EP35 - 2024-05-25 ~ වෙසක් පොහොය දේශණා මාලාව ~​ සිරිසද්ධම්ම දේශණාව හා ධම්ම සාකච්ඡාව

🔆නිවන් දැකීමට උපකාරී වන්නේ පරම පවිත්‍ර සිරි සද්ධම්මයයි🔆
🙏 බුද්ධ කාලයේ වැඩ සිටි සතර මහා ප්‍රාඥ ථෙරවරුන් වහන්සේලා වන මහා කොට්ඨිත, මහා කච්චායන, මහා අනුරුද්ධ, මහා කස්සප යන සිව්පිළිසිඹියාලාභී මහඅරහතුන් වහන්සේලාගේ පරපුරෙන් පැවත එන, අපේ කාලයේ ජේතවනාරාමයේ වැඩ සිටින ගොතම බුද්ධ කල්පයේ පහළ වූ අනුබුදු මීවනපලානේ සිරි ධම්මාලංකාර සිව්පිළිසිඹියාලාභී මහඅරහතුන් වහන්සේ🙏

Пікірлер: 13

  • @KumarasingheGunapala
    @KumarasingheGunapala2 ай бұрын

    බුද්ධ භාවනාවෙහි චතුරා රක්ඛා හැඳින්වීම. නිවන් අවබෝධ කර ගැනීමට උපකාරවන්නේ පරම පවිත්ර සිරි සද්ධර්මයයි. මිනිසත් බව ලැබූ මේ ආත්ම භවයේදී ම ලබාගත හැකි, ලබාගත යුතු විමුක්තිය, නිදහස, නිවන, ලබාදීමට මඟ පෙන්වීම සඳහා ම ඉදිරිපත් කළ දහමකි. ලෞකික සැප සම්පත් යනු බිලී කොක්කක ඇමුණූ ඇමක්, මිරිඟුව්ක්, මිස නියත වශයෙන් ඇති දෙයක් නොවන බව පෙන්වා දුන් දහමකි. හේතු අත්හැරීමෙන්, තමාම එකතු කරගත් ලෝභ, ද්වේශ, මෝහ, නම් වූ කෙලෙස් මළ අතහැර, කුණු සලාහැර, ආසව ප්රහාණය කරදමා, සියලුම කරුම බිජ ප්රහාණය කර ලබන විමුක්තිය හෙවත් නිවන තමාටම අත්කරගත හැකි බව පෙන්වා දුන් උතුම් නිවන් මඟයි. වරදක් නොකල කෙනෙකුට මෙලොව උපතක් ලැබිය නොහැකිය. මිනිසකු ලෙස උපත ලද හැම කෙනෙකුටම මනසින් කල්පනා කර සියලු වරදින් හා පාපයෙන් මිදී අතීත කරුමජ ශක්තීන්ගෙන්ද මිදී තමන්ටම නිදහස් විය හැකිය. ජීවත් වීම සාරවත් එකක් සේ දකින තුරාවට ඉන් මිදී නිදහස් විය නොහැක. මේ පැවැත්මේ ජීවත්වීමේ යථාස්වභාවය වූ නිස්සාරත්වය දැකගැනීමෙන්ම, යථා පරිදි අවබෝධ කරගැනීමෙන්ම මේ පැවැත්මෙන් නිදහස් විය හැකිවෙයි. එබැවින්, පරම පවිත්ර බුදු දහම ලෝකයාට ඉදිරිපත්කලේ අනන්ත දුක් කන්දරාවක් විඳිමින් පරක් තෙරක් නොපෙනෙන සංසාර සාගරයේ අතරමංවී, මංමුලාවී, ගමන් කරන පෘතග්ජන ලෝකයාට සදහටම දුකෙන් මිදෙන්නට නිවැරදි මග පෙන්වා දෙනු සඳහාය.

  • @KumarasingheGunapala
    @KumarasingheGunapala2 ай бұрын

    Dhammo, which is the root of samma ditti, is to attain the state of sandittika. After knowing that the reason for the worldly problem is that the cause of worldly sorrow is to get inspired by beautiful things, then we can see the evil in the things that we saw as good and beautiful and act to leave the beauty and get rid of the sorrow and be free. Growing negative is not a meditation on disgust. Having aversion in the mind towards something is, according to the Buddhist language, having a grudge. There is no method of growing unhappiness by developing hatred or aversion to good things and beautiful things in Buddha's meditation. Disgusting something creates hatred in the viewer. But as shown in the Buddha's sermon, with the growth of unhappiness, one should patiently examine and understand the true nature of both the likes and the dislikes. In this way, by growing bad luck, by practicing good bad luck habits, one should learn the greedy nature of enjoying the inspirations that arise in the mind, abandoning the will and understanding its reality. Thus, if one clings, binds, gets entangled with these images, sounds, smells, tastes, sensations, and dhamma, dear madhura istha kanta, Understanding that, seeing its evils, giving up the desire to enjoy such inspirations and working to get rid of them, is the increase of bad luck. Unfortunate meditation. There are also many karamasthans where you can meditate while growing bad luck. Among these, I will note down a simple workshop that can easily be increased. Abandoning the goal is futile. Non-attachment to the goal is futile. Getting rid of the purpose is futile. Being freed from purpose is futile. The goal is to let go. Let it not stick to it. Get rid of it. Be freed. Here meditation on misfortune means, It is a meditation to let go of the beautiful purpose, the purpose of inspiration. The good thing is to remove from the mind the lust that has arisen for the beautiful thing. Growing up with this kind of bad luck is something that needs to be practiced. To cut the impurities that arise in the mind and help to get rid of the impurities, misfortune should be kept sharp like a weapon and used at the right time.

  • @KumarasingheGunapala
    @KumarasingheGunapala2 ай бұрын

    අරමුණ අත් හැරීම නාථයි. අරමුණෙහි නොඇල්ම නාථයි. අරමුණෙන් මිදීම නාථයි. අරමුණෙන් මිදී නිදහස් වීම නාථයි. අරමුණ, අත්හැරීම වෙත්වා. එහි නොඇල්ම වෙත්වා. ඉන් මිදීම වෙත්වා. මිදී නිදහස් වෙත්වා. මෙහිදී අසුභානුස්සතිය භාවනා කිරීම යනු, සිතෙහි හට ගත් සුන්දර අරමුණ, ආස්වාදයක් ලැබීමේ අරමුණ, අතහැර දමන්නට කරනු ලබන භාවනාවකි. සුභ දෙය සුන්දර දෙය කෙරෙහි සිතෙහි ඇති වූ කාමච්ඡන්දය සිතෙන් ඉවත් කර දමන්නට කටයුතු කිරීමයි. මෙවැනි අසුභානුස්සතියක් වැඩීමද මනාසේ පුරුදු පුහුණු විය යුතු දෙයකි. සිතේ මතුවන කෙලෙස් කපා දමන්නට කෙලෙස්වලින් මිදී නිදහස්වන්නට උපකාර වන සේ අසුභානුස්සතියද ආයුධයක්සේ මුවහත් කර තබාගෙන භාවිතයට ගත යුතු නිසි අවස්ථාවේදී එය භාවිතයට ගත යුතුය.

  • @KumarasingheGunapala
    @KumarasingheGunapala2 ай бұрын

    ඉන්ද්රියන් හයටම අරමුණු වන දේවල් සුබ, සුව, සුචි, සේ දකින්නේ වැරදි දැක්මක්, වැරදි දෘෂ්ඨියක් සිතෙහි පවතින නිසාමය. මේ වැරදි දැක්ම වැරදි දෘෂ්ඨිය මිච්ඡාදෘෂ්ඨියයි. මේ ප්රිය මධුර දේවල් පිළිබඳව සිතෙහි හටගත් වැරදි දෘෂ්ඨියයි. මේවායේ ඇති ප්රිය බව මධුර බව විපරිනාමයට පත්වී ආදීනව ලෙසින් තමා කරාම අයහපත් පල විපාක ලෙසින් ලබා දෙවන බව දැකීම නිවැරදි දැකීමයි. සම්මා දිට්ඨියට මුල් වූ ධම්මෝ සංදිට්ඨික තත්වයට පත්වීමයි. සංසාර ගැටළුවට සංසාර දුකට හේතුව සුන්දර දේවලින් අන්තවාදී ලෙසින් ආස්වාදයන් ලබන්නට යාම බව දැන ගත් පසුව සුබ යැයි සුන්දර යැයි දැක්ක දේවල් වලම අසුබය දැක සුන්දර බව අත්හැරීමට ක්රියාකර දුකින් මිදී නිදහස් විය හැකි බවද දැක ගත හැකි වෙයි. අසුභානුස්සතිය වැඩීම යනු, පිළිකුල් භාවනාවක් නොවේ. යමක් කෙරෙහි සිතේ පිළිකුලක් ඇති වීම යනු, බුද්ධ භාෂිතයට අනුව නම් ද්වේශයක් ඇතිවීමයි. සුභ දේ සුන්දර දේ කෙරෙහි ද්වේශයක් හෝ පිළිකුලක් ඇති කර ගැනීම මගින් අසුභානුස්සතිය වැඩීමේ ක්රමයක් බුද්ධ භාවනාවේ නම් නැත. යමක් කෙරේ පිළිකුලෙන් බලන්නා තුල ද්වේශයක්ම හට ගනී. නමුත් බුද්ධ දේශනාවේ පෙන්වා වදාළ අසුභානුස්සතිය වැඩීමෙන් ප්රියදේ මෙන්ම අප්රිය දේද උපේක්ඛා සිතින් ඉවසා විමසා බලා දැක ගෙන එහි යථා ස්භාවයම අවබෝධ කර ගත යුතුය. මේ අනුව අසුභානුස්සතිය වැඩීමෙන් අසුභානුස්සතිය පුරුදු පුහුණු කරගැනීමෙන් කර ගත යුත්තේ සිතෙහි මතුවන ආස්වාදයන් විඳීමේ කෑදර ගතිය, කැමැත්ත අතහැර එහි යථා ස්භාවය අවබෝධ කර ගැනීමය. මේ අනුව ප්රිය මධුර ඉෂ්ඨ කාන්ත රූප, ශබ්ද, ගඳ සුවඳ, රස, සුව පහස, හා ධම්ම යන මේවාට ඇලෙන්නට, බැඳෙන්නට, පටලැවෙන්නට, යනවා නම් ඒ බව තේරුම් ගෙන, එහි ආදීනව, ආනිසංස දැක ගෙන එවැනි ආස්වාදයන් විඳීමේ කැමැත්ත අතහැර ඉන් මිදී නිදහස් වන්නට කටයුතු කිරීම අසුභානුස්සතිය වැඩීමයි. අසුභානුස්සතිය භාවනා කිරීමයි. අසුභානුස්සතිය වැඩීමේදී භාවනාකල හැකි කරමස්ථානද බොහෝ ඇත. මේ අතරින් පහසුවෙන් වැඩිය හැකි සරල කර් මස්ථානයක් මෙහි පහත සටහන් කර තබමි.

  • @KumarasingheGunapala
    @KumarasingheGunapala2 ай бұрын

    චතුරා රක්ඛා - සතර කමටහන්. බුද්ධානුස්සති මෙත්තාච - අසුභං මරණස්සති ඉති ඉ මා චතුරා රක්ඛා - භික්ඛු භාවෙයි ය සීලවා. 1 අසුභානුස්සතිය, 2 මෙත්තානුස්සතිය, 3 මරණානුස්සතිය, 4 බුද්ධානුස්සතිය. දස අනුස්සති අතරින් ඉතාමත් වැදගත් මේ අනුස්සති හතරම එකටම යුගනද්ධ ලෙසින් භාවිතා කරන්නට පුරුදු වීම මගින් සතර සති පට්ඨානයමත් සම්පූර්ණ වන්නේය.චේතෝ විමුක්තිය හා ප්රඥා විමුක්තිය යන උභතෝ භාග විමුක්තිය මත් ප්රිපූර්ණය වන්නේය. මේ චතුරා රක්ඛා නැමති සතර කමටහන් පූර්ව කෘතියක් සේ එහෙමත් නැතිනම් භාවනා කරන්නට පෙර කරගත යුතු ආරක්ෂාවක් ලෙසින් අපේ සමහර භාවනා මධ්යස්ථානවල අද වන විට වරදවා තේරුම් ගෙන පද පරම ලෙසින් භාවිතා කරන බවද, පැහැදිලි කර දිය යුතුයි. මේ සතර කමටහන් යනු හොඳින් කට පාඩම් කරගෙන උදේ සවස කියව කියවා හෝ සජ්ජායනා කරන්නට හෝ අනු දැන වදාල දෙයක් නම් නොවේ. මේ සතර කමටහන් වලින් පෙන්වා දුන්නේ ප්රායෝගිකවම දවසේ නිදා ගන්නා වේලාව හැර අනෙක් හැම අවස්ථාවකදීම භාවිතා කලයුතු ආනා පාන සති භාවනාවකි. මේ සතර කමටහන් භාවිතා කිරීම යනු ආරක්ෂක ආයුධ හතරක් භාවිතයට ගැනීමකි. මේ ආයුධ හතරම දැන නිසි කලට වේලාවට නිසි ආයුධයම තෝරාගෙන භාවිතා කරමින් සිතෙහි මතු වන කෙලෙස් ගති කපා දමන්නටම භාවිතා කරන්නට පුරුදුවීම පුහුණුවීම මගින් සතර සති පට්ඨානයම සම්පූර්ණ වන්නේය. මෙම සතර කමටහන් පිළිබඳව පළමු කොටම යථාපරිදි මනා අවබෝධයක් ලබා ගෙන ආර්යය මාර්ගය සම්පූර්ණ කරන්නෙකුට ශීල සමාධි පඤ්ඤා යන ත්රිවිධ ශික්ෂාවම සම්පූර්ණ වී පරතෝ ඝෝෂක ප්රත්යය හා සම්මාදිට්ඨියටද පත්වීමෙන්, මාර්ග ඵල ලබා ගන්නටත් මේ කමටහන් හොඳටම ප්රමාණවත්ය.

  • @KumarasingheGunapala
    @KumarasingheGunapala2 ай бұрын

    Chatura Rakkha - Four Kamathan. Buddhanussati Mettacha Asubhan Marta Sati Iti e ma chatura rakkha Bhikkhu Bhavei ya Seelava. 1 Inauspicious, 2 Methanussati, 3 Mortality, 4 Buddhanussatya. Among the ten anussatis, the most important four anussatis are used together as Yugandha, and the Satara Sati Pattana is also completed. It should be explained that the four precepts called Chatura Rakkha are being used as absolutes in some of our meditation centers today, as if they were a previous work or as a protection to be done before meditating. These four kamathans are not something to be memorized and recited in the morning and evening or to meditate on or know. These four kamathans pointed out that it is a weekly meditation that should be used practically at all times of the day except for sleeping time. The use of these four kamathans is the use of four defensive weapons. By knowing these four weapons, choosing the right weapon at the right time, and practicing to use it to cut off the impurity that arises in the mind, the entire Satara Sati Pattana is completed. For a person who completes the Arya Marga after getting a proper understanding of these four kamathans and completes the three disciplines of Shila Samadhi Panna and attains Paratho Ghosaka Pratya and Sammaditthi, these kamahans are enough to get the fruits of the path. Ragakkhayo Nibbana Dwesakkhayo Nibbana Mohakkaya Nibbana. As mentioned in the Buddha's sermon, there is nothing else that will help you as much as these four things to free your mind from lust, hatred and delusion. The correct and easiest way to cut the three bonds that bind the person to the worldly problem is to use these four methods. Reading texts to improve oneself, such as I am relieved, I am healthy, I am free from sorrow, etc., is not an increase in self-pity. Chanting Buddhist merits such as Ithipi So Bhagava Arahato Samma Sambuddassa is also not practicing Buddhism. Chanting verses that remind of death like 'Jeevithang Aniyathang Mortikhang Khandantam' etc. is also not the growth of mortification. Doing abhorrence meditation is also not an increase in bad luck. Thus, if the path to Nirvana is to be perfect, one must get a real understanding of these four kamathans and learn to use the four kamahans with proper understanding of the karanic dharma and the non-karanic dharma that must be extracted from it. A prudish person who acts in the same standard without an understanding of Dhamma, meditates or sings about the growth of good fortune, the growth of unhappiness, the growth of death and the growth of Buddha. First of all, a clear understanding should be obtained about the use of Satara Kamatahan. First of all, one should gain an understanding of Dhamma to be able to see the bonds that bind oneself to worldly problems, and to see how these bonds are formed in one's own mental state on a daily basis. This is pure wisdom. When he sees the manner in which the Panchaskandas are created, and the way in which the Samuda which causes the creation of the Panchaskandas is formed in the mind, the reason for continuing this samsara journey through rebirth, rebirth, death and death, i.e. 'Punapbhavoti', he becomes a person who has gained Dhamma understanding and is qualified to use the four virtues. The reason why this samsara 'journey' continues to flow effortlessly without any effort is that the mind is full of impurities. In order to continue the samsara journey, it is not necessary to do something like special knowledge, religious understanding or education or research. Consciousness will constantly make every effort to find the food it needs and ensure future existence. The mind will constantly work to prepare the envelope for the existence of consciousness by deceiving the creature and concealing the truth. In Buddha's sermons, 'Chatura Rakkha' are four defensive weapons. Raga Dwesha Moha are four defensive weapons that destroy the impure enemies. When an ordinary human being acts out of lust, hatred, and delusion, these four weapons are blunted, so the weapons are not sharp enough to cut and remove impure enemies, so he becomes a delusional person. Delusion is stupidity. One gets rid of delusion by confronting one's own mind.

  • @KumarasingheGunapala
    @KumarasingheGunapala2 ай бұрын

    ‘ සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා’ කියලා කීවෙත් මේ දෙපැත්තමයි. මේ සඳහන් කළ ක්රියාකාරකම් දෙකමත් කරන්න ඕනෑ. එකක් පමණක්කර අනෙක නොකර සිටියොත් ‘සචිත්ත පරියෝ දපනං’ කියන තත්ත්වයට හිත පත්වන්නේ නැත. ඒ නිසාම මේ ක්රියාකාරකම් භාවිතයට ගැනීම ‘ආනා පාන සති සමාධි භාවනාව’ කියලත් බුද්ධ දේශනාවේ සඳහන් කර තියෙනවා. ‘ආන’ කීවේ ආශ්රය කළයුතු භාවිතා කළයුතු කරණීය ධම්ම ආශ්රයට භාවිතයට ගැනීම හා නිතර නිතර භාවිතා කිරීමයි. ‘පාන’ කීවේ ආශ්රයෙන් බැහැර කළ යුතු ප්රහාණයකර අස්කර ආශ්රයෙන් ඉවත් කළ යුතු කම්ම බැහැර කරන්නට පුරුදු වීමයි. මේ සඳහා පහසුම හා සරලම භාවනා ක්රමය ඉදිරියේදී දක්වනු ලබන ‘චතුරා රක්ඛා’නැමති සතර කමටහන් වැඩීම වන්නේය. ස්තූතියි! දහම් ගවේශී සැමට තෙරුවන් සරණ අධිෂ්ඨාන කරමු.

Келесі