Glyfada beach 🏖️😎 in Greece 🇬🇷 | විශ්වමණ්ඩප Viśvamaṇḍapa विश्वमण्डप

ග්‍රීසියෙහි ඇතැන්ස් නගරයේ සිට කිලෝමීටර් 16 ක් පමණ දුරින් පිහිටි, මෙම වෙරළ තීරය “ග්ලීෆාදා” (Glyfada) නමින් හඳුන්වයි. කස්ත්‍රාකි වෙරළ තීරයට (Kastraki beach) සහ අලිකෝ වෙරළ තීරයට (Alyko beach) මැදි ව ග්ලීෆාදා වෙරළ තීරය (Glyfada beach) පිහිටා ඇත. පැහැදිලි නිල් පැහැ ජලය සහිත, ගල් කැට හා සුදු වැලි තලාවකින් ගැවසීගත්, විශාල ප්‍රදේශයක් කරා පැතිරුණු ආකර්ශනීය වෙරළකි, ග්ලීෆාදා. ග්ලීෆාදා මුහුදු තීරය ආසන්නයෙහි ම ගැඹුරු වුව ද ස්නානය කළ හැකි ආරක්ෂිත ස්ථානයකි. වසර ගණනාවක් පුරාවට වැඩුණු කිහිරි (cypress), පයිනස් (pine) වැනි විවිධ ගස්වලින් යුක්ත වෙරළ තීරය සැබවින් ම සුන්දර දසුන් මවයි. ග්ලීෆාදා වෙරළ තීරයට පිටුපසින් පිහිටා ඇති ඔස්කිලෝස් (Oskelos) කඳුවැටිය ද වෙරළෙහි සුන්දරත්වය වැඩි දියුණු කරයි.‪@Vishvamandapa‬
#glyfada #summer #travel

Пікірлер

    Келесі