The War Museum 🥷💣⚔️ යුද්ධ කෞතුකාගාරය: in Athens, Greece 🇬🇷 | විශ්වමණ්ඩප Viśvamaṇḍapa विश्वमण्डप

Ғылым және технология

ග්‍රීසියේ ඇතැන්ස් හි අඹලෝකිපි නගරයෙහි ඇති, යුද්ධ කෞතුකාගාරය ග්‍රීක සන්නද්ධ හමුදාව සතු වේ. 1975 ජූලි 18 වන දින විවෘත කරන ලද මෙම යුද්ධ කෞතුකාගාරයෙහි අරමුණ වන්නේ, ආයුධ කෞතුක වස්තු සුරක්ෂිත කිරීම හා ප්‍රදර්ශනයත්, යුද්ධ හා ආයුධ පිළිබඳ පර්යේෂණ සිදුකිරීමත් ය. මෙම කෞතුකාගාරයෙහි, ඉතිහාසයෙහි සෑම යුගයක ම පැවති සන්නද්ධ යුද්ධ ආවරණය වන පරිදි යුද්ධ කෞතුක වස්තු එකතුවක් අන්තර්ගත වේ. ග්‍රීක හමුදාව සතු යුද්ධ කෞතුක වස්තු මෙන් ම පුරාණ චීන හා ජපන් වැනි වෙනත් ශිෂ්ටාචාරවලට අයත් යුද්ධ කෞතුක වස්තු ද මෙහි සුරක්ෂිත ව පවතී. කෞතුකාගාරය මහල් හතරකින් යුක්ත වන අතර පුරාතන යුගයේ සිට වර්තමානය දක්වා වූ ග්‍රීක ඉතිහාසයට අදාළ යුද්ධ කෞතුක වස්තු විශාල ප්‍රමාණයක් මෙහි ප්‍රදර්ශනය කෙරේ. 1964 වර්ෂයේ දී ග්‍රීක රජය විසින් ග්‍රීසියෙහි නිදහස වෙනුවෙන් සටන් කළ වීරෝධාර රණවිරුවන් ඇතුළු සැමට ගෞරව කිරීම සඳහා මෙම යුද්ධ කෞතුකාගාරය පිහිටුවීමට කටයුතු ආරම්භ කරන ලදී. කෞතුකාගාරයෙහි සැලසුම, ඇතැන්ස් හි ජාතික තාක්ෂණික විශ්වවිද්‍යාලයෙහි (N.T.U.A.) මහාචාර්ය තවුකිඩිඩිස් වැලෙන්තිස් (Prof. Thoukididis Valentis) ප්‍රමුඛ කීර්තිමත් විද්‍යාඥයින් කණ්ඩායමක් විසින් සකස් කොට ඇත.​⁠‪@Vishvamandapa‬
The War Museum where located in Ambalokipi, Athens, Greece, is owned by the Hellenic Armed Forces. Opened on July 18, 1975, the purpose of the War Museum is to preserve weapons, exhibition of weapon artifacts and conduct research on warfare and weapons. The museum has a collection of war artifacts covering every era of armed warfare. War artefacts of the Greek army as well as war artefacts from other civilizations such as ancient China and Japan are also preserved there. The museum has four floors and exhibits a large number of war artifacts related to Greek history from ancient times to the present day. In 1964, the Greek government initiated the establishment of this war museum to honour all the heroes who fought for the freedom of Greece. The design of the museum was prepared by a group of eminent scientists led by Prof. Thoukididis Valentis of the National Technical University of Athens (N.T.U.A.).​⁠‪@Vishvamandapa‬
#war #weapon_royal #army #warmuseum

Пікірлер: 4

  • @Forzoitsoverkill
    @ForzoitsoverkillАй бұрын

    Nice. Thank you.

  • @makemoney818
    @makemoney818Ай бұрын

    You are awesome.

  • @AbhayGupta-qj1mq
    @AbhayGupta-qj1mqАй бұрын

    Good job done. That's a great video.

  • @rajeshghosh6740
    @rajeshghosh6740Ай бұрын

    Great video! Thank you.

Келесі