ඇඩිෂම් බංගලාව - හපුතලේ /Adisham Bunglow - Haputale /அடிசம் ஓரடுக்கு மனை அப்புத்தளை

ඇඩිෂම් බංගලාව යනු ශ්‍රී ලංකාවේ බදුල්ල දිස්ත්‍රික්කයේ හපුතලේ අසල සුවිසල් නිවසකි. වර්තමානයේ එහි කතෝලික සභාවට අයත් බෙනදිකානු නිකායේ තාපසාරාමයක් පිහිටා ඇති අතර, එම නිකාය මෙම බංගලාව වර්තමාන හිමිකරුවන් වේ. එහි දේවස්ථානයේ ශාන්ත සිල්වෙස්ටර් තුමන්ගේ ධාතුවක් තැන්පත් කර ඇත.
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ පනතක් මගින් ශ්‍රීමත් තෝමස් විලියර්ස් හට තංගමලේ දැඩි ස්වභාව රක්ෂිතයෙන් හෙක්ටයාර 2.8 (අක්කර 7) ප්‍රදානය කරන ලදුව 1931 දී ඉංග්‍රීසි වංශාධිපතියෙකු සහ වැවිලිකරුවෙකු වූ කොළඹ පිහිටි වෙළඳ හා වතු ඒජන්සියක් වන ජෝර්ජ් ස්ටුවර්ට් සමාගමේ හිටපු සභාපති ශ්‍රීමත් තෝමස් විලියර්ස් විසින් මෙම නිවස ඉදිකර තිබේ.
ශ්‍රීමත් තෝමස් යනු ජෝන් රසල් සාමිවරයාගේ මුනුබුරෙකු වන අතර බෙඩ්ෆෝර්ඩ් ආදිපාදවරයාගෙන් පැවත එන්නෙකි. ඇඩිෂම් යන කෙන්ට් ප්‍රාන්තයේ ග්‍රාමය නමින් නම් කරන ලද, එය Tudor සහ Jacobean ශෛලියෙන් R. Booth සහ F. Webster විසින් නිර්මාණය කරන ඇත. එහි මැද ප්‍රධාන ශාලාවේ බ්‍රිතාන්‍ය බකිංහැම් මාළිගාවේ ඇති පියගැට පෙළ හා සමාන පියගැටපෙළක් සකසා ඇති අතර, ඒ සදහා වන ඕක් ගස් නැව් මගින් බ්‍රිතාන්‍යයේ සිට ගෙන්වා ඇත.
ශ්‍රීමත් තෝමස් විශ්‍රාම යන තුරුම ඇඩිෂම් බංගලාව යටත් විජිතයේ ප්‍රභූ පුද්ගලයන් රැසකට සත්කාරකත්වය සැපයූ අතර, ඉන් පසුව 1950 දී සේදවත්ත වතු හිමිකරුවන් වන දොන් චාල්ස් විජේවර්ධන සහ ඔහුගේ දියණිය රුක්මණී විජේවර්ධන විසින් එය මිලදී ගන්නා ලදී.
1961 දී රුක්මණී බෙලිගම්මන එය ඉතාලි බෙනදිකානු පියතුමකුට විකුණුවාය. වසර දෙකක කාලයක් එහි රැඳී සිටීමෙන් පසු ඔහු පසුව 1963 දී නිවස සහ දේපළ අම්පිටිය බෙනදිකානු ආරාමයට පරිත්‍යාග කළේය. වර්තමානයේ මෙම නිවස එසේත් නොමැතිනම් බංගලාව උපාංග සහ ගෘහ භාණ්ඩ සමඟ හොඳින් සංරක්ෂණය කර පවත්වාගෙන යන ලබයි.
මෙම බංගලාව සති අන්ත, පෝය සහ ප්‍රසිද්ධ නිවාඩු දිනවලදී පමණක් අමුත්තන්ට විවෘත වේ.
මෙම බංගලාවේ ඇතුළත රෑගත කිරීමට අවසරයක් නොමැති අතර, එහි එකළ භාවිත කරන ලද උපකරණ සහ විලියර්ස් මහතාගේ විශාල චිත්‍රයකින් සැරසී ඇත.
Adisham Hall, or Adisham Bungalow is a country house near Haputale, in the Badulla District, Sri Lanka. At present, it houses the Adisham monastery of Saint Benedict. It has a relic (a chip of a bone) of St. Sylvester at the chapel.
Sir Thomas Villiers was awarded 2.8 ha (7 acres) from the Tangamale Strict Nature Reserve by an act of the British parliament. The house was built in 1931 by an English aristocrat and planter Sir Thomas Villiers, former Chairman of George Steuart Co, a trading and estate agency based in Colombo. Sir Thomas was a grandson of Lord John Russell and descendant of the Dukes of Bedford. Named after Adisham, it was designed by R. Booth and F. Webster in Tudor and Jacobean style.
Adisham Hall played host to many prominent personalities of the colony until the retirement of Sir Thomas, after which it was purchased by Don Charles Wijewardene and his daughter Rukmini Wijewardene, owners of Sedawatte Estates, in 1950. While studying at LSE, London, Rukmini Wijewardene, in order to thank him for the sale, made a courtesy call on Sir Thomas Villiers who was, by then, living in Knightsbridge, London. Don Charles and Rukmini were the husband and daughter of Vimala Wijewardene.
In 1961 Rukmini Beligammana (née Wijewardene) sold it to an Italian Benedictan monk. Upon purchasing the house and property the Italian monk removed silver cutlery and a few items of furniture in order to recover his investment and also make a profit. After leaving it unoccupied for two years he subsequently donated the house and property to the Ampitiya Benedictine Monastery in 1963. The house is well preserved along with its period fittings and furniture, and is open to visitors
Music by Ashot Danielyan from Pixabay
Music by Yrii Semchyshyn from Pixabay
Music by Yrii Semchyshyn from Pixabay
Music by Yurii Kohut from Pixabay

Пікірлер: 8

  • @shanikajayawardana6661
    @shanikajayawardana666110 ай бұрын

    ජයවේවා 😍😍😍

  • @imashasandeepani7129
    @imashasandeepani712910 ай бұрын

  • @FashionHub89
    @FashionHub8910 ай бұрын

    Beautiful ❤❤

  • @user-sf4eo6fj7y
    @user-sf4eo6fj7y10 ай бұрын

    👍👍😊

  • @vanasariyathenaturedrive8064
    @vanasariyathenaturedrive806410 ай бұрын

    💚💐

  • @clarencetyroneignatius4105
    @clarencetyroneignatius410510 ай бұрын

    Supiri❤🎉😊

  • @clarencetyroneignatius4105
    @clarencetyroneignatius410510 ай бұрын

    Olive ynawa qwe nane santha ude😂😢

  • @apecharika

    @apecharika

    10 ай бұрын

    Badaginnata ywuna 😝

Келесі