Saman4You - Prog 105 - ආනන්ද පෙරේරා | Beacon 4 You | Ananda Perera

ආනන්ද පෙරේරා ලාංකේය සංගීත ක්ෂේත්‍රයේබඅපූර්ව අත්හදා බැලීම් ගණනාවක් සඳහා සම්මාදම් වූ නිර්මාණවේදියෙක්. ඔහු දායකත්වය දැරූ ශක්ති සංගීත කණ්ඩායමත්, ඔහු නායකත්වය දැරූ සිහශක්ති සංගීත කණ්ඩායමත් ලාංකේය කණ්ඩායම් සංගීතයේ නොමැකෙන සළකුණු සටහන් කළා. ආනන්දගේ ජීවන අත්දැකීම් බෙදා හදා ගන්න. #පහන් වැට නරඹන්න.
#Beacon 4 You #Ananda Perera #Sihashakthi #Shakthi #Music #Srilanka #Band

Пікірлер: 32

  • @arunaperera6339
    @arunaperera63393 жыл бұрын

    ආනන්ද පෙරේරා කියන්නේ වෙනසක් කෙරූ මිනිසෙක්. එයාගෙත් එක්ක සාකච්ඡාවක් පළමු වතාවට ඇහුව්වේ. තෑන්ක්ස්.

  • @surangadesilva9518
    @surangadesilva95183 жыл бұрын

    ආනන්ද පෙරේරා... වාදනය, ගායනය, තනු නිර්මාණය, සංගීත අධ්‍යක්ෂණය වගේම ප්‍රසාංගික ඉදිරිපත් කිරීම යන ඕනෑම අංශයක අද්විතීය පෙළහර පාන විශිෂ්ටයෙක්... සංගීත භාණ්ඩ විශාල සංඛ්‍යාවක් එකිනෙකට අදාළ වර්ණ මත පිහිටා වයන ඔහු ලෝකයේ බොහෝ සංගීත ශයිලීන් ඇසුරු කරන කෙනෙක්. ඊනියා බටහිර පෙරදිග දේශීය විභේදනය තදින්ම තිබුන ලංකාවේ සංගීත ක්ෂේත්‍රයට සංගීතය යනු එසේ එක එක අයට කෑලි වශයෙන් භුක්තියට සවි කරගන්නට බැරි දෙයක් බව ක්‍රියාවෙන්ම පෙන්නපු කිහිප දෙනාගෙන් කෙනෙක්. 1987 දී පමණ ප්‍රේමකීර්ති සහ රවී ජෝන් යන මාධ්‍ය පතාක යෝධයන් දෙදෙනා විසින් ඉදිරිපත් කල රාත්‍රී සංගීත වැඩසටහනකදී මුලින්ම ශක්ති කණ්ඩායම දුටු දිනම හිතේ ඇඳුනු සුවිශේෂ චරිතයක්. ඔහු වාදක මඩුල්ලක දැකීම හැම දාම මාව අමන්දානන්දයට පත්කලා. ඔහුගේ වයලීන, ගිටාර් සහ සරෝද් වාදන පිරිසිදුයි, ස්ථාවරයි, විවිධ භාවයන් සහ වර්ණ වලින් අනූනයි.. ඔහුගේ ගායනා ශාස්ත්‍රීය සහ ජනප්‍රිය සංගීත ආර්යන් මුසුවුණු දැඩි ශක්තියකින්, ජවයකින් යුක්තයි.. ඔහු විසින් කල තනු නිර්මාණ කිසිවකුට දෙවැනි නොවුනත් තාමත් නිසි ඇගයීමකට ලක්වෙලා නැහැ. සිය පුද්ගලික ජීවිතයේ විඳි දරුණු දුක් දෝමනස්සයන් නිසා කාලයක් අපෙන් ඈත්ව සිට යලි පැමිණි ඔබට සුපුරුදු ජවයෙන් ඉදිරියට යන්නට සුභ පැතුම්... ලංකාවේ ප්‍රධාන ධාරාවේ මාධ්‍යවලට ප්‍රධාන ධාරාවක් සේ නොපෙනන වාද්‍ය වේදය සහ සංගීත වර්ණ හොඳින් හඳුනන සමන් අතාවුද හෙට්ටි මේ ශ්‍රේෂ්ට සංගීතවේදියා මෙසේ සංරක්ෂණය කිරීම ලොකුම පිනක්..

  • @judelakshitha3207

    @judelakshitha3207

    3 жыл бұрын

    ඇත්ත කතාව..

  • @darshanawickramatunga
    @darshanawickramatunga3 жыл бұрын

    ආදරෙයි ආනන්ද අයියා ඔබේ ක්‍රමයට...

  • @judelakshitha3207
    @judelakshitha32073 жыл бұрын

    ආනන්ද පෙරේරා මහත්මයා අපේ රටේ නිසි තැනක් නොලැබුණු අති විශිෂ්ට සංගීතවේදියෙක්... ඔබට ජේසු පිහිටයි...

  • @wadugeank3556
    @wadugeank35563 жыл бұрын

    Oba thuma me rata wadagat uthum madya wediyek.ananda perera mahathmaya me rata sangeetayata visista sewawak Kala kenek.wadasatahana agaya karanawa.dalada samidu pihitai.

  • @thusharachenath
    @thusharachenath3 жыл бұрын

    ශක්ති කියන්නේ වේදිකාවට අළුත් සංගීත කලාවක් එක් කරපු වාදක කණ්ඩායමක් කියන එක ඇත්ත. අපිට ඒක දැනුනා හොඳටම. ඒ කාලෙ ශක්ති නුවර ගහන හැම ශෝ එකක්ම බැලුවා. ඒ කාලෙ හරි සුන්දරයි.

  • @rajeewamadhuwantha7428
    @rajeewamadhuwantha74283 жыл бұрын

    මගේ ගුරු පියාණන් ❤️❤️ ආදරණීය නිහතමානී ගුරුවරයෙක්....දීර්ඝායුෂ ලැබේවා..!තෙරුවන් සරණයි.🙏🙏

  • @user-76rme
    @user-76rme3 жыл бұрын

    ආනන්ද සර්, දැකීමත් මහත් සතුටක්. ඔබට දීර්ඝායු !!🙏🙏🙏❤️❤️❤️

  • @KithsiriJayasekarasinger
    @KithsiriJayasekarasinger2 жыл бұрын

    මගේ සංගීත දිවියට ආලෝකයක් දුන් අද්විතීය නිර්මාණ කරුවා,සහෝදරයා,මූදු හතකින් එහා උන්නත් ඒ ආදරයත්,ගෞරවයත් එදා වගේමයි ආනන්ද අයියේ, මගේ ප්‍රථම සජීවී ප්‍රසංගය 'වැස්සකට පස්සෙ"වෙනුවෙන් ඔබ ඇතුළු සිහශක්ති රූපකායන් එදා වේදිකාවට ගෙන්වූයෙත් ඒ ආදරණීය ගෞරවය වෙනුවෙන් චිරං ජයතු🙏 ස්තූතියි සමන් අයියේ ඔබටත් මෙවන් අග්‍රගන්‍ය මිනිසකු සමග දොඩමළු වූවාට. නිදුක් නිරෝගී බව අත්වේවා දෙදෙනාටම 🙏🙏🙏❤

  • @kapitechnologysrilanka4280
    @kapitechnologysrilanka42806 ай бұрын

    ආනන්ද සර් ඔබගේ සෙවනැල්ල අපේ නිර්මාණ වලටත් වැටිලා තියෙනවා. නිදුක් නිරෝගී දිගායු වේවා ❤❤❤

  • @kalegana
    @kalegana3 жыл бұрын

    මේක නම් මාරම channel එකක්. බොහොම ඉස්තුතියි ඔබට..

  • @dmweerasinghe6394
    @dmweerasinghe63943 жыл бұрын

    විශිෂ්ටයි මගේ සර්...දීර්ඝායුෂ ලැබේවා ...තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @vishakavishaka8682
    @vishakavishaka86822 жыл бұрын

    Good conversation!

  • @sampathjayathilaka8558
    @sampathjayathilaka85583 жыл бұрын

    Ape punchi kaale weerayek thama aananda ayya. Pin siduwenava obalata ape atheethaya hada karaata

  • @surangadesilva9518
    @surangadesilva95183 жыл бұрын

    මට මතකයි එකතරා රූපවාහිනී වැඩසටහනකදී අතාවුදහෙට්ටි මහත්මය (වගේ මතක) ආනන්ද පෙරේරා මහා සංගීත වේදියා ගැන වෙන කෙනෙක් කල විමසීමක් ආනන්ද පෙරේරා මහත්මයටම කිව්වේ "කවුද අර ඉස්සරහින් තට්ටේ තියෙන පස්සෙන් කොන්ඩේ වවපු අලුත් වැඩ කාරය" කියලා ඇහුව කියල... ඒවා අපට ගලේ කෙටු අකුරු වගේ මතකයි..

  • @ravinduperera1003
    @ravinduperera10032 ай бұрын

    👍👍👍

  • @vishakavishaka8682
    @vishakavishaka86822 жыл бұрын

    Ability must go with the technology then creations will be much better

  • @ivanalwisaivn8556
    @ivanalwisaivn8556 Жыл бұрын

    හරිම වටිනවා මෙවැනි අය රැග ගනීමු

  • @virajihalagamage6094
    @virajihalagamage60943 жыл бұрын

    හොද interview එකක් ආනන්ද පෙරේරා හොද ශිල්පියෙක්, නමුත් මට මතක විදියට මේ ගොල්ලන් පසුව ජාතිවාදී බෙදීමකට ගොදුරුවී සිහශක්ති නිර්මානය වුනා යයි මගේ මතකය, වැරදානම් නිවැරදි කිරීමට යටත්ව !!!

  • @ivanalwisaivn8556
    @ivanalwisaivn8556 Жыл бұрын

    දැස් වලට කඳුළක් ආවා මගේ ආදරනීය ගුරුතුමා ආනන්ද සැර්

  • @arunamadusanka5055
    @arunamadusanka50553 жыл бұрын

    සමන් මහත්තයා ඔයාට මෙ කරන යුටුබි එකේ සිල්වර් බටන් ගන්න අමුරැයි වෙයි ,එ හොද දෙවල් කරන නිසා,මෙ වැඩසටහන් පෙලම මාරයි වැදගත් ,නවත්වන්ට එපා වන්නි මතක පද කලා සබ්ස් නැ වැඩිය ,කුනුහරැප මාකර්ට් කරලා මිලියනයකට වඩා විවර්ශිප් ගන්නවට වඩා මේ කරන වැඩසටහන නියමයි රත්තරන් !!! ඉගෙන ගන්න පුලුවන් !! ඔබේ සංයමය විනය මට කියන්න වචන නැහැ !! තනයම කැමරාව ලයිටින් කරගෙන තනියම කරන දේ ,පුදුමයි ! ඔය කටහඩ මනුස්සයෙක් නිමනවා සමන් සර් !! මෙයිට වඩා පිනක් නැ ඔබට ! අපි වගේ 90 ගනන් වල ඉපදුන අයට දෙන ආදර්ශය

  • @nishanthanishantha8297
    @nishanthanishantha8297 Жыл бұрын

    🤗

  • @chandanaliyanage6656
    @chandanaliyanage66563 жыл бұрын

    Dear Saman, Just for your info: I have one of Ananada Perera's song named " Diliy Diliy Dilly Dilliye,.. Delhi nuwara nangiye" lyrics by Sunil Sarath Perera. It may not a famous song or not sure whether it's aired by SLBC, as it is composed on personal basis while Mr Perera's visit to All India Radio.Delhi.. Actually that "nangi" who worked at ALL INDIA RADIO - Sinhala stream- gave it to me when I visited Delhi around 2012. She is no more now. I WILL TRY TO UPLOAD IT...God Forbid/////

  • @chandanikithulampitiya487
    @chandanikithulampitiya4872 жыл бұрын

    මුලින්ම මම සමන්ගෙ මේ වැඩ සටහනට කැමතියි.. සමන් අපේ කාලයේ සහෝදරයෙක් . ආනන්ද පෙරේරා ඒත් ඒ වගෙ. සමන් ඇහුව ප්‍රශ්නයක් .. "ඔබට ඔබව මග හැරුනද " කියල. ඇත්තෙන්ම ..මට හිතෙනව..මේ ..ආනන්ද පෙරෙර කිව් ලෙසින්ම කොහේදෝ තැනකදි ඔහුට යම් අසාධාරණයක් වෙලා කියල මට දැනෙනව..ඔහුගේ ශක්‍යතාව හඳුනාගන්න ඔහුට සාධාරණය ඉෂ්ඨවීම කොතැනකදී කාට හෝ අතපසුවීමක් සිදුනොවෙන්නට බොහෝ දුර මේ ක්ශේත්‍රයේ යා හැකිව තිබුනා. මම මේ සංවාදය දැක්කෙත්.. මගෙ මතකයට හදිසියෙ ආපු ඔහුගෙ මම් ප්‍රිය කරන සුනිල් සරත් පෙරෙර පදලියූ "දිලි දිලි දිලි දිල්ලියේ දිල්ලි නුවර නංගියේ" සින්දුව හොයන විටයි.. සමන් ඇයි ඔහුගෙ නිර්මාණ වල ක්ලිප්ස් ටිකක් වත් පොඩ්ඩක් මේකෙදි දැම්මෙ නැත්තෙ කියලත් හිතුන..❤️👍

  • @ruwananuruddha7457
    @ruwananuruddha7457Ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉ප්

  • @chamindakrishantha
    @chamindakrishantha3 жыл бұрын

    මග බලාසිටි ආදරය

  • @vishakavishaka8682
    @vishakavishaka86822 жыл бұрын

    About background music performances is not evaluated . It is obvious in srilanka

  • @gamekavikarayas.rangana3477
    @gamekavikarayas.rangana34773 жыл бұрын

    සමන් මහත්තයා ඔබ තුමා හට හද පිරි ගෞරවය ආදරය පුද කරමි. ජීවිතේ ඉගෙන ගන්න දේවල් හැමදාම අරන් එනවාට පින්❤

  • @nhjayawardena

    @nhjayawardena

    3 жыл бұрын

    රටට අමතකව සිටි මේ නිර්මාණකරුවා යළි රටට මතක්කර දීම ගැන සමන්ට ස්තුතියි!

  • @gamekavikarayas.rangana3477

    @gamekavikarayas.rangana3477

    3 жыл бұрын

    @@nhjayawardena අනිවාර්යෙන්ම ඇත්ත

Келесі