Sudu Pupaya Siri Sirurayi | සුදු පුපය සිරි සිරුරයි

Sudu Pupaya Siri Sirurayi | සුදු පුපය සිරි සිරුරයි
සුදු පුපය සිරි සිරුරයි
රන් කරඩුවේ සිරි සිරුරයි
සත්ප්‍රසාදය සිරි සිරුරයි
අප දෙවිදුන් අප සමගයි
ජීවමාන වූ දෙවි සමිදුන්
මිනිසත් බව ගත් සමිදුන්
මහා ප්‍රේමයේ දෙවි සමිදුන්
මා තුල දිය වෙන සමිදුන්
මිනිස් මනස අභිබවා ගිහින්
ජීවමාන බලයකින් පිරි
පුපය සමිදුගේ සිරුරම වී
මිදී යුෂ සමිදුගේ සිරි ලේ වී
මා තුල දිය වෙන්නට සැමදා
සමිදුන් ගත් සිරි මග දිවිය පුදා
ලෝකය පවතින තුරු සැමදා
සමිදුන් යාගය නමදිමු සැමදා
සුදු පුපය සිරි සිරුරයි
රන් කරඩුව සිරි සිරුරයි
සත්ප්‍රසාදය සිරි සිරුරයි
දෙවු සමිදුන් අප සමගයි //
තැලුණු බිදුණු අප හදවත් සොයා
නැතිවූ විසිරුණු බැටළුවන් සොයා
ගලවා ගන්නට උන් සැමදා
කුරුසියේ දිවිපිදුවේ සමිදා
නිතරම දෙව් පියාගේ කැමැත්ත කලා
යා යුතු මග අප හට පහදා
ලොවටම ගැලවුම උරුම කලා
නමදිමු සැමදින සුදු සමිදා
සුදු පුපය සිරි සිරුරයි
රන් කරඩුවේ සිරි සිරුරයි
සත්ප්‍රසාදය සිරි සිරුරයි
අප දෙවිදුන් අප සමගයි

Пікірлер: 4

  • @sunitalanka3102
    @sunitalanka3102Ай бұрын

    Ameen ameen ameen

  • @BibleWord

    @BibleWord

    Ай бұрын

    Amen

  • @Fernando20029
    @Fernando20029Ай бұрын

    ❤🙏🙏🫶

  • @BibleWord

    @BibleWord

    Ай бұрын

Келесі