පෙර නොතිබීම හටගෙන ඉතිරි නැතිව නිරුද්ධ වන මේ මොහොත | Bandarawela Wangeesa Thero

Included in this video පෙර නොතිබීම හටගෙන ඉතිරි නැතිව නිරුද්ධ වන මේ මොහොත | Bandarawela Wangeesa Thero @weemansana
දුර්ලභ වූ මනුෂ්‍ය භවය නිවනින් කෙළවර කර ගැනීම සඳහා මෙම පින හේතු වේවා!!!
මෙවැනි වටිනා දේශනා ඉදිරියටත් ශ්‍රවණය කිරීමට අපගේ youtube චැනලය subscribe කරන්න අමතක කරන්න එපා
Our another youtube channels
: • bandarawela wangeesa t...
Pls #like
#comment
#share
#bandarawela #wangeesa
#dhamma #comment #dhamma #discussion
#aragalaya
#thotawatta
දුර්ලභ වූ මනුෂ්‍ය භවය නිවනින් කෙළවර කර ගැනීම සඳහා මෙම පින හේතු වේවා!!!
මෙවැනි වටිනා දේශනා ඉදිරියටත් ශ්‍රවණය කිරීමට අපගේ youtube චැනලය subscribe කරන්න අමතක කරන්න එපා
Our another youtube channels
: • bandarawela wangeesa t...
Pls #like
#comment
#share
#bandarawela #wangeesa
#dhamma #comment #dhamma #discussion
#aragalaya
#thotawatta
#mindmiracle

Пікірлер: 80

  • @chrisdissanayake6979
    @chrisdissanayake6979 Жыл бұрын

    මේ දහම් උපදෙස් ඉතාමත් දුර්ලභයි. “බුදුරජානන් වහන්සේ මගේ ශාස්තෘවහන්සේ නොවෙයි” කියපු වගන්තිය ඉතාමත්ම වටිනවා. 🙏🏽 ලංකාවේ “බුද්ධාගම” කියන ආගමේ ඉපදිලා හැදුනු වැඩුනු අයට, මේ පරම සත්‍යය ප්‍රත්‍යක්ශ වෙන්න තිබෙන ප්‍රධාන බාධකය තමයි, ඕක. මේ ප්‍රඥාව ඇතිවුනේ සිද්ධාර්ථ තාපස තුමාටයි. ඔහු බලාපොරොත්තු වුනේ නැහැ, ශ්‍රද්ධාව කියලා විශ්වාසයක් හදාගෙන, පහන් පත්තු කරලා වාතය දූශනය කරමින්, ගස්වල පිපෙන මල් හොරෙන් කඩලා මැටි වලින් හදපු පිලිමවලට පූජා කරමින්, පලතුරු පූජා, වැස්සේ බෝධි පූජා කරමින්, අපායට බයේ, “පාරාජිකා” නොවෙන බලාපොරොත්තුවෙන්, එයාට ගරු සරු දක්වගන්න. හිංදු ආගමේ ඉපදුන සිද්ධාර්ථ කුමාරයා කිසිම ආගමකට කොටු නොවී, “නිදහස් චින්තනයෙක්” විදිහටයි සත්‍යය සොයා ගත්තේ. ඉතින් බය නැතුව, ඔය ඉරිදා ඉස්කෝලේ එහෙම ගිහින් ගාම්බීර ලෙස පාලි භාශාව එහෙම ඇතුව ලොකුවට ඉගෙන ගෙන, එකතු කරගත්ත ඒවා ඔක්කොම අතඇරලා දාලා, ඒවායෙනුත් නිදහස් වෙලා, සිද්ධාර්ථ තාපස තුමා කලා වගේ නිදහස් චින්තනයෙක් (free-thinker) විදිහට සත්‍යය සෙවීමේ යෙදෙන්නයි තියෙන්නේ. කාලාම සූත්‍රයේ කියන්නෙත් ඒක කරන්නනේ. (මාත් පිට රටක සිට, පොත් වල සටහන් ලියමින් අභිධර්මය හදාරලා, පොත් පත් ගොඩක් එකතු කරගෙන තිබුණා. අන්තිමට ලෝභය ඇතිවෙන්නේ පොත් ටික විසි කරන්නයි. පන්සලකට පූජා කලත්, අනිත් අයවත් නිකරුනේ, බුද්ධාගම පාඩම් කරන්න යොදවනවා නේද, කියන ප්‍රශ්නය එනවා.) ඇත්තටම, “බුද්ධ හෝ බුදුරජානන් වහන්සේ”කියලා බොහෝ අය වැරදියට හඳුන්වන, සිද්ධාර්ථ තාපස තුමා තමයි ලෝකයේ හිටපු විශිෂ්ටම මනෝ විද්‍යාඥයා කියනවා මා අහලා තියෙනවා. එතුමා නිරීක්ශනය කර විමර්ශනය කලේ “මනස” ගැනනේ. ඒකට පාලි ගාථා, පිරිත් දේශනා, ත්‍රිපිටකය, සත්තිස් බෝධිපාක්ශික ධර්ම හා නොයෙක් ගාම්බීර වැඩ අවශ්‍යය වෙන්නේ නැහැ. ඒවාට අගෞරව කරනවා නොවේ. නමුත්, නිදහසේ මනස දිහා බලලා, පරීක්ශා කරලා මෙය ප්‍රත්‍යක්ශ වුනහම, ඉබේම සතර සතිපට්ටානයත්, සත්තිස් බෝධිපාක්ශික ධර්මත්, ඒ ඔක්කොම ධර්ම කරුණු සම්පුර්ණ වෙලා බව තේරුම් යයි. ඒ ධර්ම කරුණු කවමදාවත් අහලා නැති, කිසිම ආගමකට කොටු නොවුනු, ඕනෑම රටක, උසස් මොලයක් එක්ක බිහි වුන මානවයෙකුට පුලුවන්, නිදහසේ මනස ගැන පරීක්ශනය කරලා මේ පරම සත්‍යය ප්‍රත්‍යක්ශ කරන්න. නිර්වානය කියන්නේ, සිංහල බුද්ධාගමේ කියලා හඳුන්වන මනුශ්‍යයින්ට විතරක් අයිති සුවයක් නොවේ. ------- ඔක්කොම බබාලා ටික මේ පෘතුවියට එන්නේ එකම විදිහට අඬාගෙන, අසරණව. ඒත්, ඉපදුන වාතාවරනය අනුව, බෙදෙනවා. ඒ කියන්නේ; රට, ජාතිය, ආගම, කුලය, කතා කරන භාශාව, සමාජය, සංස්කෘතිය, දෙමව්පියන්ගේ බල පුලුවන්කාර කම් හා පසුබිම, ඒ අයගේ උගත් නූගත් බව, අංග විකලද නැද්ද, රූවපත් හා අරූපවත් බව, ගැහැණු පිරිමි බව, හම සුදුද කලුද බව…. මේ නොයෙක් දේ අනුව, මෙතනට එක වගේ අඬාගෙන එන පුංචි යන්ත්‍ර ටික උස් පහත් විදිහට බෙදෙනවා. සාමාන්‍යයෙන්, කාටවත් මතක් වෙන්නේ නැහැ, ජීවත් වෙනවා කියන කාලය කොතරම් කෙටිද, කියලා. ඒ ගැන මතක් කලත්, “රිනාත්මක චින්තනය” කියලා “පිස්සු” කියනවා. ඉතා කුඩා කාලයේ ඉඳලාම ඉන්ද්‍රියන් තුලින් නැග එන බලවත් තන්හාව සංසිඳවන්න මහන්සි වෙමින්, හැම දෙයක්ම “මගේ, මගේ” කියලා, එකතු කරන්නේ, එකම නිශ්චිත දේ වන “මරණය” කොයි වෙලාවේ එයිද කියලා හිතන්නේ නැතුව, සියල්ල අයිති කරගෙන සදාකාලික ගෙඩි පිටින් “ඉන්න” “කෙනෙක්” අවිද්‍යාවෙන් පිලිඅරගෙන “මම” කියලා.

  • @sue9552

    @sue9552

    Жыл бұрын

    සාදු.. සාදු.. සාදු.. 🙏🙏🙏🙏🙏

  • @chrisdissanayake6979

    @chrisdissanayake6979

    Жыл бұрын

    🙏🏽

  • @SanjeewaUdayakumara-ub9kr

    @SanjeewaUdayakumara-ub9kr

    9 ай бұрын

    ඔයාගේ කතාවේ තියෙන මෝහය බලන්න .... සිංහල බෞද්ධයන්ට පමණක් සුවය සීමා නොවුනාට .... මේ සියළුම කාරණා සිංහල බෞද්ධ යන් මේක රැකගත්ත නිසයි .... ඔයා දෘෂ්ටිය කට හසුවෙලා .... ඒකත් හරිම කුහකයි .... ඔක්කෝම මල් පූජා කළේ හොරකම් කරලද .... බුදුසරණයි ....!

  • @chrishanthacosta4093

    @chrishanthacosta4093

    7 ай бұрын

    ඔබ වහන්සේ බුද්ධ ශ්‍රාවකයෙක් නම් කරුනාකර ත්‍රිපිටක මූලාශ්‍ර දක්වමින් දේශනා පවත්වන්න. එවිට අපට බුදු හිමියන් දෙසූ දහම තේරුම් ගැනීමට එය උපහකාරී වේ. ඔබ වහන්සේ කියන්නේ ඔබ වහන්සේගේ මතයක් නම් කරුනාකර සිව්ර ගලවා එය කරන්න. ඒ මොකද ලංකාවේ අපි හිතන්නේ සිවුරු අදින්නේ බුද්ධ ශ්‍රාවකයන් බවයි. හැබැයි සිවුර ගැලවුවොත් කන්ඩ හොයා ගන්න එක ලේසි නැත. ඒ නිසා ඔබ වහන්සේ ත්‍රිපිටක මුලාශ්‍ර දක්වන්න.

  • @gajaweeradhammika1414

    @gajaweeradhammika1414

    7 ай бұрын

    👍👍

  • @madumaths
    @madumaths Жыл бұрын

    අපේ ස්වාමින් වහන්සේ කරන්නෙ අපේ දෘෂ්ටි අපිට පෙන්වලා දෙන එක. සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @chandanijayarathna9478
    @chandanijayarathna9478 Жыл бұрын

    මේ දේශනා ඇසීමට සියලු දෙනාටම ප්‍රඥාව පහල වේවා! ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා!

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 Жыл бұрын

    ඒක ඇත්ත , අවබෝධ උන වෙලාවේ, මුකුත් මැජික් එකක් වෙන්නේ නෑ , හිනායනවා විතරයි , බොරුව ක් ඇතුලේ , රැවටිලා හිටියා නේද කියලා . 👍👍👍👍

  • @hifriend9396

    @hifriend9396

    2 ай бұрын

    aka hari

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 Жыл бұрын

    පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🏻🙏🏻🙏🏻

  • @user-yc3vg6dp9m
    @user-yc3vg6dp9m Жыл бұрын

    අති ශ්‍රේෂ්ටයි. පින්වත් ස්වාමින්වහන්ස

  • @sujatharohini3949
    @sujatharohini3949 Жыл бұрын

    සාදුසාදු සාදු සාදු අපේ හාමුදුරැවනේ සුවපත්වෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gaminipushpakumara2517
    @gaminipushpakumara251710 ай бұрын

    ඔබ සියලු දෙනාටම ධර්ම අවබෝධයම ලැබෙිා ස්වාමින් වහන්ස වැඩ සිටින තැන දන්නවාද 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 Жыл бұрын

    ඉතා විශිෂ්ට යි , හේතු ඵල දහම පිලිබඳ විග්‍රහය , 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @nimalthilakarathna956
    @nimalthilakarathna956 Жыл бұрын

    ආර්යයන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා !!!

  • @ramaniadikari4394
    @ramaniadikari4394 Жыл бұрын

    Athi uthum deshanayak swamin wahansa. Ithama pahedili anargai. Deergau labeewa... 🙏🙏🙏

  • @lrliljay
    @lrliljay2 ай бұрын

    Venerable sir. Very clear explanation. Nothing more to gain.

  • @vamfonseka421
    @vamfonseka4213 ай бұрын

    Arahathanan wahanseta mage namaskaraya wewa.!!!

  • @herathgunathilaka4818
    @herathgunathilaka4818 Жыл бұрын

    සාදු සාදු සාදු. ඔබ වහන්සේට දීර්ඝායු වේවා!

  • @ajithsiri2781
    @ajithsiri2781 Жыл бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @user-ce4yi6ne3m
    @user-ce4yi6ne3m3 ай бұрын

    ජීවත් වෙනව කියන්නෙම චරිත ටිකක් රග දක්වන එකම තමයි.

  • @priyaherath4916
    @priyaherath4916 Жыл бұрын

    සාදූ සාදූ සාදූ ................

  • @nuwangi1111
    @nuwangi1111 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 Жыл бұрын

    මැවෙන ස්භාවය ට හිත කියන්නේ , 👍👍👍👍👍🌹🌹🌹🌹

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 Жыл бұрын

    අවිද්‍යාව ගැන පැහැදිලි කිරීම ඉතා හොඳයි

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 Жыл бұрын

    හරියට හරි , කුසලතාව ය, මනස ගැන දක්ශතා වය.👍👍 🙏🙏🙏අපිට උගන්වා තිබුණේ පින කියලා , ඒක වැරදි , ආයතන ක්‍රියාවලිය හදුනාගැනීමයි කල යුතු , කුසලස්ස උපසම්පදා .🙏🙏🙏

  • @weemansana

    @weemansana

    Жыл бұрын

    වැහිල තිබුණු දෙයක් විවෘත උනා වගෙයි නේද?

  • @Nalani277
    @Nalani2779 ай бұрын

    සියල්ල සොබාවයෙන් වෙන දෙයක් .ඒවා ට මම කියා නොරැවටිම තමා දහම.❤❤❤

  • @vlogs-xe8gi

    @vlogs-xe8gi

    3 күн бұрын

    නොරැවටී ඉන්න එක තමා දහම කියන්නෙත් ආයිත් එකක්,අපි එතනදිත් හසුවෙනවා

  • @sunethprasad4185
    @sunethprasad418510 ай бұрын

    සියුම් ප්‍රඥාවක් තියෙන කෙනෙකුට විතරයි මේ දහම තේරෙන්නේ.ඒකයි බුදුහාමුදුරුවෝ කිව්වේ මේක අනික් අයට කියන එක වෙහෙසකරයි කියල

  • @vamfonseka421
    @vamfonseka4214 ай бұрын

    The best Buddhist deshakayanan wahanse in Sri Lanka🇱🇰

  • @chamarasalindajayasooriya4384
    @chamarasalindajayasooriya4384 Жыл бұрын

    Aratuwa 🙏🙏🙏❤

  • @vamfonseka421
    @vamfonseka4214 ай бұрын

    Budu banak esei❤

  • @ramaninishshanka6000
    @ramaninishshanka6000 Жыл бұрын

    🙏🌼🙏🌼🙏🌼🙏🙏

  • @sandradesilva7242
    @sandradesilva7242 Жыл бұрын

    🙏🙏🙏

  • @chiran1988427
    @chiran1988427 Жыл бұрын

    ✨🙏🙏🙏✨

  • @vlogs-xe8gi
    @vlogs-xe8gi3 күн бұрын

    මම හිතනවද හිතෙන දේට මම කියනවද? දත්තයන් එක එකට ගැටී සම්මිශ්‍රණය වී විවිධ රසායනිකයන් උපදී,ඒ කියන්නෙ එක එක රූපයන් නාමයන් මැවේ.එය කවුරුත් කරවන දෙයක් නොව බව වැටහෙනවා.ඒත් මේවා ඇතුළාන්තයෙන් දර්ශනය වී අවබෝධය කරගන්නා තෙක් මුලාවටම හසුවෙනවා💐🙏

  • @piyalweerawarne6335
    @piyalweerawarne6335 Жыл бұрын

    🌼🌼🌼🙏🙏🙏❤️❤️❤️👌👌👌

  • @sriyaniruwanpathirana8946
    @sriyaniruwanpathirana89466 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @twineetha6106
    @twineetha61063 ай бұрын

    සියල්ල ඉබේ සිද්ධ වෙනවනම් නිවන් දකින එකත් ඉබේම වෙයි.

  • @weemansana

    @weemansana

    3 ай бұрын

    සිහිය සමග සියල්ලම සිද්ධ වේ

  • @hifriend9396

    @hifriend9396

    2 ай бұрын

    Moda kata

  • @sapumalpiyanandana
    @sapumalpiyanandana Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @Reinorldte
    @Reinorldte Жыл бұрын

    ,🙏🙏🙏

  • @shilanirathnayake2215
    @shilanirathnayake2215 Жыл бұрын

    ආර්ය සත්‍යය තියෙන්නේ භාහිර බැඳීම් තුල නොව තමා අල්ලා ගෙන සිටින බැඳීම් වලින් මිදීම තුලයි. ආයතන හයෙන් මිදීම තුල තමාගේ අත්දැකීම් දෙස ආපසු හැරී බලන විට සත්‍යය දැකගත හැකිය. හැම අත්දැකීමකම ඇතිවීම නැතිවීම දකින්න.

  • @chandra7291

    @chandra7291

    Жыл бұрын

    Sitanadawal magakaragana

  • @koralatv
    @koralatv Жыл бұрын

    🙏🙏🙏🙏🙏 👍👍👍🔥🔥🔥💗💗💗

  • @malanihellqvist4778
    @malanihellqvist47783 ай бұрын

    Nomeru prasna,

  • @ramanichithrangani6474
    @ramanichithrangani64746 ай бұрын

    ස්වාමීන් වහන්සේ වැඩසිටින තැනක් දන්නවනමි කියන්න. භාවනා වැඩසටහන් කරන තැනක් දන්නවද.

  • @vamfonseka421
    @vamfonseka4214 ай бұрын

    Swabhawikawa gala yana me jiwithayata e widiyatama gala gena yanna dila balage a inna,,,ethanadi natharakaranna ho pawathwanna deyak nethi bawa therum gatta nam oba niwan dekalai inne🙏

  • @padmakumari8352
    @padmakumari8352 Жыл бұрын

    🎉🎉🎉👏👏👏🙏🙏🙏🙏👏👏👏🎉🎉🎉

  • @anurapathirana2525
    @anurapathirana2525 Жыл бұрын

    🪔🙏🙏🙏

  • @nelumwarnakulasooriya6971
    @nelumwarnakulasooriya69717 ай бұрын

    Me daham desana pawathwanne koheda sahabageevimata ahanne

  • @weemansana

    @weemansana

    7 ай бұрын

    Zoom meeting thiyenawa join wenna puluwan

  • @udarawithanage9574
    @udarawithanage9574 Жыл бұрын

    පණ තියෙන ශාසනේ

  • @romwij

    @romwij

    Жыл бұрын

    ගොං කමෙන්ට් දාන්න එපා යකෝ

  • @dharmarathnapeiris5853

    @dharmarathnapeiris5853

    Жыл бұрын

    Manasa kachalda

  • @English111able
    @English111able11 ай бұрын

    බුද්ධ දර්මය සරලව විස්තර කරන්න බැරිද , ඔබ වහන්සේගේ වෙනත් දර්මයක් දේශනා කරනවා නම් ඒකත් සරලව කියලා දෙන්න

  • @brendajay7974
    @brendajay7974 Жыл бұрын

    පන්සිල් පද පහේ ඇති වැදගත්කම කුමක්ද?

  • @weemansana

    @weemansana

    Жыл бұрын

    පොඩි දරුවන්ට තමන්ගේ ආරක්ෂාව සලසගන්න අවබෝධයක් නැති නිසා දෙමව්පියෝ කියනවා අහල තියෙනවා නේද පුතේ පාරට යන්න එපා ගෝරබිල්ලෝ ඉන්නවා අල්ලගනියි කියලා. ඇත්තටම ගෝරබිල්ලෝ කියල ජාතියක් නැති උනත් එයාල බයට ඒ කතාව විශ්වාස කරල තමන්ගේ කුඩා කාලයේ ඉබේම ආරක්ෂා වෙනවා. හැබැයි ඒ ලමයි ලොකු උනාම තමයි තේරෙන්නේ දෙමව්පියෝ එහෙම බොරුවක් කිව්වේ ඇයි කියලා.. කරුමේ කියන්නේ අපේ බුද්ධාගමේ ඉන්න ලමයි නම් කවදාවත් ලොකු වෙන්නේ නෑ හැමදාම පන්සල් වලටයි අපාය දිව්‍ය ලෝකවලටයි රැවටි රැවටි ඉන්නවා පව් ඉතින්.....

  • @brendajay7974

    @brendajay7974

    Жыл бұрын

    @@weemansana ඒ කියන්නේ කෙනෙක් සොරකම් කිරීම, රහ මෙර, කුඩු ගැසීම, තම අඹුව පරයා යාම, සතුන් මැරීම කලාට කිසිම ප්‍රශ්නයක් නෑ කෙනෙකුට තමන්ගේ ජීවිතයේ? ඕන කෙනෙක් ඕන දෙයක් කලාම ඒක වැරදියි කියන්න බෑ කියන එකද කියන්නේ? තවකුගේ ජීවිතයක් තලා පෙලා දැමීම ඇති වැදගත්කමක් නැති බවද?

  • @brendajay7974

    @brendajay7974

    Жыл бұрын

    නොතේරෙන නිසයි අහන්නේ. කරුණාකර පහදා දෙන්න.....

  • @weemansana

    @weemansana

    Жыл бұрын

    කෙටියෙන් කියන්නමි මොන්ටිසෝරි 1 වසර 2 , 3 පිලිවෙලින් පහුකරල නේ o/l , A/l කරල අවසානයේ campus යන්නේ එතකොට campus ගියාම එකට ආයෙත් monisori දැනුම අවශ්‍ය වෙන්නේ නෑනෙ. ඒවගේම තමයි monisoori ඉස්කෝලෙ නොගියපු කෙනෙකුට කවදාවත් campus යන්නත් බෑ. මේ කිවිව කතාව හොඳට තේරුම් ගන්න බලන්න. බැරි නම් මට call කරන්න මට පුළුවන් විදිහට පහදල දෙන්න බලන්නම්

  • @brendajay7974

    @brendajay7974

    Жыл бұрын

    @@weemansana ඔබ වහන්සේව සම්බන්ධ කරගන්නේ කෙසේද? WhatsApp or Zoom

  • @mathematicswithsanjeewa
    @mathematicswithsanjeewa Жыл бұрын

    මේ මොට්ට ගෑනු දෙන්නට මේ ගැඹුරු දේශනාව තේරෙන්නෙ නෑ අප්පා..

  • @vlogs-xe8gi

    @vlogs-xe8gi

    3 күн бұрын

    ඒ පුණ්‍යවන්තියන් නිසාමයි මේ දහම් කරුණු අපට ඇසෙන්නෙත්

  • @user-yl9nb9po8t
    @user-yl9nb9po8t Жыл бұрын

    🙏🙏🙏

  • @anuruddaanurudda7829
    @anuruddaanurudda78299 ай бұрын

    🙏🙏🙏

  • @dhammalankarathero8249
    @dhammalankarathero824910 ай бұрын

    🙏🙏🙏

Келесі