40 වන සංඝගත දක්ෂිනාව - 2024-06-07

Ойын-сауық

••සංඝගත දක්ෂිණාව••
៚━━━━ • ❂ • ━━━━࿐
හතළිස් වන සතිය
❂ •2024-06-07•❂
" කප්පානි සත සහස්සානී
සංඝේ දින්නං න නස්සති "
"*සංඝයා උදෙසා හිත පහදා දුන් දානයෙන් ලැබෙන පුන්‍ය විපාකය කල්ප සිය දහස් ගනනක් ගෙවී ගියද අවසන් නොවේ*"
ගෞතම වන්දනා 140 වන පින්කම ලෙස,
සතර දෙසින් වඩිනා පින්කෙතක් බදුවූ මහා සඝරුවන උදෙසා සැම සතියකම සිදුකරන අසිරිමත් සංඝගත දක්ෂිණාව ඉතාම අසිරිමත් ලෙස සහ ගෞරවණීය ලෙස සිදු කිරීමට හැකි වූවා.
මේ සදහා බෝසත් විශ්මකර්ම සමූහයේ අපගේ කළ්‍යාණමිත්‍ර පින්වතුන්ගේ කාලය ශ්‍රමය ධනය ඉතා ගරු සරුව ලබා දුන්නා...
🔸 ඉතා ගෞරවයෙන් දානය සකස් කර,
🔸 පා දෝවනය කර,
🔸 පළමුව කැපසරු අයුරින් සැකසූ බුද්ධ පූජාව පූජා කර
🔸 ඉතා ප්‍රණීතව සැකසූ දානය සියලු දෙනාම හා එක් වී පින්වත් ස්වාමින් වහන්සේලාට සහ පින්වත් මෑණිවරුන්ට පූජා කර ,
🔸 ස්වාමින් වහන්සේලාගේ පා කමල් වන්දනා කර
🔸 දානය අවසානයේ ප්‍රණීත වූ , චීස්, පළතුරු සැලඩ්, කේක්, අයිස්ක්‍රීම්, චොක්ලට් වර්ග, ,ජෙලි, කිරි පැනි, වැලිතලප, පින්වත් ස්වාමීන් වහන්සේලා සහ මෑණියන් වහන්සේලා උදෙසා පිරිකර වශයෙන්
රු.500ක් වටිනා ෆුඩ් සිටි වව්චර් එකක්, රු300ක් වටිනා ෆෝන් කාඩ් පූජා කිරීම සිදු කරන ලදි.
මෙලෙස අසිරිමත් පින්කමක් අපමණ පිරිසකට පින් කරගැනීමට අවස්ථාව ලබා දීමට හැකි වීම පිළිබද මා ඉතාම සතුටට පත් වෙමි.
අනේකවිධ ගැටලුකාරී තත්ත්වයන් මගහරවා ගනිමින් විපත්ති සමයකදී මේ සා මහ පින්කමක් කරගැනීමට කළ්‍යාණමිත්‍ර භාවයෙන් අප හට අවස්ථාව ලබා දුන් පෑතිස් වෙහෙර සඝසතු දාන ශාලාවේ නිර්මාතෘවර පින්වත් පූජණීය සමිතාභිනන්ද හිමිපාණන්ට
එමෙන්ම වැඩම කළ සියලුම පින්වත් ස්වාමීන් වහන්සේලාට සහ පින්වත් මෑණියන් වහන්සේලාට
මෙම පින්කම මේ අයුරින් මනාව සංවිධානය කරගැනීමට එමෙන්ම, උත්තම ශ්‍රම පූජාවෙන් නිදි වර්ජිතව මේ සඳහා සම්බන්ධ වෙමින් සියලු දුක් කරදර පසෙකලා මේ සඳහා සම්බන්ධ වූ පින්වත් කළණ මිතුරු කැළටද, දානයන් භාරගනිමින්, අමුද්‍රව්‍ය සපයමින් සහ මූල්‍යමය දායකත්වයන් ලබා දෙමින් සම්බන්ධ වූ බෝසත් පුතුන් සමූහයේ පින්වත් සියලු කළ්‍යාණමිත්‍ර සැමටද,
දැක බලා අනුමෝදන් වන සැමටද , වචනයෙන් පවා උපකාර කළ සැමටද, මෙම මෙහේශාක්‍ය පුණ්‍ය ධර්මයෝ ඒකාන්තයෙන්ම මෙම අත්භවයේදීම උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මයෝ දැකීමට...අවබෝධය පිණිසම හේතූ වේවා 🙏
එමෙන්ම මෙතෙක් අප සැම නමින් සංසාරගතව මිය පරලොව ගොස් අභව්‍යව පින් බලාපොරොත්තු ව වෙසෙන යම් සත්ව කොට්ඨාසයන් ඇත්ද ඒ සැමද මේ සියල්ල දැකබලා අනුමෝදන් ව වහ වහා දුකින් අත්මිදේවා !!!
තෙරුවන් සරණයි !
🙏 සාදූ ! සාදූ ! සාදූ ! 🙏
──────⊱❂⊰──────
තෙරුවන් සරණයි !
°•කෝසල වීරතුංග•°

Пікірлер: 15

  • @dumindathushani6640
    @dumindathushani6640Ай бұрын

    සාදු සාදු සාදු ...!!!🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸🌸🙏🙏🙏🌸🌸🙏🙏🙏🌸🙏🙏🙏🌸🌸🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏🌸🌸🙏🙏🙏🌸🌸🙏🙏🙏🌸🌸🌸🌸🌸🙏🙏🙏🌸🌸🙏🙏🙏🌸🌸🌸🌸🙏🙏🙏🌸🌸🙏🙏🙏🌸🌸🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @dineshpjayawardhana9051
    @dineshpjayawardhana9051Ай бұрын

    සාදූ ...සාදූ ...සාදූ ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඒ උත්තම සංඝගත දක්ෂිණාව මාද දෝතින් සිදු කලා සේ අනුමෝදන් වන්නෙමි සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඒ උත්තම තෙරුවනට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 ඒ උත්තම කල්‍යාණ මිත්‍ර සම්පත්තියට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 නිවන් දක්නා ජාති දක්වා මෙපින් බලයෙන් කිසි කලෙක සිහිනෙකින්වත් පාප මිත්‍ර ඇසුරක් නොම ලැබේවා !!! සෑම කල්හිම උතුම් වූ කල්‍යාණ මිත්‍ර සම්පත්තියම ලැබේවා !!! කිසිදු කලෙක මිත්‍යාදෘෂ්ඨිය මුන නොගැසේවා , මිත්‍යාදෘෂ්ඨියට නොවැටේවා !!! සෑම කල්හිම උතුම් සම්මාදිට්ඨියේම පිහිටත්වා !!! සෑම කල්හිම උතුම් වූ නිර්මල පර්‍යාප්ති ධර්මයම අසන්නට ලැබේවා !!! සෑම කල්හිම උතුම් වූ නිර්මල පර්‍යාප්ති ධර්මයම දරන්නෙම්වා !!! නිවන් දක්නා ජාති දක්වා උපදින්නාවූ මොනයම් හෝ භවයක් වේද, ඒ මව්කුස තුලදීම දස පාරමීදම් වැඩීමට චේතනා සකස් වේවා !!! අවසානයේ දී, පහසුම ආකාරයකින් , සුඛ සහගත ප්‍රථිපදාවකින් , සුඛා පටිපදා ඛිප්පා භිඤ්ඤා යන මාර්ගත්‍රයෙන්ම මාගේ උතුම් සංසාරගත ප්‍රාර්ථනය මුදුන් පත් වේවා !!! සාදූ ...සාදූ ...සාදූ... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-pt3zt8fb5v
    @user-pt3zt8fb5vАй бұрын

    ඒ උතුම් උදාර මහගු පින්කම ඉතා සතුටින් සාදරගෞරවයෙන් ,මා මුලු හදවතින් ම සාධූ සාධූ සාධූ කියා අනුමෝදන් වෙම්,,,,අනුමෝදන් වෙත්වා ... නිවන් පිනිසම පාර්මී දම් පිරේවා !!සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සෑදෑහෑසිතින් උතුම් දායකත්වය ලබා දුන් ඔබ සියලු දෙනා නිදුක් ,නිරෝගි සුවපත් වෙත්වා !! සානාතන රැකවරණය වන සුන්දර වු ශාන්ත වු අති උතුම් අමාමහ නිවනින් නිවී සැනසෙන්නට ,මේ උතුම් පින් හේතු වාසනා වේවා !!! ඒ මියගිය සියලු දෙනාහට ව මාගේ මියගිය සැමට මා රැස් කළ උතුම් පින් අනුමෝදන් කරම් අනුමෝදන් වෙත්වා ,, දුගතියක වේනම් සුගති සැප .ලැබේවා ,,නුදුරු භවයකදී උතුම් නිවන් අවබෝධය කරත්වා .....සාධූ සාධූ සාධූ

  • @nisaliperera9483
    @nisaliperera9483Ай бұрын

    පුදුම ආසාවකින් දැක බලා සතුටු සිතින් අනුමෝදන් වූයෙමි ..මාත් උදේට පිණ්ඩපාතය වඩින ස්වාමීන් වහන්සේට දානයට රතු ළූණු සහ සුදු ළූණු පූජා කරනව ...( කවි පෙළ ) ...... 🙏🌼🙏🌼🙏🌼....

  • @cmeducationshorts
    @cmeducationshortsАй бұрын

    Sadu sadu sadu mamath a pin sathutin anumodan wemi.theruwan saranai.

  • @RoseFlower-dz7gj
    @RoseFlower-dz7gjАй бұрын

    Saadhu!!! Obathumata Godaak pin, kalyana mithra sewanayamai watinne. Thank you so much who have made this opportunity by the Excellent talk leadership team with Mr. Murat Aydin and all other supportives in LinkedIn platform, You have done excellent job to brightening this Lord Buddha's Dispensation with knowing or without knowing. All the merits take you all and it is invaluable. I hope further Brightling by searching wisdom journey starting from each and every specific categories. Thank you for all. Namo Buddhaya, Triple Gem bless all! May all beings be good well and happy! Siyalu Sathwayo Suwapath wewa!

  • @amclkumari8270
    @amclkumari8270Ай бұрын

    🙏🙏🙏

  • @priyanganigunarathna1162
    @priyanganigunarathna1162Ай бұрын

    Mulu loketama dahami palakain beheweva. Dahami puthun beheweva.🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @surandiwadumesthri8729
    @surandiwadumesthri8729Ай бұрын

    🙏🙏🙏🙏

  • @kumariganna-ph4vw
    @kumariganna-ph4vwАй бұрын

    සාධු සාධු සාධූ ...!!!

  • @subagunawardana709
    @subagunawardana709Ай бұрын

    🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏

  • @HarshiGeethika
    @HarshiGeethikaАй бұрын

    Sadu .! Sadu ..!! Sadu ...!!!

  • @maneldissanayake3551
    @maneldissanayake3551Ай бұрын

    සාධූ සාධූ සාධූ මම ද ඒ පින් සතුටු සිතින් යුතුව අනුමෝදන් වෙමි 🙏🙏🙏

  • @user-ur6kx3ok9n
    @user-ur6kx3ok9nАй бұрын

    🙏🙏🙏

  • @gayansampathro2cs879
    @gayansampathro2cs879Ай бұрын

    🙏🙏🙏

Келесі