාවට දායාද කරන්නට අප්‍රමාන වෙහෙස වන්නේ ඉතා කරුනාවෙන් ය, ඔබ වහන්සේ ට උතුම් ආර්‍ය් මාර්ගය බොහෝ දුර නෙවේවා.

  • @nimmawicicramadewe4590
    @nimmawicicramadewe45908 ай бұрын

    අපේ ගෞරවනීය කාශ්‍යප ස්වාමීන් වහන්සේ උතුම් බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක්. සේනාසනයේ සියඵම ස්වාමීන් වහන්සේලාට නමස්කාර කරමි උතුම් නිර්වාණ සුවය අවබෝධ වේවා ඔබ වහන්සේලාට...සාදු....සාදු....සාදු....සමහර මිනිසුන්ට විමසලා බලන්න තරම් වත් බුද්ධියක් නැහැ. විකුර්ති දේශනා පසුපස යන්නේ අනුවණකම නිසාමයි. මේ දේශකයින් මෙන්ම ඒ පසුපස යන අනුගාමිකයනුත් අගතියටම වැටෙන බව ඒ අය දන්නේවත් නැහැ.

  • @thakshilawijethunge1071
    @thakshilawijethunge10718 ай бұрын

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @chandanafernando2829
    @chandanafernando28298 ай бұрын

    🙏තෙරුවන් සරනයි !🙏 🙏ස්වාමීන් වහන්ස 🙏

  • @isharapitiyage7181
    @isharapitiyage71818 ай бұрын

    Theruwan saranai...

  • @krishhettiarachchi
    @krishhettiarachchi8 ай бұрын

    සාධු, සාධු, සාධු!

  • @harshishyamali2591
    @harshishyamali25918 ай бұрын

    🙏🏻🙏🏻🙏🏻

  • @seetafernando5954
    @seetafernando59548 ай бұрын

    🙏🙏🙏🌻🌻🌻

  • @karunadasahaputantri5674
    @karunadasahaputantri56748 ай бұрын

    ගරැ ස්වාමීන් වහන්ස, මා අසා ඇති බණ අනුව නම් කමමය මුල්ව සියල්ල සිදුවන බව කියා ඇත්තේ නිඝන්ඨනාත පුත්ත නම් මිසදිටු ශාස්තෘ වරයාය. ඔබ වහන්සේ පෙන්වාදුන් සුතුරෙහි බරපතල පරිවර්තන දෝශයක් තිබිය හැකියි. මා එසේ කියන්නේ බුදුවරැ බොරැ නොකියන බව මා හොඳින්ම දන්නා නිසාය. මා පාලි බස නොදන්නා නිසා එම දෝෂය කුමක්දැයි පෙන්වාදීමට නොහැකිවීම ගැන කනගාටුයි. උපුටා දැක්වූ දේශනයෙහි සඳහන් දිට්ටේදිටිටමත්තං.... යන දහම් කොටස මෙයට අදාල වන්නේ එය හේතුපල දහමෙහි ක්‍රියාකාරීත්ත්වය අනුව හේතු බංග කිරීමට උපකාරීවන කමටහනක් නිසයි. බුදුන් වහන්සේ කියා ඇත්තේ කමමය අනුව නොව හේතුපල දහම අනුව සියල්ල සිදුවන බවයි. කමමය මුල්තැන ගන්නේ නම් 999ක් මිනිසුන් ඝාතනයකල අංගුලිමාල එම ජාතියෙහිදීම අරහත් බවට පත් වන්නේත් පෙරජාතියකදී මව මැරීමේ පාපය කල මුගලන් අරහතුන් වහන්සේ අගසව් වන්නේ කෙසේදැයි දහම අනුව කරැණාවෙන් පෙන්වා දෙන්න. ඔබ වහන්සේට පිවිතුරැ ධමමය අවබෝධව සුවපත් වේවා!!!

  • @kidszone1743

    @kidszone1743

    8 ай бұрын

    පුද්ගල ස්වබාවය කර්ම විපාක තමා පින්වත.. එය සත්‍ය ඥාන වශයෙන්/ හේතු ඵල වශයෙන් දැන අවබෝදයයි කම්ක්ඛයො නිබ්බානං ලෙ පෙන්වන්නෙ. කර්ම ඵල නුවන සුගතියට මග. අඩු තරමෙ සුගතියෙ මගත් වහ ගන්නද හදන්නේ.. පිංවත. නුවනින් විමසා බලන්න.

  • @MadusankaNawarathne

    @MadusankaNawarathne

    8 ай бұрын

    කර්මය බැහැර කරන්න කියලා දේශනාවේ තියන තැනක් පෙන්වන්න මට.

  • @karunadasahaputantri5674

    @karunadasahaputantri5674

    7 ай бұрын

    පින්වත් මධුසංක මහතානෙනි, ඔබේ පැණයට පිලිතුර “අභිණ්හපච්චවෙක්කිතබ්බ“නම්වූ මෙම සූත්‍රෙයහිම තිබෙනවායි මා හිතනවා. එහි බරපතල සිංහලට පරිවර් තන දෝෂයක් ඇතිබව මා කලිනුත් සඳහන් කලා. වැඩිදුරටත් හැදෑරීමේදි මෙහි වචන වැරදි තැන් වලින් කැඩීම නිසා මෙම වරද සිදුවී අරැත් විකෘතියක්ද සිදුව ඇතැයි මා අනුමාන කරනවා. මෙහි “පබ්බජිතෙනඅභිණ්හංපච්චවෙක්කිතබ්බො“ නම් කොටස නිවැරදි ලෙස වචන කැඩිය යුත්තේ “පබ්බජිතෙ- න -අභිණ්හං- පච්චවෙක්කිතබ්බො“ ලෙස උවත් “පබ්බජිතෙන අභිණ්හං පච්චවෙක්කිතබ්බො“ යනුවෙන් වචන වැරදිලෙස කැඩීම නිසා “න“ යන වචනය පබ්බජිතෙ යන වචනයට ඈඳී සැඟවී ගොස් අරැත තනිකරම විකෘති වෙලා. “න“ නම් වචනය “නැත“ “නොකලයුතුය“ යනඅරැත් දනවනවා. ඒ අනුව “පබ්බජිතෙ න අභිණ්හං පච්චවෙක්කි තබ්බෝ“ කියන්නෙ “භික්ෂුව විසින් සිහිපත් නොකලයුතුය“ යන්නයි. මා කී පමණින් පිළිගන්න එපා. නුවණින් විමසා බලන්න. සුවපත් වේවා!!! @@MadusankaNawarathne

  • @MadusankaNawarathne

    @MadusankaNawarathne

    7 ай бұрын

    ඔබගේ පෞද්ගලික අදහසක් පමණි. භාෂාව නිවැරදිව අධ්‍යනය කරන්න. තෙරුවන් සරණයි

  • @KinkiniThennakoon

    @KinkiniThennakoon

    Ай бұрын

    එය හේතුඵල දහමක් තමයි. කර්මය හේතු කොටගෙන ඇතිවන ඵලයක් ගැනයි කියවෙන්නෙ .

Келесі