පිනක මහිම | Ven.Ridiyagama Indaloka Thero

ධමමපද දේශණා මාලාව 16
අප‍්පමාදො අමතපදං
පමාදො මච‍්චුනො පදං
අප‍්පමත‍්තා න මීයන‍්ති යෙ පමත‍්තා යථා මතා.
(සුචරිතධර්‍ම විෂයයෙහි) නොපමා බව (සිහි නොමුළා බව) නිර්‍වාණාධිගමයට කරුණු ය. (සුචරිතධර්‍ම විෂයෙහි) පමා බව (පමා වූවහු ඉපදීමටත් එයින් මරණයටත් පැමිණෙන බැවින්) මරණයට කරුණු ය. (කල්‍යාණධර්‍මයෙහි) නො පමා වූවෝ නො මියෙති. යම් කෙනෙක් ධර්‍මයෙහි පමා වෙත් ද, ඔහු (ජාත්‍යාදියෙන් නොමිදුණු බැවින්) මළවුන් වැනි වෙත්.
එතං විසෙසතො ඤත්‍වා අප‍්පමාදම‍්හි පණ‍්ඩිතා
අප‍්පමාදෙ පමොදන‍්ති අරියානං ගොචරෙ රතා.
නුවණැත්තෝ අප්‍රමාදයෙහි වූ මේ ගුණය වෙසෙසින් දැන අප්‍රමාදයෙහි සතුටු වෙති. ආර්‍ය්‍යයන්හට ගෝචර වූ බෝධිපාක්‍ෂිකධර්‍මය නව ලෝකෝත්තර ධර්‍මය යන මෙහි අලුනෝ වෙත්.
තෙ ඣායිනො සාතතිකා නිච‍්චං දළ‍්හපරක‍්කමා
ඵුසන‍්ති ධීරා නිබ‍්බානං යොගක‍්ඛෙමං අනුත‍්තරං.
ධ්‍යාන වඩන සුලු, සතතයෙන් පැවැති වීර්‍ය්‍යය ඇති, නිතර පැවැති දැඩි පැරැකුම් ඇති ඒ ප්‍රාඥයෝ කාමාදි යෝගයන්ගෙන් නිර්‍භය වූ අනුත්තර වූ නිර්‍වාණය ස්පර්‍ශ කරති.
පූජනීය රිදියගම ඉන්දාලෝක ස්වාමීන් වහන්සේ,
වෙහෙරගල ආරණ්‍ය සේනාසනය,උඩමළල, හම්බන්තොට.
+94713105866
#weheragala_arana
#ridiyagama_indaloka_thero #ridiyagama_indraloka_thero
‪@weheragala‬
‪@wehera1‬
‪@ven.nagodasaddhalokathero3453‬

Пікірлер: 2

  • @samanthakumari-wf1fh
    @samanthakumari-wf1fh13 күн бұрын

    උතුම් මහා සංග රත්නයට අපගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @mallikakankanamge6186
    @mallikakankanamge618612 күн бұрын

    🙏

Келесі