ධම්මපද දේශණා මාලාව 71 | Ven.Ridiyagama Indaloka Thero

න අත‍්තහෙතු න පරස‍්ස හෙතු
න පුත‍්තමිච‍්ඡෙ න ධනං න රට‍්ඨං
න ඉච‍්ඡෙය්‍ය අධම‍්මෙන සමිද‍්ධිමත‍්තනො
ස සීලවා පඤ‍්ඤවා ධම‍්මිකො සියා.
පණ්ඩිත තෙම තමා හේතු කොට ගෙන ද (තමා පිණිස ද) පව් නො කරන්නේ ය. මෙරමා හේතු කොට ගෙන ද (අනුන් පිණිස ද) පව් නො කරන්නේ ය. පව්කම් කිරීමෙන් ලැබියැ යුතු පුතකුදු නො කැමැති වන්නේ ය. පව්කම් කිරීමෙන් ලැබියැ යුතු ධනය ද නො කැමැති වන්නේ ය. පව්කම් කිරීමෙන් ලැබියැ යුතු රට ද නො කැමැති වන්නේ ය. අධර්‍මයෙන් ලැබියැ යුතු සමෘද්ධිය ද නො කැමැති වන්නේ ය. මෙසේ වූ ඒ පුද්ගල තෙමේ සිල්වත් නමුදු ප්‍රඥාවත් නමුදු ධාර්මික නමුදු වන්නේ ය.
පූජනීය රිදියගම ඉන්දාලෝක ස්වාමීන් වහන්සේ,
වෙහෙරගල ආරණ්‍ය සේනාසනය,උඩමළල, හම්බන්තොට.
#ridiyagama_indaloka_thero
#weheragala_arana

Пікірлер: 2

  • @samanthakumari-wf1fh
    @samanthakumari-wf1fh23 күн бұрын

    තෙරුවන් සරනයි පිංවත් උතුම් මහා සංග රත්නයට අපගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @Daham-kx1hz
    @Daham-kx1hz23 күн бұрын

    🙏🙏🙏

Келесі