No video

දරුවන් 2600කගේ ළමා විය අහිමි කිරීමේ වෑයමක් ව්‍යවර්ථ වූ හැටි Sri Lanka Buddhist child monks

මට මතක් වෙනව 2010 අවුරුද්දෙ අගමැති දිමු ජයරත්න මේ වගේම ළමා අපයෝජනයක් කරන්න උත්සහ කළා. බුදු දහම ගොඩ නංවන්න කියල ඔහු සූදානම් වුණේ එකවර දරුවෝ 2600ක් සසුන්ගත කරන්න. ඒ සිද්ධාර්ථ ගෞතමයින් බුද්ධත්වය අවබෝධ කර ගැනීමේ 2600 වෙනි සංවත්සරය වෙනුවෙන්.
ඒ වගේම මේ දරුවන් දිළිඳු බවෙන් මුදවා ගැනීමත් ඔහුගේ මේ වැඩපිළිවෙලේ අරමුණක් බව ඔහු කිවුව.
ඒත් දරුවන් දිළිඳු කමෙන් ගොඩ ගන්න ඒ දරුවන්ට දෙමාපිය සෙනෙහස අහිමි කරන්න ඕනෙද?
අද වගේ නෙවෙයි එදා සමාජ මාධ්‍ය තිබුණේ නෑ. අනික ඒ කාලේ අපේ සමාජයත් අදට වඩා ගොඩක් අන්තවාදී තැනක හිටියේ. ඒ නිසා "බෞද්ධ විරෝධී" කියල හංවඩු ගැහේවි කියල බයෙන් අගමැතිවරයාගේ මේ ළමා අපයෝජනයට විරුද්ධ වෙන්න සමාජයේ ගොඩක් දෙනා අදි මදි කළා.
නමුත් බීබීසී ය වෙනුවෙන් මම අදහස් විමසපු වෙලාවේ ලංකාවේ බොහෝ දෙනාගේ ගෞරවයට ලක්වුණ ළමාරක්ෂක ක්‍රියාධරයින් පිරිසක් බොහොම උනන්දුවෙන් මේ ළමා අපචාරයට විරුද්ධ වෙන්න ඉදිරිපත් වුණේ ලංකාවේ ගතානුගතික සමාජයෙන් එල්ලවෙන්න පුළුවන් කර්කශ විවේචන ගැන නොදැන නෙවෙයි.
#srilanka #news #children #buddhism #childmonks #newsupdate #sarojpathirana #politics #poverty #sarojvlogs #sandeshayabysaroj #bbc #bbcnews #parents #childhood
(C) Saroj Pathirana

Пікірлер: 20

  • @pabampt22
    @pabampt22Ай бұрын

    ඔබේ කතාව හරි 2010 කතාවත් හරි.නොතේරෙන්නෙ මහා නා අනුනා චක්‍රවර්තී ලට විතරයි දරුවන් මහණ කරල පන්සලේ දි සිදු උන අපරාධ දෙමාපියන් ට අමතක නම් තමන්ගෙ දරුවන් මහණකරයි.වලක්වන්න බෑ අනෙක අර මාධ්‍ය ලොක්කාගෙ දරුවනුත් මහණ කලානම් සාධාරණ යි.මේ නයි ආව වගෙ වැඩක්.

  • @Aaryan_Aussie
    @Aaryan_AussieАй бұрын

    ළමුන්ට ළමාවිය අහිමිවෙන්නේ, පංසලේදී විතරද?, පාසලේදී, සෙමනේරියේදී, නිවසේදී, ළමා නිවාසවලදී, රැදවුම් බාරයේදී, දෙමව්පියන්ව සිරගත කිරීමේදී, දෙමව්පියන් විදෙස් ගතවීමේදී, ළමයින්ගේ ළමාවිය අහිමි වෙන්නේ නැද්ද?

  • @ruwanchaminda4166

    @ruwanchaminda4166

    Ай бұрын

    pasale di koheda ban lama wiya ahimi wenne .pissuda uabata...anit ewa nam hari

  • @awimala24apura71
    @awimala24apura7125 күн бұрын

    නිදහසින් පසු රට පාලනය කල ඇතැම් පාලකයෝ මෙ රට දුප්පත්කමින් ගොඩ ගැනීමට ප්‍රමුඛත්වය දියයුතුව තිබුණ නිශ්පාදන,මෙන්ම සේවා ආර්ථිකය නිර්මාණ නොකර බලය වෙනුවෙන් ජනප්‍රිය හිස්පුහු දේවල් කලහ. රට ලෝකයට ණය කරවා නැවත ගොඩ ගන්නට නොහැකි පරිදි ආර්ථිකය විනාස කළහ. තැබෑරුම්,කැසිනො,ස්පා ස්කාගාරාදි අධම ජීවිකාවෘතිය සංස්කෘතියක් ප්‍රවර්ධනය කළහ. කුඩු පාතාල ක්‍රියා ආයුධ ප්‍රවර්ධනයට ඉඩසැලසී තිබුණහ. වටිනා කාලය කන ක්‍රිඩා පිටි මාධ්‍යායතන කාමුක රගහල් කලාගම්මානාදී කලායතන අසීමිත ලෙස නිර්මාණ කළහ. කාමුම්මත්තකයන් නිර්මාණකරන චිත්‍රපටිනාට්‍යාදීය ප්‍රවර්ධනය සදහා මුදල් යොදවා ආර්ථිකය වැනසූහ. ජාතික දේපල විකුණූහ. සතරසතිපට්ඨානාදී අතිඋතුම් බුද්ධ දර්ශනය නූගත් ඒ දර්ශනය අවතක්සෙරු කර මිත්‍යා දේවාල වන්දනා කරමින් රට පාලනයකල ඒ ඔවුහු ද, එසේම බලයට කෑදර වී ISIS,LTTආදී අන්තවාදීන්ට වැඩෙන්නට ඉඩකඩ සලසමින් බෞද්ධයන් ඉපැරැණි වෙහෙරවිහාර අවදානමට පත්කර 13 දෙන්නට පොරොන්දු වූ සජබය, අනුර, රනිල් දේශද්‍රොහිහු ද තවදුරටත් මෙ රටෙ දේශපාලනයට සුදුසු නොවන බව කියයුතුය. නමුත් මේ රටෙ පාලනය වනාහි Npp ට බාරදීම ද සුදුසු නොවන බව කියයුතුය. උදා:- ඔවුන්ගෙන් බහුතරයක් තුල කෛරාටික කම මිස ශාසනය කෙරෙහි සද්ධාවක් නැත. ඔවුහු තමන් වන්දනාමාන වත්පිළිවෙත් නොකරමින් ඒවා කරන සැදැහැවතුන් විවෙචන කරති. බුදුදහමෙහි සතර සතිපට්ඨාන පටිච්ඡසමුප්පාදා දී ගැඹුරු දහම ගැන අවබෝධයක් නැතිකම මෙන්ම ඒ ගැන දැනගැනීමට ද උත්සහයක් භෞතිකවාදී වූ ඔවුන් තුල දක්නට නොලැබෙයි . එනිසා ම ඔවුහු බුදුදහම අන්‍යාගම් හා සමඟ සම තැන තබන්නට එය ව්‍යවස්ථාවෙන් ඉවත්කිරීමට කතාකරති. ඔවුගෙන් ඇතැමෙක් නිරාගමික කර්ම-කර්ම ඵල පරලොවාදී ගැන විශ්වාස නොකරන පරම මිත්‍යාදෘෂ්ටිකයෝ වෙති. මොවුහු ශාසනය කෙරෙහි මෙන්ම ශාසන දියුණුවට කටයුතු කරන ගිහිපැවිද්දන්ට වෛර කරති. ඒ උතුමන්හට ජාතීවාදී ආදී නා නා විධාකාර චෝදනා නගා ගෝත්‍රික වචනයෙන් ගරහා ඒ උතුමන් අද නිශ්ශබ්ද කරවා ඇත. එපමණක් නොව ආරක්ෂක අංශ පවා නිශ්ශබ්ද කරවා ඇති බැවින් ලාංඛ්ක isis කාරයන් ඉංදිය බුද්ධි අංශයෙන් හදුනා ගන්නා ලදී. ඔවුහු අන්තවාදීන් සුද්ධ කරමින් ඒ අන්තවාදයට වැඩෙන්නට ඉඩකඩ සලසමින් ඔවුන් අත්අඩංගුවට ගත් නිලධාරීන්ට චෝදනා කර ඇත. ඒ බව isis අත්අඩංගුවට ගත් මාධ්‍ය නිවෙදන වීඩියෝ තුල ඇති මාලිමා කොමෙන්ට් කියවීමෙන් දතහැකිය. තවද අන්‍යවූ බෞද්ධ විරෝධි වාමාංශිකයෝ, දේශපාලකයෝ, සංවිධාන,මාධ්‍ය නාලිකා සැදැහැවත් ගිහිපැවැදි උතුමන් අපකිර්තියට පත්කරමින් සමාජමාධ්‍ය තුලින් එහි විඩියෝ කොමෙන්ටි තුලින් ඒ උතුමන්හට කරන ගර්හිත තිරිසන් කතා බහුලව දිනපතාම දැකගත හැකිය. පසුගිය කාලවල ආගම් ආගම් අතර හා එකම ආගමේ සාමාජිකයන් අතර අසමගිය ඇතිවූහ. පැවත ගෙන ආ හරවත් සම්ප්‍රදායන් හරවත් සංස්කෘතීන් වෙනුවට අලුතින් මතවාද පරසංස්කෘතිකාංග ජාතිය ආගම් තුලට ඈදා ගැනීම නිසාම ආගම් ආගම් අතර හා එකම ආගමේ සාමාජිකයන් තුලද අසමගිය ඇති වූහ. අන්තවාදීන් ඇති වූහ. කරුණු මෙසේ වෙන නමුත් jvp නායක අනුර පක්ෂයේ ප්‍රතිපත්තිය ගැන කියමින් මුස්ලිම් විජාතික පරිස දූෂක පර බුරුකා සංස්කෘතිය මෙහි සංස්කෘතියක් කරන්නට කතා කළේය. එබැවින් ඔවුන්ගේ ආණ්ඩුවක් තුල බුදුදහම ,දැහැමිසංස්කෘතිය දැහැමි සම්ප්‍රදායන් ආචාරශීලි බව ආදී හරයන් හා අන්‍යාගමිකව ජාතිකව පැවැති මානුෂීය සම්ප්‍රදායන් ආරක්ෂා නොවී ඒ වෙනුවට හිස්පුහු පරසංස්කෘතිකාංගවලට අන්තවාදයට ඉඩකඩ සලසන බවට පැහැදිළි වෙන මේ එක්කරුණක් වෙයි. ඉහත සදහන් පරිදි අන්ධ වූ දේශපාලකයන් අද දක්නට ලැබෙමු. ඔවුහු ලාභ ගරුකයෝ මිස ගුණ ගරුකයෝ නොවෙති..එබැවින් ගුණණුවණින් යුතු උතුමන් ඇති කල්හි. ඉහත සදහන් අන්ධ බාලයන් මෙ සුද්ධභූමි පාලනයට පත්කර එවන්නේ නම් ඔබත් අන්ධබාලයෙක් ජාතිද්‍රෝහියෙක් නොවෙයි ද? ඇස් ඇති දුටුගැමුණු පැරකුම් ආදී රජවරුමෙන් භෞතික හා ගුණනුවණ යන දෙකටම ගරු කරන නායකයන්ගෙන් යුක්ත දේශපාලන පක්ෂයක් මේ භූමියට කවරදාක නම් බිහිවන්නේ ද................

  • @HTJRrawana1
    @HTJRrawana1Ай бұрын

    මේ විකුර්ති උග්‍ර දනවාදයේ ගොදුරු බවට පත්වනවාට වඩා ළමයින් බුදු දහමට යොමු වීම යොමු කිරීම තරම් වටිනා වෙනත් දෙයක් මේ ලෝකයේ නැත...අපිත් පසු තැවෙනවා අපේ ලමකාලය පන්සල සමග ධර්මය සමග බැදී සිටියානම් අපි කව්ද අපි කොහෙද යන්නේ අපි මොනවද කරන්නේ මොකක්ද මේ ලෝකය කියන එක ළමා වයසේදීම අපට අවබෝද වෙනව.. ඔබට තිබෙන්නේ දීන වැරදි ආකල්පයක්.. එනම් ළමයින් නොමග යමින් විනාශ වෙන එක වැලැක්වීම තමයි බුදු දහම තුල ඉගැන්වීම එය සමාජ සමතුලිත තාවයට අවශ්‍ය සොබාදහමට ආදරය කරන ගුණ ගරුක ප්‍රඥාවන්ත මිනිසෙක් නිර්මාණය කරනු ලබයි..ළමා කල මහණ වීම බලෙන් කරනු ලබන දෙයක් නොවෙයි.. එයට ළමයාගේ කැමැත්ත තිබියයුතුයි.. ළමයගේ දෙමව්පියන්ගේ අවසරය තිබිය යුතුයි..ඊටපසු උපසම්පදහ්ව ලැබීමට අවශ්‍ය සුදුසුකම් සපුරා තිබිය යුතුයි..මේවා නිවැරදිව අනුගමනය නොකරන අබුද්දීමත් ගණින්නාන්සේලා සිටීම නිසා සහ තැරව්කාර දේශපාලනික පුද්ගලයන් භික්ෂුන් ලෙස පෙනිසිටිමින් කරන අකටයුතු බුද්ධ ශාසනයට විරුද්ධව ක්‍රියා කල සිදුවීම් මතින් බුද්ධ ශාසනය තුල ළමුන් මහණ කිරීම තගනම් කිරීම යනු අනුවන අබුද්දීමත් නිවට ක්‍රියාවක් එසේම එය බුදු සසුනේ පැවැත්මට කරන කුමන්ත්‍රණ කාරී වැඩපිළිවෙලක් ලෙසද කිව හැකියි...ඔබේ යම් යම් වැඩසටහන් වල යම් යම් සැකසහිත තැන් මතුවෙලා තිබෙනවා ලෝකයේ ශ්‍රේෂ්ටතම ඉගැන්වීම තුලින් පෝෂණය වුන ලංකාවේ සංස්කෘතිය බිද දැමීමේ බටහිර ගැති මතවාදයන්...කිව යුතුමයි ලංකාවේ පැවතුන අපේ ශ්‍රේෂ්ට සමාජය එනම් අපේ සංස්කෘතිය විකුර්ති කල ඉන්දියන් මිත්‍යා මත රින්ගවමින් විනාශ කල අදපවතින අබුද්දීමත් සමාජ රටාව තුලින් අපේ සංස්කෘතිය සදෙස බලන්න එපා...

  • @ericperera3875

    @ericperera3875

    Ай бұрын

    😂😂😂😂😂😂😂

  • @seevalikariyawasam6202
    @seevalikariyawasam6202Ай бұрын

    මහණ වෙනවා නම් අවුරුදු 21ක්වත් සම්පූර්ණ විය යුතු බවයි මගේ හැඟීම

  • @sandeshayabysaroj-2317

    @sandeshayabysaroj-2317

    Ай бұрын

    අනිවාර්යයෙන්ම සීවලී. ඒක තමන්ගෙ ස්වාධීන තීරණයක් වෙන්න ඕන

  • @sanathpatabendi5185
    @sanathpatabendi5185Ай бұрын

    Poor families tend to do this.... specially from Siyambalanduwa , Embilipitiya area ...

  • @sandeshayabysaroj-2317

    @sandeshayabysaroj-2317

    Ай бұрын

    Very sad indeed. Nobofy has a right to deprive them of their childhood

  • @premaratnerankoth-gedera5934
    @premaratnerankoth-gedera5934Ай бұрын

    It’s also a known secret what happens in such places. Entire societies are blind. The funny thing is when someone speaks about the truth most of cheewaradaarin stand against it with anger.

  • @premaratnerankoth-gedera5934
    @premaratnerankoth-gedera5934Ай бұрын

    Buddhagan kaarayo not being able to see true Dhamma (artha, dhamma, nirutthi, patibhana), they cheewaradaarin, are engaged in such practices. The Buddha said “ sadh wassani “, their misunderstanding is taking sadh as 7, actually sadh is the age at which they understand Dhamma. Ven Bakkula thero’s sadh wassani is 80 years at which he became a monk and attained Arahant at the same age. By misunderstanding what Buddha said, cheewaradaarin do this.

  • @gnanasiripiyathilaka1212
    @gnanasiripiyathilaka1212Ай бұрын

    We have to depart Buddhism from Singhehaleis buddhism.

  • @gnanasiripiyathilaka1212
    @gnanasiripiyathilaka1212Ай бұрын

    Singhehaleis buddhism since 2500 + years what was happening UpTo now. They have created kirihâmis people.

  • @prasanthachandanaperera7243

    @prasanthachandanaperera7243

    Ай бұрын

    You don't know about 2500 or Buddhism.even Christian fathers and sisters what they are doing in the charh?

  • @memeslokaya3521
    @memeslokaya3521Ай бұрын

    පලයං බං යන්න එහෙනම් වෙන ආගම් වල ලමයින්ව නෙමෙයිද පාදර්ලට පූසාරිලට ගන්නෙ අනෙ උකේ ngo කුක්කන්ට පේන්නෙ බුදු දහම විතරයි

  • @miyasiarana4559
    @miyasiarana4559Ай бұрын

    මේ ඉතා පරිස්සමින් විග්‍රහ කලයුතු කතාවක්. සිවුරක් දරාගන්නට, දරාගෙන චීවරය ධාරියකු සේ රැදෙන්නට, පෙර පිනක්, සසරේ පිරෑ පාරමිතාවක් තිබිය යුතුයි. දරැවෙක් තමාගේ ජීවිතේ හොදම කාලයේදී ධර්මානුකූල ගමන් මගකට පිවිසෙනවනම් - මේ සසරේ භයානක කම වැටහෙන, වැටහුන කිසිම කෙනෙක් ඒකට විරුද්ධ වෙන්නෙ නෑ. මේ නොනවතින දුක් ගමන නිමා කරන්න එක අංශුවක පියවරක් ඉදිරියට යන්න පුලුවන් නම් ඒක මොන තරම් වටිනවද. පන්සලේ ඉන්නවද ගෙදර ඉන්නවද කියන එක නෙමෙයි වැදගත්. දරුවාට ආදරය, රැකවරනය, ආරක්ෂාව, මූලික අවශ්‍යතා ටික ලැබෙනවද කියන එක වැදගත්. අද අපේ කොටසක් අම්මලා තාත්තලා අතින් මේ මූලික අවශ්‍යතා දරුවන්ට ඉෂ්ට වෙන්නෙ නෑ. ගොඩක් ගෙවල් වල හරියට කන්න බොන්න වත් නෑ. තාත්තලා බොහෝ කොටසක් වගකීම් වලින් මිදිලා. බීමට ඇබ්බැහි වෙලා. දරැවන් ට ආදරය දෙන්න එයාලට වෙලාවක් නෑ. සමහර තාත්තලා පවුල් කන්නෙ වෙන අම්මලා එක්ක. සමහර අම්මලා ජීවත් වෙන්නෙ දරැවන්ගෙ තාත්තා නොවන පුද්ගලයෙක් එක්ක. ඒ අතින් බලනකොට ගෙදරට වඩා හොද පරිසරයක් රැකවරනයක් බොහෝ පන්සල්වල තියෙනවා. අපි දන්න බොහෝ පන්සල්, ආරාම තියෙනවා ඉතාම හොද අධ්‍යාපනයක්, රැකවරනයක්, මගපෙන්වීමක් ලැබෙන. මේ උඩින් බලල කතා කල යුතු මාතෘකාවක් නොවෙයි

  • @sandeshayabysaroj-2317

    @sandeshayabysaroj-2317

    Ай бұрын

    ඔබේ අදහස සම්පූර්ණයෙනම වැරදියි. දරුවන් රැක බලාගැනීම රාජ්‍යයෙ වගකීමක්. ඒක පන්සලට හෝ පල්ලියට භාරදෙන්න දෙමාපියන්ටවත් අයිතියක් නෑ. දෙමාපිය සෙනෙහස නැත්නම් රාජ්‍යය ඒ දරුවො භාරගන්න ඕනෙ. සසුන්ගත වෙනවද නැද්ද කියන එක වැඩිහිටියෙක් තීරණය කළ යුතු දෙයක්. දරුවන්ට එහෙම තීරණයක් ගන්න බෑ. අනික ලෞකික ජීවිතයෙන් අයින් වුණා කියන පන්සල තියෙන්නෙ දරුවො බලාගන්න නෙවෙයි, ධර්මයෙ හැසිරෙන්න ධර්මය ප්‍රගුණ කරන්න.

  • @sandeshayabysaroj-2317

    @sandeshayabysaroj-2317

    Ай бұрын

    @@KM-tq1jo බෞද්ධකම දෝරේ ගලනවා වචනවල -:(

Келесі