Gangak Muhudata Panna - ගඟක් මුහුදට පැන්නා | Isuru Madushan | Official Lyrics Video

Музыка

#Isuru_Madushan #Amith_Guru #Niluka_Brandon #Icon_Rain _Production
Gangak Muhudata Panna - ගඟක් මුහුදට පැන්නා | Isuru Madushan | Official Lyrics Video
---------------------------------------------------------------------------------------------------------
Artist - Isuru Madushan ‪@isurumadushan2863‬
Lyrics - Niluka Brandon ‪@nilukabrandon417‬
Melody & Music - Amith Guru ‪@AmithGuru‬
Backing Vocals - Susanhitha Adhikari
- Keshathri Heenatigala
- Tharika Fernando
Flute - Sarada Chulasinghe ‪@saradachulasinghe7325‬
Mixing & Mastering - Amith Guru @ ICON RAIN Production
Video & Editor - Tharindu Hennayake
- Special Thanks -
Sanjula Kushan
---------------------------------------------------------------------------------------------------------
නැකැත් දවසක
සුබ පැතුම් මැද
ගඟක් මුහුදට පැන්නා
ළඳක් මුහුදට පැන්නා
සිසිල් සුව දෙන තුරු වියන් යට
පිපුණු වනමල් සුවඳ විඳගෙන
ගලාගෙන ආ සුමුදු ගඟුලක්
මුහුදු වතුරට පැන්නා
ගඟක් මුහුදට පැන්නා
සුමුදු ගංදිය නොදුටු විලසට
මුහුද වෙරළට හාදු දෙනකොට
ගොඩට එන්නට දිරිය නැති ගඟ
ඇඹුල් වතුරෙම හිටියා
රැඳෙනු බැරිවත් රැඳුනා
පෙලන විට රළු මුහුදු රැලි රැලි
ගඟේ හදවත සීරුනා යලි
බැරිමතැන ගඟ මුහුදු වතුරෙන්
පැන දුවන්නට හිතුවා...
එඟඟ අහසට ගැලුවා
---------------------------------------------------------------------------------------------------------
"රෝජා"
චැප්ටර් 01-
සුන්දරම සුන්දර වෙරල තීරයක් හිමි බව මිස වෙනත් කිසිඳු යහපතක් අසන්නට නොලැබුන රටකදී ජීවිතය ආරම්භ කල අම්මාට ඇගේ මට්ටමේ ගැහැණියකට ලැබිය යුතු පරිපූර්ණ ජීවිතයක් ඇමරිකාවෙදී ලැබෙන්නට ඇතැයි ඇමරිකාවේ පදිංචියට පැමිණ ගත වූ පසුගිය වසර විස්​ස පුරාවටම මම සිතා සිටියෙමි. ඕ කිසිදා රැකියාවක් නොකලාය. අත්‍යවශ්‍ය කරුණකදී හැර වැරදීමකින්වත් වත්ත මායිමෙන් බැහැර​ට නොගියාය. ඩැඩා සමගින්ම මිස ලඟ​ම ඇති සාප්පුවකටවත් ගොඩ නොවැදුනාය. ඇඳුමක් පැලඳුමක් පවා ඇන්දේ කිසි සැලකිල්ලකින් නොවේ.
අම්​මා ඇඟ​ලෑ ඉන්දියානු පන්න​යේ ඇඳුම් ඒකාකාරීය. බොහෝ විට ඒවා සීතල විස්කොන්සි​න් දේශගුණයට න​ම් නොගැලපෙ​යි. ඇමරිකාවේ විසූ වසර විස්ස මුලුල්ලේම ​ඇය උත්සවයනට සහබාගී වූවා නම් ​ඒ ඇත්තේ අතේ ඇඟිලි ගනනටත් අඩුවෙන් විය යුතුය. හැම උත්සවයකටම බා​ල වීදුරු ගල් ඇල්ලූ ඔලිව් පැහැති සල්වාර් ඇඳුම් කට්ටලයකින් සැරසුනු අම්මාව හැමවිටම පෙනුනේ චෙස් ලෑල්ලක අතරමං වූ දාං ඉත්තෙක් මෙනි. තමාගේ පෙනු​ම ඒ උත්සව වල​ට කොතරම් නම් නො​ගැලපැනවාදැයි ඇයටත් ​වැටහෙන්නට ඇතැයි එදා මට නොසිතුනේය.එහෙ​ත් ඇය එදා සෙවනැලි අතරේ මුවාවෙන්නට දැරූ අසාර්තක ප්‍රයත්නයන් සිහි වන විටදී ඇය තමාගේ නොගැලපීම හොඳින්ම දැන සිටින්නට ඇතැ​යි අද මට සිතෙයි.
උපුටා ගැනීම| රෝජා නවකතාවෙනි
නිලූකා බ්‍රැන්ඩන් ලියූ රෝජා නවකතාව දැන් වෙලඳපොලේ තියනවා.
ඔන්ලයින් ඇනවුම් කරලා ගෙදරටම ගෙන්නගන්නත් පුලුවන්. එහෙම ගෙන්නගන්න ඕන්නම් මේ වට්ස්සප් නොම්බරයට පණිවිඩයක් තියන්න.
+94773739926
---------------------------------------------------------------------------------------------------------
Spotify - open.spotify.com/album/2oGhlx...
Apple Music - / gangak-muhudata-panna-...
KZread Music - • Album - Gangak Muhudat...
Deezer - www.deezer.com/us/album/59781...
Tidal - tidal.com/browse/album/367862149
---------------------------------------------------------------------------------------------------------
Join Us :-
Facebook - / isurumusic96
Instagram - / lsurumadushan
TikTok - / isurumusic96
KZread - / @isurumadushan2863
---------------------------------------------------------------------------------------------------------
2024/06/09

Пікірлер: 44

  • @HasiYa2246
    @HasiYa224627 күн бұрын

    බොක්ක හිරිවැටෙනවා ඉතින් එකෙන්ම සුපිරියක් 🖤🖤🖤🖤🖤🖤

  • @kumudumaliabeysekara1175
    @kumudumaliabeysekara117525 күн бұрын

    හදවතේ රැඳෙන sindukak🎉🎉🎉🎉🎉😊

  • @umeshgunasekara8553
    @umeshgunasekara855329 күн бұрын

    සුභ පැතුම් ඉසුරුවෝ...පට්ට❤️

  • @slkidsvideo1078
    @slkidsvideo10787 күн бұрын

    මල්ලී සුපිරියක් ❤❤

  • @amandirathnayake4823
    @amandirathnayake4823Ай бұрын

    මුලින්ම වර්ණනා කරන්න ඕනි වචනද, voice එකද, melody එකද, music ද කියලා හිතාගන්න බැරි තරම් එකකට එකක් දෙවෙනි නෑ.. ඇත්තටම next level නිර්මාණයක්.🤍 ඉදිරි නිර්මාණ ගැන හිතාගන්න පුලුවන්. ඒ වෙනුවෙන් ආසාවෙන් බලන් ඉන්නවා..❤️🧚

  • @kalpaniks1583
    @kalpaniks1583Ай бұрын

    Beautiful creation malli.. congratulations 🎉 ❤

  • @NaveenSrimal
    @NaveenSrimalАй бұрын

    අපූරු අරුත්බර ගීතයක්. කල්පනාවෙන් සමවැඳිල අහගෙන විඳින්න ඕන ගීතයක්. මීට කලින් නිලූකා රචනා කල ගීත වලටත් වඩා ඉස්සරහට ඇවිත් කියල හිතෙනවා. ඒකටම ගැලපෙන්න සංගීතය සහ හඬ මුසුවෙල තිබෙනවා. අපූරුයි❤👍

  • @sameerajanakantha
    @sameerajanakanthaАй бұрын

    ලස්සන වැඩක්.. අමිත්,සාරද අයියලා ඇතුලු සියලු දෙනාට ජය ♥️🤘

  • @user-zz9tv7yh5d
    @user-zz9tv7yh5dКүн бұрын

    ❤❤❤

  • @shanikaniroshani9609
    @shanikaniroshani9609Ай бұрын

    මේ කටහඬ කොහොම වර්ණනා කරලා ඉවර කරන්නද..❤🥺🥺

  • @nimmirajakaruna1822
    @nimmirajakaruna1822Ай бұрын

    Bawanawak wage malli ....🥺🥺🥺❤️❤️❤️nilu akkage wachna walata oyage voice eka ekathu unama eka ehema wena eka pudumayak naha.good luck

  • @madhavieranaweera9881
    @madhavieranaweera9881Ай бұрын

  • @udanaenuri7367
    @udanaenuri7367Ай бұрын

    ❤❤

  • @ArtiVerse_Creations
    @ArtiVerse_CreationsАй бұрын

    පුදුම ලස්සනක්. Spotify playlist එකට දාගත්තා ❤

  • @wenukakankanamge5897
    @wenukakankanamge5897Ай бұрын

    පුදුම ලස්සනයි ඒක ❤ සුබ පැතුම් නිලූටත්, ඉසුරු මල්ලිටත් ❤

  • @chathurangapushpakumara1658
    @chathurangapushpakumara1658Ай бұрын

    සුපිරියක් ඉසුරු අයියා ❤️🔥

  • @ayodhyadissanayake5216
    @ayodhyadissanayake5216Ай бұрын

    විශිෂ්ටත්වයේ උපරිමයක් අයියේ ❤❤❤

  • @imashadilrukshi239
    @imashadilrukshi239Ай бұрын

    Wow . ❤❤❤❤

  • @dinidubandara2549
    @dinidubandara2549Ай бұрын

    ඒ වොයිස්,මියුසික්,වචන, භාවනාවක් ❤

  • @subhashinigunasinghe5277
    @subhashinigunasinghe5277Ай бұрын

    ❤❤❤ලස්සන කටහක් හාදවතට කතා කරනවා ❤❤❤💖💖🌹

  • @ishannlakmal
    @ishannlakmalАй бұрын

    Wow wow malli marama lassanai...💐💐💐

  • @maheshilokuge4253
    @maheshilokuge4253Ай бұрын

    You nailed it! ❤ Keep it up!

  • @Sithmi_Herath
    @Sithmi_HerathАй бұрын

    Superb aiya ❤

  • @kavindya6403
    @kavindya6403Ай бұрын

    හරිම ලස්සනයි අයියේ... ඒ කටහඩ නම් භාවනාවක් වගේ😍❤️🎉 සුභ පැතුම්🥳🥳

  • @RishiniRukshani
    @RishiniRukshaniАй бұрын

    සුපිරියක්✨️ජයම වේවා✨️

  • @UpekshaWijerathna123
    @UpekshaWijerathna123Ай бұрын

    හරිම ලස්සන නිර්මාණක්..❤

  • @shachinilenadora1387
    @shachinilenadora1387Ай бұрын

    Wow🥺another level Isuruwo🔥keep it up!❤️

  • @dillafuture8165
    @dillafuture8165Ай бұрын

    supiri machan ❤❤

  • @vinodweerakoon4999
    @vinodweerakoon4999Ай бұрын

    අඩෝ ප්‍රියා ඒක භාවනාවක් ඈ

  • @Kadawathagastritiswedamahatha5
    @Kadawathagastritiswedamahatha5Ай бұрын

    Good Voice

  • @tperera3370
    @tperera3370Ай бұрын

    නැකැත් දවසක සුබ පැතුම් මැද ගගක් මුහුදට පැන්නා ලදක් මුහුදට පැන්නා සිහිල් සුව දෙන තුරැ වියන් යට පිපුණු වනමල් සුවද විදගෙන ගලාගෙන ආ සුමුදු ගගුලක් මුහුදු වතුරට පැන්නා ගගක් මුහුදට පැන්නා ලදක් මුහුදට පැන්නා සුමුදු ගංදිය නොදුටු විලසට මුහුද වෙරලට හාදු දෙනකොට ගොඩට එන්නට දිරිය නැති ගග ඇඹුල් වතුරෙම හිටියා රැදුනු බැරිවත් රැදුනා පෙනෙනවිට රලු මුහුදු රැලි රැලි ගගේ හදවත කුරිරැ ලෙස යලි තවත් නම් මට මුහුදු වතුරෙම ඉන්න බෑ ගග හිතුවා එ ගල අහසට ගැලුවා… වචන 👌👌👌👌

  • @nilukabrandon417

    @nilukabrandon417

    Ай бұрын

  • @geenathkavinda9479
    @geenathkavinda9479Ай бұрын

    Wow aiya ❤️

  • @thyaginathasha3084
    @thyaginathasha3084Ай бұрын

    හරිම ලස්සනයි ❤....

  • @indikauk6792
    @indikauk6792Ай бұрын

    🎉

  • @ayomijayawardana6073
    @ayomijayawardana6073Ай бұрын

    Super...keep it uo

  • @ml41dilshananuruddikabanda62
    @ml41dilshananuruddikabanda62Ай бұрын

    Voice ✨💙

  • @avikapathirana8203
    @avikapathirana8203Ай бұрын

    So beautiful 😍

  • @nilminisenavairathna5545
    @nilminisenavairathna5545Ай бұрын

    🤎🤎🤎👍

  • @chathurikapriyadarshani5638
    @chathurikapriyadarshani563815 күн бұрын

    ❤❤❤

  • @nadeeramadusanka9621
    @nadeeramadusanka9621Ай бұрын

    ❤❤

  • @nirajmadusanka2114
    @nirajmadusanka2114Ай бұрын

    සුපිරියක් ඉසුරු අයියා😍❤

  • @SHANUKA
    @SHANUKAАй бұрын

  • @chalanganaeshan2123
    @chalanganaeshan2123Ай бұрын

    🥹💗

Келесі