රස්සාව නැති උන එක ගැන මගේ අවංක අත්දැකීම(Explained)

#job #money #employment #financialtips
00:00 Losing a job
03:20 Cost cutting
07:08 Don't waste time
11:10 Build a secondary income
16:20 Never resign without a plan
17:32 Have an emergency fund
18:57 Adopt minimalism
21:38 Conclusion

Пікірлер: 287

  • @asankasureshan1229
    @asankasureshan12295 күн бұрын

    මගේ කතාව නම් දිගයි. මම ටිකක් පරණ Computer programmer කෙනෙක්. ඒ් වගේම පුද්ගලික ඉංග්‍රීසි ගුරුවරයෙක්. 2008 දී මට ටිකක් සල්ලි තිබුණා. නමුත් රටේ තියෙන යුද්ධය නිසා රට වෙනුවෙන් වැඩක් කරන්න හිතලා, සිවිල් පරගණක ක්‍රියාකරුවකු වශයෙන් ශ්‍රි ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු බලකායට බැදෙනවා. ඊට පස්සේ වුනේ වෙන දෙයක්. කෝප්‍රල්ට තේ ගේන්න. මිදුලවල් අතු ගාන්න. ලිපිකරු රස්සාවල්. මෝඩයොන්ට අවශ්‍ය ගොන් වැඩ කරන්න. වයස 24ක් නිසා 2009 කසාදත් බැදලා 2010 දී පුතෙකුත් ලැබණා. මම හිතුවා ටික කාලයක් යන කොට ජොබ් ඒක හරි යාවී කියලා. ඒන්න ඒන්නම වැඩේ යන්නේ නරක අතට. ඉතින් හෙමිහිට සල්ලි ටිකක් හදා ගන්න ගමන් තව ඉංග්‍රීසියි, පරිගණක පාඨමාලා ටිකක් කරලා දැනුම හදාගෙන අවුරුදු 8ක් සේවය කරලා ගෙදර අවා.(මට ඉල්ලා අස්වීම දුන්නේ නැහැ, පැනලා අවා). 2014 දී දුවෙකුත් ලැබුණා. 2017 දී තමයි හමුදාවෙන් ගෙදර අාෙව්. ගෙදරට යුධ හමුදා පොලීසියෙන් ඒනවා. ඉතින් වයිප්ලෙග් ගෙදර ගිහින් ගිහින් නැවතිලා ශිෂ්‍යත්ව විභාගය ප්‍රශ්න 14000ක් දාලා පරිගණක ක්‍රීඩාවක් හදන වැඩ සටහනක් මම හැදුවා. අවුරුදු ගාණක් ඒ් වැඩේ තනියම කරා. අතේ තියන සල්ලිත් ඉවර වුනා. නමුත් බොහොම ටිකයි විකුණුවේ. අතටත් පාඩුයි. අසාර්ථක වුණා. ජොබ් ඒකක් නැති අසාර්ථක කෙනෙක් නිසා වයිප්ලගෙ ගෙදරිනුත්, සමාජයෙනුත් කෙනෙහිලි කම් කරනවා. මගේ මුළු ජීවිත කාලයේම මම කලේ පරිගණක පාඨමාලා සහ ඉංග්‍රීසි පාඨමාලා. නමුත් මම කුලී වැඩ කරන තත්වයටම වැටුණා. මැරෙන්න හිතුණා. මම මරුනම දරුවො දෙන්න හිඟා කනවා පෙනුනා. ඉතින් මම මැරෙන අදහස හිතින් අත් හැර ගත්ත. දරුවො දෙන්නයි වයිප්වයි අරගෙන මගේ පාළු ගෙදරට අාවා. මම දන්න අක්ක කෙනෙකුට කියලා ළමයි 7ක් අල්ලගෙන ඉංග්‍රීසි පන්තියක් පටන් ගත්තා. යාළුවෙකුට කියලා තවත් පන්තියකට ළමයි අල්ල ගත්තා. පන්ති හොද වේගෙන ඒන කොටම කොරෝනා අාවා. මගේ ළමයි ඔන්ලයින් ගිහින් මට නැති වුනා. අායෙත් අමාරුවෙන් දුරින් ළමයි හොයාගෙන පටන් ගත්තා. අාර්ථීක පශ්නයත් ඒක්ක තෙල් නැති වුන නිසා දුර ළමයිතුත් අඩු වුනා. නමුත් දැන් නම් ටිකක් ළමයි ඉන්නවා. ඉංග්‍රීසි පන්ති 2ක් තියෙනවා. ටීවී හයිකරලා පරිගණක 10ක් දාලා, තව වෙනම ඉංග්‍රීසි ඉගෙන ගන්න පරිගණක ක්‍රීඩා හදලා. මම හිතනවා ඉංග්‍රීසි ඉගෙන ගන්න මගේ තාක්ෂණය මුළු ලංකාවේ කොහේවත් නැහැයි කියලා. දැනටත් මගේ පන්ති වලින් ඒන අාදායමෙන් ඒ් ළමයින්ටම ඉංග්‍රීසි ලේසියෙන් ඉගෙන ගන්න වැඩ සටහන් හදනවා. මම තවම දුප්පත් නමුත් පොහොසත් පන්ති තියෙනවා. චිත්‍රපටියක් හදන්න තරම් ලස්සන දිග කතාවක් තියෙනවා. මම තමයි බෙලි අත්තේ අසංක සර්.

  • @ranmaperera3443

    @ranmaperera3443

    5 күн бұрын

    Contact number please

  • @trytopro1373

    @trytopro1373

    4 күн бұрын

    අපි තංගල්ලේ

  • @chnannelmanager4546

    @chnannelmanager4546

    4 күн бұрын

    Mru wadagathma de thama oya thawamath game eke innwa atha arin nthuwa🎉❤😊 jaya wewa

  • @ajaude

    @ajaude

    4 күн бұрын

    ගොඩක් සතුටුයි ඔබ ගැන. තවත් ඉදිරියට යන්න ශක්තිය හා ධෛර්ය ලැබේවා .

  • @SLMastery

    @SLMastery

    4 күн бұрын

    ❤❤

  • @shanakaherath2593
    @shanakaherath25935 күн бұрын

    RDA ජොබ් නැති උනාට පස්සේ වතුර කඩේකට වැඩට ගියා දවසකට 150ක පඩියට ඊට පස්සේ තමයි රට ආවේ රට එන්න හදද්දිත් මට කියලා රුපියලක්වත් තිබ්බේ නෑ බැන්ක් ලෝන් ගහලා අවේ දැන් අවුරුද්දයි මාස 6ක් දැන් ලෝන් ඔක්කොම ගෙවලා ඉවරයි දැන් ආයේ කවදාවත් වැටෙන්න නැති වෙන්න හොද ප්‍රාග්ධයක් හොයනවා කියලා හිතාගෙන ඉන්නවා❤

  • @pearloftheocean2269

    @pearloftheocean2269

    4 күн бұрын

    ජය වේවා.

  • @TxRx-sw4of

    @TxRx-sw4of

    4 күн бұрын

    Congratz ❤

  • @nipunsathsara9153
    @nipunsathsara91534 күн бұрын

    උබ කරන content 99% බණ කියන උන්ට වඩා හරිම වැදගත්❤

  • @nimeshhettiarachchi1038
    @nimeshhettiarachchi10385 күн бұрын

    උබේ නම් මොන video එකත් පට්ටම වටිනවා බන් keep it up

  • @TechWithWicky

    @TechWithWicky

    5 күн бұрын

    Thanks bro ❤️

  • @nimeshchathuranga4049
    @nimeshchathuranga40495 күн бұрын

    ඇත්තටම මානසික නිදාස තමයි මිනිහෙක්ට තියන වටිනම දේ❤️

  • @Adventure_Seeker2177
    @Adventure_Seeker21775 күн бұрын

    කියන්න සතුටුයි. කවදාවත් කවුරුත් යටතේ job එකක් කරලා නෑ. මට අවශ්‍ය වුනේ මම කැමති දෙයක් කරලා ගොඩයන්න. අද ඉලක්කම් 6 ක income එකක් ගන්නවා මම මාසිකව. හැබැයි ඒක මාස කීපයකින් කරපු එකක් නෙමෙයි. කවුරුහරි කියනවනම් මාස දෙක තුනකින් online business වගේ කරලා ලක්ශ ගානක් හොයන්න පුළුවන් කියලා ඒක පට්ට පල් බොරු. ඒක ප්‍රායෝගිකව කරන්න බෑ.😉 ඔයාගෙ වීඩියෝ නියමයි bro. ගොඩක් අය කතාකරන්නෙ නැති titles ඔයා කතා කරනවා. Good job.Keep it up.❤

  • @osa_smile

    @osa_smile

    4 күн бұрын

    Mtth ona ehema venna ❤✊

  • @user-nipunlanka9520
    @user-nipunlanka95205 күн бұрын

    ඔයා තුන් වෙනියට කියපු කාරනයට මම සීයට දාහක් එකගයි..මම 2014 වැඩ කලෙ 5star hotel එකක chef කෙනෙක් විදිහට ...පොඩි කතාබහක් ගිහින් මම එක පරටම එකෙන් අයින් උනා...ඉට පස්සේ පොඩි තැනක වැඩ කරන්න මටත් ලැජ්ජ ගතියක් තෙරුනා...තාත්තා තමයි මට ඒක තෙරුන් කරලා ආපහු හොද hotel එකක් හම්බ වෙනකන් පොඩි තැනක වැඩ කරන්න කියලා...එහෙම කියලා එයම මට පොඩි බේකරි එකක ජොබ් එකක් හොයලා දුන්නා...අවුරුද්දක් වැඩ කරාට පස්සෙ තමයි මට අපහු හොද job එකක් හම්බ උනේ...අවුරුද්දක් ගෙදර හිටියනම් අපරාදේ කියන එක මට තෙරුනෙත් එකට පස්සෙ තමයි...

  • @TechWithWicky

    @TechWithWicky

    5 күн бұрын

    ❤️❤️❤️

  • @sisirawickramarathne5875
    @sisirawickramarathne58755 күн бұрын

    කවදාවත් ම KZread channel sinhala, එකක දැක්කේ නැති, වටිනා කතා, මාතෘකා ගෙන,Wicky ට සුභ පැතුම්

  • @barneycasting8331
    @barneycasting83315 күн бұрын

    USA වල අපි පඩියෙන් federal income tax සහ state income tax ගෙවනවා, medical tax, සමාජ ආරක්ෂණ බදු කපනව. එහෙම කපල බැරි වෙලාවත් අපිට job එක නැති වුණහම unemployment benefits දෙනවා තව job එකක් හොයා ගන්න කම්. Income level එක අඩු වෙන නිසා එතකොට තමයි රජයෙන් නොමිලේ දෙන දේවල් හම්බ වෙන්නේ. ලංකාවේ මහා ලොකුවට පොරවල්, උගතුන් හිටියට උන් කිසිම කෙනෙක් රටේ මිනිස්සුන්ට දෙයක් කරගන්න පුළුවන් විදිහේ system හදල නැහැ. උන් උන්ට දේවල් හදාගෙන තියෙන එක විතරයි කරලා තියෙන්නේ. ලංකාවේ ගොඩක් උන් income tax ගෙවන්නේ නැහැ , additional income methods තියෙනවා ඒවාටවත් income tax ගෙවන්නේ නැහැ! මොකක් හරි අවුලක් වුණහම රජයෙන් පිහිට පතනවා, මම කියන්නේ ලංකාවේ උන් අපි campus වල internship කරන්න යනවා වගේ, පිටරට ජීවත් වෙන්න කෙටි කාලයකට යවන්න ඕනි, ඒ රටවල් වල මිනිස්සු ජීවත් වෙන විදිහ තේරුම් ගන්න.

  • @TechWithWicky

    @TechWithWicky

    5 күн бұрын

    ඇත්ත ❤️

  • @wathsalafernando1679

    @wathsalafernando1679

    2 күн бұрын

    Totally agree,..

  • @mesithaekanayake
    @mesithaekanayake5 күн бұрын

    මමත් මල පැනලා වැඩ කරපු තැනෙන් ආපු එකෙක් 😅 හැබැයි දැන් ජපානේ ආතල් එකේ ඉන්නවා 🫡✨

  • @Brennon_The_Astute_Talisman

    @Brennon_The_Astute_Talisman

    3 күн бұрын

    16:08

  • @thilinimali2805
    @thilinimali28055 күн бұрын

    මමත් ජොබ් එකෙන් අයින් වෙන්න බැරි නිසා කරනවා toxic environment ekak thiyana. Work from home එ නිසා ලෙසි. එත් ඇත්තටම හරිම අමාරුයි ඉන්න එක.අයින් වෙන්නත් බැ.මගෙ සිටුවෙශන් එක නිසා. මන් Disabled කෙනෙක්. එක නිසාම අයින් වෙන්න බැ.එත් ඇත්තටම හිතෙ කිසිම සතුටක් නැ 😢 එත් ඇත්තටම මට කිසිම වගකිමක් නැ.කවුරුත් මගෙන් යැපෙන්නෙ නැ. එක ගැන සතුටුයි. පොඩි සැලරි එකකට ගොඩක් වැඩ කරනවා 😢

  • @pasindulk
    @pasindulk5 күн бұрын

    mind relax එකට ජොබ් එකෙන් අයින් උන මම 😉😉

  • @jabozz
    @jabozz4 күн бұрын

    මම A/L ඉවර කරල අලුතෙන් job එකක් කරන්න ඉන්න කෙනෙක්. Job එක කරන ගමන් external degree එකක් කරන්න තමයි මගෙ idea එක. මේකෙන් මම හිතුවෙ නැති පැත්තක් දැක්කා.❤

  • @rusirubalasooriya7845
    @rusirubalasooriya78455 күн бұрын

    Government university වල වැඩ කරන අයටත් ඔය ප්‍රශ්නේ තියනව මේ දවස් වල non academic staff අය ස්ට්‍රයික් කරන නිසා. 💔

  • @future3263

    @future3263

    5 күн бұрын

    Me too 😋😍

  • @learnenglish3156
    @learnenglish315620 сағат бұрын

    මමත් වැඩ කරපු තැනින් අයින් වුනා මහරගම තියෙන හෙන ලොකු IT Company එකක් දන්න උන් දන්නව Target ගහගන්න පුදුම කට්ටක් කෑවෙ හැමදාම බැනුම් අහනව ජොබ් එකක් නොකර බැරි කමට කලේ මොකද මම Degree එකක් කරනව අවුරුදු 23 යි ජොබ් එකෙන් අයින් වෙල දැනට මාස 5 ක් තාම ජොබ් එකක් හොයාගන්න හම්බුනේ නෑ කෝමහරි ඩිග්‍රි එක කරගෙන මේ මගුල් රටෙන් යනව මම කෝමහරි පැත්ත පලාතක එන්නෙ නෑ 🙂

  • @lahirudilshan3087
    @lahirudilshan308710 сағат бұрын

    Investment එකක් පටන් අරගෙන පොඩ්ඩ පොඩ්ඩ කර ගෙන යන විදිහ ගැන වීඩියෝ එකක් දාන්න 👍

  • @theffsrilanka7231
    @theffsrilanka72314 күн бұрын

    මම කවදාවත් කිසිම වීඩියෝ එකකට කමෙන්ට් දාන්නෙ නෑ . නමුත් මේකට දැම්මෙ මේ වීඩියෝ එක සෑහෙන වටිනව . අන්තිමට කියපු දේවල් සෑහෙන වටිනව 👍

  • @ShotMotivation_buddy
    @ShotMotivation_buddy4 күн бұрын

    මරු වේලාවෙ මරු විඩියෝ එක 😂 හෙට ඉදන් මට මගෙ ජොබ් එක නෑ 😭

  • @Thesudheera
    @Thesudheera3 күн бұрын

    Video එකේ කියන හැම වචනයක්ම මසුරං වටිනවා (ගමේ භෂාවෙන් කිව්වොත්). මේවගේම දේවල් මටත් ⁣සිද්ධවෙලා තියනවා (කියන්න ගියොත් නවකතා පොතක් ලියන්න පුළුවන් 😁) ඒ වගෙ වෙලාවල් වලදි ටිකක් හරි ඔලුව උස්සගත්තෙ සරලව සහ අනිත් මිනිස්සුන්ට පේන්න ජීවත් නොවුණු නිසයි. හැම video එකක්ම මඟනොහැර බැලුවත් comment දැමිමෙ නෑ කම්මැලි කම නිසා. මේ video එකට නම් comment එකක් දාන්නම ඕනෙ කියල හිතුනා. හැම වැඩක්ම සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනව. ජවවේවා !

  • @tharakadoo
    @tharakadoo5 күн бұрын

    මං වැඩ කරපු software company එකත් extreme toxic. මං තනියෙම ගොඩදාපු system ලොක්කා කම්පැනි වලට දාල ප්‍රොෆිට් ගන්නව. ඒ ගමන් මට ලොකු ටෝක්ස් දෙනව. මල පැනල බැණල අයින් උනා 😪 ජොබ් එකකට යද්දි කොච්චර ජොබ් අවශ්‍යතාව තිබ්බත් ඉරට්ටෙන් ගූ කන ලොක්කො ඉන්න කම්පැනි වලට ජොයින් වෙන්න එපා. ඉන්ටව් එකේදිම පරණ ජොබ් එකේ පඩිය හෙම අහනව නම් ඌ ඉරට්ටෙන් ගූ කන එකෙක්. ඔය වගේ එකකට ගියොත් ජීවිතේම තුට්ටු දෙකට කඹුරන්න වෙන්නෙ

  • @vimukthaariyasinghe8041

    @vimukthaariyasinghe8041

    5 күн бұрын

    mkkda company eka?

  • @Tau_khan

    @Tau_khan

    5 күн бұрын

    Company eke nama mokadda saho

  • @janeh2

    @janeh2

    4 күн бұрын

    Weblook කියන්නෙත් ඔයවගේම කමපැනි එකක් , උන් උන්ගෙ අවුරුදු ගනන් පල් උන ප්‍රෙජෙට් කරගන්න අලුතෙන් උන් අරන් අරන් අයින් කරන කම්පැනියක්.

  • @manishaperera2431
    @manishaperera24315 күн бұрын

    Hi, mn අවුරුදු 5 toxic working environment ekaka weda kara 2018 mn e company ekat join weddit mn hr degree eka complete karat hr side experience tebbe na eyala mat receiptionist post eka dunna mokada hr nalu office eke. Mn e job offer eka ok karema sali nisa mokada man marry karanna hitiye gewal wala prashna ekka sali onema una ita අවුරුදු 2 pase mage iganimat gelapena tenak lebuna keyala hituwat eyala kare mat promotion dunna without salary increment. Et mn katta kagena hitiya e company eke workersla 15 wetara hitiyat mat eka yaluwekwat na mn taniyen hitiye ekata eka na etana kelan keyanawagotu allanawa tama gdkma anit ayat bonus laksha ganan hambeddi අවුරුදු bonus eka hambunet padiyat padiyak wetarai aduma cleaning antylage salary ekat mat wada lokui. Et man iwasuwa 2 3 mn salary gena katakarat wedak une na. Mn hema අවුරුද්ද mage bonus eka fix demma eka gatte na monsma hituwakatawat salary eken 5 -10 ekathukara wenama bank acc hadan e ina athare man poth liuwa e web pages walat mahaparimanen newe mage oluwa relax karagnna meweddi working pressure eka nisama mn gdk stress una ketha una muna pura pimples prashna awat man paduwr mage wede akuratma kara oya athara man asama dee teaching kara mn asama de lamaint ugannanna e sambandawa books liuwa free welawat teaching kara weekend.ohoma අවුරුදු 4k giyama mt ඩෙංගු heduna sathi 2 hospital hitiya office melo yakek awe na mawa balanna ho katakaranna antetama kalakerua. Hebei e wenakotat man gdk jobs walat apply kara interview giya mage අඩුපාඩුවක් nisa man select une na. Mn terun gatta ekko mn tawa job ekak hoyanna one nattan mn business ekak karanna one keyala ඩෙංගු hedila hodawela masa 3kat pase miris kudu,thunapaha, mas curry podi pramana walin hadala laga teyena kada walat demma etakot api rent ekat hitiye rent eka geuwet mara gamak dila. Class walin sali lebunat eka pramanawat une na. Ohoma masa 5 yanakota mt repeat orders emawa කුළුබඩු walin et job eka atharinna be mokada income eka madi una. Job eke digin digatama weda wediwela salary aduwela kunu benun ahagena sehenna kattak kewa antimat mn thiranayak gatta wetenna hari nagitinna harimsn job eka atarinawa keyala. Mn කුළුබඩු karanawa keyala office eke aya mt hima una. Wehilu kara et mt ganak na. Mt one sali. Mn ගෙදර idan patan gatta podiyata dn අවුරුදු 2k wenawa mage business ekat man dan supiri hotels 2 tama normal hotel 15 wetara hema range ekena කුළුබඩු supply karanawa. E wagem mn mage asama de teaching karanawa institute 4ka ewat prasidda institute. Mat hari satutui job eka natuwa hitiyakalr welak era welak kala hari goda dagatta business eka nisa dn man ස්වාධීන පුද්ගලයෙක්. Dn samahara ay hitai mt family support eka tebba keyala ehema une na job eken ain wenawat amma tatta husband wagema nedeyot werudda una. Dakina dakina eka qwa ai me wage dewal karanne tharuna lamayek ne rassawak karanna upadi aran ohoma dewalda karanne keyala ada mn kalin weda karapu tena ihalama thanathura masekat gnna salary ek wage profit ekak mt masekat hambenawa. Dn man company ekaka aithikarayek ewagema mage yatathe sewakayot ina hebei mn koima welawakawat eyalat mn wenda amihiti athdekim denne na. Hoda salary denawa. Mt man gena satutui et iten mona de tebbat tamat katiya keyanne aparade job eka keyala tama. Kellek wediyat jewete taniyen jayaganna lese na. Itaamarui married woman kenek unama. Mannan keyanme oyage passion eka hoyagnna. Oyat etanin eha gamana lesei.

  • @GKSLeducation
    @GKSLeducation5 күн бұрын

    සුපිරි විකියෝ. මගේ experience එකත් ඔයවගේ තමයි. සරල වෙන එක තමයි හොදම දේ. මේවගේ contact හොදයි. 😊 ඉක්මනට ලක්සේ ගහමු.

  • @irushandewmina3428
    @irushandewmina34285 күн бұрын

    මන් දැක්ක ජිවිතේට වැදගත්ම විඩියො එකක් ❤️

  • @slmalsara
    @slmalsara4 күн бұрын

    තව මාසෙකින් විතර මටත් ඔය දේ වෙනවා කියලා අද මත ඔෆිස් එකෙදි තෙරුනා.. තියෙන තත්වේ එක්ක. ඊලගට මොකක්ද කරන්නේකියලා කල්පනා කර කර ඉද්දි නිකමට youtube ගියා.. මෙක තමා උඩින්ම දැක්කේ..

  • @ricksonc6191
    @ricksonc61915 күн бұрын

    I was going through a similer situation, after 5 months i got a job in a startup company with a bit lower salary, i was bit down coz people with my age are getting paid thane (i'm 24) and i was bit stressed but this video gave me a confidence and a great push thanks wicky ❤

  • @preshartstudio3565
    @preshartstudio35654 күн бұрын

    You have very matured knowledge on this subject. Appreciate the revealing truth. Most of Fake social media influencers mislead mostly. But you gives logically... Thanks Bro ❤

  • @kasunudayanga5920
    @kasunudayanga59205 күн бұрын

    විඩියෝ එක සුපිරිම ගන්න දෙවල් ගොඩක් තිබ්බා❤

  • @manjuladissanayake8292
    @manjuladissanayake82925 күн бұрын

    Good one Brother.... Thanks.

  • @hakersl1488
    @hakersl14883 күн бұрын

    සුපිරියක්.❤ලොකු Confident එකක් ආවා.ගොඩාක් දේවල් කරා ගොඩාක් දේවල් Fail උනා ඒත් මගේ හිතේ plan එකක් තියෙනවා ඒක කොහොමහරි Win කරනවා👌❤

  • @idusaralakmuthu-vd2oe
    @idusaralakmuthu-vd2oe4 күн бұрын

    මාරම වටින වීඩියෝ එකක් තාම ඉකෝලේන් අයින් වුන විතරයි ඒත් මේක වටිනවා ❤❤🎉

  • @akilalochana2202
    @akilalochana22024 күн бұрын

    ඇත්තටම අයියේ මම ඒලෙවල් කරන්නේ මම ඒ ගමන් පොඩි බිස්නස් එකක් කරනවා මට දැන් ඉගෙනගෙන රස්සාවකට යද්දී මේ ඔයා කියපු දේවල් ගොඩක් වැදගත් වෙනවා මොකද මන් එවා කලින්ම දැනගෙන යන්නේ අයියේ ඔයාට පුලුවන් නම් ඔයා අමතර ආදායමක් හොයාගන්න කරපු දේවල් මොනවද කියලා පැහැදිලි කරනවාද මොකද අපේ අප්පච්චිත් රස්සාව නිසා ගොඩක් ස්ට්‍රෙස් වෙලා ඉන්නේ

  • @Xmusic20
    @Xmusic204 күн бұрын

    ලෙල්ලටම වැටිල ඉන්න වෙලාවෙ අතේ තියෙන සේරම සල්ලි ⁣⁣ටික මොකක් හරි ත්‍රිකෝණ හැඩයේ bissnas එකක⁣ට දාලා දවසෙන් ගොඩ යනවා 😁

  • @malithi103
    @malithi1035 күн бұрын

    Thanks video එකට

  • @thealpha9387
    @thealpha93874 күн бұрын

    බ්‍රෝ පට්ට වැදගත් topic එකක් ඇත්තටම මම දැන් මේ situation එකට face කරන ගමන් ඉන්නෙ මේ advice ටික මට මාරම වටිනව thank you ❤

  • @eamwk
    @eamwk4 күн бұрын

    සුපිරි, මටත් තියනවා කිවා වගේම අත් දැකිමක්, මම එ වෙලාවෙ හරි විදිහට සැලසුම් කරලා අමාරුවෙන් ගොඩ ගියා, බින්දුවටම වැටුනේ නෑ, හැබයි ජොබ් එකෙන් ගියාට පස්සේ මාර මානසික සහනයක් ලැබුනා, එත්කොටයි තේරුනේ හිටපු ජොබ් එක කොච්චර painfull ද කියලා,රිට පස්සේ හම්බු උන ජොබ් එක මාරම හොදයි, හැබයි මම දැන් ලන්කාවෙන් UK වලට අවා, මේ vedio එක බලද්දි මට අවුරුදු 2කට කලින් ජොබ් එක නැති උන එක හා එකට මම මුන දිපු විදිහ මතක් ඌනා ❤❤❤❤

  • @nimeshanasdasanayaka7548
    @nimeshanasdasanayaka75483 күн бұрын

    පුලුවන් නම් සාමාන්‍ය පරිගණක දැනුමක් තියෙන කෙනෙක්ට කරන්න පුලුවන් අන්තර්ජාලය හරහා කරන ජොබ්ස් ටිකක් ගැන වීඩියෝ ටිකක් දාන්න.මොකද ඔයාව විශ්වාස කරන අය ගොඩක් ඉන්නවා..ඔයා කිව්වා වගේ youtube එකේ පැයට දවසට ලොකු ගනන් හොයන්න පුලුවන් ජොබ් ගැන තියනවා .ඒ කිසිම කෙනෙක්ට වඩා ඔයා ගැන විශ්වාස කරන නිසයි කිව්වෙ ඔයා පුලුවන් නම් අන්තර්ජාලය හරහා මුදල් උපයන වීඩියෝ series එකක් කරන්න.මේක කරන ඉල්ලීමක්

  • @Amanthasandeep97
    @Amanthasandeep973 күн бұрын

    මරූ බොසා ඔනේම වෙලාවට විඩීයෝ එකක්....❤️

  • @shiwanthayohan5641
    @shiwanthayohan56415 күн бұрын

    මේ වගේ එකක් හැදුවට පිං මචන් ❤

  • @udayangakumara
    @udayangakumara4 күн бұрын

    Thank you, bro ❤. I worked as an accountant in Qatar and came for vacation last month. Now the company has asked me not to come back since it is bankrupt. I randomly found this video while thinking about my next step..

  • @sgfernandezclk
    @sgfernandezclk3 күн бұрын

    Grate content brother, Next content ekakin retirement plan gana katha karamu puluwan nam.

  • @roshanpremakumara4383
    @roshanpremakumara43834 күн бұрын

    මම මගේ කතාව කියන්න ආවම දැක්කේ කොච්චර අයට ප්‍රශ්න තිබිලද කියල. මමත් රජයේත් සමාජයේත් බොහෝම පිලිගැනීමක් තිබුනු තනතුරක හිටිය කෙනෙක් ජොබ් එක නැතිඋනා හැබැයි මම මගේ එක්ක වැඩකල අය දන්නව තනතුර ගැන නොහිතා බොහෝම පහල කෙනාගේ තත්වෙඋනත් තේරුම් අරන් වැඩකරපු කෙනෙක් නිසා මේ සමාජේ මට වැඩ කරන්න ලේසි උනා. පොඩි කට්ටක් කෑවා ගොඩාක් දේවල් නැතිඋනා ඒ අද යම් තත්වෙක ඉන්නව ඒ කැපවීම නිසාමයි.❤

  • @gihan.kavinda
    @gihan.kavinda3 күн бұрын

    Wow. Nice video. Really valuable one

  • @bernysilva3902
    @bernysilva39025 күн бұрын

    thanks so much brother

  • @thilinigunawardhana3300
    @thilinigunawardhana33002 күн бұрын

    මාත් අවුරුදු ගානකට කලින් ජොබ් එක්කින් ගොඩක් මානසිකව වැටිලා ඉදලා ඒ ජොබ් එකෙන් අයින් උනා. ඒත් කිසිම ඉතුරුවක් වත් මොකුත් තිබුන් නෑ. මට ජොබ් එකක් හොයාගන්නත් එපා උනා කලින් ජොබ් එකේ තිබ්බ ආතතියත් එක්ක. අන්තිමට කරන ඔක්කොම වැඩ එපා වෙලා ජීවිතේම එපා වෙලා ඉන්නකොට මට දැං කරන ජොබ් එක හම්බුනා. දැං මං පුළුවන් උපරිම මහන්සි වෙලා ඉතුරුවකුත් කරගෙන මානසික නිදහස උපරිම තියාගෙන වැඩ කරගෙන යනවා. ඒත් ඇත්තටම දෙවනි ආදායමක්, අමතර ආදායමක් කියන දේදි ආයෝජනයක් කරන්න ඕනේ කියන දේ හිතේ ලොකුවට්ම තියනවා. ඒ උනාට ඒ ගැන දැනුමක් අවබෝධයක් ඇත්තටම නෑ. ස්ථාවර තැන්පතුවකින් ආදායමක් මාසිකව උපයන්න නම් ලොකු ඩිපොසිට් එකක් දාන්න ඕනේ. ඒ වගේ දෙයක් කරන්න නම් ආදායමක්.හැකියාවක් නෑ. අමතරව එහෙම කරන්න පුළුවන් දෙයක් ගැන දැනගන්න පුළුවන් නම් වටිනවා අයියා. පුළුවන් නම් ඒකට උදව්වක් කරන්න. ඇත්තටම වීඩියෝ එක නම් මාර විදියට වටිනවා. පුළුවන් නම් ලොකු උදව්වක් එහෙම වීඩියෝ එකක් හරි ඒ වගේ මොනාහරි දෙයක් කියල දෙන්න පුළුවන් ද. ඇත්තටම දැනුමක් නෑ ඒ සම්බන්ධයෙන්. අත්හදාබැලීම් කරන්න බයයි දන් නැති නිසා දේවල් ගැන. දැං කරන ජොබ් එකත් ස්තීර එකක් නොවන නිසා ඒවගේ දෙයක් කරන්න ඕනේ බැකප් කියලා අදහසක් තිබ්බට ඇත්තටම තේරුමක් නෑ කරන්න ඕනේ මොනවද කියලා ඒකයි..

  • @NadishanMaduranga
    @NadishanMaduranga4 күн бұрын

    100% එකගයි Bro.

  • @supunsadaruwan5148
    @supunsadaruwan51484 күн бұрын

    මාර වැදගත් comment ටිකක්.මනුස්සයෙක් වැටෙන්නෙ පුලුවන් නරකම තැනට වැටුනමත් ආපහු නැගිටින්න පුලුවන් විදියට හයිය හිතක් හදාගන්න පුලුවන් .

  • @shakthirathsara4247
    @shakthirathsara42474 күн бұрын

    ❤ වටින කතාවක්

  • @macxfadz
    @macxfadz4 күн бұрын

    Nice!!!! Down to earth talk, bro...

  • @user-ci6mp3mj6f
    @user-ci6mp3mj6fКүн бұрын

    ඇත්තටම ඉතාම වැදගත්.වීඩියෝවක්.අද තරුණයින්ට ඉතාම වැදගත්.පවු.තරුණ කමටත් ලැජ්ජාවත් නිසා මොනතරම් අමාරුවේ වැටෙනවා ද?හිතාගන්නවත් බැරිව අසරණ වෙනවාද?ඔයාගේ තරුණ ළමයෙක් ඔයාට මුහුණ දෙන්න සිද්ධ උන දෙයක් නිසා තරුණයින් පිලිගන්නවා.වැඩිහිටියන් උපදෙස් ගන්න කැමතිත් නැහැ.එයාලාගේ වරදක් නොවේ.අපිත් තරුණ කාලේ එහෙම තමයි.ඔයාට ජයවේවා.

  • @sanojdhananjaya2973
    @sanojdhananjaya29735 күн бұрын

    සුපිරි විඩියො 1ක් ❤❤❤❤

  • @ishannimesh1840
    @ishannimesh18405 күн бұрын

    වටිනවා ❤

  • @nayanajithkelum5468
    @nayanajithkelum54684 күн бұрын

    වටින කතාවක් ❤️

  • @MrPraveenmahesh
    @MrPraveenmahesh4 күн бұрын

    A very down to earth person. Keep it up malli.

  • @tashenchamikara2793
    @tashenchamikara27935 күн бұрын

    Meka supiri machan❤

  • @vimukthi23
    @vimukthi23Күн бұрын

    ජොබ් එකේ නිදහස නැත්තන් ප්ලෑන් එකක් නැතුව අයින් වෙන්න එපා. ඒ කතාව ඇත්ත. අවුරුද්දක් වෙනවා ජොබ් එකෙන් අයින් වෙලා තාම ජොබ් එකක් හොයනවා 💔

  • @viraj808
    @viraj8082 күн бұрын

    පට්ට කතාව...කියලා වැඩක් නෑ...ඉතින් ...වටිනාකම...මට කිව්වා වගේ...අන්තිම නරක toxic entertainment එහෙක උනත් ජොබ් එක කරනවාද අයින්වෙනවාද කියලා හිත හිත ඉන්න...අයින් වෙලා කරන්න ඕනේ මොනාද කියලා මෙලෝ idea එකක් නැතුව,අයින් උනාම ගෙවන්න තියන ලෝන් ටික සෙට්ල් කරන්නේ කෝමද,මගෙන් නඩත්තු වෙන අය බලාගන්නේ කෝමද කියලා හිත හිත ඉන්න වෙලාවක දැකපු හොඳ කතාවක්,අදහස් ටිකට ස්තූතියි brother ....👍👍👍🤟

  • @lalinduweerakkody3426
    @lalinduweerakkody34264 күн бұрын

    Legendary content! 🔥

  • @bb-un5jq
    @bb-un5jq5 күн бұрын

    I am very lucky to get a job in government sector. With OT earn around 85000 a month. With pention and job security everything is cool

  • @kusalwickramarathne1249
    @kusalwickramarathne12493 күн бұрын

    Thank you very much for this video, i m also in the same impression that to quite my job soonest i develop backup carreer. I would appreciate if you could share any detail of reliable online jobs that you came across. thank you again!! 😊

  • @harshaprasad9636
    @harshaprasad96364 күн бұрын

    වටිනවා 💖

  • @kamaldilshan4125
    @kamaldilshan41255 күн бұрын

    Thanks ❤

  • @priyanthadodangodage9905
    @priyanthadodangodage9905Күн бұрын

    Thanks Malli. Highly motivated as I am undergoing same difficulties as at present. I am looking for a job as I am the only bread winner for my family. What you say is 100% correct. Most of our friends also disconnected when we do not have an income. I am a lone struggle at present to look after my family.

  • @Travelsasa_Official
    @Travelsasa_Official4 күн бұрын

    වටින මාතෘකාවක්

  • @note3files799
    @note3files7994 күн бұрын

    මේ වගේ වීඩියෝ පට්ට වටිනවා ❤

  • @bandaappuwa1748
    @bandaappuwa17485 күн бұрын

    ඉලෝන් මස්ක්ලගේ රෙද්දවල් දාන්නැතුව මේවගේ ඒවා දාහන්කෝ පට්ට❤

  • @Achchiyo

    @Achchiyo

    4 күн бұрын

    ඇත්ත තිත්තයි තමා සහෝ 😸❤️

  • @user-pq2td8xw9x
    @user-pq2td8xw9x5 күн бұрын

    Mage job eka work from home , marama freedom ekk tiyenne. Company ekat mara supiri , salary ekat hodai. Hebei mat oya karapu dewal karanwa.. Good luck bro

  • @thanushkamanju
    @thanushkamanju2 күн бұрын

    👍 niyamai , සම්පූර්ණ ඇත්ත , mama 8-5 job ekk karane, නිදහසේ ජීවත් වෙන්නෙ , කාටවත් පේන්න බොරු සෝබන දාන්න ගියේ නෑ, මගේ ආදයමට වඩා වියදම තාම අඩුයි 😌🙏, දෙවියන් ගේ පිහිටය් ☺️👍👍 ,ඔබගේ කතාව සම්පූර්ණ ඇත්ත 👍👍 ජයවේවා

  • @shklasith
    @shklasith5 күн бұрын

    Nice Video ❤

  • @Lahirugamageonline
    @Lahirugamageonline5 күн бұрын

    හැමදාම බලනව ❤

  • @prasanratnayake4800
    @prasanratnayake48002 күн бұрын

    Tech with wicky ගේ විග්‍රහයන් ගොඩක් emotionally insighful. ලංකාවේ මිනිස්සු විශ්වාස කරන මෝඩ මත වලට challenge kranawa. I like that. 👌🏻

  • @krishanalahakoon4739
    @krishanalahakoon47395 күн бұрын

    Thank you

  • @thiliesvlog7844
    @thiliesvlog78444 күн бұрын

    අවුරුදු 13ක් IT industry එකේ වැඩ කරලා මානසික නිදහස වෙනුවෙන් ජොබ් එකෙන් අයින් වෙලා මෙක බලන මම🫠...තාමත් මාස දෙකක් ගිහින් ආදායම් මාර්ගයක් නැතිව උඩ බලාගෙන කරන්නේ මොකක්ද කරන්නේ හිත හිත ඉන්න මම..🫠

  • @ThothOdin

    @ThothOdin

    3 күн бұрын

    Sira? Mokadda karapu Job eke? Mona company eked?

  • @BMotivat1on
    @BMotivat1on5 күн бұрын

    First ❤

  • @mathsexperts4901
    @mathsexperts49015 күн бұрын

    This is the best video that you have made

  • @NuwanIndika-xi7wf
    @NuwanIndika-xi7wf4 күн бұрын

    Well done keep it up bro

  • @hsumeerasanjaya5895
    @hsumeerasanjaya58954 күн бұрын

    Well explained

  • @user-us4mr9ut4l
    @user-us4mr9ut4l4 күн бұрын

    Thank you ❤

  • @cjboy6771
    @cjboy67714 күн бұрын

    thanks brother ❤

  • @manukavishwanath5175
    @manukavishwanath51755 күн бұрын

    Super topic

  • @virajmadusanka5280
    @virajmadusanka52803 күн бұрын

    2022-2024 කියන අවුරුදු 02ක මගේ ජිවිතේ මම සල්ලි නිසා ගෙව්ව අමාරුම කාලේ. ඒ කාලේ ලබපු අත්දැකීම් කවදාවත් අමතක වෙන්නේ නෑ.. කොටින්ම කිව්වොත් ඒ අවුරුදු 02කට රයිස් එකක් කඩේකින් කන්න බැරි වුනා... ඒ ගෙවුනු කාලේ මං මටම මූල්‍ය ස්වයං විනයකට පුරුදු වුනු නිසා.. මට ඒ ප්‍රශ්න වලින් ගොඩ එන්න පුලුවන් උනා... අද මට කැමති වෙලාවක රයිස් එකක් කන්න පුලුවන් වෙලා තියනවා. මොකද කිව්වොත් මං මංම පාලනය කරන්න ගත්ත දවසේ ඉඳන් මට ඒ නිදහස හම්බවුනා.. 😌😌 මේක ඉතින් කිව්වට බෑ වෙලා බලන්නම ඕං ඉතින්.. 😌😌

  • @nilupasanjeewa3435

    @nilupasanjeewa3435

    3 күн бұрын

    Mamat dan auruddakin rice ekak kala na.

  • @sdmdddddddhh
    @sdmdddddddhh5 күн бұрын

    USA ගැන දෙවැනි විඩියෝව ඔනේ❤😊

  • @shanuka619

    @shanuka619

    5 күн бұрын

    අනිවාර්යයෙන්ම

  • @rushand8003

    @rushand8003

    5 күн бұрын

    😂😂😂😂😂😂

  • @HuaweiPgone

    @HuaweiPgone

    5 күн бұрын

    2000 passe un

  • @Achchiyo

    @Achchiyo

    4 күн бұрын

    ​@@HuaweiPgoneබිජ්ජක් නැති එවුන්ගෙ කතා

  • @dewapriyaarunashantha3703
    @dewapriyaarunashantha37033 күн бұрын

    oya niyama porak niyamai malli

  • @Mylifemine98
    @Mylifemine983 күн бұрын

    මාස දෙක තුනකට කලින් මටත් ඕක තේරුනා, ජොබ් එක නැතිවෙන්න යන්නෙ කියලා බොරු කේලාම් නිසා..අද මාත් ජොබ් එකක් නැති බිංදුවටම වැටුණු කෙනෙක් 😢

  • @sachinshyamal8359
    @sachinshyamal83595 күн бұрын

    suren fernando, Lankave vadima salary ganna manussaya, CEO in MAS holding. Monthly 8 Milion.

  • @SLAlubox
    @SLAlubox4 күн бұрын

    API balaporothu une Oka newai oya vidiyao Aken Aya Ede hangala kre wede kethai Oya ge 2 adayama mokadda apitath karanna puluwanda Anika aka sarthakawa jivath wenna puluwan Adayam margayak da

  • @PasanRathnayakee
    @PasanRathnayakee4 күн бұрын

    Good One 1⃣

  • @meepuka
    @meepuka4 күн бұрын

    ❤ great job

  • @teksoulusen3767
    @teksoulusen37675 күн бұрын

    සහතික ඇත්ත

  • @thilinarajapaksha1711
    @thilinarajapaksha17115 күн бұрын

    Mcn toxic working environment එක ගැන video එකක් කරන්න කො 🎉

  • @TechWithWicky

    @TechWithWicky

    5 күн бұрын

    අපි කතා කරමු ඒක හොඳ topic එකක් ❤️

  • @Danumata_yamak
    @Danumata_yamak5 күн бұрын

    Ayya me dawaswala katha karana procare company eka gana poddak kiyannko wisthara. eka aththakda kiyala.

  • @nookme
    @nookme5 күн бұрын

    😀😀 මමත් දාල ගියා. ඉන්න උන් සෙට් නැ. 😂HR එකේ ඉන්නේ පට්ට හොරෙක්. උ හිතන් ඉන්නේ මිනිස්සු නිකන් වැඩ කරන්න ඕන කියලා.

  • @WADDAAYYA2006
    @WADDAAYYA20062 күн бұрын

    ayya mata podi prashnayak thiyenava help ekak oni💓💓 mn aluthen yt chanel ekak haduwath number verfy karanna ba , eeth mata aluth idea ekak thiyenava chanel ekak patan ganna, eeee nisa mn laga kalin hadala thiyena chanel ekak thiyenava habai mn eeke 5,6 paarakma nama , logo , category ehema venas karala thiyenava ,🙆 mn aluthen patan ganna yana chanel ekata eeka prashnayak veida , youtube algorithm ekata eeka prashnayakda , habai subscribesla 24 i inne copyright issues ehema na , plz answer 🍡

  • @wathsalafernando1679
    @wathsalafernando16792 күн бұрын

    Good job...

  • @yohanrandika1178
    @yohanrandika11784 күн бұрын

    lankaw idn krnda hodama side hustle tkak gana video ekak krmuda ayye

  • @Chamarabandara12345
    @Chamarabandara123454 күн бұрын

    Mama nam 8-5.30 weda karala OT th thawa paya 4kuth karala gedara avilla online job karanawa. Fiverr drop shipping. Nidaganna wela tynne podi welawai

  • @padimalpiumika6560
    @padimalpiumika65604 күн бұрын

    මම කරපු දේවල් මට වෙච්ච දේවල් , මම දැං කරන දේවල් දාලා ලියපු ස්ක්‍රිප්ට් එකක් හදලා වගෙ මේකනං 😂❤ කොහොමහරි වැඩේ ඇත්ත plane B එකක් අනිවාරෙන් තියෙන්න ඕන 🫶 Job එකක Stress ගැන කියපු කතාවනං sahatika attac

  • @kikiytstreams597
    @kikiytstreams597Күн бұрын

    must watch video!!

  • @Geethaka_Online
    @Geethaka_Online5 күн бұрын

    ❤❤

  • @achindukothalawala2217
    @achindukothalawala22175 күн бұрын

    great

  • @supunlahiru7015
    @supunlahiru70155 күн бұрын

    Salli ithuru kalara thiyana mama ❤

Келесі