Hulangala mini world's end හුලන්ගල පුංචි ලෝකාන්තය | Travel vlog 14

Ойын-сауық

#hulangala #miniworldend #srilanka #2023
වර්තමාන සංකීර්ණ තරගකාරි සමාජයේ කාර්යබහුල ජීවිත යාත්‍රාවක ඉමක් කොනක් නැති ඉලක්ක ලුහුබඳින මිනිසුන්ට ඉස්පාසුවක් ලැබෙන ඇසිල්ලකින් වුවද සොබාදහම සමඟ ඒකාත්මික වන්නට ඇත්නම් ගතට මනසට ලැබෙන නිදහස තුළින් විඳින්නා වූ ආත්මීය සැනසුම කියා නිම කළ නොහැකි තරම්ය. කොන්ක්‍රීට් වනාන්තරයේ කැදලි තැනූ බහුතරයක් මිනිසුන්ට කලින් සඳහන් කළ පරිදි වූ නිකලැල් සොබාදහමක ඇසුර ලබන්නට ඉස්පාසුවක් ලැබෙන්නේ ඉතාමත් කෙටි කාලපරාසයකි.
එවන් වූ සොබාදහමේ සැඟවුණු අසිරිය විදගැනීමට හැකි සොඳුරු දායාදයක් වන මාතලේ දිස්ත්‍රික්කයේ සැලගම ගම්මානයේ පිහිටි “හුලංගල” හැඳින්විය හැකිය. හුලංගල කියු පමණින් බොහෝ උස් ස්ථානයක කඳු මුදුනක පිහිටි ස්ථානයක් අපේ සිතේ මැවුණ ද, මෙම ස්ථානය ඒ සෑම ස්ථානයකටම වඩා වෙනස් අත්දැකීමක් බව කිව යුතුය.
මාතලේ “පුංචි ලෝකාන්තය” යන නමින් ද හඳුන්වන හුලංගල හිමිදිරි මීදුම් සළුවෙන් වසා ගත් අපූර්ව කඳු පන්තියකි. මෙම කඳු පන්තිය උදෑසන හිරු එළියට හැඩ වෙන අපූරුව නරඹන්නට එහි උදෑසනින්ම යෑම වඩාත් උචිත වනු ඇත. කඳු පාදම නොපෙනෙන මෙම ස්ථානය කඳු ශිඛරයේ ඉහළම ස්ථානය නොවන අතර එහි උසම ස්ථානයට කැලෑව පීරමින් ගමන් කිරිම අමුතු ආශ්වාදයක් ගෙන දෙනු ඇත. නැව්ගල නම් වූ පර්වතයේ පිටුපසට වන්නට හුලංගල පිහිටා ඇත. මෙම නැව්ගල නම් පර්වතයට එම නම ලැබී ඇත්තේ, පර්වතය ඈතට දිස්වන්නේ නැවක හැඩයට බැවිනි. එසේම හුලංගල කියන්නේත් වචනයේ පරිසමාප්ත අරුතින්ම සුළඟ බහුල කලාපයක් බව සඳහන් කළ යුතුය.
හුලංගල පුංචි ලෝකාන්තය පිහිටා තිබෙන්නේ සැලගම වතුයායේ නකල්ස් කඳු වැටියේ දකුණු කෙළවරේ වන අතර එය කුරුණෑගල හෝ මාතලේ සිට ළඟා විය හැකිය. කුරුණගල සිට දඹුල්ල දෙසට තල්ගොඩපිටිය හන්දිය දක්වා එතැන් සිට මාතලේ පාරෙන් යටවත්ත හන්දියට පැමින එතැනින් සැලගම පාරෙ 3km පමන පැමිනිය පසු කහවත්ත සුලුනාපහුර පුරාන පන්සල හමුවෙ.එතැන් සිට 5km පමන දුරක් සැලගම වත්ත(උඩවත්ත ) දෙසට පැමිනි පසු හුලංගල වතුයායට ඇතුල්වෙන ස්තානයට එනම් සැලගම වතුයායේ ලයිම් නිවාස දර්ශන වන ස්ථානයට ලගවිය ලගවියහැක. මෙය කුරුණෑගල දිස්ත්රික්කයේ මායිමේ පිහිටා ඇත.
සැලගම වතුයායේ ලයිම් නිවාස වලින් ඔබට දර්ශන ස්ථානයට ළඟා වීමට කිලෝමීටර් 2-3 ක් පයින් යා හැකිය. කෙසේ වෙතත්, මෝටර් බයිසිකල්, රෝද 3 සහ 4 × 4 වාහන දර්ශන ස්ථානය දක්වාම යා හැකිය. වාහනෙන්ම යන්න පුළුවන් නිසා එකත් වෙනස්ම අත්දැකීමක්. වාහනෙන්ම ගියත් මග දෙපැත්තෙන්ම තේ වතු, කදු තියෙන නිසා පරිසරයේ සුන්දරත්වය අඩුවක් නැතුව විදගන්න පුළුවන්.
හුලංගල මීටර් 1025 දක්වා උසකින් යුක්තය. හුලංගල මුදුනටම පැමිණි විට රිදි විහාරය,ඇටිපොළ කන්ද,රම්බඩගල්ල,දොළු කන්ද, බතලගොඩ වැව, කිඹුල්වාන ඔය, වැනි ස්ථාන දැක ගත හැකිය. මේ අනූව වයඹ පළාතේ සුන්දරත්වය මෙන්ම මධ්‍යම පළාතේ සුන්දරත්වය ද දැක ගත හැකිය.
සාමාන්යෙන් මෙම ස්තානය උදැසන 7 සිට හවස 5 පමන වනතෙක් විවෘතව පවතින අතර හුලංගල ප්‍රදේශයට ඇතුලුවිම සදහා ප්‍රවේශපත්‍රයක් ලබාගත යුතුය.එමෙන්ම ප්‍රී ශූට්, චායාරූප කරනය සදහා මෙන්ම හුලංගල ප්‍රදේශයේ රාත්‍රීය ගතකිරීමටද (camping) ඔබට හැක,ඒ සදහා සුලු මුදලක් ගෙවිය යුතුය වේ.
ඉතින් මේ සොඳුරු දර්ශන දැක ගැනීමට නම් අනිවාර්යයෙන්ම හුලංගල තරණයට එන්නම වෙනවා. මේ පරිසරයේ සුන්දරත්වය අඩුවක් නැතිවම විඳගන්න පුළුවන්. මේ නිසා පරිසරයට ආදරය කරන සොඳුරු මිනිසකු ලෙස මේ අත්දැකීම ගන්න අමතක කරන්න එපා.

Пікірлер: 22

  • @hondahornet6510
    @hondahornet6510Ай бұрын

    😊thanks සහෝ...හරිම පැහැදිලිව කීවා

  • @sandawalallawita1024
    @sandawalallawita1024 Жыл бұрын

  • @rmmskrathnayaka5992
    @rmmskrathnayaka59922 ай бұрын

    පුළුවන් bike aka iwarai 😅

  • @vikumrathnayake1293
    @vikumrathnayake1293 Жыл бұрын

    🙌❤️

  • @supunchandima798
    @supunchandima798 Жыл бұрын

    tnks mcn 🖤✨ hulangala video godak buwa harima wisthare thiyena video eka thamai me 🖤

  • @EXPEDIASL

    @EXPEDIASL

    Жыл бұрын

    😍😍

  • @Pathum_video.graphy_05
    @Pathum_video.graphy_05 Жыл бұрын

    seftyd ohe ayyh

  • @ravinduwelegedara099
    @ravinduwelegedara099 Жыл бұрын

    ❤❤❤❤

  • @lasitharathnayake583
    @lasitharathnayake583 Жыл бұрын

    💪💪❤❤

  • @shehanwijeyawansa1372
    @shehanwijeyawansa1372 Жыл бұрын

    😍❤️

  • @ravindrarathnaweera1476
    @ravindrarathnaweera1476 Жыл бұрын

    ❤️😍

  • @thilinasampath4708
    @thilinasampath470811 ай бұрын

    Pain viwe point ekt ynn kochchara welawak giyd bro

  • @chiranthanimsara8204
    @chiranthanimsara82049 ай бұрын

    Camping karanna ticket eke kiyada

  • @dstech99
    @dstech99 Жыл бұрын

    camping walata kiyk gnnwda

  • @EXPEDIASL

    @EXPEDIASL

    Жыл бұрын

    Rs 5000 for 10 person

  • @madhudevinda9646
    @madhudevinda9646 Жыл бұрын

    Weel eke udatama yanna baida

  • @EXPEDIASL

    @EXPEDIASL

    Жыл бұрын

    පුලුවන්

  • @dineshikadilhani8472

    @dineshikadilhani8472

    29 күн бұрын

    Para gk auldda අසනීප kenkt ynna weel ekka puluwndda

  • @skymaxaki94
    @skymaxaki94 Жыл бұрын

    ගුගල් මැප් එකේ පෙන්නන පාර හරිද?

  • @EXPEDIASL

    @EXPEDIASL

    Жыл бұрын

    Hulangala mini worlds end entrance කියන තැනට location දාගෙන යන්න

  • @YouTubeSriLanka
    @YouTubeSriLanka Жыл бұрын

  • @nirupamawelagedara8371
    @nirupamawelagedara8371 Жыл бұрын

    ❤❤❤❤

Келесі