Villeneuve-Saint-Georges🤩😘in Paris, France🇫🇷 | විශ්වමණ්ඩප Viśvamaṇḍapa विश्वमण्डप

ප්‍රංශයේ පැරිස් නුවර සිට ගිනිකොන දෙසට කිලෝ මීටර් 15 ක් පමණ දුරින් පිහිටි උපනගරයකි, විල්නැෆ්-සෙන්-ජෝර්ජ්ස් (Villeneuve-Saint-Georges). පැරිස් නගරයේ සිට RER D Metro දුම්රියෙන් පහසුවෙන් ළඟා විය හැකි, විල්නැෆ්-සෙන්-ජෝර්ජ්ස් නගරය, සෙන් (Seine) ගඟ සහ යෙර්ස් (Yerres) ගඟ එක්වන ස්ථානයේ පිහිටා තිබීම ද විශේෂත්වයකි. මේ උපනගරයෙහි නැව් තටාකාංගණයක් ද ඇතුළු බහුවිධ ප්‍රවාහන පහසුකම් ද පවතී. විල්නැෆ්-සෙන්-ජෝර්ජ්ස්, විවිධ වර්ගයේ මෙවලම් සහ විදුලි උපකරණ නිෂ්පාදනය හේතු කොටගෙන ප්‍රචලිත නගරයකි. සෑම මිනිත්තු තුනකට ම වරක්, විල්නැෆ්-සෙන්-ජෝර්ජ්ස් හි ඉහළ අහසෙහි ගුවන් යානයක් පියාසර කරනු දැකිය හැකි ය. විල්නැෆ්-සෙන්-ජෝර්ජ්ස් නගරයෙහි පිහිටා ඇති පැරිස් ශ්‍රී ලංකා සමාධි මහා විහාරය, ප්‍රංශයේ වෙසෙන ශ්‍රී ලාංකික ජනතාවගේ නො මඳ ගෞරවයට පාත්‍ර වී ඇති අග්‍රගණ්‍ය පුණ්‍යභූමියකි. පූජ්‍යපාද තලංගල්ලේ සුමංගල ස්වාමීන්ද්‍රයන් වහන්සේ මෙම විහාරස්ථානයෙහි ආධිපත්‍යය උසුලන අතර උන්වහන්සේ ඇතුළු මහසඟරුවන විසින් සිදු කරනු ලබන සේවය ඉමහත් ය. අලුත් අවුරුදු ආශිර්වාද පිංකම, සිංහල හින්දු අලුත් අවුරුදු චාරිත්‍ර හා බක්මහ උලෙළ, වෙසක්-පොසොන් පිංකම් මාලාව, කඨින චීවර පූජෝත්සවය, වර්ෂාවසාන ආශිර්වාද පිංකම, බෞද්ධ ධර්ම විද්‍යාලය, ළමා හා වැඩිහිටි ප්‍රංශ භාෂා පුහුණු පාසල, ආදී කුදුමහත් ජාතික ආගමික හා සාමාජික කාර්යයන් රාශියක් විහාරස්ථානය මගින් සංවිධානය කෙරේ.‪@Vishvamandapa‬
#travel #france #villeneuve

Пікірлер: 2

  • @pmsspalansooriya4993
    @pmsspalansooriya49932 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤

  • @user-ic8fj7nt3f
    @user-ic8fj7nt3f2 ай бұрын

    Brautiful😊😊😊😊

Келесі