Rerukane Chandawimala Thero (රේරුකානේ චන්දවිමල හිමි)

Rerukane Chandawimala Thero was a Sri Lankan Buddhist monk and author. A personality of Sri Lankan Buddhism in the 20th century, he has been regarded as one of the finest scholars of Thripitaka, the sacred canon of Theravada Buddhism.
Born: July 19, 1897
Died: July 4, 1997
පොකුණුවි ශ්‍රී විනයාලංකාරාරාමාධිපතිව වැඩසිටි ශ්‍රී ලංකා ස්වේජින් නිකායේ මහා නායක සාහිත්‍ය චක්‍රවර්තී, පණ්ඩිත, ප්‍රවචන විශාරද, අමරපුර මහා මහෝපාධ්‍යාය, ශාසන ශෝභන, ශ්‍රී සද්ධර්ම ශිරෝමණී මහාචාර්ය අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහානායක මාහිමිපාණන් වහන්සේ උපත ලැබුවේ 1897 ජූලි මස 19 වැනිදා ය. උපන් ගම රේරැකාන නම් අප්‍රසිද්ධ ගමයි. ගිහි නම රූබෙල් ගුණවර්ධන යි.
සහෝදර සහෝදරියන් හය දෙනෙකුගේ වැඩිමලා මහනාහිමිපාණන් වහන්සේ ය. නායක හාමුදුරුවන්ගෙ පියා දොන් බස්තියෙන් ද පවුලිස් ගුණවර්ධන. මව මුණසින්හගේ පොඩිනෝනා. අධ්‍යාපනය ලැබුවෙ වීදියගොඩ පාසැලෙන් ය. ඒ දෙවැනි පන්තියට පමණි. පැවිදි වූ දිනය 1906 ජනවාරි 08 වැනිදා ය. ගුරු හාමුදුරුවෝ බුරුම ජාතික ඌ විනයාලංකාර නායක හාමුදුරුවෝ ය. 1908 ජනවාරි 27 වැනිදා බුරුම රටට වැඩම කර අවුරුදු දහයක් පමණ එහි සිට දහම් අධ්‍යාපනය ලබා ඇත.
මහත් වැර වෑයමින් ධර්ම ශාස්ත්‍රෝද්ග්‍රහණය කරන අතරම උන්වහන්සේ 1917 ඔක්තෝමිබර් මස 26 වන දින බුරුම රටේ ධමිමිකාරාම සීමාවේ දී අධිශීල සංඛ්‍යා උපසමිපදාව ලැබුහ.
ඉන් පසු නැවත ලක්දිවට වැඩමකළ උන්වහන්සේ දෙමටගෙඩ මහා විසුද්ධාරාම විහාරයේ වැඩවාසය කරමින් ලක්වැසියන් හට බොඳු මඟ කියාදෙමින් සහ බෞද්ධ ග්‍රන්ථකරණයේ යෙදෙමින් උදාර හා සමාජීය මෙ‍හෙවරක් ඉටු කළහ.එවිට උන්වහන්සේට වයස අවුරුදු 29 ක් පමණ විය. උන්වහන්සේ මුලින්ම ලියා ඇති පොත නිර්වාණ විනිශ්චය නම් පොත ය. ඉන් පසුව ද වටිනා දහම් පොත් තිහක් පමණ ලියා ඇත.මේ වනවිට මහන දම් පුරන ලංකාවේ සියළු භික්ෂුන්වහන්සේලා ට මේ පොත් පෙළ ත්‍රිපිටකය තරමටම ප්‍රයෝජනවත් වී ඇත. සිංහල බෞද්ධ ගිහියන්ටද නිර්වාණ අවබෝධය සඳහා මේ තරම් උදව් වන වෙනත් පොත් ගොන්නක් නැත.
මෑත යුගයේ බුද්ධ ධර්මයට මහත්ම සේවාවක් සිය ලේඛනවලින් ලබා දුන් අති පුජ්‍ය මහා නායක ස්වාමින් වහන්සේ ශත වර්ශයකට ආසන්න කාලයක් ආයු වළඳා 1997 ජුලි 4 වැනිදා අපවත් වී වදාළහ
නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය
• Rerukane chandawimala ...

Пікірлер: 16

  • @kavindiyaidusarani8033
    @kavindiyaidusarani8033 Жыл бұрын

    බොහොම පින් අපේ ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏

  • @kasunplasa3829
    @kasunplasa38292 ай бұрын

    Sadu sadu sadu

  • @withoutname3403
    @withoutname34032 жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏

  • @lalithsuranaga1238
    @lalithsuranaga123810 ай бұрын

    පිංවත් ස්වාමීන් වහන්සේට අති උතුම් නිර්වානය අවබෝද වේවා ! 🙏🙏🙏

  • @nandasudarshani81
    @nandasudarshani81 Жыл бұрын

    නිවන්දකීවා උන්වහන්සේ

  • @nethmiparamitha1927
    @nethmiparamitha1927 Жыл бұрын

    🙏🏻♥️

  • @yesiniyayuhansaya2360
    @yesiniyayuhansaya2360 Жыл бұрын

    😢

  • @mithumkumara2766
    @mithumkumara2766Ай бұрын

    😊😊😊😊☺️😌😎❤️😀🔥😘

  • @remixcover9023
    @remixcover9023 Жыл бұрын

    කලුතර දිස්ත්‍රික්කයේ නේද හාමුදුරුවනේ

  • @udithamakandugoda2784
    @udithamakandugoda27842 жыл бұрын

    ❤️❤️❤️

  • @user-bj9ec9bb5h
    @user-bj9ec9bb5h Жыл бұрын

    😊😊😊

  • @sadeeshaIndranath-wm9of
    @sadeeshaIndranath-wm9of Жыл бұрын

    මෙ පොඩි පරශ්නයක් තියනව 11වසර අච්චු පොතෙ තියෙන්නෙ උපන් දිස්ත්‍රික්කය කලුතර කියලනෙ

  • @imeshasewmini2937
    @imeshasewmini2937 Жыл бұрын

    කලුතර දිස්ත්‍රික්කයේ

  • @D.H.K200

    @D.H.K200

    Жыл бұрын

    😂

  • @bandulaliyanagama3299

    @bandulaliyanagama3299

    3 ай бұрын

    Sadu.Sadu.Sadu.

  • @kavindunethmal2123
    @kavindunethmal21232 жыл бұрын

    කලුතර දිස්ත්‍රික්කයේ නේද හාමුදුරුවනේ

Келесі