Bus story | Ahaliyagoda | බස් හදන නිර්මාණ කරුවෙකුගේ නිර්මාණ එකතුව සොයා |4K |

Ойын-сауық

එක් කාමරයක කැබිනට්ටුවක පිළිවෙලකට තබා ඇති බස් රථ සහ ලොරි රථ විශාල ප්‍රමාණයකි. ඒවා එකින් එක නම් කොට තිබීම තවත් විශේෂත්වයකි. "මේවා මම අවුරුදු පනහක විතර ඉදන් හදන්නේ.." "මෙතන තියෙන්නේ පොඩ්ඩයි..බස් තුන්දාහකට වඩා මම හදලා තියෙනවා.." සෝමදාස මහතා හඩ අවදි කලේ අපට තිබූ කුතුහලය මදක් අඩු කරවමිනි.
අඩියක, අඩි එක හමාරක පමන වන කුඩා බස් රථ සෑම අතින්ම සැබැවින්ම මාර්ගයේ දාවනය වන බස් රථ වල පෙනුමට සමානය. එවායේ පිටත ආලේප කර ඇති තීන්ත වලට අමතරව මාර්ගයේ දාවනය වන බස් රථ වල ඇති තහඩු පෙනුම ඇති තැන් වලට සමාන ලෙස මෙම නිර්මාණ වලට ඇලුමිනියම් තහඩු යොදා ඇත්තේ බස් රථයක සැබෑ පෙනුමට සමාන වූ පෙනුමක් මේ කුඩා බස් රථ වලටත් ලබා දීමට යි.
කුඩා බස් රථ වල ඇතුලත ඇති සීට් සහ එන්ජින් බොක්ස් මෙන්ම කුඩා සුක්කානමද ඒ ආකාරයෙන්ම නිර්මාණය කොට ඇත්තේ මෙම නිර්මාණ වල වටිනාකම තවත් වැඩි කරවමිනුයි. බස් රථ නිර්මාණ වලට යොදා ඇති විදුලි පහන්,පැති කන්ණාඩි සහ අංක තහඩු සැබෑ බස් රථ වලට සම්පූර්ණයෙන්ම සමාන ලෙස නිර්මාණය කිරීමට සෝමදාස මහතාට හැකි වී තිබේ. තවදුරටත් බස් රථය දාවනය වන මාර්ගය,ගමනාන්තය සහ ඩිපෝවේ නම අංකය පවා එලෙසින්ම සියුම් ලෙස සටහන් කිරීමට මේ නිර්මාණ කරුවා සමත් වී තිබේ.
මෙලෙස නිර්මාණය කොට ඇති බස් රථ ගණනාවකි. ඒ අතර ලංකාවේ පලමු "ජන සතු බස් රථයේ" සිට මෑත කාලයේ වඩාත් කතා බහට ලක් වූ "දම් රැජින" බස් රථයත් දැක ගත හැකිය. "මගේ බස් එකතුවේ බස් ගොඩක් අඩුයි.. හැබැයි මෙතනත් තියෙනවා ලංකාවේ පලවෙනි බස් එකේ ඉදන් අද දුවන ඉන්ටර්සිටි බස් එකට වෙනකම් බස් ටික." නැවතත් සෝමදාස මහතා අපට තොරතුරු පැවසූවේ අපටද තිබූ පැනයන් ඔහුගෙන් විමසීමට අවස්ථාවක් සලසමිනුයි.
"සෝමදාස මහත්තයා මේක විනෝදාංශයක් විදිහටද කරන්න ගත්තේ..?" මා විමසූවේ මෙතරම් සියුම් නිර්මාණයක් කිරීමට නම් දැඩි ආශාවක් සහ හොද මානසික තත්වයක් පැවතිය යුතු නිසාවෙනි. "ඔව් ඔව්.. මේ මම හදලා තියෙන්නේ ඉස්සර මම පොඩි කාලේ අපේ ගේ ලග නතර කරන බස් එක.. එතකොට මේ තියෙන්නේ මම ඉස්කෝලේ ගිය බස් එක.. තව මේ තියෙන්නේ අපි ට්‍රිප් ගිය බස් එක. තව ඉතිං බස් එකක් දැක්කොත් ඒක හදනවා..කවුරු හරි ෆොටෝ එකක් දීලා ඒක හදලා දෙන්න කිව්වොත් හදලා දෙනවා.." සෝමදාස මහතා කියාගෙන ගියේ එකින් එක බස් රථ අතට ගනිමිනුයි. "මේ ට්‍රෑම් බස්.. මේවා තමා කොළඹ මුලින්ම දිව්ව බස්.. සුද්දා ගෙනාපුවා නේ..දැන් මේවා නෑ... බංඩාරනායක මහත්තයා ජන සතු කරපු පළවෙනි බස් එක නම් බංඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව ඉස්සරහ තියෙනවා ප්‍රදර්ශනේට මයෙ හිතේ.." සෝමදාස මහතා තවත් බස් රථ කිහිපයක් අපට පෙන්වීය.
බස් රථයක් නිර්මාණය කිරීමට දින හතත් - දහයත් අතර කාලයක් ගතවෙන අතර මේ වන විට තම ජීවනෝපාය වී ඇත්තේ ත් මේ සොදුරු විනෝදාංශය බව පැවසූ හෙතෙමේ බස් රථ ගැන කුතුහලයකින් පසු වූ අප හට ඈත අතීතයේ භාවිතා කල බස් රථ වල සිට මෑත කාලයේ අප ගමන් බිමන් සදහා යොදා ගන්නා බස් රථ දක්වා විශාල විස්තර ගොන්නක් පැවසූවේ ඒ ඒ කාල වල තිබූ බස් රථ වල අනු රූ නිර්මාණ පෙන්වමිනුයි. තවද එතුමා බස් රථ දාවනය වන රූට් එක, බස් රථයේ අංකය, ඩිපෝව සහ එම බස් රථයේ විශේෂත්වය ගැනත් පැවසූවේ මතකයෙන් සහ ඒවා ලියා ඇති පොත් පත් පෙන්වමිනුයි.
වසර පනහකටත් අධික කාලයක සිට සිදු කරණු ලබන මෙම නිර්මාණ විවිධ විවිධ වූ ක්ෂේත්‍රයන් ගනනාවකට යොදා ගත හැකි වුවත් ඒ සදහා නිසි වටිනාකමක් නොලැබීම පිළිබද මා හට සංචාරකයෙකු වශයෙනුත් මේ සොදුරු දේශයට ආදරය කරණ මිනිසෙකු වශයෙනුත් ඇත්තේ කනස්සල්ලකි.
අප පැය ගනනාවක් බස් රථ බලමින් සහ ඒ ගැන විස්තර දැන ගනිමින් ගත කල අතර ඉන් පසු ඉතා නිහතමානී සහ රටට සම්පතක් වූ සොදුරු නිර්මාණ කරුවෙකු වූ "සෝමදාස ලේඛමගේ" මහතාට සමු දුන් අප නැවතත් ගමන් කලේ "මානාව ඇල්ල" සොයාගෙනයි.
It is a unique video about a great craftsman. This person is highly passionate about buses. It's hard to find a difference between an actual and his toy bus. He has made many toy buses, and his collection includes the first bus transport in Sri Lanka. He is doing this now as a hobby, his only income. While talking about his past, he was generous enough to show us his bus collection with most of the details of every piece. I have kept his phone number on the video for anyone interested in purchasing one of his craftsmanship. I hope you will enjoy the video.
Greetings
I am Dinesh
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
Instagram - / dinesh_a_pathum
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
“Copyright @ [Dinesh A Pathum 2023]. Any illegal reproduction of this content will result in immediate legal action.‼️“

Пікірлер: 336

  • @ashajayawickrama2506
    @ashajayawickrama25068 ай бұрын

    ඇස් අදහගන බැරි තරමට තාත්විකයි. ඔබට බොහොම ස්තුතියි අපි වෙනුවෙන් ඒ අසහාය කලා කරුවා හඳුන්වා දුන්නාට. එතුමාට බොහෝ කාලයක් නිදුක් නිරෝගීව ජීවත් වීමට හැකි වේවා!💐

  • @HadeanEon7917
    @HadeanEon79178 ай бұрын

    ලාංකික , සිංහල, දෙමල, මුස්ලිම්, ක‍තෝලික බොහෝ දෙනෙකුගේ හිතේ ජවය DAP and the Crew....ස්තුතියි....💚💥

  • @pumashortvideography8554

    @pumashortvideography8554

    8 ай бұрын

    Dap❤

  • @indikaudayashantha4181
    @indikaudayashantha41818 ай бұрын

    ලංකාවේ අතදියයුතු නිර්මාණ කරුවෝ මේ ...ඉඩක් දුන්නට DAP ආදරෙයි ...ආසාවෙන් බැලුවා ...ලංකාව අතිත දියුනුව හා අනාගතය ගැන හිතනකොට අපි ඉන්න තැන ගැන කනගාටුදායකය..😢😢කොහොම තියෙන්න ඕන රටක්ද... දිනේෂ්, ලොකු පීරිස් ස්තුතිය

  • @user-jl3gb3yg8f
    @user-jl3gb3yg8f8 ай бұрын

    ලස්සන ඒ වගේම වෙනස් රූප රචනාවක් ❤️අපේ රටේ සැගවුණු සම්පතක්...... අපූරු කලා කරුවෙක්😍 බොහොම ස්තුති දිනේෂ් අයියා , ලොකු පීරිස් අයිය මේ සොදුරු මිනිසා සොයා ගිය ගමනට. ජය වේවා ❤️

  • @youtubekaviya731
    @youtubekaviya7318 ай бұрын

    ඇත්තමයි ඔයා ගෙ සන්වරකම ඒ මාමව අපහසූවට පත් කරන් නැතුව කතා කල හැටි......ඔයා හරි පින් වන්තයි පුතා.......ඛුදූ සරණ යි..........❤️❤️

  • @nalikabulathsinghala8991
    @nalikabulathsinghala89918 ай бұрын

    ඇගවීම් ලැබිය යුතු මහත්මයෙක්.පුදුම ලස්සන බස් නිර්මාන.මෙවැනි බස් නිර්මානය කිරීමට ලියනගේ මහතාට තව තවත් දීර්ග ආයුශ ලැබේවා .ලංකාවේ සුන්දර තැන් වගේම මෙවැනි සොඳුරු නිර්මාන කරුවන් අපට දැක ගැනීමට දෙන ඔබට බෙහෙවින් ස්තූති.....නිහතමානී හදවතේ සංචාරකයානනි ඔබට තෙරුවන් සරනයි ...❤❤❤

  • @BeautifulSoul17
    @BeautifulSoul178 ай бұрын

    " සැගවුනු දක්ෂතාවයට වටිනාකමක් "ඕනේම කෙනෙකුට travel කරන්න, වීඩියෝ කරන්න පුළුවන් .. ඒත් කවුරුත් නොදකින ඇසකින් , වෙනම පැතිකඩකින් බලන්නේ, දකින්නේ අපේ "දිනේෂ් අයියා විතරයි. ❤️🌿🥰(ලොකු අයියා, සහන් මල්ලී ඇතුළු කණ්ඩායමත් මතක් කරනවා)සොබාදහමේ සුන්දරත්වය පෙන්වනවා විතරක් නෙවෙයි,මේ වගේ අපේ රටේ දක්ෂ නිර්මාණ, වටිනා සම්පත් සමාජයට,ලෝකයට ගෙන යන්න හදන උත්සාහය, සේවය වගේම බොහෝ දැනුම් සම්බාරයක් අපට බෙදාදෙනවා❤️🥹🙏 තවත් සොබාදහමේ , සොදුරු තැන් , සැගවුනු දෑ සොයා පරිස්සමෙන් යන්න, බුදු සරණයි🙏❤️

  • @chathurikaweerasinghe06
    @chathurikaweerasinghe068 ай бұрын

    ලංකාවේ සුන්දර තැන් වගේම සුන්දර මිනිස්සු හොයන් යන් ලස්සන ගමනක්...😊 දවසින් දවස අලුත් වෙන රූපරචනා...රටේ සුන්දර තැන් වගේම සුන්දර මිනිසුන් සොයා යන්න... තවත් වටිනාකම් ඇති රූපරචනා අරන් එන්න ජයවේවා.... 🌻💚🫡

  • @NadeekaSriyani-ne9qu

    @NadeekaSriyani-ne9qu

    2 ай бұрын

    Sanuka 🎉🎉

  • @hasithapathiranage3157
    @hasithapathiranage31578 ай бұрын

    හරිම සුන්දර, වටිනා රූප රචනාවක්...

  • @TRAVELSTORIES214
    @TRAVELSTORIES2148 ай бұрын

    එක නම් ඇත්තටම පිස්සු හැදෙනවා.මාරම ලස්සනයී.මෙතුමන් මේවගේ නිර්මාන කරනවා නම් හෙල රජ දරුවන්,අතිත මුතුන් මිත්තන් කොයිතරම් ලස්සන නිර්මාන බිහි කරන්න ඇතිද.ඔයාටත් ජයවේවා දිනෙෂ් අයියේ❤❤❤

  • @heshanieuthpalaa9785
    @heshanieuthpalaa97858 ай бұрын

    මේ තරම් සියුමැලිද කළු ගල් හිතන්නටවත් බැරි නිසා මම ගියා අවුකන බුදුන්ටත් දෑස් දුන් මිනිසා සොයා So happy to see how you admire hidden talent artist in Sri Lanka.keep it up good work brother 👏 And I hope you can take him to Dedugala one day as he wish.💐

  • @nisansalaranasinghe655
    @nisansalaranasinghe6558 ай бұрын

    ඇගයිමි ලැබිය යුතු ජනාධිපති සමිමාන ලැබිය යුතු චරිත... දිර්ඝායුෂ ලැබෙිවා මාමෙි ❤️ තෙරුවන් සරණයි

  • @pumashortvideography8554

    @pumashortvideography8554

    8 ай бұрын

    අනිවාර්යයෙන්

  • @user-ps2ri9sm3x

    @user-ps2ri9sm3x

    7 ай бұрын

    oiooo

  • @user-ps2ri9sm3x

    @user-ps2ri9sm3x

    7 ай бұрын

    o

  • @user-ps2ri9sm3x

    @user-ps2ri9sm3x

    7 ай бұрын

    ooioioioooioooioooio

  • @user-ps2ri9sm3x

    @user-ps2ri9sm3x

    7 ай бұрын

    iio

  • @gayanperera3562
    @gayanperera35628 ай бұрын

    ඇත්තටම හරිම ලස්සන වගේම වටිනා නිර්මාණ එකතුවක් . මේ වගේ නිර්මාණ කරුවන්ට රජයෙන් හෝ පුද්ගලික ආයතනයකින් අතදීමක් කරන්න හැකිනම්... ( ප්‍රදර්ශනයක් තැබීමට ) ලමයි නෙවෙයි දැන් ඉන්න වැඩිහිටියන් පවා කවදාවත් දැකපු නැති වාහන එකතුවක් ❤️👌👌 thanks Dinesh 👍.

  • @tharindukw
    @tharindukw8 ай бұрын

    දිනේෂ් අයියා කොහොමහරි අපේ ගමටත් ඇවිල්ලා නේ...... ❤️❤️❤️ හරිම සතුටුයි... ස්තූතියි අපේ ගමේ සංචාරය කළාට.. 👍👍 අයියේ තවත් දියඇලි ගොඩක් මේ ගම් ඇතුලේ තියෙනවා... ගොඩක් ලස්සන 💚💚💚

  • @freedom774
    @freedom7748 ай бұрын

    හම්මෝඕඕඕ අයියේ ඒකාලේ දේදුගල පාරේ ඒ බස් යනකොට 🥺😍 කොච්චර ලස්සනට තියෙන්න ඇතිද.පාර හිතින් මවාගෙන ඒ බස් එක යන විදිහ මතක් වෙන කොට🥺🥺🥺 ❤🥺🥺🥺🥺😍

  • @lalithfonseka9886
    @lalithfonseka98868 ай бұрын

    අතිවිශිෂ්ඨ යි. එතුමා ටත් ඔබ කණ්ඩායම ටත් ස්තූතියි. උපරිම සතුටක් ලැබුවා.

  • @dumindaalexander8033
    @dumindaalexander80338 ай бұрын

    පවු දිනේශ් ඒ මාමා. හරිම නිහතමානී සුන්දර හදවතක් තියෙන කෙනෙක් වගේ. එයාගෙ නිර්මාණ වලට අද සමාජෙ හරි වටිනාකමක් ලැබුනා නම් සමාජෙ ඉහලම තැනක ඉන්න ඕන මාමා කෙනෙක්. ඒ වගේම මම හරිම හොඳ දෙයක් දැක්කා ඔයාගෙන්, ඒ තමයි ඒ මාම එක්ක ඔයා කතා කලේ හරි පරිස්සමෙන්, හරිම ලයාන්විතව. ඇත්තටම ඔයාලා ඒ රූප රචනාව ඉවර කරන්න හැදුවත් එයාට ඒක ඉවර කරන්න අදහසක් තිබුනෙ නෑ. දිනේශ්ට ගොඩක් ස්තූතියි ඒ මාමාට හරි වටිනාකමක් දීලා ගෞරවාන්විතව ආමන්ත්‍රණය කලාට. අපි බලන් ඉන්නවා රූප රචනාවෙ ඉතුරු කොටස එනකල්. ජය වේවා..❤️🙏

  • @user-dq4uo2fe2h
    @user-dq4uo2fe2h8 ай бұрын

    Patta

  • @poornisenanayaka7640
    @poornisenanayaka76408 ай бұрын

    සොබාදහමට වගේම මිනිස්සුට බොහෝ ලැදි වූ සතා සිවුපාවන්ට ද ආදරේ කරන උතුම් මිනිස්සු දැකීමද වාසනාවක් ඇත්තෙන්ම.දිනේෂ් සර් , සර්ගෙන් මම හැමදාම ඒ නිහතමානී සහ ආදරණීය චරිතය දකිනවා බොහෝ වශයෙන්.ඒ වගේම සර්ගේ වීඩියෝ බලන්න අරන් දැන් හුග කාලයක් වෙනවා මම ඉතින් මගේ සොබාදහමේ ගුරුවරයා සර් තමයි ඉතින් බොහොම ස්තූතියි ඔබ තුමාට .❤️❤️

  • @poornisenanayaka7640

    @poornisenanayaka7640

    8 ай бұрын

    සෝමදාස මහතද හුදෙක් බොහෝ නිහතමානී සහ ඉතාමත් විශිෂ්ඨ කලා කරුවෙක්.නිහතමානී මිනිස්සු දෙදෙනෙකුගේ හමුවීමක්.දිනේෂ් සර් ඔබට බොහොම ස්තූතියි මෙවැනි ශේෂ්ඨ මිනිස්සුන් සොයා යෑම පිළිබඳව.❤️

  • @sujithmadusankaNaNayakkara
    @sujithmadusankaNaNayakkara8 ай бұрын

    ඒ ප්‍රශ්න කරපු විදිය හිත රිදෙන්නෙ නැතිව හරි ප්‍රිය මනාපයි ❤❤

  • @swarnasuraweera283
    @swarnasuraweera2838 ай бұрын

    🇱🇰👍🏾👌🏾💪🏾🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾 🇱🇰 ජයවේවා!!!!! ආඩම්බරයි අනර්ඝයි. විශිෂ්ඨයි ආදර්ශමත්.🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💪🏾 🇱🇰💪🏾💪🏾💪🏾💪🏾🇱🇰හෙළ ජවය 💪🏾💪🏾💪🏾💪🏾💪🏾

  • @user-gk6oj1gt4e
    @user-gk6oj1gt4e8 ай бұрын

    වටින හිත හොද මනුස්සයෙක් ❤️ ❤️

  • @nexxesgamer1911
    @nexxesgamer19118 ай бұрын

    අන්තිමට ටික ලයිට් කරපු අයට් ස්තුති කියපු විදිහ 🥺❤

  • @mihiranrandika007
    @mihiranrandika0078 ай бұрын

    නියමයි අයියේ වෙනස් විදියේ සංචාරයක් 🍃🌿

  • @user-ht2zu6cs1g
    @user-ht2zu6cs1g8 ай бұрын

    බස් පුස්තකාලයක් අැත්තටම බුදු සරණයි

  • @Asanka468
    @Asanka468Ай бұрын

    හරිම අගෙයි අප්පච්චි ❤️🙏 නිදුක් නීරෝගි සුවය ලැබේවා රැදෙවා ❤️🙏 ආයුෂ🙏බෝවේවා

  • @sachinthalakvidu1220
    @sachinthalakvidu12208 ай бұрын

    සැගවුනු දක්ෂ කලා කරුවෙකු සොයා ගිය දිනෙෂ් අයියේ ගොඩක් ස්තුති. අතීතයේ බස් මන් දැකල තිබුනේ නැහැ එත් අද දැක්කා. මේ වාගේ තවත් නිර්මාණ කිරිමට ඔබ තුමාට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රර්තනා කරනවා. ජය වේවා ඔබ තුමාට බුදුසරණයි... ❤️😚🙏

  • @user-hh4qx8qx9c
    @user-hh4qx8qx9c8 ай бұрын

    හරි ම ලස්සන නිර්මාණ. එ් සීයාට දීර්ඝායුෂ ලැබේවා! දිනේෂ් මාමා අැතුළු සියලු මාමලාට දීර්ඝායුෂ ලැබේවා! 💕💕💕💓💓💟👍👍👍👏👏👏🚌🚌🚌🚋🚋🚋🚈🚈🚈🚃🚃🚂🚂🚊

  • @chariththimantha
    @chariththimantha8 ай бұрын

    තෙරුවන් සරණයි මල්ලි ජයවේවා

  • @dush_95
    @dush_958 ай бұрын

    සුපිරි ❤😋

  • @rajithasampath7299
    @rajithasampath72998 ай бұрын

    හරිම ලස්සනයි . අපිට මෙවා පෙන්නන ඔයාලට ගොඩක් පින්.!!

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee21088 ай бұрын

    ආයුබෝවන් ... 🙏 දිනේෂ් අයියේ .... 💐🙏❤️ ලොකුපිරිස් අයියේ ... 💐🙏❤️ ඔයාලා උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලබත්වා ! 🙏 සුන්දරත්වය විදිමින් නිදහසේ බලන්නනම් දැන්ම බලන්න වෙන් නෑ 😊

  • @travelwithnalaka9563
    @travelwithnalaka95638 ай бұрын

    දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා මාමේ ❤❤

  • @SITHUWA4001
    @SITHUWA40018 ай бұрын

    ඔච්චර ලොකුනම් නෑ..හැබැයි මමයි අයියයිත් ලේලන්ඩ් බස් කාඩ්බෝඩ් වලින් හදලා දියසායම්,පැස්ටල්,පැටිග්නම් වගේ දේවල් පාවිච්චි කරලා බස් හදනවා..අපි ලමයි වෙලා බස් වලට ආස වුනාට ඒ කාලේ ඉදන් බස් වලට ආස කරන බස් හදන සෝමදාස මහත්මයාට දීර්ඝායු ලැබේවා🎉

  • @GamingIsuru220
    @GamingIsuru2208 ай бұрын

    හරිම ලස්සන නිර්මාණ කරන්න ඒ මාමාට පුළුවන් වෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා. DAP 💚 අපෙ රටෙ සුන්දරත්වය අරන් එනවාට ගොඩක් පින් අයියේ DAP 💚🌴🌱 බුදු සරණයි පරිස්සමෙන් 🌱🇱🇰

  • @rajithasampath7299
    @rajithasampath72998 ай бұрын

    ගොඩාක් දක්ෂ කලාකරුවෙක්.

  • @user-lo2zo7yy3r
    @user-lo2zo7yy3r8 ай бұрын

    ඉදිරිපත් කිරීම ලස්සනට කරනවා

  • @neetharanjani1692
    @neetharanjani16928 ай бұрын

    සැබෑ ම්නිසුන් සොයා යන නුබට ගොඩක් ස්තූති 🌷හරිම ලස්සන ඒ රථ් පෙලහර හදුන්වා දුන්නට එවන් ම්නිසුන් නැවතත් ස්තුති

  • @Monsi_T
    @Monsi_T8 ай бұрын

    What an incredibly talented gentleman! I wish someone would help him to start a 'Transport Museum of Model Buses', a place where these wonderful creations could stay preserved for the future generations to see.

  • @dhanukawattuhewa
    @dhanukawattuhewa8 ай бұрын

    ආදරණීය සොදුරු බස් කතාබහක්..ස්තූතියි Bro.. සුපිරි වැඩක් ❤❤

  • @DShanaka-xq7dq
    @DShanaka-xq7dq8 ай бұрын

    මාමාත් එක්ක දේදුගල යන වීඩියෝ එක එනකම් මන් මගබලන් ඉන්නව 😌😌❤️❤️❤️❤️

  • @saviniimasha2583
    @saviniimasha25838 ай бұрын

    ඇහැලියගොඩ අපි 😊 දීර්ඝායූ වේවා සීයා 🙏🙏🙏

  • @SonaliGithika
    @SonaliGithika8 ай бұрын

    Thawath sarthaka rupa rachnawak ayya. Ayya hoda guna darma danna kenek bawa thawath thahawuru una.e garu kirima hari watinawa. Wenas wadak unath godak sarthakai. Ayya athula yalu pirisata jayen Jaya. Arakshithawa digu gamanak yanna siyaluma dennata wish karanawa. ❤❤❤❤❤

  • @namalherath6247
    @namalherath62478 ай бұрын

    හදවතේ සංචාරකයා ❤

  • @KKumara2
    @KKumara28 ай бұрын

    ඇත්තටම බස් කියන්නෙත් පිස්සුවක් තමා. කාර්,වෑන්,ජීප්,බයික් පිස්සෝ අතරේ මේ වගේ බස් රථ වලටත් ආදරය කරන කට්ටියත් ඉන්නවා.❤🚍🚌 මේ video එක බලන කට්ටිය මේවා බලලා තමන්ගේ අතීතය මතක් වෙනවා ඇති ඒකාලේ මේවගේ බස් දැකලා තියෙනවා සහ ගිහින් තියෙනවා කියලා. ඇත්තටම මේවගේ කලාකරුවන්ට අතහිත දිය යුතුයි.❤👍😢

  • @PremalalPremalal-xl3tj
    @PremalalPremalal-xl3tjАй бұрын

    අති දක්ෂ නිර්මාණ කරුවෙක්.බුදු සරණයි ඔබ දෙපලටම

  • @asanthamahesh2765
    @asanthamahesh27658 ай бұрын

    දීර්ගායුශ ඔබ තුමාට🙏🙏🙏 ස්තුතියි දිනේශ් මල්ලි❤❤❤

  • @ayeshamadhumali2706
    @ayeshamadhumali27068 ай бұрын

    💚Lovely Nature Vedio 💚 🌿Good Luck Aiya🌿 ☘️God Bless You ☘️

  • @pabasaradil4295
    @pabasaradil42958 ай бұрын

    විශේෂ ඇගයීම් ලැබිය යුතුම කලාකරුවෙක්.ඇත්තටම දිනේෂ් ඔබට බෙහෙවින් ස්තුති .සොබාදහමෙන් ඔබ්බට ගිය රූප රචනාවක් නෙත් මායිමට ගෙන ආවාට .මෙවැනි සොදුරු මිනිසුන් මේ රටේ කොතෙක් ඇත්ද.ඔබගේ රූප රචනාවන්ට බොහෝ සේ ප්‍රිය කරන්නෙ ඔබ වෙනස්ම සංචාරකයෙක් නිසාවෙනි.ඉතින් තෙරුවන් සරණයි ඔබ ඇතුලු ඔබ සමග සිටින සොදුරු සංචාරකයන්ට.

  • @danushkasadaruwan3690
    @danushkasadaruwan36908 ай бұрын

    ආයුබෝවන් දිනේෂ් අයියා 💚🍃 සොඳුරු රූප රචනාවක් ❤💚 මිහි මවගේ මෙතෙක් නොදුටු සුන්දරත්වය අප දෙනෙත් මානයේ තැබුවාට බොහෝ තුති 💚🍃 තවත් චිරාත් කාලයක් මේ සේවාව ලක් මෑණියන්ට ලබා දීමට ශක්තිය ධෛර්යය ලැබේවා .! තෙරුවන් සරණයි .! හදවතේ සංචාරකයා DAP ❤💚🍃

  • @JanithSandeepa-wq6xm
    @JanithSandeepa-wq6xm8 ай бұрын

    දානකම් හිටියේ ❤️🤗

  • @kumariindrani7881
    @kumariindrani78818 ай бұрын

    ඇගයිමට ලක් විය යුතු මහත්මයෙක් පාසැල් ලමුන්ට අධ්‍යාපන චාරිකා දාගෙන ගිහින් පෙන්විය යුතු ස්තානයක් එ තරම් වටින තැනක් ❤❤❤❤ ඔබ දෙපලටත් ස්තුතියි ❤❤❤

  • @dineshjayamanne
    @dineshjayamanne8 ай бұрын

    නියමයි කොල්ලො.... වසර තිස් ගණනක් අතීතයට ගියා...❤

  • @tharakabrahmana
    @tharakabrahmana8 ай бұрын

    Eheliyagoda ❤ අපේ ටව්න් එක

  • @ASHEN_ONLINE-Bhathiya_Ashen
    @ASHEN_ONLINE-Bhathiya_Ashen8 ай бұрын

    මාමව දේදුගල අරන් යනවනං මාරම වටිනවා ❤

  • @OsandhiWidasuneeperera20-yj2vz
    @OsandhiWidasuneeperera20-yj2vz8 ай бұрын

    සොබාදහමේ සුන්දරත්වය අපිට ළං කරනවා වගේම මේ රටේ ඉන්න දක්ෂ සමාජයේ කතාබහට හරි අඩුවෙන් ලක් වන පිරිසත් අපිට ළංකරනවට ගොඩක් පින් දිනේෂ් අයිය ඇතුළු කණ්ඩායමට

  • @NeeshaFerdy
    @NeeshaFerdy8 ай бұрын

    හරිම වටින අහින්සක වැදගත් ජීවිත ගතකරන අපේ පින්වත් මිනිස්සු ... ආඩම්බරයි! ඔබතුමාට ජයම වේවා! සෙතක්ම වේවා ... තෙරුවන් සරණයි! 🙏❤️

  • @Lahirulakshithaedirisinghe
    @Lahirulakshithaedirisinghe8 ай бұрын

    ගොඩක් පින් අයියෙ ඒ මාමාට වටිනාකමක් දුන්නට.ඉක්මනට දෙදුගලින් හමුවෙමු නෙද.❤❤❤❤

  • @darshanipriyangika7031
    @darshanipriyangika70318 ай бұрын

    අගය කල යුතු වටිනා චරිතයක් සමිමානයෙන් පිදිය යුතුයි දිනේෂ් මෙතුමාව අැගයිමට ඉහලින් ඉල්ලීමක් කරන්න අැත්තටම කටුගෙයි තබා රැකීමට හැකි නමි හරිම ඉහලයි ස්තුතියි මෙතුමාව අැගයිමට ලක් කලාට

  • @mahindafernando
    @mahindafernando8 ай бұрын

    හිතාගන්නවත් බැරි හැකියාවක්..ස්තුතියි දිනෙශ්...

  • @relaxationnature113
    @relaxationnature1136 ай бұрын

    ඇත්තටම ඒ සීයාගෙ හැකියාවත් එක්ක ඉන්න තැන දැක්ජාම දුකයි.. මොනවා කරන්නද මේක ලංකාවනේ😢.. මේ වගේ චරිත රටටම පෙන්නුවට ගොඩාක් පින් දිනේශ් අයියේ.. ❤

  • @PushpamaliRamanayake-tz9sv
    @PushpamaliRamanayake-tz9sv8 ай бұрын

    ඔබ වෙනස්ම මනුෂ්‍ය ආත්මයක් .ඔබ සංචාරකයයෙක්ට එහා ගිය වෙනස්ම පුද්ගලයෙක්.වටිනා දෙයක් අහු උනොත් තමන්ගෙ විෂයෙන් එහා දෙයක් උනත් අතහරින්නෙ නැහැ.වටිනා කමක් එකතු කරනව හරි ලස්සනට. දිනේෂ් කියන්නෙ ...විවිධත්වය.... ඒ මම දකින විදිය. සංචාරකයා කියන වචනයට වෙනස් අර්තකතනයක් එකතු කරන්නෙක්....DAP..

  • @YugaraHerath
    @YugaraHerath8 ай бұрын

    අනේ දෙයියනේ ...😍😍 කොහොමහරි එකක් හදාගන්න ඕනේ බුදුසරණයි තාත්තේ....😍😍

  • @hiroshanisiriwardhana5080
    @hiroshanisiriwardhana50808 ай бұрын

    සුන්දර ඉසව් සොයා යන ගමනේ නිර්මාණශීලී සුන්දර මිනිසුන් අපටද මුණගස්වමින් සුන්දර ගමනානතයකට යන ඔබ ද සුන්දර මිනිසෙකි. ඔබට සැමදා ජය!

  • @RGMTravelYT
    @RGMTravelYT8 ай бұрын

    ඇහැලියගොඩ ට ආපු එකට පට්ට සතුටුයි❤🎉. බුදුසරණයි❤

  • @jeewanasandaruwan3604

    @jeewanasandaruwan3604

    7 ай бұрын

    මේ මහත්මයා ඇහැලියගොඩද..

  • @sangeethika681
    @sangeethika6818 ай бұрын

    හරිම ලස්සනයි එතුමාගේ වැඩ.ඇත්තටම අගය කලයුතුයි.දිනෙෂ් ඔබට පින්🙏

  • @vinduindiwari1106
    @vinduindiwari11068 ай бұрын

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම වැඩකරුවෙක්. සොඳුරු නිර්මාණකරුවෙක්.... නිදුක් නීරෝගී දීර්ඝායුශ වේවා ඔබතුමාට ...❤❤❤❤ ස්තූති දිනේෂ් මේ වගේ හැංඟිලා ඉන්න දක්ෂයින්ව පෙන්වනවට සහ ඉදිරියට ගේනවට.... ❤❤

  • @lilanipriyangika8687
    @lilanipriyangika86878 ай бұрын

    සුන්දර නිර්මාණ එකතුවක් .👌👌👌👍👍👍

  • @siraseen3096
    @siraseen30968 ай бұрын

    ගොඩක් ස්තුතියි සහොදරයා මෙවා පෙන්නවට❤

  • @achinthavimukthiliyanage710
    @achinthavimukthiliyanage7108 ай бұрын

    දිනේශ් අයියාගේ වචනෙන් කියන විදිහට සොදුරු නිර්මානකරුවෙක් ඇත්තටම ලස්සන නිර්මාන ටිකක්.බස්ගැන පුස්තකාලයක්.❤❤❤ නියම වැඩක් අයියේ.සුපිරී❤️🔥.ජයවේවා

  • @sameeralakmal5689
    @sameeralakmal56898 ай бұрын

    නිදහස් සිතුවිලි සිතනා හිසත් උදාරයි,,, නිවහල් සිතුවිලි මවනා සිතත් උදාරයි...

  • @kaveeya4261
    @kaveeya42618 ай бұрын

    හැම දාම බලනව වගේ ලස්සන වීඩියෝ එකක් ❤️

  • @dineshnalaka7431
    @dineshnalaka74318 ай бұрын

    ජිවිතේ පලමුවතාවට මෙහෙම හරි දැක්කේ 😮😮😮 🙇🙇🙇

  • @ogustajeyarani6444
    @ogustajeyarani64448 ай бұрын

    දීර්ඝායු ලැබේවා සීයේ..බුදුසරණයි 🙏

  • @RATHNAYAKE1888
    @RATHNAYAKE18888 ай бұрын

    මට තේරෙන්නෙ නෑ මෙහෙම අධි තාත්වික ණිර්මාණ කරනන්නෙ කොහොමද කියලා. මට මේක අද්විතීයයි. අපේ සොඳුරු කතාකරු දිනේශ් සහෝදරයාට සම්මුඛ වූ සොඳුරුම කලාකරුවෙක් ❤ තෙරුවන් සරණයි! දීර්ඝායුෂ ලැබේවා!!! එතුමාටත්, දිනේශ් මහතා ඇතුලු, මෙය අපට සමීප කළ සියලුම දෙනාටත්.

  • @Nithyadarani18
    @Nithyadarani186 ай бұрын

    Wow හරිම ලස්සනයි ❤️

  • @Chaniru.sathsara
    @Chaniru.sathsara8 ай бұрын

    1st comment.super aiya❤❤❤

  • @nilakshikolambage9447
    @nilakshikolambage94478 ай бұрын

    දක්ශ නිර්මානකරුවෙක් සොයා ගිය අපූරු රූපරචනාවක්..!!

  • @travel4604
    @travel46048 ай бұрын

    දිනේශ් අයියේ.. අනිවාරෙන් සෝමදාස මාමව දේදුගල එක්කං යන්න ඕනෙ ඈ... එක්ක ගිහින් වීඩියෝ එකක් ඕනෙමයි❤❤😍😍😇

  • @harshiEdirisingha
    @harshiEdirisingha8 ай бұрын

    තෙරුවන් සරණයි සොබාදහමේ හිතවතානෙනි ...පරිස්සමෙන් ඉන්න..සතුටින් ඉන්න ...

  • @youcenon
    @youcenon8 ай бұрын

    Wow මාර තාත්විකයි 😮❤ ලක්ශයක් වටිනවා ❤

  • @pradeepkariyawasam7263
    @pradeepkariyawasam72638 ай бұрын

    දැන් ඉන්න බස් පිස් සෝ මේව දැකලවත් අහලවත් නැතුව ඇති.

  • @user-ln8he1ry3x
    @user-ln8he1ry3x8 ай бұрын

    සුන්දර නිර්මාණ කරුවෙක්ගෙ සුන්දර නිර්මාණ ❤❤❤❤❤❤❤❤

  • @CBEye
    @CBEye8 ай бұрын

    ඉතාම වටින වීඩියෝවක්, මේ ආකෘති ලංගමේවත් නැතුව ඇති. මේකත් ඉතිහාසය කතාවක් වගේ ආසාවෙන් බැලුවෙ. මගෙත් ආසවක් ඒ දවස් වල අලුතින් එන බස් බලන්න. අපි ඉස්කෝලේ යන කාලේ ආපූ latec bus එක "කහකුරුල්ලා" බස් එක කියලා කීවේ. වීදුරු පුම්බපු dimo එක රිවෙට් ගොඩක් තියෙන izuzu metro bus එකේ සද්දේ Colombo rider එක, ඒ බස් එලවපු drivers ලා ගොඩක් දේවල් මතක් කරපූ වීඩියෝවක්❤ සෝමදාස ලේකමගේ මහතාට සහ ඔයාල හැමෝටම දලදා සමිදු පිහිටයි !❤

  • @AbeygodaS-me5zf
    @AbeygodaS-me5zf8 ай бұрын

    Hari lassana parisarayak sundara sonduru ayata sonduru manussayon hamuwenawa me wishwaye nope nena dewal koi tharamda bs puthe methumata niduk nirogi deergayu wewa

  • @sasindudeshan4145
    @sasindudeshan41458 ай бұрын

    දීර්ඝායුශ ලැබේවා සීයා♥️

  • @chagachamari9534
    @chagachamari95348 ай бұрын

    Aubowan mama Dinesh. Soduru sancharayaka arambaya👍👍

  • @user-cm7fm2gh7o
    @user-cm7fm2gh7o8 ай бұрын

    මරු

  • @Divanka965
    @Divanka9658 ай бұрын

    Danakm bln hitiye ❤jaya wewa ayye 🍃

  • @shasirugihan1999
    @shasirugihan19997 ай бұрын

    Budusaranai ♥️♥️🤙

  • @adrianwolf9911
    @adrianwolf99118 ай бұрын

    29:17 ඒ මතකයන් ❤

  • @sanjayawijerathna8175
    @sanjayawijerathna81758 ай бұрын

    අපේ ගම..දන්නවනම් මාත් එනවා.

  • @thilinachaturanga4120
    @thilinachaturanga41208 ай бұрын

    Beautiful and excellent video, my brother DAP.🚘

  • @user-xq7um7pk4t
    @user-xq7um7pk4t8 ай бұрын

    Ayubowan mama Dinesh 🙏🙏🙏 👍 hadawathe sancharakaya.jaya wewa.api hamadamath adarei

  • @ah7800
    @ah78008 ай бұрын

    Thank you Dinesh for introducing this excellent personality, Mr. Somadasa. His creations are really at another level.

  • @paramichethana4074
    @paramichethana40748 ай бұрын

    මුලු පැයම හරි ආසාවෙන් බලපු එකම වැඩසටහන🎉🎉🎉🎉

  • @Akiya452
    @Akiya4528 ай бұрын

    මරු මචං❤️❤️

  • @thushanthaellawala718
    @thushanthaellawala7187 ай бұрын

    අපි බැලුවා

  • @Egalitarianbeauty
    @Egalitarianbeauty8 ай бұрын

    What a beautiful craftsmanship!❤ 👍 Well worthy for a transport museum. If CTB has a museum.

  • @shakthimanamperi115
    @shakthimanamperi1158 ай бұрын

    Adhath supiriyak dinesh ayya

Келесі